Thursday, October 20, 2011

රේඩියෝ . . රේඩියෝ . . !!!




මම හොඳ රසවින්දනයක් තියෙන කෙනෙක් . . .

ඒ බවට මගේ ලබැඳියෝ මෙන්ම බ්ලොග් එක නිතර කියවන අය සාක්ෂි දරනවා ඇති කියලා මම හිතනවා.

හොඳ රසවින්දනයක් තියෙන කෙනෙක් වීම ගැන ඇත්තෙන්ම මට නිහතමානී ආඩම්බරයක් තියෙන බවත් කියන්න ඕන..

මගේ රසවින්දනය දියුනු කරන්න මුලින්ම හේතු වුනේ මොකද්ද කියලා කවුරු හරි ඇහුවොත් මම මොකක් කියයි කියලද හිතන්නේ

දෙකක් නෑ රේඩියෝ එක

පුංචි එකා සංදියෙම රේඩියෝ එක ලස්සන සිංදුවක් යන කොට අම්මා මගේ අතට කොලෙකුයි පෑනකුයි දීලා "පුතේ මේ සිංදුව ලියා ගන්න" කියලා කියපු හැටි මට අද වගේ මතකයි  . .

ගෙදර හිටි දවසටත් පත්තරේ බලන්නයි කන්නයි  නිදා ගන්නයි විතරක් ගෙදර හිටි තාත්තා දේශපාලන රැස්වීම්, දේශ්පාලන සාකච්චා වලට අපිව ගෙදර තනි කරලා යද්දී අම්මලගේ ඇඳට වෙලා එක පොදියට තුරුල් වෙලා අම්මයි අක්කයි මායි නංගියි බ්‍රහස්පතින්දා ගිය රහස් පරීක්ෂක නාට්‍ය අහපු හැටිත් මේ දැන් එහෙම හිටියා වගේ මතකයි.

මුවන් පැලැස්ස නාට්‍ය අහද්දී මැණිකෙගෙයි කෝරලේ මහත්තයගෙයි අසාධාරන කම් වලින් පුංචි සංදියෙම හොඳ නරක ගැන වැටහීමක් ලැබුනා වගේම කදිරාගේ චන්දි වැඩ හිත හොඳ අසාධාරණේට විරුද්ද වෙන සාධාරණ මනුස්සයෙක් ගේ ගති කියන එකත් හිතේ රැඳුනා වෙන්න ඕන.

රජ කාලේ කතා අනුසාරයෙන් හදපු ගුවන් විදුලි නාට්‍ය වලින් අපිට අපේ ඉතිහාසය ගැන මහා විසාල චිත්ත රූප මවා ගන්න ඉඩ සලස්වලා දුන්නා . .

දාඩිය දාගෙන සෙල්ලම් කර කර ඉද්දී උනත් හවස තුනේ ඉඳන් හතර වෙන කම් තිබුනු හිංදි ගී තීරුව අහන්න අමතක කලේ නෑ අපි.

අසන්නන්ගේ ඉල්ලීම් තීරුවට නිතර ගී ඉල්ලීම් ඉදිරිපත් කල "මගුලාගම මල්ලිකා දිසානායක" කරුණාසේන ජයලත්ගේ "දම්මි" "සුගත්" "කුසුම්" "නිමල් හතුරුසිංහ" "සරස්වතී මානවඩු හෙවත් සතී" "නිස්සංක විජේකෝන්" තරම්ම සජීවී චරිතයක්.

නිවේදක තෝරයි වැඩ සටහනේ තිලකා රණසිංහගේ, කුසුම් පීරිස්ගේ තේරීම් මේවා මේවා කියලා කලින්ම කියන්න පුලුවන් තරම් ඔවුන්ගේ රසවින්දනය ගැන අදහස් අපිට තිබ්බා.

උදා ගී ඇහෙද්දී තමයි අපි උදේට නැගිට්ටේ . .

උදේ පාන්දර රම්‍යා වනිගසේකරගේ ආයුබෝවන් මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයයි . . මෙන්න ප්‍රවෘත්ති කියලා ඇහුවේ නැති නම් උදේට කෑවේ නෑ කෑවේ නෑ වගේ.

අම්බිගා ගීතයෙන් ගීතය යද්දී අපි නතර කරන අකුරින් පටන් ගන්න ගීත හොයල ඒ අයට කලින් කියන්න පොරකෑවා . . .

පිබිදෙන ගායක පරපුර අහනකොට පුංචි වුනත් අපි ඉහල පෙලේ ජජ්ලා වෙලා අපෝ එයා සෘතියට ගායනා කලේ නෑ . . එයාගේ කට හඬ පාලනය මදි වගේ විනිච්චයන් දුන්නා.

පැන විසඳුම් තරඟයෙදිත් අපි ගීතයෙන් ගීතය වැඩ සටහනේ වගේ එයාලට කලින් පිලිතුරු දෙන්න දැඟලුවා.

සැමුවෙල් ඇනස්ලි බර්ටි මර්සිගේ විනෝද සමය අපිව සිනා සාගරයක ගිල්ලෙව්වා.

දවල් දොළහේ ඉඳන් ගිය බයිලා ගී තීරුවත් හරිම අපූරුයි. එකේ ගිය මුළු ගතම වෙහෙසුනා . . දාඩියෙන් නෑවුනා . . කුස ගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්නා වගේ කැලිප්සෝ සින්දු ඇහෙන කොට දවාලේ ගිනියම් අවුවේ දාඩිය දාගෙන යකඩ තලන අපේ කම්මල් බාසුනැහේව මැවිලා පෙනුනා.

හවස පහේ ඉඳන් රෑ හත අට විතර වෙනකම් වාදනය වුනු සරල ගී තමයි අදටත් අපේ ප්‍රියතම ගීත.

මේ පරන රේඩියෝ මතකය අවුස්සන්න හිතුනේ හේතුවක් ඇතුව.

කෙනෙක්ගේ රසවින්දනය දියුනු කරපු මාද්‍යයක, සාකච්චාවකට ඒ කෙනාට ආරාධනාවක් ලැබුනොත් . . .

අම්මෝ කොයි තරම් සතුටක් දැනෙයිද . .  මහා ලොකු භාග්‍යක් කියලා නොහිතෙයිද . . ?

ඔන්න මට ඒ භාග්‍ය අපේ බස් රේඩියෝ එකේ කට්ටිය උදා කරලා දුන්නා.



ඒ ගැන බස් රේඩියෝ එකේ සියළු දෙනාට මගේ හර්ද්‍යාංගම ස්තූතිය.

ලංකාවේ වෙලාවෙන් අද රෑ අටයි තිහට බස් රේඩියෝ එකේ කතා බස් වැඩසටහනට එකතු වෙන්නේ දුකා . . .

මෙන්න් මේ ලින්ක් එකෙන් බස් රේඩියෝ එකට සම්බන්ධ වෙන්න පුලුවන් . .

එහෙම නැති නම් මගේ බ්ලොග් එකේ උඩ දකුණු කෙලවරේ ලින්ක් එක උඩ ක්ලික් කලාමත් බස් රේඩියෝ එකට යන්න පුලුවන්.

බැරි වෙලාවත් අහන්න බැරි වුනොත් දවසක් දෙකක් පහුවෙලා මෙන්න මේ බස් රේඩියෝ බ්ලොග් අඩවියෙන් සම්පූර්ණ වැඩසටහනම අහන්න පුලුවන්.

එහෙනම් කතා බස් එකෙන් හමුවෙමු ඈ . . .


අහ් කියන්න අමතක උනා . ..

ඉස්සර රේඩියෝ එකේ මට අමතක වුනු වැඩ සටහන් මතක තියෙන අය ඉන්න බව මම හොඳින්ම දන්නවා . . .

ඩෝසා, සචී, හශිත, දුමී, කකා, තිසා, ඩීන්,  මාරයා, ඕනයා, සපතේරු උන්නැහේ, අරුනි අක්කා, වෙද ගෙදර වෙදනා, නලිනි, බින්දි, චාමි, ටැබූ, ඉන්දික, සුජීව, අක්කන්ඩී, ඔබා මාමා, වෙනී . . මේ අයට වගේම තව බොහෝ අය ඇති ඒ වැඩ සහන් මතක ඇති අය . . .

අනේ කරුනාකරලා මට අමතක උනු වැඩ සටහන් ගැන පොඩියක් ලියලා තියලා යන්න හොඳේ . . .


Pic From : http://www.austinpost.org/content/3d-radio

132 comments:

  1. ඉස්සර තිබුන රේඩියෝ වැඩසටහන්වල ළගින්වත් දැන් තියෙන වැඩසටහන් තියන්න බෑ.

    ReplyDelete
  2. හඳ මාමා , ගුවන් විදුලි රඟ මඩල , තව දවල් එකට විතර ගියා කාන්තා වැඩ සටහනක් නම මතක නැහැ . උයන පිහන ගෙදර දොර වැඩ ගැන තමයි . මතක් වුනොත් තව කියන්නම් . අද බැරි වුනොත් හෙට හරි අහන්න ඕන . හොඳ සින්දු ටිකක් යයි අනිවාර්යයෙන්ම දුකා එනවනම්

    ReplyDelete
  3. අපිත් අහනව අද . ලස්සන සින්දු ටිකක් ඉල්ලන්න හොඳේ ....

    ReplyDelete
  4. සුභ පැතුම් සුභාෂ් අයියේ..

    ReplyDelete
  5. ඇයි සාගරය සේ ආදරේ, අවාසනාවට ඇත්ත කථාවක්, සොනාලි සමඟ පැය තුනක්.. අපි අදටත් ආසවෙන් අහනවා අයියේ..... :D :D :D :D

    දැන් අළුතෙන්ම අහන්නේ කරලිය, සවාරිය, මැගසින්, හින්දි චාට් ශෝ, කතා බස්, වර්ල්ඩ් ටුවර්, චාට් ශෝ, අදරණීය නිශාන්තය වැඩසටහන්...

    ReplyDelete
  6. විකාර කතා කරන්ඩ එපා දුකා කෝ "ලතාගෙ කතාව"

    ReplyDelete
  7. මොන වැඩේ තිබ්බත් අද අටයි තිහට අපි බස් රේඩියෝව අහනවා ..බලමු දුකාගේ හඬ ..!

    ReplyDelete
  8. දුකා ඔය කියපු ඔක්කොම හැමදාම අහපු කෙනෙක් මම. ඒකට හොද හේතුවක් තිබුනා. මොකක්ද දන්නවද, අපේ ගමට ඒකාලෙ විදුලිබලය තිබුනෙ නෑ.ඉතින් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අහන්න ලැබුනෙ රේඩියෝ රාජයා තමයි.අනෙක දැං වගේ එෆ්.එම්. චැනල් තිබුනෙත් නෑ.වෙළද සේවයයි රුහුණු සේවයයි, ස්වදේශීය සේවයයි තමයි තිබුනෙ. ඒකාලෙ මම කැමතිම බ්‍රහස්පතින්ද රෑ අටට ස්වදේශීය සේවයේ තිබුන රහස් පරීක්ෂක කතාව අහන්න තමයි.එක කතාවක චරිත ටිකක් තාමත් මතකයි.ෂොෆ්මන්,බෝ,ලින්ඩා,බ්‍රව්න්..මතකද?දැන් එෆ්එම්වල තියන රහස්පරීක්ෂක කතා මොනද?අවාසනාවට ඇත්ත කතාවක්...වගේ ජුගුප්සාජනක දේවල්.
    සිකුරාදා රෑ රජකාලෙ කතාවක් තිබුනෙ.සදුදා බදාදා දෙකේම චැනල් දෙකක මුවන්පැලැස්ස ගියාද කොහෙද.ඉරිද සෙනසුරාදාත් විනාඩි 15 විහිළු කතා තිබුන වැඩසටහන් තිබුනා. සීපීපී විනෝද චාරිකා, ලංලෝ රසකතා,..දැන්නං හරියට මතකත් නෑ.ආ...දුකාට මතකද බන්දුල නානායක්කාරවසම්ගෙ බිහිදොර කියල වැඩසටහනක් තිබුන.මට මතක විදියට ඒක වැඩිකල් නොතිබුනඑකක් උනත් ඔහුගෙ ගීත රචනාවල පසුබිම් කතා ඒකෙදි කිව්වා. හරිම රසවත් වැඩසටහනක්.
    ඒකාලෙ ඇහිච්ච විදියට හොදම රසිකයා තමයි ගාමා ගාමිණි සුබසිංහ.

    ReplyDelete
  9. අවාසනාවට ඇත්ත කතාවක්- මට බස්රේඩියෝ නං අහන්න විදියක් නෑ.

    ReplyDelete
  10. ලතාගේ කතාවයි, අසන්නන් ගී ඉල්ලීම් එකයි, නිවේදක තෝරයි එකයි වගේම අම්බිහා ගීතයෙන් ගීතයත් අපි හරි ආසාවෙන් ඇහුවා මතකයි..

    අනේ එහෙනං අද බස් රේඩියෝව අහන්නම වෙනවා.. මෙච්චර කල් අහන්න හිතං හිටියට බැරි වුණා... රිමයින්ඩර් එකක් දාලා හරි අද නං අහනවා...මයි..

    ReplyDelete
  11. හම් හම්......ප්‍රසන්න කියපු කතාව සම්පුර්ණ ඇත්ත.....

    ReplyDelete
  12. @රාජ්!
    මඟුලාගම මල්ලිකා දිසා නායක වගේම සජීවී චරිතයක් තමයි ගාමා ගාමිනී සුබසිංහ

    අනේ බන්දුල නානායක්කාරවසම්ගෙ බිහිදොර වැඩසටහන ගැන මතකයක් නෑ රාජ්.

    ඒත් සීපීපී විනෝද චාරිකා මතකයි.

    ReplyDelete
  13. “හඳ මාමට සවන් දෙන්න...“

    එච්චරයි මතක..

    දැන් ඉතින් මේ බස් රේඩියෝව නිසාම මට අර ඔළුවෙ තියන් කණේ ගහන් අහන මොකක්ද එක ගන්නමහ වෙයිද මන්දා.... ;)

    ReplyDelete
  14. @බින්දි!
    හඳ මාමා , ගුවන් විදුලි රඟ මඩල නම් මතක් උනා.

    අර කාන්තා වැඩ සටහනේ නම දිව අග තියෙනව එන්නේ නෑ අයියෝ . . අහ් පසන් නිවස . . හරිද?

    ReplyDelete
  15. @බුද්ධි, චතුර!
    ලතාගේ කතාව මම අහපු නැති එකක් බන්ස්ලා.

    ReplyDelete
  16. ආයිෂම්මා......... මරුනේ........ මේ පෝස්ට් එක කියවද්දි ආයෙත් පොඩිකාලෙට ගියාවගේ දැනුනා දුකා අයියා. 8.30ට අනිවා අපි අහන්ට එනවෝzzzzz :D

    ReplyDelete
  17. @තනෝජා!
    ඔයාගේ නම ලිස්ට් එකට දාන්න අමතක උනා . .
    එච්චරයිද මතක . .ඔව් ඔව් කනේ ගහන එක ගන්න වෙනවා දැන්

    ReplyDelete
  18. හොඳ මතකය අවදි කිරීමක් දුකා..
    ගුවන් විදුලි සංසථාවේ රේඩියෝ එකත් එක්ක නැගිටලා ඒකත් එක්කම නින්දට ගිය අපේ පරම්පරාවේ රසඥතාවය හොඳ වෙන එක අහන්න දෙයක් නෙමේ..

    භාෂාවේ ඉඳලා රැක ගතයුතු හැම දෙයක්ම අමු අමුවේ මරණ රේඩ්යෝ / ටීවී චැනල් වල ප්‍රතිපලයත් අපට වුනා වාගෙම දරුවන්ටත් වෙන එක ඉස්සරහට බලාගන්න පුලුවන් වේවි නේද..

    මට මතක වැඩසටහන් ටිකක්..
    අරුණ කිරණ
    ගිම්හාන ගීතය - මේකේ තනුවට ගියේ දෝස්ති ච්ත්‍රපටියේ "චාහූන්ගා මේන් තුජේ" සින්දුවේ මුලින් යන බටනලා වාදනය
    හන්දියේ ගෙදර
    මකරාගේ තානායම
    වජිරා - කමල් දේශප්‍රිය රං හොටීට හිටියේ මේකේ නේද..?
    බජන් ගී
    තව බෙංගාලි සින්දු වගයකුත් ගියා උදේ නමයට විතර.. උණ ගැනිලා ගෙදර ඉන්න දවස්වලට ඔන්න ඉතින් ඒවා ඇහෙනවා..
    කණ්ඩායම් ගී - මොන්ටිසෝරි ගිහිල්ලා ඇවිත් ඉතිරි ඔරේන්ජ් බාර්ලි ටික බොන ගමන් එකොලහ හමාරට විතර මේක අහනවා...
    හඳ මාමා - සුමනා ජයතිලක (කේ ජයතිලක මහත්මයාගේ බිරිඳ) තාම මේක කරනවා
    ලන්දේසි දූපත - ජිල්ජෝන් හා වැන්දබෝනා හිටියේ මේකේ නේද

    බස් රේඩියෝවත් මේ දරුවෝ රසයක් ඇතිව කරනවා දැක්කම සතුටුයි - ප්‍රියන්ත හා කවින්ධ්‍යා දෙපල කරන වැඩසටහන මගේ සිත් ගත්තා..
    අපිත් ඒ දරුවන්ට පුලු පුලුවන් හැටියට උදව් දීලා වැලලී යන රසඥතාව පොඩියකින් හරි උඩට ගන්න දිරි දෙමු..
    මේක පටන් ගත්තේ යොහාන් කණිෂ්ක මල්ලි මගේ හිතේ හැටියට. එයා ගොඩක් දවස් මේක තනිවම කලා. ඒ මල්ලිටත් බෙහෙවින් කෘතඥ වෙනවා

    ReplyDelete
  19. කාන්තා කලස වෙන්ට ඕනෑ ඒකාලෙ තිබුනෙ. දැං තියෙන්නෙ කාන්තා කසල ප්‍රෝග්‍රැම්. එල්ක් ආර්ක් වෙල්ඩිං කොම්පැනිය ස්පොන්සර් කල හොල්මං කතා ඇහුවට පස්සෙ රෑට කාල තමතමංගෙ කාමරවලට යාගන්ට තියෙන අමාරුව.........හප්පේ එහෙමත් කාලයක්. අපේ ගෙවල්වලට විදුලි එළියත් නැහැ එතකොට

    ReplyDelete
  20. ලතාගෙ කතාව ගියේ ඉරිදා හරි සෙනසුරාදා උදේට, වෙළඳ සේවයේ.. මම කැමතිම වැඩසටහන වුනේ ලලිත් එස්. මයිත්‍රිපාල මහත්තයා කරපු ගුරුගේ මැණික් වාසනා උදාව කියන පැණ විසඳුම් තරඟය..
    කන්ද හන්දියේ නන්ද විජේතුංග කියන නමත් ඒ දවස්වල රේඩියෝ එකෙන් නිතරම ඇහෙනවා මතකයි..

    ReplyDelete
  21. බස් රස බස් කියල එකකුත් තිබ්බ නේද? මට මතක විදියට ඉරිදා ද කොහෙද තිබුණේ.. ඉස්සර ලොකු අම්මලගේ ගෙදර තිබ්බ රේඩියෝ එකෙන් මුවන් පැලැස්ස අහල කළුවරට හුළු අත්තක් පත්තු කරගෙන අම්මයි තාත්තයි අක්කයි එක්ක ගෙදර ආපු හැටි මැවිල පේනවා... ඔයා කිව්ව වගේ දැන් කාලේ ඇහෙන දකින දේවල් වලින් හොඳ නරක මොකක් ද කියල ඉබේටම වගේ දැනෙන්නේ ඉස්සර රේඩියෝ එකෙන් අපට ලැබිච්ච දේ නිසා වෙන්න ඇති...

    තාම හිටපු හිටපු ගමන් රත්න දීප ජන්ම භූමී...කියල පටන් අරන් ජීවිතේට ඇහෙන්නෙ නැති ජාතික අභිමානී සිංදු කෑලී කියවෙන්නේ... ඉස්සර මතකෙන් තමයි....

    ReplyDelete
  22. ලයිව් බැරි වුනත් පස්සේ හරි අහන්නම් දුකා අය්යේ... මට බස් රේඩියෝ අහන්න ලැබෙන්නෙම නෑ අප්පා... :(

    අර රේඩියෝ කථා වලට නම් අප්‍රමාණ ස්තුතියි... තරඟයත් එක්ක දුවන්න ස්වදේශීය සේවයට බෑ නොවැ... අනික දැන් හඩ්සන් මහත්තයා ඒක මඩ්සන් කරලනේ...! ඊක්...

    ReplyDelete
  23. ඇයි ළමා මණ්ඩපය, විලියම් අල්විස් වෙද මහත්තයා ගේ වෛද්‍ය වැඩසටහන. නිකාඩෝ අනුග්‍රහයෙනුත් වැඩසටහන් තිබුනා දැන් මතක නෑ. උපන්දින ආසිරි පැතුම්. හප්පේ තව කොච්චර තිබුනද දැන් මතක නෑ. ඔන්න අපිත් අද එන්න හිතා සිටිනවා දුකා අයියගේ කතා බස් අහන්න..

    ReplyDelete
  24. @තිසා!

    බොහෝම ස්තූතියි තිසා.

    "අරුණ කිරණ" නම් මටත් ලාවට මතකයි.

    "හන්දියේ ගෙදර" එකේදි මර්සි ගෙදර සර්වන්ට් ගල්ට කතා කරපු හැටි මතකයි නේද ? "සි . . .සී . . කෝ මේ කෙල්ල . . .සි . .සී"

    "වජිරා" මට අමතක උනේ කොහොමද? පස්සේ කාලෙක මේකෙන් ටෙලියකුත් හැදුවා නේද?

    එදා "කණ්ඩායම් ගී" වලට ගිය කැලිප්සෝ සිංදු නේද මචං තාමත් ඉතුරු වෙලා තියෙන්නේ?

    "ලන්දේසි දූපත" ත් ලාවට මතකයි . . .

    ඔව් ඔව් මචෝ අපිත් අපිට දෙන්න පුලුවන් සහයෝගයක් දෙමු මේ ළමයින්ට. .

    ඊයේ අපි ඇහුවා බොලිවුඩ් චාට් ශෝ . . නියමෙට තිබ්බා බන්

    ReplyDelete
  25. @පුතා!
    මතක් කර කර හිටපු නමක් හොයලා දුන්නා . . ලලිත් එස්. මයිත්‍රිපාල මහත්තයා සහ ගුරුගේ මැණික් වාසනා උදාව . . තැන්කූ තැන්කූ

    ReplyDelete
  26. @පැතුම්!
    බස් රස බස් එකත් මැක්සා වැඩසටහන අප්පා . .
    බස් වල යද්දී වෙච්චි රස බර සිදුවීම් . .
    හැමෝම රේඩියෝ පිස්සෝ වෙලා ඉඳලා තියෙනවා නේද බලන් ගියාම

    ReplyDelete
  27. අනේ මට ඔය වෙලාවට අහන්න වෙන්නෙ නෑ නෙ.තාම එක වැඩසටහනක්වත් අහන්න බැරි වුනා.:((

    ReplyDelete
  28. සැරිසර පුවත් සඟරාව - සෙනසුරාදා රාත්‍රී පුවත් වලින් පසුව ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඉදිරිපත් කර විවිධාංග වලින් පිරුණ පැය භාගයක වැඩ සටහනක්. බොහෝවිට විදේස් ගුවන් විදුලි/රූපවාහිනී සේවාවල වැඩ කර ලාංකිකයින් සම්බන්ධ කරගෙන අලුත් යමක් කර කෙනෙක් ප්‍රේමකීර්ති ද අල්විස්.
    විදෙස් විත්ති - ජිනදාස පීරිස්

    (පළමු/ස්වදේශීය සේවය)

    ReplyDelete
  29. කතා බස් නම් මම අනිවාර්යයෙන් අහනවා. එවෙලෙට් බැරි උනත් පහුවෙලා බ්ලොග් එකෙන් හරි අහනවා. මේ බ්ලොග් අවකාශේ සුප්‍රසිද්ධ චරිත කතාකරනවා අහන්න කවුද අකමැති! :)

    ReplyDelete
  30. මචෝ...!!

    රා....රා....රා...
    රා....රා....රා...
    රා....රා....රා...
    රා....රා....රා...

    ගීත ධාරා - (ඊ එච් කුරේ) මතකද..???

    ReplyDelete
  31. ඔය මතක් කරලා තිබුනු සේරම වැඩසටහන් ඇහුවා !මොණරතැන්න නාට්‍යය !
    බස් රේඩියෝ එකේ දුකා සින්දුවක් කියනවා ලෙසට ආ !!! අහල බලමු ඉතුරු ටික !

    ReplyDelete
  32. දවස "පිණි බිඳුමුතු මල් සැනකෙලියෙන්" පටංගත්ත ලස්සන කාලයක් අප්ප ඒ . . . .

    අයිය කියපු ඔය මල්ලිකා දිසානායකට අමතරව තවක් කෙනෙක් හිටිය ගෙදර කෙනෙක් තරමටම නිතර දෙවේලෙ නම ඇහෙන. මට නං හැබයි ඒ නම දැං මතක නෑ. ...

    ප.ලි.
    අමුතුවෙං මතක් කරන්න වැඩසටහනක් ඉතුරු කරල නෑ කලිං කොමෙන්ට් කල අය . .

    ReplyDelete
  33. @වෙනී!
    ලැජ්ජාවේ බෑ බන් . .
    ඔය කැඩි කැඩි අහෙන්නේ නම් ස්කයිප් එකේ අවුලක් හින්දා හරිය . .

    ReplyDelete
  34. @ඕනයා!
    දැක්කේ නැතෙයි . . උඩ රාජ් දාලා තිබ්බේ ගාමා ගාමිනි සුබසිංහ කියලා එයා නෙමේද?

    ReplyDelete
  35. මතකද?
    1.
    පුංචි අමට දැනුම දෙන්න
    හඳමාම ට සවන් දෙන්න......

    2. ලේ පරිත්‍යාගශීලින් ගේ ඉල්ලීම් - ලැම්බට් පෙම්මාවඩු

    ReplyDelete
  36. ඇත්තටම දැන් ඇව්ත් තියන රූපවාහිනිය නිසා අපේ වගේම දැන් හැදෙන ලමයින්ගෙ රසවින්ඳනේ කියන එක නැති කරලා ....

    ඉස්සර රේඩියෝ එකක් අහන කොට හිතින් මැවෙනවා ඒ යන වටපිටාව. උදාහරණයක් විදියට මුවන්පැලැස්ස ගත්තොත් ඒ පරිසරය හිතේ මැවෙනවා. දැන් ඉතිං මවා ගන්න දෙයක් නැහැනෙ රූපත් එක්ක පේනවානෙ ........

    ReplyDelete
  37. ඔය ප්‍රශ්ණ විචාරකයෝ නං මහ ඔළුව උදුම්මාගත්තු උං. ලලිත් මෛත්‍රීපාල, ධර්මසිරි වික්‍රමසිංහ වගේ අය අජූතයි!

    ReplyDelete
  38. මනකල් හද විල් තලයේ පිපි නිවහල් මල්
    රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්

    ReplyDelete
  39. උඹේ පෝස්ට් ගොඩක් වෙලාවට මාව මගේ පුන්චි කාලෙට ඇදලා දානවා... මේ පෝස්ට් එකත් එහෙමයි. උඹ කියන ඔක්කොම ගුවන් විදුලි වැඩසටහන් මමත් පැල් බැඳගෙන අහලා තියෙනවා. මේක කියවනකොට මේ දැනුත් ඒවා කණට ඇහෙනවා වගේ දැනෙනවා. මට ගොඩක් වෙලාවට මතක සුවිශේෂී සින්දු තියෙනවා දැන් ඇහෙන්නෙ නැති....

    උදේට නැගිට්ට ගමන් වගේ ඇහෙන්නෙ ස්වර්ණලතා කවීශ්වරගේ පිණි බිඳුමුතු මල් සැනකෙළියේ සින්දුව, එහෙම නැතිනම් සුනිල් එදිරිසිංහයන්ගේ පිණි බර යාමේ ...

    ඊට පස්සෙ ගුවන් විදුලියේ ප්‍රවෘති තේමා වාදනය මගේ කනේ තාම රැව් දෙනවා....! මුවන් පැලැස්ස වගේම මොණර තැන්නත් ඒ දවස්වල නොවරදවාම අහපු නාට්ටි...! තවත් මොකක්ද රහස් පරීක්ෂක කතාවක් ගියා මට දැන් නම මතක නෑ....ඒක ස්පොන්සර් කලේ නයින් හාර්ට්ස් එකෙන් කියලා මතකයි...

    ඉස්කෝලේ ගිහිල්ලා ආපු ගමන් අම්මා බෙදලා තියෙන බත් පිඟානත් අරගෙන සැටියෙ කකුල් දෙකත් එරමිණියා ගොතාගෙන කන කොට රේඩියෝ එකේ යන්නෙ "පසන් නිවස", නිවේදිකාවගේ රහසින් කතා කරනවා වගේ කට හඬ දැනුත් කන් දෙකේ දෝංකාරය දෙනවා...!

    හවසට ඒ දවස්වල නොවරදවා යන සුජාතා අත්තනායකගේ "සාදු දන්තදා".... බුදු පහන තියන්න වත්තේ ගස් වලින් පිච්ච, සේපාලිකා, අරලිය වතු සුද්ද මල් කඩනකොට. ඈතින් සාදු දන්තදා ඇහෙනවා දැනුත් ඇස් දෙක පියා ගත්තහම....!

    ලතාගේ කතාව ගියේ ඉරිදා උදේ 9.00 වගේ තමයි මට මතක. ඒ වගේම විනෝද සමය වගේ වැඩ සටහන්, අම්බිගා ගීතයෙන් ගීතය අමතක වෙන්නෙ නෑ. එක දිගටම සති කීපයක් ෆ්‍රෙඩී සිල්වාගෙම සින්දු කියලා එක්කෙනෙක් ගීතයෙන් ගීතය එකේ පළමු තැනට ආවා මට හොඳට මතකයි.

    ReplyDelete
  40. මට නම් බස් රේඩියෝව අහන්න වෙන්නේ නෑ අයියේ. වැඩ වෙලාවෙදී විතරනේ නෙට් යන්නේ

    ReplyDelete
  41. දවසේ මෙහෙවර පිණිස නික්මයන සොහොයුර සොයුරිය වාසනා!

    ReplyDelete
  42. මචෝ... අපිටත් ආඩම්බරයි ඈ...

    වැඩසටහන් නම් හුඟ හරියක් කවර් වෙලා තියෙනව...

    ඒත් "විනාඩියක් පමණයි" සහ "ඔව් නෑ බෑ" තරඟය නම මිස් වෙලා වගේ...

    දුකා අහල තියෙනවද දන්නෙ නෑ.."මදු මාධවී " කවි වැඩසටහන... ලලිත් එස් මයිත්‍රීපාල.."එන්න මදු මාධවී ගුවනට...." කියල පටන් ගන්නෙ....

    ඕනය හොයන්නෙ "වයලා ගල්කිස්ස" ද " කුරුවිට යපා බන්ඩාර" ද දන්නෙ නෑ....

    දුකෝ දුක මේකයි... අහන්න වෙන්නෙ රෙකෝඩිං එක තමා...

    ReplyDelete
  43. අඩේ ආරාධනා ස්වර දැහැන මට අමතක වෙලා තිබිලා මේ දැන් මතක් උනා. . . එක් ගායකයෙක් හෝ ගායිකාවක් ගෙනත් ඒ අයගේ ගීත පැයක් පුරා අහන්න සලස්වපු අපූරු වැඩ සටහනක් ආරාධනා . . . ගොඩක් වෙලාවට ඒ වැඩසටහන පටන් ගත්තේ අමරදේව මාස්ටර්ගේ ආරාධනා සින්දුවෙන් වගේ කියලයි මතක.

    ReplyDelete
  44. උදේට ඇහෙනවා කියලා දුමී කියපු සින්දුත් වැඩට යන අය ගෙයින් නික්මෙන වෙලාව අල්ලලා වාදනය කරන තනෝජා කියපු ස්වර්ණලතා කවීෂ්වරගේ දවසේ මෙහෙවර පිණිස නික්මයන සොහොයුර සොයුරිය වාසනා ගීතයත් රේඩියෝ එකේ පුදුම මතක සටහන් අප්පා . ..

    ReplyDelete
  45. මම පුළුවන් තරම " ඒ කාලෙනෙ කාලෙ, අද කාලෙ මොන කාලයක්ද" ... කියන එකෙන් ඈත් වෙලා අදත් මොකුත් හොඳක් තියෙනෙවනම් ඒක දිහා බලන්න උත්සාහ කරන කෙනෙක්...

    මේ පෝස්ට් එකයි කොමෙන්ට්ස් ටිකයි එක්ක හිතට ආපු අතීත ස්මරණ ත් ඉඳල හිටල ලංකාවට ගියාම ඇහෙන රේඩියොත් එක්ක බැලුවහම... ඇත්තටම... "ඒ කාලෙන කාලෙ අද කාලෙ මොන xකේ කාලයක්ද" කියල හිතෙනව...

    අභීත කෙටියෙන් කිව්වෙත් මේ ටිකම තමා මහිතෙ...

    ReplyDelete
  46. අඩේ මට කලිං බුද්ධියා 'ලතාගෙ කතාව' ගැන කියලනේ.. දුමියා හරි ඒක ඉරිදා උදේ 9ට තමා ගියේ.. ඇයි බං දවස ගානෙ ගිය නාට්‍ය ටික.. මුවන්පැලැස්ස, සදගලතැන්න, සුගලා, චෑහ් මේවා මතක්වෙනකොටත් දුකයි බං..

    මේ ඔබේ හිතවත්-සීලරත්න සෙනරත්.. :D

    ReplyDelete
  47. ඔන්න අමතක උනු තවත් නමක් බුරා මතක් කලා . .අර පෝස්ට් එකේ ලිස්ට් එකට ඕනම කරන බුරාව මට අමතක උනු හැටි හැබෑට

    ReplyDelete
  48. සපා . . ඒ කාලේ තමා කාලේ කියන්න හොඳ නෑ තමා . . ඒත් බලපන් අභීතලා වගේ මෙලෝ රහක් නැති උන් ඇතිවෙන්නේ උන් අහන අවසනාවට ඇත්ත කතාවක්, සොනාලිගේ ඇඳේ කතාවයි වගේ ඒවා නිසා නේද බන් . . හික්ස්

    ReplyDelete
  49. බලමු ට්‍රයි එකක් දීලා අහන්න...

    ReplyDelete
  50. මාලුවෝ ට්‍රයි නෙමේ අනිවාර්යෙන් අහපන් හික්ස්

    ReplyDelete
  51. ඕල් ද බෙස්ට් අයියා! මේ දැනුත් බස්ස්‌ රේඩියෝ අහන ගමන්!!!

    ReplyDelete
  52. මමත් අනිවාර්යෙන්ම එකතු වෙනාවා අද බස් රේඩියෝව අහන්න....

    ReplyDelete
  53. අතට ගත විට ඔබේ රතේ
    ඉගිලිලා නොයනු
    සලකනු මග සලකුණු
    නීති පිළිපදිමු ..
    රියදුරන්ගේ නොසැලකිල්ලෙන්
    බිහිසුණු අනතුරු වේ ..
    ....[ඉතුරු ටික ඔලුවට එන්නේ නැහැ . අද බස් එක එලවද්දීත් මේක මතක් කර ගන්න දුකා ..කවුද අද රියදුරා ]

    ඉරිදා හවස ගොවිජන වැඩසටහනක් ගියා . වසනා උදාව නොවැරදීම ඇහුවා . ''කඩ ඉම් පරශ්නය ගන්නවද නැද්ද ??''

    අපි මේ සතුටට මේවා මතක් කලාට අලුත් ළමයි හිතන්න එපා අපි නාකියි කියල . පරණ ලස්සන දේවල් වලට ආදරෙයි වගේම මේ අන්තර්ජාලෙටත් මන් හරිම කැමතියි. අතීතය හැමදාම සුවඳයි . වත්මන් දියුණුවේ හොඳ දේවල් වලටත් කැමතියි. අපෝ දැන් වගේ නෙමේ ඒ කාලේ හරිම හොඳයි කියන්නත් බැහැ. එක දෙයක් නම් සහතිකයි . රේඩියෝ එකනම් වලපල්ලට ගිහින් කියන එක . සිනමාවටත් ඒ ආනිසන්සේ තමයි . ටි වී එක ගැන කතා කරන්නත් අප්පිරියයි . පුළුවන් කමක් ඇත්නම් කේබල් ටි වී අරගන්න එක හොඳයි . හැබැයි එකෙත් ඉන්දියන් ඇඩ් පිරිලා නේද .

    අපේ රේඩියෝව අභාවයට ගිහින් කියල හොඳම උදාහරණය තවමත් අර පරණ ළමා ගී ටික නේද කරකවා කරකවා සි ඩී කර කර විකුනන්නේ . මමත් ගෙනාව සේරම සින්දු ටික . පස්සේ හදපු එකක් කියන්න බලන්න හිතට වැදුන . මගේ අවුරුදු පහේ පොඩි දුව අවුරුදු හතරහමාරක් ඉන්නේ රටින් පිට . ඒත් එයා ආසම සිංහල සින්දු ටික අර පරණ ලමාගී .
    බොහොමයක් කරු අය්යගේ නිර්මාණ . අපි දැකල නැති වුනත් එයාව අමතක කරන්න බැහැ නේද ටයි මාම වගේම . . .
    දුකාට බොහොම ස්තුතියි මේ පෝස්ට් එකට

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  54. කතා බස් අහන ගමන් . . . අයිය නියමෙට සිංදු කියනව නෙ . . ..

    ReplyDelete
  55. කිව්ව කියලා හිතා ගන් ඕනයෝ

    ReplyDelete
  56. පස්සේ තමයි අහන්න වෙන්නෙ සව්න්ඩ් කාඩ් එක කැඩිලා

    ReplyDelete
  57. හරි එහෙනම් අපි ඔන්න ඇඩ් එකක් දානවා..

    ම0ගල මුදු මාල වලලු
    රන් අභරණ ලබා ගන්න
    විශ්වාසයි කල් පවතියි වග කීමට බැඳී සිටින
    නෙත පිනවන රූ වඩවන අල0කාර මෝස්තරයි
    ඔබත් යන්න මනාලියනි..
    ඔබෙ ම0ගල මුදුව ගන්න
    වෝග් ජුවලර්ස්..වෝ..ග් ජුවලර්ස්...

    ReplyDelete
  58. මරු ලිපි පොඩ්ඩ නොවැ....දැන් තියෙන්නේ රේඩියෝ නාලිකායැ..මහ කුණු ගොඩවල් නොවැ...ආඅහ් අපිත් අහන්නම්කො බස් රේඩියෝව...මරුවට තියෙයි...

    ReplyDelete
  59. //උදේ පාන්දර රම්‍යා වනිගසේකරගේ ආයුබෝවන් මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයයි . . මෙන්න ප්‍රවෘත්ති කියලා ඇහුවේ නැති නම් උදේට කෑවේ නෑ කෑවේ නෑ වගේ.\\

    මේක නම් පට්ට ඇත්ත.. දැං තියෙන්නේ කච කච චැනල් නේ... මළ කං කරච්චලේ දාපු වෙලාවේ ඉඳන්..

    ඒ වගේම තමයි ඉස්සර SLBC එකේ 6 ප‍්‍රවෘත්ති පටංගන්නකොට ගෙස් කරලා කියනවා කවුද කියන්නේ කියලා.. ඒ තරමට කටහඬ පුරුදුයි දැකලා නැති වුනාට....

    ReplyDelete
  60. කොහොමත් බස් එකේ රිපිට් අහන නිසා වෙලාවටනම් අය්යාගේ එක අහන්න වෙන්නෙ නැ කොහොමවත්,, ඇත්තටම අපි පොඩිකාලෙත් රුපවාහිනි නොතිබුන නිසා කැලි පහේ රේඩියෝ තමා ඇහුවේ.... පුන්චිම සන්දියේ... ඇත්තටම ඔය මල්ලිකා දිසානයක කිව කෙනා ගැන මතකයක් නැතු උනත් මගුලාගම කිවේ කුරුනැගල දිස්තික්කයේ තියන ගමද අය්යේ

    ReplyDelete
  61. මුවන්පැලැස්ස පටන් ගන්න ඉස්සෙල්ල යන සංගීත වාදන ඛන්ඩය කවදාවත් මගේ මතකයෙන් ඈත් වෙන්නෙ නෑ. ඒ වගේමයි ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන්. පවුලේ එක වයසෙ කට්ටිය තරඟෙට ඒවට උත්තර දෙන්නෙ. ලලිත් එස් මෛත්‍රීපාල, ජීවානන්ද වීරසිංහ කොයි තරම් ලස්සන කට හඬ වල්ද ?

    ReplyDelete
  62. කමෙන්ට් බලන්නනං වෙලාව මදි දුක්ස් ඒ හින්දා මෙහෙම කොටලා මාරු වෙන්නං.. ඊයේ මට ඕක අහන්න සෙට් වෙන්න බැරි උනා මේ නාට්ටියක් බලන්න ගිය හින්දා.. අදවත් බලමු රෙකෝඩින් එකවත් හොයා ගන්න.

    අර ගුවන් විදුලි රඟ මඩලට එහෙමනං මං සෑහෙන්න ආසයි උඹ කියපු හැම එකකටමත් වගේ.. එතකොට බවර් සහ සමාගමෙන් ගෙනාපු කතා ටික එහෙම..ඒකෙනුත් අර යකාගේ වංගුව එහෙම... අප්පා එහෙම කාලයක්...

    ReplyDelete
  63. බින්දී මතක් කරපු සින්දුවේ ඉතිරි ටික
    අතට ගත විට ඔබේ රතේ
    ඉගිලිලා නොයනු
    සලකනු මග සලකුණු
    නීති පිළිපදිමු ..
    රියදුරන්ගේ නොසැලකිල්ලෙන්
    බිහිසුණු අනතුරු වේ
    වියෝ වන්නන්
    නිසා ඉන්නන්
    සදහට අසරණ වේ..
    තව ළමා වැඩසටහනක් තිබුන නේද " මල් කියන්නේ කාට කාට" කියලා?
    උදා ගී වල නිතරම ගිය නන්දා මාලිනීගේ "බුද්ධානුභාවෙන සිත්මෙත් පහන් වී" සින්දුව හරිම පහන් හැගීමක් ඇති කලා මතකයි

    උදැසනම පොඩි අපි දිව එනවා
    කොහේද සැගවී එලියට එනවා
    උදේපාන්දර පාසල් යන්නට
    බසයක් ඇවිදින් කතා කරනවා

    ReplyDelete
    Replies
    1. රථය ගන්න..
      ගමනයන්න..
      නනීති පිලිපදිනු
      අනුන් බේරා
      තමන් බේරී...
      ප්‍රවේසම මැනවි ...

      Delete
  64. කමලා ගල්කිස්ස, වයලා ගල්කිස්ස කියන්නෙ අමතක නොවෙන නම් දෙකක්.

    ගුලිගෙ පොතේ "බෝතලේගම පී ඩී කමළාවතී" කියන්නෙත් ඔය වගේ හැදුන චරිතයක්නෙ.

    ලංකා බැංකුවයි මේ ඔබේ..
    ජාතියෙ...
    මහා දායාදයයි..
    සත් වනයි, සිත් දිනයි..
    සුරබිධේනුවයි...

    ඉන් පස්සෙ යන "ආරාධනා ස්වර ගී දැහැන"

    ReplyDelete
  65. listened to your voice....it is great as your ideas..cheers...

    ReplyDelete
  66. @ සි0හයා..

    මෙමරි කාඩ් එක අලුතෙන් ගහන්න වෙයි වගේ...
    ඕක තිබුනෙ මෙන්න මෙහෙමයි..

    ලංකා බැංකුවයි මේ ඔබේ
    වාසනා නිධානයයි ජාතියේ..
    ලක් දනන් බෙලෙන් පහල වූ.......
    කප් රුකයි..සිත් දිනයි..සුරබි ධේනුවයි..
    ජාතියේ මහා දායාදයයි..

    ReplyDelete
  67. චැහ්... මට මේක මිස්වෙලා නොවැ.
    දැනට අවුරුදු ගානකට කලින් මට එක්තරා අම්ම කෙනෙක් හම්බඋනා. එයා දවල් දොලහට කොහේ හිටියත් කාගෙ හරි රේඩියෝ එකක් ලඟට ගිහින් පොලිසියෙන් පුවත් අහනවා. අතුරුදන් වුන (කොල්ලෙක් එක්ක පැනල ගිහින් දැං තොරතුරක් නැති) දුව ගැන කියනවද බලන්න.

    මගුලාගම මල්ලිකා දිසානායක නම් වසරකට හමාරකට විතර කලින් මට හමුවුනා. ඇය පශු වෛද්‍ය කාර්යාලයක සේවය කරනවා.

    ReplyDelete
  68. අපිවත් ස්මරණය වෙනවට ස්තුතියි මචං.

    ReplyDelete
  69. ලකී,

    ස්තූතියි. බලනකොට අපි දැන් වයසට ගොහින්ද?

    ReplyDelete
  70. හා එහෙනං දුකා අයියා තවම "අවාසනාවට ඇත්ත කතාවක්", "බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව්" , "සො‍ටු බර සැන්දෑව" වගේ ජන කාන්ත ජනප්‍රිය පොරෝගෑං අහල නැතුවයි ඔහොම කතා කියන්නෙ, අඳෝමැයි !

    අම්මප කිව්වට විස්වාස ගනිං අයියෙ කාලෙකට ඉස්සෙල්ල නවලෝකෙ ලඟින් හැන්දෑවෙ හත හමාරට අටට විතර නැග්ග බො‍රැල්ලෙට යන්න බස් එකකට. දාල තිබුනෙ "අවාසනාවට ඇත්ත කතාවක්" හපෙ අප්පෝ අහං ඉන්න බෑ හිරිකිතයි. මං වෝඩ් ප්ලේස් වලින් බැහැල ඉතිරුටික පයිං ගියා.

    ReplyDelete
  71. @ප්‍රසන්න!
    දැන් ඒවා අහන්න ලැබෙන්නේ නම් කලා තුරකින්.
    ඇත්තටම ඉස්සර ඒවා තරම් ගතියක් නැති නිස අහන්නේ නැති තරම්.
    අපේ බස් රේඩියෝ එක පරන එකේ තත්වෙට ගේන්න ලැබුනොත් හැමෝම ආසාවෙන් අහයි කියලා හිතෙනවා

    @ගිම්හානි!
    ලස්සන සින්දු ට්කක් ඉල්ලුවා. වැඩසටහන ඇහුවද?

    @ගයාන්!
    ස්තූතියි මල්ලී

    @අභීත!
    ඒකනේ අපේ බස් රේඩියෝ එකේ ඒවා නම් නියමයි.

    @සඳරු
    එළ එළ මල්ලී. . ඇහුවද? එදා බස් එකේ නම් හිටියේ නෑ උඹ

    @රාජ්!
    කමක් නෑ රාජ්. පහුවෙලා හරි අහන්න පුලුවන් ඒක.

    ReplyDelete
  72. @චතුර!
    වැඩසටහන ඇහුවද මචෝ?
    චාටර් නේද හික්ස්

    @සිතුවිලි නිහඬයි!
    ඒකනේ ඔයාලා හැමෝම බස් රේඩියෝව වටා එකතු වෙලා ඉන්නේ . . නේද?

    @ජේඩී!
    කෝ බන් එදා බස් එකේ උඹ හිට්යේ නෑනේ?

    @ඊමේල් කවිකාරි!
    කාන්තා කලස නම් මතක නෑ අප්පා
    ඔව් නේ මටත් මතකයි අපි ඉස්සර බය වුනු හැටි ඒ කතාවලට.

    @චතුරංග!
    හරි හරි පස්සේ හරි අහන්නකෝ. දැන් ලක් හඬ කියන්නේ ඒකට නේද මල්ලී?

    @ප්‍රියා!
    නිකාඩෝ එකෙන් ගොඩක් වැඩසටහන් කලා වගේ මතකයි මළේ.

    @තනෝජා!
    ඔව් ඔව් අදත් සංගීතය මෙහෙයවීම ටියුලින් ජයරත්න . . හෙ හෙ හේ . . ටියුලින් අයියා ජෝර්ජ් අයියගේ යාලුවෙක්. ගිය නිවාඩුවෙදි අපි පැදුරක් කරන්න හිටියා. මගේ ඔපරේශන් එක නිසා වැඩේ මින් උනා.

    ReplyDelete
  73. ආහ් අදනං කමෙන්ට් වලට රිප්ලයි කරන්න හිතිලා වගේ ....
    එව්වා හොඳ වැඩ ......

    ReplyDelete
  74. @නිසුපා!
    මෙදා පාර වත් අහන්න නංගී . . හික්ස්

    @ඩීන්!
    සැරිසර නම මතක තියෙන්නේ මට නම් රූපවාහිනේ වැඩසටහන නිසා මචෝ.
    ප්‍රේමකීර්ති කියන්නේ රේඩියෝව එදා ඒ තත්වයට ගේන්න ලොකු වෙහෙසක් දැරූ කෙනෙක් බව නම් දන්නවා මචං.

    @පූසා!
    සුප්‍රසිද්ද . . හික්ස් . . ලැජ්ජයි යකෝ

    @කකා!
    ඔව් නේද ල්ම්බට් පෙම්මාවඩු . . මට අමතක උනු නමක්.
    ම් ම්ම් එහෙම ඔලුව උදුම්මවා ගත්තු බවක් දැනන් හිටියේ නෑ බන්

    @දුමී!
    අපේ කාලයේ රේඩියෝව නිසා දියුනු වුනු රසාස්වාදය තාම අපිට නො අඩුව ලබා දෙන කෙනෙක් විදිහට මට උඹ ගැන තියෙන්නේ ලොකු ගෞරවයක් මචෝ . .

    @බට්ටි!
    හා හා කමක් නෑ වෙලාව තියෙන වෙලාවල අහන්න පුලුවන් ඕන නම් . . හි හි හී

    @මාතරේ . .
    ජය වේවා මාතරේ.

    @දිනේෂ්.
    එල එල

    @බින්දි!
    70-80 දශක වල ඉපදුනු අය උසස් රසවින්දනයක් ඇති උනේ රේඩියෝ, නවකතා සහ සිනමාව තුලින් කියන එක මම නම් හිතන්නේ හැබෑ සත්‍යක්.

    ReplyDelete
  75. @මාතලන්!
    සවුන්ඩ් කාර්ඩ් එක දා ගත්තැයි?

    @ලකී!
    එල එල . . වෙන ඇඩ් නැද්ද මචෝ?
    ටූත් පේස්ට් ඇඩ් එකක් තිබ්බා මතක "ඉන්න බෑ දත් කැක්කුමයි ඊ ඊ ඊ ඊ" කියලා . .දන්තාලේප දත් කුඩුද මන්දා

    @ගලයා!
    එල එල . . ඒකනේ අපි කියන්නේ අපේ බස් රේඩියෝ එක අහන්න එන්න කියලා.

    @සොරෝ!
    දැන් නිව්ස් කියන්නේ නිකම් සාමාන්‍ය කතා බහක් වගේද ?
    ස්වර්ණවාහිනියේ නම් එහෙමයි මම අහපු දැකපු විදිහට

    @දේව!
    අනේ කොහේ කෙනෙක්ද කියලා නම් දන්නේ නෑ මල්ලියේ.

    @නිහාල්!
    ඔව් නිහාල් . . ඒකාලේ හරිම සුන්දරයි අප්පා මට නම් . .

    @මාරයා!
    ඔව් ඔව් බවර් සමාගමෙන් කරපු වැඩ සටහන් ගැන මටත් මතකයි.
    යකාගේ වංගුව පැල් බැඳගෙන ඇහුව බව මතකයි. . කතා නම් මතක නෑ බන්

    @චුල්පත්!
    ස්තූතියි

    @චන්දි!
    අර පොඩි ළමයින්ගේ සින්දුව නම් ඔයා මතක්කලාට පස්සේ මේ දැනුත් ඇහෙනවා වගේ අක්කේ

    ReplyDelete
  76. @ඉන්දික!
    උඹේ මෙමරි කාඩ් එකේ අවුලක් බව ලකියා හොයා ගත්තා නේද . . හික්ස්

    @මයියා!
    තෑන්ක්ස් මයියා

    @චාමි!
    අඩේ මම හිතුවේ ඒක නිකම් අන්වර්ත නාමයක් වෙන්න ඇති කියලා . .
    එල එල . .
    අපිට තාම එයාව මතකයි කියපන් ආයි හම්බවුනොත්

    @ඉන්දික!
    පිස්සුද බන් හැටත් වයසක්ද නංගී කියල කියපු බව දන්නේ නැද්ද?

    @නවම්!
    අඩේ හම්බ වෙන්න ආසාවෙන් ඉන්න අයගේ ලිස්ට් එකට උඹව දාන්න අමතක උනා බන් . .
    ඒ වෙලාවේ පොඩ්ඩක් නිකම් ස්ට්‍රෙස් වගේනේ බන් . . අඵුවෙලා තමයි හිතෙන්නේ අඩේ මේක මිස් උනානේ අරක මිස් උනානේ කියලා. .
    සොරි ඈ . .
    හොඳ වෙලාවට ඒ රේඩියෝ චැනල් මෙහෙට ඇහෙන්නේ නැත්තේ . .හික්ස්
    යකෝ කනේ ගහගෙන සිංදු අහන එකක් ඇන්න පලයන්

    @කල්හාර!
    අපි එහෙමයි ඈ . . අපි හොඳ ළමයි . . හික්ස්

    ReplyDelete
  77. @කල්හාර මල්ලී!
    රූපවාහිනිය අපේ රසවින්දනය නැති කලා කියන්න බෑ නේ බන් . . .
    බලපන් ටයි මාමා අපේ රසවිඳනය කොයි තරම් දියුනු කලාද?
    රොබින්හුඩ්, ඩොක්ටර් හොඳහිත . . තව කොයි තරම්ද?
    වැඩේ තියෙන්නේ රූපවාහිනිය ම නෙමෙයි . එකේ තියෙන වැඩසටහන්.
    ඩිස්කවරි එහෙම පේන කෙබල් ටීවී ගන්න එක වඩා හොඳයි අර කවුද කිව්වත් වගේ . . මොකෝ කියන්නේ?

    ReplyDelete
  78. සමාවෙන්න ඕන මම ඔය රසව්න්ඳනේ කියලා දාලා තියන තැනට සිතීමේ ශක්තිය කියලා වෙනස් වෙන්න ඕන ....

    ReplyDelete
  79. @කල්හාර
    අන්න එහෙම වරෙන් . . හෙ හෙ හේ . . .

    ReplyDelete
  80. ඔන්න ඇහුවා රේඩියෝ කතාබහ. නියමයි අයියේ නියමයි. මාලන් ගොයියත් දාලා තියනවා වගේ හරිම ආසා හිතෙන විදිහට කතාබහ යනව.

    ReplyDelete
  81. ලංකා බැංකුවයි මේ ඔබේ
    වාසනා නිධානයයි ජාතියේ..
    ලක් දනන් බෙලෙන් පහල වූ.......
    කප් රුකයි..සිත් දිනයි..සුරබි ධේනුවයි..
    ජාතියේ මහා දායාදයයි..

    ලකිය,

    හරිම සින්දුව මේකයි,

    ලක්දනන්ගෙ පින් බෙලෙන් පහල වූ,

    හූ හූ....දා ගනින් උඹේ මෙමරි කාඩ් එකත් අළුතින්...D

    ReplyDelete
  82. හරි හරි බං..පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක්.....කොහෙද..මේ දුකාගෙ බ්ලොග් එකේ දාන කොමෙන්ට් අකුරු අඩුවෙන්නෙ ටයිප් වෙන්නෙ...පරණ බඩුනෙ..

    ප.ලි.

    මම මේකගෙ මෙමරි එක රිප්‍රෙෂ් කරල දුන්න......දැන් මගෙම අරක්කු මටම කෙළිනවා...හපෝයි...

    ReplyDelete
  83. ඉන්දික සිත් දිනයි නෙමෙයි සිත්මිණයි නේද?

    සිතුමිණ කියන්නේ සිතූ පැතූ සම්පත් ලබා දෙන මැණිකට නේද?

    කප්ප් රුක කියන්නේත් සිතූ පැතූ සම්පත් ලබාදෙන ගහටනේද?

    සුරබිදෙනුව කියන්නේ සිතූ පැතූ සම්පත් ලබා දෙන දිව්‍යලොකේ එළදෙනක්ළු නේද?

    මේ එළදෙන දිවිය ලෝකේ උන්ට මොන සැපක් දෙනවා ඇද්ද . .

    බුදු අම්මෝ මට නම් දියිය ලොකේ යන්න බැරියෝ . . .

    ReplyDelete
  84. හරි..හරි...ඕක සිතුමිණයි වෙන්න ඇති..ඒ කාලේ ඕවා ඇහුනට තේරුම ගැන හොයන්නෙ නෑනෙ....

    දිවිය ලෝකෙ යන්න ඕන නෑ ඔය බැංකුවෙ එකවුන්ට් එකක් ඕපන් කරානම් ආයේ කප් රුක පහළ වුනා වගේ තමයි...

    ReplyDelete
  85. පරණ මතකයන් ඇවිස්සුනා... ලිපිය කියවල දවස් ගානක්... කමෙන්ට් ටිකත් කියෙව්වා.... ස්තුතියි අයියේ මේ ලිපියට... සිරාවටම

    ReplyDelete
  86. ඔය කියපු හැම දේම මමත් ඇහුවේ බොහෝම ආසාවෙන්. මොකද දැන් වගේ චැනල් පිස්සෝ හිටියේ නැහැනේ ඒ දවස්වල. මොනරතැන්න, ඇස් දෙක, හද මාමා, ළමා ගී(හවස 3.30ට ගියේ.) එතකොට හන්දියේ ගෙදර, සුගන්දිකා, තව ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ වැඩසටහනක් ගියා සෙනසුරාදා උදේ 8.00ද කොහෙද මට ටිකක් අමතකයි ඒවා අපි නොවරදවාම අහපු වැඩසටහන්. තවත් තියෙනවා. මතක් කරලා ලියන්නම්කෝ

    ReplyDelete
  87. දුකා,

    ඔය සේරම ආවෙ මහාමේරුව ක්ෂීර සාගරයට දාල කලම්බපුවමලු. ඒකට උදව් කරපු අසුරයොන්ට පොල්ල තියල සුරයො ඔය ටික අරන් පැන්නලු. ඔය දිය්ය ලෝකෙ ඉන්නෙත් පොළු කාරයො ඒ කාලෙ ඉඳලම :D

    ලකී,

    ඇයි උඹලගෙ කවුරු හරි දෑත් ශක්තිමත් කරන්න ගියාද? නිකං අපි වගේ ළපයි සිපයින්ට සිතුමිණ වෙන්නෙ නෑ බං, තීන එකෙත් විත්හෝල්ඩින් ටැක්ස් එක වෙලාවට කපා ගන්නව ඇර!එව්ව උරුම අතපය හය්යි උන්ට විතරයි :D

    ReplyDelete
  88. මලා..ඒකත් එහෙමද...
    මම හිතන් හිටියේ මෙහේ ඉඳන් කීයක් හරි හොයාගන ගිහින් ඔතන දැම්මම කප් රුක පහල වෙනවා කියලා...එතකොට ඔය කියන්නෙ බොරු ද...හැබැයි වෙන්නත් ඇති...අපේ නෝනා ඉඳලා හිටලා ඕකට යනවා ....කප් රුක කොහොම වෙතත් පෝලිමේ ඉඳලා කප්පරකට බැන බැන තමයි එන්නෙ...

    දුකා...එහෙනම් ඒ වැඩේ හරි යන්නෙ නෑ..අපිට කප් රුකයි සුරබ් ධේනුවයි බලන්න වෙන්නෙ නෑ....දැනට රට ඉඳි ගහකුයි ඔටු දෙනකුයි වත් බලමු...

    ReplyDelete
  89. ලකී,

    සුරබි මන්දන්නෑ, ඒත් දෙනුන් නම් ඕසෙට ඔය පරණ ආන්ඩුවෙ කණ්තෝරු හැම එකකම. රට ඉඳි ගහ ගැන ඉතින් මම කියන්න ඕනෙ නෑනෙ!

    ReplyDelete
  90. මෙන්න 1971 දී ගිය රේඩියෝ ඇඩ් එකක්:

    "අඩු මුදලට වැඩි ඔපයක්
    ගෙදරදීම ලැබගන්න...

    සල් බාර් සබන්
    මුල් තැනක් ගනී..."

    ReplyDelete
  91. මේකත් 1971 දී ගිය ඇඩ් ගීතයක් (කාන්තා කටහඬකින්), නමුත් හරියටම මතක නැහැ. මතක ඇති අය සම්පූර්ණ කරන්න:

    "මතක යි ඊයේ මගෙ සුපෙම්වතා
    කනගාටුවෙන් නොව නෑසෙ යි කතා

    ඇහුවම මොකදැ යි බිම කියා
    ඔහු කීවා කම්මැලි යි ඇඟ පණ නැතියා

    .............
    .............

    ඇඟ පතට පණ එන්න ගන්න වෝටබරිස් විටමින් ටොනික්"

    ReplyDelete
  92. ඇයි, 1970 ගණන් පුරාවටම ගිය ඇඩ් එකක් තම යි

    "රස ගුණ පිරි ගුණසිරි බුල්ටෝ"

    "ගුණසිරි බුල්ටෝ බබාට තාත්තා ගෙනත් දෙයි..."

    ReplyDelete
  93. ඊ. එච්. ගීත ධාරා (ඉරිදා දවල් 2ට) වැඩ සටහන අතරතුර අහන්න ලැබුණු දෙයක් තම යි:

    "....හරමානිස් මේ අහන්න, බෙරේ පැත්තකින් තියන්න
    තුන්සිය හැටපස් දවසෙ ම සේල් තියෙන තැන කියන්න

    ගාළු පාරේ කොල්ලුපිටියේ ඊ. එච්. කුරේ

    කඳුරට මහනුවර ඇත්තේ, රුහුණේ මාතරත් ඇත්තේ......."


    (මතක ඇති අය සම්පූර්ණ කරන්න)

    ReplyDelete
  94. දුකා / රොහිත: ඊ එච් ගීත ධාරා එකේ නේද අර..

    රා...........රා.........රා.....

    කෑල්ල තිබුනේ...

    ReplyDelete
  95. බොහොම ස්තූතියි රෝහිත . . .
    පරන පෙට්ටගමක් අවුස්සලා වටින කියන නිදන් ටිකක් හම්බ උනා වගේ . . . හෙ හෙ හේ

    ReplyDelete
  96. @තිස්ස දොඩන්ගොඩ,
    රා...රා...රා.....කියන කෑල්ල තිබුණේ ඊ. එච්. ගීත ධාරා වැඩසටහනේ තේමා ගීතය හැටියට. මම ඔය ලියල තියෙන සිංදු කෑල්ල තම යි ඊ. එච්. කුරේලාගේ ඇඩ් සිංදුව. ඒක මේ පැය බාගේ වැඩසටහන අතරතුරේ දෙපාරක්, තුන්පාරක් විතර ගියා.

    @දුකා,
    මට සමහර විට තව ඒවා මතක් වෙයි. එහෙම වුණොත් ඒවත් දාන්නම්කෝ!

    ReplyDelete
  97. "යෞවන ගොවි ජනයිනි එක්වව්
    අපරාජිත ගොවි හඬ නංවව්"

    මේක තම යි ස්වදේශීය සේවයේ (ඒ කාලේ කිව්වේ සිංහල පළමුවන සේවය කියල යි) "යෞවන ගොවි සමාජ පැන විසඳුම් තරඟය" කියන වැඩසටහනේ තේමා ගීතය. මට ළඟදී මේක රේඩියෝවේ අහන්න ලැබිලා ගොඩාක් සතුටු වුණා.

    ReplyDelete
  98. රෝහිත පස්ට මෙමරියක්නේ....!!!!

    "යෞවන ගොවි ජනයිනි එක්වව්...." ලස්සන සින්දුව....

    හඳුනාගැනීමට කැමතියි ඔබවැනි පැරණි රසාංග රසවිඳින්නෙක්....
    හැකිනම් මේල්ලුවක් දමන්න tissa1969@yahoo.com

    ReplyDelete
  99. සමාවෙන්න, පොඩි සංශෝධනයක්...

    මම ඔය කොමෙන්ටු 7කට විතර උඩින් ලියපු 1971 රේඩියෝ ඇඩ් එක ගියේ වෝටබරීස් විටමින් ටොනික්වලට නෙවෙ යි, ඩියුරෝල් විටමින් ටොනික්වලට. ඒ සින්දුව අවසන් වෙන්නේ මේ විදියට:

    "ඇඟ පතට පණ එන්න... ඩියුරෝල්...
    සුපිරි විටමින් ටොනික්... ඩියුරෝල්..."

    ReplyDelete
  100. රෝහිත

    වේටෙක්ස් ඇඩ් එකක් ගැන මම කාලෙකට කලින් ලියපු මෙන්න මේ "කෝමල නාරී ගමන ළතාවේ"
    " පොස්ට් එකත් කියවන්න වෙලාවක් ලැබුනොත්

    Ad එකේ සින්දුව

    ළඳුනේ සතුටු සිතින් . . .
    පාට පාට මාල බඳින්නේ . . . .
    ළඳුනේ සතුටු සිතින් . . .
    පාට පාට මාල බඳින්නේ . . . .

    කෝමල නාරී ගමන ළතාවේ . . .

    මුවගේ . . .
    සිනහා සිරි දෙව්දුව බැබලෙනවා . . .
    දේදුනු පැහැය ඇගේ . . .
    මුදු බඳ වට දැවටෙනවා . . .

    ඇගේ මුදු පාදේ ගිගිරි සැලෙන්නේ . . .

    ළඳුනේ සතුටු සිතින් . . .
    පාට පාට මාල බඳින්නේ . . . .

    ReplyDelete
  101. "........(අමතක යි )...
    .....................
    ජයබිම් ළඟම ඇතේ

    ජය මාවත මල් ඇතිරූ
    සුව යහනක් නොම වේ"

    මේ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයෙන් 1975 දී කරපු පැය බාගේ වැඩ සටහනක තේමා ගීතයේ කොටසක්. මම හිතන්නේ ඒක ප්‍රශ්නෝත්තර වැඩසටහනක්. ඉරිදා සවස 7:30ට යි පටන් ගත්තේ.

    ReplyDelete
  102. @දුකා,
    මේ වේටෙක්ස් සින්දුව ගියේ 1984/85 වගේ කාලයේ. මේ සින්දුව ම තම යි ඒගොල්ලන්ගෙ TV ඇඩ් එකටත් ගියේ.

    @තිස්ස දොඩන්ගොඩ,
    ෂුවර් එකටම මේල්ලුවක් දාන්නම්. 1969 කියන්නේ උපන් වර්ෂය ද? මගේ උපන් වර්ෂය 1963.

    ReplyDelete
  103. 1976 දී ගියා "හාරතාසියා" කියලා ගුවන් විදුලි නාට්‍යයක්. හැබැයි මම ඒක අහන්න පුරුදුවෙලා හිටියේ නැහැ. ඒ නිසා ඒ ගැන වැඩි යමක් කියන්න මම දන්නේ නැහැ.

    ReplyDelete
  104. @රෝහිත: ඔව් මචෝ 1969 තමා.
    ලියුං කරදහිය එවන්ටෑ......

    ReplyDelete
  105. 1974 සහ 1975 වර්ෂවල සෑම ඉරිදාවක ම වෙළඳ සේවයේ (ඒ කාලේ සිංහල දෙවන සේවය) සවස 7:15 ට තිබුණා පැය කාලක "බ්‍රිස්ටල් ක්‍රීඩා සංග්‍රහය" කියා වැඩ සටහනක්. ප්‍රේමසර ඈපාසිංහ තම යි ඒක කළේ. ඒ ඒ සතියේ ලංකාව පුරා පැවතුණු ක්‍රිකට්, වොලිබෝල්, පාපන්දු වගේ ක්‍රීඩා තරඟවල විස්තර යි ඒවායේ ප්‍රතිඵල යි ක්‍රීඩා සමාජවල විස්තර යි තමයි මේකේදී නිවේදනය කළේ.

    බ්‍රිස්ටල් කියලා කිව්වේ ඒ කාලේ තිබුණු සිගරට් වර්ගයක්. මේ වැඩසටහනටත් තිබුණා බ්‍රිස්ටල් සිගරට් ප්‍රචාරණය කරන තේමා ගීතයක්. මට ඒකේ තාලය නම් මතක යි, නමුත් ගීය නම් මතක නැහැ. අන්තිමට "බ්‍රිස්ට.............ල්" කියල අදිනවා මතක යි.

    ReplyDelete
  106. රෝහිත..... නියමයි ඈ...... මරු මෙමරියක්ම තමා.

    ReplyDelete
  107. රෝහිත: අර ABBA ලා කියන Fernando සින්දුවේ මියුසික් එක තමා බ්‍රිස්ටල් ක්‍රීඩා තොරතුරු වලට ගියේ මගේ මතකයේ හැටියට...

    බලන්නකෝ මේකද ඒ කියලා...
    http://www.youtube.com/watch?v=4ohr4P8E_io

    ReplyDelete
  108. "................
    ගෝපාල් දත් බෙහෙත්...
    ගෝපාල් දත් බෙහෙත්...
    .................."

    "ගෝපාල් වේලාව සවස 2 යි.
    මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල දෙවන සේවය යි".

    ටාං ටීං ටූං


    ඔන්න ඒ කාලේ (1973/74) තවත් ඇඩ් එකක් නිකං ළාවට වගේ මතක් වුණා!

    ReplyDelete
  109. @තිස්ස දොඩන්ගොඩ,
    (1) ඔබට මම ස්තුතිවන්ත වෙන්න ඕනෙ මාව නිවැරදි කළාට. ඒ වැඩ සටහනේ නම මම ලියපු විදියට බ්‍රිස්ටල් ක්‍රීඩා සංග්‍රහය නොවේ, ඔබ ලියා ඇති ආකාරයට "බ්‍රිස්ටල් ක්‍රීඩා තොරතුරු" තම යි ඒකේ නිවැරදි නම.

    (2) නැහැ, බ්‍රිස්ටල් සිංදුවේ මියුසික් එක මට හොඳට මතක යි. ඒක Fernando සිංදුවේ මියුසික් එක නෙවේ. Fernando සිංදුව නිර්මාණය වුනේ 1976 දී. බ්‍රිස්ටල් ක්‍රීඩා තොරතුරු 1974 දී පටන් ගත්තු වැඩ සටහනක්. ABBAලාගේ Fernando සිංදුවේ මියුසික් එක යොදලා දැන්වීම් කිහිපයක්ම නිර්මාණය කරලා තිබුණා ඕස්ට්‍රේලියානු TV චැනල්වල National (අද කියන්නේ Panasonic) නිෂ්පාදන ප්‍රචාරය කිරීමට.

    "There's so much more to National..."

    බලන්න:
    http://www.youtube.com/watch?v=CA2vcb_UahQ

    බ්‍රිස්ටල් සිංදුවේ එක පදයක් විතරක් මට යාන්තම් මතක යි:

    "........නව දුම් රැල්ල යි
    කවුරුත් ඉල්ල යි
    බ්‍රිස්ට.............ල්"

    ReplyDelete
  110. @තිස්ස දොඩන්ගොඩ,
    (1) මාව නිවැරදි කළාට ස්තුති යි. බ්‍රිස්ටල් ක්‍රීඩා සංග්‍රහය නොවෙ යි ඒ වැඩසටහනේ නම. "බ්‍රිස්ටල් ක්‍රීඩා තොරතුරු" තමයි ඒකේ නිවැරදි නම.

    (2) නැහැ, ABBAලාගේ Fernando සිංදුවේ මියුසික් එක නොවෙ යි බ්‍රිස්ටල් ක්‍රීඩා තොරතුරු වැඩසටහනට අරන් තිබුණේ. Fernando සිංදුව නිර්මාණය වුණේ 1976 දී. "බ්‍රිස්ටල් ක්‍රීඩා තොරතුරු" ආරම්භ වුණේ 1974 දී. බ්‍රිස්ටල් සිංදුවේ මියුසික් එක මට හොඳට මතක යි. සිංදුවේ පද දෙකකුත් යාන්තම් මතක යි:

    "..............
    නව දුම් රැල්ල යි
    කවුරුත් ඉල්ලයි
    බ්‍රිස්ට.......ල්"

    ඇබාලාගේ Fernando සිංදුවේ මියුසික් එක අරන් තිබුණා National (අද නම වෙනස් කරලා තියෙනවා Panasonic හැටියට) නිෂ්පාදන ප්‍රචාරය කිරීමට ඕස්ට්‍රේලියාවෙ TV චැනල්වල.

    "There's so much more to National..."

    බලන්න:
    http://www.youtube.com/watch?v=CA2vcb_UahQ

    ReplyDelete
  111. මුවන් පැලැස්ස අහන්න කැමති අය ශ්‍රි.ලං.ගු.වි. සංස්ථාවේ වෙළඳ සේවයට tune කරන්න සෑම සඳුදාවකම රාත්‍රී 8:30 ට.


    ගුවන් විදුලි රඟ මඩල අහන්න කැමති අය ශ්‍රි.ලං.ගු.වි. සංස්ථාවේ ස්වදේශීය සේවයට tune කරන්න සෑම සෙනසුරාදාවකම රාත්‍රී 7:30 ට.

    අන්තර්ජාලයෙනුත් අහන්න පුළුවන්: http://www.slbc.lk/

    ReplyDelete
  112. මමත් ඉස්සර ආසම වැඩසටහනක් තමයි මුවන්පැලැස්ස
    අපේ ගෙදර රේඩියෝවට ඔය චැනල් එක අහු වෙන්නේ නැති නිසා අල්ලපු ගෙදරට ගිහින් තමයි කතාව අහන්නේ
    ඉතුරු වැඩසටහන් වලනම් නම් ගම් මතක නැහැ
    ඒත් කස්ටිය මතක් කරලා දීල තියෙන්නේ මදියි නොකියන්නම

    ReplyDelete
  113. ශිෂ්...අදනෙ දැක්කෙ මේ පෝස්ට් එක.
    දුකා, ලිපි ඊයකින් දැනුන දෙන විජට් එක දැම්මනං මොකද?

    කව්රුවත් කොමෙන්ට් වල මතක් කරල තිබ්බද "ග්ලුකොරස මාමේ.....ග්ලුකොරස මාමේ'' එතකොට ලින්ටන් ගෙ "මොණරතැන්න" පටන් ගන්න ඉසෙල්ලා දාන ටුඟු..ටුඟු ටුඟු ඇඩ් එක එහෙම?
    වොලී නානායක්කාර, රත්නාවලී කැකුලවෙල, ගුවන් විදුලි රඟමඩලට නාට්‍ය ලිව්ව පී. වැලිකල එහෙම?

    ReplyDelete
  114. හරියට හරි.... Observer කිව්වට පස්සෙ යි මටත් මතක් වුණේ ඒ ඇඩ් එක:

    "ග්ලූකෝරස මාමේ, ග්ලූකෝරස මාමේ
    කොච්චර කෑවත් මදි මට ග්ලූකෝරස කෝ?"

    මේක 1969 දී පමණ ප්‍රචාරය වුණ ඇඩ් එකක්.

    ReplyDelete
  115. @ Observer, ඔබේ කොමෙන්ටුවේ සඳහන් කර ඇති කඳානේ "ලින්ටන්" ආයතනය අනුග්‍රහය දැක්වූයේ "මුවන්පැලැස්ස" නාට්‍යයට යි. "මොණරතැන්න" නාට්‍යයට අනුග්‍රහය දැක්වූයේ පිටකොටුවේ "ජයතිස්ස සහෝදරයෝ" ආයතනය යි.

    ReplyDelete
  116. දුරකතනයයි ඔබයි ගීතයයි...හවස 5.30 ට ගියේ...

    සඳැල්ල ... අමතක නොවෙන වැඩසටහනක්.

    ReplyDelete
  117. DENAT TIYENA CHANEL GODAK AEKKA BELUWAMA AETTATAMA HONDA DE MOKAKADA KIYLA ANDUNANA ME WAGE AYA LANKAWE INNWA KIYALA MAMANAMA ME BLOG AEKA DAKINAKAM GENAGENA HITIYE NEHA.MAMA OYALA OKKOMA KIYAPU WEDASATAHAN OKKOMA WAGE KOTASAK HO AHALA TIYENAWA.ADA LANKAWE HONDAI KIYALA KISIMA DEYAK NEHA GANNA.PARAN SINDU TIKAT "STAR"LA KANAWA.AETTATAMA MEWA DAKINAKOTA LOKU DUKAKA DENENAWA.BALAARINUT NODEKKA WAGE INNAWA.ANGATAYATA HONDA DEYAK NETIMA WEI............

    ReplyDelete
  118. 1974 - 1977 කාලයේ ගිය තවත් වැඩසටහනක් තමයි "ජාතික සටනට එක්වෙයි රට තොට" කියන එක. මේ වැඩසටහනෙන් සාකච්ඡා වුණේ ඒ කාලයේ දියත් කර තිබුණු වගා සංග්‍රාම වැඩපිළිවෙල ගැන යි. එක එක පළාත්වල කෘෂිකර්ම සමිති සංවිධානවල නිලධරයනුයි රජයේ පලදාවර්ධන මධ්‍යස්ථානවල නිලධරයනුයි මෙයට සහභාගි වුණා.

    ReplyDelete
  119. පුංචි කාලේ උදේම නැගිට්ටේ මේ සින්දු තුන අහගෙන. එකක් පිනිබිඳු මුතුමල් සැණකෙළියේ... අනික් ඒවා
    පුංචි ළමුන්නේ දඟ ඇති පුංචි ළමුන්නේ
    අකුරට යන්නට කලියෙන් මවුපියෝ වැඳුමෙන්
    අත්වෙයි ශිල්පය මැනවින්....
    සහ
    ස්වර්ණ ප්‍රදීපායමාන සූරිය විමනයි
    මුළුලොව සිරසායමාන සමනොළ සිරසයි...
    අනේ තවමත් ඒවා ඇහෙනවා වගේ...

    ReplyDelete
  120. තව හොඳට මතක හිටිය නම් දෙකක් තමයි "පද්මවෝ මහේෂ්වරී" සහ "රේඛාවෝ ඊශ්වරී"

    ReplyDelete
  121. මම ගුවන් විදුලියට ඇබ්බැහිවෙන්නෙ අසූවෙ(80) අග භාගයෙ. අසන්නන්ගේ ඉල්ලීම් වලට හැට හුටහමාරක් පෝස්ට් කාර්ඩ් මමත් දැම්ම. ඒත් ප්‍රචාරය වුනේ එකක් පමණයි. මොකද දන්නවද, ඔය නිවේදකයොන්ගෙයි, නිවේදිකාවන්ගෙයි අතේ තමයි ඒ හයිය තිබුනෙ. කුසුම් පීරිස් කවදාවත් වැරැද්දුවෙ නෑ හබරාදූවේ ගාමා ගාමිණි සුබසිංහ, හිල්ඩා වික්‍රමබාහු, සකුරා දිල්හාරා කියන්න. කාලයක් ගියාට පස්සෙ තමයි හොරේ අහුවුනේ. ඒ ගොල්ලො යාළුවො.

    මම හැමදාම කාන්තා වැඩ සටහන් ඇහුව. ඇහුව නෙවෙයි ඇහුනා. මොකද එකම එක ගුවන් විදුලි සේවය නිසා. මට හොඳට මතකයි, සඳුදා කාන්තා කළඹ(රත්නා ලංකා අබේවික්‍රම ),අඟහරුවාදා පසන් නිවස(චිත්‍රා කුමාරි යාපා බණ්ඩාර ), සිකුරාදා කෝමළ රේඛා(දයා ද අල්විස්). මේව අහල තමයි මම සිංහල ඉගෙන ගත්තෙ. මතක් වෙනකොට ඇඬෙනවා. මඟුලාගම මල්ලිකා දිසානායක, බදුරලියේ ලිලී ශ්‍රියාලතා කුලසේකර, හාරිස්පත්තුවේ රංජිත් අමරාවති, මාලඹේ සුමුදු මාවතේ සීතා අධිකාරි. හොරණ පියසීලී ගුණසේකර සුමනරත්න, කොක්මාදූවේ තව රචිකාවියක්(නම මතක නෑ) මේ අයගෙ රචනා තමයි එදා වැඩි හරියක් ප්‍රචාරය වුනේ. මම මෙහෙම කිව්වට අනෙක් නම් ප්‍රචරය වුනු අය මා එක්ක අමනාප වෙන්න එපා. මගේ මතකයෙන් තමයි මේ නම් වුනත් ලිව්වේ. මතක හැටියට අඟහරුවාදා එකයි හතලිස්පහට විරිදු ප්‍රචාරය වුනා. ඊත පස්සෙ තමයි, පසන් නිවස ප්‍රචාරය වුනේ. අනේ අපොයි ගිය කලක්. මට මේව ලියාගන්න වාරු නෑ. ඒ තරමටම හිත දුබලයි සාංකාවෙන්ම. තව ලියන්න පුළුවන්.... ඒත් මම නවතිනවා

    ReplyDelete
  122. මොන වුනත් මේ දල තියෙන කතාව ඇත්ත නම ඔයත් මන වගේ තමයි,හොද රස විදින්නෙක්.

    ReplyDelete
  123. දැන් තියෙන්නෙ සක්කලි fm හේතුව ගොබ්බ මීහරක් නිවේදකයො පමනයි ඉන්නේ උං හිතා ඉන්නේ උන් තමයි සම්මාන නිවේදකයොයි කියලා ඉස්සර අපි අහපුවා නොවෙයි උන්ට වෙනමම TR එකක් තියන්න වෙයි

    ReplyDelete
  124. Ι droρ a comment whenеver І especially enjoу
    a aгticle οn a ѕite οr I hаνe somethіng to aԁd to
    the сonverѕation. It's a result of the fire communicated in the post I read. And after this article "රේඩියෝ . . රේඩියෝ . . !!!". I was actually excited enough to post a leave a responsea response :) I do have a couple of questions for you if you do not mind. Is it just me or does it look as if like a few of these remarks look like they are coming from brain dead individuals? :-P And, if you are writing on other sites, I would like to keep up with you. Would you list all of all your shared pages like your linkedin profile, Facebook page or twitter feed?

    Feel free to surf to my webpage :: diy solar panels information

    ReplyDelete
  125. 1970 දශකයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වර්ණමය යුගය ගැන ලියැවුණු හොඳ ම ලිපිය මෙය විය හැකි යි. බොහොම ස්තුති යි ඔබට අපට ඒ සුන්දර අතීතය මතක් කර දුන්නාට!!!

    ReplyDelete
  126. ඉස්කෝලේ ඇරිලා ඇවිත් බත් එක අරගෙන ගෙදර පඩිය උඩ වාඩි උනාම තමයි පසන් නිවස යන්නේ...


    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails