Sunday, January 20, 2013

අහසින් තරුවක් කඩා වැටෙනවා . .. !

blood

"මට සමාවෙන්න පවිත්‍රා. මම ලොකු වැරැද්දක් කලේ කියලා මගේ හිත කියනවා. මට මේ තරම් දුර යන්නේ නැතුව ඉන්න තිබ්බා"

සුදර්ශන සිදුවුනු දේට කනගාටුව ප්‍රකාෂ කරන හඬකින් කියන්න උත්සාහ කලත් ඒ වචන වල කිසිම පසුතැවීමක්, ශෝකයක් නෑ තියෙන්නේ උද්දාමක් වගේ දෙයක් කියලා පවිත්‍රාට හීතුනා.

"ඒකට කමක් නෑ"

පවිත්‍රා කිසිම හැඟීමක් නැති හඬකින් කිව්වේ තානායම් කාමරේ ඇඳේ කොනක තිබ්බ රෙද්දක් අරන් ඇඟවටේ ඔතා ගන්න ගමන්.

"ඒ උනාට, මගේ හිතට කනගාටුයි"

ඇඳ රෙද්දේ රතුපාට පැල්ලම දිහා බලාගෙන එහෙම කියන සුදර්ශනගේ ඇස් දෙකෙන් සතුටක් කාන්දු වෙනවා වගේ කියලා එයා දිහා ඇස් කොනෙන් බලපු පවිත්‍රාට හිතුනා.

"ඇයි ඔයා ඒ ගැන ඔය තරම් හිතන්නේ. ආදරේ වෙනුවෙන් මට පූජා කරන්න බැරි දෙයක් නෑ කියලා මගේ හිත කියපු නිසා මම එකඟ වුනා මිසක් ඔයා මට බලහත්කාරකමක් කලා නෙමේනේ"

පිරිමින්ට මේ පොඩි ලේ බින්දුව මේ තරම් මහා ලොකු දෙයක්ද? පවිත්‍රාගේ හිතට ආවේ නොරිස්සුමක්.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

"පවිත්‍රා මම කියන දේ අහන්න ළමයෝ. මට අම්මලගේ බලාපොරොත්තු නැති කරලා දාලා ඒ අයගේ හිත රිද්දන්න පුලුවන් කමක් නෑ. මගේ තත්වෙත් පොඩ්ඩක් තේරුම් ගන්න”

ඕනෑම වටිනා දෙයක වටිනාකම තියෙන්නේ ඒ දේ තමන්සතු කරගන්නකම් විතරයි කියලා පවිත්‍රා හිතලා තිබ්බට ඒක හරියටම තේරුම් ගත්තේ අදයි කියලා හිතුනා.

"හ්හ්ම්ම්ම්ම්ම්ම්"

"අනික අපේ අම්මගෙයි අප්පච්චිගෙයි නෑදෑයෝ ඔය කුල මල හැම මගුලම හොයන උන්"

හතර පෝයටම සිල්ගත්තට, උදේ පාන්දර ගමටම ඇහෙන්න රේඩියෝ එකේ පිරිත් දාගෙන, හලාල් කෑම ගන්න එපා කියලා දන්න දන්න එකාට කිය කිය අපි බෞද්ධයෝ කියලා ලේබල් ගහගත්තට උඹලා බුදු හාමුදුරුවන්ගේ දහම නෙමෙයි ඉන්දියාවේ බමුනන්ගේ දහමක් ඔලුව උඩ තියාගෙන ඉන්න මිත්‍යා දෘශ්ටිකයෝ කියලා කෑ ගහලා කියන්න උවමනාව තිබ්බත් පවිත්‍රා සුපුරුදු නිහඬතාවයම රැක්කා.

"ඔයා ඉතිං තාමත් තරහින්"

පවිත්‍රගේ නිරුවත් ළැම උඩ හිස තියාගෙන උන්නු සුදර්ශන නැගිටලා ටවල් රැක් එකෙන් තුවායක් අරගෙන ඉන වටේ දවට ගත්තා.

"මේ කාලකන්නියා මාව මඟ හරින්න හදනවා කියලා තේරිලත් මම ආවනේ මූත් එක්ක නිදි වදින්න" පවිත්‍රාට එයා ගැනම ආපු තරහව පිට කර ගත්තේ ලේ පිරෙන තරම් හයියෙන් දත්වලින් යටි තොල හපා ගැනීමන්.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

 "හලෝ . .. හලෝ . .. කවුද මේ"

"හලෝ පවිත්‍රා, මම මේ සුදර්ශන. ඔයා මගේ නම්බර් එකත් ඩිලීට් කලාද?"

"ආ හලෝ කොහොමද? ඉතිං කවද්ද වෙඩින් එක?"

"ඔයා නක්කලේට අහන්නේ?"

"ඇයි මම නක්කලේට අහන්නේ?"

"ලබන 20, හිල්ටන් එකේ. ඔයාට ඉන්විටේෂන් නොදී ඉන්නම් කමක් නෑනේ"

"හෝම් කමින් එක කවද්ද? ඒකත් හොටෙල් එකකද?"

"නෑ ඒක අපේ ගෙදර, දන්නේ නැද්ද අපේ අම්මලා ගම් වල හැදුනු අයනේ. එයාලගේ අය රෙදි නැන්ද කෙනෙක් එහෙම එක්ක එන්න ඕන කියල . . "

"ආ මේ ලේලි පොඩ්ඩ පත්තිනි අම්ම කෙනෙක් ද කියලා සැක හැරලා දැන ගන්න. බලාගෙන, ඔය පත්තිනි අම්මලගේ රෙද්දේ තුත්තිරි කාටවත් පේන්නේ නෑ.  . .හඃ හඃ හා . . ."

"මම තියනවා . . බායි"



අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නෑ අහසයි වැලපෙන්නේ
නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
මලේ කතා නෑ සුළඟයි වැලපෙන්නේ


පෑහීමක් නෑ නොකෙරෙන දීගේ
හෙවනැල්ලත් ඇදලූ
දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ
හිත හොඳ වැඩි කමලූ . . .


අහසින් තරුවක් කඩා වැටෙනවා . .

මලෙන් උපන් මල් පත්තිනි දේවී
කැන්දන් එන නැකතේ
ඇස් කූඩෙන් මං වතුර අදින්නම්
ඔබේ මගුල් දවසේ


අහසින් තරුවක් කඩා වැටෙනවා . .  . . .!!

ගායනය : මාලනී බුලත්සිංහල

Pic From: http://www.ehow.com

36 comments:

  1. නියම පොස්ටුවක් ගීතයට නියම අරුත දි තිබෙනවා...

    ReplyDelete
  2. ලස්සන් සින්දුව......ලස්සන විචාරය

    අර පොටෝ එක ඊයෙ ගත්ත එකක් වගේ... :P

    ReplyDelete
  3. කතාව කියවගෙන ගිහින් සින්දුව කියෙව්වහම දෙකේ කිසිම වෙනසක් පෙන්න නෑ . නියමයි.

    ReplyDelete
  4. ස'ෆෙක්සෙල්, පැල්ලම් මකයි, සුදෝ සුදක් ගෙනදෙයි :D

    හරි අපූරු පෝස්ට් එක දුකෝ

    ReplyDelete
  5. අහෝ හණ මිටිය! අහෝ සඟිස්කුරුතිය!!

    ReplyDelete
  6. සෑහෙන කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් ඉවර වෙනකල් කියෙව්වා...සිංදුව කොච්චර ඇහුවත් තේරුම මේකයි කියල දැනන් ඉදියේ නෑ :/

    ReplyDelete
  7. ඈ බොලේ මගේ පෝස්ට් එකත් මේ එක්කමයි යන්නේ..
    එල එල.මගේ අර විවාහය සහ පිරිමියා එකේ කමෙන්ට් එකට
    මන් තාම රේප් එකක් දාගන්න උනේ නැහැ..දාපු හැටියේ
    ලින්ක් එක එවන්නම්...සොරි .ප්‍රමාදය ගැන....

    ReplyDelete
  8. දුකා,
    නියම කතාව... නියම සිංදුව.. මම හරි ආසම සිංදුවක්...
    මටත් මේ ගැන අත්දැකීම් තියෙනවා... (මමත් ඉටිපන්දමක් නොවෙයිනෙ) නමුත් මම හිත යටින්ම පිළිගනිපු එක දෙයක් තමයි මොනවා කළත් ඒ දේ කෙල්ලෙක්ගෙන් ගන්න නරකයි කියන දේ.... මම ඒ ප්‍රතිපත්තිය අකුරටම ඉටු කළා...
    හැබැයි මගේ විවාහයෙදි ඔය කිසිම හණමිටියක් කරේ තියාගෙන නොයන්නත් අපි කටයුතු කළා.. ඒක මට ලොකු සතුටක්... මම දන්න හැටියට අපේ පවුල්වල ඔය සම්බන්ධව ගැටළුවක් නෑ...
    හැබැයි තාත්තා මට උසස් පෙළ කාලෙදිම කිවුවා... මම තවත් කෙනෙක්ගෙ ජීවිතේ වෙනසක් කළොත් ඒ වගකීම මට භාර ගන්න වෙනවා කියලා... ඒ අවවාදයම ඇති මට ජීවත් වෙන්න...

    ReplyDelete
  9. හිතට වැදුනා...ලස්සනට හැගීම් වචන බවට පත්කරලා තියෙනවා...ඕක තමයි තිත්ත ඇත්ත...ඔය ගෝත්‍රික චාරිත්‍රයෙන් මම හිතන්නෙ දැන් බොහෝ අය මිදිලා...

    ReplyDelete
  10. තියන තරං ඔක්කොම අවලං වැඩ කරන උං තමා අන්තිමට පත්තිනි අම්මලව හොයන්නේ...
    සුදු රෙද්දේ පැල්ලං මකන්නනං සර්ෆ් එක්සෙල් විතරක් මදි, ක්ලෝරෙක්ස් ටිකකුත් දැම්මනං එල..

    ReplyDelete
  11. ඇත්තටම හුඟ දවසකින් අහන්න ලැබුන ගීතයක්. මරු කතා පොඩ්ඩ්ක් එක්ක

    ReplyDelete
  12. “මලෙන් උපන් මල් පත්තිනි දේවී
    කැන්දන් එන නැකතේ
    ඇස් කූඩෙන් මං වතුර අදින්නම්
    ඔබේ මගුල් දවසේ “

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  13. නියමයි අයියේ....

    ReplyDelete
  14. සිරා සිරා හොඳට මැචිං!

    ReplyDelete
  15. නියමයි..බොක්කටම වැදුණා

    ReplyDelete
  16. පට්ටම පට්ටයි ඈ...
    මං ආසම වැඩක්...සිංදු විචාරය...
    මේ ක්‍රමේ මරු....

    ReplyDelete
  17. අන්න දුකා නියම ගීත විචාර.. එළ තමා දුකා...

    ReplyDelete
  18. දැන් දුකා කියවන්න මොනවා හරි ලියන්න අරන් ආයේ ...තැන්ක්ස් ...

    ReplyDelete
  19. නියමයි... නියමෙටම කියල තියෙනවා කියන්න ඕනේ දේ..

    ReplyDelete
  20. නියමයි අයියේ....විචාරයක් එක්ක විචාරයකට ඔබ්බෙන් ගිය අති සාර්ථක නිර්මාණයක් බිහිවෙලා තියනවා.මරු..

    ReplyDelete
  21. එළ එළ.නියම කතාව.ඕක හොයන උං හොයන්නේ උං දන්නවා උං වගේ තවත් කොල්ලො ඉන්නවා කියලා ඒකයි.අනේ මන්දා ඔය ලේ පොඩ්ඩකට මුං මෙච්චර කෑදර මොකද අප්පා.වැම්පයර්ලද කොහෙද? ඕනෙම නං ලේ බැංකුවෙං ලේ පයින්ට් එකක් අරං ඇඳේ හලාගෙන නිදා ගත්තනං හරිනෙව.

    ReplyDelete
  22. ගීතම අරුත් ගැන්වෙන කතාවක්..
    සුපිරියි..!

    ReplyDelete
  23. මොන තරම් ඉහලට ඉගෙන ගත්තත්...දහ අතේ කරක් ගහල ගෑණු දාහක් එක්ක යහන් ගත වෙලා ආවත් බඳින කෙල්ලගෙන් ජපං කොඩි බලාපොරොත්තු වෙන පහත් මානසිකත්වයක් තියෙන කොල්ලො අපේ රටේ තාමත් කිසිම අඩුවක් නෑ.. ඒත් ඔය එක කොල්ලෙක්වත් තමන් යාලු වෙලා ඉන්න කෙල්ලගෙන් පිරිසිදුකම පැහැරගනිද්දි ඒ කෙල්ලගෙ අනාගතේ ගැන එක මොහොතකට හිතන්නෙ නෑ..

    දුකා 'පවිත්‍රා' 'සුදර්ශන' කියන නම් දෙක තෝරගත්ත එකට මම හරිම කැමතී... ++++++++++

    පවිත්‍රාගෙ SO CALLED 'පවිත්‍රත්වය' 'සුදර්ශන' කියන කිසිම දර්ශණයක් නැති අමනුස්සයා නිසා නැති වෙලා යන්න ඇති...ඒත් පවිත්‍රා හරි...එයාගෙ ආදරේ පවිත්‍රයි.... ඒත් සුදර්ශනට නම් දර්ශණයක් තියා පිටකකොණ්දක්වත් තියෙනවද කියන එකයි සැක... :/

    ReplyDelete
  24. කාලෙකට පස්සෙ ඊයේ අදයි කමෙන්ට් දාන්ඩ හිතෙන විදිහෙ පෝස්ට් 3ක් කියෙව්වා.
    සුදර්ශනව හොඳටම දුෂ්ටයෙක් කරලනෙ. පව් කොල්ල....

    ReplyDelete
  25. නියමයි... ගීතයට නියමෙටම ගැලපෙනවා.....

    ReplyDelete
  26. ගීතයට ගැලපෙන්න අපූරු කතාවක් නිර්මාණය කරලා. කෙයෙන් වුනත් දෙවඑක් හිතන්න පුලුවන් කතාවක්

    ReplyDelete
  27. අරුත්බර ගීයකට ලියාපු ලස්සන කතාවක්. දුකා ඔය දේවල් දැන් තකන්නෙ නෑ නේද? පිරිමි ගතිය ඔහොම තමා. එයාල හිතන්නෙ එයාලට හොඳම කෙනා ඕනෙ කියාලයි. නමුත් කෙල්ලක්ට වෙන අසාධාරනයට වග කියන්න ඇල්කෙමි මල්ලි ගේ පියාණන් දුන් අවවාදයම මගේ තාත්තා අපේ මලයාටත් දුන්නා. එයාට පිට රටක ඉඳලත් ගැලවෙන්න බැරි උනා ඔය ප්‍රශ්ණේදී. ගොඩාක් ප්‍රතිචාර වලින් පෙනුනේ සමාජය දැනුවත් වීමක් වෙලා තියෙන බවයි. ඒ ගැන සතුටුයි. එහෙම කීවම අපේ දුවල ඔන්න හිතන්නට එපා වරදේ හැසිරීම හරියයි කියාල. ඒ දේ ඔබ ආරක්ෂා කරගත යුතුයි ඔබේ ආදරණීය සහකරුවා වෙනුවෙන්.

    ReplyDelete
  28. සිංදුවෙ සංගීත රසය වින්දට අර්ථය දැනගත්තෙ අද. වේදනාබර අර්ථයක්.

    හනිමූන් එකේදී ජපන් කොඩිය දාන කෙල්ලෝ කී දෙනෙක් වෙනත් පිරිමිත් එක්ක යහන ගත වෙලා ඇත්ද? ඒ වගේම ජපන් කොඩිය හොයන කොල්ලෝ කී දෙනෙක් නම් කෙල්ලන්ව තනිකඩව තියන්න කරුණු කාරණා ඉෂ්ඨ සිද්ධ කරලා ඇත්ද?

    ReplyDelete
  29. මේක මගෙ පලවෙනි කොමෙන්ටුව..
    බොහොමත්ම සුන්දරය් අය්යේ..

    ReplyDelete
  30. ලකෆ්‍රෑන්ස් වැඩ අරඹයි!
    නයිකාරයෝ, බොරුකාරයෝ, පොලුකාරයෝ, වංචාකාරයෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ පරිස්සමෙන්!!!!!!!!!!

    ReplyDelete
  31. //ඕනෑම වටිනා දෙයක වටිනාකම තියෙන්නේ ඒ දේ තමන්සතු කරගන්නකම් විතරයි කියලා පවිත්‍රා හිතලා තිබ්බට ඒක හරියටම තේරුම් ගත්තේ අදයි කියලා හිතුනා.\\

    මේක නම් ඇත්ත කතාව...

    ReplyDelete
  32. සුපිරි... "හතර පෝයටම සිල්ගත්තට, උදේ පාන්දර ගමටම ඇහෙන්න රේඩියෝ එකේ පිරිත් දාගෙන, හලාල් කෑම ගන්න එපා කියලා දන්න දන්න එකාට කිය කිය අපි බෞද්ධයෝ කියලා ලේබල් ගහගත්තට උඹලා බුදු හාමුදුරුවන්ගේ දහම නෙමෙයි ඉන්දියාවේ බමුනන්ගේ දහමක් ඔලුව උඩ තියාගෙන ඉන්න මිත්‍යා දෘශ්ටිකයෝ කියලා කෑ ගහලා කියන්න උවමනාව තිබ්බත් පවිත්‍රා සුපුරුදු නිහඬතාවයම රැක්කා." මෙන්න මේ ටික නම් අපේ රටේ කුහකයන්ට නියමෙට ගැලපෙනවා. දිගටම ලියන්න මගෙන් සුභ පැතුම්...

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails