Monday, December 14, 2009

ඔබ ද මා ද වී මා ද ඔබම වෙමු . . . !



ඔබ ඔබම මිස
මම මා ද මිස
ඔබ මා නොවන බව
මා ඔබ නොවන බව
මා කෙසේ නම් හඟින්නද . . . ??
. . . . . . . . .
මට අවැසි ඔබ මා වනු දකිනුය
ඔබ මා ඔබ වනු දකිනු රිසිය
ඔබ නිවරදි බව ඔබ සිතයි . . !
මා නිවරදි බව මා දනියි . . . !
. . . . . .
ඔබට අවැසිලෙස
මට ඔබ වනු නම්
මට මා මිය යා යුතුය . . . !!!
. . . . .
මට මා මිය ගොස්
දැවූ අළු මතින් උපදින
මාද වන . . . මාද නොවන
අමුතුම සතාට
ඔබ කෙසේ වත්
පෙම් නොකරන බව
සක් සුදක් සේ මම දනිමි . . !
. . . . .
පැරණි මළකුනු බදා
තව තවත් වැලපෙමුද
අතීතය වල දමා
හෙට දිනට හිනැහෙමුද . . . ???

33 comments:

  1. මේක තේරුම් ගන්න 3 පාරක් කියවන්න වුනා. ඇත්තටම ලස්සනයි දුකා අයියේ.

    ඔබ ඔබම මිස
    මම මා ද මිස
    ඔබ මා නොවන බව
    මා ඔබ නොවන බව

    මේක සහතික ඇත්ත. මොකද ඒ දෙන්න දෙන්නෙක් නිසා.

    ReplyDelete
  2. ඔබ ඔබම වී ඉන්නා විටත්
    මා මා ලෙසම සිටිනා තුරුත් මිස
    අප ඔවුනොවුන් චරිත වෙනස් කල විට
    තේරුම් යාවී අප හට අප කෙතරම් හිස්ද යන වග..

    ReplyDelete
  3. කොහොම කිව්වත් මේ කතන්දරේ තේරුම් ගන්න හුඟ දෙනෙක් කැමති නෑ නේද දෙන්නෙක් එක්කෙනෙක් වෙන්නෙ නෑ කියන එක කවදාවත්... අපිට තේරෙන්නෙ දන්න තරම් උත්සාහ කරල හිත් කීතු කීතු කරගත්තට පස්සෙ. සමහ්ර දේවල් තියෙනව කියල උගන්නන්ඩ බැරි. උගන්නන්ඩ ගියොත් ඉතින් ඒකත් කඩාගෙන වැටෙන්නෙ ගුරාගෙ ඔළුවටමයි. නැද්ද?

    ReplyDelete
  4. මේකනම් වෙනස් කරන්න බෑ. කොහොමවත්. කොයිතරම් පැහැදිලි කලත්.

    ReplyDelete
  5. මාර ලස්සනයි දුකා.., හිතට කතාකරන පද පෙළක්. ඇත්තටම අවංකව හිතනවානම්

    අප ඔවුන් නොව
    ඔවුන් අප නොව
    අප අප ම මිස
    වෙන කවුරුන්ද?

    එහෙම නේද?

    ReplyDelete
  6. මම නම් හැම දාම කියන්නේ මෙච්චරයි...

    " "මම" "ඔයා" වගේ නෙවෙයි කියලා "මාව" "ඔයා" වගේ කරන්න හදන්න එපා මොකද "මමත්" "ඔයා" වගේ උනොත් එතන ඉන්නේ "මම" නෙවෙයි තවත් "ඔයා" කෙනෙක්!
    ~~මම~~

    ReplyDelete
  7. වැඩේ උභතෝකෝටිකයි....!
    මලී කියන කතාවට මම එකඟයි.......ඒත් එහෙම දැඩි මතධාරී වෙලත් බැහැ....ටිකක් විතර වෙනස් වෙන්නත් වෙනවා.....ඉතින් ඔය 'මම' වන, 'මම' ද නොවන තැනක තමයි අන්තිමට අපට නතර වෙන්න සිද්ද වෙන්නෙ. එතකොට ඉතින් 'ඔයා' ටත් සිද්ද වෙනවා 'ඔයා' වන 'ඔයා' ද නොවන තැනකට එන්න හිත හදා ගන්න....අන්න ඒ තැන තමයි මම හිතන්නෙ අපට 'අපි' මුණ ගැහෙන්නෙ.....!

    ReplyDelete
  8. කෙල්ලෙක් කොල්ලෙකුට ලියපු ලිපියකින්....

    "ඔයාගේ මාව බලන්න මගේ ඔයා එනතුරු ඔයාගෙ මං බලන්න ඉන්න බව මගේ ඔයා දන්නවා නේද?"

    කකා

    ප/ලිඃ දුකෝ, උඹේ සිරා කතාව අස්සේ මගේ ජෝක්ස් දැම්මට තරහ වෙන්න එපා!

    ReplyDelete
  9. හෙට හිනහෙන එක හොඳයි ඒත් දුකා අතීතය මුලුමනින්ම වලලන එකට මම එකඟ නෑ.
    ඇතීතය සිහිනයක් විදියට හරි තියෙන්න ඕනා

    /නිශාන්ත

    ReplyDelete
  10. විඳ ඇත ඔබ මෙන්ම
    මාද මෙන්ම සියල්ලෝම
    ගලා ඇත
    කොට්ට පෙඟීගෙන
    කර තෙමීගෙන කඳුළු. . ....

    මට මැරෙනු නොහැක
    ඔබවද මරනු නොහැක
    මලකුණු බදාගතද නොහැක
    එකම අදිටන. . .
    හෘද සාක්ෂිය විකුනා ගන්නා
    සේලයින් බෝතලය පමණි. . .

    දැකගැනුමට ආසාවෙනි ඔය සිනහා පොද
    විඳගැනුමට අදරෙන් ඔබ වත කමල
    විකුනන්නට දෙයක් නැත දන්නා ඇත්ත මිස
    එනිසා. . .
    මමයි වැරදි කාරයා. .සමාවෙන්න.

    ReplyDelete
  11. අනේ මන්දා.. මේකට ලියන්නේ මොනවද කියලා කිසි දෙයක් හිතට එන්නේ නෑ බොල දුකෝ..

    ම්ම්ම්.. හැම දේම සාපේක්ශව බලන නිසා නේද මේ අවුල.. ඒත්‍, අපි නිරපේක්ශව බලන්න ගත්තොත් මේ අවුල විසදෙනවා..

    ඒත් එතකොට අනික් පාර්ශවය හිතන්නේ ආදරේ නෑ කියලා.. ඒක උභතෝකෝටික ප්‍රශ්නයක් වෙනවා එතකොට.. අනේ මන්දා බං...

    ReplyDelete
  12. නියමයි.................................

    වචන නැහැ....

    මෙම දෙ හදන්න සිද්ධ උන නිමිත්තත් ලියන්න.....

    ReplyDelete
  13. දුකෙන් ඇවිත් දුකාව බලල සතුටින් ගියා. මැදපෙරදිග.කොම් වෙතින් අපේ දුකාට ආසිරි !!!.

    ReplyDelete
  14. @C0dE | කෝඩ්!
    ස්තූතියි කමෙන්ට් එකට . . ඔව් උඹ කියන දේ හරි . .

    @මාරයාගේ හෝරාව !
    හොඳ අදහසක් . .

    @Anonymous !
    ඔව් එහෙම වෙන්න ත් බැරි නෑ . . මම කිව්වේ ගුරාගේ ඔලුවටම කඩාගෙන වැටෙන එක . .

    ReplyDelete
  15. @චතුරංග !
    මාත් කියන්නේ ඒකයි . . එක තමයි හොඳ . .

    @Prabath!
    ම් ම් ම් දෙන්න දෙන්නෙක් විදිහට ඉන්නවනම් තමයි හොඳ කියලා මටත් දැන් හිතෙනවා . . .

    @LishWish!
    "අප අප ම මිස
    වෙන කවුරුන්ද?"
    ඇත්තෙන්ම ඔව්

    ReplyDelete
  16. @malee_msg, @සචී !
    මටත් හිතෙනවා මලී කියන එක හරි කියලා . . . උත්සාහ කරලා වෙනස තේරුම් අරගෙන වෙනස ඉවසලා ඉන්න පුරුදු වෙන්න පුලුවන් නම් ප්‍රශ්න ඇති නොවී තියෙයි කියලා මටත් දැන් හිතෙනවා මේ ඔක්කොම කමෙන්ට් දැක්කාට පස්සේ . . . !

    ReplyDelete
  17. @Kathandarakaraya !
    පිස්සුද ඒ ක නම් එල මචන් . . . උඹේ කෙල්ල උඹට ලියපු එකක්ද දන්නෙත් නෑ ඔය . . හික්ස්

    @නිශාන්ත අනුරුද්ධ!
    ම් ම් ම් ඔව් අතීතය සම්පූර්නයෙන් ම නෙමෙයි . . අනවශ්‍ය ඒවා වල දැමුවා නම් හොඳයි නේද . . ??

    @මුචලින්ද !
    එල එල මචං . . .

    ReplyDelete
  18. @.::පිස්සා::. !
    ම් ම් ම් මලීට කිව්වා වගේ වෙනස තේරුම් අරගෙන ඒක ඉවසන්න පුරුදු වෙනවා නම් මේ ප්‍රශ්නයට පිලිතුරක් ලැබේ වි කියලා ත් හිතෙනවා.

    @රවා !
    ම් ම් විශේෂම හේතුවක් නෑ . . අර බත් හැලිය ඉදෙනකම් තියෙන පොඩි වලියක් . . . හික්ස්

    @Max !
    අහ් . . තැන්කූ තැන්කූ . . . හිටපන් උඹේ සයිට් එක ගැන මගේ මූනු පොතෙන් ප්‍රසිද්ධියක් දෙන්නම් . . . මගේ බ්ලොග් එකේ ලින්ක් එකත් උඹ ඒකේ දැම්මානේ දැන් ඉතිං නොකර කොහොමද . . හික්ස් . . .

    ReplyDelete
  19. කෙලෙස හිතන්නද...?
    අප එකකු නොව දෙදෙනෙකු ලෙස...
    ඔබ මා නොවුවත්
    ඔබට රිසි සේ
    මා ඔබ වන්නට
    මට හැකිවිටද...?
    අපි දෙදෙනකුම වන්නේද...?

    ReplyDelete
  20. @සචී - නෑ සචී ඒක දැඩි මතධාරී අදහසක් නෙවෙයි මට අනුව නම් උපරිම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශයක්.. අවුරුද්දකට වඩා ඔය ක්‍රමෙන් මට සාර්ථක ප්‍රතිඵල අත් වෙලා තියනවා.. අනික.. අපි බිහිවෙන්නේ සාමකාමී හා සහජීවනයෙන් ඉන්න ඔයා සහ මම කෙනෙකේ හිටියොත් විතරයි.. එක පැත්තකට බර වුනු හෝ බය වුනු කෙනෙක් හිටියොත් එතන තියන අපි බැලන්ස් නෑ.. කොයි වෙලේ හරි කැඩෙනවා.. හැබැයි පොඩ්ඩක් වැඩිපුර ඉවසීම ප්‍රගුණ කරන්න නම් වෙනවා.. අනික ඕක ඉස්සර කරගෙන ඉදලම බෑ.. අර හොද හොද්දක් හදන්න කලමනා ගොඩක් ඕන වෙනවා වගේ තව තව දේවල් තියෙන්න ඕනි.. (ඇඹුලුත්) එක්ක.

    ReplyDelete
  21. මේක කියවල මගේ ඔළුවත් බකල් වුනා. එතකොට කවුද කියල තියෙන්නෙ "ඔබද මාද විය, මාද ඔබම විය" ද මොකද්ද එකක්..ඒ බොරුවටද?

    මේ වගේ එකක් මට කාලෙකට කලින් හිතුන
    "උඹ හින්ද මට මාවම අමතක වුනා නම්, මං හින්ද උඹට මාව අමතක උන එක මහ කජ්ජක්ද?"

    ජය!

    ReplyDelete
  22. @මලී: ඔව්...මම කියන්නෙත් ඔය ඉවසීම ගැන තමා....'මම', 'මගේ' අන්තයේ ඉඳලා 'ඔයා' ඉන්න පැත්තට ටිකක් එන්න ඕන....එතකොට 'ඔයා' ත් 'ඔයා' ගේ අන්තයේ ඉඳලා 'මම' ඉන්න පැත්තට ටිකක් එන්න ඕන. (ඉවසනවා කියන්නේ අනෙකාට ඉඩ දෙනවා කියන එකනේ?) අන්න එතකොට 'අපි' බැලන්ස් වෙනවා!. (සීසෝ එකක් වගේ!!!!)

    ReplyDelete
  23. මට හිතෙන විදියටයි මේ කියන්නෙ. බරපතල විදියට try කොරල නෝනා මහත්තයට මල පනින එව්වා අවම කරලා ඉන්න එකත් එයාට මල පනින්න හේතුවක් වෙනව නේ? අමු සින්හලෙන් be yourself කිව්වම පෑහෑදිලී ම්ගෙ හිතේ. happiness වලට recipe එකක් නෑ කියනවනෙ. ;) අනික තමන් කොච්චර හරි උනත්, එක ඔප්පු කරන්න දගලනවට වඩා ශේප් එකක් දාගන්න එක ලේසී. ;)

    ReplyDelete
  24. හිතැත්තිය!

    නුඹට මතකද.....!
    අතීතයේ දිනක...
    නුඹ මගේම වූ වග..................
    නමුත් නුඹ.....!

    මේ නිහඩ බව බිදින්න
    තව මොනවා හරි කියන්න
    ඔය නෙත් අගින් සිනා සී
    මා දිහා දැන් බලන්න

    ඔබ මගේමයි කියන්න
    මට අයිති නැත සිතන්න
    ඔබ පතා තැවෙන්න
    මට සුසුම් නෑ හෙලන්න

    ක්‍රිෂාන්ත එරන්දක
    (දහස්වාරයක් සමාවෙන්න!...නොදනිමි ගේයපද රචකයා කවුරුන්ද කියා)


    අදාළ නැතිවද මන්දා...........


    සුලා...

    ReplyDelete
  25. @නොදරුවා!
    "ඔබද මාද විය, මාද ඔබම විය"

    ඕකේ හරි එක මචං මම හිතන්න්නේ

    මා ද ඔබම විය . . . ඔබට සරු විය . . මට කෙල විය . . .

    හික් හික්

    ReplyDelete
  26. @änthräX !
    "happiness වලට recipe එකක් නෑ කියනවනෙ"

    ඒක නම් සිරා කතාව මචං . . .

    වැඩේ කියන්නේ මට හිතෙන්නේ මොනා කලත් වැරදියි වගේ නේ බං ඔය පාර්ෂවයට . . . හොඳට හිටියත් වැරදියි . . . වැරදියට හිටියත් වැරදියි . . . දැං මේ කමෙන්ට් එක දැක්කාම මට තව කවියක් ලියන්න පුළුවන් වෙන්න වෙයිද දන්නේ නෑ අලුතෙන්ම වලියක් දාගෙන . . හික් හික්

    ReplyDelete
  27. @ සුලා...!

    මේ නිහඩ බව බිඳෙන්න
    තව මොනවා හරි කියන්න
    ඔය නෙත් අගින් සිනා සී
    මා දිහා දැන් බලන්න. . . //

    ඔබ මගේමයි කියන්න
    මට අයිති නැත සිතන්න . . //
    ඔබ පතා . . . .තැවෙන්න
    මට සුසුම් නෑ හෙලන්න . . !

    මේ නිහඩ බව බිඳෙන්න
    තව මොනවා හරි කියන්න
    ඔය නෙත් අගින් සිනා සී
    මා දිහා දැන් බලන්න. . .

    දැන් ලඟයි හිරු නැගෙන්න
    තව වරක් මා සිඹින්න . . //
    මට ආ. . . දරේ යැයි
    එක වරක් වත් කියන්න

    මේ නිහඩ බව බිඳෙන්න
    තව මොනවා හරි කියන්න
    ඔය නෙත් අගින් සිනා සී
    මා දිහා දැන් බලන්න. . . //

    ලස්සන සින්දුවක් . .. ස්තූතියි මතක් කලාට . . .

    http://www.infolanka.com/miyuru_gee/cc/c423.ram

    ReplyDelete
  28. දුකා ඔයා දන්නවද මෙ ලස්සන සින්දුව ලිව්වෙ කව්ද කියලා. ගැහැනු කෙනෙක්. මට මතක හැටියට අප්සරා කියලා එයගෙ නම. කලුතර කොම්ර්ෂල් එක වැඩ කරන්නෙ.
    වඩත්ම ලස්සන දෙ මෙ සින්දුවෙ කියවෙන මොහොත
    අවස්තාව, කොහොම උනත් සුපිරි සංවෙදි ලස්සන හදවතක් තියන කෙනෙක්. මම ආසම සින්දුවක්.

    ReplyDelete
  29. ෙගාඩක් ලස්සන නිර්මාණයක් දුකා අයිෙය්....ඔය ෙද් ෙගාඩක් අයට තිෙයන ප්‍රශ්නයක්....ඔබට ජය....

    ReplyDelete
  30. මේක එක්තරා තිත්ත ඇත්තක්..

    ලස්සනට ලියලා තියෙනවා..නියමයි අයියා ;-)

    ReplyDelete
  31. @ රවා !
    ස්තූතියි ඒ සිංදුවේ වැඩි විස්තර ලබා දුන්නාට . . !

    ReplyDelete
  32. @ rangi , LG !

    ඒක නම් ඇත්ත . . නමුත් මට නම් මේක ලියලා හැමදෙනාගේම කමෙන්ට්ස් බැලුවට පස්සේ මේ ප්‍රශ්නේ දිහා ඇලුත් ඇහැකින් බලන්න පුළුවන් කමක් ලැබුනා කිව්වොත් නිවරදියි . . .

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails