Thursday, March 11, 2010

ඔබ සතුට මගේ මරණයෙද . . ?




මේ මගේ ලැබීමද . . ? නුඹගේ නොලැබීමද . . ?
ඔබේ සෙනෙහසේ නවාතැන් ගන්න, එහි සුපෙම් සුවය විඳින්න මගේ දෛවයේ ලියවී නැතුවා වත්ද . . ?
මගේ ප්‍රේමයේ නිම් වලලු ඔබ හඳුනා නොගන්නේ මන්ද . . ?
වරදක් සිදුවී ඇත. යම් කිසි තැනක් වැරදී ඇත. යලි සකස් කල නොහැකි වරදක්. සදාකාලික වරදක්. . . . ! ! !
වරද ඇත්තේ කොහේද . . ?
වරද ඇත්තේ මගේ සෙනෙහස හඳුනාගත නොහැකි ඔබේ පරිකල්පනයේද .. ?
නැතිනම් ඔබේ පරිකල්පනයට හසුවන තරමට සෙනෙහස දක්වන්න නොදන්නා මා අතද . . ?
. . . .. . . . . .. .. . ...

මලින් ගැවසී ගත් මංමාවත් වල පමනක් නොව කටු අකුලින් ගහන මංමාවත් දිගේ පවා අපි අත්වැල් පටලා එකට සිනා සෙමින්, එකට හඬමින් ගමන් ගත් කාලයේ අප අපට ශපථ කර ගත්තේ මොනවාද. . . ?
ඒ සියල්ල හිස් වචන පමනක්ද . . .?
ඔබ මා රැවටුවාද . . .? මා ඔබ රැවටුවාද . . ?
මා ඔබට රැවටුනාද . . ? ඔබ මට රැවටුනාද . . .?
මේ රළු කර්කෂ වචන වලින් මගේ සියුම් හද කීතු කීතු වලට ඉරා දමන අයෙකුට නොවේ මා පෙම් කලේ. .
සතුටටත් දුකටත් දෑසේ කඳුලු පුරෝ ගන්නා එදා තිබූ ඒ "සංවේදී ආත්මය" . . . අනේ මට එය පමනක් ආපසු දෙන්න. . . !!
වෙන කිසිවක් එපා . . එපමනයි . . !
. . . . . .. . . . .. . .. . .

සියල්ල අවසන මට හැඟෙනුයේ ඔබට තුටු විය හැක්කේ මගේ මරණයෙන් පමනක් ද කියායි . . !!
මගේ ආදරයේ පමන මෙතෙකැයි කියා ඔබට පසක් කර දීමට යමාමහ පෙළහර පෑ නොහැකි මට . . ..
සති පූජා කල නොහැකි මට . . .
ඔබ ඉතිරි කලේ මිය යාම පමනක් බව ඔබ දන්නා බව මා නොදනී කියා ඔබ සිතනවාද . . .?
. . . . . . . . . . .. . .. . . . .

ඔබ තුටු වෙනවා නම්, ඔබ ඉන් සැනසෙනවානම් ඒ සීතල මරණය . .. ඒ බිහිසුනු මරණය . . මා ආදරයෙන් වැලඳ ගන්නම් . . .
නමුත් එක දෙයක් . . එකම එක දෙයක් . . .
එදිනට වත් ඔබ වටහා ගන්නවාද ඔබට මේ විශ්වය තරම් ආදරය කල ප්‍රානියෙක් මේ මිහිතලයේ දිවිගෙවූ බව . ..

ඔබට එය පසක් වූ බව මට දන්වන්න . ..
මගේ ආත්මයට ශාන්තිය උදාකර දෙන්න . . ..
එකම එක සුදු රෝස කැකුලක් මා නිදන සොහොන් ගැබ උඩින් තබා යන්නට ඔබට හැකි වේද . . . . ???




මගේ සෙනෙහස මෙතෙක් වේයැයි . .

මගේ සෙනෙහස මෙතෙක් වේයැයි . .
මනින්නට ඔබ උගෙන නැත තව . .
මගේ අවසන් සුසුම පමණද . .
ඇවැසි ඔබ හට මා දකින්නට . . .

වසර ගණනක යොදුන් ගණනක . .
ගමන් මග අප ගෙවා ඇත්තෙමු . . .
තරු වියන් යට කුසුම් පෙති මත . . .
දෑත් පටලා ඇවිද ඇත්තෙමු . . .
එහෙත් සුහදිනි...
මගේ සෙනෙහස මෙතෙක් වේයැයි . .
මනින්නට ඔබ උගෙන නැත තව . .
මගේ අවසන් සුසුම පමණද . .
ඇවැසි ඔබ හට මා දකින්නට . . .

මිලින කුසුමෙක, මිලින සිහිනෙක . . .
මගේ සිහියද සැඟව ගත් කල . . .
සිතනු මැන ඔබ, ඔබට අවනත . ..
හදක් මිහිමත මෙතෙක් ‍රැඳි වග . . .
එහෙත් සුහදිනි . . . .
මගේ සෙනෙහස මෙතෙක් වේයැයි . .
මනින්නට ඔබ උගෙන නැත තව . .
මගේ අවසන් සුසුම පමණද . .
ඇවැසි ඔබ හට මා දකින්නට . . .

බංඩාර කේ විජයතුංග පද රචනය කල සුනිල් එදිරිසිංහ ගායනා කරන මේ මියුරු ගීතය මෙතනින් අසන්න



. . . . . . . .. . . .. . . . .

ලාංකික මියුරු සංගීතයේ අඳුරු අහුමුලු පීර පීරා, අතීතයේ දී එහි රිසිසේ පිහිනා තුටුවූ අපට ඒ ගීත මල් දම් වල සුවඳ යලි සිහිපත් කර දෙන අතරවාරයේ . . . . සයිබර් අවකාශයේ නවකයන්ට ඒ මියුරු සංගීත නදියේ පිහිනන්න ගුරුහරුකම්, ඉඩප්‍රස්ථා . . . ඔහුගේ "හද ගී පොත" බ්ලොග් අඩවිය හරහා ලබා දෙන . .. මගේ සයිබර් මිතුරු තිසා (තිස්ස දොඩංගොඩ) ඔහුගේ හද ගී පොතේ ඊයේ සටහන් කල මේ ගීය ට හා ඒ සටහනට මගේ අදහස් පලකිරනු වස් . . . ඒ සටහනට ඌන පූර්නයක් ලෙස මේ සටහන තැබූ වගයි.

43 comments:

  1. ඉස්කෝලේ යනකාලේ ඔහොම උලවුවක් හදලා අලි පරිප්පුවක් කෑවා එක පාරක්. ඒ කාලේ පරිගනක තිබ්බේ නැහැනේ යන්තම් ෆොටො කොපි එකක් හැදුවේ.

    ReplyDelete
  2. හරිම සංවේදි සටහනක්.. මේ සිංදුවත් මම නම් වැඩිය අහලා නෑ.. මරණ දැන්වීමක් ජිවත් වෙලා ඉන්න කාලේ හදපු මුල්ම කෙනා තිස්ස අයියාද දන්නේ නැහැ.. හරියට නිකං පාරාවෝ වරු පිරමීඩ හැදුවා වගේ.. හික් ඒකත් නරක නෑ..

    ReplyDelete
  3. මගේ සෙනෙහස මෙතෙක් වේයැයි..
    මනින්නට ඔබ උගෙන නැත තව .......

    ප්‍රේමයෙන් හිත රිදුනු කාගෙත්..මුවඟ රැදුනු ගීයක් මේක.

    ප්‍රේමයේ ගැඹුර මනින්ට සමතෙකු වෙත්ද..දුකා...

    ReplyDelete
  4. සතුටෝ,

    මම බනින්න කියලා කට හදාගෙන මුළු පෝස්ට් එකම කියෙව්වේ, උදේ පාන්දර එක්කනෙක් මරණ දැන්වීමක් දා ගෙන හිටියා. දැන් මෙයා සොහොනක් දා ගෙන කියලා.


    ඒත් කියෙව්වට පස්සේ නම් ............
    ස්තුතියි ගීතය දුන්නට. මම කලින් අහලා නැහැ.

    ReplyDelete
  5. හැමදාම වගේම සංවේදි සටහනක්.. ඔයා ලියපු දේ කියවද්දි ඒක හරියට මම මටම කියාගන්නව වගේ..

    ReplyDelete
  6. @ම !
    අප්පට සිරි උඹ ඒකාලේ ඉඳන්ම මගේ මරණයද . . .??

    ReplyDelete
  7. @malee_msg !
    අයියෝ මලියෝ . . උඹ මොන සිංදුද බන් අහල තියෙන්නේ . .

    ගේමක් දීලා ගිය අවුරුද්දේ
    වැලිකඩ ඉඳලා එලියට ආවේ
    මේ අවුරුද්දේ චන්දෙන් දිනලා
    හොරකම් කරලා ජීවත් වෙන්නේ . . .

    මේ සිංදු නෙමෙයි නේද . . ?

    ReplyDelete
  8. පික්සුනෙ බං... මැරිල මක් කරන්නද?

    ReplyDelete
  9. @- නිල් අහස - !
    ඉන්නවා.
    ප්‍රේමය අඳුනා ගත් අයට පුලුවන් ප්‍රේමයේ ගැබුර මනින්න . . .!
    බොරු නම් අපේ රන්දිල් ගෙන් අහන්න.
    එයා නම් මැනගෙන
    ඒකනේ අර පෝස්ට් එකේ කියන්නේ .. !!!

    ReplyDelete
  10. @RanDil !
    ඒකනේ කස්ටිය අර මරණ දැන්වීම දැක්ක ගමන් තිසාට බනින්න තියා ගත්තනේ. ගීතයේ තේරුම වත් අහන්නේ බලන්නේ නැතුව.

    මම ඉතිං හිතුවා තිසාගේ වෑයම අපතේ නාරින්න ගීතය ගැන මට හිතුනු දේ ලියන්න . ..

    අනික මේ ගීතය මමත් ඉඳ හිට පාවිච්චි කරල තියෙනවා "බර අවියක්" විදිහට (ලොකුම ලොකු වලි යනවෙලාවල් වලදී) හික් හික්

    ReplyDelete
  11. @චේජනා !
    ම් ම් ම් ඔව් මම දන්නවා එකේ හේතුව නගේ . .

    ReplyDelete
  12. @budhajeewa !
    අනේ ඔව් බන් ආදරේ පෙන්නන්න ඔය ගොං වැඩේ නම් කොරන්න එපා . . .

    හැබැයි මේ වර්ගයේ අය තාමත් අපි අතරේ ඉන්නවා.

    ReplyDelete
  13. හරි ම අගෙයි..!!! මම ඉතා ම කැමති ගීතයක්....!!
    බොහොම ස්තුතියි දුකා.....!!!!!!

    ReplyDelete
  14. හෂිකා හෙට්ටිගේMarch 11, 2010 at 7:15 PM

    මේක කියවලා ගොඩාක් දුක හිතුනා, ඒත් මටත් හිතෙනවා ඕක.වැරැද්දක් උනා, ඒත් වෙන අය මැදිහත් වෙලා මගේ මුලු ලෝකෙම කඩලා දැම්මා.වෙනස් කථා උනත් හැමෝම අන්තිමේදි තනි වෙලා නේද?

    ReplyDelete
  15. කූට ප්‍රාප්තිය....!!!! (මට බැරි කාරිය කලාට ස්තූතියි...)...
    "බර අවිය..." පැත්තකින් තියාපන්... දකපුවත් නැති ලෙංගතුකම හූල්ලනවා අරෙහෙ... ලඟ ඉන්න කෙනාට කොහොම හිතෙයිද...? පොලිතින් එකක දාලා වලලාම දාපන්...ගැලපෙන කෙනෙකුට ගන්න.... උඹට ඕක ගැලපෙන්නේම නැත....

    ReplyDelete
  16. තිස්ස අයියත් මෙහෙම පූර්විකාවක් දැම්මනම් බැනුම් අහන්නෙ නෑනෙ දුකා අයියෙ... හදන්න තියා හිතලවත් නැති දැන්වීමක් දැම්මනෙ....යශෝධරාවතට අච්චර ලස්සන පූර්විකාවක් දාලත් :(..... ඉතින් තරහ නොයා තියෙවියැ......

    නියමයි දුකා අයියෙ...... හරිම අපූරුයි

    ReplyDelete
  17. තිස්ස සහෝගේ මරණ දැන්වීම දැක්කම හිත පොඩ්ඩක් නොගැස්සුනාම නොවෙයි. ඒත් පස්සේ සිද්ධිය දැනගත්තම තමා සම්මා සතිය සැපත් උනේ.
    ආසකරන සිංදුවක් කියලා බොරු බටර් ගාන්න උවමනා නැහැනේ.
    ඒත් මේ ළඟකදි ඉඳං සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ගීත එකතු කිරීමේ උණ ට මේ පෝස්ට් එක මරුවට ගැලපුනා අයියේ...!

    ස්තූතියි මේ වගේ පොස්ට් එකක් දැම්මට..!
    ජයෙන් ජය පතනවා...!

    ReplyDelete
  18. නැනේ දුකා අයියේ.. ඔන්න මං අහලා තියනවා මේක..

    වේදිකාවේ අසුනකට බරවී
    දහසක් නෙතු අතරේ
    අතරමං වෙවී
    ආදරේ කියාදෙන්න බෑ
    රෝමියෝ.....

    :p

    මේකයි ඉතිං.. මං මට හොදයි කියලා අනුමත කරලා දෙන සිංදු තෝරන් බේරං අහන මනුස්සයා මිසක් රෙඩියෝ ටීවී අහන බලන මනුස්සයෙක් නෙවෙයි හින්දා හැම එකම ඇහෙනවා අඩුයි.

    ReplyDelete
  19. කලකට පෙරදී ඉමහත් ආසාවෙන් රසවින්ද නමුත් මගේ මතකයෙන් මුළුමනින්ම පාහේ තුරන් වී තිබූ මේ ගීය නැවත මතක්කර දීම වෙනුවෙන් ස්තූතියි..

    ReplyDelete
  20. සයිබර් අවකාශයේ සැරිසරන්න අරගෙන වැඩි කාලයක් නෑ. තිස්ස අයියගේ අඩවියට ගොඩවැදිලා ඒ හරහා ඇවිත් නිකමට වගෙයි මේ අඩවියටත් ගොවැදුනේ... අයියගේ 250 වෙනි සහෘදයා වෙන්න ලැබීම … අහම්බෙන් සිද්ධ වුණාද නැද්ද කියන්න මං දන්නේ නෑ. ඒත් ඒ ගැන මං ගොඩක් සතුටු වෙන බව නම් කියන්න ඕන. ඉතින් අයියේ, ඔයාගේ අඩවියට මේ මලයාවත් බාරගන්නවා නේද ?

    ReplyDelete
  21. අනේ අයියේ ලොකුම ලොකු වලි දාගන්න එපා අයියෝ.......... :-)
    හැබැයි හොඳ සිංදුව නේද ඒ වෙලාවට නම්............

    සිංදුව කිව්ව ගමන් රණ්ඩුව ඉවර ඇති........

    හැබැයි හැම තිස්සේම පාවිච්චි කරන්නත් එපා.......

    එතකොට ටික දවසක් යද්දි අක්කා කියයි,

    "හා.......හා.... නවත්ත ගන්න ඔය සිංදුව.... මම හංදියට ගිහිල්ලා තරාදියක් අරං එනකම් මනින්න ඔයාගේ සෙනෙහස" කියලා........

    ReplyDelete
  22. ඇත්තද..දුකා.
    එහෙනම් රන්දිල්ට. කියන්න ඕන..ඒ ගැන ටියුෂන් පංතියක් දාන්න කියලා. වැල නොකැඩි කෂ්ටිය ඒවි...ප්‍රේමයේ ගැඹුර මනින හැටි , ඉගෙන ගන්න.
    මාත්, අනිවාර්යෙන්ම යන්න එපැයි....

    ReplyDelete
  23. @චානක ජයසේකර!
    ah . . ela ela ..

    @සචී!
    අහ් ඔයා අහල නැති සිංදු කොහේද ලංකාවේ. .

    @හෂිකා හෙට්ටිගේ!
    අයියෝ ඒක හරිම අසාධාරන සිදුවීමක්. ආපහු ගොඩනඟන්න බැරි විදිහටම කඩලා දැම්මද . . .?

    ReplyDelete
  24. හිතවත් දුකා ඔබේ බ්ලොග් අඩවියට මම ප්‍රතිචාර දැම්මත් පළ වී නැත/ සොයා බලන්න.

    මේ ගීතයට මම බෙහෙවින් කැමතියි.. මරණය කියනනේ තමන්ට විසදුමක් උනාට ජීවත්ව ඉන්න අයට දුකක් කියලයි මම හිතන්නේ

    ReplyDelete
  25. එකෙක් ඊයේ මරණ දැන්වීමක් ගහගෙන ලෑස්ති උනා විතරයි. මෙන්න අනිකා කනත්තක් දාගෙන.

    මටත් මාරය ආවේස වේගෙන ආවේ දුකෝ. පස්සෙයි වැ‍ඩේ තේරුනේ.

    මං නං අපේ තිසා ට ‍හොඳවයිං දෙකක් කියන්නං කියලා හිතල කතාකරා එදාම හවස ... කොහෙද බං.ඌ එක්ක කතා කරල බයිනවා තියා :) අන්තිමට පැයක් විතර බඩ පැලෙනකං හිනාවෙලා තමා කතාව ඉවර උනේ.

    තිසා මං තාම බලං ඉන්නවා උඹ නැත්තේ මොකෝ Skype ?

    -ජය

    ReplyDelete
  26. සමා වෙයං. තිසාට නෙමේ දුකාගෙනුයි යි skype නැත්තේ මොකෝ ඇහුවේ.

    ReplyDelete
  27. මේක මම ප්‍රිය කරන ගීයක් කියල කියන්නත් අමතක උනා එදා තිස්ස ලොක්කගෙ මරණ දැන්වීම දැකල.
    අගේ ඇති සටහනක් දුකා අයියා.

    ReplyDelete
  28. ලියලා තියනවා නම් හරිම ලස්සනයි...!!!
    ඒත් අම්මේ අර මරණ දැන්වීම් වැඩේනම් ..??
    කලන්තේ වගෙයි දැක්කාම.

    ReplyDelete
  29. @තිස්ස දොඩන්ගොඩ !
    ම් ම් දැං නම් ඒ බර අවි ඕන වෙන එකක් නෑ මචෝ. ඒවා පොලිතීන් වල ඔතලා නෙමෙයි දිරලා යන්නම කියල නිකම්ම වැළලුවා. හැබැයි ඕවාත් හේතු වෙන්න අති යුද්ධයක් තිබුනානම් ඒක ඉවර වෙන්න . . හික් හික් . .

    අනික මම ඒ කාලේ ලියපු "ඔබ ම මාද විය" පෝස්ට් එක එහෙම මට මාත් එක්ක සාම ගිවිසුම් ගහන්න උදවු වුනා. අනික සචී තෑගි කරපු පූර්ව ජන්ම අපූර්වය යුද්දෙන් වුනු ගොඩක් තුවාල සනීප කලා. හෙ හෙ හේ

    ReplyDelete
  30. @විශ්මි !
    ඒකනේ නගේ . හැබැයි එයා එහෙම එකක් නොලියපු එකත් හොඳා නැත්නම් මම මේක මෙහෙම ලියන්නේ නෑනේ . . හික් හික්

    අහ් ඔයාලගේ අලුත් ජීවිතයට සුභ පැතුම් හොඳේ. මේ වගේ සටහන් එහෙම බලල පොඩි පොඩි ඒවා ලොකු යුද්ද බවට පෙරල ගන්නේ නැතුව සතුටින් ඉන්න හොඳේ . ..

    ReplyDelete
  31. @ලිෂ් එල එල . .. ලඟදි ද සුනිල් එදිරිසිංහගේ සින්දු එකතු කරන්න ගත්තේ මලේ . .හෆොයි . . කමක් නෑ කමක් නෑ පරක්කු වෙලා හරි පටන් ගත්තු එකම මදෑ . .

    @මලී
    ඔව් ඔව් මම දන්නවා උඹ අහන්නේ හොඳ ඒවා විතරයි කියලා. මේ ගීත දැං ඇහෙන්නේ නෑනේ රේඩියෝ වල අප්පා ඉතිං උඹලට කොහොම ඇහෙන්නේද . .

    @Buratheno !
    අහ් ඇත්තෙන්ම නියම ස්තූතිය හිමිවෙන්න ඕන තිසාට.

    ReplyDelete
  32. dhukaa ayiyaa niyamayi.... mama mail ekak dhaemma oyata...

    ReplyDelete
  33. උඹනම් පිස්සු හැදෙන්න ලියනව දුකා. අති විශිෂ්ටයි....

    ReplyDelete
  34. @සංසරසිඳු!
    ඔව් ඔව් මලයෝ ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා. අහ් මටත් සතුටුයි 250වෙනි සාමාජිකයා විදිහට ඔයා එක් වුනු එක ගැන. එහෙනම් පරන ලිපි එහෙම කියවලා ඉන්නකෝ ඔක්කෝටම කලින් වෙලාව ලැබෙන ලැබෙන විදිහට

    ReplyDelete
  35. @RanDil!
    නෑ නෑ . . දැක්කනේ තිසාට දුන්නු පිලිතුර.
    හික් හික් . . .

    @ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය!
    අයියෝ. ඇයි දන්නේ නෑ. මටත් ඔය වැඩේ වෙලා තියෙනවා ඇයි දන්නේ නෑ. ගොඩක් බ්ලොග් අඩවි වල මම කමෙන්ට් දානවා. ආපහු ගිහින් බැලුව්වම පිලිතුරු දීලද කියලා, පිලිතුරු තියා මගේ කමෙන්ට් එක වත් නෑ. මම ඒත් හිතුවේ ඒ අය ඒවා අයින් කරලා කියලා. දැන් තමයි දන්නේ ඒක එහෙම නෙමෙයි කියලා. සමාවෙන්න මගේ අඩවියේත් ඒ ප්‍රශ්නේ තියෙන එකට. තාක්ෂනික ප්‍රශ්නයක් වෙන්න ඇති

    @යෝගි!
    අහ් මට හරිම සංතෝෂයි උඹත් එක්ක කතා කරන්න ලැබුනු එක යෝගියෝ. ඒ අතරේම බලන්න ලෝකේ කොච්චර පුංචිද. ඔයා සචීගේත් හිතවතෙක් ඒත් මම යෝජනා කලාට පස්සේයි ඔයාල සයිබර් මිතුරෝ වුනේ.

    ReplyDelete
  36. @Raven !
    අහ් ඔව් ඔව් අනිවාර්යෙන් මේක උඹ අහල තියෙන එකක් වෙන්න ඕන. ඒත් මේ ගීතය උඹලගේ ජීවිත වලට අවශ්‍ය නොවේවා කියලා පතන්නම්. කවදද දැන් ඉතුරු වැඩ ටික???

    @nimanthi!
    අහ් ස්තූතියි කමෙන්ම්ට් එකට. ඔව් ඔව් ඒ මරණ දැන්වීම නම් ටිකක් භයානකයි තමයි.

    @රවා!
    හරි හරි රවා. ඔන මම ඒකට පිලිතුරු දුන්නා. අහ් ඔව් ඔව් කේලඩී කන්මනී ෆිල්ම් එකේ මන්නෙයි ඉන්ද කාදල් ගීතය තමයි ඒ ගීතය. තව එකක් උඹයි රවන් යි මට ටැපලුනානේ. පස්සේ තමයි ගූගල් එකට යවපු මේල් එක දැක්කේ.

    ReplyDelete
  37. @indik!
    අනේ කොල්ලෝ පිස්සු නම් හදා ගන්න එපා මේ වා බලල. අච්චර දෙයක් වෙලත් පිස්සු හදානොගෙන හොඳින් ඉගෙනීම කරන උඹ . .. . හික් හික්

    ReplyDelete
  38. හ්ම් ලස්සන කවි පෙලක්.

    ReplyDelete
  39. සොහොනෙ පින්තූරෙ දැකලා බය වුනා.

    ReplyDelete
  40. ela ban.
    මෙහෙම මගුලක් අපි සර් කෙනෙකුට හදලා සතියක් ගෙදර ඉන්න උනා බං.

    ReplyDelete
  41. හී හී
    අනෙ අම්මප උබලත් කරන වැඩ

    ReplyDelete
  42. මේ ගීතය මගේ හදවත නතර කරන්න සමත් ගීත වලින් එකක්.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails