
සති අන්තේ හවස් වරුවක රුවන්, ලක්මාල් චමිල් එක්ක අඩියක් ගහන්න සෙට් වුනා.
රුවන්: “මාර ගං වතුරක්ලු නේද මේ අවුරුද්ද මුලදීම ලංකාවේ”
මම: ඔව් නේ බන්. අවුරුද්ද මුල නම් අපිටත් අබුඩබි හිටියත් සුනාමි වගේ තමයි.
චමිල්: ඒ මොකෝ:
මම: ඇයි බන් ගෙවල් බදු ඔප්පු අලුත් කරන්න, වාහන රෙජිස්ටර් කරන්න, ළමයි ඉස්කෝලේ දාන්න, ගෙවල් වල අයටත් එක එක දේවල් වලට සල්ලි යවන්න ඉතිං සුනාමි වගේ තමයි.
රුවන්: අපි මොනා හරි කරමු නේද?
මම: හදන්න කලින් දෙතුන්පාර විවෘත කරපු වරායේ උත්සව වලට මහජන මුදල් කෝටි ගනන් නාස්ති කරන, රට රටවල යනකොට හැත්ත බුරුත්ත ඔක්කෝම අරන් ගිහින් මහජන මුදල් කෝටි ගනන් නාස්ති කරන, ඇමතිලට මන්ත්‍රීලට ප්‍රාඩෝ පැජරෝ ගන්න මහජන මුදල් වියදම් කරන ආන්ඩුව ගං වතුරෙන් අසරණ වුනු මිනිස්සුන්ට මොනව කරයිද කියලා මිනිස්සුන්ට දැන් තේරෙයි නේද බන්. ඒත් ඉතිං එහෙම කියලා අපිට මොකුත් ම නොකර ඉන්නත් බෑ නේ.
ලක්මාල්: මම සති දෙකකින් නිවාඩු යනවා. අපි ගං වතුරෙන් අනාථ වුනු අයට මොනා හරි යවමු. මම පෙට්ටියක් දාන්නම්. වර්ණ අයියත් එක්ක ගිහින් ඒවා බෙදලා දෙන්න ඇරේන්ජ් කර ගන්නත් මට පුලුවන්.
. . . .
දරු පවුල් පවුල් කාරයිනට සුනාමි වගේ කාලයක් කියලා දන්න නිසා වැඩි දෙනෙක්ට කරදර නොකර ඉන්න හිතුවා. මනෝජ්, ජනක, දමිත්, ලලන්ත මල්ලිලට විතරක් කිව්වා. මනෝජ් මල්ලී සනුර, සමීර, ඩිලංක මල්ලිලටත් කියලා කට්ටිය ජනකටයි මටයිම පැවරුවා යවන්න ඕන දේවල් ගන්න වැඩේ.
අද ලක්මාල් පෙට්ටිය දාන නිසා ඊයේ අබුඩාබි මෝල් ගිහින් බ්ලැන්කට්, තුවා, ගෑනු පිරිමි යට ඇඳුම්, උඩ ඇඳුම්, කාන්තා සනීපාරක්ශක තුවා, පොඩි ළමයින්ට ඇඳුම් අරගෙන එන ගමන් තිසාට කෝල් කලා.
“මචං දුකා අර ඉලන්දාරියා බ්ලොග් එක ලියන මල්ලී පෝස්ට් එකක් දාලා තියෙනවා ගෙදර ගිහින් හෙමීට කියවපන්”
ගෙදරට ගොඩ උනු ගමන් නදීෂා කිව්වෙත් “අනේ අර ඉලන්දාරියා බ්ලොග් එකේ පෝස්ට් එකක් දාලා තියෙනවා. අපිත් උදව් කරමු ඒ ළමයට” කියලායි.
ඇඳුම් මාරු නොකරම පෝස්ට් එක කියෙව්වා.
මේ තියෙන්නේ ඒ පෝස්ට් එක
ඒ මල්ලිගේ ෆේස් බුක් එකවුන්ට් එක බැලුවා. කොල්ලා සිල්වෙස්ටර් ගිය එකෙක්.
නදීෂාගේ මල්ලී හෂිත තව උන් ටිකක් එක්ක සෙට් වෙලා ලඟදී මෙහේ U.A.E. ඉන්න සිල්වෙස්ටර් කොල්ලෝ එකතු කරලා ගෙට්ටුවක් තිබ්බ බව මතක් උනා.
ඌටයි මම දන්න අනෙක් සිල්වෙසටර් කොල්ලො ටිකට (මනෝජ්, ජනක, රොෂාන්, චරිත්ල දෙන්නා) ඉලන්දාරියා බ්ලොග් එකේ ලින්ක් එකයි දිලුම් මල්ලිගේ ෆේස්බුක් එකේ ලින්ක් එකයි යවලා කෝල් කලා හෂිතට.
“මල්ලී මම දැන් උඹට මෙසේජ් එකක් එව්වා උඹලගේ ඉස්කොලේ කොල්ලෙක්ට උදව්වක් ඕන වෙලා”
“හරි මොනවද කෙරෙන්න ඕන”
“ඒ දෙක කියවලා බලලා හිටපන්. අපි පස්සේ කතා කරමු මොකද්ද කරන්න පුලුවන් කියලා”
. . . . . . .
උදේම දුමියත් කෝල් කරලා කිව්වා මචං අපි සෙට් වෙලා මේ වැඩේ කරමු කියලා.
ඔෆිස් ආව ගමන් ජනක මල්ල්යි මමයි කතා වුනා මොකද කරන්නේ කියලා.
"ලක්ෂ 30ක් කියන්නේ එකෙක් 5,000ක් දැම්මොත් 600ක්"
"හැම දෙනාටම 5,000 ගානේ දාන්න පුලුවන් වෙයිද අයියා. අනික 600 දෙනෙක් හොයන එක"
"තිසාත් ගානක් යවනවා කිව්වා. මමත් ගානක් යවනව. දුමියා, පුතා, ඩීන්
"එහෙම නෙමෙයි අයියේ. එක එක්කෙනා ඒ ළමයගේ එකවුන්ට් එකට ගානක් දාන එකට වැඩිය යමක් කරන්න හිතමු"
"ඇත්ත තමයි. අපි පත්තරේ ලිපියක් දැකලා ඔපරේෂන් එකකට සල්ලි යවන සීන් එකකට වැඩි දෙයක් මෙතනෙ තියෙනවනේ.”
“ඒක හරි”
“එහෙම පත්තරේක ලිපියක් දැක්කාම අපිට දැනෙනවා අපි ඒ වෙනුවෙන් යමක් කල යුතුයි කියලා. සමහර වෙලාවට අපිට ෂුවර් නෑ ඒ ළමයා ඔය කියන ඔපරේෂන් එකෙන් පස්සේ ජීවත් වෙයිද කියලා. ඒත් අපි ගානක් එකතු කරල යවලා අපේ යුතුකම අපි කලා කියලා හිත හදා ගන්නවා”
“මේ සීන් එකේදි ඊට වඩා දෙයක් කරන ඕන අයියේ”
“ඔව් අපි මේ ලමයව බ්ලොග් එක හරහා පුද්ගලිකව දන්නවා. එයා දක්ෂ දරුවෙක් කියලා දන්නවා. මේ ලක්ෂ තිහේ උපකරණේ ෆික්ස් කලාම ඒ ළමයට සනීප වෙනවා කියලා හොඳටම දන්නවා. ඔව් ජනක මල්ලී ඒක නිසා මේ සීන් එකට අපි, අපිට හැකි අකාරයට වඩා යමක් කරන්න ඕන”
“අන්න හරි අපි මේ දිලුම් ගේ එකවුන්ට් එකට රුපියල් 500ක් දාහක් දාලා ඔන්න අපේ යුතුකම අපි ඉටුකලා කියලා මඟහරින්නේ නැතුව දිලුම්ව සම්පූර්ණයෙන් සනීප කර ගන්න කම් සංවිධානය වෙලා ඒක කරමු”
“ඔව් එකතු වුනොත්, සංවිධානය වුනොත් මේක ඇත්තෙන්ම පහසු වැඩක් වෙයි. කරන්න පුලුවන් තරමට වඩා කරන්න උත්සාහ කරමු කිව්වහම මතක් උනේ ඉස්සර දහම් පාසල් අරමුදලට අපි ගෙදරින් රුපියල් 10ක් ගෙනිහින් දීලා නිකම් ඉන්නේ නෑ නේ. කොටු පුරවලා, කොඩි දිනයක් තියලා කැටවලට සල්ලි එකතු කරනවනේ”
“දැන් ඔයාලගේ බ්ලොග් ලියන කියවන ඩුබායි අබුඩාබි ඉන්න කට්ටිය ඉන්නවා. වෙන රටවල් වල අය ඉන්නවා. අපේ සිල්වෙස්ටර් එකේ මෙහේ ඉන්න අයට කියන්න පුලුවන්, යූ කේ සිල්වෙස්ටර් සෙට් එකක් ඉන්නවා. ඔස්ට්‍රේලියා වල සිල්වෙස්ටර් සෙට් එකක් ඉන්නවා.”
“තව ලංකාවේ බ්ලොග් ලියන සෙට් එක ඉන්නවා. ගූගල් බස් සංගමේ කට්ටිය ඉනන්වා. දිලුම්ගේ පවුලේ අය ඉන්නවා, නෑදෑයෝ ඉන්නවා, එයාහේ ලඟම හිතවතුන් ඉන්නවා. ඊට අමතරව ජනාධිපති අරමුදලෙනුත් ගානක් දෙනවා මම හිතන්නේ”
“මේ ඔක්කෝම එකතු වුනොත් ඔය වැඩේ හරිම සුලු දෙයක් වෙයි අයියේ. අපිට බැරි වෙයිද දිලුම්ට අධාර පිනිස කියලා මෙහේ සංගීත සැඳෑවක් තියලා ෆුන්ඩ්‍රයිස් කරන්න”
“ඇත්ත තමයි අපි කීය කීය හරි දාන එකට වැඩිය අපි හමෝම එකතු වෙලා කලොත් සෑහෙන ගානක් එකතු කර ගන්න පුලුවන් වෙයි”
“බ්ලොග් ලියන කියවන අය ඔක්කෝටම ගොඩක් කනෙක්ෂන් තියෙන අයගේ. අපිට පුලුවන් වෙයි සල්ලි වලට නැතුව මානුශිකත්වය සලකලා ගීත ගයන ගායක ගායිකාවෝ ටිකක් සෙට් කර ගන්න”
“ඔව් දුමියලගේ බෑන්ඩ් එකට පුලුවන් සංගීතය සපයන්න. අනික දුමියගේ ගම හාමිනේ සංගීත විශාරදනේ එයාටත් කනෙක්ෂන් තියෙනව මම හිතන්නේ”
“ලංකාවේ බ්ලොග් ලියන අයටත් පුලුවන් නේද ඒ වගේ දෙයක් ඕගනයිස් කරන්න”
“ඔව් මරේ, වැප්, මාරයා, රචියා, සුදාරක, ඇන්ෂු, චමිල, මලිය, හරේෂ්, සඳුන්, ලසිතය, ලිෂාන්, හසිත් ප්‍රසංග, සචී, හෂිත, ඩෝසා, නීනු, ඩීප්ස්, කනියා, පහන්, කාලිංග, තිලිණ, ඉන්දරේ, බනියා, යෝගියා, රවා, හරී, රන්දිකා, තනෝජා, නලින්, ජනිතා, අභියා, බුද්ධි, දිල්ශාරා, අනුරාධ, පසන්, මාරයා, රේවන්, විෂ්මි, වත්සලා, පබලු , පිනි පලස, කලිකාල, පූසෝ සෙට් එක, හසී පවුල, තරිඳු, බුධාජීව, රත්ගමයා, තමිර, වත්සලා, නුවන්, සඳරු, වගේ අයට එහෙම පුලුවන් වෙයි ඕගනයිසින් වැඩ බාර ගෙන බෙදල දෙන්න”
“තවපැතුම්ට එහෙම පුලුවන් එයා ලියන පත්තරෙන් එහෙමත් හෙල්ප් එකක් අරන් දෙන්න. රංග, ප්‍රදීප් කොටුවේගෙදර, කොට ජීවිතේ, පාසල් චාමි, එහෙනම්ත් එයාලගේ ෆුල් සපෝර්ට් එක දෙයි”
“බස් ග්රූප් එකකුත් ඉනන්ව නේද අයියේ”
“ඔව් එයාලත් බ්ලොග් ලියන අයම තමයි. කුෂාන්, ෆා, ජේඩී, සෝරෝ, නිෂ්, සිරකරුවා, හා පැටික්කි, සෝඩා ගුණේ, සුදු හංසි, චානිකා ඉන්දීවරි, එතනත් ඉනන්ව හෙන සෙට් එකක්”
“බයිස්කෝප් සෙට් එක"
“අහ් ඔව් ඉසිර, වාසල, සරදියෙල්, රොයිලි තව ඉන්නව කට්ටිය”
“පිට රටවල් වල ඉන්න අය කවුද”
“කතන්දර, අරුණි, රංගි, චානක, පොඩි කුමාරිහාමි, චේජනා, දිනේෂ්, ගීත්, කමලිකා, ඉංදික, වැම්පයර්, හෙලයා, ඉශාර, ඇන්ත්රැක්ස්, පාලිත, බන්දුල රුවන්පුර, ඔබ්සර්වර්, සුලා, රොකියා, තිසා, දුමී, මම, ඩීන්, සුදම්, ඉසිඹුව, පුතා ඔක්කෝගෙම නම් මතක් වෙන්නෙත් නෑ අප්පා”
"තව රාමචන්ද්‍ර, ශාන්, බියෝන්ඩ් ෆ්‍රේම්, ටැබූ, බූන්දි, තිසර, වගේ අයටත් කියන්න පුලුවන් උදව් කරන්න කියලා “
"ඔය තියෙන්නෙ . . මේ ඔක්කෝම අය සෙට් වුනොත් අනිවාර්යෙන් මේ වැඩේ පහසුවෙන් කරන්න පුල්වුන් අයියේ.
කොහොමද කරන්නේ.
1. ඉලන්දාරියා (දිලුම්) ව නිතර ටච් එකේ තියා ගන්න ඕන.
2. සංන්විධාන කටයුතු සඳහා මට මඟ හැරුනු ඔබට මතක අයගේ නම් සඳහන් කරන්න.
3. සංන්විධාන කටයුතු සඳහා ග්රූප්ස් කීපයක් සෑදිය යුතුය.
4. එක එක ග්රූප් එකෙ අය කතා වෙමු අපි මොන වගේ දෙයක් ද ෆන්ඩ්‍රයිස් කරන්න කරන්නේ කියලා.
5. සංගීත සැඳෑවක් වගේ කරනවනම් අධාර පිනිස ගීත ගයන්න වාදනය කරන්න කමති දන්න කියන අය ගන අනිත් අය දනුවත් කරන්න.
6. මෙතනින් බලන්න පුලුවන් දිලුම් මල්ලිට සවි කල යුතු උපකරණයේ විස්තර. මෙඩිකල් ෆීල්ඩ් එකේ දැනීම තියෙන අය මේ උපකරණයට අදේෂක හොයලා අප දැනුවත් කරන්න. මාර්කටින් ගැන අත්දැකීම් තියෙන අය මෙය මිලදී ගැනීම සඳහා මිල ගනන් ගැන සොයා බලන්න.
7. මෙයට අමතරව මේ වැඩේ සාර්ථකව ඉටුකර ගනීම වෙනුවෙන් කල හැකියි කියා ඔබට සිතෙන දේවල් ලියන්න.
අපි සියලු දෙනා එකතු වී මේ දක්ෂ දරුවාට ඔහුගේ නැති වූ ශ්‍රවණ ශක්තිය ලබා දෙමු.
. . . . .
කමලිකා කියලා තිබුනා ඉලන්දාරියගේ බ්ලොග් එක ලෝඩ් වෙන්නේ නෑ කියලා. ඒ නිසා ඒ පෝස්ට් එකේ තිබුනු ටික මෙතන දාන්න හිතුවා.
~~නිහඩ ලොව බිදින්න~~
මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනා. හරිම සෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා. ඒත් කාලයා මගේ සතුට උදුරාගෙන එවෙනුවට කදුළුවල ඝනකම මට තිලිණ කලා. අද මම මේ ලියන හෑමදේම මට සටහන් කරන්නට තිබුනේ මීට හුග කලකට කලින්. මම මේ ගෑන සටහන තබන්නට සිතු සෑම මොහොතකම එය වෑලකී ගියා.
එත් අද මේ සියල්ල පවසා ඔබේන් උපකාරයක් බලාපොරොත්තු වන තරමටම කාලයේ අදෘශ්‍යමාන හස්තයට මම නතුවෙලා.
යමක් කමක් තේරෙන කාලයක ඉදලා මගේ තිබුන හිනය උනේ රුපවහිනි සංස්කාරක වරයෙක් වෙන්න. මම හෙමින් හෙමින් විවිද කඩයිම් පසුකරමින් ජිවිතේ ඉදිරියට ගෙවාදමමින් සිටියා.ඒ අතර තුරදී මට ලංකාවෙ ප්‍රසිද්ද රෑපවාහීනි වැඩසටහන් ආයතනයකින් මගේ සිහින රැකියාවට කැදවීමක් ලැබුණා...
මම ඉතාමත් ආශාවෙන් රෑකියවෙ නිරතවෙමින් තවදුරටත් රුපවාහිනී මාධ්‍ය පිලිබදව ඉගෙන ගත්තා. රුපවාහිනි අධ්‍යක්ෂනය, නිශ්පාදනය පිලිබදවත් මට ඉගෙන්ගන්න ලෑබුනා .. ඒ වගේම රූපවාහීණී වැඩසටහන් සහාය අධ්‍යක්ෂණයටත් අවස්ථාවන් ලැබුනා. නමුත් ඒ තනතුර හොබවන්නට මට අවස්ථාව ලැබුනේ එකම එක ඒකාන්ගික ටෙලි නාට්‍යයක පමණයි.. මේ කාලයෙදි තමයි මගේ ජිවිතේ සතුටින්ම ගතකරපු කාලය, ඒත් ඒ සතුට පෑවතුනේ ඉතාම කෙටි කාලයක් පමනයි ... මේ කාලය තමයි මගේ ජිවිතේටකනකොකා හඩන්න පටන් ගත්තේ.. මම දෑක්ක හෑම හීනයක්ම මගේ ඉදිරියේදීම බොදවෙලා සේදිලා ගියා.
හිටි හැටියෙම මගේ එක කනක ශ්‍රවනය දුර්වල උනා. ඒ එක්කම ටික දවසකින් එය සම්පුර්නයෙන්ම නෑසීගියා. එවගේම අනිත් කනෙත් ශ්‍රවනය දුර්වල වෙන්න පටන් ගත්තා. පළමු කනේ ශ්‍රවනය දුර්වල වෙන්න පටන් ගත් මොහොතේ සිටම අද දක්වාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු උනා. නමුත් අවාසනාවට මගේ කන් දෙකේම ශ්රවණතත්වය පහල යාම නතරකරගන්නට බෑරි උනා. සියල්ල මෙසේ වෙද්දි මාස තුනක කාලයක් සදහා මට ශ්රවණාධාරකයක් බාවිතා කිරීමෙන් පිහිටක් ලබා ගත්තා. නමුත් තව තවත් මගේ කනට සම්බන්ධ ස්නයු දුර්වල වුනා. මගේ ඈසෙමින් තිබු එකම කනත් නෑසී ගියා(බිහිරිඋනා). මෙ සියල්ල සිදුවී දෑන් වසර එකහමාරක ටත් වඩා කාලයක් මම බිහිරි බව විදිමින් සිටිනවා. මේකාලය තුල මම ජිවිතේ දී වින්ද වේදනාව කියා නිම කරන්නට මට පුලුවන් කමක් නෑ.. . ගොඩක් වෙලාවට මගේ බ්ලොග් එකේ මම මගේ දුක කවි ලෙසින් පිට කලා.
මම කෙමෙන් කෙමෙන්න සමාජ ගතවිම අත්හරිනු ලෑබුවා. ගෙදර අය පවා යමක් මට පෑවසීමට ඈත්නම් කොලකෑලිවල ලියා දෙමින් අදටත් ..මා සමග සංනිවේදනය ගොඩනෑගිමට මහත්වු ප්රයත්නයක් දරමින් සිටිනවා.මම ගෙවාදෑමු මුසල කාලය පුරාවටම මම මගේ යහලුවන් ගෙදර අය සහ බොහෝ දෙනා සමග අදහස් හුවමරු කලේ කොල කෑලිවල ලියමින්. වෛද්‍ය වරුන්ගේ මතය වී ඈත්තේ තවත් අනපේක්ෂිත කාලයකින් මගේ කතා කිරිමත් නෑතිවනු ඈතිබවයි.
ජාතික රොහලේ උගුර කන නාසය පිලිබද ප්‍රධාන විශේෂඥ වෛද්‍ය ශාන්ත පෙරේරා යටතේ සෑත්කමක් කල අතර එයිනුත් කිසිම ප්‍රතිඵලයක් සිදුවුනේ නෑ ... නමුත් දෑන් මාහට ශ්‍රවනය නෑවත ලබා ගෑනීමටනම් කර්නශන්ඛ බද්යක් කලයුතු බව වෛද්‍ය නිගමනයයි. ඒසදහා අවශ්‍ය කරන උපකරනය ගෙන්වා ගෑනීම සදහා යන වියදම වු රුපියල් ලක්ශ 30(මිලියන 3) ක්වු විශාල වියදම මටවත් මගේ පවුලේ කිසිවෙකුටවත් දෑරිය නොහෑකි මුදලක්...
මගේ නෑදයනුත් මම මෙතෙක් කල් හම්බ කල මිතුරනුත් ඔවුනට හැකි ලෙසින් උදවු කිරීමට ඉදිරිපත් වෙමින් සිටිනවා. ජනාධිපති අරමුදලෙනුත් මුදලක් බලාපොරොත්තුවෙන් සිටින අතර මා සමග මගේ ‘ඉලන්දාරියා’බ්ලොග් අඩවිය සමගින් මා හා ඒකාත්මික වු වර්චවල් මිතුරන්ගෙනුත් හැකි උපකාරයක් බලාපොරොත්තුවෙන් මාගේ මේ සටහන තැබීමට සිතීමී.
මා මෙවැනි සටහනක් තැබීමට කිසි දිනකත් නොසිතුවෙමි නොපැතුවෙමි. නමුත් මිනිසුන් අසරන වන්නේ නොපැතූ නොසීතු අවස්ථාවන් වලදීය. මාගේ බ්ලොග් අඩවිය තුලින් මා ගොඩක් හිතෛහී මිතුරන් හදුනා ගත්තා. වර්චුවල් අවකාශයෙන් තොර අවංක බැදීම් ඇති කර ගත්තා. සමහරුන් මා රෝහල් ගත වී සිටි කාලයේ මාගේ සුවදුක් විමසීමට පැමිණියා. වචනවලින් උවත් බ්ලොග් මිතුරන් මාව සෑහෙන දිරිමත් කලා. ඔවුනට අනේක වාරයක් ස්තූති. ඒ වර්වුල් මිතුරු කමවත් මට නොපැවතුනානම් මගේ ජීවිතය කිසිදු ශබ්දයක් නොමැති කලු වර කාමරයක තනිවුනා හා සමානයි මට වරෙක සිතෙයි.
ඉතින් මිතුරනේ මා හා ලැබැදිව සිටි ඔබගෙන් මා මේ උපකාරයක් බලාපොරොත්තු වන වෙලාවයි. ඔබට හැකියාවක් ඇතිනම් මට මගේ ආබාධය සුව කර ගැනීමට අත් වැලක් වෙන්න ඔබට අනේක වාරයක් ස්තුතියි. මේ සමග මගේ රෝගය හා ඒ සම්බන්ධ ලිපිද ඉදිරිපත් කරමි.
ස්තුතියි!.
විමසිම්
0772332071
0718050116
facebook :
D.M.D.T.B. දිසානායක
බෑංකු ගිනුම් අංක 71408612
(ලංකා බෑංකුව මාතලේ )

