Tuesday, June 30, 2009

ආදරය රාගිකද. . . . ?



මම කලින් ලිපියකත් සදහන් කරපු පෙම්වතිය මගහරින්න උත්සාහ කරද්දිත් උමතුවෙන් වගේ ඈට පෙම් කරන පෙම්වතා - හෙවත් මගේ හිතවත් මිතුරා . . ළගදී දවසක අපි දෙදෙනා කතාබහ කරමින් ඔහුගේ දුක බෙදාගනිමින් සිටින මොහොතක පැවසූ යමක් සම්බන්ධයෙන් කිසිවක් ලියා තැබිය යුතුයි කියා මට සිතුනා. . .

කතාව අතරමගදී කිසියම්වූ නිමේශයක ඔහු වේදනාව දෙනෙතේ සිරකරගෙන කිසිවක් නොකියා හිස් බැල්මෙන් . . . මට සුලු මොහොතකැයි සිතෙන නමුත් ඔහුට කල්ප කාලාන්තයරයකැයි සිතෙන කාලයක් . . බොදවූ අනන්තය දෙසට නෙත් යොමා සිටියා . . .

ඔහුගේ දෙනෙත් දෙස බලා සිටි මට . . කදුලු හෙලා, කෑගසා හඩා, වැළපී පිටකරගත නොහකි වූ ඔහුගේ ශෝකයේ තරම මෙතෙකැයි සේයාවක් හැගී . . දැනී ගියා. . .

එම වෘතයෙන් මිදුනු ඔහු එක් වරම මා දෙසට හැරී. . .

"අපි මේ ආදරේ ආදරේ කිය කිය මැරෙන්න හදනවා මචං . . . කෙල්ලන්ට මේ බම්බු ආදරයක් ඕන නැහැ . . . උන්ට ඕන සෙක්ස් විතරයි . . . " කියා අවේගශීලීව පැවසුවා. . .

"මම මීට කලිනුත් පිස්සුවෙන් වගේ ආදරේ කරපු කෙල්ලෝ දෙන්නෙකුත් මේ කෙල්ල වගේම . . . මුලින්ම පටන් ගන්නකොටම . . . අනේ අයියා ආදරේ විතරක් නම් කමක් නැහැ . . වෙන වෙන දෙවල් නම් බලාපොරොත්තු වෙන්න එපා .. . ඒවට අපි නියම කාලය එනකම් ඉදිමු . . . වගේ දේවල් කියල පටන් ගත්තු නිසා . . . මාත් ඉතින් සෙක්ස් ස්විච් ඕෆ් කරලා පැලෙන්න ලව් කලා . . අන්තිමේදි . . . අනේ අයියා ඔයා වගේ හොද කොල්ලෙක් ජීවිතේට කෙල්ලෙකුට පතන්න බැහැ . . . ඔයාට මට වඩා හොදකෙනෙක් ලැබෙන්න ඕන . . . අරවා මෙව්වා බයිලා කියලා කියලා . . . මේ නිකං චාටර් වෙච්ච, ගංජා ගහන, හරි හමන් රස්සාවක් වත් නැති . . රස්තියාදු කාරයෙක් එක්ක සෙට් වෙනව. . . ඒ මදිවට ඉක්මනට උන්ව කසාදත් බැදගන්නවා. . . "

"අන්තිමේදී . . . ආදරේ වෙනුවෙන් . . . ඉටිපන්දම් හදුන්කූරු වගේ හැගීම් දැනීම් හිරකරගෙන . . . ආදරේ කරපු කාලෙදිත් දුක් විදපු . . . අපිම . . . ආපහු පාරක් දුක් විදිනවා . . . විරහ වේදනාව දරා ගන්න . . . එකයි මම අර විදිහට කිව්වෙ" කියලා වේදනාවෙන් තැවෙන ස්වරයකින් පවසා නෙතට ඉනූ කදුලක් මගෙන් වසන් කිරීමටදෝ මංදා . . ඉවත බලා ගත්තා . .

"මගේ ජීවිතයට සම්බන්ධ ගැහැනුන් ගැන සලකා බැලුවොත් (වරදවා වටහා ගන්න එපා මේ කියන්නේ බිරිඳ, පෙම්වතියන් ගැන පමනක් නොවේ . . අම්මා. . නැන්දලා . . පුංචිලා. . සහෝදරියෝ . . නෑදෑ සහෝදරියෝ . .මිතුරියෝ . . කාර්යාලයේ හිතවතියෝ . . මිතුරන්ගේ බිරින්දෑවරු . . ) ඔය ඔක්කොම අතරින් වැඩි දෙනෙක් . . ඒ කියන්නෙ . . අපේ ස්ත්‍රී රත්නය "එපා" කියන්නේ "හා" කියන එකයි . . "බෑ" කියන්නත් "හා" කියන එකයි කියන එක තමයි මගේ නිගමනය නම් . . ඒක නිසා උඹ ඊලග ලව් එකේදි වත් ඇන ගන්නෙ නැතුව ගොඩ දාගනින්" කියලා මම පණ්ඩිත උපදේශයක් ඔහුට දුන්නා . . .

මගේ හැගීම නම් ආදරය කරන කොට සීමාවන් දැන හැදින ශෘංගාර රසය විදීම පාපයක් හෝ වැරැද්දක් නොවන බවයි . . . . ආදරයේ කඩඉමක් ලෙස විවාහය ප්‍රාර්තනා කරන පෙම්වතුන් . . . පෙම්කරන කාලයේදී ලිංගික සතුටක් ලැබීම තුලින් . . . තමන් අවසානයේ ප්‍රාර්තනා කරන විවාහ ජීවිතයේ සතුටක සේයාවක් . . . මේ තුලින් විදිය හැකි නිසා . . . එකිනෙකා කෙරෙහි තිබුනාට වඩා බැදීමක් (අධ්‍යාත්මික හා ශාරීරික ) ඇතිවෙනවා කියන එකයි . . . .

එසේ ඇති වන්නාවූ බැදීම නිසා එකිනෙකා කෙරෙහි වූ ලෝභයක් . . තෘෂ්නාවක් . . දක්වා වැඩි දියුනුවී . . .
- තමන්ට පනමෙන් ආදරය කරන නමුත් . . සේපාලිකා මලක් . . . පරිදි . . නොතලා . . නොරිදවා . . ආරක්ශා කරන යහපත් පෙම්වතා වෙනුවට . . . තමන්ට විශාල ලිංගික සතුටක් ලබාදේවි යයි උපකල්පනයෙන් රස්තියාදුකාර පෙම්වතෙකුගේ පහස පතන්නට . . -
පෙම්වතියන්ට අවැසි නොවේවි කියා මට නිකමට සිතේ . .

ඇත්තටම ඔබට මොකද හිතෙන්නෙ??

නන්දා මාලනී මහත්මිය ගායනා කරන "ප්‍රේමය නම් . . රාගයෙන් තොර . සද එලිය සේ අචින්ත්‍යයි . . පාරිශුද්ධයි . . සුරම්‍යයි . . ." ගීතයේ පවසන පරිදිම එය ඇත්තෙන්ම

රාගයෙන් තොරද??

සද එලිය සේ අචින්ත්‍යයද??

පාරිශුද්ධද??

සුරම්‍යයද??

15 comments:

  1. Love is blind, do you know how many abotions done once a day? more than 750, why? because they cant divide sex from the love. Do you know the what medicine is most famous among youths? is Prostinor 2,...why???

    ReplyDelete
  2. රාගය හා ආදරය වෙන් කිරිම තරම් අසිරු දෙයත් මා නම් දන්නේ නැත. එහෙත් රාගය හා ආදරය පටලවා ගැනීම් නිසා අද ලංකාවේ අඩු වයස් ගැබ් ගැනීම් හා හොර ගබ්සා මධ්‍යස්ථාන ඇතිවිමද සිදුවේ. ආදරය කල යුතුය. එය රාගයෙන් තොර වීම හෝ නොවීම ඔවුනොවුන්ට අයත් කාර්යයකි.

    ReplyDelete
  3. අපේ තියෙන බොරු හැදියාව නිසා අපි කැමති නැහැ ආදරේ තුල රාගය තියෙනවා කියන්න. අපි කියන්නේ රාගයෙන් තොරයි. ආත්මීයයි කියලා. නන්දා මාලිනී නෙමෙයි සක්කරයා ඇවිත් බණ කිව්වත් ආදරේ ඇති වෙන්නේ ආශාවක් නිසා. වෙන මඟුල් ආශාවක් නෙමෙයි රාගික ආශාවන් නිසා. අපේ තියෙන කුහක කමට අපි කියනවා රාගයක් නැහැ කියලා.

    ආදරයත් රාගයත් කියන්නේ වෙන වෙන දේවල් නෙමෙයි. රාගය උඩ තමයි ආදරය ගොඩ නැගිලා තියෙන්නේ. චාමර ජයකොඩිට වැරදිලා තියෙන්නේ එතන. කාටවත් ආදරය හා රාගය වෙන් කරන්න උවමනාවක් නැහැ. ආදරය කිරීම රාගයට පෙර තිබෙන ආලිංගන කාලයයි. යම්කිසි මානසික රෝගයක් තිබෙන මනුස්සයෙක් ගෙ හැර අනිත් හැම යුවලක්ම මුලින් ආදරයත් පසුව රාගයත් තුලින් යා යුතුයි.

    ReplyDelete
  4. මාත් චමිලගෙ කතාවට එකගයි. මොකද කොච්චර පොර කථා කිව්වත් අන්තිමෙදි සෙක්ස් නැතිවෙන්නෙ නැ.නැති උනාම ආදරය පෑල දොරින් පැනල යන්නෙ නිකන්ම. ඔකයි මන් අත්දැකපු ඇත්ත..

    ReplyDelete
  5. ආදරයයි රාගයයි කියන්නේ මට හිතෙන විදියට අපි කන කිරිහොද්දයි ඒකට දාන තුනපහයි වගේ. තුනපහ මදි වුනොත් කිරිහොද්ද රස නැහැ. තුනපහ වැඩි වුනොත් හොද්ද කන්න අමරුයි. ආදරේ කරන කාලෙදි රාගය කියන දේත් එහෙමම තමා. ආදරය විතරක්ම කරගෙන හිටියොත් දුකාගේ යාලුවාට වෙච්ච දේ වෙන්නේ. ඒක හරියට හොද්දට තුනපහ මදි වෙච්ච අවස්තාවට සමානයි. හොද්දට තුනපහ වැඩි වෙන අවස්තාවෙදි එතන තියෙන්නේ ආදරේ නෙමෙයි. රාගය විතරමයි. මේ දෙකම සමව කරගෙන යන එක තමා දක්ෂතාවය. එකගයි නේද?

    ReplyDelete
  6. @ chamara jayakody

    මගේ හැගීම නම් ගබ්සා මධ්‍යස්ථාන වැඩි වෙන්නේ ආදරයයි රාගයයි පටලවා ගැනීම නිසා නොව . . නියමාකාරයේ ලිංගික අධ්‍යාපනයක් නොමැති කම නිසා කියායි . . .

    අඩු වයස් ගැබ් ගැනීම් අවම කිරීමට නම් දැන්වත් ලිංගික යන වචනයට පොල්ල නොදමා කුඩාකල පටන් දරුවන්ට දෙමාපියන් වත් දරුවන්ට තෙරෙන සිංහලෙන් ලිංගික අධ්‍යාපනයක් ලබා දීම තමයි මම හිතන හොදම විසදුම. . .

    (අප කුඩාකල නම් ලිංගික කියන වචනය තහනම් වචනයක් සේ නිවෙස් වලින් බැහැර කර තිබුනි )

    ReplyDelete
  7. @chamila_dealwis , @කරුමක්කාරයා , @රනා
    මමත් ඔබලාගේ අදහස් වලට එකගයි . . . ආදරයයි . . රාගයයි දෙකක් නොව ඈත දිලෙන සදට - "සද" "සිසි" හෝ "චන්ද්‍රයා" යනුවෙන් වෙන වෙන නම් වලින් හදුන්වනවා වාගේ . . ආදරයයි රාගයි යනු දෙකක් නොව එකක්මැයි කියා තමයි මටත් හැගෙන්නේ . . .

    මගෙත් අත්දැකීම් අනුව කෙනෙකු ගැන අපට ආදර හැගීමක් ලෙස පහල වෙන්නේ යටි සිතේ ඇය ගැන ඇතිවූ රාගික හැගීමේ පලමු අදියරයි කියලයි මට හිතෙන්නේ . . .

    ලොකුම දේ ආදරය කරන කාලයේ තම සීමාවන් ගැන හොද දැනීමක් සහිතව සංස්කෘතියේ බැමි බිද නොදමා අහිංසක සුන්දර වින්දනයක් ලැබීමට තම සිත එකග කරවා ගැනීම කියලා මට හිතෙනවා. . .

    ReplyDelete
  8. මෙහෙමයි සමහරු(ගැහැණු පිරිමි දෙගොල්ලොම) ඉන්නවා බොරු ආදරයක් පෙන්නලා තමන්ගේ රාගික ආශාවන් පිරිමහ ගන්න හදන අය.. ඒක රාගය විතරමයි..

    ආදරය ඇතුලේ රාගයත් තියෙනවා රාගය ඇතුලේ තියෙන්නේ රාගය විතරමයි..! ඒකෙන් මිදුනම හිස් අවකාශයක්.. එතකොට තමා දැක දැක හිටිය ෆැන්‍ටසිය කැඩිලා දෙන්නා අතර අමනාප අවුල් වියවුල් ඇති වෙන්නේ.. ඒත් ආදරේ ඇතුලේ රාගය තියෙද්දි රාගය නැති දාට හුරු පුරුදු ආදරේ ඉතිරි වෙයි දෙන්නට පිරිමහගෙන ඉන්න.

    ReplyDelete
  9. @ මලී

    මම සම්පූර්ණ එකගයි ඔබේ අදහසට . . . ඔබ කියන ආකාරයේ ආදරයයි රාගයයි පටලවා නොගෙන සුන්දර අත්දැකීම් විදපු අය තමයි වයසට ගිහින් රාගික හැගීම් වියැකුනු පසුත් තරුණවියේ විදි මතකය සිතේ තුරුලු කරන් ජීවිතේ පශ්චිම සමයත් තරුණ තරුණියන්ටත් වඩා සතුටින් ගත කරන්නේ කියන එකයි මටත් හිතෙන්නේ . . .

    ReplyDelete
  10. හුටා! එතකොට මගේ ඒකපාර්ශ්වික ආදරය? :-o

    ReplyDelete
  11. @Supun Sudaraka!
    ඒක පාර්ශවික ආදරේට නම් ඉතින් කරන්න වෙන්නේ අනිත් පාර්ශවයේ නම් ගම් ජංගම දුරකථන වගේ දේවල් අපට ලබා දෙනවානම් . . . සලකා බැලීමක් කරන්න පුලුවන්ද කියල සලකා බලන්න පුලුවන් හික් හික් හික් . . .

    ReplyDelete
  12. පරක්කු වුනාට සමාවෙන්න ඕනේ හොඳේ...
    හපොයි! මම ඇත්තටම දන්නේ එයාගේ නම විතරයි :(

    ReplyDelete
  13. @ Supun Sudaraka !
    පාසැල් යන කාලේ අපේ ගොඩාක් පෙම් කතා නම් ඒක පාර්ශවිකයි තමයි මලේ . . . මගෙත් තියෙනවා ගොඩාක් පාසැල් කාලයේ රසබර සිද්ධි . . ඉදිරියේදී ලියන්නම්කෝ වෙලාව ලැබෙන විදිහට . . .

    ReplyDelete
  14. සුදු මහත්තයාSeptember 27, 2009 at 10:52 PM

    රනා මෙහෙම කිව්වට වැරදියට හිතෙන්නෙපා . කිරි හොද්දට තුනපහ දාන්නෙ නෑ. මිරිස්වත් දාන්නෙ නෑ. ආදරේ කියන කිරි හොද්දට සෙක්ස් කියන තුනපහ දාන්න ගියාම කිරි හොද්දෙ රස නැති වෙනව.

    සෙක්ස් නිසා ආදරේ කිරීමයි ( ඒක ආදරයක් නෙමෙයි. මවා පෑමක් ) ආදරේ නිසා සෙක්ස් කිරීමයි කියන්නෙ දෙකක්. මිනිස්සුන්ට ආශාවල් ඇතිවෙන බව ඇත්ත. ඒත් ...

    ReplyDelete
  15. අහම්බෙන් කියෙව්වෙ.

    පුද්ගලික මතය. ගෑණියෙක් එක්ක හෝ පිරිමියෙක් එක්ක නිදාගන්න ඕනෙකමට ආදරෙයි කියන උන් නිසා තමයි ඔය ආදරය සහ රාගය කියන දෙක ගැන මිනිස්සු ලොකුවට ප්‍රබුද්ධ සාකච්ඡා පවත්වන්නෙ.

    මුලින් ආදරෙයි කියලා ඒක ඇත්තටම අත්විඳලා එකට නිදානොගන්නනම් ඒ දෙන්නගෙ කුමක් හෝ අඩුවක් ඇති.

    ආදරේ ඇතුලෙ අනිවාර්යයෙන්ම රාගය තියෙනවා. රාගය ඇතුලෙ ආදරය කියන එක නෑ.

    සිංහල අපි පොඩි කාලෙ ඉඳන් හැදුන පරිසරය සහ ආකල්පමය වෙනස්කම් නිසා මේ වගේ දෙයක් එළිපිට කතා කරන්න අපේ මිනිස්සු ලැජ්ජයි. ඔන්න ඕකයි පුද්ගලිකව මං දකින ඇත්ත

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails