Saturday, August 20, 2011

හුචක්කුවේ අතුරු කතා . . . !


මෙහේ යූ ඒ ඊ වල මගේ හොඳම මිතුරෙක්ගේ බිරිඳයි දරු දෙදෙනායිත් පාසැල් නිවාඩුවට මෙහේ ඇවිත්. (යාලුවා කවුද කියලා නම් කියන්න බැරියෝ.)

ආපු දා ඉඳන් දෙගොල්ලෝම කොහේ හරි යමු කිය කිය හිටියට අපේ නිමක් නැති ගමන් බිමන් එක්ක එයාලා එක්ක එහේ ගිහින් සෙට් වෙන්න කාලයක් ලැබුනේම නෑ.

බැරිම තැන දවසක් යාලුවා කතා කරලා දුමීලගේ ගේ තියෙන තැන ඇහුවා. (දන්නවනේ දුමී ගෙදර අපිට බාර දීලා නිවාඩුවට ලංකාවට ගිහින්)

"අද උඹලා ගෙදර හිටපල්ලා. අපි එනවා උඹලා ඉන්න දිහාවේ"

"හරි වරෙන්, මට එලියට යන්න තියෙනවා. එක වාහනයක යමු. උඹලවයි අපේ ගෙදර උන්දෑවයි ෂොපින්ග් මෝල් එකක දාලා මම මගේ වැඩේ කරගෙන එන්නම්" මම කිව්වා

යාලුවයි පවුලේ අයයි ඇවිත් තේ එකක් බිව්ව විතරයි, ගෑනු දෙන්නට කෝප්ප හෝදන්න කාලයක් හම්බ උනෙත් නෑ යාලුවගෙන් ප්‍රශ්නයක්.

“අනේ මචං අර ෆේස් බුක් එකේ තිබුනේ හුචක්කුව කියලා වීඩියෝ එකක්. මම ඒක ගැන මේ මනුස්සයට කිව්වා. මෙයා මාත් එක්ක වලි දානවා ඒක මම ගොතපු කතාවක් කියලා. ඒක මට ආපහු හොයා ගන්න බෑ මෙයාට පෙන්නන්න. උඹේ ෆේස් බුක් එකේ ඒක තියෙනවද?”

"මමත් දවසක් දැක්කා. ඔක්කෝම බලන්න බැරි උනාද කොහෙද"

අපේ උන්දැත් කිව්වා

"අයියෝ ඒක හොයන එක එච්චර අමාරු නෑ"

මම යූ ටියුබ් එක ඕපන් කරලා හුචක්කුව කියලා ටයිප් කරලා වීඩියෝ එක අරගෙන ප්ලේ වෙන්න දැම්මා.

"උඹලා ඕක බලපල්ලා" අපි දුමීලගේ සාලේ ඉඳගෙන ටී වී බලන්න පටන් ගත්තා.

මේ පහල තියෙන්නේ ඒ හුචක්කුව වීඩියෝ එක තමයි ඕන්.

නොදැකපු කෙනෙක් ඉන්නවනම් මුලින්ම මේක බලලම ඉන්න.


ටික වෙලාවකින් කිචි කිචි සද්ද සහ මුනු මුනු සද්ද ඇහුනත් අපි ඇහුනේ නෑ වගේ හිටියා.

ටික වෙලාවකින් මෙන්න බිරින්දෑ වරු දෙන්නා එනවා හුචක්කුවේ අතුරු කතා ටික අරගෙන

1. අර මනූස්සයා එක්කෝ ගෑනි මැරිච්ච කෙනෙක්, එහෙම නැති නම් ඩිවොස් වෙච්චි කෙනෙක් (නැත්නම් කොහොමද ඔහොම බය නැතිව ඇත්ත කතා කරන්නේ. . හික්ස්)

2. ඒත් නැත්න්ම් මේ වීඩියෝ එක ඒ මනුස්සයගේ ගෑනි දැකලා නම් එහෙම ඒ මනුස්සයා මේ වෙනකොට ජීවතුන් අතර නෑ.(හෆොයි අසරන මනුස්සයා)

3. ඔය ඔෆිස් වල බෙන්ස් කාර් උනත් ගෙවල් වල ඉන්නේ හුචක්කු වගේ තමයි අනේ (දෙයියනේ බෙන්ස් කාර් වලට ගිය කලක්)

4. හුහ් යමන්කෝ අද ෂොපින් . . . අපිටත් බෙන්ස් කාර් වෙන්න පුලුවන් කියලා මේ දෙන්නට පෙන්වන්න (අපේ උන්දෑ එයාගේ සප්ලිමන්ටරි ක්‍රෙඩිට් කාර්ඩ් එක හෑන්ඩ් බෑග් එකට දාන ගමන් කියනවා - ඇයි දෙයියනේ මම කිව්වැයි ඔයා හුචක්කුවක් කියල . . . ) යාලුවගේ බිරිඳත් යාලුවගේ අතින් අල්ලගෙන එලියට යන්න ආවා.

5. අර ගෙදර ආවහම බිරිඳව අතගාලා ප්‍රබෝදමත් කරන්න කියන්නේ. මෙයාලා ආපු වෙලාවේ ඉඳන් එක්කෝ කොම්පීටරේ ලඟ නැත්නම් ටී වී එක ඉස්සරහා. අපිට තනියෙම අතගාගෙන ප්‍රබෝදමත් වෙන්න තමයි වෙන්නේ (මේ අතුරු කතාව ඇහුවේ මහ රෑ දෙගොඩ හරියේ නිදා ගන්න යද්දී තමයි හික් හික් හික් හෆොයි අරූට කොහොමෙයි ඕවා කියන්නේ)

දැන් මේ සිදුවීමට දවස් ගානක් නිසා ඔක්කෝම අතුරු කතා මතක නෑ වගේ අප්පා.

පස්සේ මේ හුචක්කුවේ දෙවෙනි කොටස බලද්දෙ තමයි තේරුනේ මෙතුමා අපේ දයාබර කතා කරුවෙක් වන සරත් විජේසූරිය මහත්තයා බව.

මගේ නඩුව ඉවරයි, නිරානන්දය, සතුටින් ජීවත් වෙන හැටි වගේ පොත් එතුමා ලියපුවා.

ඇත්තෙන්ම ගෑනු පිරිමි හැමෝටම ප්‍රයෝජනවත් කරුනු රාසියක් එතුමාගේ කතාවේ තියෙනවා.

පලමු කොටස විනාඩි 6යි තත්පර 11යි.

ඒත් දෙවෙනි කොටස විනාදි 41යි තත්පර 20යි.

දෙමව්පියන්ගේ ආදරය අපි අඳුනා නොගන්නා හැටි.

පොඩි ප්‍රශ්නයක් උනත් මහා ලොකු ප්‍රශ්නයක් කරගෙන විඳවන හැටි.

පොඩි ප්‍රශ්නයක් උනත් පවුල් අවුල් වෙන තරම් දුර දිග යන හැටි.

පිරිසිදු කම ගැන අපි විශේෂ සැලකිල්ලක් නොදක්වන එකෙන් වෙන පවුල් ප්‍රශ්න.

අඬවැඩියා සංගීතය අසන්නන් ට දැනෙන හැටි.

කෙනෙක්ගේ පෞරුෂය ගැන අනෙක් අය සොයන්නේ කොයි අකාරයෙන්ද බව.

පවුලේ සාමාජිකයින් අතර සන්නිවේදනයේ අඩු ලුහුඬුකම්.

පෙම් කරන කාලයේ තිබූ ආලය විවාහයෙන් පසුව දියාරු වී යන හැටි.

ඔය ආදී විශාල පරාසයක මාතෘකා මේ විනාඩි හතලිහේ සුලු කාල සීමාවේදී එතුමා විග්‍රහ කරන අයුරු හරිම අපූරුයි. සිත් ඇද ගන්නා සුලුයි. සිත කම්පා කරනවන සුලුයි.

අපි අනවශ්‍ය දේවල් කරන්න කාලය කොයි තරම් නම් කැප කරනවද.

ඒ නිසා ඒ විනාඩි 41 බලන එක අපරාදයක් කියලා මොහොතකට වත් හිතන්නේ නැතුව මේ පහල තියෙන මුලු විඩියෝවම බලන්නයි කියා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා.


50 comments:

  1. මම අහලා තියෙනවා ඉස්සර මෙතුමා කැම්පස් යන කාලෙ සල්ලි නැති කමට, තව කෙනෙක් කාලා ඉවර වෙච්ච පිඟානක් අරගෙන ගිහින් අඩු මුදලට අඩුපාඩු බෙදාගෙන කෑවයි කියලා. මගේ නඩුව ඉවරයි පොතේලු එහෙම තියෙන්නේ. මම හරියට දන්නෑ ඒත් පොත හොයාගෙන කියවන්න ඕනෙ. ඒකෙන්ම පේනවා එතුමාගේ උත්සාහවන්ත බව.

    ඒ වගේම හිත හොඳ මනුස්සයෙක්.

    ReplyDelete
  2. මම නම් මේ වීඩියෝ එකේ ඉන්න කෙනා කවුද කින්දමන්ද මොනවත් දන්නේ නෑ .. හැබැයි එයාගේ දේශනය නම් නියමයි .. හැබැයි අපේ පලාතේ ඔයවගේ කියන්න තියන දේ කෙලින්ම කියන්න ගියෝතින් නම් ගෑනු අය සෙට් වෙලා දෙයි ලොවෙත් නැති වෙන්න දුවන්න ..

    ඇත්තට මේ වීඩියෝ එකේ මුල් ටික බලද්දී මට කසාද බඳින්න අකමැත්තක් වගේ දැනෙන්න ගත්තා .. මටත් හුචක්කුවක් සෙට් වෙයිද අප්පා ..මේක බාකියාගෙන තියාගන්න ඕන .. අනාගත බාරිට පේන්න උදේ හවා ප්ලේ කරන්නත් ඕනි ..

    ReplyDelete
  3. ayya meka gena nam kathaa karalaa wedak nae mama meka okkoma baluwa kalin dawasaka. meke thiyena dewal okkoma thanikara atta. ape rate genunta aththatama wela thiyenne oka thama. eka dawasak mama ehema gedaraka bodimakata giyaa. eka reyayi hitiye mama badu tikath akulagena paarata aawe anda andaa. ea tharam apirisidu gaenu kenek. andume loku kalu kunu pellamak. apita hadenna dewal godak thiyenawa me video eke. aththatama hari watinawa.

    ReplyDelete
  4. "මෙයාලා ආපු වෙලාවේ ඉඳන් එක්කෝ කොම්පීටරේ ලඟ නැත්නම් ටී වී එක ඉස්සරහා. අපිට තනියෙම අතගාගෙන ප්‍රබෝදමත් වෙන්න තමයි වෙන්නේ" - හය්යෝ ඉතින් ඉඳල මොකටෙයි මේ වගේ කතා අහල! හික් හික් ! දවසේ කියමන!

    ReplyDelete
  5. අඩේ මේ හුචක්කුවේ පාර්ට් 2 එකක් තියනව කියල දැනගත්තේ මේ දැන් නේ.... කිව්වත් වගේ 2 පාරක් බැලුවත් පාඩු නැති දේශනයක් වගේ..... :)

    ReplyDelete
  6. මම හුචක්කුව බැලුවට පස්සේ දෙවන කොටස සොය සොය හිටියේ.
    දුකා අය්යට ගොඩාක් ස්තුතියි මේ ලියන්නේ එක බැලුවට පස්සේ.
    සෑම දෙනාම බැලිය යුතු එකක්. හරි වටින අවවාද.
    මෙතුමාගේ දේශන වගේම කෙටි කතාත් හරිම රසවත්. නිතර පුවත් පත්වල යනවා...

    ReplyDelete
  7. කියන්න නම් හුඟාක් දේවල් තියෙනවා. ඒත් ඒ ඔක්කොම කියන්නෙ කොහොමද ?

    දේශණය හොඳයි. නමුත් එතුමා නොදන්න නොදකින හමහර පවුල් ජීවිතවල ගෑණු උදවිය ඉන්න විදිය කොහොම මෙතුමට කියලා දෙන්නද ?

    අතට පයට අඩුපාඩුවක් නැතුව ගෙදර උදව්වට වැඩකාරයෝ ඉන්න උදවියට නම් හුචක්කුවලට බහින්නෙ නැතුව සිරි යහන් ගබඩාවේ දිගෑදිලා ඉන්න උළුවන් වේවී. ඒත් ඉතින් වැඩ කාරයෝ තියා තමන්ගේ මිනිහාගෙන්වත් සත පහක උදව්වක් නැතුව දරුවන්ගේත්...පවුලේත් සියළු වැඩ තනියම තමන්ගේ දෑතින් කරන බිරින්දෑවරු මොනතරම් මේ රටේ ඉන්නවද ?

    අපිරිසිදු පුරුෂයෝත් ඕනෑ තරම් ඇති කවුරුත් කතා බහ නොකරුවාට. අනික ඉතින් ගෙදර ඇවිත් මෙලෝ රහක් නැතුව ටී වී එක ලඟ හරි කොම්පියුටරය ලඟ හරි බිරිඳ ගිණි කකා තම්බනකම් කාලේ කාලේ කන පුරුෂයෝ අපිරිසිදු වෙන්නෙ කොහොමද නේද ?

    පිරිසිදු කම ගැහැණියකට තිබියම යුතු දෙයක්. ඒකේ කතා දෙකක් නෑ. ඒත් සමහර උදවියට ගෙදර දොර වැඩ අධික බව හින්දාම තමන්ගැන හිතන්න කාලයක් නැතුව තමන් අපිරිසිදු වෙලා හරි ගෙදර ඈයෝ පිරිසිදුව තියන බිරින්ඳෑවරු නැද්ද මේ ලංකාවේ ?


    " අර ගෙදර ආවහම බිරිඳව අතගාලා ප්‍රබෝදමත් කරන්න කියන්නේ. මෙයාලා ආපු වෙලාවේ ඉඳන් එක්කෝ කොම්පීටරේ ලඟ නැත්නම් ටී වී එක ඉස්සරහා. අපිට තනියෙම අතගාගෙන ප්‍රබෝදමත් වෙන්න තමයි වෙන්නේ..." හික්ස්....නදීශා අක්කද මේක කිව්වේ ?

    ReplyDelete
  8. ආචාර්ය සරත් විජේසූරිය මහත්තයාගේ නෝනට මුකුත් වෙලා නෑ. හොඳට ඉන්නවා. මරදානේ විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයට ගියානං හම්බවෙන්නත් පුළුවන් වෙයි.

    ReplyDelete
  9. සරත් ගේ "මගේ නඩුව ඉවරයි" පොත යුනිවසිටි ගැන හොඳ අදහසක් දෙන එකක්.
    සරත් ගේ පොත් සේරම පුංචි බොරැල්ලේ විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයෙන් (හෙවඒ පොත් කඩෙන්) ගන්න පුළුවන්.
    රිවිර ඔෆිස් එක හරියේමයි, හැබැයි පාර අනිනේ.

    ReplyDelete
  10. හොඳ දේශනයක් සහ පොතක්..අපි එක සැරයක් අපේ ඔෆිස් එකට ගෙන්නුවා දේශනයකට..ජීවිත ආදරණීය විදියට හදා ගන්නවනම් හොඳ උපදේශ ටිකක්.. සමහර කරුනු ගැන විවේචන තිබුනත්..එව්ව අමතක කරල ගන්න ඕනි දේ ගන්නවනම් හොඳයි කියල මට හිතෙනවා

    ReplyDelete
  11. හුචක්කුවේ දෙවෙනි කොටස බලලම අදහසක් දක්වන එක හොදයි කියලා හිතුනා.

    ReplyDelete
  12. හුචක්කුව ගැන මිසිස් විජේසූරිය කියන්න ඕනෙ ටික දිල් කියලා තියෙනවා. සිරාවටම පාර්ට් ටූ ගැන දැනගත්තෙ දැන්..... කවහරි ඕක බලනවමයි මචං.

    ReplyDelete
  13. මරුනේ ...විඩියෝ දෙකම දැක්කේ අද

    ReplyDelete
  14. දෙවෙනි වීඩියෝ එක දැක්කේ අද....

    ReplyDelete
  15. නියමයි දුමී අයියේ....ඇත්තටම අහගෙන ඉන්න හිතෙනවා....

    ReplyDelete
  16. මේකෙ පළවෙනි එකනං බලල තියෙනව. දෙවෙනි එකක් තියෙනව කියල දැනගත්තෙ දැන් තමයි. ස්තුතියි දැනුවත් කළාට.

    ReplyDelete
  17. වීඩියෝස් දෙකම දැක්කෙ අද.... තවම බැලුවෙ නෑ... හෙමිහිට බලන්නම් කෝ...

    ReplyDelete
  18. මම මේ වීඩියෝ දෙකම දැක්කෙ අද, හැබැයි එක දවසක් බස් රේඩියෝ එකේ පලවෙනි එක දාලා තිබුනා වගේ මතකයි, පලවෙනි එක නම් බැලුවා දෙවෙනි එක හෙමින් සැරේ බලනවා. බොහොම ස්තුතියි දුකා අයියා. නියම පෝස්ට් එක .........

    ReplyDelete
  19. හෆොයි දෙයියනේ, මේ පාර නම් දුකා කන්න යන්නේ නදීෂගෙනුයි, අර යාළුවගේ වයිෆ්ගෙනුයි දෙන්නගෙන්ම.

    අනේ බං අපේ ගෙදර හැලි වළං දෙක තුනයි තියෙන්නේ.... ඒ ටික පරෙස්සං කොරහන්.....!

    ReplyDelete
  20. දෙවෙනි වීඩියෝවක් තියෙනවා කියලා දන්නෙත් අද, ස්තූතියි අයියෙ. අර කියාපු අතුරු කථා ඇත්තටම කිව්වද කියලා හොයලා බලන්න වෙනවා !!!

    ReplyDelete
  21. හිහ්... හුචක්කුව... අපේ අම්මා පුංචිට බනිද්දි ඔය වචනේ කියනවා මං අහලා තියෙනවා...

    ReplyDelete
  22. ගොඩක් ස්තූති අයියන්ඩි හොද දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්නවට...ඕන් මාත් ඇහුව්වා..බලමුකෝ පටන් ගන්න යන අලුත් ජීවිතේට මොන තරම් අස්වැසිල්ලක් වේවිද කියලා මේ කියමන් ටික...

    ReplyDelete
  23. දෙවෙනි එකත් බලමු එහෙනං............!

    ReplyDelete
  24. දෙවෙනි කොටසක් දැක්කේ අද තමයි . ඇත්තම කියන්න මම නම් ටිකක් කම්මැලියි ඔව්ව බලන්න . අපි ඉතින් සියල්ල දත් අයනේ[ හික් ]. හොඳයි කියල හැමෝම කියන නිසා බලන්න ඕන . අර දිල් කිව්ව ටික නම් මසුරන් . කලක් යද්දී ගෙදර බෙන්ස් එකක් තිබ්බත් පාරේ යන ත්‍රි විල් වුනත් සැපයි කියල හිතෙන කට්ටියත් ඉන්නවා නේද . අනික සරත් මහත්තය පාවිච්චි කරන වචන ටිකක් සැර වැඩියි . අනේ මන්ද නොදන්නා හුරේ දැම්මට අර හුචක්කු කතාව ටිකක් ගැහැනුන්ට අපහාසයක් වගේ මන් දකින්නේ .

    ReplyDelete
  25. අදනම් කනව අම්බානක...... රෑට call එකක් දීල බලන්න ඔනෙ දුකා ඉන්නවද කියල....

    ReplyDelete
  26. @ දිල්
    කරදරයක් කියල හිතන්නෙ නැතුව, වෙලාවක් බලල Prof. Sarath Wijesuriya ට එයා නොදන්න දෙවල් ටිකක් කියල දෙන්න.... හික්ස්.....

    ReplyDelete
  27. දෙකම ඩවුන්ලෝඩ් කරලා ඕනවෙද්දි ආය බලනවා

    ReplyDelete
  28. සරත් මහත්තයා හරිම අසාධාරනයි. පිරිමි ගැනත් මීට වඩා කියන්න තිබුනනේ එයාට..

    ReplyDelete
  29. මම මේ දෙකම දුකා අයියා කියන්න කලින් බැලුව..අපේ අම්ම නිතරම උදේ නැගිට්ට ගමන් පිලිවෙලට කොණ්ඩෙ පිරල ඇදුමක් ඇදගෙන ගෙදර වැඩ කරපු නිසා අක්කලට බැනල එහෙම පුරුදු කරපු නිසා අපිට මේක ගෙදර දැනුනෙ නැ..

    ඒත් මෙහෙම කස්ටිය ඉන්න බව මම අපේ ගමෙ දැකල තිබ්බා..එ ඔක්කොමත් හරි ඔය හුචක්කුවත් ඇදගෙන කටෙ දත් බුරුසුවත් ගහ ගෙන හොල්ල හොල්ල උදේම පාරට ඇවිත් දත් මදින ගමන් කටේ ඒ කෙලත් තියා ගැනියෙක් ගුඩ් මොනින් කියනව ඉස්සර මට උදේට යනකොට...අම්මපා කියල දත කා ගෙන මම යනව යන්න මගෙ ගමන..දවසම ඉවරයි..

    සරත් විජේසුරිය ගෙ නොන මේ කතාව දන්නව..මොකො දවසක් සර් ටිවි එකෙ වැඩ සටහනකට නොන එක්කම ඇවිත් මේ වගේ කතා කිව්ව මට මතකයි..ඉතින් එයාගෙ නොන මෙහෙම නැතුව ඇති නිසා ගෙදර අවුලක් නැතුව ඇති මේව කිව්වට නේද ?

    ReplyDelete
  30. මේ දෙකම බැලුවෙ ටික දවසකට කලින්.. දෙවෙනි එකනම් ඇත්තටම හරිම වැදගත්...

    පලවෙනි එකෙන් නම් සරත් ලොක්ක කාන්තා විමුක්ති කට්ටියගෙන් බේරුනේ කොහොමද කියල හිතාගන්න බෑ..

    ReplyDelete
  31. බොහොම වෑදගත් කතාවක්.... අලුත බෑදපු ජොඩු වලට දෙන්න නියම තෑග්ගක්...

    ReplyDelete
  32. මම මේ මහත්තයාව මේ වීඩියෝව දකිනකම් දැනගෙන හිටියේ හොඳ කතා ලියන්නෙක් කියල විතරයි.දැන් තමයි දන්නේ කොච්චර හොඳ කතා කියන්නෙක්ද කියලත්.

    ReplyDelete
  33. සරත් විජේසුරිය මහත්මයා ලියපු "දයාබර තාත්තාට" සහ "පුතාට ලියමි" පොත් දෙකෙත් මෙ වගෙම ප්‍රශ්න ගැන කතා කරලා තියනවා

    …මෙ දෙවෙනි විඩියො එක ගැන නම් මමත් දැන් තමයි දැන ගත්තෙ

    ReplyDelete
  34. අපේ එවුන් බුකියේත් දාලා තියෙන්නේ පලවෙනි කොටස විතරනේ , දෙවෙනි එක මම හිතන්නේ ගොඩක් අය දැකලා නැහැ...වටිනාම අදහස් තියෙන්නේ දෙවනි වීඩියෝ එකේ

    ReplyDelete
  35. මූ නඩු නැතුව හිරේ යන්න හදන්නේ..!!!

    ReplyDelete
  36. පලවෙනි එක නං, ආදරණීය බිරිඳත් එක්කම බැලුව ටික දවසකට ඉස්සෙල්ල (ඇත්තටම මං කලින් බලල,පස්සෙ එයාටත් පෙන්නුව - තාම යහතින් ජීවත් වෙනව මං තුමා)

    දෙවැනි එකක් තියෙනව කියල දැනගත්තෙ මේ පෝස්ට් එකෙන්, ඒකත් බලල, ඊට පස්සෙ තීරණ කොරන්න ඕනෙ පෙන්නනවද කියල. තෑන්ක් යූ දුකා.

    ReplyDelete
  37. දෙවෙනි එකක් ගැන දැන ගත්තේ මේ පොස්‍ටුවෙන්!!!!!!!තැන්ක් යු වෙවා දුකා අයියා!

    ReplyDelete
  38. මමත් මුල් එක නම් කලින් බලලා තිබුනේ.
    අද තමයි දෙවෙනි එක බැලුවේ.

    එතුමාගේ අදහස් බොහෝ දුරට හරි.

    ඒත්.. බහුතරයක් මධ්‍යම පන්තික ගනයට වැටෙන කාන්තාවන් ඉන්න අපේ රටේ, ප්‍රායෝගිකව ඔය විදිහට ඉන්න පුලුවන්ද කියන එකයි ප්‍රශ්නේ.

    රස්සාවට යන්නත්, ස්වාමියාගේ හා දරුවන්ගේ සියලු උවමනාවන් ඉෂ්ට කරන්නත්, ගෙදර දොර ඉවුම් පිහුම් වැඩ කරන්නත්, අද කාන්තාවන් පේවිලා ඉන්නේ -තමන්- කියන භූමිකාව අමතක කරලා.
    ඒ.... තමන්ට තියෙන අනාදරේ නිසා නෙවෙයි.

    තමන්ට වඩා -තමන්ගේ මුලු පවුලම- ඇගේ ජීවිතයම වන නිසායි..කියලයි මම නම් හිතන්නේ.

    අතට පයට සේවකයන් ඉන්නවා නම්...අංග සම්පූර්ණ මුලුතැන් ගෙවල් තියෙනවා නම්...දැලි කුනු නොගෑ වී...ලස්සනට හැද පැලද ,සැප පුටුවකට වි , සැමියා එනවිට සුරංගනාවක සේ ඉන්න අකමැති ගැහැනිය...කවුද..???

    ඇත්තමයි ... මේ මට හිතුන හැටි.

    ReplyDelete
  39. ඔහෙ හි‍ටු අද ගෙදර යනකං මේ දෙකම බලන්න...

    ReplyDelete
  40. මමත් ඕක ආපු ගමන්ම බැලුවා.. මුල කෑල්ල අල්ලලා ගිය හන්දා.
    ඒත් නිකන් බය හිතෙනවා වගේ.. හික්..

    මම පහුගිය දවසක කියෙව්වා විජේසූරිය මහත්තයාගෙ, "ආදරය දැනෙන්න ජීවත් වෙන්න" කියන පොත. ඒක කියෙව්වාමත් මාව ෂොක් වුණා මේවගේ හිතක මිනිස්සු ලෝකේ ඉන්නවද කියලත්.
    ඒවගේ කේස් එකක් සෙට් වුණොත් නම් ඉතින් බඩුම තමා.

    ReplyDelete
  41. ගැහැණියක් කොචිචර වයසට ගියත් පිළිවෙලට ඉන්න පුරුදු වෙන්න ඔිනෙ. මෙ සර් ගැන මගෙත් ලොකු භක්තියක් තියෙනවා. ගොඩක් දේ ඉගෙන ගන්න පුලුවන් පොත් කීපයක් මම කියවලා තියෙනවා. විජේසූරිය ග‍්‍රන්ථ කේන්ද‍්‍රයට ගිහාම හොද පොත් තෝරා ගන්න උදවි කරන්නෙ එතුමාගෙ බිරින්දෑ තමා.

    ReplyDelete
  42. හුචක්කුව - 1
    කතාව ඇත්ත. ඔහොම ගෑනු ඉන්නවා. සමහර ගෑනු වැඩිපුරම කැමති බොහොම සැහැල්ලුවෙන් ඉන්න කියලා, ඔය අත් දාපු නැති නයිටියක් ඇඳගෙන ඉන්න. වැඩ කරනකොට දැලි කුණු තැවරෙන බව ඇත්ත. ඒත් විලි වැහෙන ඇඳුමක් ඇඳලා ඒ ටික කරන්න පුළුවන් නොවැ. යට සාය උඩට කොරං පැය ගානක් ගෙදර වැඩ කරලා නාන්න යන ගෑනුත් ඉන්නවා. ගෑනු උදවිය තුල මං දකින අප්‍රිය ම දේ තමයි සැහැල්ලුව කියන කවරෙට දාලා එලියට දාන අසංවර කම.
    හැබැයි ගෑනු උදවියගේ අපිලිවෙල ගැන ඔහොම කියනකොට, මට මං ගැනත් පොඩි අවුලක් ආවා. මොකද මං මගේ ශරීරයේ බාහිර පෙනුම ගැන වැඩිය තකන්නේ නෑ. (රැවුල කපන්නේ දවස් 2-3 කට සැරයක්, කොන්ඩේ කපන්නේ මාස 2-3 කට සැරයක්..බයවෙන්න එපා පිරිසිදු කමේ අඩුවක් නෑ.දත් මදිනවා, නානවා...). ඒත් ඉතිං බිරිඳ ඕවා ගැන මතක් කරනවාටත් මගේ එච්චර කැමැත්තක් නෑ. එහෙම බැලුවාම ඒ ගැන අපිත් ටිකක් හිතන්න වෙනවා..

    හුචක්කුව -2
    විශිෂ්ඨයි. අපේ ජීවිත වල කොයි තරම් අඩුපාඩු තියෙනවද කියලා හිතන්නට මතක් කරන අති විශිෂ්ඨ දේශනයක්. අපට අවශ්‍යනම් වෛර දුෂ්ඨ සිතුවිලි හෝ සෞම්‍ය සිතුවිලි නිශ්පාදනය කරන්න පුළුවන් යන්ත්‍රයක් නොවැ මේ සිත කියලා කියන්නේ.... ඒත් අපි කරන්නේ ඉබේ නිපදවෙන සිතුවිලි ගැන විශ්වාසය තියන එක නොවැ..

    බොහොම ස්තුතියි දුකෝ.. මේක නං උපරිමයි...

    ReplyDelete
  43. කමෙන්ට් කරපු හැමදෙනාටම බොහෝම ස්තූතියි.

    ටික දවසක් ලංකාවේ පදින්චි වෙන්නම් කියලා ගිය මගේ ගෙදර උන්දැයි සොඳුරු ත්‍රස්තවාදියයි මාසෙක නිවාඩුවට මෙහේ ඇවිත් නිසා එහේ මෙහේ යන්න ගමන් බිමන් ගොඩයි . .

    ඒ නිසා බ්ලොග් එකේ ගතකරන්න ලැබෙන කාලේ හරිම සීමිතයි.

    ආපහු නිවාඩු වෙලාවක් ආපු ගමන් බ්ලොග්ස් කියවන්න කියවලා කොමෙන්ට් කරන්න එන්නම් හරිය . .

    ReplyDelete
  44. මමත් මේ වීඩියෝ එක දැකපු ගමන්ම බලල ශෙයා කලා.හැබැයි දෙවනි කොටස දැක්කෙ අද තමයි. ගොඩක් ස්තුතියි බොදාගත්තට

    ReplyDelete
  45. ඇත්තටම දුකා, කවුරු හරි මෙයාට මඩ ගහන්න කරපු වැඩක්. හුචක්කුව ලෝකෙ හැම තැනකටම ගියා.අනවශ්‍ය කොටස. මමත් බැන්න මේ මිනිහට පිස්සුද කියල.
    ඒත් මුළු වීඩියෝ එකම බැලුවම තේරෙනව කොච්චර කාලෝචිතද , ඇත්තද කියල මේ කියන ඒව. මට නං ඒක බණක් වගේ.

    ReplyDelete
  46. කමෙන්ට් කරපු හැමදෙනාටම බොහෝම ස්තූතියි.

    ReplyDelete
  47. මම මේක දෑක්කෙ පලවෙනි වතාවට.නමුත් සරත් විජේසූරිය සර්ගෙ පොත් මහ ගොඩක් අපේ ගෙදර තියෙනවා. ඈත්තටම ඒවයෙ වටිනාකම කියලා නිම කරන්න බෑ.ජීවිතය යහපත් සුන්දර එකක් කරගන්න වටිනා අදහස් මහ ගොඩක් තියෙනවා ඒ පොත් වල.

    ReplyDelete
  48. ඔය දෙකම මම බාගත්තා හාමිනේගේ උවමනාවට. හැබැයි උන් දැ උඹට වගේ මට ආඩපාලි කියුවේ නැ.

    ඒ කියන්නේ එක්කෝ උඹට වනඩා මම හොදයි.
    නැත්තං උඹේ පවුලට වඩා මගේ පවුල හොදයි

    ReplyDelete
  49. මේ හුචක්කුව කතාවනම් බොහොම ඇත්ත. කතාවක්.
    ඇත්තටම මේක බනක්.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails