Monday, October 8, 2012

අයියෝ සති දෙකයි . . .!!

429349_418556011542903_1006425663_n
ආන්ඩු පක්ෂෙම මන්ත්‍රී වරයෙක් උනු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාව මැතිවරණයක් දවසේම මහපාරේදී ස්වර්ගස්ථ කලා. මිනීමරුවන්ට රැකවරණය දීලා රට පැටෙව්වා කියලා චෝදනා කලා. මිනිස්සු කතා කලා, ෆේස් බුක් එකේ ගමේ කෝපි කඩේ හැම තැනම කතා කලා. කොයි තරම් කාලයක්ද? සති දෙකයි. ඉන් පස්සේ අපිට අමතකයි. Open-mouthed smile

ඩෙංගු මදුරුවෝ මැරුවේ නෑ කියලා කැලනිය පැත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනෙක්ව පාර්ලිමේන්තුවේ ඉන්න දුටුගැමුනු රජතුමාගේ පරම්පරාවෙන් පැවත එනවායි කියන ඇමැති කෙනෙක් විසින් ගස් බැන්දා. ගස් බැන්ද එකා දිවුරුම් පෙස්සමක් දීලා කිව්වා ඌ ම ඌව බැඳ ගත්තා කියලා. අපි කතා කලා. අපි ඒක ගැනත් කතා කලා. කොයි තරම් කාලයක්ද? සති දෙකයි . . . Open-mouthed smile

"හදවතින් අපි යුධ බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ" කිය කියා අපි යුද්ධේ තියෙන කාලේ මැරෙන්න හැදුවා. අපිට නිදහස් රටක ජීවත් වීම වෙනුවෙන් යුධ බිමේ ජීවිත පූජා කරන රණවිරුවෝ වෙනුවෙන් ලේ ඇට මස් වුනත් පූජා කරන්න තරම් ලෑස්ති විදිහට උන්නු අපේ  ඉස්මොල ගිනි ගත්තා බුද්ධි අංශයේම ඉඳන් රට වෙනුවෙන් සේවය කරපු මේජර් කෙනෙක්ට ඔලු කට්ට කුඩුවෙන්න ඇමැති පුතෙක් ගහපු බව දැන ගත්තාම. සී.සී.ටී.වී වලත් සටහන් වෙලා තිබ්බා කිව්වට පස්සේ මේජර්ම අර ගස් බැඳගත්තා කිව්ව සෞඛ්‍ය පරීක්ෂක කිව්ව විදිහටම කිව්වා මට ඌ ගැහුවේ නෑ ඌ මට ගැහුවේ නෑ කියලා. අපි ලේ රත් කරගෙන කතා කලා. කොයි තරම් කාලයක්ද පිංවතුනි . .. වැඩිම උනොත් සති දෙකයි . . Smile with tongue out

පුතාලට නයිට් රේස් තියන්න, එයාලගේ ආසාව සංසිඳවන්න ඉන්දියාවෙන් නිලියෝ ගෙන්වන්න ලෝස් නැතුව මහජන මුදල් වියදම් කලාට රටේ දරුදැරියෝ වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් දැනට වියදම් කරන 1.86% වෙනුවට අවම වශයෙන් සීයට 6%ක් දෙන්න කියලා විශ්ව විද්‍යාල වල ආචාර්‍යවරු පාරට බැහැලා වර්ජනය කරනවා. අපි ෆේස් බුක් එකේ ප්‍රොෆයිල් ෆික් එකත් සීයට 6ක් දීපියෝ කියාලා තියෙන එකක් දාගෙන ඒ ගැන උදේ හවා කතා කරනවා. (ෆේස්බුක් එකේ විතරක් නෙමේ හැබෑ ලෝකෙත්) අදටත් සක්‍රියව තියෙන ඒ අරගලය ගැන අපි උද්යෝගයෙක් කතා කලේ කොයි තරම් කාලයක්ද? සති දෙකයි . . සති දෙකයි . . .  Open-mouthed smile

ඊයේ 20-20 ෆයිනල් තිබුනු දා මිනිස්සුන්ගේ අවදානය වෙන අතක තියෙන වාසිය බලාගෙනද මන්දා අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට ගහලා කපලා හොස්පිටල් එකේ . . අපි ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. . . රටේ නීතිය හැමෝටම සමානව සාධාරන වෙන්න, රට වෙනුවෙන් ගන්න තීරණ රටේ යහපතට මිසක් පවුලක අයට කොමිස් ගන්න ජාතියේ ඒවා නොවන ලෙස වග බලා ගන්න රටේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය තනි කනුවක් උඩ අස්ථාවරව තියෙන දෙයක් විදිහට නොවී එකිනෙකාගේ බලය හා තීරණ ගැන ඍජුව ප්‍රශ්න කල හැකි නිදහස් කනු තුනක් ලෙස (තනි කෙනෙක්ගේ අතේ තියෙන දෙයක් නොවන ලෙස ) ස්ථාවර ව තියෙන්න ඕන දෙයක් කියලා අපි කතා කරනවා. මේ කතා කොයි තරම් කාලයක් තියෙයිද? සති දෙකයි පිංවතුනි සති දෙකයි . . . Open-mouthed smile Open-mouthed smile

ඉසෙඩ් ස්කෝර් එක අනා ගත්තා, ප්‍රශ්න පත්තර අල කර ගත්තා, කැම්පස් වැහුවා කියලා එස්.බීට බන්දුලට අපි බැන්නා. කොයි තරම් කාලයක්ද? සති දෙකයි. .. Rolling on the floor laughing

බාල පෙට්‍රෝල් ගෙන්නුවා ඒවා නිසා වාහන මඟ හිට්ටා, එන්ජින් සවුත්තු උනා කියලා සුසිල් ප්‍රේම් ජයන්ත්ට බැන්නා . . . සති දෙකයි ඕයි සති දෙකයි . . Rolling on the floor laughing

දැනට සතියක විතර ඉඳන් ෆේස්බුක් එකේ දිගට හරහට "කියන තැනකත වඳින්නම් ෆයිනල් මැච් එන නම් බලන්න එන්න අපෝ" කියලා කියද්දී මහජන මතය හික් හික් හික් (ෆේස් බුක් එකේ ඉන්න කීප දෙනෙක්ගේ මහජන මතය හික ) තුට්ටුවකට ගනන් නොගෙන මේ අපේ ජනාධිපති මැච් එක බලන්න ආවායින් ෆයිනල් මැච් එක පරාද උනා කියලා මිනිස්සු ෆේස් බුක් එක හරහායි .. කටින් කටයි බනින එකට සමහර අයට හොඳටම තද වෙලා. ඒ අයටත් කියන්න තියෙන්නේ ගනන් ගන්න එපා ලා බන් . . ඔය බැනිල්ල සති දෙකයි . . .

ඕන නම් සති දෙකකට කලින්ම  ඩීසල්, පෙට්‍රෝල්, පාන්, හාල්, ඔය ඕනෑම දේක මිල දෙගුනයක් වැඩි කරලා ජනාධිපතිගේ ජෝකර්ලා සෙට් එකේ එස්.බීගේ හරි මර්වින්ගේ හරි බන්දුලගේ හරි වෙන ජෝකර් කෙනෙක්ගේ හරි ගොන් පාර්ට් එකක් පොඩ්ඩක් උලුප්පලා නිවුස් එකක් දාන්න. අපි ඒ ජෝකර්ට උගේ අම්මට සති දෙකක් තිස්සේ බනින්නේ නැද්ද බලන්න . .. .

ඕන් දැක්කා නේද සිරි ලාංකික අභිමානය සති දෙකයි ඕයි . . . සති දෙකයි . ..

ඒ නිසා අර බනින උන්ට සති දෙකක් දුක යන්නත් එක්ක බනින්න දීලා එහෙම බනිනවා දැක්කාම දුක හිතෙන අය අනේ මේ සති දෙකේ ෆේස් බුක් එන්නේ නැතුව ඉන්න . . මොකටද නිකන් ප්‍රෙෂර් හදාගන්නේ . . හික් හික් හික්

28 comments:

  1. මේකනේ අයියා සීන් එක අපේ රටේ එකෙක් ආතල් එකක් දීලා ඉවර වෙද්දිම තව එකෙක් ආතල් එකක් දෙනව සත් දෙකකටත් කලින්....

    ReplyDelete
  2. හි හි.. ප්‍රභාටත් අන්තයි නේ දුකා අයියේ.. හපොයි සිරි ලංකාව....

    ReplyDelete
  3. දුක තමා දුකා. නමුත් කාවදාවත් නැතිව මමත් පාරට බැහැල ඇවිද්ද කට්ටියට සහය පිණිස. අපි අනිත් අය වෙනුවෙන් පෙනීසිටින්නට කැමති ජාතියක් නොවෙයි. අද නීතිඥ වරු පාරෙ නමුත් අද මම ඒ අය වෙනුවෙන් පාරට බහින්නෙ නැහැ. මොනවා කිව්වත් නිදහසට කාරණා පමණයි. ඉතිං කොහොමද යමක් වෙන්නෙ රටක?

    ReplyDelete
  4. සතිදෙකකින් උත්තරයක් ලියන්නම්

    ReplyDelete
  5. සහතික ඇත්ත... උඹ අර " මෙමෙන්ටෝ" කියන ෆිල්ම් එක බලල තියනවද? ඒකෙ තියෙන්නෙ විනාඩි ගනනකින් සේරම අමතක වෙන කෙනෙක් ගැන.. ඒ හින්දා මිනිහා කරන්නෙ කොල කෑලි වල හැමදේම ලියාගන්නවා.. තමුන්ගෙ කාර් එක අඳුන ගන්නෙ ලඟ තියන පොටෝ එකක් බලල...
    ඕක බලල මට හිතුනෙ ඒ තරම්ම නරක නැතත් අපේ මතකයත් ඔය වගේ නේද කියලා.. ෆේස් බුක් ස්මාට් ෆෝන් පත්තර ටී වී නැත්නම් මෙලෝ දෙයක් මතක නෑ..
    හැබැයි ඒකෙ හොඳ පැත්තකුත් තියනවා... සේරම මතක තියාගන වැඩ කලොත් ලෝකෙම අවුල් ජාලයක් වෙන්නත් පුලුවන් :)

    ReplyDelete
  6. නොවේ මෙවන් වින්දනයක් ළොවේ....!!!

    සුබ අනාගතයක්...

    ReplyDelete
  7. ඒ මේ කියල තියන සිද්දි එකක්වත් මට මතක නෑනේ :P

    ReplyDelete
  8. මට මොකුත් මතක නැහැ :D

    ReplyDelete
  9. දයාබර දුකා ,
    ඔබ යෝජනා කරන්නේ සති දෙකකින් නොනැවතී අපි දිගින් දිගටම ආණ්ඩුවට පට්ට යන්න බනිමින් කාලය ගත කළ යුතු බවද? ලෝකයේ කොතනත් සිදුවන්නේ මේ ටිකමය. නමුත් ලෝකය අපට වඩා වෙනස් වන්නේ බණිමින්ම නොසිට ගහන්නටද ,,අනතුරුව මරන්නටද වශයෙන් එකම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට හරියටම කිවහොත් සංවිධානාත්මකව ඉදිරියට ගෙන යාමේ තන්ත්‍රයක් ඔවුන් වෙත තිබෙන බැවිනි. උදාහරණ වශයෙන් පසුගියකාලයේ ටියුනීසීයාවේ --ඊජිප්තුවේ- ලිබියාවේ මිනිසුන් ගඩාෆි ලාට මුබාරක්ලාට බැණ බැණ විතරක් නොසිට ගහන්නටද අනතුරුව මරන්නටද වශයෙන් තම ක්‍රියාවලිය දිගු කොටගෙන තිබුණේය.
    නමුත් එවැනි තත්වයක් ලංකාවේ ඇති නොවන්නේ එවැනි ක්‍රියාවලියකට සහයෝගය ලබා දීමට තරම් අපේ මිනිසුන් ඉදිරිගාමී නොවන නිසාය. එයටද හේතුවක් තිබේ, හේතුව සංස්කෘතික කාරණාවකි. අපි බටහිරයන් හෝ අර්ධ ආසියාතිකයන් වන මැදපෙරදිග මිනිසුන්න්ට වඩා සමාජමය වශයෙන් බැදුණු සම්බන්ධතා රාශියක් ඇතිව උපන් සහ ඒ මැද ජීවත් වන මිනිසුන් හෙයිනි. අපගේ සෑම පෞද්ගලික ක්‍රියාවක්ම තම තම්න්ගෙ කුටුම්බ සාමාජිකයන් කෙරෙහි බලපාන බැව් අප දනී. පවුල නඩත්තු කරන එකාට කරදරයක් සිදුවුවහොත් එහා ගෙදර එකා ආදර්යෙන් පවුල බලාගන්නේ නැත. හේතුව ඌටද උගේ කුටුම්බය පෝෂණය කිරීමේ වගකීමක් ඇති නිසාය. අරුණි ශපීරෝ උත්කර්ෂයට නංවන ඇමරිකාවේ පරිදි පවුලේ උපයන්නාට සුදු කොඩි වැටුණු පසු රැකබලාගන්නා සුබසාධන වැඩපිළිවෙලවල්ද අපට නොමැත. එවැනි අවශ්‍යතාවයික්ද නොවන්නේ තම කුටුම්බය ආරක්ෂා කිරීමේ සහ පෝෂණය කිරීමේ වගකීම තම තමන්ට අයිති කාරණාවක්‍ ය යන හැගීම අපට තිබෙන නිසාය.

    අන්න ඒ නිසා ගහන්නට මරන්නට නොගොස් සති දෙකක් ගතවන තුර පට්ට පලු යන්න බණිමින් සිත සදාගන්නට අපට සිදුවී තිබේ ..ඉතින් ඒකට මක් කොරන්නද ?

    ReplyDelete
  10. අයියට කොහොමද මේ ඔක්කොම දේවල් මතක ?
    අයිය ලංකාවෙ නෙවෙයි ද?
    ඊයෙ මැච් එක ඇරෙන්න අනිත් එකක්වත් මට මතක නෑ නෙ. :D

    ReplyDelete
  11. මම කාටවත් චන්දය නොදෙමි.මගේ එකම අදහස නම් මැච් එක පැරදීමට ජනාධිපතිතුමා පලි නැත.

    ReplyDelete
  12. අයියෝ ගණන් ගන්න එපා ඔව්වත් වැඩද. අපි ඉදිමු ඉන්න ටිකේ ජොලිය දමාලා. අපි නටමු ගී කියමු. ජොලි කරමු. හැබැයි පහුවදාට කන්න ගියාම තමයි වැඩේ. ඒකට ගැන්ග්නම් තියන්නේ දැන්. දුකා මමත් පුරුදු වෙන්න ඉන්නෙ එතකොට ඔය ප්‍රශ්න නැහැ. ජොලියේ ඉන්න පුළුවන්.

    ReplyDelete
  13. ඇයි ගඩාෆි මැරුව දවසේ.... ඒක අමතකද?

    ReplyDelete
  14. අපෝ දුකා ඕක මොකක්ද? හැම දේම එහෙම තමයි සති දෙකයි.......හපොයි! සිරි ලංකාව....

    ReplyDelete
  15. අපි සති දෙකේ ජාතියක් අප්පා.

    ReplyDelete
  16. "අපි බටහිරයන් හෝ අර්ධ ආසියාතිකයන් වන මැදපෙරදිග මිනිසුන්න්ට වඩා සමාජමය වශයෙන් බැදුණු සම්බන්ධතා රාශියක් ඇතිව උපන් සහ ඒ මැද ජීවත් වන මිනිසුන් හෙයිනි."

    මේ වාක්‍යටම ඇති තනි වචනය "භය" කියා කිව හැක. අපි අවංකවම පසු ගාමී සහ භය ඇත්තෝ වෙමු. එ නිසා අපෙන් මහා විප්ලව හෝ ජන නැගිටීම් බලාපොරොත්තු විය නොහැක.

    මේ අපේ රටේ උන්ගෙ මනස හදල තියෙන විදිය හෝ හැදි තිබෙන විදියයි. එයට හේතුව 71 සහ 94 මතක තිබීම නිසා "මෙව්ව මෙහේ හරියන්නෙ නෑ" යන සිතිවිල්ල සිත් තුල පීදී ඇති බැවිනි. එහෙත් එදා අපටත් අද මැද පෙරදිග හෝ කොසෝවෝ උන්ට ලැබුන ජාත්‍යන්තර සහය ලැබුනේ නම් ලංකාවේ මේ වන විට තවත් විපලව කීපයක් වී හමාරය.

    ReplyDelete
  17. මේ ලියුමත් මතක තියෙන්නේ සති දෙකයි.

    ReplyDelete
  18. මම බුකියේ දාපු ස්ටේටස් එක මෙතනත් දානවා.

    "මාමේ මාමේ ඩේලි ෆකින් නෝ චිල්රන් කියන්නේ මේකට තමයි."

    මැච් එක පැරදීමට ලොක්කා වගකිවයුතු නැත.ලොක්කා වගකිවයුතු නම් මාලිංග අසාර්ථක වෙද්දී තවදුරටත් ඔහුව පන්දු යැවීමේ නිරත කල මහේලත්.අවසන් තරගය සඳහා ඛෙත්තාරාමය තෝරාගත් ක්‍රිකට් පාලක මණ්ඩලයත් ඒ හා සමානව නොව ඊට දහස ගුණයකින් වගකිව යුතුය.

    ReplyDelete
  19. කෝ...පිංවතුනි...සාදු කියන්න..!

    ReplyDelete
  20. තව සති දෙකයි සේරම මතක :)

    ReplyDelete
  21. ප්‍රබා අය්යත් කියල තියෙනවනේ සිංහලයන්ට දෙයක් මතක හිටින්නේ සති දෙකෙයි කියලා...

    ReplyDelete
  22. සත දෙකයි, සත දෙකයි.

    ReplyDelete
  23. සති දෙක කියන්නෙ මාධ්‍යයවලට ඒ ඉෂූ එක ගෙනියන්න් පුළුවන් උපරිම කාලය.

    ReplyDelete
  24. ඔය සති දෙකේ සූත්තරය ගැන වේලාසනින්ම කිව්වෙ වේළුපිල්ලේ ප්‍ර‍භාකරන්.. සිංහලයට මොනවා උනත් මතක තියෙන්නෙ සති දෙකයි කියලා තමා මිනිහා කිව්වෙ.... මිනිහත් මම හිතන්නෙ අපායෙ ඉදන්
    T 20 ෆයිනල් බලන්න ඇති...

    ReplyDelete
  25. ඒ දුකා අයියේ සිරා ඈ...
    සති දෙකයි මෙවුවා සති දෙකයි...

    ReplyDelete
  26. සාදු කියන්න පින්වතුනි සාදු කියන්න.

    සාදු සාදු සා.......................දු.

    ReplyDelete
  27. සති දෙකයිද? සට මුකුත් මතක නෑ.

    ReplyDelete
  28. රටේ වැරද්ද....
    අනුවන මිනිසුන්ගේ වැරදි කට උතු නොව....
    නිවරැදි මිනිසුන්ගේ නිහඩියාවයි............

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails