Thursday, September 10, 2009

වැලි කතර, මරු කතර හා පාරාදීසය . . . !


වැලි කතර මරු කතරක් ලෙස . . .
දිටිමි එක් කලෙක . . .
ඇසූ සැටියෙන් කුඩා කල . . . .
ආගිය උන් කී දෑ අසාහිඳ . . .

මගට බට නොහී ගිනි ලන . . .
රුදුරු සැඩ හිරු රැසින . . .
නැවුම් හුස්මක් ගනු නොහී . . .
දූලි මුසු වැලි කුනාටුද . . .
දා බිඳු ගලයි ගත . . .
නිමාවක් නැති ලෙසින . . .

අහෝ එවන් රුදුරු වැලි කතර . . .
කිම යා ද රන් මසු සොයා . . .
නොකෑවත් බඩට . . .
නොඇන්දත් ගතට . . .
මේ පාරාදීසයක් වන් . . .
ආදරයම ජීවිතය කොටගත් . . . .
ජීවිතයම ආදරය කොට ගත් . . .
සොඳුරු බිම් කඩ හැර දමා . . .
නොයමි කිසිදාක නොරට . . .
වියරු වැලි කතරකට . . .
විඳවන්නට නොව දුකින් . . .
විඳින්නට ලද දිවිය . . .
සතුට දෝත දරා . . .
සිනා දෝර ගලා . . .
ජීවිතේ සුන්දරද මෙතරම් . . . !

නමුදු එක අකාල සන්ද්‍යාවක . . .
අනෝරා වස්සාන කාලෙක . . .
හෙන හඬින් ගිගුම් දුනි සොඳුරු දිවි මඟ . . .
බිඳ වැටී මනෝ මන්දිර සුනු විසුනු වී . . .
රිදී සිත . . . ඉකි බිඳී හදවත . . .
ගිලිහී රැහැන් පට දිවි මඟ බැඳී හුන් . . .

වින්දනයම විඳිල්ලක් වූ කල . . .
පාරාදීසය කතරකැයි හැඟුනු කල . . .
කතරත් පාරාදීසයකැයි නොහැඟේද . . . ?

කතර කතරක්ම නොවේ යැයි . . .
දැනේ කතරට වන් කල . . .
මසුරන් පොදිත් දැවටේ දෑඟිල නිතර . . .
අනාදර පිරි පාරාදීසයද . . .
මසුරන් සපිරි කතරක් නොවූ කතරද . . .
සිත දෙගිඩියාවක . . . !

6 comments:

  1. දුකා, මේකනම් මටමයි ලියලා තියෙන්නේ.. මට එහෙමයි දැනෙන්නේ.. උඹ ආයෙත් ලියන්න ගත්ත එක හොදයි.

    ReplyDelete
  2. අත්දැකීම් ජීවිතයට වසන්තයක් වගේම , ශීත ඍතුවක් වෙන්නත් බැරි කමක් නෑ. අත්දැකීම් ඒ තරමට සෞම්‍යයි වගේ ම රෞද්ද්‍රයි... දුකා..!

    ReplyDelete
  3. @ Prabath!
    උඹේ වැලි කතරෙත් . . . මේ නිසැඳැසේ වැලි කතරෙත් . . . ලොකු සමානකම් තියෙනවා නේද ප්‍රභාත් . . . !

    ස්තූතියි මචං . . .

    ReplyDelete
  4. @ LishWish !
    හරියටම හරි ලිශ් . . . සමහර විටෙක හේමන්තයක් කියල අපි අමාරුවෙන් ගෙවල තියෙන්නේ වසන්තයක් . . . පසුව හැරිලා බැලුවාම හරිම දුකක් දැනෙනවා . . . නමුත් කොයිදේ වෙන්නෙත් හොඳටයි කියල හිතල බැලුවාම . . . වසන්තය වසන්තයක් නොවී හේමන්තයක් වීමෙන් ලබපු අත්දැකීම ජීවිත කාලයක් වටිනවා . . .

    ReplyDelete
  5. අද තමයි මම මේව කියෙව්වෙ ගොඩක්. හරිම ලස්සන කවි පෙල ගැස්මක්. මම හිතුවෙ ඔයාට කතා ලියන්න විතරයි පුළුවන් කියල. ඇපූරු කවියෙකුත් නෙ බලා ගෙන ගියාම. හරිම සතුටුයි, මල්ලි ඔයා ගැන.

    ReplyDelete
  6. @ අක්කණ්ඩි !
    ස්තූතියි අක්කන්ඩි ඔයාගේ අගය කිරීම ගැන . . . .මම ඉස්සර පාසැල් යන කාලේ නම් ගොඩක් කවි ලිව්වා . . . ප්‍රේමයෙන් පරාජිතවෙලා . . .ප්‍රේමයෙන් ඔකඳවෙලා ඉන්න වෙලාවල් වලට . . . පස්සේ කාලෙක ඒවා බැලුවාම මටම හරියට ලැජ්ජා හිතුනා . . . අනේ මම මේ වගේ පිස්සු ජීවිතයක් ගතකලානේ කියලා . . . අනේ මම ඒවා ඔක්කොම පුච්චල දැම්මා . . .දැන්නම් මතක් වෙද්දි හරිම දුකයි පුච්චපු එකට . . .

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails