Thursday, March 4, 2010

විරුල් හෙවත් සොඳුරු ත්‍රස්තවාදියා | "Virul' the Sweet Terrorist !!



මම පුංචි එකා සංදියේ ඉඳන් පොඩිඋන්ට හරිම ආදරෙයි. පුංචි එවුනුත් මට හරිම ආදරෙයි.

ජීවිතේ මුලින්ම (මට වයස තුනේදී) ආදරේ කරපු පොඩි එකා (එකී) මගේ නංගියා ! (එක කාලෙකදී අපි ගහ මරා ගත්තා තමයි ඉතිං). ඊට පස්සේ අපේ අසල්වැසි ඉන්ද්‍රානි ඇන්ටිගේ පුතා - අක්කයි මායි "දිනූෂ" කියල නම දාපු සුදු මල්ලී, පුංචිගේ පුතා අමල්, පොඩි මාමගේ ළමයි තුන්දෙනා . . . පස්සේ අක්කගේ ළමයි, නංගිගේ ලමයි, ඔන්න ඊට පස්සේ මේ සොඳුරු ත්‍රස්තවාදියා "විරුල්"

හැමදාම හවසට වැඩ ඇරිලා ගෙදර එන ගමන් ගෙවල් පැත්තට හැරෙන වටරවුමෙන් හරවපු ගමන් සාමාන්‍ය වේගයට වැඩි වේගයකින් මට පියාඹලා එන්න හිතෙන්නේ මේ සොඳුරු ත්‍රස්තවාදියා නිසාමයි කිව්වොත් ඒකා ගේ අම්මා නම් මා එක්ක තරහා වෙයි.

ඒ එන වෙලාවට හැමදාම පෙරමඟට අම්මයි පුතයි ඇවිත් බලං ඉන්නවා දකින්න ලබුනාම මට ඇතිවෙන සතුට . . . . ! වාහනේ නතර කරල වීදුරුව පහත් කලාම "හල් . . ලෝ . . කොහොමද . . .?" කියලා කොල්ලා කියනව අහන්න මගේ කන පෙරුම් පුරනවා වගේ දැනෙන හැඟීම. පස්සේ කාර් එකට නැගලා ගේ ලඟට ගියාම ලොකු රවුමක් යන්නේ නැතුව ඒකා ට බහින්න බෑ කියලා වර්ජනය කරද්දී කියන බොරු කන්දරාව "හරි හරි සුදූ . . . අප්පච්චි ඇඳුම් මාරු කරගෙන අවිත් අපි කඩේ යමු . . . සුදූ අපි කාර් එක හෝදමුද??? . . . අම්මෝ . . . බොරු ගොඩායි !! ජීවිතේ සුන්දරද මෙතරම් . . . !!!!

මම පුංචි එකා සංදියේ ඉඳන් පොඩිඋන්ට හරිම ආදරෙයි. ඒත් මේ සොඳුරු ත්‍රස්තවාදියා ට මෙච්චර ආදරයක් !!! පුංචි එවුනුත් මට හරිම ආදරෙයි. ඒත් මේ පුංචි සොඳුරු ත්‍රස්තවාදියා කොහොමෙයි මෙච්චර ආදරයක් පෙන්නන්නේ??? හරිම පුදුමයි !

වෙලාවකට මගේ අත අරගෙන, පිටි අල්ල එයාගේ මූනට තියලා තද කරගෙන ඉන්නවා.
වෙලාවකට බෙල්ල වටේ අත දාලා විනාඩියක් විතර මූන ඉඹගෙන ඉන්නවා.
මගේ කකුල උඩින් එයාගේ මූන තියාගෙන මගේ එක අතක් අරගෙන අනිත් කම්මුලට තියාගෙන ඉන්නවා.
අත් දෙකෙන් ම මගේ කන් දෙක අල්ලලා මගේ මූන එයාගේ මූන ගාවට ලං කරලා නහය ලඟට නහය තියාගෙන දත් කූරු කාගෙන "ඊ . . . " කියනවා. . . .
හරිම පුදුමාකාරයි. හරිම සුන්දරයි.

මට හිතෙන්නේ ම මමත් පුංචිකාලේ මගේ තාත්තාගේ උනුසුම මේ විදිහටම ලබන්න ඇති. ඔව් ඇත්තෙන්ම මට තාම මතකයි තාත්තාගේ සරමේ ඔන්චිල්ලා පැදපු හැටි. අපි නිදාගෙන ඉන්නකොට ඇවිත් තාත්තාගේ රැවුල මූනේ අතුල්ලලා කිචි කවලා අපිව ඇහැරවපු හැටි. තාත්තා නිදාගෙන ඉන්නකොට අපි පිට උඩ නැගලා පිනුම් ගහපු හැටි.

ඒත් ඒ උනුසුම වැඩියෙන්ම ඕන කරන කාලේ විශේෂයෙන්ම යෞවන කාලේ "ලමයින්ව ඕනවට වඩා හුරතල් කරලා බෑ" වගේ හැඟීමක් නිසා (වෙන්න ඇති) අපිට ඒ ආදරේ නොපෙන්නුවායින් අදටත් මට තාත්තා එක්ක තියෙන්නේ තරහක්. පිස්සගේ ලිපිය දැකලා පිස්සට කොච්චර බන කිව්වත් මටත් මගේ තාත්තට කොහොමටවත් වත් සමාව දෙන්න බැරි සමහර දේවල් තියෙනවා. ඒවා ගැන පසු කාලෙක සිතලා බලලා ලියන්නම්.

ඒ විදිහට ආදරේ නොපෙන්නුවායින් මට නම් වුනේ මම මුරන්ඩු වුනු එක කිව්වොත් හරියටම හරි. තාත්තා එපා කිව්වොත් මම කලේ ඒ එපා කියපු දේමයි.

පාඩම් කරපන් කියලා බනින කොට කලේ පාඩම් කරන බව පේන්න පාඩම් පොත් ඇතුලට නවකතා පොතක් හරි චිත්‍රකතා පත්තරයක් හරි දාගෙන බලපු එක.

තාත්තගේ මෝටර් සයිකලේ මම පදින්න හුරුවුනේ ගොඩක්ම පොඩි කාලේ. ඒක පදින්න එපා කිව්වොත් මම කලේ තාත්තා නිදා ගන්නකම් ඉඳලා යතුර හොරකම් කරලා පෙට්‍රල් ඉවර වෙනකම් බයිසිකලේ පැදපු එක (සත පහේ කාසියකිනුත් ස්ටාර්ට් කරන්න පුලුවන් කමක් තිබුනා ඒ බයිසිකලේ - මගෝඩි ක්‍රමයක් හික්ස්)

තාත්තා අක්කගේ ප්‍රේමයට අකුල් හෙලද්දී මම කලේ අක්කට බොක්කෙන්ම උදව් කරන එක. කොටින්ම මට ඕන වුනේ එකට එක කරන්න නැතිනම් තාත්තගේ මතයට විරුද්ධ දේ කරන්න.

. . . . . .. . . . .. .

මේ සොඳුරු ත්‍රස්තවාදියා ත් දැම්මම ඒ වගේ . යමක් එපා කිව්වොත් කරන්නෙ ම එපා කියපු දේමයි (අප්පච්චිගේ පුතානේ හික් හික්).

නදීෂටයි මටයි කොයි වෙලාවක වත් එක ලඟ ඉඳගෙන ඉන්න දෙන්නේ නෑ. මේකා මැදට පනිනවා.

කොම්පුටර් එක ඉස්සරහා කොයිම වෙලාවක වත් ඉඳ ගන්න ඉඩ දෙන්නේ නෑ. අතින් ඇදලා බිම ඉඳ ගන්න කියනවා එයා එක්ක කාර් පදින්න. අකුරු ලියන්න.

නිදා ගන්න යද්දී පොතක් බලන්න ගත්තොත් පොත පැත්තකට විසිකරලා මැද්දට වෙලා අම්මගෙන් කුක්කු බිබී මගේ ඇඟට කකුල් දෙක දාලා අතකින් මාව අල්ලගෙන ඉන්නවා.

ඉතින් මේකා ට සොඳුරු ත්‍රස්තවාදියා නොකියා වෙන මොනා කියනන්ද???

. . . . . .. . . . . . .. . .


අර පාඩම (තාත්තලගේ ආදරේ නැති වුනාම එපා කියන දේ කරන එක )හොඳින් දන්න නිසා මම නම් හිතාගෙන ඉන්නවා කවදාවත් මම නම් මේ තියෙන ආදරේ නොපෙන්වා ඉන්නේ නෑ මයි කියලා.

ඒකට හොඳම උදාහරනයක් මගේ අක්කගේ දුව. මස්සිනා පුලුවන් උපරිමයෙන් ලමයින්ට එයාගේ ආදරේ පෙන්නනවා. අවුරුදු 19ක ලොකු පුතාව, අවුරුදු 18ක් වුනු ලොකු දුවව වුනත් ඔඩොක්කුවේ තියාගෙන ආදරේ පෙන්නන්න එයා කොයි වෙලාවක වත් මැලි වෙන්නේ නෑ.

දුවට මම වෙලාවකට කියනවා "උඹ කැමති කොල්ලෙක්ට ලව් කරපන් බං" කියලා.

කෙල්ල කියනවා "අනේ බෑ මාමා, මට තාත්තගේ හිත රිද්දන්න බෑ. තාත්තා මට හොඳ එක්කෙනෙක් හොයලා දෙයිනේ" කියලා.

. . . . . . . . . . .

මේ වැල් වටාරම් වලින් මට කියන්න ඕන වුනේ දරුවන්ට ඔබේ හිතේ තියෙන ආදරේ පෙන්නන්න කිසි විටෙක මැලි වෙන්න එපා. එහෙම වුනොත් වෙන්නේ දරුවන්ගේ ජීවිත වලට ලොකූ හානියක්. සමහර විටෙක ආපහු හදන්න බැරි ලොකූ අලාභ වුනත් වෙන්න පුලුවන්. ආදරේ හිතේ තියාගෙන නොපෙන්නා ඉන්නේ ඇයි. ලෝභ නැතුව ආදරේ දෙන්න. ඒකෙන් ඔබට ඒ අයගේ ආදරේත් ගෞරවේත් පෙරලා ආපසු ලැබෙන හැටි බලන්න.

. . . . .. . .. . ..

මෙන්න සොඳුරු ත්‍රස්තවාදියා ගේ පින්තූර ටිකක්

මේ ඉපදුනාට පහුවෙනිදා ගත්තු එකක්


යාලුවෙක් එක්ක චූටි කාලේ


චූටි කාලේ


චාටර් වැඩත් කරනවා


මේ ටී වී බලන හැටි "මේ රූපවාහිනියෙයි ITN එකෙයි කියන්නේ ඔක්කෝම උඩ යට මාරු කරලනේ අප්පා"


නාන්න නම් හරිම ආසයි.


දොයියන්නේ අප්පච්චි දොයියනව වගේමයි.


මේ ගිය නිවාඩුවේ අපි අනුරාධපුරේ ගිය වෙලේ ගත්තුවා.


66 comments:

  1. ආ මේ ඉන්නෙ "පොඩි දුකා".. :D

    ReplyDelete
  2. paw terorist kiyanna epa ayya. He so cute. Just like his mother I think.

    Just a joke don't be angry. :-)

    ReplyDelete
  3. පොඩි දුකා සයිබර් අවකාශයට එක් වූ වගයි..෴

    දුකා අයියා ලස්සනට ලියලා තියනවා..

    ReplyDelete
  4. හී හී ඇත්ත දුකා අයියා සහතික ඇත්ත කතාව

    ReplyDelete
  5. හිකිස්
    "පොඩි දුකා සයිබර් අවකාශයට එක් වූ වගයි..෴" ළමයට ඉරිසියයි වගේ

    ReplyDelete
  6. එල එල, පොඩි දුකාවත් බ්ලොග් ලියන්න පුරුදු කලානං එහෙනං... කොහොමද තාත්තට වඩා හිට්ස් වදිනකොට. කාටද ආඩම්බර...

    ReplyDelete
  7. උඹ ඔහොම කිව්වට මට තියන ලෙඩේ තමයි ඔය කියන එක ඇතුලේ තිබ්බට පිටට පෙන්නන්න බැරි එක.....
    ගොඩාආආආක් ට්‍රයි කරනවා ඒකට.....

    හැමෝම ඔහෙද ඉන්නේ දුකෝ....?

    ReplyDelete
  8. හපොයි මටත් ලමයෙක් ඕනේ. අම්මේ..... මට කසාදයක් ඕනේ....

    ReplyDelete
  9. හුරතල් පුතෙක් අය්යෙ..
    අද වගේම සෙනෙහසින් හෙට දවසෙදිත් එයාට ආදරේ පෙන්නන්න
    හිතන ඔයාගෙ තීරණය ගැන නම් මමත් එක සිතින්ම එකඟයි.තාත්තගෙ ආදරේ වැඩියෙන්ම ඕනෙ වෙන්නෙ ලොකු වෙද්දි නෙ

    ReplyDelete
  10. ඇස් වහක් කටවහක් නැහැ ලස්සන කොළු පැටියා.
    පෙනුමෙන්ම කිවුවහැකි තාත්තට මෙයත් එක්ක හැරෙන්නවත් බැහැ කියලා.
    හැබැයි මෙ පෝස්ට් එකට මගේ බලවත් විරොධය.
    හේතුව- මෙවා බලපුවහම මෙ යස අගේට ඉන්න අපිටත් පෙළවහක් කරගන්න හිතෙනවනේ අප්පා...

    ReplyDelete
  11. දුකා අයියා
    මෙක දකින්න ඔනා අය නෙමෙ මෙක දකින්නෙ...ඔයා විඳින දෙම දවසක මමත් වාසනාව තිබුනොත් පළ කරයි. නැත්නම් වාසනාව හොයන් ඇවිල්ලා හරි පළ කරනවා...වාසනා කියන්නෙ කෙල්ලෙකුට නෙමෙ. අනෙ වාසනවන්... සංසාරෙ කරපු පින් නිසාත්, මෙ කරගන්න පින් නිසාත් ඔයාට මෙ සංසරෙ කොතනකදි වත් නොවැරදෙවායි මම ප්‍රර්ථනා කරනවා... සුබගමන්....!!

    ReplyDelete
  12. පුංචි දුකාට සුබ අනාගතයක්! මේකෙ වටිනාකම පොඩිඑකා කවද හරි මේක කියෝපු දවසටයි!

    ReplyDelete
  13. පොඩි දුකා​ගේ අනාගතේට මගේ සුබ පැතුම්! පොඩ්ඩා මේක කියෝපු දවසට තමයි මේකේ නියම අගේ ලැබෙන්නෙ!

    ReplyDelete
  14. duka mata duka ape ruwan gena uta abu dhabi thora lokayak ne dan

    ReplyDelete
  15. හුරතල් පොඩි එකෙක් :)

    ReplyDelete
  16. පොඩි දුකා ගේ වැඩ මටනම් live දකින්න ලැබුනා සචී අක්කලගේ ගෙදර ගිය දවසේ. අම්මපා මේවගේ පොඩිවුන් දැක්කම මටත් හිතෙනව වේලාසනින් හිරේ යන්න .

    සිරාම පෝස්ට් එකක් අය්යේ

    ReplyDelete
  17. 'සොඳුරු ත්‍රස්තවාදියා'! අපූරු නම! :D
    මෙහෙම පළ කරන්න බය නැද්ද?

    ReplyDelete
  18. අම්මේ.. විරුල් බබා ගැන මාත් ටිකක් හොඳට දන්නවා... මගේ අතෙත් පැයක් විතර හිටියා ගියපාර අනුරාධපුරේ ආපු වෙලාවේ.. මාත් එක්ක හරි එකතු වුනා.. මට නම් සහතිකයක් දෙන්න පුළුවන් දරුවාගේ අප්පච්චි කියන තරම් දරුවා දඟ නෑ කියලා.. :D ඔන්න ගිය පාර ආපු වෙලාවේ මගේ අතේ ඉඳන් ගත්ත ෆොටෝ එකකුත් පල්ලෙහා තියෙනවා.. විරුල් බබා හොඳට ෆොටෝ වලට ඉන්නවා.. කියන්න කලින් "චීස්" කියලා ඉවරයි.. :) http://twitpic.com/16kd40

    ReplyDelete
  19. සහතික ඇත්ත දුකා අයියා,,,,
    දෙමව්පියන්ගේ ආදරේ කියන්නේ හිතේ හිර කරන් , රවන් ඉන්න එක නෙමෙයි.. සුන්දර සංවේදි විදියට එයාලගේ හිතට ලං වෙලා, හැමදාමත් ආදරේ කරන එකට....
    අපි වයසින් , පෙනුමෙන් ලොකු මහත් වෙද්දි අපේ දෙමව්පියන්ට හිතුනෙත් දන් මෙයාල හුරතල් කරන වයස පහු වෙලා කියලයි.. ඒක වැරදියි.. හුරතලය, ආදරය කියන දේ ලබන්න , සහ විඳින්න වයස් සීමාවක් නැහැ.... එය ගෙදරින් නොලැබෙන තැන හොයා යන්න පෙලඹෙන්නෙත් ඒ නිසා.....

    මේ සොඳුරු දඟකාරයා එහෙම වෙන්නෙ නැහැ... එයාට සියලු දෙවි ‍රැකවරණයි...

    ඔයාගේ ලිපිය හැමදාමත් වගේ හරිම සංවේදියි... ජය වේවා!

    ReplyDelete
  20. @ගයන්ත!
    "පොඩි දුකා"
    හෙ හෙ හේ එල එල

    @RanDil !
    නිකම්ම නිකම් ත්‍රස්තවාදියා නෙමෙයිනේ නංගී සොඳුරු ත්‍රස්තවාදියා නේ කොහොමත් මේකා ඒ වගේ. කොල්ලගේ අම්මා කියන්නේ සොඳුරු මංකොල්ලකාරයා කියලා. කුක්කු මංකොල්ල කන නිසා හික්ස්

    @ළමයා!
    "පොඩි දුකා සයිබර් අවකාශයට එක් වූ වගයි..෴"
    ela ela . . .

    ReplyDelete
  21. @චතුරංග රූපසිංහ!
    ආදරේ පෙන්නන්න ඕන කියපු එක නේද මලේ?? අනිවා

    @වැප්!
    "ළමයට ඉරිසියයි වගේ"
    සිරාවට ළමයි හරිම ඉරිසියා කාරයෝ. මම දනන්වානේ. අපේ එකා මට උගේ අම්ම ලඟින් ඉඳ ගන්න වත් දෙන්නේ නෑ. හරිම ඉරිසියයි. he he he

    @änthräX !
    අම්මෝ ඒකා ට මට වඩා කියන්න දේවල් තියෙයි හෙ හෙ හේ

    ReplyDelete
  22. @චමි.දේ.වා. !
    කොහොම හරි පුරුදු වෙන්න ඕන බන්.
    ඔව් ඔව් ඔක්කෝම මෙහේ ඉන්නේ.

    @තරිඳු!
    මට ඔයාගේ අම්මගේ ටෙලිෆෝන් නොම්මරේ දෙන්නකෝ. මම වැඩේ සෙට් කරන්නම්.

    @වේජනා!
    ඒක ඇත්ත නගේ. ආදරේ කියන්නේ පොඩි කාලේ විතරක් ඕන වෙන දෙයක් කියලා හිතන එක කොයි තරම් වැරදිද

    ReplyDelete
  23. @මාරයාගේ හෝරාව !
    "මෙවා බලපුවහම මෙ යස අගේට ඉන්න අපිටත් පෙළවහක් කරගන්න හිතෙනවනේ අප්පා."
    එල එල නියම වැඩේ. දැං උඹට 30ක් නේද?? තව ඕන නම් අවුරුදු දෙක තුනක් හිටපන් ඔය වගේ ම . . . හික්ස්

    @රවා@
    උඹටත් ඉක්මනට (උඹ ප්‍රාර්ථනා කරන විදිහට ) ඒ දරු සුරතල් බැලීමේ වාසනා උදාවේවා.

    @බුද්ධි!
    ඔව් ඔව් අර මලී තාත්තා ගැන කිව්ව වගේ මගේ කොල්ලත් කිව්වොත් මට නම් පහුවදට මැරුනත් කමක් නෑ කියලා හිතෙයි.

    ReplyDelete
  24. @ඇනෝ!
    මේ කවුද අප්පා. නම ලියන්න කෝ යටින්.
    ඌ (රුවන්) හොඳින් ඉන්නවා අබුඩාබි වල. ඇයි අපි නේ උගේ අසල්වැසියෝ.

    @විශ්මි!
    ඔව් නගේ මේකා හරිම හුරතල්. ලමයිනුත් දැකලා තියෙනවා මේ වගේ හුරතල් එකෙක් නම් දැක්කේ නෑ.

    @ළිශ්!
    අනේ වාසනාවන් ළිශ්. එහෙනම් ඔන්න මම උඹේ අම්මට කියනවා පනිවිඩේ හොඳේ???

    ReplyDelete
  25. @CD Athuraliya !
    මොකට බය වෙනවද බන්. මේකා ඇත්තෙන්ම එහෙම එකෙක් හෙ හෙ හේ

    @උදාර මදුෂංක!
    අනේ ඔව් මට හිතුනා මලේ බේබි සිටින් වලට උඹව අබුඩාබි අරන් එන්නත්. හික්ස්

    @ජීවිතේමල්!
    ඔව් අප්පා. ළමයින්ට ආදරේ දෙන්න ලෝබ වෙන්නේ ඇයි. ලමයි ඒකට කොයි තරම් පෙරේතද කියලා ළමයෙක් වෙලා හිටපු මම දනන්වා. ඒක නිසා මම නම් එහෙම කරන්නේ නෑ.

    ReplyDelete
  26. හුරතල් පොඩි එක මචන්.... හෙහෙ... මරු නම.. සොදුරු ත්‍රස්තවදියා....
    උබ කියපු කතාව හරියටම හරි මචන්... ලමය්න්ට ආදරෙ කරන්න ඔනි.... පෙන්න... දැනෙන්න... හැම දෙමව්පියෙක්ම ආඩරෙ තමය් ලමය්න්ට... එත් උබ කිව වගෙ... ඊක නොපෙන්නුවම ලමය් හිතන්නෙ වැරදියට...

    හෙහෙ... මෙක දැක්කම කවදාවත් බදින්නෙ නෙ කියල හිතන් ඉන්න මට මොනවද මන්ද හිතුන...

    ReplyDelete
  27. දුකා අයියා කියන දේ අමූලික ඇත්ත අයියේ.
    ඒ වගේ ම පොඩිඋන් කරන දේවල් වලට එපා කිව්වොතින් වෙන්නෙ පොඩිඑකා කොහොම හරි ඒ එපා කියපු දේ කරන එකයි. එපා නොකියා කරන දේ දිහා බලන් හිටියොත් ටික වෙලාවකදි පොඩ්ඩාටම ඒ දේ කරන එක එපා වෙනවා. (මේක මං හොඳට දැකපු දෙයක්, නෑදෑ වෙන අයගේ ළමයි බලාන ඉඳලා.)

    ReplyDelete
  28. හරිම හුරතල් පොඩ්ඩෙක් දුකා අයියෙ. ඔයා හරිම වාසනාවන්ත තාත්තෙක්. ඇත්ත දෙමවුපියෝ දරැවොන්ට ආදරරේ කරන්න ඕන. උන්ව තේරැමු ගන්න ඕන උනගෙ පැත්තෙනුත් බලලා. නැත්තම් උන් කවදා හරි අසරන වෙනවා.
    මේ පැටියටනම් හොද තාත්තෙක් ඉන්නවා. සතුටුවෙයන් පොඩ්ඩෝ. උඹ ලොකු වෙලා තාත්තා වගේ හිතට දැනෙන දෙයක් කරාවි.. තාත්තගෙම පුතානෙ...

    ReplyDelete
  29. ඒ වගේම දෙමව්පියන්ගෙ ආදරේ වැඩිපුරම දැනෙන්න ඕන වයසින් වැඩෙද්දි. මොකද ඒ කාලෙදි දරුවන්ට දැනෙන්න ආදරේ කරන්න පුලුවන් එයාලට විතරයි.( ඒ කාලෙදි ආදරේ නොදැනුනොත් දරුවා තමන්ගෙම ලෝකයක් හදා ගත්තාම දෙමව්පියන්ගෙන් සෑහෙන්න ඈත් වේවි. ) ඒ කාලෙදි දැනෙන ආදරේ මත දරුවන්ගේ අනාගතේ පවා තීරණය වේවි.

    ReplyDelete
  30. සිරාවට ළමයි හරිම ඉරිසියා කාරයෝ. මම දනන්වානේ. අපේ එකා මට උගේ අම්ම ලඟින් ඉඳ ගන්න වත් දෙන්නේ නෑ. හරිම ඉරිසියයි. he he he
    නෑ අයියේ. දෙන්නාගෙම උණුසුමට තුරුල්වෙලා ඉන්න තියෙන ආසාවයි ඒ.

    ReplyDelete
  31. දුකා අර ලස්සන ෆොටෝ එකක් තිබ්බේ, අප්පයි පුතයි ටීවී බලන එකක්.. විරුල් ඇටිකිචිම කාලේ.
    ඒක දාලා නෑනේ. මම ආසම ඒ ෆොටෝ එකට.

    දුකා වගේ තාත්තෙක් ලබන්න තරම්, මේ කොලුවා පිං කරලා ඇති.

    හලෝ බබා, සුබ අනාගතයක්!!

    ReplyDelete
  32. --- "මේ වැල් වටාරම් වලින් මට කියන්න ඕන වුනේ දරුවන්ට ඔබේ හිතේ තියෙන ආදරේ පෙන්නන්න කිසි විටෙක මැලි වෙන්න එපා. එහෙම වුනොත් වෙන්නේ දරුවන්ගේ ජීවිත වලට ලොකූ හානියක්. සමහර විටෙක ආපහු හදන්න බැරි ලොකූ අලාභ වුනත් වෙන්න පුලුවන්. ආදරේ හිතේ තියාගෙන නොපෙන්නා ඉන්නේ ඇයි. ලෝභ නැතුව ආදරේ දෙන්න. ඒකෙන් ඔබට ඒ අයගේ ආදරේත් ගෞරවේත් පෙරලා ආපසු ලැබෙන හැටි බලන්න. " --

    සහතික ඇත්ත. දරුවන්ට විතරක් නෙවෙයි තමන් ආදරය කරන තමන් ලඟින් ඉන්න අයට හිතේ තියෙන ආදරය නිතරම කියන්න. ආදරය පෙන්නන්න ලැබෙන අවස්ථා මග හරින්න එපා. එවැනි අවස්ථා නැවත නේන්න පුලුවන්. කවුද දන්නෙ අපි කවද වෙනකන් ජීවත්වෙයිද කියල.

    දුකා.... බොහොම පින් මේක ලිව්වට. :D

    ReplyDelete
  33. "ඒ එන වෙලාවට හැමදාම පෙරමඟට අම්මයි පුතයි ඇවිත් බලං ඉන්නවා දකින්න ලබුනාම මට ඇතිවෙන සතුට . . . . !"

    පතොක් වැටිය, උඩින් වැටී, දිවයුරු මියයන මොහොතේ...
    පුරා හඳක් සේ ඈතින් ඒ...කවුරුද එන්නේ...
    පුතුනි බලන්... යොමා නුවන්..
    කවුරුද එන්නේ....

    ReplyDelete
  34. උඹ නං නියම තාත්තෙක් දුකා. හැමෝගෙම දුක්ගන්නා රාළ උඹ වෙච්චි , කොල්ලගේ අනාගතේදීත් දුකට සැපට ලඟින් උඹ හිටපං.

    ගොඩක් තාත්තලට තාත්ත කෙනෙක් වෙනව මිසක් පුතුගේ යාළුවෙක් වෙන්න බැරි වෙන්නේ එහෙම නොවුනාම.

    අහන්ඩත් සංතෝසයි දුකා... නියම සටහනක්.
    උඹලගේ ලස්සන කැදැල්ලට ඇස්වහ වදින්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.ජීවිතේ හැමදාම මේ වගේ ලස්සනට ඉන්න ලැබේවා !

    -ජය

    ReplyDelete
  35. බබාටයි තාත්තබබාටයි අම්මබබාටයි කස්ටියටම සුභම සුභ අනාගයක් ප්‍රාර්ථනා කරනවා.

    කාලෙකින් දුකාගෙ බ්ලොගේ පැත්තෙ ඇවෙ.

    ReplyDelete
  36. අපොයි අයියේ පොඩි දුකා චූටියාට අයිති ඒවනෙ ඉතින්.... ත්‍රස්ත්වදි පැන්ච මන්කොල්ල කෑවට මොකද....... :) කොලූට සුභම සුභ අනාගතයක්...... ඔයාල වගෙ දෙමව්පියො ඉන්න කොට ඔය ප්‍රාර්තනා ඔනත් නෑ.......
    MS

    ReplyDelete
  37. අනේ...විරුල් කියන්නෙ මම දැකලා තියෙන අහිංසක ම හොඳ ම පුතෙක්..! ඕන කෙනෙක් එක්ක කට පුරාම ලස්සනට හිනාවෙන ඌට සොඳුරු උනත් 'ත්‍රස්තවාදියා' කියන එක නම් කොයි තරම් දුරට ගැළපේවිද මන්දා...!!!

    ReplyDelete
  38. @Roshan Herath !
    හා හා හා . . . මම කියපු දේ හොඳට තේරුනා වගේ. අනේ හොඳයි. උඹත් කවද හරි තාත්ටෙක් වෙන දාක මේවා මතක තියා ගනින් මලේ.

    @Cool Cartoon!
    අනේ වාසනාවන් බඳින්න බෑ කිය කිය ඉන්න උන් සෑහෙන දෙනෙක්ට මේ අපේ කොල්ල දැක්කාම බඳින්න හිතිලා වගේ. එල එල

    @Chandika @ ..::E-KiCkS::.. !
    ඔව් ඔව් තාත්තා කල දේ නොකලොත් ඌ නොට්ටිගේ පුතා වෙනවනේ . මේක දැකලා කොල්ලගේ අම්මට ඩෝං යයිද දන්නේ නෑ. හික් හික් . . . අම්ම නම් කියන්නේ අප්ප කරපු එව්ව කොල්ලට කරන්න දෙන්නේ නෑ කියලා .එව්ව කොහෙද . මම දෙනව ෆුල් සපෝර්ට් එක කොල්ලාට. හික්ස්

    ReplyDelete
  39. @පිස්සා!
    ඒ කාලේ මොන ඇටිකිචි ද බං. බෝලේ වගේ. දැං තමයි ඇටිකිච්චා වගේ ඉන්නේ කන්නේ නැති නිසා. දානවනම් පොටෝ අම්බානකට මචං. ඔක්කෝම දාන්න බෑනේ හෙ හෙ හේ

    @sameerausa !
    "සහතික ඇත්ත. දරුවන්ට විතරක් නෙවෙයි තමන් ආදරය කරන තමන් ලඟින් ඉන්න අයට හිතේ තියෙන ආදරය නිතරම කියන්න. ආදරය පෙන්නන්න ලැබෙන අවස්ථා මග හරින්න එපා"
    ඒක නම් ඇත්ත.

    @හෂිත!
    Tnx machan. . !

    @කතන්දර කාරයා!
    I guess i've got what u meant. . !

    ReplyDelete
  40. @තිස්ස දොඩන්ගොඩ!
    "රුක් අත්තන මල මුදුනේ බඹරු නටන හැන්දෑවේ"
    උඹට හද ගී පොතේම ඇඳුනු කොටසක් මතකෙට ඇවිත් වගේ ඒකෙන්.

    @යෝගී!
    ස්තූතියි යෝගී උඹේ ප්‍රාර්ථනාවටම. උඹට ත් එසේම වේවා. . ඒ වගේම සතුටුයි . . !

    @budhajeewa !
    අහ් ඒක තමයි කාලෙකින් උඹේ කමෙන්ට් එකක් දැක්කේ. මම එත් හිතුවා මම කියපු මොනාට හරි උඹ තරහ වෙලා වත්දෝ කියලා මලේ. සතුටුයි එහෙම නෙමෙයි කියල දැනගත්තු එක.

    ReplyDelete
  41. @ඇනෝ MS !
    ඔව් ඔව් මම කියන්නේත් ඕවා පරිස්සම් කරගෙන ඉඳලා පිටිකරලා රට පටවනන්ද කියලා හික්ස්.
    අනේ මේ කවුද මේ කියලා ත් කියන්න පුලුවන්ද???

    @සචී!
    අනේ නෑ සචී. ත්‍රස්තාවදීයා කියන්නේ නරක එකේ කෙලවරනේ. සොඳුරු ත්‍රස්තාවාදියා කිව්වේ සොඳුරු බවේ කෙලවරේ ඉන්න නිසානේ. මේකා එච්චරටම සුන්දරයි අප්පා

    ReplyDelete
  42. කිව්වට ඔබ මා නොදනී අයියේ ............... d:D

    MS

    ReplyDelete
  43. දැන් බිලොග් කියෝනවා හොර නිසා දැනුයි මේ බිලෝගය දැක්කේ.

    අනේ මන්දා...
    මට හිතයි බන් ‍සොඳුරු ත්‍රස්තවාදියා එක්ක මිනී දඩයමක යන්න, මිනිහාට කියන්න මම ප්ලෑනයක් ගහලා එනවා කියලා, ඔසාමා බීන් ලාඩින්ගේ අණක් මට ලැබිලත් තියෙනවා කියලා ;)

    ආහ්, දුකාගේ Theory ඒක අමුලික ඇත්ත මචන්. සිරාවටම, ඒත් මට එහෙම ඉන්නේ අම්මත් ලොකු අම්මලාත් විතරයි. ඒ නිසයි මම මේතරම්වත් සතුටින් ඉන්නේ. ( තාත්ත එක්ක තියෙන ප්‍රශ්ණ ගැන කතා කරන්නවත් මම කැමති නැ).

    ReplyDelete
  44. @දුකා:

    [said:දුකා]
    අහ් ඒක තමයි කාලෙකින් උඹේ කමෙන්ට් එකක් දැක්කේ. මම එත් හිතුවා මම කියපු මොනාට හරි උඹ තරහ වෙලා වත්දෝ කියලා මලේ. සතුටුයි එහෙම නෙමෙයි කියල දැනගත්තු එක.
    [/said]

    හෆොයි, මොකට තරහා වෙන්නද? :P

    මේ දවස් ටිකේ ඔය උඩින් පල්ලෙන් රීඩරේ දිහා බලං යනව මිසක් බ්ලොග් එකකට ගිහිං කියවන්න උනේ කලාතුරකින්. දුක තමා දුකෝ! :P

    ReplyDelete
  45. උඩින්ම කොමෙන්ටුව දාපු වැප් අයියා............. අපි ලග ඊලිසියාව නෑ හලිය... පොඩි දුකා සයිබර් අවකාශයට එක් වූ වගයි කිවුවේ හද පිරි සතුටෙන්....

    ReplyDelete
  46. මගේ පුතාටත් අවුරුදු තුනයි. හරිම දගකාරයා. මම තව ගොඩක් ඉවසන්න ඔනෙ කියලා හිතෙනවා. අපි ඉන්නෙ එංගලන්තෙ, සිංහල සෙට් එකක් තාම නැහැ. බොහොම ස්තුතියි. උඹ නම් අපුරුම මනුස්සයෙක්.

    ReplyDelete
  47. මේක කියෙව්වාම මට සිංදුවක් මතක් උනා.
    " අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
    ඒ ඉර හඳෙන් ඔබෙ ලෝකය එලිය උනී"

    ReplyDelete
  48. මල්ලී, අර චාටර් වැඩේට පස්සෙ කරන ඊටත් වඩා චාටර් වැඩේ මොකක්ද හැබෑටම? :)

    මේ ඔයා එයාට ඉක්මනින්ම සොඳුරු නංගි බබෙක් දෙනව නේද?

    ReplyDelete
  49. @~බිன்ku~ !
    අහ් එල එල . . මම විරුල්ට කියන්නම් බින්කු මාමත් එක්ක සෙට් වෙන්න බලන් ඉන්න කියලා.
    තාත්තාට කියල තේරුම් කරල දෙන්න බැරිද මල්ලියෝ. මගේ තාත්තා නම් දැන් වයසයි ඒත් මට දෙන වදේ නම් තාම එහෙමමයි.

    @ළමයා!
    අහ් ඌ එක කිව්වේ විහිලුවට බන් . . .අපි දන්න්ව උඹ ඉරිසියා නෑ කියලා හික් හික්

    @kasunmathota!
    ඇත්තෙන්ම අපි ගොඩක් ඉවසන්න ඕන බන්. අපේ තාත්තලා ගැන අපිට ඇතිවුනු නොරිස්සුම අපේ දරුවන් අපිගැන ඇති කරගන්න දෙන්න නරකයි නේද . .

    ReplyDelete
  50. @මා !
    අහ් . . මම ඒ ගීතය අඩංගු කරලා ඒ නමින්ම පෝස්ට් එකක් ලිව්වා කාලෙකට පෙර. දැක්කේ නැතුව ඇති

    මේක බලන්නකෝ . ..
    http://dukaa.blogspot.com/2009/10/blog-post_4101.html

    @තනෝජා රාජපක්‍ෂ!
    ආ ඒ අපේ කොල්ලා ටී වී බලන හැටිනේ. නදාෂාලගේ ගෙදර වැඩිපුර බලන්නේ රූපවාහිනියයි අයි ටී එන් එකයි විතරයි. ඒ දෙකේ ඔක්කෝම උඩ යට මාරු කරලනේ කියන්නේ ඒකයි කොල්ලා ඔලුවෙන් හිටගෙන බලන්නේ. හික්ස්

    ReplyDelete
  51. @තනෝජා රාජපක්‍ෂ!
    "මේ ඔයා එයාට ඉක්මනින්ම සොඳුරු නංගි බබෙක් දෙනව නේද?"
    අනේ තව කාලයක් මේකාගේ හුරතල් බලන්න ඕන අප්පා . . දැම්මම බෑ . . හික්

    ReplyDelete
  52. "ඒත් මේ පුංචි සොඳුරු ත්‍රස්තවාදියා කොහොමෙයි මෙච්චර ආදරයක් පෙන්නන්නේ??? හරිම පුදුමයි !

    වෙලාවකට මගේ අත අරගෙන, පිටි අල්ල එයාගේ මූනට තියලා තද කරගෙන ඉන්නවා.
    වෙලාවකට බෙල්ල වටේ අත දාලා විනාඩියක් විතර මූන ඉඹගෙන ඉන්නවා.
    මගේ කකුල උඩින් එයාගේ මූන තියාගෙන මගේ එක අතක් අරගෙන අනිත් කම්මුලට තියාගෙන ඉන්නවා.
    අත් දෙකෙන් ම මගේ කන් දෙක අල්ලලා මගේ මූන එයාගේ මූන ගාවට ලං කරලා නහය ලඟට නහය තියාගෙන දත් කූරු කාගෙන "ඊ . . . " කියනවා. . . .
    හරිම පුදුමාකාරයි. හරිම සුන්දරයි."

    :) මේ වචන ටික කියනවකොට,දෑනට මාසයකට විතර කලින් හිතට ආපු හිතිවිල්ලක් ආපහු මතක් උනා.පොඩිම පොඩි මනුස්ස දරුවොත්,පොඩිම පොඩි සත්ව දරුවොත්,මේ කවුද,කින්ද මන්ද නොබලා හෑමෝටම අසීමිතව ලෙන්ගතුයි,ආදරෙයි.ඒක පෙන්වන්න මෑලි වෙන්නෙත් නෑහෑ.මේ ලෝකේ අවුරුද්දක් හමාරක් ජීවත් වෙනකොට ඒ සුන්දර ගතිය ඉබේම වෙනස් වෙනවා..
    මේ ලියන මම අවසන් වසරේ වෛද්‍ය සිසුවියක්.ටික දවසක කලින් පොඩිම පොඩි දරුවොන්ගෙ ලෙඩ දුක් ගෑන ඉගෙන ගන්න ගියාම ලෑබුනු අත්දෑකීම් නිසයි මෙහෙම හිතුනෙ.ඒ ලෙන්ගතුකම,ආදරය ඈත්තටම සුන්දරයි.මේ ලෝකය මීට වඩා කොයිතරම් සුන්දර වෙයිද ඒ ලෙන්ගතුකමෙන් 10%ක් අපි වෑඩිහිටියො වෙනකොට අපිත් එක්කම අරන් ආවනම්.. :) හීන.හරි සතුටක් දෑනුනා අයියා ගෙ ලිපිය කියවලා.අනුන්ගේ දරුවන් 100ක් ගෑන මට මෙහෙම හිතුනා නම්,තමන්ගේ දරුවා ගේ ලෙන්ගතුකම අයියාටත්,අක්කාටත් මොන තරම් සතුටක් ගෙනෙනවා ඈතිද? :) කවදාහරි පුන්චි විරුල් මේ ලෝකයටම අසීමිතව ආදරය කරන වෑඩිහිටියෙක් වේවා! :)

    ReplyDelete
  53. හරිම සන්තොසයි මචන් .. සුබ පෑතුම් ... !!!

    ReplyDelete
  54. "සොඳුරු ත්‍රස්තවාදියා" ආදරය ගලන ආමන්ත්‍රණයක්!!!සතුට පිරුණ පුංචි දුකාට සියළු දෙවි රැකවරණයි!!!

    ReplyDelete
  55. @Ano!
    නගේ ඇත්තෙන්ම අපි ලඟ ළමා කාලේ තිබුනු ලෙන්ගතුකම ආදරය වැඩි හිටි ලෝකෙටත් අරගෙන එන්න දෙමාපියන් මග පෙන්වන්න ඕන. අද ලොකේ බොහෝ දෙමාපියන් භෞතික වස්තු එකතු කිරීමේ හා ශෝ පෙන්නීමේ මහා තරඟයක නියැලිලා ඉන්න නිසා දරුවන්ට මානව දයාව ආදරය කරුනාව උගන්වන්න කාලයක් හොයාගැනීම අපහසු වෙලා. බලමු අපි උත්සාහ කරලා මේ විදිහට සංවාද ගොඩ නගලා දෙමාපියෝ දෙතුන් දෙනෙක් වත් හරි මඟට ගන්න පුලුවන් වෙයිද කියලා . ..

    ReplyDelete
  56. @Shamal !
    තැන්කූ ෂාමාල් . . මේ මචං උඹ අර මූනු පොතේ ඉන්න ශ්‍රී ලංකන් එකේ වැඩ කරන ෂාමාල් නේද??

    ReplyDelete
  57. @පුර සඳ !
    ස්තූතියි ඔයාගේ සුභ පැතුම් වලට . . . ඔයාටත් පවුලේ අයටත් විෂේශයෙන් ඔයාගේ දරුවන්ටත් එසේම වේවා කියලා මමත් පතන්නම් . .

    ReplyDelete
  58. හුරතල් කොලු පැට්ටා. දුකා අයියා වචන ගලපල තියන විදිහට මට ඇස් වලින් කඳුලකුත් පැන්න.තාත්තා කෙනෙක් වෙනවා කියන්නේ රජකම ලැබෙනවා වගේ දෙයක්.සුභ පැතුම් පුංචි පවුලට!

    ReplyDelete
  59. පොඩි දුකා කියන්න එපා අප්පා. මේ වගේ තාත්තෙක් ඉදිද්දි මොන දුකක්ද මේ පොඩ්ඩට!

    ReplyDelete
  60. හිතට දැනෙන විදියට ලියල ත්යෙනව.ගොඩක් ලස්සනයි.තාත්ත කෙනෙක්ගෙ ආදරේ කොච්චර ලස්සන ඇත්ද කියල හිතෙනව.. පුංචි පවුලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනව :)

    ReplyDelete
  61. මේ පෝස්ට් එක කියෙව්වාම මගේ හිතට ගොඩක් දේ පිවිසුනා. ගොඩාක් දේවල්.. ඒත් මම මෙහෙම ඉවර කරන්නම්..

    පිය සෙනෙහසට කව් ගී ලිය උනා මදී...

    ReplyDelete
  62. නොපෙන්නන ආදරේක කිසිම වටිනාකමක් නෑ තමයි මලේ. දරුවෙක් ආරක්ෂා වෙන්නෙ දෙමව්පියන්ගෙ ආදරය නිසා කියලා මට හිතෙනවා. ආදරය නොලබන දරුවො ගන්න හිතුවක්කාර තීරණ නිසා උන්ගෙ අනාගතය විනාස වෙනවා.

    ReplyDelete
  63. ජීවිතයේ හමුවූ අහන්කාරම පෙම්වතා "තාත්තා"

    ReplyDelete
  64. විරුල් මල්ලි ගැන අංකල් ලියපු විදිය හරිම ලස්සනයි..ගොඩක් සංවේදියි. මම දඟ වැඩ කරනකොටත් තාත්තා මෙහෙම හිතන්න ඇති නේද කියලා මට හිතෙනවා. :)

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails