අද (29) අපේ තාත්තගේ 68වෙනි උපන් දිනය.
පොදු පෙරමුණු ආන්ඩුවක් වෙනුවෙන් උදේ හවා හීන බලපු, රැස්වීම් වල හිටගෙන හිටපු, කකුල් කෙඩෙත්තුව හැදෙනකම් පෙලපාලි වල ගියපු, අතේ තිබ්බ පිච්චියත් ඒ වෙනුවෙන් කැපකරපු . . .
ඒ හීන දකින්නා වෙනුවෙන් මේ පෝස්ට් එක වෙන් කරන්න මම කැමතියි.
මේක ඕන් තනිකරම පිස්සු ලිපියක්.
මේ ඊයේ පෙරදා දොහක රනා ලියන බ්ලොග් කියන බ්ලොග් අඩවිය ලියන රසික කොලූ එක්ක ගූගලේ කතා බහක් දොඩමින් ඉන්නැහ්ද්දී අපි දෙන්නා කතාවෙච්චි දෙයක්.
ඇත්තෙන්ම කතා වුනේ හවුල් බ්ලොගක් කොරමු කියල උනත් අර තුන්පත් රෑන හවුල් බ්ලොගක් පටන් ඇන්න වෙච්චි සංගෙදිය දන්න හින්දා ඕන එකක් සත පනහයි කියලා මම්ම මගේ බ්ලොගේ ඇහැක් විදිහට ලියා දානවා කියා හිතුවා ඕන්.
මම දන්නවා බොලා මට හිනා වෙනවා කියලා මේක කියෝලා අහක්ක උනාම . .
කාරි නෑ . . බොලා හිනා උනාට . . . . "බැරි වෙලාවත් මාලුවගේ ඇඟේ මැක්කෙක් හිටියොත්" අහ් නෑ නෑ "බැරි වෙලාවත් මේක සීරියොස් ගන්න කෙනෙක්ගේ ඇහැ ගැහුනොත්" මක්කෙයි දොඩන්නේ?
කතා වෙද්දී රනා කොලූත් කිව්වේ "බලන උන් හිනා වෙයි ඒත් කාරි නෑ බන් අපි ලියමු" කියලයි.
ඉස්කෝලේ ගිය වංගියෙන් පස්සෙන් පහුත්, රස්සාවක් කොරන ගමන් ටැක්නිකොල් කොලීජියට යන සංදියෙත් සුද්දගේ බාසාව ඉගෙන ගන්ට ගිය රෑ ඉස්කෝලේ බොරැල්ලේ ෆෙයාර් ෆීල්ඩ් ගාර්ඩොන් එකේ බාංඩාර හාමිනේ කොරපු ඉංගිරිසි පංතිය වෙච්චි.
ඒ ඇත්තිටත් බුදුන් දැක නිවන් බව අත්වෙන්ට අද මේ රස්සා කොරගෙන ඉන්න තැනක සුද්දාගේ බාසාවෙන් යාන්තමට කොටන්න ඇහැක් වෙලා තියෙනවා.

බොලාට කියන්න ඒ ඇත්ති කිව්ව සමහර දේවල් තාමත් කන්බෙර දෙකේ දෝංකාර දෙනවා . .. අම්මාපල්ලා . .
"කවදා හරි වංගියක හැබෑවෙන්ට හරි උඹලා හීන මවන්ට ඕන දරුවනේ . . . "
"හීන මවන්නේ නැතුං හීන හැබෑකිරිල්ලක් කොයි?"
ඉතිං මේ ඒ ඇත්ති කිව්ව්හේ දුකා මවාන ඉන්න හීනයක්.
හැබෑ වෙන නොවෙන එක වෙනම දෙයක්. හීන මවාන ඉන්න එක කොයි තරම්ම සුන්දර කාරියක්ද? (බොරු නෙමේ බොලල්ලා . . බොලාලත් හීන මවාගෙන කාරිය බලාපල්ලකෝ)
ආරළු බූරළු ඕනැන්නේනෑ . . කතාවට බහිමු.
රනා කොලූයි දුකායි කතා වුනේ 2025දී හැබෑවටම සිරි ලංකාව ආසියාවේ ආස්චරිය වෙන්ට නම් මක්ක මක්කාද වෙන්ට ඕන වෙනස් කම් කියලා වෙනම බ්ලොගක් හදාන ලියමු කියන එකයි.
කියෝන උන්ටත් උන්ට ඒ ගැන උන්ට හිතෙන දේ ලියාලා පෝස්ට් එකක් විදිහට දාන්ට අවසර දෙමු කියලයි කතාවුනේ.
කලින් කිව්වැහේ හවුලේ කැඳ හදන්න ගිහින් ආඬි හත්දෙනාගේ කැඳහැලිය වගේ වෙයි කියලා හිතාන 2025දී සිරි දේසේ ආසියාවේ හොඳම රටක් කොරන්න නම් මේ මේ දේවල් කලොත් හොඳා කියලා හිතෙන එව්වා මගේ බ්ලොගේම 2025දී කියලා ලේබොලයක් හදාන ලියන්න මම් හිතුවා.
හරි ඕන් . . මේන් මට හිතෙන පලමු දේ.
අපේ සිරි දේසේ පොරොඩක්ටිවිටි (Productivity) එක හෙවත් ඵලදායිකත්වය නම් අන්තිමයි නෙමේද?
රාජකාරියකට ආන්ඩුවේ ඔපීසියකට ගෙහුන් බලන්ට.
කාකාස ගේ ඉඳන් ඔපිසර රාළහාමි හෝ රාළහාමිනේ වෙනකම් අය ඉන්නේ නොරිස්සුමෙන්.
ඔපිසරලට පඩි නඩි ගෙවන්නේ අපි හාල් තුනපහේ ටිකෙනුත් ආන්ඩුවට ගෙවන බදු කාසි ඔලින් වුනත්, වැඩක් කොරගන්ට ලඟට එන එකා දිහා ඒ අය බලන්නේ ඒ උන්නේ කැවුත්ත කන්ට ආපු උන් දිහා බලනවා වගේ.
විනාඩි දහයෙන් කොරගන්න ඇහැක් වැඩේට තුන් හතර දොහක් බඩගාලා බඩගාලා මයිත්තිරී බාවනාව කොරලා කාකාස ගේ ඉඳන් ඔෆිසර වෙනකම් උන්නේ අම්මා අප්පලට පින් පෙත් දීලා (හිතින්) තමා වැඩේ ඉවරයක් වෙන්නේ.
මේක මෙහෙම වෙන්නේ, නෑ මම් කිව්වේ මේ ඔපිසර රාළහාමිලායි ඔපිසර රාළහාමිනේලයි ඔක්කෝම නොරිස්සුමෙන්, හිතේ කහටින්, දාහට ඇන්න සීයට දීලා වගේ ඉන්නේ මක්කෙයි කියලයි ඔහේලට හිතෙන්නේ?
ගමනාගමනය!!!
උදේ පාන්දර නැගිටල, උහල-පිහලා, ළමයි-බමයි ඉස්කෝල වෑන් වලට පටෝලා, සාරි පටලොගෙන, කලිසම් කමිස හිරකොරගෙන එන්ට ඕන බස් ඉස්ටෑන්ඩ් එකට.
ඕන් එතන මළ විජ්ජුම්බොරයයි.
එන එන බස් පොල් පටෝලහේ එන්නේ.
කොහොමින් හරි පුට් බෝඩ් එකට ගොඩවෙලා එක කකුලක් ගාල්ලේ අනෙක යාපනේ තියන්නැහේ, තමන්ගේ තන් බොත්තං අනුන්නේ බෑක් කඩමාලු අස්සේ දමානහේ ඔපීසියට එන්නේ යකා ආරූඩ වෙච්චි ආතුරයා ගානට. හා නැතෙයි?
එහෙව් සන්නියක් නටලා ඔපීසියට ආවහම වැඩක් පලක් නිස්කාන්සුවේ කොරන්න හිතේ සැනසිල්ලක් කොයි?
ආපහු හවස් ජාමේත් ඒ සුමේම එහෙම නැහ්නම් ඒ දහාට සන්නියෙම ඉතුරු කොටහා රඟ දක්වන්න ඕනෑ නේද කියල හිතන කොට දවලියෙත්, හවස් අතෙත් ඒ ඔපිසරලා ඉන්නේ පස්ස පැත්තේ මිරිස් කරලක් ගහගෙන ඉන්නැහේ තමා ඉතිං.
2025දී වත් සිරි දේසේ පොරොඩක්ටිවිටිය හරි හමන් තත්වෙකට ගෙන්න නම් දුකාගේ යෝජනාව සිරි දේසේ කොලොම් තොටේ ඉඳන් කොලොම් තොටට ආසන්න ගංතුලාන් ඔලට (ඔපීසි බොහොමයක් ඉතිං කොලොම් තොට නොවැ තියෙන්නේ . . ඒවායේ රාජකාරී කොරන්න ලේසි පාසුවට ඔපිසරලා එහාට ලඟපාතම නැතත් ඒ ඒ අවටම නොවැ ඉන්න උස්සාහ කොරන්නේ) විනාඩි දහයෙන් දහයට හරි පාලොහින් පාලොහට හරි දුවන මැට්රෝ කෝච්චි (Metro Train) පද්දතියක් තියෙන්න ඕන කියන එකයි.
දුකා, දැනට ඉන්න ඩුබායි රටේ මැට්රෝ කෝච්චිය නිතර පාවිච්චි කොරන මිනිහෙක් විදිහට කෝච්චියට ගොඩවෙන වාරයක් වාරයක් ගානේ අපේ සිරි දේසෙට 2025 දී වත් මෙහෙව් එකක් තියේ නම් කොයි තරම්ද කියලා හිතන බව කියන්ට ඕන.
(එහෙම හිතන වෙලාවල් වලට හඳුන්පොත කඩාවැටෙන්න එනවා තමා ඒත් අපිටත් දවසක හඳ නොපායයිද?).
මේන් තියෙනවා ඩුබායි මැට්රෝ එකේ වීඩියෝ ටිකක්
ඔපිසර නෝන මහත්තැන් ලා ගොඩක් ගෙවල් දොරවල් හදාන ඉන්නේ එහෙම නැතුන් කුලියට කාරිය ඉන්නේ මෙන්න මේ මේ අහ කියලයි දුකාගේ කම්පනාව.
1. කොලොම් තොට ඉඳන් අවිස්සාවෙල්ල ගන්තුලානට යන අතර මඟ කිරුලපොන, නුගේගොඩ, මහරගම, පන්නිපිටිය, කොට්ටාව, හෝමාගොම

2. කොලොම් තොට ඉඳන් කඩුවෙල ගන්තුලානට යන අතර මඟ බොරැල්ල, රාජගිරිය, ඇතුල් කෝට්ටේ, බත්තරමුල්ල, තලංගොම, මාලාබේ
3. කොලොම් තොට ඉඳන් මීගොමුව ගන්තුලානට යන අතර ගැරෑන්ඩ් පාස්, මාලිගාවත්ත, පෑලියගොඩ, වත්තල, කඳාන, ජාඇල, කටුනායක
4. කොලොම් තොට ඉඳන් ගාල්ල ගන්තුලානට යන අතර කොල්ලුපිටිය, බන්ම්බොලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර
5. කොලොම් තොට ඉඳන් මහනුවරට යන අතර මඟ පෑලියගොඩ, කිරිබත්ගොඩ, කැලනිය, කඩවත
6. කොලොම් තොට ඉඳන් හොරණ යන මඟ ටවුන්හෝල්, තිඹිරිගස්යාය, කොහුවල, පිලියන්දල
තව ඒවා තියේ ඒත් පොරොදාන බස් පාරවලට කිට්ටු ගන්තුනාන් මේවය් කියලයි මහිතේ
කොලොම් තොටින් පටන ඇන්න මේ මේ මහා ගන්තුලන් (මහනුවර, ගාල්ල, අවිස්සාවේල්ල, මීගොමුව, කඩුවෙල, හොරණ ) වල අතරමැද තියෙන ජනගහන වැඩියෙන් ඉන්න ගංතුලාන් වලට වෙනකම් වත් (කිරිබත්ගොඩ, මොරටුව, මහරගම, බත්තරමුල්ල, කොහුවල ) මැට්රෝ කෝච්චි පද්දතියක් තියේ නම් . . .
සිරි දේසේ ඔපිසර නෝනා මහත්තැන්ල කරදරයක් නැතුන් රාජකාරියට යන්ට එන්ට ඇහැක්කා උනොත් උන්දෑලාගේ අර මුකපූනේ තියන් ඉන්න ගතිය උසික්කා කොරලා හිනා වෙලා . . .
රාජකාරි කොර ගන්ට එන බඩගැත්තරයින්ගේ වැඩ කටයුතු කලට වෙලාවට කෙරිලා (උන්දෑලගේ අම්මලාගේ හචින් ලෙඩේත් ඉබේ හොඳ වෙලා)
සිරි දේසේ පොරොඩක්ටිවිටි එක 2025දී වත් හරි හමන් විදිහට කෙරෙයි කියන එකයි දුකාගේ අදහස . .
දුකාගේ එක හීනයක් ඔන්න ඔහොමයි බොලල්ලා . . .
ඒක එහෙම්ම වේවා කියලා බොලල්ලත් පරාර්තොනා කොරපල්ලා හොඳේ . . . . .
මෙහෙව් ලොකු මේ මැට්රෝ කෝච්චි පොරොජෙක්ට් එකක් කොරන්න සිරි දේසේ අපිට කාසි පනම් නැති හන්දා . . ඒක බී-ඕ-ටී (බිල්ට් - ඔපොරේට් - ටරාන්ස්පොර්) (BOT-Built-Operate-Transfer) විදිහට කොරන්න ඇහැකි.
ඒ කිව්වේ මේ සල්ලි බාගේ ඇති ඒරොප්පේ රටක ලොකු කොම්පැනියකට ඇහැකි මේ පොරොජෙක්ට් එක ඩිසයින් කොරලා, ඒ අයම ගොඩ නඟලා, අවුරුදු පාලහක් විස්සක් උනත් කමක් නෑ පාලනය කොරලා ආදායම ඇන්න ඉන් පාසේ සිරිදේසේ අපිට පවරලා යන්න.
මෙහෙව් පොරොජෙක්ට් එකක් බැරි වෙලාවත් සිරි දේසේ කාට හරි (ජනාදිපති තුමාට, පොරොවාහන ඇමතිතුමාට ) නිකමට හරි හිතිලා කොරන්න හිතුවොත් . . .

ඩුබායි රටේ රස්සා කොරන්න ආ මේ ඩුබායි මැට්රෝ පොරොජෙක්ට් එකේ වැඩකොරපු ගුරුහ නිර්මාන සිල්පියෝ, ඉන්ජිනෙරු නෝනා මත්තැන්ලා, ප්‍රමාන සමීක්සක නෝනා මහත්තැන්ලා එහෙම මූලික වැඩ කටයුතු (කොස්ට් පැලෑනින්ග්, පීසබිලිටි වගේ එහෙම ) තමන්ගේ උපරිම සහයෝගය රට වෙනුවෙන් නොමිලේම උනත් දේවී කියලා ලොකු විස්වාසයක් දුකාට තියේ.
දැන් ඉතිං බොලා ඇති පදම් හිනාවෙයල්ලා දුකාටත් පේන හීන කියලා . . . !!
pic from: http://color-city.blogspot.com/2011/11/amzing-stuff-about-dreaming.html
දැන් ඉතිං බොලා ඇති පදම් හිනාවෙයල්ලා දුකාටත් පේන හීන කියලා . . . !!
pic from: http://color-city.blogspot.com/2011/11/amzing-stuff-about-dreaming.html