Monday, February 20, 2017

පාසැලින් අස්නොවූ අයියලා-අක්කලා, ඇන්ටිලා සහ අන්කල්ලා!


"වයසට ගියත් බොහෝ අය සුපිරි පාසලින් අස්වී නොමැත" කියලා පහුගිය දවස් කීපෙකම ෆේස්බුක් එකේ එක එක ජාතියේ ස්ටේටස් දැක්කා. ඒවට බොහෝ අය පක්ශව සහ අපක්ෂව කොමෙන්ට් දානවා දැක්කා. අවිවේකී කම නිසා ඒ සංවාද වලට සම්බන්ධ වෙන්න බැරි උනා. ඉතින් මාත් ස්ටේටස් එකක් / පෝස්ට් එකක් දාලම මගේ අදහසත් කියන්න හිතුවා.

වයසට ගියත් බොහෝ අය තමන් උගත් පාසැලට ආදරය කිරීම, ඒ වෙනුවෙන් පෙනී සිටීම, ඒවාට විරුද්ධව අදහස් පල කරන අය සමඟ මරාගෙන මැරෙන්න යාමේ කිසිම වැරැද්දක් මම නම් දකින්නේ නෑ.

ඔවුන් වර්තමානයේ යම් ස්ථාවර තැනක ඉන්නවාද ඒ සඳහා පාසැලෙන් ලැබුනු ඉගෙනීමක් හෝ වෙන පිටුවහලක් (ඒ පාසලේ ඉගෙනුම ලැබූ නිසා රැකියාවක් ලැබීම, පාසැලේ උගත් ජනප්‍රිය අය නිසා ඔවුන්ටත් යම් ජනප්‍රියතාවක් හෝ කිසියම්ම දෙයක්) ලැබී ඇති නම් හෝ ලැබී ඇතැයි සිතා සිටී නම් එසේ තමන්ගේ දේ වෙනුවෙන් ඕනෑම මනුශ්‍යයෙක් පෙනී සිටී.

එසේ පෙනී ඉන්නා ගමන් "කක්කුස්සියේ වහලෙට ටකරන් දුන්නු නිසා", "අඳුරන පුංචි අම්මගේ දුවට පත්වීමක් දුන්නු නිසා" වගේ හේතු නිසා යම් පක්ෂයක යාවජීව සාමාජිකයෙක් වී පක්ෂය වෙනුවෙන් මරාගෙන මැරෙන්න හදන උන් දැක "මේ වගේ ගොන් වාහෙලා එක්ක මේ රට හදන්න බෑ" ජාතියේ ටෝක්ස් ඉශූ කරනවා නම් පොඩි පරස්පර ගතියක් දැනෙනා එක සත්‍යක්.

ඒත් තමන් උගත් පාසලට මැරෙන තුරුම ආදරය කිරීමත් රටක් ලෙස සිතීමේදී පුද්ගලික කාරනා නිසා තමන්ගේ අදහන පක්ෂය කරන කියන සියලු නරක පවා හොඳ දේ ලෙස අන්ධ භක්තියෙන් පිලිගැනීම ත් එකම එසේ එක තරාදියේ දමා කිරා බලන එක සාධාරන නොවේ කියා සිතෙනවා.

අනික මම දැක ඇති ලෙස බොහෝ විට අර කිව් ලෙස "පාසලින් අස්වෙන්න බැරි"වී සිටින්නේ හෝඩියේ සිට ඒ පාසල් වල ඉගෙන ගත් අයට වඩා පහේ ශිෂ්‍යත්වයෙන් සමත්ව හෝ උසස්පෙළ කරන්න ඒ පාසල් වලට ඇතුලු වූ අයයි.

ගෙදර සෙල්ලම් කරමින් ජොලියේ හිටි පොඩි එකාව හෝඩිය පන්තියට බාර දුන් පසු ගෙදර හිටියොත් ගුටිකන්න වෙන හේතුවට පාසල් ආ එකාට වඩා කඩයිම් විභාගයකින් සමත්ව හෝ කලින් ඉගෙනගත් පාසලේ තමන් ප්‍රිය කරන හෝ දක්ශතාව ඇති විෂයන් නැති කමින් හෝ වඩා හොඳ අද්‍යාපනයක් ලැබීමේ පරමාර්ථයෙන් සුපිරි පාසලට ආ එකාට ඒ පාසල ගැන විශාල භක්තියක් ඇති වෙන එක අහන්නත් දෙයක්ද?

ඒ අය අතරින් බොහෝ අය තමන් කලින් ඉගෙන ගත් පාසැල ගැන කිසිම විටෙක කිසිම තැනක සඳහන් නොකරන්න හේතුව අර කලින් කිව්ව ජොලියේ හිටි එකාව ඇදගෙන ඇවිත් හෝඩියට දාපු තරහවේ අවිඥ්ඥාන බලපෑම නොවේ යැයි කිව හැක්කේ කාටද?

සැබෑ ලෝකයේ තමන්ට කිසිවක් නැතත් තමන්ට තමන් ගැන සතුටු වීමට කිසිවත් හෝ ඇතැයි ෆැන්ටසියක ජීවත් වීමට මෙසේ සුපිරි පාසැලේ ලේබලය අලවාගෙන මානසික ස්වයන්වින්දනයක් ලබන්න උත්සාහ දැරනවා යැයි අදහසක් ද සංවාදවලදී දකින්නට ලැබුනා.

සතුටින් ජීවත්වීම හැර වෙන කිසියම්ම වූ වටිනා දෙයක් වේද මිනිසුන් හට.

එසේ ෆැන්ටසියක ජීවත් වීමෙන් ඔවුන් සතුටක් ලබනවානම් ඔවුන්ගේ සතුට දෙස බලා සතුටු වෙනවා මිස ඒ සතුට පලුදු කරන්න උත්සාහ ගන්නේ ඇයි?

26 comments:

  1. ඉගනගෙන ඉවර වුනත් තාමත් තමන්ට වාසි ප්‍රයෝජන තියන නිසා විශේෂයෙන්ම ඉහල ජනප්‍රිය පාසල් වල අයියලා, අක්කලා අස් නොවී ඉන්නවා... ඉස්කෝලෙ බිග් මැච් එක ටාර්ගට් කරලා තමනේ වැකේෂන් ප්ලෑන් කරලා ලංකාවට එන අයත් ඉන්නවා..එච්චරට ආදරෙයි...

    තමන්ට කිසි ප්‍රයෝජනයක් නැති නිසා ගම්වල තියන පොඩි පාසල් වලින් අයියලා, අක්කලා ඉගනගෙන ඉවර වුන ගමන් අස් වෙනවා.. අතරින් පතර ව්‍යතිරේඛීය අවස්ථා නැතිවම නෙමේ...

    හැමදේම තීරණය වෙන්නේ තමන්ට ලැබෙන වාසියේ හෝ ප්‍රයෝජණයේ තරම අනුව තමා..

    ReplyDelete
  2. මමනං හෝඩියෙ ඉඳල 13 වෙනකල්ම ගියේ එකම ඉස්කෝලෙකට. කාලයක් ඒකෙන් ඈත් වෙලා ඉඳල මෑතකදි සාර්ථකව පටන්ගත්ත ආදි ශිෂ්‍ය සංගමේ නිසා ආයෙ ඉස්කෝලෙ යන්න පටන් ගත්ත. කෙටි කාලෙකදි ඉස්කෝලෙට බස් එකක් අරන් දෙන්න තරම් ඒ සංගමේ සාර්ථක වෙලා තියෙනව.

    ReplyDelete
  3. ඇත්තම කියනවානම් දුකා, පාසලෙන් ලැබුණු ලබ්බක් මට නැත.

    අවුරුදු 12ක් ජනප්‍රිය පාසලකත් අවසාන අවුරුද්ද ජනප්‍රිය නොවූ පාසලකත් ඉගෙනගත් මම, ජීවිතේ අප් & ඩවුන් , ඩවුන් & අප් දෙකම ආතල් එකට අරං සන්තෝසයෙන් ජීවත් වෙමි.

    වඩා වටින්නේ යහපත් මිනිහෙකු ලෙස ජීවත් වීමයි.

    ReplyDelete
  4. ඇත්ත කතාව...මමනම් මගේ ගමේ 1 සිට 13 වෙනකම් ගියපු පාසලට ආදරෙයි හැබැයි ඒ අර සෝ එකට නෙවෙයි.....ඔය සෝ එකට ලොකු ඉස්කෝල වල නම් දාගෙන ඉන්න හුගක් අය ශිෂ්‍යත්වෙන් ගියපු අය තමයි :-0

    ReplyDelete
  5. මේනියාවක් කරගත්ත අයයි...මාෆියාවක් කරගත්ත අයයි දෙගොල්ලක් ඉන්නවා.

    ReplyDelete
  6. මට වැදගත් නුඹ
    පාසල් ගෝත්‍රවාදයෙන් මිදී
    අනෙක් පාසල් සහ ජාතීන්
    ආගම් සහ මිනිසුන්
    පාගා නොදමන -පහත් නොකරන
    උනුත් සමග එකට
    සහජීවනයෙන් ජීවත් විය හැකි
    නාලන්දීයෙකු වීමයි

    ReplyDelete
  7. මේක මම කීප තැනක කිව්වා මයෙ හිතේ..

    ඔය මළ විකාර කේස් එකක් තියෙනවා පන්තිවල තීන්ද ගාන මළ දානයක්.. මම ඕවට කිසි දවසක යන්නේ නෑ.. තීන්ත ගාන්න එකෙක් යවනවා.. අම්මලා තාත්තලා පුක දීගෙන වැඩ.. ඒක පන්තියක මම බාස්ව ටීචර්ට බාර දෙන්න ගිය වෙලාවේ, අර පන්ඩිත තාත්තෙක් මගෙන් අහනවා.. ඔය කව්ද කාගේ තාත්තද ඉස්කොලේ එන්නේ නෑ නේ කියලා... මම කිව්වා මාත් මේ ඉස්කෝලේටමයි ගියේ ගැබයි 84 දි අවුට් උනා කියලා. පන්තියේ මඩම්ට මරෙන්න හිනා.. පස්සේ මැඩම් මාත් එක්ක බුදු ෆිට් උනා... මුන් කොහොම කැරියොද කියන්න අර තරම් රත්තරන් කොල්ලොත් එක්ක බුදු ෆිට් මැඩම්ට දුන්නා නේ ගේම පිනා එක්ක එකතු වෙලා... ඒ වගේ මැඩම් කෙනෙක් අපිටවත් ඉඳලා නෑ... ඒ තරම් ආදරෙයි කොල්ලන්ට...

    ReplyDelete
    Replies
    1. රෝයල් එකෙත් දෙමව්පියො ගිහිං තීන්ත ගානවද බං.

      Delete
    2. මේ ලඟදි අර පිනා ඩෙපියුටි ප්‍රින්සිපල් ට ලව් කරන්න ගිහින් එය බහ කිව්වම පාසලින් එලවපු කතාවේ ම කොටසක්ද ?

      Delete
    3. පුක දෙන උන් වැයි වැහලා හැලපේ... උන්ට රෝයල් කියන්නේ ආයේ බකිංහැම් ගියා වගේ තමයි... මම ගිහින් කුණුහබ්බ කියලා කින්ඩියක් දලා එනවා.. අපේ නැන්දම්මත් ඉන්නකන් යනවා.. ප්‍රින්සිපල්ගේ ඉඳලා සිකුරුටි කාරයට යනකන් ඔක්කෝම යාළුවෝ... ගමේ ගිහින් දෙනවා ඇට්ටි හැලෙන්න ඉතින්... පොඩි එකා හිනාවෙලා මැරෙනවා...

      Delete
    4. තමුසෙ රෝයල් ගිහිල්ලා සුද්දන්ට පුක දුන්නට අනිත් උන් පලිද හුත්තෝ ? තොගෙ ඔය ලොකු පඩ සීන් තමයි අල්ලන්නේ නෑත්තේ

      Delete
  8. ආදි ශිෂ්‍ය සංගං කාරයෝ තමා ඉස්කෝල කන්නෙ

    ReplyDelete
  9. තමුන්ගෙ ළමයා ආදිශිෂ්‍ය කෝටාවෙන් ඉස්කෝලෙට රිංගවාගන්න ඕ.බී එකේ කැපිලා පෙනෙන්න පොරක් වෙන්න දඟලන උන් තමයි ඔය ගොඩක් පිස්සු විකාර වැඩ කරන්නෙ.ගොඩක් වෙලාවට උන් ඉස්කෝලෙ යන දවස් වල පන්තියෙන් එලියට වත් බැහැපු උන් නෙමෙයි.හැබයි අවුට් උනාට පස්සෙ ටීශර්ට් ගහගෙන ටෝක් දීගෙන මලම වදයක් වෙනවා.. හැබැයි කොරන මඟුලකුත් නෑ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ විතරක්ද... තමුන්ගේ ළමයාට තැනක් අරන් දෙන්න ඉන්න 'ගේට්ටු අම්මලා/තාත්තලා' ඉන්නවා. වැඩ හොය හොයා කරන්නේ.

      Delete
    2. ආදිශිෂ්‍ය කෝටාව වැඩි කරලා පිස්සු තීන්දුවක් දුන්නේ සරත් එන් සිල්වා.ඒ වැඩෙන් උනේ ආදිශිෂ්‍ය සංගම් කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ වැඩක්.

      Delete
  10. තමන් ගිය පරණ පාසල් වලට ආදරය කරන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඕක ඔලුවේ උඩ තියා ගන්න ගියහම තමයි ප්‍රශ්නේ.

    ReplyDelete
  11. මම ඉස්කෝල හතරකට ගිහින් තියනවා... පොඩි පොඩි අතීතකාමයන් මිසක් වෙන ඇති දෙයක් නෑ මට ඉස්කෝල එක්ක...

    ReplyDelete
  12. මම තවමත් පාසල් යන්නෙක්මි..

    ReplyDelete
  13. මම ඉස්කෝල තුනකට ගියා. අවසානෙට ගිය පාසල වගේම වැඩිම කාලයක් ගිය පාසල තමා මගේ පාසල කියලා කවුරුහරි ඇහුවොත් කියන්නේ. අර තිසර කියපු අතීත කාමයනම් මටත් තියනවා

    ReplyDelete
  14. එක ඉස්කෝලෙකට ගියා. ඒක තේරුවෙ දෙමව්පියො. හොඳ හා නරක තිබුනා. වෙන ඉස්කෝලවලට නොගිය නිසා සංසන්දනය කරල මොක හොඳද කියල කියන්න දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඒකට තියෙන්නේ ආයෙමත් ඉස්කෝලේ යන්න.. නේද?

      Delete
  15. මම හිතන විදිහට අපිට යාළුවො සෙට් වෙන්නේ ඉස්කෝලෙදිනේ.ඊට පස්සේ සෙට් වෙන උන් ගොඩක් වෘත්තීය සගයෝ මිසක්කා එළ බොක්කවල් අඩුයි.(නැත්තෙම නෑ) මේ සීන් එක හින්දත් ගොඩක් උන් ඉස්කෝලෙ එක්ක ටච් එකේ ඉන්නවා.මම නම් ඉස්කෝලෙට යන්නේ මට උගන්නපු ගුරුවරු දෙතුන් දෙනා බලලා එන්න.

    ReplyDelete
  16. ඉස්කෝලෙ නම ඇඩ් එකට තියන් ඉන්න අය ඕනෙ තරන් ඉන්නවා... අපේ ඉස්කෝලෙත් වැඩිමනක් අය ඕක තමා කරන්නේ...

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails