
මම කලින් ලිපියකත් සදහන් කරපු පෙම්වතිය මගහරින්න උත්සාහ කරද්දිත් උමතුවෙන් වගේ ඈට පෙම් කරන පෙම්වතා - හෙවත් මගේ හිතවත් මිතුරා . . ළගදී දවසක අපි දෙදෙනා කතාබහ කරමින් ඔහුගේ දුක බෙදාගනිමින් සිටින මොහොතක පැවසූ යමක් සම්බන්ධයෙන් කිසිවක් ලියා තැබිය යුතුයි කියා මට සිතුනා. . .
කතාව අතරමගදී කිසියම්වූ නිමේශයක ඔහු වේදනාව දෙනෙතේ සිරකරගෙන කිසිවක් නොකියා හිස් බැල්මෙන් . . . මට සුලු මොහොතකැයි සිතෙන නමුත් ඔහුට කල්ප කාලාන්තයරයකැයි සිතෙන කාලයක් . . බොදවූ අනන්තය දෙසට නෙත් යොමා සිටියා . . .
ඔහුගේ දෙනෙත් දෙස බලා සිටි මට . . කදුලු හෙලා, කෑගසා හඩා, වැළපී පිටකරගත නොහකි වූ ඔහුගේ ශෝකයේ තරම මෙතෙකැයි සේයාවක් හැගී . . දැනී ගියා. . .
එම වෘතයෙන් මිදුනු ඔහු එක් වරම මා දෙසට හැරී. . .
"අපි මේ ආදරේ ආදරේ කිය කිය මැරෙන්න හදනවා මචං . . . කෙල්ලන්ට මේ බම්බු ආදරයක් ඕන නැහැ . . . උන්ට ඕන සෙක්ස් විතරයි . . . " කියා අවේගශීලීව පැවසුවා. . .
"මම මීට කලිනුත් පිස්සුවෙන් වගේ ආදරේ කරපු කෙල්ලෝ දෙන්නෙකුත් මේ කෙල්ල වගේම . . . මුලින්ම පටන් ගන්නකොටම . . . අනේ අයියා ආදරේ විතරක් නම් කමක් නැහැ . . වෙන වෙන දෙවල් නම් බලාපොරොත්තු වෙන්න එපා .. . ඒවට අපි නියම කාලය එනකම් ඉදිමු . . . වගේ දේවල් කියල පටන් ගත්තු නිසා . . . මාත් ඉතින් සෙක්ස් ස්විච් ඕෆ් කරලා පැලෙන්න ලව් කලා . . අන්තිමේදි . . . අනේ අයියා ඔයා වගේ හොද කොල්ලෙක් ජීවිතේට කෙල්ලෙකුට පතන්න බැහැ . . . ඔයාට මට වඩා හොදකෙනෙක් ලැබෙන්න ඕන . . . අරවා මෙව්වා බයිලා කියලා කියලා . . . මේ නිකං චාටර් වෙච්ච, ගංජා ගහන, හරි හමන් රස්සාවක් වත් නැති . . රස්තියාදු කාරයෙක් එක්ක සෙට් වෙනව. . . ඒ මදිවට ඉක්මනට උන්ව කසාදත් බැදගන්නවා. . . "
"අන්තිමේදී . . . ආදරේ වෙනුවෙන් . . . ඉටිපන්දම් හදුන්කූරු වගේ හැගීම් දැනීම් හිරකරගෙන . . . ආදරේ කරපු කාලෙදිත් දුක් විදපු . . . අපිම . . . ආපහු පාරක් දුක් විදිනවා . . . විරහ වේදනාව දරා ගන්න . . . එකයි මම අර විදිහට කිව්වෙ" කියලා වේදනාවෙන් තැවෙන ස්වරයකින් පවසා නෙතට ඉනූ කදුලක් මගෙන් වසන් කිරීමටදෝ මංදා . . ඉවත බලා ගත්තා . .
"මගේ ජීවිතයට සම්බන්ධ ගැහැනුන් ගැන සලකා බැලුවොත් (වරදවා වටහා ගන්න එපා මේ කියන්නේ බිරිඳ, පෙම්වතියන් ගැන පමනක් නොවේ . . අම්මා. . නැන්දලා . . පුංචිලා. . සහෝදරියෝ . . නෑදෑ සහෝදරියෝ . .මිතුරියෝ . . කාර්යාලයේ හිතවතියෝ . . මිතුරන්ගේ බිරින්දෑවරු . . ) ඔය ඔක්කොම අතරින් වැඩි දෙනෙක් . . ඒ කියන්නෙ . . අපේ ස්ත්‍රී රත්නය "එපා" කියන්නේ "හා" කියන එකයි . . "බෑ" කියන්නත් "හා" කියන එකයි කියන එක තමයි මගේ නිගමනය නම් . . ඒක නිසා උඹ ඊලග ලව් එකේදි වත් ඇන ගන්නෙ නැතුව ගොඩ දාගනින්" කියලා මම පණ්ඩිත උපදේශයක් ඔහුට දුන්නා . . .
මගේ හැගීම නම් ආදරය කරන කොට සීමාවන් දැන හැදින ශෘංගාර රසය විදීම පාපයක් හෝ වැරැද්දක් නොවන බවයි . . . . ආදරයේ කඩඉමක් ලෙස විවාහය ප්‍රාර්තනා කරන පෙම්වතුන් . . . පෙම්කරන කාලයේදී ලිංගික සතුටක් ලැබීම තුලින් . . . තමන් අවසානයේ ප්‍රාර්තනා කරන විවාහ ජීවිතයේ සතුටක සේයාවක් . . . මේ තුලින් විදිය හැකි නිසා . . . එකිනෙකා කෙරෙහි තිබුනාට වඩා බැදීමක් (අධ්‍යාත්මික හා ශාරීරික ) ඇතිවෙනවා කියන එකයි . . . .
එසේ ඇති වන්නාවූ බැදීම නිසා එකිනෙකා කෙරෙහි වූ ලෝභයක් . . තෘෂ්නාවක් . . දක්වා වැඩි දියුනුවී . . .
- තමන්ට පනමෙන් ආදරය කරන නමුත් . . සේපාලිකා මලක් . . . පරිදි . . නොතලා . . නොරිදවා . . ආරක්ශා කරන යහපත් පෙම්වතා වෙනුවට . . . තමන්ට විශාල ලිංගික සතුටක් ලබාදේවි යයි උපකල්පනයෙන් රස්තියාදුකාර පෙම්වතෙකුගේ පහස පතන්නට . . -
පෙම්වතියන්ට අවැසි නොවේවි කියා මට නිකමට සිතේ . .
ඇත්තටම ඔබට මොකද හිතෙන්නෙ??
නන්දා මාලනී මහත්මිය ගායනා කරන "ප්‍රේමය නම් . . රාගයෙන් තොර . සද එලිය සේ අචින්ත්‍යයි . . පාරිශුද්ධයි . . සුරම්යයි . . ." ගීතයේ පවසන පරිදිම එය ඇත්තෙන්ම
රාගයෙන් තොරද??
සද එලිය සේ අචින්ත්යයද??
පාරිශුද්ධද??
සුරම්යයද??