Monday, January 25, 2010

හත් වලාමේ වෙච්චි දේට මක් කොරන්නද . . . . . !!



මාර වැඩේ . . . අපේ ගෙදර උන්දැට හරිම අකරතැබ්බයක් වෙලානේ . . .

"පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩා ගෙන . .
ගෙදර උන්දැ කොන්ඩෙ බඳින හවරියා කාලා . ..
කොන්ඩෙ බඳින්නට විදිහක් නැතෙයි කියාලා . . .
මටයි දෝස කියන්නේ මං මක් කොරන්නද . ..
හත් වලාමේ වෙච්චි දේට මක් කොරන්නද . . "

නෑ නෑ මෙහෙම සීන් එකක් නෙමෙයි දෙයියනේ . . . උන්දැලගේ ගෙදර කොහෙද පුල්ලි ගොනෙක් . . .

උන්දැ නිවාඩුවට උන්දැලගේ මහ ගෙදර ගිය ගමන් නතර වුනානේ ටික කාලෙකට මෙහේ රැකියා තත්වේ හොඳ නෑ කියලා ටිකක් හොඳ වෙනකම් කියලා . . . උන්දැලගේ ගෙදර තියෙන්නේ මහ පාර අයිනේමයි . . ගෙදර ඉඳන් පාරට එන්න පඩි හය හතක් බහින්න ඕන . . . අපේ කොල්ලගේ තියෙනවා පුදුම ඉල්ලීමක් . . . අම්මා හරි . . . ආත්තම්මා හරි . . ලොකු අත්තා හරි ගෙයින් එලියට යනවා නම් එයාවත් එකක්ගෙන යන්න ඕන . . . එයාට පේන්න ගෙයින් එලියට බැහැලා ගියොත් ඉතින් සොරිම තමයිලු . .

අපේ උන්දැට ලඟ පාත කඩේට යන්න ඕන වෙලා කොල්ලාට හොරෙන් ගෙයින් එලියට බැහැලා යන්න හදද්දී කොල්ල එනවද කියලා පස්ස බල බල යන්න ගිහින් පඩිපෙලේ ලිස්සල වැටිලා කකුල දෙපොලක් තුවාල වෙලා . . . හරිම අමාරුවෙන් තමයි මේ දවස්වල ඉන්නේ . . .

"නිදා ගන්නකොට හැරෙන්න බෑ හලෝ හරිම අමාරුයි" කිව්වහම

"ඉතිං ඔච්චර අමාරුවෙන් හැරෙන්නේ මොකෝ . . හැරෙන්නේ නැතුව ඉන්නකෝ ඩාලිං . . . . " කියලා මම කිව්වයි කියලා මාව අනුභව කරන්න තරම් කේන්තියෙන් තමයි උන්දැ ඉන්නේ මේ දවස් වල . ..

(නිවාඩුවට ගෙදර ගියාම අපේ අම්මගේ ලෙඩ ගැන කියද්දී "හුස්ම ගන්න අමාරුයි බං . .හුස්ම ගන්නකොට පපුව රිදෙනවා . . " කියලා කියද්දී . . . "අනේ ඉතිං ඔච්චර අමාරුනම් හුස්ම නොගෙන ඉන්නකෝ . ." කිව්වහම අම්මගෙන් අහගන්න ලැබෙන්නේ මෙන්න මේවායි . . .!@#$%^&%^%$@ හික් හික් . . )

ඒ අස්සේ උන්දැ නොන්ඩි ගහනකොට අපේ කොල්ලත් බොරුවට නොන්ඩි ගහනවලු කින්ඩියට . . .(ඒක නම් කොල්ලට අප්පච්චිගේ ජාන වලින් ලැබුනු තෑග්ගක්ද කොහෙද . . ) හික් හික් . . . ඒක දැක්කාම උන්දැට තවත් කේන්ති යනවා ඇති . . "මූත් මහ එකා වගේමයි . . . කාටහරි කරදරයක් වුනත් ඒකත් විහිලුවටමයි ගනන් ගන්නේ" කියලා . . . ඇයි හත් දෙයියනේ මුලු ඇඟම පිච්චිලත් . . .ඉවසගන්න බැරි අමාරුවෙන් වුනත් මම හිටියෙත් හිනා වෙවීනේ . . එහෙම එකේ මේ පොඩි තුවාලෙකට දුක් වෙන්නේ අහවල් කාරියකටද . . .

තව සතියකින් උන්දැගේ මල්ලිගේ වෙඩිම ත් තියෙන නිසා "හෆොයි දැන් වෙඩිම දවසට සාරි අඳින්නේ කොහොමද . . සපත්තු දාන්නේ කොහොමද . . " කිය කියා නහයෙන් අඬමින් වගපාලි කියන කොට මට මතක් වුනේම ඉස්සර කාලේ මම හරිම ආසාවෙන් කියවපු . . දැන් නම් ඒ ලියපු කෙනාගේ නම ඇහෙනකොටත් යකා නගින . . . පත්තරේක කොලමක තිබුනු ලිපියක් . . .

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

එක පොරක් ගේ හොඳම යාලුවා කසාද බඳින්න ලෑස්ති වුනාලු . . . මේ පොරත් ඉතිං බැහැලා සප් එක දුන්නලු යාලුවගේ වෙඩිමට . . .

ඒ අතරේ වෙඩිම දවසට පොර අඳින ඇඳුම් . . . දාන සපත්තු . . එහෙම ගැන සෑහෙන්න හිතලා මතලා . . වියදම් කරලා ඒවත් ලෑස්ති කර ගත්තලු . . . ඇයි ඉතිං හොඳම යාලුවගේ වෙඩිම නිසා පොරත් ඉන්න එපයි ටොයියා වගේ . . . වෙඩිම දවසේ මොන මොනා වෙයිද කියලා කවුද දන්නේ . . . බැරි වෙලාවත් යාලුවා ලස්සන කෙල්ලෝ ටිකකට එහෙම ඉන්වයිට් කරලනම් . . . .. . . නේ . . ???

පොරගේ කරුමෙට වෙඩින් එකට සතියක් විතර තියෙද්දී කකුලේ තුවාලයක් වෙලා . . .

අනේ පොර ඉතිං හරිම කනගාටුවෙන්ලු ඉන්නේ . . . "දැන් ඉතිං වෙඩින් එක දවසට කොහොමද සපත්තු දාන්නේ" . . "හෆොයි මට වෙච්චි අපරාදයක් . . " කිය කියා මිනිහ කල්පනා කරමින් ඉන්නවලු . . .

මොන දේ කලත් පොරගේ හිතේ තියෙන්නෙම කකුලේ තුවාලෙයි . . වෙඩින් එකයි ගැනමලු . . . කෑවත් . . බිව්වත් . . වැඩක් පලක් කලත් . . මොන මගුලක් කලත් . . . කකුලේ තුවාලෙයි . . . වෙඩින් එකයි මිනිහගේ හිතෙන් අහක් වෙන්නේම නැතිලු . ..

වෙඩින් එකට දවස් දෙක තුනකට කලින් පොරට පොඩි ගමනක් යන්න වෙලා බස් එකකට නැග්ගලු . . . මිනිහ ඉඳලා තියෙනෙන දොර ලඟමලු . .. ඔහොම යන අතරේ මැද්දේ හිටපු අඩි උස සපත්තු දාපු නෝනා කෙනෙක් කඩාගෙන බිඳගෙන එනවලු ඊලඟ හෝල්ට් එකේදී බහින්න කියලා . . .

මිනිහට තේරුනාලු මේ නෝනා එන විදිහට නම් මගේ කකුල පාගනවා ෂුවර් ම තමයි කියලා . . . හිතලා නෝනා ලඟට එනකොටම ටිකක් හයියෙන් කිව්වලු . ..

"හා හා කකුල නම් පාගන්න එපා . . . කකුලේ වෙඩින් එකක්" කියලා . . .

පොරට කියන්න ඕන වෙලා තිබිලා තියෙන්නේ "කකුල නම් පාගන්න එපා කකුලේ තුවාලයක් . . ඒක පෑරුනොත් වෙඩින් එකට යන්න බැරි වෙයි" කියලලු . . නමුත් හදිස්සියට පොරට කියවිලා තියෙනෙන අර විදිහටලු . ..

. . . . . . . . . . . . . . . . . . . . .. . .. . . . . . .

ඒකයි මම කිව්වේ "මාර වැඩේ, අපේ ගෙදර උන්දැට හරිම අකරතැබ්බයක් වෙලානේ " කියලා . . අපේ ගෙදර උන්දැටත් කකුලේ වෙඩින් එකක් . . . හික් හික් හික්

ෆොටෝ එක ගත්තේ මෙන්න මෙතනින් . ..

26 comments:

  1. Hapooi ගෙදර උන්දැට සලකණ විදිහ හරි නැ වගෙ. දුක්ගන්නාරාළta ගෙදර උන්දැge දුක terenne ne

    ReplyDelete
  2. "හා හා කකුල නම් පාගන්න එපා . . . කකුලේ වෙඩින් එකක්"

    අපොයි !!! මට Office එකේ ඉන්නේ කියලත් අමතක උනානේ.

    ReplyDelete
  3. Anonymous මටත් පේන්නෙ ඒ වගේ...

    ReplyDelete
  4. @Anonymous!
    මේක නම් මගේ ගෙදර උන්දැ ලියපු එකක් වගේ . . . එහෙම කියන්න එපා අප්පා . . . කකුලේ තුවාලේ වේදනාව නොදැනෙන්න විහිලුවක් කලාට . . . දුක්ගන්නාරාළට ගෙදර උන්දැගේ දුක තේරෙන්නේ නෑ කියන්නේ කොහොමෙයි . . ???

    ReplyDelete
  5. @රන්දිල් !
    මටත් ඕක මතක් වෙන මතක් වෙන පාරට මැරෙන්න හිනා යනවා . ..

    ReplyDelete
  6. @සුදු මහත්තයා!
    මේක නම් තනිකර පලි ගැනීමක් . . උඹ මූනු පොතේ දාපු ස්ටේටස් එකට මම කරපු විහිලුවට උඹ දෙන්නම් ජම්බු කියල හිතලා අපි දෙන්නව කොටවන්න නේද මෙහෙම කියනෙන සුදු මහත්තයෝ . . හික් හික් . ..
    අපි අහුවෙයි ඕවට නේද මෙයා . .

    මෙන්න අර කියපු ස්ටේටස් උප්ඩේට් එක . ..
    සුදු මහත්තයා
    "ඊයේ බණ ගෙදරක ගියෙමි. බණ ඇසීමට පට්ට කෑල්ලක් පැමින සිටියේය. ලයින් පාරක් දැම්මෙමි. වැඩේනම් හරිය. ඇගේ තාත්තාට බඩගිනිවී මා දෙස කන්න මෙන් බැලීය."

    දුකා
    කෙල්ලගේ තාත්තා බීෆ් වලට ආසා කෙනෙක්ද . . හික් හික් . .

    ReplyDelete
  7. ඉක්මනින් සුව වේවා කියලා පැතුවා ඔන්න..

    ReplyDelete
  8. අපොයි මෙහෙමත් ඇබැද්දි... එතුමියට ඉක්මන් සුවය පතමි.

    ReplyDelete
  9. දුකා අයියාගේ වයිපරේගේ සිතුවිල්ල.....

    හොඳයි හස්බන්ඩෝ.. හිනා වෙයන්කෝ... බලමුකෝ ඔබතුමාට ලෙඩක් දුකක් හැදුනම... ඒ වෙලාවට මමත් හිනාවෙන්නම්කෝ ලෙඩේ දෙපිටින් යන්න.. කොකාට වගේම තිත්තයටත් වාරයක් එන්නෙ නැතැයි. ලෑස්තිවෙලා හිටපන් ලංකාවට ආවම සාලෙ සෝෆා එකේ තනියම නිදාගන්න.

    ReplyDelete
  10. කාලෙකින් හිතට සතුටක් ලැබෙන දෙයක් කියෙව්වා .... පිං ඔබට ... මිනිසුන් වෙනුවෙන් කරුණු කියන්නට යනවාට වඩා රටට ලෝකෙට හෙණගැහුනත් මොකද මගේ වැඩේ කෙරෙනවනම් කියලා හිතලා ඉන්න මිනිස්සු සතුටින් ද කියලා මට වෙලාවකට හිතෙනවා ...

    ඔය වගේ වැඩක් අපේ යාලුවෙකුටත් වුණා. කට්ටියක් ඉන්න තැන එකෙක්ගෙන් ඇහුවා උඹ අද කොහෙවත් යනවද කියලා..

    මිනිහා යන තැන දැනගෙන උන්නු යාලුවෙක් පැනලා දෙන්නත් එක්ක යන තැන කිවුවා කට්ටියටම ඇහෙන්න ...

    "මචං මුන්ගේ නැන්දා පිට යනවනේ .... ඒ හින්දා මූ රට යන්න කටුනායක යනවා."

    ඒත් මිනිහට කියන්න ඕන වුණේ යාලු‍වගේ "නැන්දා පිටරට යනවා ... ඒ හින්දා ඇරළවන්න කටුනායක යනවා" කියලයි

    ReplyDelete
  11. @Thejan !
    හෆොයි මචන් මට හිනා ව නවත්ත ගන්න බැරියෝ . . .

    ReplyDelete
  12. හොඳ වෙලාවට නැන්ද ගියේ. අම්ම ගියානම් එහෙම ????

    ReplyDelete
  13. පත්තරවලයි, බ්ලොග් වලයි, ටී.වී.චැනල් වලයි මේ දවස්වල තියෙන ඉලෙක්ෂන් කංකරච්චලය මැද මේ වගේ බ්ලොග් එකක් බලා පොඩ්ඩක් හිනා වෙන්න ලැබීමත් ලොකු දෙයක්.

    අනේවාසික
    http://anewasika.blogspot.com/

    ReplyDelete
  14. @Roshan Herath, Prabath !
    අනේ තැන්කූ තැන්කූ . . .

    බලන්න ඉතිං අපේ මායියට උන්දැව නොදන්න අයත් ඉක්මන් සුවය පතනවා . .. ඉතිං කොහොමෙයි කියන්නේ මම උන්දැ ගැන සැලකිලිමත් නෑ කියලා . . . සැලකිලිමත් නිසානේ මේ ඔයාලගෙනුත් උන්දැගේ තුවාලේ ඉක්මනට සනීප වෙන්න කියලා සුභපැතුම් අරන් දෙන්නේ . ..

    ReplyDelete
  15. @ත‍රිඳු !
    අඩෝ තරිඳුවෝ . . ලංකාවට ආවම තෝ අහුවෙන්න එපා පාරකදී තොටකදී එහෙම . . හරිද . .. හික් හික් . .

    අපේ එක්කෙනා ඔහොම නෑ . . ඔයා පුතා එක්ක ඇඳේ නිදා ගන්න . . මම සෝෆා එකේ නිදා ගන්නම් කියලා කියයි ඕන්නම් . . (හැබැයි ඒ පුතා රෑට අම්මගේ ඇඟේ වැදුනු ගමන් කිරි බොන්න හොයන නිසා නෙමෙයි හොඳේ . . හෙ හෙ හෙ )

    ReplyDelete
  16. "පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩා ගෙන . .
    ගෙදර උන්දැ කොන්ඩෙ බඳින හවරියා කාලා . ..
    කොන්ඩෙ බඳින්නට විදිහක් නැතෙයි කියාලා . . .
    මටයි දෝස කියන්නේ මං මක් කොරන්නද . ..
    හත් වලාමේ වෙච්චි දේට මක් කොරන්නද . . "

    නෑ නෑ මෙහෙම සීන් එකක් නෙමෙයි දෙයියනේ . . . උන්දැලගේ ගෙදර කොහෙද පුල්ලි ගොනෙක් . .


    හි හි හී ගෙදරයැ දැන් පුල්ලි ගොනා ඉන්නේ නේද මන් අහන්නේ

    ReplyDelete
  17. @චතුරංග රූපසිංහ !
    ඔය නම නම් උබ අදහස් කල එකාට නියමෙට මැච් වෙනවා බං . .

    ඌ පිච්චිලා ඇඟ පුරාම පුල්ලි පුල්ලි තියෙනවා . . . ඒ අස්සේ කලොත් කරනෙන ගොං වැඩක් . . .

    ඔව් බන්z ඌ නම් පුල්ලි ගොනෙක්ම තමයි . . හික් හික් . . .

    ReplyDelete
  18. "ඒ අස්සේ උන්දැ නොන්ඩි ගහනකොට අපේ කොල්ලත් බොරුවට නොන්ඩි ගහනවලු කින්ඩියට . . .(ඒක නම් කොල්ලට අප්පච්චිගේ ජාන වලින් ලැබුනු තෑග්ගක්ද කොහෙද . . ) හික් හික් . . ."


    මම ඔය කථාව නම් අක්කට කලිනුත් කිව්වා.. ආයේ ඇරපු අතක් නෑ.. තාත්තාගේම පුතණ්ඩියා.. ලොකු වෙද්දී දුකෙක්ම වෙයි මං හිතන්නේ.. හිටපියකෝ මහ එකායි පොඩි එකායි මට හම්බෙනකං.. :පී :D :P :D :D

    ReplyDelete
  19. මොකක්ද මෙ පිච්චිච්ච කථාව..
    මම දෙතුන් තැනකම දැක්කා.
    අකමැත්තක් නැතිනම් පමණක් කියන්න...

    ReplyDelete
  20. @උදාර මදුෂංක !
    ආ වරෙන් වරෙන් අපේ කොල්ලටම කියලා උඹට ඉල්ලල දෙන්නම් . . .

    ReplyDelete
  21. @මාරයාගේ හෝරාව !
    අයියෝ එහෙනම් උඹ ඒ පරන පෝස්ට් එක බලල නැද්ද . . .මෙන්න මේ ලින්ක් එක බලපන් . . .

    http://dukaa.blogspot.com/2009/08/blog-post_16.html

    ReplyDelete
  22. අනේ පව් ගෙදර මනුස්සයා.. මට හිතා ගන්න පුළුවන් තාත්තායි පුතන්ඩියයි දෙන්නම දෙපැත්තට වෙලා කින්ඩි කරද්දි ඇති වෙන තත්වේ.. පඩිපෙලෙන් වැටුනු නෝනට ගොන්නු දෙන්නෙක් ඇනිනවා වගේ කිව්වලු.. ‍පවු වැඩේ මොනා උනත් මිසිස් දුකා ට ඉක්මන් සුවය ලැබේවා...!!!

    ReplyDelete
  23. @ මලී!
    "පඩිපෙලෙන් වැටුනු නෝනට ගොන්නු දෙන්නෙක් ඇනිනවා වගේ කිව්වලු.."
    හෆොයි උඹ කියන්නේ එතකොට මායි කොල්ලයි දෙන්නම ගොන්නු කියලද . . අහුවෙයක්කෝ උඹත් මට . . . ‍

    ReplyDelete
  24. අර අපේ දුකාගේ ලියන්න හිතන් හිටපු දේශපාලන බ්ලොග් වලට මක්කා උනාද දන්නේ නෑ.. හෙ හේ...

    අනේ,, පව් දුකෝ ගෑනි.. උඹ නැතුව අවුල් ඇති..
    මම උඹේ කොළුවාට නම් මාර ආදරෙයි.. ඌ ෂෝක්.. ඇම්බැට්ටයෙක්..

    ReplyDelete
  25. @ පිස්සා !
    ඇයි බන් මම ලිපි දෙකක්ම ලිව්වේ . .. චන්දෙන් පස්සේ ඉතුරු ටිකත් ලියනවා . . මේ දවස් වල ඕව කවුරුත් බලන්නේ නෑ නේ බං . ..

    ගෙදර උන්දැ මාත් එක්කම ආපහු මෙහාට එන්න ඉන්නේ . . . මම නිවාඩු ගිහින් එනකොටම

    අහ් ඔව් ඔව් කොල්ලත් අප්පච්චි වගේ තමයි එල බුවා. . හික් හික් . .

    ReplyDelete
  26. හක් හක් හා..
    මේක දැක්කෙ දැන් නෙව..
    :D :D
    මරු කතාව

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails