Saturday, March 6, 2010

මේ රෝස පාට තොල් දෙක කාගෙද . . . මගේ නේද??



ලඟදි මම මූනු පොතට අපේ කන්තෝරුවේ පාර්ටියක පින්තූර ටිකක් එකතු කරලා, ඒකේ මේ අපේ "මැටිපූසා" වයින් බෝතලයක් මහා අමාරුවකින් ඕපන් කරන්න හදන වෙලාවේ ගත්තු පින්තූරයක් දැකලා මට මතක් වුනානේ ඉස්සර ටෙක් යන කාලේ අහපු ඇම්ඩන්ගේ අසභ්‍ය කතාවක්. මමත් ඉතිං දන්නෝ දනී නැතිනම් දන්නෝ හිනාවෙත්වා කියලා ඒක ටිකක් සභ්‍ය කරලා පොඩි කමෙන්ට් එකක් දැම්මා.

අපේ ගෙදර උන්දැ වෙලාවකට හරිම ටියුබ් ලයිට්. හැබැයි ලාවට ලාවට මතක තියෙනවා. ඒත් හරියටම නෙමෙයි. මගේ කමෙන්ට් එකට අදාල කතාවයි වෙන කතාවකුයි එයාට ටැපලිලා. ටැපලිච්ච එකෙන් වුනේ මට අමතක වෙලා තිබුනු ලස්සන කතාවක් මට ආපහු මතක් වුනු එකයි.

ඉතින් මම හිතුවා ඒ කතාව මේ ඔයාලත් එක්කත් බෙදා හදා ගන්න. හැබැයි මට මතකයක් නෑ ඒ කතාව මම දැක්කේ ඇහුවේ කොහෙන්ද කියන එක නම් .

මෙන්න මේකයි කතාව

ඔනන් එක පොරක් හිටියාලු අපේ තාත්තා වගේ යන යන තැන තමන් අරන් ගිය කුඩේ දාල එන. අපේ තාත්තා නම් කුඩේ විතරක් නෙමෙයි මොබයිල් ෆෝන් එක වුනත් දාලා එන නිසා අම්මා නම් කියන්නේ වෙන වෙන ගැජට් බැජට් හොදවෙලාවටලු ජොයින්ට් වෙලා තියෙන්නේ, නැත්නම් ඒවත් බස් එකේ දාලා එයිලු.

මේ පොරගේ මායියත් අපේ අම්මා වගේ කට කැඩිච්ච කතා කියන අම්මන්ඩියෙක් වෙන්න අති.

දවසක් මේ පොරට දුර ගමනක් යන්න වුනාලු. රාත්‍රිය ගත කරන්න වුනේ ඒ ගිය නගරයේ තියෙන හොඳ ලස්සන හෝටලේකලු. හොඳින් රාත්‍රිය ගතකරලා පහුවදා යන්න පිටත් වෙලා බස් හෝල්ට් එකට වෙලා ඉන්න කොට මතක් වුනාලු තමන් ගෙනාපු කුඩේ.

හෆොයි ඒ කුඩේ නැතුව ගෙදර ගිහින් මායියාගෙන් කුනු කතා අහනවට වඩා හොඳයි නගර සභාවේ කුනු ලොරියේ හැප්පිලා මැරෙනවා කියලා හිතලා, පොර මීටරේ කරකෝලා බැලුවාලු කොහේද තමන්ට ඒක අමතක වෙන්න ඇත්තේ කියලා.

ඔන්න අර අංජනම් බලන්න ගිහින් පීරිසිය දිහා අමාරුවෙන් බලාගෙන ඉන්නකොට හනුමන්තා ඇවිත් නැතිවුනු බඩුව පෙන්නුව වගේ සං ගාලා පොරට මතක් වුනාලු හෝටලේ තමන් හිටපු කාමරේ තමයි ඒක දාලා එන්න ඇත්තේ කියලා. පොර ආපහු ගියාලු හෝටලේට කුඩේ තියෙනවාද කියලා හොයලා බලන්න .

ගිහින් කතා කලාලු මැනේජර්ට.

"මහත්තයා මගේ කුඩේ අමතක වෙලා ගිහින් මේ හෝටලේ ඊයේ රෑ මම නතර වෙලා හිටපු 205 කාමරේ. ඒක නැතුව මම ගෙදර යන්න හිතනවනම් ඊට සැපයි මෝචරියක ගිහින් පදිංචි වෙන එක. ඒක නිසා මට ඒක ආපහු ගන්න පුලුවන්ද කරුනාකරලා??"

මැනේජර් අර ලොකු පොත බලලා කිව්වලු

"අනේ අන්කල් ඒ කාමරේ අන්කල් ගිය ගමන් ම කලින් බුක් කරලා තිබුනු අලුත බැඳලා හනිමූන් ආපු ජෝඩුවකට දුන්නානේ"

"අනේ මැනේජර් මහත්තයා කාමරේ දොරට පොඩි තට්ටුවක් දාලා අහලා බලන්න බැරිද"

"හපෝ හපෝ හනිමූන් ආපු අයගේ කාමර වලට තට්ටු දාන්න හොඳ නෑ නේ අන්කල්."

දැන් ඉතිං මොකේද දං වලදන්නේ කියලා හිතපු අන්කල් එකපාරටම ඇහුවලු

"එහෙනම් මහත්තයා, මම ටික වෙලාවක් ඒ දොර ගාවට වෙලා ඉන්නද?? ඉඳලා කීයට හරි ඒ අය කාමරේ දොර අරපු ගමන් මම අහල බලන්නද මගේ කුඩේ ගැන" කියලා

"අන්කල්ට ඔතන ලගා ගහගෙන ඉන්න කමක් නැතන්ම් අපිට කමක් නෑ"

ඔන්න මැනේජර්ගෙන් පර්මිෂන් ලැබුනා. දැං අන්කල් ඉන්නවා කාමරේ දොර ගාවට වෙලා මුන් දෙන්නා කීයට දොර අරීවිද කියලා.

ඒ අතරේ පොර හිටපු ගමන් දොරට ලඟට කන තියලා අහගෙන ඉන්නවලු මුන් දෙන්න එන පාටක් පෙනෙයිද කියලා නැතිනම් තමන්ගේ කුඩේ ගැන මොකක් හරි සඳහනක් වත් කාමරෙන් ඇහෙයි වත් දෝ කියලා. .

ඔහොම ඉනකොට පොරට ඇහෙනවාලු . . .

"මේ දුඹුරු පාට කොන්ඩේ කාගෙද. . .. ? මගේ නේද . . . "

"ම් ම් ම් හ් හ් හ් "

"මේ නිල්පාට ඇස් දෙක කාගේද . . .. මගේ නේද . . . "

"ම් ම් ම් හ් හ් හ් "

"මේ සුදු පාට කම්මුල් දෙක කාගෙද . . . මගේ නේද . . . "

"ම් ම් ම් හ් හ් හ් "

"මේ රෝස පාට තොල් දෙක කාගෙද . . . මගේ නේද . . . "

"ම් ම් ම් හ් හ් හ් "

පොරගේ බලාපොරොත්තුව ඉටුවෙන පාටක් නෑ වගේ . නොයිවසිලි වුනු පොර ටිකක් හයියෙන් කිව්වලු

ළමයිනේ මේ . . ඔහොම එක එක ජාති හොයාගෙන හියාගෙන යනකොට කලු පාට කුඩයක් හම්බුවෙයි. අනේ ඒක නම් මගේ හොඳේ කියලා. . ..

45 comments:

  1. LOLZzzzzzzzzzzz
    :D
    hahhahaahahhahaa

    ReplyDelete
  2. හා.. හා..
    නියමයි... ලමයිනෙ ඔහොම යද්දි කුඩයක් හම්බවෙයි එක නම් මගෙ........

    ReplyDelete
  3. හහ්හා..කාලෙකට කලින් අහල තිබ්බ මේ කතාව කොහෙන් හරි. මතකය අලුත් උනා ආපහු.

    ReplyDelete
  4. උඹ ලැයිස්තුව උඩ ඉඳන් පහලට පටන් ගත්තු එක හොඳා.... මේ පොඩි එවුනුත් ගැවසෙන තැන්වල.... හෙහ් හෙහ්... අර "ගැජට් බැජට් හයි කරල තිබුනේ නැත්නම්..." කතාව එල නේ....

    ReplyDelete
  5. පිස්සු හැදෙනවා. හා හා හා..... මේ දුකා අයියේ ඕක ඔයාට වෙච්ච එකක් හෙම නෙමේනේද ?

    ReplyDelete
  6. කතාවක් කතාවක් කියලා බොරු කියන්න එපා සහෝ කවුද ඒවෙලාවේ කාමරේ හිටියේ අංකල් එහෙම අහද්දී දුකා අයියට හිතුනේ මොකද්ද කියලා අපි දන්නවා.........................:D

    ReplyDelete
  7. ඉතිං කුඩේ හම්බඋනාලු ද? :D

    ReplyDelete
  8. ඔයාට හොඳට.. කතා රහ තරලා ලියන්න පුලුවන් නේද ..දුකා..
    මරු කියන්නේ ..මරේ මරු....

    ReplyDelete
  9. me hallloooo mama tube bulb ekak newei harida

    ReplyDelete
  10. හී හී එල කතාව
    ඒකෙ නෙමෙ Couple එක පිටරට Couple ද?
    දුබුරු කොන්ඩේ,නිල් ඇස් :D

    ReplyDelete
  11. ඔයාගේ කතාව රසවත් නියමෙට ලියන්න පුලුවන් මගෙන් සුභ පැතුම් ඉදිරියටත් මෙහෙම ලියන්න

    ReplyDelete
  12. :D පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා. නියමයි...

    ReplyDelete
  13. මගේ හිතටත් එනවා එක එක ඒවා....
    මෙතන කියන්න බෑනේ....

    ReplyDelete
  14. නියම කථාව. හිඃ හිඃ...

    ReplyDelete
  15. @Chanaka Aruna Munasinghe, Ansh Lucky Sri Jay, රවා, Raven, chamila_dealwis, AnuradhapuraZone, මිස්සක, Hipo, ගයාන් තාරක !

    එල එල . . .හොඳයි කියල හිතුනානම් පොඩි හරි හිනාවක් ගියා නම් එච්චරයි . . හික්ස්

    ReplyDelete
  16. @තිස්ස දොඩන්ගොඩ!
    ඔව් බන් අපේ අම්මට මහා එපා කරපු කටක් තියෙන්නේ .. වැඩේ කියන්නේ ඒ කටම පුතාටත් ලැබිච්ච එකයි. හික්ස්

    @ත‍රිඳු !
    ඕං ඉතිං ඇහුවා එකක් . .

    @චතුරංග!
    ඇයි බං මොකුත් හිත හිතා හිටියේ නෑ, උඹ ඉල්ලපු ගමන් මම කුඩේ උඹට දුන්න මතක නැද්ද??? හෙ හෙ හේ

    @ගයන්ත!
    ඕං ඔය චතුරංග ගෙන් අහලා බලන්න මලේ

    ReplyDelete
  17. @- නිල් අහස -!
    හි හි හී ටිකක් විතර පුලුවන් . . .

    @නදීෂා!
    හෆොයි නැතිවෙලා තිබුනු පාස්වර්ඩ් එක හොයලා දීලා මම කරගත්තු අපරාධයක්.
    මම කිව්වේ වෙලාවකට ටියුබ් ලයිට් කියලා හික්ස්

    @සරදියල් !
    අනේ බන් උඹත් ටියුබ් ලයිට්ද. ඔය හොනිමූන් ගිය අය කලුම කලු අයටත් "සු. . .. දූ. . ." කියනව කියලයි අපි නම් අහල තියෙන්නේ. එහෙව් එකේ නිල් ඇස් නම් මොනාද??
    අහ් කොන්ඩේ ටින්ට් කරලා වෙන්ටැ හික්ස්

    ReplyDelete
  18. @චමිදේවා !
    මේ මචං ඊ මේල් එකකින් කියලා එවන්න බැරිද හික් හික්

    ReplyDelete
  19. හික් හික්... මතක හැටියට මං මේක චිත්‍ර කථාවකින් කියවලා තියනවා..

    ReplyDelete
  20. චීයා.... මෙයා කක්කි කතා කියනවා. අම්මෙ මෙන්නෝඕඕඕඕඕඕඕඕඕ...

    ReplyDelete
  21. දුකා... නිතර නිතර අර සුජීව ප්රසන්න ආර්ච්චිගෙ style එකෙ ඒවම නැතුව ඉන්දල හිටල හරි මෙහෙම ඒවත් මෙකෙ යන එක ගැන සතුටුයි..
    මේකත් ඔය වගේ එකක් තමා..අහල තීනවද බලන්න කලින්!
    ඔන්න එක මත් එක රටක හිටිය...## … තරුන කොල්ලෙක්.මිනිහගෙ ගෙදර දෙමාපිය සහොදර සහොදරියන්ට අමතරව බැන්දපු නැති වයසක මාම කෙනෙකුත් හිටියලු. මේ මාම නාන ලින් ගාව එහෙම කැරකෙනවට ප්රසිද්ද වයසක මල් හිරුවෙක්ලු. කොහොමහරි ඔය අපේ කොලුගටයටත් දැන් කසාදයක් සෙට් වෙලා ඔන්න මගුල් ජයට කාල ජොඩුව හනිමූන් එකට සෙට් වුනාලු ඒ ගෙදරම( මේක මේ නවසිය බර ගනන් වල ස්ටොරියක් හරිද ) ඉතින් මේ නොයින්දුල් සීන් එක බලනකන් අර නාකි මාමටත් ඉවසිල්ලක් නෑලු. මිනිහ දන්න හම තැනම බැලුවලු, සේරම හිල් well covered.දැන් ඉතින් ගේම අරින්නත් බෑනෙ..පොර නැග්ගලු වහලෙට...හිමීට අයින්කරාලු උලු කැටයක්.. වැටෙයි කියල බයෙන් බයෙන් උනත් දන් බලන් ඉන්නවලු වැඩේ. ඔය අතරෙ අර ගැටයත් ඉතින් දන්න සෙල්ලම් දාල radio එකේ channels අල්ලගෙන ( දන්නවනෙ එකෙයි ගෑනුන්ගෙයි වෙනස නේද ) අතපය දිග ඇරල කිඋවලු...අද මන් ඔයාට දෙන්නෙ වහලෙ උලු උඩයන්න කියල...මේක ඇහිච්චගමන් අර කකුල් වෙව්ල වෙවල් සීන් එක බලන් හිටපු නාකි මාම එකපාරටම බයවෙලා කිවුවලුු..අනේ පුතේ එහෙනන් පොඩ්ඩක් ඉන්දින් මන් වහලෙන් බහිනකල් .....කියල...ඊට පස්සෙ මොනා වෙන්න ඇතිද කියල හිතාගතෑකිනෙ.....

    ReplyDelete
  22. ඒක මරු දුකා අයියේ.... සිරා සිරා..

    ReplyDelete
  23. ලෝල්ස්..... හිහ් හිහ් හිහ් හී.....

    ReplyDelete
  24. මම ගෙදර තනියම ඉන්නකොට මේක බලුවෙ.
    මම ඇති වෙන්න හිනා උනා.
    අහල පහල අය හිතන්න ඇති පිස්සු කියලා. :)))

    ReplyDelete
  25. අන්කල්ට අර ජෝඩුව කුඩේ දීල ද?

    ReplyDelete
  26. @මලී!
    අහ් මලියා නොදන්න කතා තියෙනවද . . . එල එල

    @änthräX !
    අනේ උඹ බබා. පවු

    @ප්‍රියන්ත කරුණාරත්න!
    එල එල

    @Indika!
    අහ් . . මම ත් ඕක අහල තියෙනවා. මචං මේ අර සුජීව ප්‍රසන්නගේ ඒවා වගේ කියන එක නම් බරපතල ප්‍රකාෂයක්. මගේ බ්ලොග් එක එහෙමයි කියලා හිතෙනවද??? එහෙනම් මම මේ මගුල නතර කරලා දානවා

    ReplyDelete
    Replies
    1. හෙන කට්ටක් කාල මම මේක ද ආයි හොයා ගත්ත

      Delete
  27. @ආගන්තුකයා!
    එල නම් එල . . . නැත්නම් අපරාදේ මගේ මහන්සිය හික්ස්

    @මධු වීරකෝන් !
    ලොල්ස් ලොල්ස් හික්ස්

    @ඇනෝ!
    අහ් අහල පහල අය මේ පාර දැනගන්න ඇති රහස. හික්ස්

    ReplyDelete
  28. @ලිෂ්!
    පොලොව පිපිරිලද දන්නේ නෑ උඹ බිම පෙරලි පෙරලි හිනා වෙලා. . ඇයි අප්පා පොඩි පහේ සයිස් එකක්ද . . . හික්ස්

    @පබලු!
    හික් හික් . .

    රුචක
    ඔන්න ඇහුව එකක් ඉතිං . .

    ReplyDelete
  29. බැලින්නම් දුකාගෙ කුඩේ තමයි දාලා ඇවිල්ල තියෙන්න !

    ReplyDelete
  30. කුඩෙන් නෙමේ අතකින්ම දෙන්න ඇතිනේ?

    බිපෙසි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  31. හත් ඉල්ලව්වයි මම මේක කලින් දැක්කේ නැහැනේ! ලිෂානයියේ උඹ මේක දත් මැද මැද එහෙම කියවන්න එපෝ!

    ReplyDelete
  32. මමත් මේ කියන්ඩමයි හිටියේ අර ඉන්දික කිව්වා වගේ සූජිව ප්‍රසන්නආරච්චි ඉස්ටැයිල් එකේම ලියන්නේ නැතුව ටිකක් පොළවේ පය ගැහිච්ච කතා ලියවෙනවා නං හොඳයි කියලා.. මට නං ඒ ඉස්ටැයිල් එක අල්ලන්නෙම නෑ අයියණ්ඩි.. මේ වගේ කථා නං පට්ට ඈ.. ඔන්න අපේ දුකාක්කණ්ඩිත් මේ පැත්තේ ඇවිත් සද්දයක් දාලා ගොහින් තියෙන්නේ.. :P

    ReplyDelete
  33. @රොකියා | Udara !
    මම කිව්ව කියලා හිතා ගං කොල්ලෝ . . . Grrrrrr

    @~බිன்ku~ !
    හික් හික් හික් . . . . මේ රොකියා බොරු ගොතනවා මුගේ මාමන්ඩිට වෙච්චි දෙයක් මේක . . අපි උගෙන් අහලා බලමු මාමගෙන් අහන්න කියලා හික්ස්

    @මුචලින්ද !
    හප්පා . . . ඒකෙනුත් ඒ අහිංසකයාට ගහනන්යි හදන්නේ . . පවු බං . .

    ReplyDelete
  34. @Udara || උදාර මදුෂංක !

    මේ සිරාවට මේක (මගේ බ්ලොග් එක) ඒ වගේද දැනෙන්නේ කියපන් මලේ .. මේ මගුල නවත්තලා දාලා වෙන මොකක් හරි මගේ වැඩක් බලාගන්න . . . අහ් එහෙම්මම නෑ කියලා රිප්ලයි කරනවනම් . . . ඒ වගේ කියලා හිතෙන ලිපි එහෙමත් තියෙනවානම් පොඩ්ඩක් කියපන් . . .ඊලඟ පාර ලියනකොට පරිස්සම් වෙන්න . ..

    ReplyDelete
  35. පලාතේ බොහෝ ම ප්‍රසිද්ධ මුදලාලි කෙනෙක් බණක් අහන්න පංසල් ගියාලු. ඉතිං හාමුදුරුවෝ පංසිල් දෙද්දි "අදින්නාදානා" කියනකොට ම අපේ මනුස්සයා බොහෝ ම කලබල උනාලු. මේක හාමුදුරුවොත් දැක්කලු. ඊ ළඟට "කාමේසුමිච්චාචාරා" කිනකොට අපේ මනුස්සයා ඔලුව හොලවලා බොහෝ ම පහසුවෙන් ඉතිරි ටිකත් අහං හිටියලු. බණ ඉවරවෙලා හාමුදුරුවෝ මේ අපේ මනුස්සය ව ගෙන්නලා ඈහුවලු" ඈයි මහත්තයා අදින්නාදානා කියනකොට කලබල උනේ" කියල.."අනේ අපේ හාමුදුරුවනේ.. මට අර අපේ පුතා ජපානෙං ගෙනද්දීපු කුඩේ මතක් උනේ එතකොට නෙ.. මං හිතුවෙ ම කවුරුහරි ඒක හොරකං කරල ඈති නියලනෙ.." "එතකොට මහත්තයෝ කාමේසුමිච්චාරා කියනකොට මහත්තයා ඔලුව වැනුවෙ...?" "අපේ හාමුදුරුවනේ ඒක කියනකොට නෙ මං කුඩේ දාලා ආපු තැන මතක් උනේ....!!"" අපේ මනුස්සයා කියාපි..

    ReplyDelete
  36. @ඉන්ද්‍රනාථ අයියා!
    හඃ හඃ හා . . . අයියා මේක නම් මරේ මරු අප්පා . . . . හොඳ වෙලාවට මම තනියෙම ඔෆිස් එකේ ඉන්නේ. . . හික් හික්

    ReplyDelete
  37. බීපේසී2 අම්මේ මගේ බඩ රිදෙනෝ :-D

    ReplyDelete
  38. "නදීෂා said...
    me hallloooo mama tube bulb ekak newei හරිඩ"

    කතාවට වඩා මරු ආතල් එක නෝනා මේක දැකපු එක !!! හා හා හා !!:P

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails