Tuesday, January 1, 2013

අම්මා . . . !

28344_391714987270_5234067_n
කාලෙකට කලින් ඩවුන්ලෝඩ් කරගත්තා උනාට පෙරේදා තමයි වික්ටර්ගේ ස ප්‍රසංගයේ අවසාන ප්‍රසංග තුනම එකතු කරලා හදලා තිබුනු ස ප්‍රසංගය බලන්න ලැබුනේ.

වික්ටර්ගේ “ආදරයේ උල්පත වූ අම්මා” ගීතය ඇහෙද්දී මීට අවුරුදු තිස් ගානකට එහාදි මුලින්ම තේරුමක් ඇතුව අහපු දා වගේම පෙරේදාත් ඇඟේ මවිල් කෙලින් උනා. ඇස් දෙකට ලොකු කඳුලු බෝල ගලාගෙන ආවා.



ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා
අද මෙන් පැමිනෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී . .

සඳ දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැලවි ගීයෙන්
මතකයි මා නැලවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
ඒ ජීවිතයට කිරිදී පනදී
මා දැඩි කල අම්මා . . .

තුරුලට ගෙන අත්පා හැඩ ගන්වා
නිදිගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ළබැඳී
ගෙනදී දිවියට නව පන ලැබදී
මා දැඩි කල අම්මා . .
ආදරයේ උල්පත වූ අම්මා . .

මීට අවුරුදු තිස්ගානකට හෝ විසි ගානකට කලින් ඒ ගීතය අහද්දී කඳුළු ඉනුවේ නිතරම ගහන බනින මගේම අම්මා ගැන නම් නෙමේ කියලා හොඳටම විස්වාසයි.

ඒත් ඉන් පස්සේ ත් පෙරේදාත්  ඇස් දෙකට කඳුලු ඉනුවේ මගේම අම්මව සිහි වෙලා බව හදවතේ ගැඹුරුම තැනින් කියන්න පුලුවන්.

දරුවෙක් කෙරෙහි අම්මා කෙනෙක්ගේ තියෙන ආදරේ මේ ලෝකේ වටිනාම දේවල් වලින් එකක් කියලා දැනෙන්නේ දරුවොයි අම්මලයි අතරේ අන්තර් සම්බන්ධතාවය දිහා සියුම්ව බැලුවොත් කියලයි මට හිතෙන්නේ.

මොකද සමහර අම්මලා තමන්ගේ නියම ආදරේ දරුවන්ට පෙන්වන්නේ නෑ. එහෙමත් නැතිනම් හැම දේකටම අල්ලගෙන තඩිබාන අම්මලා ගේ හිත ඇතුලේ තියෙන ආදරේ දරුවන්ට දැනෙන්නේ නෑ. ඒකනේ අපි පුංචි කාලේ අම්මා කියන කිසි දෙයක් ගනන් ගන්නේ නැතුව අම්මාත් එක්ක නිතරම රන්ඩු කරන්නෙත්.

ඒත් වැඩිහිටියෙක් වුනාට පස්සේ පිරිමියෙක්ට නම් පියෙක් උනු දාට තමන්ගේ බිරිඳ තමන්ගේ දරුවෝ වෙනුවෙන් කැපවෙන හැටි දැක්කාම තමයි හොඳින්ම තේරුම් යන්නේ තමන්ගේ අම්මා තමන් වෙනුවෙන් මොන තරම් කැපකිරීමක් කරන්න ඇතිද කියන එක.

සමහර පිරිමි තමන්ගේ බිරිඳට ගහන එක මහා ලොකුවට අභිරුචියෙන් වර්ණනා කරනවා මට ඇහිලා තියෙනවා.

"මම මෙයාට ගහලා තමයි හදා ගත්තේ"
"ගහලා හදා ගත්තු නිසා තමයි අද මේ විදිහට ඉන්නේ"

ඒ කතා ඇහෙන කොට නම් මට ඇඟේ මාළු නටන්න පටන් ගන්නවා.

"ගෑනියෙක් කියන්නේ කාගේ හරි අම්මෙක්. සමහර විට දරුවෝ නොවැදුවත් දරුවෙක්ට ආදරෙන් සලකන්න පුලුවන් සියුමැලි කෙනෙක්"
"ගහන්න තරම් වැරදි තියෙන ගෑනු ඉන්නවා වෙන්න පුලුවන්'
"ඒත් දරුවෙක් වෙනුවෙන් උපන් සෙනෙහසට ඇඟේ ලේ කිරි වෙන්න තරම් සුවිශේෂත්වයක් තියෙන ගෑනු කෙනෙක්ට අම්මා කෙනෙක්ට අතක් උස්සලා ගහන්න පුලුවන් එකා තිරිසනෙක්"

ගෑනියෙක්ට ගහන්න පුලුවන් එකා මොකෙක් උනත් උන්ට තිරිසනා කියලා චෝදනා කරන්න තරම් හේතු හොයා ගන්න පුලුවන් වෙන්නේ අම්මා කියන වචනෙත් අම්මා කියන වචනෙත් එක්ක බැඳුනු සියළු දේත් නිසා කියලයි මම නම් විස්වාස කරන්නේ.



සක්වල එතෙරට ඇසෙනා
අනන්ත ඈතට දැනෙනා
මුලු මිහිතලයම
කම්පා කරනා
එකම හඬයි අම්මා . . .

කියලා නන්දා මලනියයි එඩ්වර්ඩ් ජයකොඩියි ගායනා කරන්නෙත් ඒ අම්මා කියන වචනේ තියෙන උත්තරීතර බව නේද?

මගේ අම්මා ගැන කියනවනම් වෙලාවකට ඇය මගේ ලොකේ වීරවරියක් ඒත් වෙලාවකට ඉවරයක් නැතුව රන්ඩුවෙන්න හිතෙන තරම් වැරදි ලෝකයක්. කොහොම නමුත් මේ අන්ත දෙකෙන්ම පිටට ගිහින් අම්මටයි අපිටයි අයිති නැති තුන්වෙනි පාර්ශවයක කෙනෙක් විදිහට මගේ අම්මව කියෙව්වොත් මෙන්න මේ වගේ ලිස්ට් එකක් ලැබයි කියලා මට හිතෙනවා.

1. අසාධාරනේකදී කාට හරි කියන්න තියෙන දේ පොල්ලෙන් ගැහුවා වගේ කෙලින්ම මූනට කියන කෙනෙක්.
2. තමන් කියන දේ අනිත් කෙනා මොන විඩිහට භාරගනීවිද කියලා හිතන්නේ වත් නැතුව කටට එන ඕනම දෙයක් ඔහේ කියලා දාන කෙනෙක්.
3. කිසි කෙනෙක්ගේ දියුනුවට ඉරිසියා නොකරන කෙනෙක්.
4. අතීතයේදී තමන්ට වල කපපු අයට වත් වෛර නොකරන කෙනෙක්
5. ඒත් තමන්ට කපපු වලවල් වල ගැඹුර ඒ අමිහිරි මතකයන් හිතේ තියෙන ඒත් ඒවා මතකයන් විදිහට පමනක් තියාගෙන ඉන්න කෙනෙක්.
6. ජීවිතේ මොන දුක් කරදර වලට මුහුන දෙන්න සිදු උනත් දරුවන් වෙනුවෙන් ඒ සියලුම දේවල් ඉවසගෙන හිටි කෙනෙක්
7. කවුරු හරි තමන්ට කෙනෙක් ගැන යමක් කිව්වොත් අතිනුත් පොඩ්ඩක් දාලා අදාල කෙනාගෙන් අහන කෙනෙක්. එහෙම කරලා වැඩේ අල වුනොත් මොකක් හරි ජෝක් එකක් කියලා ශේප් එකක් දාගන්න දන්න කෙනෙක්.
8. තමන්ගේ මනුස්පයා මොන ගොන් වැඩේ කලත් කිසි කතාවක් නැතුව එකෙන්ම සපෝර්ට් එක දෙන කෙනෙක්.
9. එහෙම සපෝර්ට් කරපු වැඩ අල වෙලා අනිත් අයගෙන් බැනුම් අහන්න උනොත් බනින අය එක්ක එකතු වෙලා මනුස්පයට අම්ම මෝ නැතුව බනින කෙනෙක්.
10. එහෙම සපෝර්ට් කරපු වැඩක් සාර්ථක උනොත් තමන් කිසිම උදව්වක් නොකරපු කෙනෙක් වගේ සද්දේ වහගෙන ඉන්න කෙනෙක්.
11. කිසිම දෙයක් දයක් දනිස්සෙන් උඩට ගනන් ගන්නේ නැතුව සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්.

අද අම්මගේ 67 වෙනි උපන් දිනේ . . .

අක්කයි නංගියි නම් පවුල් පිටින් අම්මගේ උපන්දින සාදයට යයි. නුවර ඉඳන් තනියෙම පුතාත් එක්ක එන එක නදීශාටත් ලේසි වැඩක් නෙමේ. ඉතිං  මෙහේ ඉන්න මම කප් රුක එකෙන් කේක් එකක්, කාර්ඩ් එකක් යවනවා ඇර වෙන මක්කා කරන්නද . . .

සුභ උපන් දිනයක් ආදරණීය අම්මේ . . . ඔයාට තව අවුරුදු බර ගානක් මේ ඉන්න විදිහට අපි තුන්දෙනායි තාත්තයි එක්ක රන්ඩු වෙවී යාලු වෙවී ජොලියේ ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඈ . . .. !

7235_137508997270_3577838_n
මේ අපේ අම්මා කෙල්ල කාලේ

අහ් ඔයාගේ ලස්සන විතරක් නෙමේ හොඳ නරක ගතුගුණ වලිනුත් සෑහෙන ගානක් අපිට ජාන හරහා දායාද කල එකටත් තැන්කූ ඈ . . !!!

43 comments:

  1. දුක්ස්ගේ අම්මාට සුභ උපන් දිනයක් වේවා..!

    ඈ බං ඒක නෙවෙයි මෙන්න මේකේ පොඩි අවුලක් තියෙනවා නේද..?
    //ලස්සන විතරක් නෙමේ හොඳ නරක ගතුගුණ වලිනුත් සෑහෙන ගානක් අපිට ජාන හරහා දායාද කල//

    මං කිව්වේ ලස්සන ගැන... :D:D:D

    ReplyDelete
  2. අඩෝ මාරයා ඉරිසියා කොරන්න එපා ඈ . . . මට නැතත් අනිත් උන් දෙන්නට දුන්නු ටික මදෑ බන් . . හූ

    ReplyDelete
  3. දුකා අයියගේ අම්මට නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා

    ReplyDelete
  4. හික් හික්..නැහැ බං ඉතිං තාම අපේ ඇස් පේනවා නෙව..ඉතිං කොහොමෙයි මෙව්වා දැක්කම සද්දේ වහලා ඉන්නේ...

    ReplyDelete
  5. අම්මා කියන්නේ හරි ලස්සන වචනයක්. මම හිතන්නෙ මේ ලෝකේ තියන ලස්සනම වචනෙ වෙන්න ඇති. අද උපන්දිනය සමරන නුබේ ආදරණීය අම්මාට නිදුක් නීරෝගී අනාගතයක් පතනවා



    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  6. අපේ ලොකු නැන්දට සුභම සුභ උපන් දිනයක් වේවා!!! අය්යගේ ආයුෂත් අරගෙන දිගුකල් අප අතරම ඉන්න ලැබේවා !

    ReplyDelete
  7. සුභ උපන්දිනයක් දුකාගේ අම්මට, ඒ වගේම නිදුක් නීරෝගී ජීවිතයක්

    ReplyDelete
  8. දුකාගේ අම්මට සුභ උපන් දිනයක්...මට මතකයි ඉස්සර ලියලා තිබ්බා දුකාගේ අම්මයි තාත්තායි ගේ දේශපාලන අදහස් ගොඩක් වෙනස් කියලා....

    ReplyDelete
  9. //තමන්ගේ මනුස්පයා මොන ගොන් වැඩේ කලත් කිසි කතාවක් නැතුව එකෙන්ම සපෝර්ට් එක දෙන කෙනෙක්. //

    මේ කතාවෙන්ම පේනවා අම්මා හොඳ බිරිඳක්ව උන්නා කියලාත්.

    ආදරණීය අම්මා කෙනෙක්. ඒ අම්මගේ උපන් දිනයට මගෙනුත් සුබ පැතුම්!!!

    //අහ් ඔයාගේ ලස්සන විතරක් නෙමේ හොඳ නරක ගතුගුණ වලිනුත් සෑහෙන ගානක් අපිට ජාන හරහා දායාද කල එකටත් තැන්කූ ඈ//

    සමහර ජාන නම් අම්මලාගෙන්, අප්පච්චිලාගෙන් ආවද කියලා හිතාගන්ටත් බැරි තරම්...(මම කියන්නේ මම ගැන ):D

    දුකාගේ පවුලේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක්!!!:)

    ReplyDelete
  10. දුකාගේ අම්මාට සුභ උපන් දිනයක් වේවා..!

    ReplyDelete
  11. සුභම සුභ උපන් දිනයක් වේවා ආන්ටි.....

    ReplyDelete
  12. ටම ඔය නම්බර් කරලා දාලා තියෙන සෙට් එකම, අම්මා කෙල්ල කාලේ ගත්ත ෆොටෝ එකේ පේනවා කියලා කිව්වොත් දුකාට පුදුම හිතෙයිද... හි හි...

    මම හිතන්නේ දුකාගේ අම්මා තාමත් තරුණ කාලේ වගේම ජීවත් වෙන කෙනෙක් කියලා... ඒ තමයි ගෑනියෙක්ට කරන්න ආමරුම වැඩේ.... තමන්ගේ හිතට එකඟව ජීවත් වෙන කෙනෙක්ට විතරයි ඒ විදියට ඉන්න පුලුවන්..

    දුකාගේ අම්මට සුභ උපක් දිනයක් වේවා.... ඒ වගේම කට්ටියටම සුබ අලුත් අවුරුදද්ක් වේවා...

    ( අර කප්රුකෙන් කේක් කතාවක් කියලා මගේ හිත රිද්දුවා දුකා ඔයා.. ඇයි බං ඕච්චර ළඟපාත ඉන්න අපේ අම්මට කෝල් එක්ක දෙන්න බැරි උනාද... )

    ReplyDelete
  13. කෙනෙක්ට තමන්ගේ අම්මා තමයි හොඳම අම්මා... ඒකට විරුද්ධව නෑ මගේ අම්මා තමයි හොඳම අම්මා කියන්න ගියාම තමයි ඔක්කෝම වලි ඇදෙන්නේ.. රත්තරන් මනුස්සයෙක් බිහිකල ඒ උතුම් අම්මාට සුභ උපන් දිනයක් වේවා....!!! දුකාටත්, දුකින් තොර සැපෙන් බර වසරක් වේවා...!!!

    ReplyDelete
  14. සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නවවසරක් ...ඒ වගේම දුකාගේ අම්මට සුබ උපන් දිනයක්...

    ReplyDelete
  15. @අකීකරු හිත!
    ස්තූත්යි නගේ සුභ පැතුම් වලට

    @මාරයා!
    හික් හික් හික් . .

    @ලොකු ජෝන්!
    ඔව් බන් ඒකනේ මොන කරදයකදී උනත් බුදු අම්මෝ කියැවෙන්නේ . . හෙ හෙ හේ . . ස්තූතියි මලේ උඹටත්

    @අරවින්ද!
    ඈ යකෝ අපේ අම්මට ලොකු නැන්ද කිව්වම අපේ දෙහිවල ලොකු අම්මටයි අයිසා ලොකු අම්මටයි කියන්නේ මොකෑ උඹ . . තැන්කූ ඈ . . ෆ්‍රී නම් අම්මට කෝල් එකක් දීපන්

    @මයියා!
    අපෝ නෑ තාත්තා හරකෙක් පෙන්නලා ඒයි මෙයාට කතිරේ ගහලා චන්දේ දාන්න කිව්වත් අම්මා ගහනවා . . . ස්තූතියි සුභ පැතුම් වලට

    ReplyDelete
  16. @පොඩ්ඩී !
    අප්පෝ ඔව් හරිම හොඳ බිරිඳක් . . .
    තැන්කූ සුභ පැතුවට හොඳේ . .
    අහ් ඔව් ඔව් මමයි නංගියි කියන්නේ අපි දෙන්නටත් අම්මගේ ජාන වලින් විතරයි ලැබිලා තියෙන්නේ තාත්තගෙන් මෙලෝ දෙයක් නෑ කියලා . .
    ඔයාලටත් සුභ අලුත් අවුරුද්දක් වේවා . .

    @රෙහානි !
    බොහෝම ස්තූතියි හොඳේ . .

    @අභීත!
    ස්තූතියි

    @හිරු!
    ඇත්තටම ඒ ෆොටෝ එකේ එහෙම පේනවද . . මගේ අම්මේ මේකි කියන බොරූ . . .
    ඇත්තෙන්ම අපේ අම්මා කෙල්ල කාලේ වගේම තාමත් ෆුල් ජොලියේ ජීවත් වෙන කෙනෙක්.
    තැන්කූ ඈ සුභ පැතුම් වලට . . අපේ අම්මට නම් උදේ පාන්දර කුනුකෙල පිටින්ම විශ් කලා . .

    @මාතලන් !
    අනේ මන්දා බන් අපි තුන්දෙනා නම් අම්මට බනින්නේ බලන්න අර අම්මාලා ඔයා ඒවගේද කියලා . . එයා ගානක් නැතුව කියනවා ඒ එයාලා මේ මේ මම කියලා . . තැන්කූ මචෝ සුභ පැතුම් වලට.

    @සංජය !
    ඔයාටත් සුභ නව වසරක් වේවා . . .ස්තූතියි ඔයාටත් . .

    ReplyDelete
  17. දුකා,
    ඔබ දන්නව ඇති කවදාවත් කාන්තාවකට බුදු වෙන්න බැහැයි කියලා සමාජගත වුනු කතාව. ඒක එහෙම වෙන්නේ ඇයි?

    එහෙම වෙන්නේ කාන්තාවකට තියනවා කිසිදා අත්හරින්න බැරි පාප කර්ම කීපයක්ම.
    1. කාමය
    2. ක්‍රෝධය
    3. තණ්හාව
    පිරිමියෙක්ට මේවායින් ඉවත් වෙන එක කරගන්න පුළුවන්. හැබැයි කාන්තාවකට තම දරුන් පිළිබඳ ඇති තණ්හාව වත්, එම දරුවන් හැදීමට අවශ්‍ය කාමයවත්, (දරුවෙක් හදා ගැනීමට ඇතිවන ආශාව.) ඒ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඇතිවන ක්‍රෝධයවත් කිසිදා නැති කර ගන්න බැහැ.
    අන්න ඒකයි කාන්තාවකගේ ඇති අගය. තම ලාභය දරුවන් වෙනුවෙන් පිදීමට හැකි එකම කෙනා කාන්තාව. මව් පදවිය උතුම් වන්නේ ඒ නිසා. ඒකනේ ගෙදර බුදුන් අම්මා කියන්නේ.

    ඔබගේ මවත් ඒ උතුම් මව් පදවිය ලැබූ තවත් ශ්‍රේෂ්ඨ මාතාවක්. ඇයට සුභ උපන් දිනයක් වේවා!!

    ReplyDelete
  18. අම්මා ගැන විස්තර කරන්න අපි දන්න භාෂාවෙ වචන මදි දුකා අයියෙ. ඒක හැමෝටම පොදුයි. අපිත් වැඩිවිය පත්වුනාම තමයි අපිට අම්ම කෙනෙක්ගෙ අගේ තදින්ම දැනෙන්නෙ, ඒ උණුසුම යට ජීවත්වන පොඩි කාලෙට වඩා. දුකා අයියගෙ අම්මට සුබ උපන්දිනයක්.

    ඒ වගේම ඔබටත් පවුලෙ සියළු දෙනාටත් මේ 2013 අවුරුද්ද සියළු පැතුම් ඉටුවන යස ඉසුරෙන් පිරුණු නිදුක් නිරෝගී සුව ලැබෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  19. දුකාගේ අම්මාට..සුබ උපන්දිනක් වේවා..!
    නිදුක්,නිරෝගී සුව ලැබේවා..!

    ඔය වික්ටර්ගෙ ගීතයෙ තනුව හදල තියෙන්නෙ දරු නැලවිලි ගීයකින් ගත් ආරයකට.
    දොයි..දොයි...දොයි..දොයිය බබා...
    බයි..බයි...බයි..බයිය බබා... ලස්සන ගීයක් මචං..!

    ReplyDelete
  20. අම්මාට සුබ උපන් දිනයක් වේවා !

    ReplyDelete
  21. දුකා ඔබගේ මවට නිදුක් නිරෝගී ජීවිතයක් සමග සුබ උපන්දිනයක් ප්‍රාර්ථනය කරනවා.
    එසේම පැතුම් ඉටුවන නව වසරක් උදාවේවා ඔබට
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  22. උඹේ අම්මගේ පිංතූරේ දැකපු ගමන් මගේ අම්ම ඇහුවේ ඈ බං ඒ නිළියක් ද කියලයි........
    අම්මට මාත් චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  23. නියම ලිපියක්.ඔයාට සුභ නව වසරක් වේවා.මම සිංහ පීඩියාව ලියන යසිරු
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  24. තමන්ගෙ අම්මාව මේ විදියට තේරුම් ගන්න ලැබෙන එකම වාසනාවක්... අයියගෙ අම්මට සුබ උපන්දිනයක් වේවා.. නිදුක් නිරෝගී සුවය ලැබේවා...

    ReplyDelete
  25. දුකා අය්යගේ අම්මට සුභ උපන්දිනයක් වේවා!!!
    නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා!!!

    පෝස්ට් එක කියෙව්වෙ නෑ... කියෙව්වොත් වෙන්නෙ අක්කගෙ පෝස්ට් එක කියවපු දවසෙ වෙච්ච දේමයි.

    ReplyDelete
  26. මට මේ ගැන කියන්න කිසිම දෙයක් නෑ මචං.. කියන්න තියෙන දේවල් ඒ ලෙසටම කියලා තියෙනවා..
    අපිට අම්මලගෙ අගේ වඩාත්ම දැනෙන්නෙ දුර රටක ඉන්නකොට කියන එක විතරක් කියන්න ඕන....

    දුකාගෙ අම්මට සුභ උපන් දිනයක්... නිරෝගී සුව... දීර්ඝායුෂ.. !

    ReplyDelete
  27. සිංදුවේ කෑල්ලක් අඩුයි වගේ නේද....

    ....
    ඔබ මතු බුදු වන දවසේ
    මා රාහුල කුමරුන් සේ
    .....

    දුකාගේ මවට සුබ උපන්දිනයක් හා නිරෝගී සුවය ලැබේවා....!

    ReplyDelete
  28. "අම්මා" යන වදන කී පමණින්ම අපේ හිත් වල ඇඳෙන උත්තරීතර රුපයම ඇති, එය වචන වලට නොපෙරලුවාට.

    දුකාගේ අම්මාට දීර්ඝායු වේවා !!!

    ReplyDelete
  29. මෑණියන්ට සුභ උපන්දිනයක් වේවා... උඹටත් පවුලේ සැමටත් සුභ 2013ක් වේවා..!

    ReplyDelete
  30. අම්මේ ඔබ බිහි කළ දරුවන් රටට වැඩක් ඇති දරුවන් නම් ඒ හොදටම ප්‍රමාණවත්. මේ දුකා අයියාත් හරි පපුව උනුවෙන හාදයෙක් නෙව. ඉතිං අර ලිස්ට් එකේ තියෙන ගොඩක් ඒවා එයාටත් අයිතියි. අම්මේ ඔබට නිරෝගි දිවියක් සමග වාසනාවන්ත උපන්දිනයක් පතන්නෙමි. දුකා වික්ටර්ගේ ගීතය ගැන, එහි භාවාත්මක ප්‍රකාශනය ගැන මට නම් වචන මදි විස්තර කරන්න ඒ තරම්ම හැගීම්බරයි. දුකාට සහ සැමට Happy New Year. (ඔය ඉංගිරිසි කාරයෝ උගුර කඩා ගෙන දැගලුවට ජනවාරි 1 කියල මම නං හිතන්නේ එක් කඩඉමක් හා ආරම්භයකට සුදුසු දවසක් විදියට විතරයි)ජවය ලැබේවා සැමට..

    ReplyDelete
  31. මොන භාෂාවෙන් කිවුවත් මේ ලෝකයේ මිහිරිම වචනය අම්මා..

    ReplyDelete
  32. අහන අහන හැම පාරකටම මගේ ඇහැට කඳුලු උනන සින්දු දෙකක් තියෙනවා, එකක් වික්ටර් මහත්තයගෙ ඔය සින්දුව අනික තමයි දිවුල්ගනේ මහත්තයගේ 'ගමට කලින් හිරු මුලුතැන් ගෙට වඩනා ' සින්දුව.
    ඔය සින්දු දෙකම මම අහන්නෙ තනියම ඉන්නවනම් විතරයි. කඳුලු කවුරුහරි දකියි කියල බයයි.
    ඔබේ අම්මට දිගාසිරි.....!!

    ReplyDelete
  33. මව්තුමියට දීර්ඝායුෂ පතමි..... ඇය කෙරේ සමකලහැකි අන් කිසිවක් නොවන හෙයින් දිවිඇතිතුරා රැකබලාගැනීම යුතුකමකට වඩා පින්කමකි.

    වික්ටර්ගේ ගීතයේ අන්තරා කොටස දරු නැලවිලි රිද්මයට ගායනා කරන නිසා තමයි බොහොම හිතට වදින්නෙ...ප්‍රේමකීර්තිගෙ පන්හිදෙන් ලියැවිලා තියෙන සුවිශේෂී වචන පෙළත් මෙහිදී මතක් කල යුතුමයි.

    ReplyDelete
  34. ආදරණීය අම්මා වෙනුවෙන් ලිපියක් දාපු එකම මවගේ හොඳ ගතිගුණ ඔබටත් පිහිටා ඇති බවට සාක්ෂියක්.

    අම්මාට සුබම සුබ උපන්දිනයක් වෙවායි පතමි.

    ReplyDelete
  35. @වෙද මහත්තයා!
    අඩේ ඔය කතාව මම අදමයි ඇහුවේ . . බලාගෙන ගියාම ඒක නම් ඇත්තම ඇත්තක් වෙන්නත් ඇති . .. අර කුමාර කාශ්‍යප මෑණියන්ටත් මෙහෙනියක් වෙලා ඉන්නැත්දිත් කිරි එලුනා කියලා බන කතා වක කියන්නේ .. . .
    ස්තූතියි ඈ අදහස් වලටත් සුභ පැතුම් වලටත්

    @ඩීඩීටී!
    ඇත්තෙන්ම ලංකාවෙන් පිටට ගියාම අම්මගේ අගේ දැනෙනවා වැඩී මලේ

    @වීයා!
    ඔව් මචන් සමහ වීඩියෝ වල දැකලා තියෙනවා වික්ටර් මැදට ඒ දරුනැළවිල්ල දාලා ගායනා කරනවා.

    @වෙනී
    තැන්කූ වෙනියෝ . .

    @නලීන්!
    බොහෝම ස්තූතියි නලීන් සුභ පැතුම් වලට. ඔබටත් එසේම සියලු පැතුම් ඉටුවන නව වසරක් වේවා.

    @උදාර!
    ඔව් කෙල්ල කාලේ හරිම ලස්සනයිලු . .. තාත්තා ඊට හපන් බන් . .මම තමයි මල පෙරතස් වගේ ඉන්නේ . .
    සුභ පැතුමට තැන්කූ ඈ

    @යසිරු!
    ස්තූතියි යසිරු . . හරි නිවාඩු පාඩු වෙලාවක එන්නම් ඔයාගේ අඩවිය පැත්තේ

    @තරුරාසී!
    සුභ පැතුමට ස්තූතියි නගේ .. ඔව් ඔව් අපේ අම්මා නම් හොඳම හොඳයි නොකියා හොඳ නරක දෙකම දකින්න පුලුවන් උනාම ජීවත් වෙන්න පහසුයි.

    ReplyDelete
  36. @මී ගොඩයා!
    මේකේ ඒ වගේ සිරා කතා නෑ බන් . . හරිම සරලව ලිව්වේ.
    තැන්කූ ඈ

    @ඇලා!
    ඔව් බන් . . ගෙදර ඉන්න කම් අම්ම එක්ක රන්ඩු කලාට ගිය ගමන් දැනෙනවා අම්මා නැති අඩුව . . අයේ කාටවත් පිරිමහන්න බෑ වගේ ඒක.

    @සුමිත්!
    ඒක දන්නවා වැඩි කමටම ඒ ටික මඟ ඇරිලා මචන්.
    ස්තූතියි සුභ පැත්ම් වලට හොඳේ

    @සුදීක!
    ඒක නම් ඇත්ත බන් . . ස්තූතියි සුභ පැතුම් වලට මචෝ
    @බීට්ල්!
    ස්තූතියි මචෝ . . උඹලාටත් එසෙම වූ සුබ නව වසරක් වේවා

    @කකා!
    කකා මේ මගුලක් කියනවා . .වැජඹෙන්න නෙමේ ලියන්න තියෙන පෝස්ට් ටික ලියා ගන්න වෙලාවක් නැතුව බන් ඉන්නේ.

    @දේශකයා!
    සිරාවටම මම නම් නිතරම කියන්නේ මටයි නංගිටයි අම්මගේ ගති විතරයි තියෙන්නේ කියලා. අපිට නම් ජනවාරි පලවෙනිදා විශේෂයි අනිවාර්යෙන් පාර්ටි තමා ඇයි අම්මගේ උපන්දිනේ නේ . . හෙ හෙ හේ . .
    තැන්කූ ඈ සුභ පැතුම් වලට.

    @සරත්!
    අනිවා ඩෙෆා . . .

    @uwiniran!
    අඩන්න ලැජ්ජ වෙන්න ඕනද බන් . . මම නම් දුක හිතෙන ෆිල්ම් එකක් බැලුවත් අඬනවා, දුක් සින්දුවක් ඇහුවත් අඬනවා, දුක් පොතක් බැලුවත් අඬනවා. අනිත් උන් ඕන ලබ්බක් හිතා ගත්තාවේ කියලා මම නම් මගේ හැඟීම් පිට කරලා දානවා බන් . .
    සුභ පැතුමට තැන්කූ ඈ

    @සිරා!
    තැන්කූ සිරා මලේ . . ඔව් බන් වික්ටර් ප්‍රේම් කියන්නේ ආයේ කිරි පැනි, ජාඩියට මූඩිය අරව මෙව්ව වගේ නියමෙට සෙට් වුනු සෙට් වීමක් තමා.

    @හැලපකඩේ!
    අම්මගේ හොඳ විතරක් නෙමේ බන් නරක ගතිත් සෙහෙන තරමක් තියෙනවා මගේ ලඟ . . හික් හික් හික්
    සුභ පැතුමට ස්තූතියි ඈ . .

    ReplyDelete
  37. මේ කමෙන්ට් බලනකොට අවංකවම මට ලැජ්ජා හිතෙනවා , මම අම්මත් එක්ක හැම වෙලාවෙම වලි , මගේ පව්කාරකම

    ReplyDelete
  38. දුකාගෙ අම්මාට සුභම සුභ උපන්දිනයක් වේවා. ඇයට ආයුබෝ වේවා.
    උඹලටත් වාසනාවන්ත නව වසරක් වේවා.

    මගේ අම්මා නම් පහුගිය මැයි මාසෙ නැතිවුනා.

    මට තාත්තා ගැන කියන පියාණෙනී මා නැවත උපන්නොත් කියන සින්දුව අහනකොටත් ඔය දේම වෙනවා මචං.

    ඒ ඔක්කොමත් හරි. මොකක්ද යකෝ අර ජානවලින් ලස්සන ආපු කතාව? :D

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  39. ඔන්න මම ටිකක් පරක්කුයි... ඒත් ඉතිං මාත් පතනවා...
    දුකා අයියගේ අම්මට සුභම සුභ උපන්දිනයක් වේවා....!!

    ReplyDelete
  40. මමත් දුකාගේ අම්මට සුභ පතනවා..

    ReplyDelete
  41. ආවඩා ආයු බොහෝ වේවා :)

    ReplyDelete
  42. මගේ අම්මට 78 යි. දුකා ගේ අම්මා පරණ නිළියක් වගේ. අපේ අම්මගෙත් පරණ ෆොටෝ එකක් තියෙනව.
    අම්මලා කියන්නෙ මහ පුදුම ජාතියක්. අපි කරන වැරදි වලට බැනුම් අහන්නෙත් අම්මලාමයි.
    කියල ඉවර කරන්න බැරි තරම් දේ තියෙනව අපෙ අම්මා ගැනත් ලියන්න. සුබ උපන් දිනයක් වේවා දුකාගෙ අම්මාට.

    ReplyDelete
  43. දුකා අයියගේ අම්මා උයපු බත් කාපු එකේ නොවෑ මමත්... :)

    එතුමියට සුභ උපන්දිනයක් වේවා...!
    දීර්ඝායුෂ ‍ලැබේවා...!

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails