Thursday, May 6, 2010
සතුටයි කිරුළ අපේ . . . . !
"මල්ලී දන්නවාද ශාන්ත අයියා තමයි මේ ලොකේ හොඳම පිරිමියා . . . හොඳම සැමියා . . . "
වාහනය පැයට කි.මී. 120සේ අධිවේගයී මාර්ගයට අවතීර්ණ වී පලමු වේග සීමා කැමරාව පහු වුනු ගමන්ම වේගය පැ.කි.මී. 135ට වටා වැඩි කල සැනින් ඉදිරි අසුනේ හරි-බරි ගැසී වාඩිවූ මිනෝලී අක්කා පැවසුවේ ඉදිරිපස වීදුරුවෙන් එහා හිස් අවකාශය දෙස නෙත් යොමා ගෙන . ..
මගේ දෙකනින් පටන් ගත් හිරි වැටීමක් බඳු හැඟීමක් . . . බෙල්ල . . පිට . . හරහා දෙකකුලේ මාපටඟිලි දක්වා දිව වනු මැට දැනුනා.
ඒ හිරියත් සමඟම වේගය යලිත් වරක් 120 පමණ දක්වා අඩුවූ බව වේග සීමා මාපකයෙන් දුට මා වෙනසක් නොපෙන්වා යලි 135ට වටා වැඩි වේගයක රඳවාගෙන ඉදිරිපස මැද කන්නාඩියෙන් පසුපස බැලුවේ පසුපස ආසනයේ කුඩා දරුවා සමඟ ඉඳගෙන උන් මිනෝලි අක්කාගේ සේවිකාව මේ සංවාදය කෙරෙහි සවන් යොමා සිටිනවාදැයි පරීක්ෂා කර බැලීමට.
"මැනිකාගෙයි මගෙයි රහසක් නෑ මල්ලී. දුකට සැපට මගේ ලඟ ඉන්න මැනිකා මට මගේ සහෝදරියෙක් වගේ" මා පසුපස බැලූ කාරණය වැටහුනු මිනාලි අක්කා පැවසුවේ තවදුරටත් කලින් මෙන් හිස් අවකාශයෙන් මුහුන ඉවතට හරවා නෙගෙනම.
අප ගමන් කරමින් සිටියේ ඇගේ නිවසේ සිට කි.මී. 150කට පමන එහා තිබූ ගුවන්තොටුපල වෙත.
පිටරටෙක දී මිතුරෙකුගේ මිතුරියක් ලෙසින් හඳුනා ගත් අපි . . . දැනහඳුනාගෙන කෙටි කලෙකින් ඇගේ මානව දයාවේ බල මහිමයෙන් . . . කුඩා කල සිට එකට හැදී වැඩුනු සොයුරු සොයුරියන් මෙන් වීමු.
මගේ ම අක්කා හැරුනු කොට මතක ඇති කාලෙක අක්කා කෙනෙකුගේ නියම සෙනෙහසින් මට සැලකූ අක්කා කෙනෙක් ලෙස ඈ මගේ සොයුරු සෙනෙහස නිතැතින්ම හිමිකර ගත්තාය.
සමහර විට ඈ සංසාරයේ කෙදිනක හෝ මගේම අක්කා වී සිටින්න ඇති.
වසර ගනනක් එකට එක කුටුම්බයේ ජීවත්වන මුත්, කොතරම් හොඳ සැමියෙක් ලැබුවත් මිය යන තෙක්, මිනී පෙට්ටිය වසද්දී පෙට්ටිය බදාගෙන
"අනේ රත්තරනේ ඔයා කොයි තරම් හොඳ මිනිහෙක්ද . . ඔයා වගේ ආදරයෙන් සලකන මිනිහෙක් මේ ලොකේ නෑ දෙයියනේ"
කියා ප්‍රාණය සුන්වුනු කලේබරයට පවසන තෙක් සැමියගේ හොඳ අගය කරන බිරියන් නොදුටු . . . මුන නොගැසුනු . . . ලෝකෙක ජීවත් වූ මා . . . ජීවිතයේ පළමු වතාවට බිරිඳකගේ කටින් සැමියා පනපිටින් සිටියදී ඔහුගේ ගුණවැනුම් අසා සිටියදී සියොලඟ හිරියකින් වෙව්ලා යෑම අහම්බයක් ලෙස ඔබට සිතෙයිද . . ?
. . . . . .
මගේ මිතුරු තුෂාර ඔහුගේ බිරිඳ අනුරාධා මා නදීශා අපගේ පවුල් දෙකත් තව මිතුරු පවුල් කීපයකුත් සමඟ විනෝද චාරිකාවක යෙදෙද්දී අප අතර ඇතිවූ කතාබහක් මෙවැනි අවස්තාවක නිතැතින් සිහිවෙනවා.
“තුෂාර : මේ ගෑනුන්ට කොයි තරම් හොඳ මිනිහෙක් ලැබුනත් කිසිම වැඩක් නෑ . . කිසිම වටිනාකමක් නෑ. අගය කිරීමක් නෑ”
“මම : ඒකනේ සීයට සීයක් සම්පූර්ණ මිනිස්සු මේ ලොකේ නෑ නේ . . සීයට 95 ක් හොඳ එකෙක් හම්බුනත් මුන්ට මදි . .. “
“බිරින්දෑවරු දෙදෙනාම: (එකවර) අපිට ඕන කරන්නේ ඒ සීයට 5”
. . . . . .
“ශාන්ත අයියා මගේ අයියගේ හොඳම යාලුවා . . . . “
මගේ කල්පනා ලෝකය මිනෝලි අක්කා බිඳ දැම්මා.
“අපේ අම්මයි තාත්තයි රජයේ උසස් රැකියා කරපු අය. දෙන්නම හොඳ උගත්තු. එයාලා කවදාවත් අපිට බල කලේ නෑ කිසිම දෙයක් කරන්න කියලවත් කරන්න එපා කියලවත්. අපි ඉගෙන කාලෙ වත් අපිට බලපෑම් කලේ නෑ. හොයලා බැලුවා, අපි ට අසීරු වෙලාවල් වලදී ගයිඩ් කලා විතරයි. ඒ නිසාම අපි හතර දෙනාම හොඳට ඉගෙන ගත්තා. දෙන්නෙක් චාර්ටඩ් ඉන්ජිනියර්ස්ලා වුනා එක්කෙනෙක් ඩොක්ට කෙනෙක් වුනා එක්කෙනෙක් චාර්ටඩ් එකවුන්ටන්ට් කෙනෙක් වුනා.”
“ශාන්ත අයියගෙයි මගෙයි ලව් එකට ත් කිසිම ප්‍රශ්නයක් ආවේ නෑ . . . එකක් ශාන්ත අයියා ගැනයි අයියගේ පවුලේ අය ගැනයි අපේ ගෙදර අය හොඳින් දැනගෙන උන්නු එක. අනික ශාන්ත අයියගේ හොඳ ගතිගුන ගැන අපි හැමෝටම තිබුනු විස්වාසේ. “
“අපි කසාද බැන්ඳට පස්සේ තමයි ශාන්ත අයියා පී.එච්.ඩී. එක කලෙත්.”
“අපි බොහෝම සංතෝසෙන් හිටියා මල්ලී. තුන්වෙනි දරුවා හම්බු වෙච්චි මුල් කාලේ තමයි ශාන්ත අයියා නොහිතපු විදිහට බීමට පුරුදු වූනේ . . . “
මම තවදුරටත් නිහඬතාවය රකිමින් රිය ධාවනයේ . . .
“ඒක හරියට අර මල්ලී ලඟ තියෙන සුනේත්‍රා රාජකරුණානායකගේ "පූර්ව ජන්ම අපූර්වය" පොතේ වගේ පෙර කරපු අකුසලයක් පල දුන්නා වගේ.”
“ශාන්ත අයියත් රජයේ ලොකු ජොබ් එකක් කරපු නිසාත් මම ප්‍රයිවෙට් කම්පනි එකක ඉහල පොස්ට් එකක වැඩ කරපු නිසාත් අපිට ආර්ථික ප්‍රශ්න කිසිදෙයක් මුලින් නොතිබුනාට අයියා බොන්න ගත්තාට පස්සේ ඒ හැම දේම වෙනස් වෙනන් ගත්තා. “
“ඒ තරමටම බිව්වාද??”
මම අහුවේ දිගටම නිහඬතාවය රකින එක නොසුදුසුයි කියා සිතුනු බැවින්.
"ඔව් මල්ලී. ශාන්ත අයියා හම්බුකරපුවයින් බීලා අසනීප වෙලා ප්‍රයිවෙට් හොස්පිටල් වලින් නිතර නිතර බෙහෙත් ගනන් වුනායින් නතර වෙන්න වුනායින් මගේ සල්ලී විතරක් නෙමෙයි මගේ සහෝදර සහෝදරයින්ගෙනුහ් මට සල්ලී ඉල්ලන්න වුනා ලමයින්ගේ වියදම් වලට එහෙම."
"කොයි තරම් කිව්වත් අයියා හැදෙන පාටක් පෙන්නුවේ නෑ"
"පස්සේ අපේ පවුලේ අය ඔක්කෝම මට එයාලට කරන්න සිදුවුනු අකමැතිම යෝජනාවක් කලා"
"ඒ මොකද්ද? මම ඇහුවේ කුතුහලයෙන්.
"ශාන්ත අයියාව අතහරින්න කියපු එක. ඒ වෙනකොට නංගීයි අයියයි ස්ටේස්ට්ස් වලයි යූකේ වලයි හිටපු නිසා එයාල කිව්වේ ඩිවෝස් වෙලා ලමයි ටිකත් අරගෙන මට එයාලා කාගේ හරි ලඟට එන්න කියලා.
"ඉතිං"
"ඒ වෙනකොට ශාන්ත අයියගේ බීම නිසා මම හෙම්බත් වෙලා අයියව එපා වෙන තරමට වෙලා තිබුනත් අයියව එහෙම ලේසියෙන් මට අතහරින්න බෑ කියලා මගේ හිත කිව්වා මල්ලී. අනෙක ශාන්ත අයියා ඒ දවස් වල බිව්වා වුනත් ඊට කලින් අයියා පුදුම හොඳ ගතිගුන තිබුනු කෙනෙක්."
"මම ඉතිං කලේ කිසිම ගෑනියෙක් නොකරන දෙයක් කරන්න තීරණය කරපු එක"
"ඒ මොකද්ද . . ?
"කිරි බිබී හිටපු මාස හයේ ළමයියි, ඉස්කෝලේ යන අනිත් ළමයින් දෙන්නයි අම්මල ලඟ දාලා ශාන්ත අයියවත් අරගෙන ඩුබායි වලින් මට ජොබ් එකක් හොයාගෙන ආපු එක"
"ඩුබායි . . ?" මම අහුවේ ප්‍රශ්නාර්ථයකින් . ..
"ඔව් මල්ලී, මම කලින් හිතුවේ ඩුබායි කියන්නේ අරාබි රටක් නිසා මෙහේ ක්ලබ් නෑ . . . බොන්න නෑ කියලනේ"
“හ් හ් ම් ම් ම්”
"කිරි බොන ළමයවත් අම්මලා ලඟ දාලා . . .?"
"ඔව් මල්ලී . . මට ශාන්ත අයියගේ ජීවිතේ විනාස වෙන්න දාලා අයියව අතහරින්න පුලුවන්කමක් නෑ අපි අවුරුදු 13ක් ලව් කරලා බැන්දේ . . එහෙම කලා නම් ලමයින්ට තාත්තෙක් නැති කලාට වඩා හොඳ මනුස්සයෙක් හදන්න මම කිසි දෙයක් කලේ නෑ කියලා මගේ හිත මට දොස් කියයි මම මැරෙනකම්ම"
"මම ළමයි තුන්දෙනාවත් ගෙන්න ගෙන මෙහේ ස්කෝල වලට දාලා මැනිකාවත් ගෙන්න ගෙන, ශාන්තඅයියට ත් ජොබ් එකක් හෙව්වා මෙහෙන්. ඒත් අයියගේ උගත්කමේ තරමට හොඳ එකක් සෙට් වුනේ නෑ."
"ආවට පස්සේ ටික කාලයක් ශාන්ත අයියා හොඳට හිටියා"
"මෙහේ ඇවිත් ටික කාලයයි . . ශාන්ත අයියා ආපහු බීමට වැටුනා. කෙටි කාලෙකට අයියා ජොබ් එකක් කලා එකෙන් ලැබුනු සල්ලි වලින් ආපහු බොන්න ගත්තා. පස්සේ මගෙන් සල්ලි ඉල්ලගෙන ඒවායිනුත් බොන්න ගත්තා"
"අයියෝ"
"ඔව් මල්ලී. . මට තව ඉවසන්න පුලුවන් කමක් තිබ්බේ නෑ . . .මම අයියට කිව්වා ආපහු යන්න කියලා"
"ඒ කියන්නේ වෙන් වෙන්න??
"මම දන්නේ නෑ මගේ හිතේ ඒ වෙලාවේ මොනා තිබුනාද කියලා"
"ශාන්ත අයියව එයාපෝර්ට් එකේ ඩ්‍රොප් කරලා මම ආවේ එක පාරක් වත් හැරිලා බලන්නේ නැතුව. ගෙදර ඇවිත් තමයි මම හොඳටම ඇඬුවේ. ඇයි අපිට මෙහෙම වුනේ කියලා හිතලා . . . "
"ශාන්ත අයියට ත් තේරුනා ඒ පාර වෙනදට වඩා ගොඩක් වෙනස් කියලා . . එයා ලංකාවට ඇවිත් තනියෙම හිතලා බොහොම මහන්සි වෙලා බීම නතර කරගෙන"
"පොඩ්ඩක් වත් බොන්නේ නැද්ද"
"නෑ මගේ යාලුවෙක්ට කියලා එයාට තිබුනේ ලෙඩක් කියලා ඒ කියන්නේ ඇඩික්ට් වුනු එක. දැන් ආපහු පරන අයියා මයි . . ."
"ළොකු ළමයි දෙන්නව කලින් යවලා මම මේ පාර යන්නේ ලොකූ සතුටකින්. අපි දෙන්නා දැන් මාස හයක් දැක්කේ නෑ මල්ලී. . . මට සිහිය නෑ දැන් ගිහින් ශාන්ත අයියව දකින කම් . . . "
මෙතුවක් කල් ඇගේ මුහුනේ නිතර රැඳුනු සිනාවට අමතරව අද උද්දාමයක්ද රැඳී ඇතැයි ඈ දෙස බැලූ මට සිතුනා . . . .
"මම මෙහේ ආවේ ජීවත් වෙන්න බැරුව සල්ලී නැතුව නෙමෙයි මල්ලී . . එක අරමුණක් වෙනුවෙන්. . .. ඒ අරමුණ දැන් ඉෂ්ඨ වෙලා තියෙනවා"
"මට ආපහු පරන විදිහට සංතෝසෙන් ජීවත් වෙන්න පුලුවන් වෙයි මල්ලී . . . මට විස්වාසයි ඒක . . . "
නිරංජලා සරෝජනී ගායනා කරන ගීයක කොටසක් මගේ සවනට පාවී ආවා . ..
"රජෙකුට හිමිවූ . . මා දැන් රැජිනකි . .. . සතුටයි . . කිරුල අපේ . .. "
මට සොයුරිකගේ සෙනෙහස නොලැබී යනවා වුවත් ඇගේ ත් ඇගේ කුටුම්බයේත් සෙහෙහස යලිත් දෝර ගලා යනු මනසින් විඳි මා ඈට ගුවන් තොටුපලේදී සමුදුන්නේ මගේ කලින් සටහනක් වූ "දුර්ග තරණය" පොතේ ඇග්නස් මෙන් මානව දයාවේ ගුණ සුවඳ විහිදුවා ජීවිතය ජය ගත් තවත් මානවිකාවක් ගැන මගේ මතක පොතේ පිටු අතර නොමැකෙන ලෙස සටහන් තබා ගනිමින්.
ඉදින් "සුරංගනා කතාවක් නොවූ ප්‍රේමයක කතාවක්" හි විහඟි වෙනුවෙන් ඇගේ කුටුම්බයේ ආරක්ශාවටත් ඇගේ සතුට වෙනුවෙනුත් සුභ පැතූ ඔබ සැම මිනෝලි අක්කාගේ ආදරයේ නාමයෙන් කල පරිත්‍යාගය අගය කරන්නත් . . .ඇගේ සතුට වෙනුවෙන් ඈට සුභ පතන්නත් මා සමඟ එකතු වෙනවා නොවේද . . .. ?
Subscribe to:
Post Comments (Atom)
අනිවා.....
ReplyDeleteබොන එක ප්‍රමානෙට කරන්න පස්සෙ බොන්න එන කට්ටියට තේරෙන්න නෑ.
එරියස් එකත් අල්ලල බොන්නෙ.
හැඟිම්බරයි..... නෑකමනම් පැහැදිලි මදි
අනිවාර්යෙන්ම අය්යේ...ඒවගේ කැපකිරීමක් කරපු,ඒ වගේ ආදරයක් දීපු, එහෙම කෙනෙකුට සුභ පතන්නේ නැත්තම් වෙන කාටද අපි ඒක කරන්නේ...එහෙම කෙනෙකුට වරදින්නේ නෑ අයියේ...
ReplyDeleteමාත් එකතු වෙනවා..
ReplyDeleteබැන්ද නම් එක්කෝ ගාණකට බොන්න ඔනි..නොබීම ඉන්නවා නම් තවත් හොදා..
නැත්නම් මම වගේ නොබැද..බිබී ඉන්න ඔන..
දැන් මට බනින්න පටන් ගන්න...
බැඳීමක් කියන්නෙ හැම විටම පරිපූර්ණ,තෘප්තිකරදායක මොහොතවල් අත්විඳිමක් නෙමෙයි. දුෂ්කර කාල පර්ච්ඡේද එනවා. වෙනස්වීම් අත් විඳින්න වෙනවා.
ReplyDeleteඑක වචනයක එහා මෙහාවක් නිසා බිඳීයන බැඳුම් අපි ඕනෙ තරම් දැකල ඇති. අවුරුදු ගණනාවක ආදරයක් උනත් සදාකාලික අමතකභාවයෙ ගිලෙන්න එක දුර්වලතාවයක් ඇති. එහෙම ගත්තහම මේ සටහනේ එන සොයුරිය ඒ තත්ත්වයන්ට මුහුණ දීපු ආකාරය ඇත්තටම අගෙයි.
මම සුබපතනවා ඒ සොයුරිය ඇතුලු සැමට.
හැමදාම ෂොට් එකක් දාන්නේ මොන කෙහෙම්මලකටද ?
ReplyDeleteස්ටෙලා වුන දවසට පොඩ්ඩක් ගත්තනම් හරිනේ.
අර "අක්කා" ව නම් අගය කරන්න ඕනෙ. මොකද බැඳීම් කඩාගන්න එක නම් හරිම ලේසියි. ඒකත් ඒවා පවත්වගන්න එක තමයි වටින්නේ මොන ප්‍රශ්ණ ආවත්.
ඔය වගේ බිරිදක් ලබන්න ඒ අයියා කොච්චර පින් කරල ඇතිද?
ReplyDeleteමේ කතාවේ කියවෙන සොයුරියගේ ආදරය මම අගය කරනවා දුකා අයියේ.... ජීවිතයේ සතුටේදී වගෙම බිරිඳකගේ උදවු අනිවාර්යෙන්ම අවශ්‍ය වුන මොහොතක දරුවන් නිසාවත් සැමියා තනි නොකරපු හින්දා........ඇය ගත් තීරණය නිවැරදියි...... ඒ නිසාම දරුවන්ගේ පියාත් තමන්ගෙ ආදර සැමියාත් නැති වුනේ නෑ........ සුබපතනවා ඒ පවුලටම.........
ReplyDeleteමේවට comment දාන්න අපි පොඩි වැඩිද මන්දා... :P
ReplyDeleteමගේත් සුබපැතුම්...
ReplyDeleteවිවාහය කියන්නේ කැපකිරිමක් ද?
ReplyDeleteඋගත් වෙලා, මේ තරම් හොඳ බිරිදක් ලැබිලා, දරුවෝ තුන් දෙනෙක් ලැබිලා ඉන්න මනුස්සයෙක් ඇයි බීමට පුරුදු වුනේ...
ReplyDelete"මත් රකුසා" කියලා කියන්නෙ ඒක හින්දා වෙන්න ඇති. ඒත් ආදරයෙන් පුළුවන් ඒ රකුසත් පරද්දන්න. මමත් එහෙම පැරද්දුවා. ආදරය හින්දා.
සුන්දර අවසානයක්... ස්තූතියි අයියේ !
ඇස් දෙකට නැගෙන්න ආපු කඳුලක් කම්බුල් දිගේ බේරෙන්න කලින් සුලඟිල්ලෙන් පිහදාගන්න ගමන්ම ලිපියෙ අන්තිම ටික කියෙව්වා.
ReplyDeleteමේ ලිපිය ගැන අදහස් දක්වන්න මමනම් තාම මෝරල මදි කියලයි මට හිතෙන්නෙ.
ReplyDeleteඒත් එක දෙයක් කියන්න ඕන.
ඒ වගෙ හිතවතියක් ලැබෙන්න අයිය පින් කරල තියෙනව වගේම අයිය වගේ හිතවතෙක් ලැබෙන්න ඒ අක්කත් පින් කරල ඇති.
හ්ම්ම්ම්.......
ReplyDeleteනියම කතාව...අනේ අනේ...බොන්න ගියාම නැතිවෙන දේවල් ගැන කියල වැඩක් නෑ...
ReplyDeleteඒ පුංචි කැදැල්ල ආයෙත් සතුටින් පිරේවා කියල පතනවා මල්ලියෝ..
ReplyDeleteදුකෝ....
ReplyDeleteපළමුවෙන්ම, සියළු කරදර ඉවසා ආදරය "විශ්වාසය" කරගත් ඒ "පතිනිය" පිළිබඳව හදපිරි ගවුරවය..!
මිනිසුන්ගේ වැරදි පැත්තට වඩා හැම විටම හොඳ පැත්ත දකින මනුශ්‍යයෙක් හැටියට මගේ ඒ දර්ශණය ප්‍රකාශණය කරවන මෙවැනි සිද්ධීන් මාව කුල්මත් කරවනවා...
උඹට පින් ....
මේ,
සුලා..
හරිම සංවේදී සිද්ධියක්..ඒ දෙන්නට සහ දරුවන්ට මමත් සුභ අනාගතයක් පතනවා..
ReplyDeleteදුකා අයියේ අනේ ඔයා හොද හින්දමද මංදා ඔයාට හම්බවෙන මිනිස්සුත් මේ තරම් හොද.හැබැයි ඉතින් හම්බෙන හැමෝමත් මෙහෙම නෑ නේ අයියේ.මං ඔයාගේ පරන post කියෙව්වේ නෑ කියලා කව්ද ඔයාට කිව්වේ.මං blog එකක් හදා ගන්න කලින් ඉදලම ඔයාගේ post බලලා තියෙනවා අයියා.....හ්ම්ම්ම්
ReplyDeleteඅයියෝ අමතක උනානේ අර තුන් හතර දෙනාට සුභ පතන්න.ඒ මුලු පව්ලටම අයේ කවදාවත්ම ඒ වගේ නරක . දුක්බර අත්දැකීමකට මූණ පාන්න වෙන්නේ නැතිව චීරාත් කාලයක් ඔය දෙන් හිතේ තියෙන සතුට වගේම සතුටකින් ඉන්න ලැබේවායි පතනවා දුකා අයියේ මාත්
ReplyDelete@මාතලන් !
ReplyDeleteහිතවත්කම තමයි නෑකම . . . !
මගේම අක්කා වගේ මට සැලකූ හිතවතියක් . . . !
@චමීදේවා!
ඔව් චමී අපිත් නිතරම ප්‍රාර්ථනා කරනවා අගේ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉටුවෙන්න කියලා . ..
@මාරයා!
නෑ නෑ උඹට බනින්නේ නෑ උඹ එහෙමටම බොන්නේ නෑ නේ . . . ඒත් බීලා හෝ නොබී වටින ජීවිතයක් නැති කර ගන්න එකට නම් කැමති නෑ . . ඒත් උඹ එහෙම්ම නාස්ති කර ගන්නේ නෑ නේ . ..
@Raven !
ReplyDeleteඇත්ත මලේ ලොකු වැරදි නෙමේ බොහෝම පොඩි වැරැද්දකට වත් සමාවක් දෙන්න තරම් මෘදු හිත් නැති කමින් ජීවිත ගනනාවක් විනාශ වෙනවා මම ත් දැකලා තියෙනවා . . .එහෙව් ලොකේ මේ අක්කා මහා වීර චරිතයක් . . .
@මිස්සක!
ඔව් මලේ . . . මනුස්ස සබඳකම් හරියට වීදුරු බඩු වගේ බිඳුනොත් ඉතිං බිඳුනාම තමයි කොයි තරම් උත්සාහ කලත් ඇලෙව්වත් පරන ලස්සන ගනන් බෑ නේ . . .
@Grey!
මේ සිදුවීමට කලින් ඉඳන්ම ඒ අයියාත් හැමෝටම කියන්නේ බඳිනවානම් අක්කා වගේ ගෑනියෙක් තමයි බඳින්න ඕන කියලලු . . .
@විශ්මි
ReplyDeleteඅනිවාර්යෙන් නගේ ඈ අගය කලයුතු කාන්තාවක්. මේ වගේ මාතෘත්වයේ හා ස්ත්‍රීත්වයේ නියම වටිනාකම අඳුන ගත්තු කාන්තාවෝ නිසා තමයි වටිනා මනුස්සකම් අඳුනන ඊලඟ පරම්පරාවක් බිහිවෙන්නේ . . .
@CD Athuraliya !
ඇයි එහෙම හිතන්නේ මේ වගේ දිරිය කාන්තවෝ අපිට නිතර මුන ගැහෙනවා අපි ඒ අයගේ ජීවිත දිහා විශේශ බැලීමක් කරන්නේ නෑ කොයි වයසේ හිටියත් . . ඒක වැරදියි . . .අම්මා ගැන හිතන්න . . . කවදාවත් අම්මට කියලා තියෙනවද අම්මා කොයි තරම් ලොකු කාරියක්ද කරන්නේ කියලා . ..
@'සුළඟ'!
ස්තූතියි අපේ හැමෝම එක්ක එකතු වුනාට සුභ පැතුම් වලට
ලියන්නෙ මොනවද කියලා හිතා ගන්න බැරි උනාට මේක කියවලා මොනවදෝ ගොඩක් දෙවල් හිතෙනවා...
ReplyDeleteලියන එක ගොඩක් වටින වැඩක්. ඒත් ඒ ලියන දේ වැදගත් විය යුතුයි. මැට්ට්ටෙක් වගේ අරුත්සුන්දේ ලියන්නෙ නැතුව එහෙමත් නැත්නම් අනුන්ගෙ පස්ස්ස හොදන්න්න යන්න්නෙ නැතුව කාට හරි වැඩක් තියන දෙයක් ලියන්න ඔන. ටයිප් කරන්න පුලුවන් උණු පලියට හිතන්න එපා තමුන් ලේඛකයෙක් කියල. ඔක ඇත්ත්තටම මානසික ලෙඩක්. තමුන්ගෙ බිරියගෙ හරි වෙන කාගෙ හරි මගුලක් දිගැරගෙන කුනුහරුප ලියන්නෙ නැතුව කාට හරි වැඩක් වෙන දෙයක් ලියන්න්න උත්සාහ කරනව. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම මානසික රොහලකට ගිහින් ප්‍රතිකරයක් කර ගන්න්නව.
ReplyDelete@වත්!
ReplyDeleteමම එහෙම හිතනවා . . .
විවාහය පමනක් නෙමෙයි ආදරයත් පරිත්‍යාගයක් නේද . . ?
@මින්දද!
ඔව් මලේ . . .මත් වතුර පමනක් නමෙයි ඕනෑම ප්‍රශ්නයක්, අභියෝගයක් ආදරේ කියන දෙයින් විසඳන්න පුලුවන් මම හිතන්නේ . .
@අනුරාධ !
ස්තූතියි ඒ වගේම අනාගතයේදී හෝ වර්ථමානයේදී තමන්ගෙත් අනුන්ගෙත් ජීවිත කරදරයක හෙලන්න වෙන දෙයක් නොකරන්නත් හිතන්න පුලුවන් නේද මේ කතාවේ විදිහට . .
@මතක මංපෙත !
ලෝකේ 100% නිවරදි පුද්ගලයෝ නෑ නේද . . ? කෙනෙකුගේ වැරද්දකට සමාව දීලා ඒ කෙනා ඒ වැරැද්දෙන් නිවරදි කර ගන්න උත්සාහ දරනවනම් ඒ කෙනා වෙනුවෙන් මොනාහරි දෙයක් අපිට කරන්න පුලුවන් නේද . . ?
@ කනපිට
ReplyDeleteදුකා මේ ලිපි වල කොහේදිවත් කියල නෑ තමන් ලේඛකයෙක් කියල. අපි ඔහුගෙ ලිපි කියවන්නෙ අපේ ජීවිත වලටත් හිතන්න යමක් මේ ලිපිවල තියෙනව කියල අපිට හිතෙන නිසා.
අපි හැම දෙනාටම තම තමන්ට ආවේනික රසවින්දනයක් තියෙන්ව. මේ ලිපි ඔබේ රසවින්දනයට ගැලපෙන්නෙ නැත්නම් තමන්ගෙ රසවින්දනයට ගැලපෙන ලිපි තියෙන තැනක් හොයාගෙන යන්න. ඒ ගැන මේ කවුරුවත් අමනාප වෙන එකක් නෑ කියලයි මටනම් හිතෙන්නෙ.
ඒත් කෙනෙක් ඔබට අවශ්‍ය ඔබ බලාපොරොත්තු වෙන දේම නොකල පලියට ඒ කෙනාට පිස්සෙක් කියනවනම් මුලින්ම ඔබ මානසික රෝහලකට හිහිල්ල පරීක්ෂාවක් කරගත්තොත් හොඳයි කියලයි මටනම් හිතෙන්නෙ.
@යසසි!
ReplyDeleteස්තූතියි
@Buddy --බඩී!
ඒක ඇත්ත . . ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියනවනේ . .
@තනෝජා රාජපක්‍ෂ !
මගේ ප්‍රාර්ථනාවත් ඒකමයි . . .
@සුලා!
ස්තූතියි සුලා . . මාත් ගොඩක් වෙලාවට මිනිසත්කම දකින්නේ උඹ කිව්ව විදිහටමයි. ඉඳහිට නරක පැත්තක් දැක්කත් ඒ වගේ වෙන්න ඒ කෙනාට හේතු තියෙනවා කියලා හිතලා මගේ පැත්තට බරක් දාගෙන ඒ කෙනාගේ නරක මට බරක් කර ගනෙන නැතිව ඉන්නත් මම ගොඩක් වෙලාවට උත්සාහ කරනවා.
@Naya !
ස්තූතියි නයෝ
@ දුකා
ReplyDeleteඔයා කියන දේට මම 100% එකඟයි. කෙනෙක් තමන්ට වෙච්ච වැරදි වලට සමාව දීල ඒ කෙනා ඒ වැරැද්දෙන් නිවැරදි කරන්න හදනවනම් ඒ වෙනුවෙන් අපිටත් කරන්න පුලුවන් දෙයක් කරන එක අපේ යුතුකම. ඒකට තමයි නියම මිත්‍රත්වය කියන්නෙ.
ඒකයි මම කිව්වෙ "අයිය වගේ හිතවතෙක් ලැබෙන්න ඒ අක්කත් පින් කරල ඇති" කියල.
ඒත් පවුල් ස්ංස්ථාව ඇතුලෙ වෙන හැලහැප්පීම් ගැන ප්‍රසිද්ධියෙ අදහස් දක්වන්න තරම් මම තාම මෝරල මදි කියලයි මටනම් හිතෙන්නෙ.
@මම !
ReplyDeleteජීවිතය හරියට ඔංචිලාවක් වගේ කියලා හිතෙනවා වෙලාවකට. ඔයා අනෙක් අයට හොඳින් සලකුවොත් අනෙක් අයත් ඔයාට හොඳින් සලකනවා. මට හොඳ අය ඇසුරු කරන්න ලැබෙන්නේ ඒ නිසා වෙන්න ඕන . .
අපි හැමෝගේම ප්‍රාර්ථනා ඒ අයට ආශීර්වාදයක් වේවී කියලා මට විස්වාසයි.
@පුර සඳ!
මොනවා හරි කමක් නෑ ගන්න දෙයක් තිබුනානම් ඒ ඇති
@කනපිට!
කනපිට . . කනපිටට කියවලා වගේ . . !!
@මතක මංපෙත!
අහ් මළේ මම ඔයාට යන්නේ කොහෙද මල්ලේ පොල් පිලිතුරක් නේද දීලා තියෙන්නේ . . සමාවෙන්න
ම් ම් කනපිට ගැන. . .ගනන් ගන්න එපා මළේ . . . ඒ මනුස්සයාට මොකක් හරි වැරදීමක් වෙන්න ඇති . .
@ දුකා
ReplyDeleteමගේ මුල්ම කමෙන්ට් එකයි ඒකට ඔයා දාපු රිප්ලයි එකයි සම්බන්ධ කරන විදිහක් ගැන මොලේ කුරෝලු වෙනකන් කල්පනා කරලත් හිතාගන්න බැරි උනා. ඒකයි නැවත පැහදිලි කිරීමක් කරේ.
කනපිට ගැනනම් ඉතින් දුක හිතෙනව. ඒත් ඉතින් අර කතාවක් තියෙනවනෙ "ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි" කියල.
@මතක මංපෙත!
ReplyDeleteහරි දැන් මතක් වුනා . ..
"මේ ලිපිය ගැන අදහස් දක්වන්න මමනම් තාම මෝරල මදි කියලයි මට හිතෙන්නේ"
කියලා උඹ කිව්ව එකට
වයස හා මෝරපු නොමේරූ දේවල් කෙසේ වෙතත් යතාර්තය තේරුම් අරගෙන කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන් කියන එකයි මට කියනන් ඕන වුනේ . . .
උදා විදිහට පුංචි කාලේ සිගරට් බොන එකෙක්ට බොන්න එපා කියලා පුංචි එකෙක් ම උපදෙස් දෙන්න පුලුවන්නේ . .
අන්න ඒ වගේ . ..
දැන් නෙ ඔයා කියන්න් හදන දේ මීටර් උනේ. ඔයා ලණුවෙ එක කෙලවරක ගැට දානව. මම අනිත් කෙලවරේ ගැට දානව. දැන් තමයි ඔන්න කොන් දෙක එකතු කරල ගැටයක් දාගන්න පුලුවන් උනේ. හික්ස්!!!!!!!
ReplyDeleteමේ වගේ අක්ක කෙනෙක් ලැබෙන්න ඒ අයිය ගොඩක් වාසනාවන්තයි කියල හිතෙනව....
ReplyDeleteකනපිට ගැන නම් හරි දුකයි ... හිහි
@දැලි පිහිය !
ReplyDeleteඅනිවාර්යෙන් ඒ අයියා වාසනාවන්තයෙක් . .. කොහොමත් අපේ කාන්තාවෝ වැඩි දෙනෙක් මේ වගේ වීර කාන්තාවෝ නමුත් අවසනාවට ඒ අය ගැන නිසි අගය කිරීමක් අපේ සමාජයෙන් සිදුවෙන්නේ නෑ . . .
එකතු වෙනවා මුළු හිතින්ම. ඒත් මෙහෙම කථා අහන්න නම් චුට්ටක්වත් කැමැත්තක් නැහැ. කොහොම හරි පවුල ඉහිරෙන්නේ නැතිව රැක ගන්න ඒ අක්කාට හැකි වුනාට සතුටුයි.
ReplyDelete@කනපිට
ReplyDeleteඔබගේ ප්‍රකාශය කියවා ඇතිවූයේ කෝපයක් නොව මහත් කණගාටුවකි. ඔබ ගැන මහත් අනුකම්පාවකි. ඔබට ඇත්තේ කනපිට ගැසූ මොලයක් බව වටහාගැනීමට ඔබගේ එම ප්‍රකාශය පමනක් සෑහේ. මතක මංපෙත විසින් ඔබට ලබා දී ඇති පිලිතුර ඔබේ කනපිට ගැසූ මොලය නැවත හොඳ පිට ගසා ගැනීමට මහත් රුකුලක් වනු ඇතැයි මම විශ්වාස කරමි. මතක මංපෙත විසින් පවසන පරිදි දුකා කෙදිනකවත් තමා උසස් ලේඛකයෙකු ලෙස තමාව වර්ණනා කරගෙන නැත. එහෙත් ඔහුගේ ලිපි කියවන අපටනම් ඔහු මහා ලේඛකයෙකි. මන්ද යත් ඔහුගේ වචන අපට කවදත් නිවැරදි මග පෙන්වන බැවිනි. ඔහුගේ ලිවීම අපේ ජිවිත වලට මහත් වූ ආදර්ශයක් ගෙන දෙන බැවිනි. ඔබ මේ විවේචනය කරන ලිපිය තුලින්ද ඔහු අපිට ලබා දෙන්නේ මහත් වූ පණිවිඩයකි. ඔබට එය වටහා ගැනීමට නොහැකිවීම ඔබේ අවාසනාවක් මිස ලේඛකයාගේ වරදක් නොවේ. ඔබගේ කනපිට ගැසූ මොලයට මෙවැනි වටිනා දෙයක අගය වටහා ගැනීමට නොහැකිනම් ඔබ කල යුත්තේ ඔබේ එම දුර්වලතාවය මෙලෙස ප්‍රදර්ශනය කිරීම නොව ඔබගේ මානසිකත්වයට ගැලපෙන ලිපි සොයා යෑමයි. අනෙක් කරුණනම් උසස් ලේඛකයෙකු කෙසේ විය යුතුදැයි අර්ථකතනය කිරීමේ අසාර්ථක උත්සහායක යෙදෙන ඔබේ බ්ලොග් අඩවිය තවමත් හිස්ව පැවතීම ඉතාම කණගාටුවට කරුණකි. ඔබ ප්‍රකාශ කරන අන්දමේ උසස් ගනයේ කාටත් වැඩක් වන අන්දමේ ලිපියක් ඔබම ලියා පෙන්වනවානම් එය අපගේ මහත් සතුටට හේතු වනු ඇත. මන්ද උසස් ලිපියක් කෙසේ විය යුතුදැයි දැන ගැනිමට අපද කැමති බැවිනි. ඔබට එසේ කල නොහැකිනම්, මගේද අදහස වනුයේ මානසික රෝහලක් කරා යෑමේ කාලය ඔබහට එළඹ ඇති බවයි.
දුකා අයියෙ හැමදාම ඔයා ලියන කතා හරිම ආදර්ශමත් නිකන් කියවල විසි කරන්න නෙමෙයි. කාට හරි වැදගත් වෙන දෙයක් තමයි ඔයා හැමදාමත් ලියන්නෙ. විෂේශත්වය තමයි. ඒ කතා කල්පිතයක් නොවෙන එක. මේ කියන අක්කගෙ කැප කිරීම මමත් අගය කරනව.
ReplyDeleteමචන් දුකා,
ReplyDeleteඔයා කලින් post එකේ මට කරල තිබුන reply එකට කියන්න යමක් තිබුනත්, ඒක එතන නොකිය මෙතන මෙහෙම කියන එක හොන්දයි කියල හිතුන.
මගේ තර්කය උනේ ඔයාගෙ ශෛලියත් සුජීවගෙ වගේ(අපි ඒකට මල් පත්තර ශෛලිය කිවුවොත් වඩා නිවැරදියි ) සහ එහෙම ලියන ඔයත් සුජීව ලියන ඒව පහත් කරල, ඒවගෙ කිසිම හරයක්, ගතයුත්තක් නෑ කීම වරදියි කියන එකනෙ. අපි වැඩි දුර නොගිහින් මේ දැන් උඩ ලියල තීන කතාවම ගමු.
ඔයාගෙ මේ එකේ කතාව ඇත්ත වෙන්න ඇති, ඒත් මල් පත්තරවල මේ වගේ කතා දුසිම් ගනන් හොයාගතෑකි. ඉතින් මෙහෙම ඒවා ලියන්නෙ අනික් අයට පාඩමක් වෙන්න, සමාජයට දැනමුතුකමක් දෙන්නනම් ( නිකන් අහපු, දැකපු, වින්දපු කතන්දරයක් කියනව නොවී ) මේකෙනුත් ඔය කියන් ප්රබුද්ද ඉහල රසයක්, මහ විසාල සමාජ දැක්මක් ලැබෙනවනම්, ඇයි සුජීවල ලියන ඒවගෙන් එහෙම නොවෙන්නෙ කියන් එක නම් මට පැහදිලි මදි.? අනික ඔයා 120 ට යන්න පුලුවන් පාරෙ 135 ට යන එවා එහෙම කියන්නෙ, කැමරාව නැතිතැන නීති කඩන හැටි කියන්නෙ සමාජයට මග පෙන්වන්නද, නැත්තන් මන් පොරක් කියල කියන්නද කිය්ල ටිකක් හිතා ගන්න අමාරුයි.
ප.ලි-
මන් මේ ටික කිවුවෙ කාගෙවත් හිත් රිද්දන්නවත්, පරිභව කරන්නවත් නෙමේ, මම මේ blog එක දකින විදිය සහ මේ ගන මට තීන විවේචනය හක්කේ එකයි බොක්කෙ එකයි නැතුව කෙලින්ම කිවයුතු නිසා.
@RanDil !
ReplyDeleteමේකත් එක් සත්‍ය කතාවක් . . . ඒත් ඇයි මේ වගේ කතා අහන්න අකමැති කියන එක නම් තේරුනේ නෑ නගේ. මම නම් කැමති මේ වගේ හැපී එන්ඩින්ග් තියෙන කතාවලට. ඒවා රියල් ඒවා වුනාම තවත් හැපී
@isimbuwa!
ReplyDeleteස්තූතියි නගේ අගය කිරීම ගැන . .
@Indika !
ReplyDelete120ට යන්න ඕන පාරේ කැමරා පහුවුනු ගමන් 135ට යන එක මෙහේ ගොඩක් අය කරන දෙයක්. ඒබව කිව්වේ ඒ වෙලාවේ එහෙම කියනවා ඇහුනාම ඇති වුනු ශොක් එක ගැන කියන්නයි. නමුත් එහෙම කියූ එකෙන් මම පොරක් කියලා හරි කැමරා නැති තැන්වල නීති කඩන්න කියලා හරි වැරදි ආදර්ශයක් දුන්නා කියල හිතෙනවනම් ඒ ගැන මගේ කනගාටුව ප්‍රකාශකරමි.
කාලය වැය කරගෙන අන්තරජාලයෙන් බ්ලොග් කියවන එකෙයි . . .සල්ලි දීලා පොත් අරගෙන කාලයයි මුදලුයි වැය කරගෙන පොත් කියවන එකෙයි මට නම් ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස දැනෙන්න නම් සල්ලි දීලා කරුණාසේන ජයලත්ගේ පොතකුයි සුජීව ප්‍රසන්න ආරච්චිගේ පොතකුයි අරගෙන කියවලා බලන්න කියලා මම යෝජනා කරනව.
බ්ලොග් ලියන්නෙක්ගේ කාර්‍යභාරයට වඩා ලේඛකයෙක්ගේ සමාජයට ඉටුවිය යුතු කාර්‍යභාරය විශාලයි. මම හිතනවා ඔයා ඒකට එකඟයි කියලා.
මගේ බ්ලොග් ලිවීමේ අරමුණ මගේ හා මා දන්නා අයගේ ජීවිත අත්දැකීම් වලින් බොහෝ විට වැරදීම් වලට මා හෝ ඒ අය මුහුන දුන් අකාරය ලිවීමෙන් මේ බ්ලොග් එක කියවන අය ඒ අයට ඒ සමාන අත්දැකීමකට මුහුන්න දෙන්න සිදුවූ විටෙක " අහ් අර බුවා මේ ප්‍රශ්නේදී මේ විදිහට කරලා තාම්යි අනාගත්තේ. ඒ නිසා අර විදිහට කරන එක තමයි හොඳ" කියලා වගේ සංසංදනාත්මක ව කල්පනා කරලා නියම තීරණයක් ගන්න අදහසක් ගන්න ඉඩක් ලබා දීම වගේ දෙයක් තමයි.
විශාල පාඨකයන් රැසක් ආකර්ෂනය කර ගැනීමේ හැකියාවත් ඇති නමුත් ඒ හැකියාවෙන් සමාජ මෙහෙවරක් ඉටු කරන එක පැත්තක දමා ඔහු පොත් ලිවීම මඟින් කරන්නේ යෞවන යෞවනියන්න් හා අයෝජන ප්‍රවර්ධන කලාප වල වැඩ කරන ආදී අයගේ අතේ තියෙන මුදල සූරා ගැනීම අරමුණින් කරන මාකටින් එකක් නැතිනම් බිස්නස් එකක් කියන මගේ හැඟීම නිසා තමයි ඔබ ඒ කල සංසන්දනයට මම අකමැති වුනේ.
ඕන තැනක කියවලා බලන්න මාව දන්න ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න මම කොයි වෙලාවක වත් මම පොරක් කියලා වත් මම ලේඛකයෙක් කියලාවත් කියනවද කියලා . . . මගේ මුල් කාලේ ඉඳම ලියපුවා කියවපු කෙනෙක් නම් ඔයා දකී මම නිතරම මගේ වැරදීම මගේ අඩුපාඩු වලටම හිනාවෙන කෙනෙක් කියන එක . . .
වැරදියට ගන්න එපා මට ඒ පුද්ගලයා එක්ක පුද්ගලික තරහක් නෑ . . තියෙන්නේ "සමාජයට දෙයක් කරන්න පුලුවන් අය ඒ දේ නොකරන්නේ ඇයි කියලා දේශපාලකයෝ එක්ක තියෙන තරහා ජාතියේම එකක් . ..
උඹ මාර යාලුවෙක් මචං, හොඳ මිනිස්සුන්ට හම්බ වෙන්නෙත් ඒ වගේම් හොඳ මිනිස්සු...
ReplyDeleteමේ වගේ කෙනෙක් ලැබෙන්න ඒ අයිය ගොඩක් වාසනාවන්තයි.
ReplyDelete:)
කතාවනම් කියෙව්වා. කොමන්ට් නම් කියවන්න වෙලාවක් උනේ නෑ. කොමන්ට් 1ක් දාන්න ඕනෙමයි කියල හිතුන...මේ අක්කගෙ කැපකිරීම් දැකලත් බීම නවත්ත ගන්න බැරි උනා නමි ලොකු වැරැද්දක්.එචිචර ආදරයක් ලබන්න පිං කරන්න ඕනෙ.ඒ වගේ ආදරයක් වෙනුවෙන් කොල්ලෙක්ටත් කැප කිරීම් කරන්න පුලුවන් වෙන්න ඕනෙ.. නැත්නම් ආදරේ අසම්පූර්ණයි.මට දැනෙන විදිහට ඒ දෙන්නම වීරයො.ජය වේවා කිල පතනව දෙන්නටම...ආ පොඩි එවුන් දෙන්නටත්...
ReplyDeleteලිපිය මුල ඉඳන් අගට කියවගෙන යනකොට.. දුකා පදවගෙන ගිය වාහනේ මමත් වාඩිවෙළා ගියා වගේ මට දැනුනෙ.... ඒ කතාව ඒ අක්ක කියනවා මගෙ කනට ඇහුනා වගේ ඒ තරම් කියවද්දි සිතට කා වදින විලාශයකට ඒක ලියල තිබුන....
ReplyDeleteලොකු දෙයක් තියෙනව මෙහි ගත යුත්ත විදිහට පින් ඇත්තෝ ගත යුතු දෙය ගනිත්වා........
මිනෝලී අක්කාට තිබුනේ පුදුම ඉවසීමක්නෙ . . . .
ReplyDelete