Saturday, July 18, 2015
17 වසරක සාපයක් යලිත් ඕනද?
වර්ථමාන දේශපාලන පිටිය නිරීක්ෂණය කලාම මහින්ද ප්‍රමුඛ පරන හොර නඩය අන්ත පරාජයක් ලබන බව පේන්න තියෙනවා.
එහෙම වෙලා UNPයට 1977දි JR ලැබුනා වගේ ලොකු බලයක් ලැබුනොත් කියලා හිතුවාම එන්නේ ලොකු භීතියක්.
JRගේ බෑනා රනිල් ජේ.ආර්.ට එහා ගිය භයානක නායකයෙක් නොවෙයි කියලා චරිත සහතික දෙන්න විදිහක් කොහෙත්ම නෑ.
1977 බලය ලබා ගෙන 17 වසරක සාපය කියලා අපි හඳුන්වපු UNP ආන්ඩුව 1994 චන්ද්‍රිකා මුල් වෙලා බිඳවට්ටෙන්න්නේ කැපුවත් කොල කියන UNP කාරයින්ටත් UNP ආන්ඩුව එපා උනු හින්දා මිසක් චන්ද්‍රිකාගේ ප්‍රතිපත්ති වලට කැමැත්ත නිසා නිසා ලැබුනු චන්ද නිසා නෙමෙයි.
යලිත් 17 වසරක හෝ ඊට අඩු වැඩි කාලයක් නොඑන්න නම් කරන්න ඕන රනිල්ට UNPයට විශාල බලයක් නො එන විදිහට බල තුලනයක් කරන එක.
ඒ කරන්න හොඳම ක්‍රමය සභාග ආන්ඩුවක් පිහිටුවන්න හෙට්ටු කරන්න / කේවල් කරන්න තරම් හොඳ ආසන සංඛ්‍යාවල් JVPයට ලබාදීම.
මේ හෙට්ටු කරන / කේවල් කරන බලය මීට කලින් ලැබුනේ ආගම් / සුළු ජාතීන් මූලික කරගත්තු පක්ෂ වලට .
ඒකෙන් සිදුවුනේ ෂෛලොක් පපුවේ මස් රාත්තලම ඉල්ලා සිටිනවා වගේ රටට හෙන ගැහුවත් තමන්ගෙ ජාතියට ආගමට පමනක් වාසි වෙන දේවල් ඉල්ලගෙන ආන්ඩු පිහිටවන එක. විල්පත්තු කැලෑ කැපීම වගේ දේවල් ඒවට උදාහරණ.
ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා මහජන දේපල විනාස කරපු, ප්‍රභූන් මරපු අඳුරු කාල පරිච්චේදය වෙනුවෙන් රටෙන් ජාතියෙන් සමාව අයැදලා JVP ය ප්‍රධාන දේශපාලන ප්‍රවාහට එක් උනාට පස්සේ පරන පව් වල වන්දි ගෙවන ආකාරයකින් කටයුතු කලා කටයුතු කරමින් ඉන්නවා කියන එක මගේ හැඟීම.
එහෙව් එකේ ජාති ආගම් කුල බේද නැතුව රටේ හැම පුරවැසියෝ ගැනම දයානුකම්පාවෙන් බලන JVP යටය මේ සැරේ මහ මැතිවරණයේදි ආන්ඩු පිහිටුවන්න එකතු කරගත යුතු එකම සාධකය කරගැනීම තමයි රටේ හෙට දවස වෙනුවෙන් අද අපිට කරන්න පුලුවන් හොඳම දේ කියලා මට හිතෙන්නේ.
Pic from: shariaunveiled.wordpress.com
Subscribe to:
Post Comments (Atom)
අනිවා....මචෝ....කතා දෙකක් නැත....
ReplyDeleteඅනිවා....මචෝ....කතා දෙකක් නැත....
ReplyDeleteදුකා ජවිපෙට ආසන 25ක් ආවත්, එජාපයට අවශ්‍ය වෙන්නේ 90 වගේ ගානක්. එජාපය ජවිපෙ සහ සුළුජාතික පක්ෂ අතරින්සුළු ජාතිකයන්ව තෝරා ගන්නවා. ඒ වගේම වර්තමාන්ජනාධිපති ස්ථිරවම එජාපයටකොටසක් අරගෙන දෙනවා. සන්ධානයට හෝප් එකක් නැහැ කියන ගානට ආවොත් එහෙම පනින ප්‍රමාණය වැඩිවෙයි. මෛත්‍රී මැදිහත්වී කරන වැඩක් නිසා උන් එජාපෙටත් අන්ත ලෙස රනිල්ව රකීවි.
ReplyDeleteතත්වය 1977 වගේමයි. 77 දී එජාපයට ආවේ 50% වගේප්‍රතිශතයක්. එහෙත් 5/6 බලයක් ඒ ක්‍රමයට. ජේ ආර් බලය ගත්ත ගමන් ප්‍රතිවාදී ප්‍රධානම පක්ෂයේ නායිකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. ඊට පස්සේතමන්ට හිතවත් පිරිසක් අතේ එහි පාලනය ගෙනියන තැනට වැඩ සැලැස්සුවා. එතකොට 77 උන්නු එජාප විරෝධීන්ට නියෝජනයක් නැහැ [අද 52% කින් දිනනමෛත්‍රී47% ලෙසඔහුට විරුද්ධවුන පාර්ශ්වයේ නායකත්වය අරගෙන උන්ව මෙහෙයවන්නහදනවා. ඒ අනුව මෛත්‍රෙඒවිරෝධීන් මේමොහොතේ කොහොඑන් වත් නියෝජනය වන්නේනැහැ] අන්තිමේදී කැරැල්ලක් ලෙසින් එලියට ආවේ මේ නියෝජනයක් නැති මිනිස්සු.
ජේ ආර් ගේ මුල කාලේ වෙද්දී මේක පොසිටිව් දෙයක් ලෙස ජවිපෙ දැක්කා. ඔවුන් හිතුව ශ්‍රීලනිපය පරදවා ප්‍රධාන විපක්ෂය වෙන්න [දැනුත්එහෙමයි කියන්නේ] 80 වැඩ වර්ජනය වගේ එව්වට ජවිපෙ හවුල් වෙලා නැහැ. විපක්ෂය ජේ ආර් ගෙන් නට්ටම් වෙනකම් බලා උන්නා විනා. එහෙත් ජේ ආර් කලේ මොකද්ද? ඊ ගාවචන්දය කැන්සල් කළා. තමන්ට තර්ජනයක් වෙන ජවිපෙ 83 පිට දාලා තහනම් කළා. [ජවිපෙ දැනට එජාපයට වක්‍රව සහය දෙන තැනකඉන්නේ, අනාගතේ මොනවා වේවිද අනම් දන්නේ නැහැ, හැබැයි ප්‍රබල එජාප රජයකින් ගුටි කන්නේ ශ්‍රීලනිපයට වඩා ජවිපෙ තමා]
අඩුම ගානේ ජේ ආර් සුළු ජාතික පක්ෂ එක්ක නටන්න ගියේ නැහැ, එහෙත් 2001-2004 ලෙගසි එකත් එක්ක රනිල් දැනටමත් කියන පරිදි ඒකත් ඇජෙන්ඩ එකේ තියෙනවා.
ඉතාමපැහැදිලිව 77න් පසු යුගය රිපීට් වෙන්න තමා යන්නේ.
එජාපය සමග යහපාලනය කියන එක විහිළුවක් බව එජාපයේපහුගිය සමයේදී තේරිලා ඉවරයි. සිරිසේන තනියෙන් කියෙව්වට වැඩක් නැහැ [ අනික මිනිහ රනිල්ට යටත්, යහපාලනය යටත් පාලනයක් වෙනවා එතකොට]. අගෝ 17 අපිට ඔප්ෂන් නැහැ. මොකද රනිල් විරෝධී ලෙස මටපෙනෙන්නේ සන්ධානය පමණයි, උනුත් දින්නටපස්සේ කොටසක් රනිල්ට සහය දෙන තැනට මෛත්‍රී ගේනවා [පක්ස නායකත්වය බලෙන් අල්ල ගෙනඉන්නේ ඒ නිසා].
ඒ නිසා රනිල්+එජාපය කියන ප්‍රවාහයත් එක්ක වසර හයක් ඔට්ටු වෙන්නකාටත් වෙනවා. ඒ දුස්-සංයෝගයට [අක්‍රිය මෛත්‍රී නම් රූකඩය සමග] අකමැති කෙනෙක් වේ නම් දීර්ඝ කාලින කතාබහකට ලැහැස්ති වෙන්න වේවි. දැනට මේ වැඩේට සුදුසු දේශපාලන ප්‍රවාහයක් රටේ නැහැ. හැබැයි 2001 රනිල් කොටි එක්ක ගිවිසුම ගහද්දීත් ඔහුට එරෙහි අහවල් පෙරමුණ කියලා එකක් තිබ්බේ නැහැ. යුද්දෙන් මාම එක්ක වෙළඳාම් කරලා ඒ ගමන් කොටින්ට නොර්වේ සපෝට් අරගෙන දීලා උන්ගෙනුත් නැතිවෙන්නකාලා පච වෙලා උන්නු චන්ද්‍රිකා විතරයි හිටියේ. ඒ වුනාට 2009 වෙද්දී අපි යුද්දය දින්නා.
හෝසස් ෆෝ කෝසස්. අස්පයෝ සෙට් වේවි, දැනට වැදගත් රේස් එක තියෙන බව ගැන දැනුවත් වීමත් අශ්වයින් හඳුනා ගැනීමත් පමණයි.
කොකාවල මහත්තයෝ ඔහේ මහින්දට රෙදි නැතුව කඩේ යනවා නම් අර මාරයියා වගේ අවංකව මම මහින්දට කඩේ යනවා ඔහේලත් එහෙම යන්න කියලා මම ඉල්ලනවා ලිව්ව නම් අහවරයිනෙ. අපි හැමෝටම තේරෙනවා. මොටද මේ වැල් වටාරම්?
Deleteඇත්ත මම මේක දැක්කෙ බුකියෙන්. මගෙ ඇග හිරිවැටුන 17 අවුරුදු ශාපය ගැන ඇහෙනකොට. නිකම්වත් අදහස් ප්‍රකාශ කරන්න බැරි අති බිහිසුණු යුගයක්. උඩුගම්පොල වගෙ පොලිස්කාරයො, ඒ මදිවට මැරයො හිතන්නත් බයයි. ඡන්ද නෑ කලගෙඩි ලාම්පු සෙල්ලම්.
Deleteමිනිස්සුන්ට ඉවසන්නම බැරි තැන ආයුධ ගත්තා. ඒක මර්ධනය කරන්න 65,000 ක් දස වධ දීල මරල පිච්චුව.
යූඇන්පී කියන අකුරු තුනටත් ශාප වේවා.
හංසයට දුන්නට ඒ මරාට විරුද්ධව විතරයි.
කොකාවල මහත්තයා ඇමෙරිකාවෙ ඉඳගෙනත් හංසයට ඡන්දෙ දුන්නද හැබෑටම?
DeleteAnonymousJuly 18, 2015 at 8:01 PM කොමෙන්ට් එක දාපු මම කොකාවල නෙමෙයි. 2010 දි 2015 දි දිවි පරදුවට තියල හංසයට වැඩකරපු කෙනෙක්.1999 ඉදන් පොදු පෙරමුනට විරුද්ධව වැඩ කරන්නෙ. චන්ද්‍රිකාගෙ කාලෙ කැළනියෙ නන්දසේන කියන මැරයගෙ කුක්කන්ගෙන් ගුටිත් කෑව.
Deleteරට ගියත් බයියා බයියාමයි.
Deleteඒක තමයි කොකාවල මහත්තයා ගුටිකෑවෙ ළකැනියේ සේනනන්ද කියන මැරයාගෙන්. දෙන්න ටැපලුණා. එක වගේ අයනෙ. ටැපලෙනවා.
Deleteකොකාවෙල හරියටම විග්‍රහ කරල තියෙනවා. රනිල් කියන්නෙ බටලන්දෙ කොල්ලො මරපු මිනීමරුවෙක්. තමන්ගෙ පක්ෂෙ කෘත්‍යාධිකාරි මණ්ඩලේට ගොට්ටො ටිකක් පත් කරගෙන තමන්ට එරෙහිව කොච්චර පක්ෂෙ මිනිස්සු එරෙහි වුණත් බලේ අල්ලගෙන හිටපු දුෂ්ඨ ඒකාධිපතියෙක්. ඒත් මං හිතුවා මූ හොරෙක් නෙවෙයි කියලා, ඒත් අර සිංහල නොදන්න සිංගප්පූරු ද්‍රවිඩය, මහ බැංකුව කොල්ල කනකොට රනිල ඌව ආරක්ෂා කරනවා. ඒ කියන්නෙ ඡන්දයක් පෙනි පෙනී මහදවල් හොරකම් කරන එවුන් ආරක්ෂා කරනකොට, අවුරුදු 5කට බහුතර බලයක් එක්ක මූ ජනාධිපති වුණොත් කොහොම හිටීවිද? මූ තනිකරම ප්‍රේමදාසට අන්ත වෙනවා. මහින්දට රටේ බහුතරය කැමති නැති වුණත්, පක්ෂෙ බහුතරයකගෙ තාමත් වීරයා. රනිලා අනුන්ගෙ පානෙන් එළිය බලන තමන්ගෙ පාක්ෂිකයො වෛර කරන පිං අගමැති. හොඳ වෙලාවෙට මෛත්‍රී ජනාධිපති වුණේ, දැන් රනියට ජනාධිපති වෙන්න බෑනෙ, ඉදිරියෙ අගමැති වුණත් හෙලවෙන ආණ්ඩුවක් නම් මූට උඩ පනින්න බෑ. ඒ නිසා මේ වෙලාවෙ කරන්න තියෙන්නෙ ජවිපෙ ශක්තිමත් කරල, වැඩි අපේක්ෂකයො ටිකක් පාලිමන්ට් එකට දාල බැලන්ස් කරන එක. එහෙන් මෛත්‍රී, මෙහෙන් ජවිපෙ, පිං අගමැතිට වැඩිය සෙල්ලම් දාන්න බෑ. Otherwise, people have no option in current political situation.
Deleteසහතික ඇත්ත. මටත් ඔන මේ වගේ පාලනයක් අපේ රටේ ඇති වෙනව නම් තමයි. නමුත් අපේ රටේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැති එක තමයි ගැටලුව.
ReplyDeleteඑහෙම වෙලා UNPයට 1977දි JR ලැබුනා වගේ ලොකු බලයක් ලැබුනොත් කියලා හිතුවාම එන්නේ ලොකු භීතියක්.
ReplyDeleteJRගේ බෑනා රනිල් ජේ.ආර්.ට එහා ගිය භයානක නායකයෙක් නොවෙයි කියලා චරිත සහතික දෙන්න විදිහක් කොහෙත්ම නෑ.
යලිත් 17 වසරක හෝ ඊට අඩු වැඩි කාලයක් නොඑන්න නම් කරන්න ඕන රනිල්ට UNPයට විශාල බලයක් නො එන විදිහට බල තුලනයක් කරන එක.//
+++++++++++++++++++++++++++++++++++++++++++
මටත් මේ බය තියනවා. එජාපයට විශාල බලයක් එනව කියන්නෙ මහම විනාශයක්. 1977 දි හයෙන් පහක් ලැබිල එය අවසන් වුනේ රට අමු සොහොනක් වෙලයි.මැතිණිගෙ ප්‍රජාඅයිතිය අහෝසි කිරීම , ජූලි වර්ජකයො ගෙදර යැවීම , වර්ජකයන්ට මැර ප්‍රහාර එල්ලකරමින් පටන් ගත්ත එජාප පාලනය රටට ශාපයක් වුනා.
මේ ලිපිය එක්ක 100% ක් එකඟයි. මම මේ ගැන කීප දෙනෙක් එක්කම කතා කළා. බොහෝදෙනෙක් කියන්නෙ අද ලෝකය වෙනස් ,තාක්ෂනය දියුණුයි ( ගෙවල්වලට ඇවිත් මිනිස්සු පැහැරගෙන ගිහින් මරල පුච්චන එක වගෙ ඒව කරන්න බෑ කියල ) .ඒත් අලිය කුලප්පු වුනහම ඔය ඔක්කොම නිහඩ වෙනව.
කරන්න තියෙන්නෙ එජාප විරෝධී කදවුර ශක්තිමත් කිරීමයි. බලය ගත්තත් රටට ලොකු හානියක් කරන්න එජාපයට බැරි වෙයි.
කොකාවල මහත්තයා නමින් ඇවිත් ලියපු දේවල් මදියි කියලා හිතිලද කොහේද ඇනෝ ඇවිල්ලත් හෑල්ලක් ලියලා.
Deleteමම නම් හිතන්නෙ රනිල් කියන්නෙ මිනිස්සු මරණයට පත් කරන්න තීරණ ගන්න මිනිහෙක් නෙමෙයි. ඔහු මූල්‍ය වංචා වලට සම්බන්ධ වන්න පුලුවනි. නමුත් කැරලි සහ කෝලහාල ඇති වෙන්න වටපිටාවක් ඔහු ඇතිකරාවි කියලා හිතන්න බෑ..
ReplyDeleteකැරලිවලින් පස්සෙ තරුණ අසහනය නැති කරන්න අද්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්න මුල්වුන දක්ෂයෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නෙ..
කවුරුහරි මේ ගතවෙන මොහොත ඇතුලෙ යූ ඇන්පී සහ ශ්‍රී ලංකා කියල බේදයක් දකිනවා නම් ඒ තරම් මෝඩයෙක් තවත් නෑ..දැන් ශ්‍රී ලංකා යූ ඇන්පී කියල දෙකක් නෑ..ඊලග ආන්ඩුවේ අනිවා ඔය දෙගොල්ලම ඇමති කම් ගන්නවා..
අනික ආර්ථික වැඩපිලිවෙල අතින් අනික් අයට වඩා දැක්මක් තියෙන්නෙ රනිල්ටත් තව දෙතුන් දෙනකුටත් විතරයි..ඒ හැර දේශපාලන නායකයින් බොහෝ දෙනාට නිවැරදි දැක්මක් කියලා දෙයක් බේතකටවත් නෑ..
ඊලග ආන්ඩුවෙ අගමැති නිමල් සිරිපාල ආව කියලා ලොකු සෙතක් වෙන්නෙ නෑ.. ඒ වගේම අනුර කුමාර ආවත් ගොඩදාගන්න බැරි ගොඩක් පස්නවල අපි හිරවෙලා..
මේ අවස්ථාවේ තියෙන එකම ප්‍රායෝගික විසදුම වැනෙන ආන්ඩු වෙනුවෙන් ඡන්දය දෙනවාට වඩා යමක් කල හැකි..දැඩි තීරණ ගත හැකි ආන්ඩුවකට බලය දෙන එක..හැම වෙලාවෙම දැඩි තීරණ ගැන අසුබවාදී වෙන්න බෑ... එහෙම වුනොත් අපිට හැමදාම ජාතික ආන්ඩු වගේ කිසිම තීරණයක් ගන්න බැරි පතෝල මැහි නඩත්තු කරගන්න සිද්ද වේවි..
ඒක හරි. ඒත් එතන තියෙන්නෙ රනිල් මෙහෙයවන යූඇන්පී රජයක්. ඒක 17 අවුරුදු ශාපයක් නොවේවිද
Deleteමම මේ කොමෙන්ට් කරන්නෙත් බය නිසාමයි.තරුණ ළමයි ඉන්න දෙමවුපියො හිටියෙ ලේ වතුර වෙලා.
අනේ දෙයියනේ යූඇන්පී ආන්ඩුවක් නම් එන්න එපා. ඒක ඒ තරම් නපුරු හීනයක්.ඒ හීනෙ නම් සැබෑ වෙන්න එපා.
ේම මොන කෝලමක්ද මේ...කොහෙද යූ ඇන් පී රජයක් තියෙන්නෙ..දැන් මහින්ද රජපක්ශයි විමලුයි හැර නිදහස් පක්ශෙ බොහෝ දෙනෙක් ඊලග ආන්ඩුවක ඇමතිවරු වෙයි.. ඊලග ආන්ඩුවෙ යූ ඇන්පිය ප්‍රබල වුනා හෝ නොවුනා.. අනිවාර්යෙන් ඔය බුලත් කොලෙන් ඉල්ලන සැට් එකෙන් බාගයක් පාර්ලිමේන්තුවෙ ආන්ඩු පක්සෙට යනවා.. අනික ඔය කියන කාලයට වඩා දෙ දේශපාලනය සම්පූර්ණයෙන් වෙනස්.. සමහර විට තව අවුරුදු දහයකින් ඇවිත් මේ කොමෙන්ට් එක බලල යන්න...1977 ඇතිවෙච්චි තත්වයක් නෙමෙයි ඊලග ආන්ඩුවේන ඇතිවෙන්නෙ..
DeleteAmila chathuranga Oba maatha ithihasya gana danna kenek nowei.
DeleteMata Bata Landa gana magema ath dakeema thiyenawa.
1983 kalu juliya ekata JR anduwa help kara.walikada hira gedaradi kuttumanee athulu pirisa kapala kotala marala damme punchi nilamage marayoo. e aya ekka mama katha karala thiyenawa .
JVP eka thahanama karea JR anduwa. e lampu kalagedi natumata JVP eka supreme court giya nisa. 83 indan JVP karayanwa horen horen marala damme JR. eke uchchama awasthawa 88/89.
mama kelnima kiyanwa EPF eka ganna eka MR nawaththuwa JVP eka nisa. Habayi MR wenuwata Ranila hitiya nam JVP eka nathi karala hari EPF eka gannwa. Ranil athulu UNP eka JVP ekata monawa kalath international balapamak na . eka dananwa Ranil. JVP eke inna ponna hattta meka teruma ganna ona. JVP ekata UNP eka Gahanna patan gatta welawe indan JVP aya hangagena araksha karala parippu kawe SLFP eka. E madiwaat aehema inna hitinna than deepu ayawath JVP eken maral damma . ehema ekaka thami Kaluthara Indraweera Abeypala ha Mendis case eka. e denna JVP karayanwa hangagena kanna bonna deela araksha karapu aya.
Ranil kiyanne sudu charithayak nowei. bata landa commison eke report ha Wijedasa Liyanaarachchi naduwa gana poddak kiyawanna deshapalanaya katha karanwa nama.
Sarath Fonsekath kaluthara thebuwana camp eka awith ahinsakayanwa marapu hati mama dannawa . dan uda pannata okath ballek
මම හංසයට ඡන්දෙ දුන්න කෙනෙක්. ඒ ගිය පාර විතරක් නෙමෙයි. 2010 වෙනකොටත් මට මරාව එපාම වෙලා තිබුනෙ.
ReplyDeleteමේව කියවනකොට ඇග හිරිවැටෙනව. 17 අවුරුදු ශාපයට වඩා නම් මරා දහස් ගුණයක් හොදයි. මිනිස්සු පිකටින් එකක්වත් කෙරුවෙ ප්‍රේමදාස මැරුනට පස්සෙ.
ඒ කාලෙ ගැන මතක් වෙනකොටත් වෙව්ලනවා. එජාපයට ලොකු බලයක් දෙන එක නම් භයානකයි. ඊට වඩා හොදයි වහ ටිකක් කන එක.
එතකොට මරාට ලොකු බලයක් දෙන එක භයානක නැද්ද? දැන් මරා කියන්නෙ එයා දිනනවා කියලනෙ. ඒ නිසා බැලන්ස් වෙන්න එජාපයට ඡන්දයක් දෙමු.
Deleteයූඇන්පී කාලෙ අපි නම් පොඩියි. ඒත් තරුණ ළමයි ඉන්න දෙමවුපියො හිටියෙ ලේ වතුර වෙලා. කළු බළල්ලු ගෙවල් වලට පැනල ආන්ඩු විරෝධී කොල්ලො උස්සල මරල පුච්චනව.
Deleteබැලන්ස් වෙන්න ඒ අලුගෝසු පක්ෂයට නොදී ජවිපෙ , ෆොන්සේක බැරිනම් දෙමල මුස්ලිම් පක්ෂෙකට හරි දෙමු.
යූඇන්පී කියන අකුරු තුන ඇහෙන කොටත් පපුව ඩිග් ඩිග් ගානව. සිරාවටම අපි බයයි බන්
මිනිස්සු හුස්මක් ගත්තෙ ප්‍රේමදාස මැරුන දවසෙ.
Deleteමට මතකයි එදා මිනිස්සු සතුටු වුන හැටි.පාරවල් වල නැටුව කිරිබත් ඉව්ව, රතිඥ්ඥ පත්තු කෙරුව
ඔබට මොකක්ද තියන සහතිකය ආයෙ කළු බලල්ලු එන්නෙ නැතිවෙයි කියල.
/යූඇන්පී කාලෙ අපි නම් පොඩියි./
Deleteමම හිතුවෙ සුජීව කොකාවල ඒ කාලෙ ටීන් ඒජර් කෙනෙක් කියලා. මටයි වැරදුණේ.
අනේ පවු මම සුජීව කොකාවල කියල හිතල. මම පොදු පෙරමුණට විරුද්ධ චන්ද්‍රිකාගෙ කාලෙ ඉදන්. කවදාවත් මහින්දට ඡන්දෙ දීල නෑ. හැබැයි යූඇන්පියයි මහින්දයි එකට තිබ්බොත් මම තෝරගන්නෙ මහින්ද.
Delete/හැබැයි යූඇන්පියයි මහින්දයි එකට තිබ්බොත් මම තෝරගන්නෙ මහින්ද./
Deleteසුජීව කොකාවලත් එහෙම තමයි. රනිල්ට රට යනවට තියෙන බය නිසා ඉක පුරාගෙන ලියනවා. හැබැයි මහින්දට නම් ස්පෝට් නැතිලු එයා. හරීම මධ්‍යස්ථ කෙනෙක් නේද?
යූඇන්පිය ජනතාව මර්ධනය කරන්නෙ කළු බලල්ලුන්ගෙන්.
ReplyDeleteඅද චන්ඩි වගෙ කෑගහන අය එදාට චූ යයි.
ස්ට්‍රයික් ,පිකටින් කරන්න හිතන්නවත් වෙන්නෙ නෑ
2001 - 2002 දී සිරිකොතේ යූ.එන්.පී පත්තර වලට කුලියට ලියපු සුභාෂ් ගුණවර්දණගේ අම්මගේ රෙද්දේ විචාර.
ReplyDeleteඅදයි යකඩෝ මේ කොමෙන්ට් එක දැක්කේ. 2001-2002 මම කටාර් රටේ ප්‍රමාන සමීක්ෂකයෙක් විදිහට වැඩ කරපු කාලේ මගේ ක්ලෝන් එකක් ඇවිත් ලිව්වද දන්නේ නෑ වස්තුවේ
DeleteMr, why don't you talk about Horaheththa of UNP? Why Malika samarawickrama, kabeer, and Ravi have gone to bank during the auction. CCTV video has proved it.
ReplyDeleteDo you know the number of billions stolen by Yahapalana clique? SATHOSA is being eaten up!
මම නම් දෙන්නේ ජෙප්පන්ට...
ReplyDeleteඅදෝ මුඛයද ??
DeleteUNP එකට ආණ්ඩුවක් හදන්නත් JVP එකට ඒක control කරන්නත් බලය තියෙන්න ඕනේ. මහින්ද මෙදා පාර එන්නේ රට හදන්න නෙමේ, තමන්ගේ වැරදි වහ ගන්න සහ හිටපු හොරුන්ව ආරක්ෂා කරන්න
ReplyDeleteමෙතන භයානක දෙයක් තියනව. එදා ජේ ආර් සිරිමගෙ ප්‍රජා අයිතිය අහෝසි කලා වගෙ මෙදා මහින්ද හිරේ යවන්න ඉඩ තියනව. ජේවීපී එක මේකට කැමතියි. ඒ ප්‍රධාන එජාප විරෝධී බලවේගය වෙන්න. නමුත් මේ සෙල්ලම ඉවරවෙන්නෙ රටේ තව දුක් කන්දක් අවුලල. රට පුරාම ටයර් සෑයවල් හදල. මේ මහා විනාශයෙන් රට බේරගන්න එජාපයට විරුද්ධව ඡන්දය දෙමු. එය ජීවිත ලක්ෂ ගානක් ඉතිරි කර ගන්න ආයෝජනයක්
ReplyDeleteමරා හිරේට යනතරම් වෙන සතුටක් තියනවද? කරපු පව් වලට විඳවිය යුතුමයි.
Deleteඅලියාගේ පුකේ එල්ලිලා දිවය ලෝකේ යන්න ගිහින් වුන හරිය මතක නැතෙයි
ReplyDeleteඅනේ රන්පුකෝ. තොට ඕක ඇරෙන්නෙ වෙන කියන්න දෙයක් ඇත්තේම නැද්ද? වේස ගෑණී වගේ හැමතැනම ඕකම කියව කියව ඉන් නැතුවවෙන මොනව හරි කියල බැනපංකෝ අහගෙන ඉන්න.
Deleteප්‍රධාන පක්‍ෂ දෙකෙන් කවුරු දිනුවත් ඔය කියන තරම් බහුතර බලයක් දැන් ලැබෙයි කියල මම නම් හිතන්නෙ නෑ. අනෙක ඔය සුළු ජාතික පක්‍ෂවලට ලැබෙන ඡන්ද ප්‍රමාණය ගැන මේ ක්‍රමය යටතෙ කරන්න දේකුත් නෑ. සුළු ජාතික ඡන්ද ප්‍රධාන පක්‍ෂ දෙකට ලැබෙන්න පුළුවන් උනත් සාමාන්‍යයෙන් ඒ ඒ ජාතීන්මයි සුළු ජාතික පක්‍ෂවල ඡන්ද පදනම වෙන්නෙත්. ප්‍රධාන පක්‍ෂ දෙක ගැන කළකිරෙන ඡන්ද දායකයො එක්කො ඡන්දෙ නොදී ඉඳියි. නැත්නම් ජේවීපී එකට - ෆොන්සේකා මහත්තයගෙ පක්‍ෂය වගේ එකකට දෙයි. එතනදිත් වැඩි අවස්ථාව ජවිපෙට. මොන ආණ්ඩුවක උනත් දූෂණ වංචා ගොන්කම් ගැන සද්දෙ ඇතුව පණ ඇතුව කතාකරන්න ජවිපෙට පුළුවන්. ඒ නිසා යම් පමණකට ඔවුන්ට ආසන ප්‍රමාණයක් ලැබුනට කමක් නෑ. එපමණම තමයි. මොකද ජවිපෙට යම් දවසක බලය ලැබුනොත් ඔවුන් ප්‍රධාන පක්ෂ දෙකටම වඩා හපන් වෙනව. දැනටත් ඔවුන්ගෙන් වෙන්වෙල යන අය සම්බන්ධයෙන් ඔවුන් දරන මාරාන්තික ද්වේෂ සහගත ස්ථාවරය දිහා බැලුවම ඒක හිතාගන්න අමාරුනැහැ. ඒක -පක්‍ෂයට ද්‍රෝහි වන්නන්ට, පක්ෂයෙ මතයට පිටින් යන්නන්ට මරණය- දක්වා යන්න පුළුවන් තත්ත්වයක් කියලයි මට හිතෙන්නෙ.
ReplyDeleteඒ වගේම ජවිපෙ සමග හවුලෙ ආණ්ඩු කිරීමත් හිතන තරම් සුන්දර වෙනකන් නෑ දෙගොල්ලටම. ඕනම නම් පරිවාස ආණ්ඩු කරන්න ගියපු මැඩම් දෙයි සැටිපිකේට්. ඒ නිසා තමයි මෙච්චර කාලෙකට ආණ්ඩු හදද්දි ඔවුන් අතෑරල හැමෝම විකල්ප සුළුජාතික පක්‍ෂ වෙත නැඹුරු වෙන්නෙ.
ජවිපෙ ප්‍රධාන පක්ෂ දෙකටම හපන් වෙනව කියල ඔබ කියන එක ඇත්ත. අන්‍ය මත මර්ධනය කියන එක ඒ අයගෙ ලේවලම තියන භයානක දෙයක්.
Deleteපක්ෂෙන් ඉවත්වුන අය මරාගෙන කන්නයි ජවිපෙට ඕන
මාරාන්තොක ජේවීපී වයිරය.
Deleteඋබලා වගේ තරුණයො ගෑන ලෑජ්ජයි.
අවුරුදු 67ක් රෑවටිලත් තව ලෑජ්ජ නෑ.
උබලා උබලටම රෑවටිලා.
ජවිපෙන් ඉවත්වූ අයව කන්න ඔනෙ නෑ......ඵයාලම කා ගන්නවා.
විමලා දිහා බලන්න කුමාර් ගුනරත්නම් බලන්න සෝමවoශ බලන්න මුන්ව කන්න ඔනෙද????උන්ම කාගෙන
ජවිපේ ඵක්ක ආණ්ඩුකිරීම ලේසි නෑ තමා...හොරකම් නෑ කොමිස් නෑ කුට්ටි නෑ වච නෑ බොරු නෑ.....ඵ් නිසා තමා මෑඩම්ට බෑරි උනේ.....
කුප්‍රකට සුලුජාතික පක්ශ ඵහෙමද ප්‍රාඩෝ චයිනිස් බඩු කොමිශන් දුන්නොත් ඕන ඵකක්...අනේ DDTයෝ උබේ දේශපාලන දනුම........
//ජවිපෙන් ඉවත්වූ අයව කන්න ඔනෙ නෑ......ඵයාලම කා ගන්නවා.
Deleteවිමලා දිහා බලන්න කුමාර් ගුනරත්නම් බලන්න සෝමවoශ බලන්න මුන්ව කන්න ඔනෙද????උන්ම කාගෙන//
ඉතිං ඒකමනේ බං මමත් කියන්නෙ. ඔය කියන ජවිපෙ නායකයො තමන්ගෙ ජීවිතකාලෙන් සෑහෙන කාලයක් පක්ෂය වෙනුවෙන් කැපකරල ඒ ප්‍රතිපත්ති උඩ ජීවත් වෙච්ච මිනිස්සු. දැන් උඹම කියනව එයාලගෙ තත්ත්වය. එහෙම නැත්නම් උඹේ දේශපාලන දැක්ම අනුව එයාල පක්ෂෙ ඇතුලෙ ඉන්නකන් ෂෝයි, එළියට ගියාම නරකයි. මරු ! ඒ මොඩල් එකේ ඔක්කොම එළියට ගිහිල්ල, තවත් එහෙම අය ඕක ඇතුලෙ ඉතුරුවෙල නෑ කියල අපි බලාපොරොත්තු වෙමු.
//අනේ DDTයෝ උබේ දේශපාලන දනුම//
ඔව් බං මම ඔය දේශපාලන ඔස්තාර් කෙනෙක් නෙවි. මේ නිකන් ලිපියකට මගේ අදහස කමෙන්ට් එකක් විදියට දැම්මා විතරයි. මම අදහස් කළේ මහපොළොවෙ පයගහල ඉන්න කෙනෙකුට පේන යතාර්ථය. මොන බයිලෙ ගැහුවත් ප්‍රධාන පක්‍ෂ දෙකම එකම අච්චුවෙ. දිගින් දිගටම එක පක්‍ෂයකට බලය ලැබීමෙන් ඇතිවන අසීමාන්තික දූෂණයෙන් තමන්ටත් වදින බව දැනුනම ඒක පාලනය කිරීම විතරයි මිනිස්සු එදා ඉඳල ඡන්දවලදි කරේ. ඉස්සරහටත් කරන්න ඉතුරු වෙන්නෙ එච්චරයි. ප්‍රධාන පක්‍ෂ දෙක වෙනුවට ඉතිරි වෙන විකල්පය ජවිපෙ වගේ අන්තවාදී අදහස් තියෙන පක්‍ෂයකට රටේ පාලනය භාරදීම කියල මම නම් කීයටවත් විශ්වාසකරන්නෙ නෑ. මිනිස්සුන්ට කරන්න පුළුවන් සිවිල් සංවිධාන ගොඩනගමින් බලපෑම් කරමින් යහපත් දිශානතියක් දක්වා මේ මජර ක්‍රමය වෙනස්කරගැනීම පමණයි.
විවේචනය කරන එක විරුද්ධ වෙන එක ඕනම කෙනෙක්ට පහසුයි, කරල පෙන්වන එක අමාරුයි කියල උඹ දන්නවනේ. ජවිපෙ දූෂණ විරෝධී, විරුද්ධ අදහස් මම ඕන තරම් අහල තිබුනට එයාලගෙ ආර්ථික ප්‍රතිපත්තියක් ගැන කියනව මම අහල නෑ. අඩුතරමෙ එයාලගෙ ප්‍රතිපත්තිත් එක්ක එයාලගෙ ආණ්ඩුවක විදේශ ප්‍රතිපත්තිය ගැන හිතනකොටත් ඇඟ හීතල වෙනව බං. උඹ කියන අවුරුදු 67 ක්ම රැවටිලත් මෝඩකමේ අන්තයටම ගිහිල්ල හරි උඹේ පක්ෂෙට පාලන බලය දීම සම්බන්ධයෙන් මිනිස්සු නොසලකාහැරල තියෙන්නෙ නිකන්ම නෙවි යාළුවා.
මම ජවිපෙ ප්‍රතික්ෂේප කරල නෑ, මම කියන්නෙත් මේ සිස්ටම් එක ඇතුලෙ ඔවුන්ට යම් නියෝජනයක් සහිතව ඔවුනුත් සිටිය යුතුයි. එයින් යම් තුලනයක් ඇතිවෙනව. ඒත් සමස්ථ සිස්ටම් එකේ පාලනය එයාලට ගිහිපු දවසක ඒකෙ ප්‍රතිඵල උඹල වගේ මහා ප්‍රාඥයොන්ට බලාගන්න පුළුවන් වෙයි.
මගේ අදහස නම් යම් පුද්ගලයන් හෝ කණ්ඩායම් ගැන අපි තීරණයක් ගත යුතු වන්නේ ඔවුන් ප්‍රකට කරන මතවාද හා ක්‍රියාකාරකම් අනුව බවයි. ඒ අනුව, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිල පරාජය කිරීම ගැන ඔබත් මාත් අතර එකඟතාවයක් ඇති බව පැහැදිලියි. පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ මතවාද හා ක්‍රියාකාරීත්වය විමසා බලමු.
Delete2000 මැතිවරණයේ දී ආසන 10ක් ද, 2001 මැතිවරණයේ දී ආසන 16 ක් ද දිනා ගත් ජනතා විමුක්ති පෙරමුණ 2004 දී පත්වූ රජයේ උපරිම ජනප්‍රසාදය ලබා ගත් මන්ත්‍රී ධූර 39කට හිමිකම් ලැබීය. එසේ වූවත් ඔවුන් එම රජයේ පාර්ශවකරුවන් ලෙස රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කිසිදු සාධනීය මැදිහත් වීමත් කිරීමට අපොහොසත් විය. එම වගකීම් අතහැර දැමූ ජනතා විමුක්ති පෙරමුණ ඒ වන විට හෙළ උරුමය විසින් කරලියට ගෙනවිත් තිබූ ජාතිවාදී සටන් පාඨ වැළඳ ගත්හ. එහි කූඨප්‍රාප්තිය වූයේ මහින්ද රාජපක්ෂ ජාතියේ ගැලවුම්කරුවා ලෙස ජනතා විමුක්ති පෙරමුණ හා හෙළ උරුමය විසින් 2005 දී බෞතීස්ම කරනු ලැබීමයි. ඒ අනුව, මහින්ද රාජපක්ෂ පාලන තන්ත්‍රය බිහි කිරීමට පුරෝගාමී වූයේ ජනතා විමුක්ති පෙරමුණයි. එම පාලන තන්ත්‍රය රටට වැඩදායී ලෙස හසුරුවා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ අසමත් වූ අතර එයින් රටට වන විනාශය ගැන වගකීම භාර ගැනීමක් ද කර නැත. නමුත් මහින්ද රාජපක්ෂ පාලනය මගින් රටට අත්වන විනාශය ගැන රටේ මතයක් ඇති වන විට කිසිවක් සිදු නොවූ ලෙස එම සටන් පාඨ තමන්ගේ කර ගත්හ.
ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය වන්නේ ඒ ඒ වෙලාවේ හැටියට නැගලා යන්න බස් එකකි. ඔවුන් බස්වල නැගලා ගමනක් යනවා නම් හොඳ ය. නමුත් ඔවුන් ගිය ගමනක් නැත. උන් නැගලා බැහැපු බස් නම් පාරේ ඉන්න අපිත් යටකර ගෙන හැටට හැටේ යනවා ය.
ඔබ තුමා ගoජා ගහලද?
Deleteතරුණයෙක් විදියට මටනම් පේන්නේ ජනතා විමුක්ති පෙරමුණ තරම් වෙන කිසිම පක්ශයක් රටට ආදරය නොකරන බවයි.
ජවිපෙට තියන අවම සම්පත් වලට සාපේක්ශව ජවිපෙ තරම් රටට සේවයක් කරපු වෙන පක්ශයක් තියනවද?
2002-2005 හොර සාමගිවිසුම කාලයේ ඉදන් සුනාමි ව්‍යසනය දක්වාත්,
මහින්දගේ දූශිත පාලනයේ ඉදන් රනිල්ගේ දින සීයේ මහබෑoකු වoචා පාලනය දක්වාත් රටට ආපු හෑම අනතුරක්ම පෙන්නලා දුන්නේ ඵ්වාට විරුද්දව සටන් කලේ ජේවීපී ඵක නේද.
උබලා වගේ කුහක පණ්ඩිතයෝ ඉන්නකන් මේරට හදන්න බෑ.
යූඈන්පී ශ්‍රීලනිප සල්ලි වලින් මාරුවෙන් මාරුවට බීලා ඈවිත් ජේවීපී ඵක ගෑන බොරු ලියන උබලා වගේ උන්ට ආයේ මනුස්ස ආත්මෙකනම් ඉපදෙන්න හම්බවෙන්නේ නෑ බන්.
උබලගේ බොරු අහපු කලේ ගියා.
උබ ලියලා තියන බොරුවලට ඔනනම් උත්තර දෙන්නත් පුලුවන් දන්න තරමින්.තොපි වගේ මෝඩ පණ්ඩිතයන්ට අකුරු කොටන ඵකත් අපරාදේ....ඔය බොරු ගිහින් කියපන් සන්දානේ බෝල මිරිකන උන්ට.......
@ DDT
Deleteඋබේ රිප්ලයි ඵක දෑක්කෙ ගොඩක් පරක්කු වෙලා.
//ඉතිං ඒකමනේ බං මමත් කියන්නෙ. ඔය කියන ජවිපෙ නායකයො තමන්ගෙ ජීවිතකාලෙන් සෑහෙන කාලයක් පක්ෂය වෙනුවෙන් කැපකරල ඒ ප්‍රතිපත්ති උඩ ජීවත් වෙච්ච මිනිස්සු. දැන් උඹම කියනව එයාලගෙ තත්ත්වය. එහෙම නැත්නම් උඹේ දේශපාලන දැක්ම අනුව එයාල පක්ෂෙ ඇතුලෙ ඉන්නකන් ෂෝයි, එළියට ගියාම නරකයි. මරු ! ඒ මොඩල් එකේ ඔක්කොම එළියට ගිහිල්ල, තවත් එහෙම අය ඕක ඇතුලෙ ඉතුරුවෙල නෑ කියල අපි බලාපොරොත්තු වෙමු.//
ඈයි ජේවීපී ඵක ඈතුලෙ පාවාදෙන්නන් ඉන්න බෑරිද?
බුදුහාමුදුරුවන්ගේ සාසනයේම දේවදත්තයා හිටියයි කියලා උබ බුද්දාගම අතෑරලා ගිහින් නිගන්ඨයෙක් වෙනවද බන්??????????????????
අපේ හමුදාව ඈතුලේ පොලීසිය ඈතුලෙ කොටින්ට ඔත්තු දෙන උන් හිටියේ.පාර්ලිමේන්තුවෙත් හිටියෙ.
ඵහෙමයි කියලා මුලු හමුදාවම නරක වෙනවද???මුලු හමුදාවම කොටි කියලා කියන්න පුලුවන්ද??????????????????
උබේ බොරු බබාපාට් අපිට තේරෙනවා බන්.ගොන් පාට් නොදමා හිටපන්.
සෝමවශ මහත්මයාට නම් වෙලා තියෙන්නේ වයසට ගිහාම දරුවො පෙන්නන්න බෑරිවෙන සමහර මහලු දෙමවුපියන්ට වෙලාතියන දේ.ඵ්ක අනුකම්පාකලයුතු තත්වයක්.වයසට ගිහාම ඔක උබට වෙන්නත් පුලුවන් මට වෙන්නත් පුලුවන්.ඵ්වට දේශපාලන අර්තකතන දෙන්න තරම් උබලා පහත් මට්ටමට වෑටිලාද බන්?
අපි දේශපාලනය මනින්නේ පාවාදෙන දෙතුන්දෙනෙක්ගේ කුහක වෑඩවලින් නෙවෙයි.ඉන්න මිනිස්සුන්ගේ කෑපවීමෙන්.බුද්දසාසනෙත් හොරු මහනවෙලා හිටියා.මිනීමරුවො මහනවෙලා හිටියා මහනවෙලත් සමහරු පවු කලා.
ඵහෙමයි කියලා ශ්‍රී සම්බුද්ද සාසනයේ උතුම් බව කවදාවත් අඩුවෙන්නේ නෑ.
ජවිපෙත් අපිටනම් ඵ් වගේ තමයි.
අපිට වෑදගත්වෙන්නේ පක්ශේ ඈතුලේ ඉන්න හොරුන්ව ඉවත්කරලා පක්ශය නිවෑරදි මාවතට ගන්න පක්ශය ගන්න ව්‍යායාමය මිසක් වෙන දෙයක් නෙවෙයි.
යූ ඈන්පී ඵක දිහා බලන්න සoදානය දිහා බලන්න.
අද ඔය පක්ශ දෙකෙන් ඵකක මන්තිරෙයෙක් හොරකමක් කලොත් හෙට ඌට නියෝජ්‍ය ඈමතිකමක් දෙනවා.....හෙටම ඌ තව හොරකමක් කලොත් අනිද්දට ඈමතිකෙනෙක් කරයි.ජනාදිපති ෆයිල් ඵක පශ්චාත් බාගේ ගහගෙන ඉදියි.ඔක තමා ලoකාවේ දේශපාලන සoස්කෘතිය.හොරකම නීතිගතකරලා තියෙන්නේ.ඵකයි මිනිස්සු වෑඩිවෑඩියෙන් වෑරදිවලට පෙලබෙන්නේ.
නමුත් ජේවිපී ඵක ඊට හාත්පසින්ම වෙනස් කියලා පෙන්නලා දීලා තියනවා.තාරාතිරම් නොබලා පක්ශේ ඉන්න වෑරදිකාරයන්ට දඩුවම් දුන්න ඵකම පක්ශය.අපිට ඵ් ගෑන ආඩම්බරයි.
ඔකවත් තේරෙන්නෙ නෑති උබලා වගේ පිස්සෝ ගෑන දුකයි.
උබේ නමේ හෑටියටම මොලෙත් තියනවා.හරි ශෝක්.
රටක් හදන්න ඔනනම් ඵ් විදියට වෑඩකරන්න ඔන කියලා තරුණයින් බහුතරයක් තෙරුම් අරන් ඉවරයි.උබ DDT ගහලා හිටියට අපිට කරන්න දෙයක් නෑ.අනුර කුමාර ජේවිපී ඵකෙන් ගියත් ජේවීපී ඵක වෑටෙන්නේ නෑහෑ කියලා අපිට විශ්වාසයි.අඩුම තරමින් අනිත් කාලකන්නි මහ පක්ශ දෙකට සාපේක්ශව දෑනට විශ්වාසකරන්න පුලුවන් ඔවුන් විතරයි.
වෑරදි අඩුපාඩු ඈති.චන්දදායකයන්ගේ අදහස් වලට කන්දීලා ඵ්වාත් හදාගෙන රටේ අනාගතය වෙනුවෙන් ජවිපේ වෑඩක් කරයි.
රටට අනතුරක් ආපු හෑම වෙලාවෙම ඉස්සරහට ආවේ ජවිපෙ.
සුනාමි ව්‍යසනයේදී.....2002-2005රනිල් ගේ හොර සාම නාඩගමේදී හමුදාව පාවා දෙනකොට බුද්දි අoශවල කොල්ලො මරනකොට.....සුනාමි සහන මන්ඩල කියලා කොටින්ට සල්ලි දෙනකොට.....මහින්දගේ ප්කාදිපති පාලනයට විරුද්දව.....නිදහස් අද්‍යාපනය රෑකගන්න.....කම්කරු අයිතීන් රෑකගන්න...මේ හෑම ඵ්කටම පෙරට ආවේ ජේවීපී තමයි.
අපිට ඵ්වා අමතක නෑ.
සහෝදරයා, ඔයාට නම් මොකක්දෝ ලොකු අවුලක් තියෙනව. ආයිත් මුල ඉඳල හොඳට කියවල බලන්න මෙතන කියවපුව. ජවිපෙන් අයින් උනු අය නම් වශයෙන් සඳහන් කළෙත් ඔවුන්ගෙ අද තත්ත්වය හෙලා දැක්කෙත් ඔයාමයි. දැන් ඒ ගැන මහා හෑල්ලක් කියන්නෙත් ඔයාමයි. මම ඔයාට පෙන්නල දෙන්න හැදුවෙ මිනිස්සු කියන්නෙ මිනිස්සුමයි කියන එක. මොන පක්ෂෙ හිටියත් අවස්ථාවක් ලැබුනම සාමාන්‍ය තියරියමයි. ඒ නිසා පොඩ්ඩක් බිමට බැහැල මහපොළොවෙ පයගහල ඇස් ඇරල බලල ආයෙත් හිතන්න. උඩින් පේන පොත්තට රැවටෙන්න එපා.
Deleteමේ රටේ ඇතිවුනු ප්‍රශ්නවලදි ජවිපෙ ඉදිරියට ආව කිව්වට එයාලගෙ සමහර වැරදි තීරණ නිසා තමයි ඔවුන් අද විඳවන්නෙ කියල ඔයාට තේරෙන්නෙ නැත්ද. මට හිතෙන හැටියට නම් ඉතිහාසයෙ සමහර අවස්ථාවලදි කළයුතු දේත් ඔවුන් කළේ නොකල යුතු විදියට. මම මුල ඉඳලම කිව්ව වගේ මේ යන ක්‍රමයේදිත් ජවිපෙ යම් නියෝජනයක් තිබිය යුතුයි කියල මම පිළිගන්නව. මගේ ප්‍රාර්ථනයත් මෙවර ඔබේ පක්ෂයෙ නියෝජනය කලින්ට වඩා වැඩි වෙන්න කියල. රටට ශක්තිමත් විපක්ෂයකුත් අවශ්‍යයි. පිස්සු නටන ආණ්ඩුවලින් අපිට වැඩක් නෑ. රටේ බහුතරයකට ඕන තමන් හම්බකරන මුදලින් කාල බීල සාමයෙන් සතුටින් සමගියෙන් ඉන්න පුළුවන් රටක්. පුද්ගලයො හෝ පක්ෂයකට සදාකල් වහල්වෙලා වැඳගෙන පස්සෙන් යන්න උණක් එයාලට නෑ.
ඔබ කියනව වගේ ප්‍රධාන පක්ෂ දෙකේ වැරදි නිසා කළකිරෙන මිනිස්සු ඔයාලගෙ පක්‍ෂය ඔසවල තබන්න කවදාවත් කටයුතු කලේ නෑ නේද. ඒක ඔයාලගෙ පක්‍ෂයට ආවේණික අවුලක් වෙන්න බැරිද. ඒක හදාගන්න උත්සාහ කළොත් නරකද විකාර දොඩෝනවට වඩා.
එජාපය මෙවර මැතිවරණය ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්ථාවක් තිබුනද ඔවුන්ට 77 තරමේ බලයක් ලැබෙනු ඇතැයි සිතිය නොහැක.මෙවර මැතිවරණයෙන් කවුරු දින්නත් බිහිවන්නේ සුළුතර ආණ්ඩුවකි.කෙසේ වුවත් ජවිපෙ තවමත් මේ රටේ තුන් වැනි බලවේගය ලෙස ඉදිරියට පැමිණ නැත.ජවිපෙ රැස්වීම් වලට එන සෙනගින් ඔවුන්ට හිමි වන ආසන ගණන බැලුවා නම් ජවිපෙ පාර්ලිමේන්තු බහුතරය ගන්නේ මීට අවුරුදු විස්සකට විතර කලිනි.මිනිස්සු ජවිපෙ කතා අසා අත්පුඩි විසිල් ගසා චන්ද පොලට ගොස් අලියාට නැත්නම් බුලත් කොලේට ගසති.හැම චන්දේදීම සීයට පහෙන් ගොඩ නොයා මේ තත්වයේ වෙනසක් ඇති කර ගැනීමට ජවිපෙ උත්සාහ කල යුතුය.
ReplyDeleteඅහෝ දුකා, අහෝ කොකා!
ReplyDelete(අම්බලමට දාපු කමෙන්ටුව)
අහෝ රාජ්! මෙදා පොටේ වත් නැට්ටේ එල්ලිලා දිවියලෝකේ යන්න පුළුවන් වෙයිද ? අර කාල නවතපු තැන ඉදන් කාගෙන කාගෙන යන්න ??
Deleteමේ ලියන ළමයි 71 කේ ඉපදිලා හිටියද ? ඒ කාලෙ කොල්ලො මැරුවේ ශ්‍රී ලංකා ආණ්ඩුවක් කියල අමටහක් කරන්න එපා රුවේ
ReplyDelete71 කේ කළුබළල්ලු ගෙවල් වලට පැනල උස්සන ක්‍රමයක් තිබුනෙ නෑනෙ.කාගෙ හරි නමක් නිකම් බොරුවට තරහට හමුදාවට දුන්නනම් මරනව. 60,000 ක් මැරුවට ඔතන 50,000 ක්ම අහිංසකයොනෙ.
Deleteඉස්කෝලෙ ළමයි අම්මලගෙන් උදුරගෙන ගිහින් වධදීල මරල පුච්චපු හැටි පත්තරවල කියවනකොට යූඇන්පී කියන අකුරු තුනටත් ශාප කරනව
කළු බළල්ලු කියන එවුන් මේ මනුස්ස ලෝකෙ උපන් එවුන්ද මන්ද
මෙහෙම අපරාධ කරන්න පුළුවන්ද
මම මේ ලගදි අමාවක සද යට කියන පොත කියෙව්වා.ඇග හිරි වැටුනා. ඒ අහිංසකයො මරපු ආමිකාරයන්ට පොදු පෙරමුනෙන්වත් නිසි දඩුවමක් දුන්නෙ නෑ
71 ත් එහෙම ඒවා වුනා. නමුත් ඒ කාලේ රටේ තත්වය හා සමාජය වෙනස් 1989 ට වඩා. ආයුධත් අඩුයි. ඒ නිසා කාලයට සාපේක්ෂව ඒවා වුණා. ජවිපෙ කැරලි ගැහීම වැරදියි. වැරදි න්‍යාය. වැරදි ක්‍රියා මාර්ගය. නමුත් එහෙම කළා කියල ශ්‍රීලනිප හා පසුව යුඇන්පී එකත් ඔවුන්ව මරපු විධිහත් වැරදියි. ආගම්4 හතරක්ම තියෙන රටක. නිතර දෙවේලේ පන්සිල් ගන්න රටක.
Deleteඔය කලු බළල්ලු කහ බළල්ලු කියල කියපු ආමි කාරයො තවමත් ඉන්නව....උන් දෙක තුනක් දාගත්තම තාම ඒ හපන් කම් කියෝනවා....UNPයේ හිටපු බහුතරයක් ලොක්කො ඔක්කොම දැන් ඉන්නේ කාගෙ ඔඩොක්කුවේද කියල අමුතුවෙන් කියන්න ඕනි නෑනේ....අනික හැම දාම අර 17 අවුරුද්ද කියල බයිල ගහන්න එපා..අනිත් එවුන් කියන්නේ ඔය අති වෙන්න ප්‍රධාන හේතුව JVPඑක ලු..වෙන්ට ඇති නමුත් ඊට පස්සෙන් පහු ලෝකය ටිකක වත් වෙනස් වෙල කියල පේන්නෙ නැත්ද?..ඔය තර්කෙන්ම තමා මහින්ද නැත්නම් යුද්ධය ආයෙම එයි කියල කියන්නේත්.....ඕකට ඉතින් අපි ඒ කලෙ උන්න මේකාලෙ උන් ඕවා දන්නේ නෑ කියන බණ කියවන්න ඔනි නෑ..ඒක තම සදාකලික යථාර්තය.....ඒක වත් දන්නේ නැත්නම් ඉතින් කවර කථාද අයිබොවං.....පට්ට ලයින් නම් දෙනව තනි ඇහැට ඇඬෙන්න හැබැයි ඇනො.... අනේ නිකම් පලයන් බන්zලා යන්න...අපි වගෙ බල්ලො නිකම් ෆුන් එකට උඩු බිරුවට කඳු පාත් වෙනවය අම්මප්ෆා......:P
ReplyDeleteමට තියන ප්‍රශ්නෙ ඇයි මේ කළු බළල්ලු කියන එවුන් අල්ලගෙන ඒ භීෂන යුගය ගැන තොරතුරු සොයාගෙන වින්දිතයන්ට යුක්තිය ඉටු නොකරන්නෙ කියන එක.
Deleteඅපි වගෙ බල්ලො බිරුවම යූඇන්පී මිනීකන බල්ලන්ට ලැබෙන ඡන්ද එක දෙක හරි කඩන්න පුළුවන්
කලු බලල්ලු කහ බලල්ලු ඔක්කොම හිටියේ මහින්දගෙ රෙද්ද අස්සේ....ඊට පස්සේ බාගයක් යහපාලනේ බාගයක් මෑදමුලන යමපාලනේ......
Deleteකවුද උන්ව අල්ලන්නේ ....අපි ගිහින්ද?
1989 මහින්ද හිටියෙ විපක්ෂයෙ. කලු බළල්ලු , කහ බළල්ලු හිටියෙ ප්‍රේමදාසගෙයි රන්ජන් විජේරත්නගෙයි රෙද්ද අස්සෙ.
Deleteහැබැයි යූඇන්පී මිනීමරුවො සමහරක් මහින්ද ලගට ගත්ත තමයි.
උන් පස්සෙ යහපාලනේට ආපු හැටි අපැහැදිලියි. ඒ කියන්නෙ 89 මිනී මරපු එවුන් දැණ් යහපාලනේ රෙද්ද අස්සෙද
කියපු එක හොදයි .හරිම භයානකයි. ඊයෙත් අංක තහඩු නැති වෑනි එකක් හම්බ වෙලා.
දින සීයට මෙහෙම නම් අවුරුදු පහක් දුන්නොත් මොනව කරයිද
මම කියන්නේ පහුගිය ආන්ඩුව කාලේ ගෑන බොල.මහින්දගේ ආන්ඩුව කාලේ ඔය ඵකඵක බලල්ලු ප්‍ර කාරයෝ ඔක්කොම හිටියේ මහින්දගේ රෙද්ද අස්සේ.8වෙනිහයින් පස්සේ බාගයක් ජහ පාලනයට ගියා ඉතුරු බාගේ මරා පාලනයට ගියා.
Deleteඅනික 88-89 කලේ මහින්ද කලේ ඩබල්ගේම් ගහපුඵක .ඵයා හම්බන්තොට කොල්ලන්ව අම්බානෙට පාවදුන්නා.මම නෙවෙයි කියන්නේ විමල් වීරවශ.1999කාලේ පත්තරවල විමල් වීරවශගේ ඔය කතාව ගියේ පොල්ගෙඩි අකුරින්.
විමල් කියන්නේ විජේදාස ලියනාරච්චි මහතාව පාවදීලා මෑරෙව්වේ මහින්ද කියලයි.ඔවා 99කාලේ පත්තරවල හෙඩ්ලයින්.ඵ් කියන්නේ මහින්ද ගෝනි බිල්ලෙක්.
මහින්ද ඩබල්ගේම් ගැහුව කියන කතාව මම පිළිගන්නව. 89 දි මාතලේ අනදෙන නිළධාරියත් ගෝටලු නේද
Deleteඅතුරුදහන්වූ මවුපිය උද්ඝෝෂනවලට ගියෙ ප්‍රාජිත එක්කලු
හැබැයි මහින්ද හිටියෙ නැත්නම් ඔහොමවත් හඩක් නැගෙන්නෙ නෑ. එතනයි අවුල
පුද්ගලික වාසිවලට හෝ ඔහු කළ දෙයට සාපේක්ෂ වටිනාකමක් තියෙන්නෙ ඒකයි
අද කාලෙ වෙනස් කියල සමහරු කියනව ඒකට උත්තරේ මෙන්න.
ReplyDelete1987 වගෙ කාලෙක කෙනෙක් කියාවි අද කාලෙ වෙනස් ආයෙ 1971 කැරැල්ලක් එන්නෙ නෑ කියල
ඉතිහාසය යළි යළි සිදුවෙනව
කැලේ කොටි නෑ කියල පාරට බහින්න හොද නෑ
උබ මොන මී හරකෙක්ද මචන්?
Delete87දී රට තිබ්බේ නියත කෑරෑල්ලක් උඩ කියල හෑමෝම දෑනගෙන හිටියා......
හරියටම කිව්වොත් 87 වෙද්දී කෑරෑල්ල පටන් අරගෙනයි තිබුනේ.
ජේ ආර් පප්පා ඵ් තෑනට රට තල්ලුකරලයි තිබුනේ.
නොදන්න මගුල් කියවන්න ඵපා....නූගත්කම වෑහෙනවා.....
-Kasun
එහෙමද . එහෙනම් වැරදීමක්. අපි ඔය කාලෙ ඉපදිල හිටියෙ නෑ.
Deleteහරි අපි කියමු 1987 වෙනුවට 1985 කියල. දැන් මොකද කියන්නෙ
මමත් ඉපදිලා හිටියේ නෑ හරකෝ.යම් තරමක සමාජ දෑනුමෙන් කියන්නේ.
Deleteහා හා වෑරදීමක් නෙවෙයි බන් උබේ නොදන්න කම මාට්ටු උනා
උබට වෑරදුනා කිය කිය ක්‍රිස්තූ පූර්ව වලටම යයිද උබ?
JR දේශපාලකයන්ගේ ප්‍රජා අයිතීන් අහෝසිකරලා, මෑතිවරන සිතියම අකුලල, උසාවිවලට නඩුකාරයන්ට ගල් ගහලා, ගෑටබේ විහාරස්තානයට කම්බි කටු ගහලා, සරත්චන්ද්‍ර මහත්තයා වගේ උගතුන්ට කානු පල්ලේ දාගෙන ගහලා, දේසපාලන පක්ශ තහනම්කරලා ,කලුජූලිය ඈතිකරලා, දෙමල මිනිස්සු පනපිටින් ගිනි තියලා, යාපනේ පුස්තකාලේ ගිනි තියලා, ජේ ආර් පරයා 78 පටන්ගත්ත සෙල්ලම උබ කියන 85 වෙනකොට නෑගලම ගිහිල්ලයි තිබුනේ.
85ද 87ද නෙවෙයි බන් 83 මෑද හරිය වෙනකොටම ජේආර්ලා රට අපායක් කරවන බව කාටකාටත් තේරිලයි තිබුනේ.
උබලගේ, ඉතිහාසය නොදන්න කමට අපිට කරන්න දෙයක් නෑ.ගොo බයියෝ.
ජේ ආර් ගෙ ඒ සියළු වැරදි වලට ප්‍රචන්ඩත්වයෙන් උත්තර හොයන්න ජවිපෙ උත්සාහ කළ නිසයි රට අමු සොහොනක් වුනේ.
Deleteජවිපෙ කියන්නෙ ඔවුන්ව කැළේට තල්ලුකළා කියල .එහෙම තල්ලු කරන්න උන් බබ්බුද
ජේ ආර්ට එරෙහිව ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රීලනිපය හරහා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයක් සංවිධනය කරන එකයි විකල්පය. ඒත් ජවිපෙ කළේ බොරදියේ මාළුබාන්න් හදපු එක. ඒකෙන් වුනේ 65.000 කට මැරුම් කන්න වුන එක.
මොළේ තියන පක්ෂයක් නම් තමන්ව කැළේට තල්ලුකරන්න් හදද්දි කැළේ බින්න බහින්නෙ නෑ. හැකි වෙර යොදා එළියට එනව මිස. 1994 දි ආරිය බුලේගොඩලගෙ වල්ගෙ එල්ලිලා ආව වගෙ.
ජේවීපී තකතිරුකම් වලට රටම පරිප්පු කෑව.
ඒත් ජවිපෙ මර්ධනය කරන්න අවශ්‍ය ප්‍රමානයට වඩා විශාල බලය යෙදවීමක් කළා. ඕනම විනාශයක් කරන්න හමුදාවට බලය දුන්න. හමුදාවෙ ඉන්න පරපීඩා කාමුකයො රට විනාසම කරල දැම්ම. ඕනම එකෙක් මරන්න හමුදාවට බලය දෙනව කියන්නෙ අතිභයානක වැඩක්. අපේ විවේචනය එතානයි.
මොකද හමුදාව කියන්නෙ පිස්සු බලු රංචුවක්. එහෙම අයට ලොකු බලයක් දෙනව කියන්නෙ සිවිල් සමාජයට අඹ සරණයි
උබේ ගොන් තර්කේ ගෑන කතා නෑත්තෙ ඈයි?නොදන්න 87ක් ගෑන කියන්න ගිහින් හත්පොලේ ගාගත්ත නේද?
Deleteඋබේ උත්තරේ පලවෙනිකෑල්ල,
අසරණ සාම්ප්‍රදායික හෑමදාම ගහන ජේවීපී විරෝදී බයිලාව.ඕක දෑන් යල්පෑනලා බන්.අලුත් සින්දුවක් හොයාගනින්.
උබ අහන්න ආසම හින්දා මම කියන්නම්...තරුනයන් ඈග කහනවාට අවි අතටගත්තේ නෑ.
අනික 83දී ජවිපෙ තහනම්කරලා,මෑතිවරන සිතියම් අකුලලා ලාම්පු ගලගෙඩි සෙල්ලම් කරලා ජේ.ආර් ඵ්කාදිපතිබලය අතටගත්තා.84 වෙනකොට ජේආර් හිට්ලර් වෙලා ඉවරයි.
ඵක අතකින් ප්‍රජාතන්ත්‍රවාදය නෑතිකලා....
අනිත් අතින් කම්කරු අයිතින් නෑතිකරලා ප්‍රජාතන්ත්‍රවාදීව වෑඩවර්ජන කරන මිනීස්සුන්ගේ රස්සා නෑතිකරලා පවුල් පාරට ඈදලාදාලා කම්කරුවන්ව මරලා මිනිස්සුන්ව වහල්ලු බවට පත්කලා.
ඊට අමතරව කලුජූලිය ඈතිකරලා දෙමල මිනිස්සු පුච්චලා තිස්අවුරුදු යුද්දයට අඩිතාලම දෑම්මා.
ඊටත් අමතරව අද්‍යාපන දවල පත්‍රිකාව ගෙනල්ලා අද්‍යාපනය විකුණලා අද්‍යාපනය ඈතිහෑකි පන්තියේ අයිතිවාසිකමක් පමනක් බවට පත්කරලා දුප්පතුන්ව සදා වහල්ලු බවට පත්කරන්න ගේම් ගෑහෑව්වා.ත්‍රීමා විතාරනලා වගේ අහින්සක ශිශ්‍යන්ගේ ඔලුවලට පරාල ඈණ ගහලා දසවද දීලා මෑරුවා.
ඔකටත් අමතරව 87 ඉන්දුලකා ගිවිසුම ගෙනල්ලා රට බෙදන්න උපරිම සහයෝගය දුන්නා.
ටිකක කල්පනාකරපන් අපේ රට අවුරුදු 1000ක් පස්සට යන්න සිද්දවෙන දේවල් ජේආර් කලා උගේ අවුරුදු 10ට.මේවාට මිනිස්සු කටපියාගෙන හිටියානම් ලoකාවට වෙන්නෙත් හොදට තිබුන කොන්ගෝවට ටෑන්සානියාවට චිලීයට ගිය කල තමයි
ජේආර්ලා රට කන්න පුලුවන් හෑම විදියටම කෑවා..........87 ඉන්දුලකා ගිවිසුමට ඵරෙහිව ඉතා ප්‍රජාතන්ත්‍රවාදීව උද්ගෝශන කරපු තරුණයින් 140ක් කොලබදී බල්ලෝ බලල්ලු වගේ මරලා දෑම්ම.......
ඉතින් කාලකන්නියෝ මේවගේ තෑනකට රට යනකොට රටට ආදරේ නොකරන බල්ලොයි , පොන්නයොයි ඈරෙන්න ඔන කෙනෙක්සටන්කරනවා තමයි ඵ් කාලේ හෑටියට.........
ඵ් කාලේ ශ්‍රීලනිප කොහොමද දන්නවද තිබ්බේ.....තුනට හතරට කෑඩිලා සිරිමා හෙක්ටර් කොබ්බෑකඩුව මයිත්‍රීපාල සේනානයක අනුර බන්ඩාරණායක ඵකාට ඵකා කාගන්නවා මිසක් රටට හෙනගෑහෑව්වත් බෑලුවේ නෑ උන්.
හරියට 2002-2005 කාලේ කොටින්ට සෑපදෙනකොට ශ්‍රී ලකා ඵක බකන්නිලාගෙන හිටියා වගේ තමයි.
උන විනාශයට වගකියන්න ඔන රට කාබාසිනියාකරලා තරුණයන්ව කෑලේට ඈදලාදාපූ යූඈන්පී ඵකයි,ඔවට නිශ්ශබ්දව උදව්කරපු ශ්‍රීලනිපය කියන දේසපාලනවශයෙන් සක්කිලිම මහ දෙක තමයි.
නොදන්න දෙසපාලනේ කතාකරන්න කලින් පොත පත්තරයක් කියවල වරෙන් බන්.නූගත්කම වෑක්කෙරෙනවා.
උඹ කියන ඔක්කොම ඇත්ත. ඒත් ඔය දේවල්වලට විරෝධය දැක්විය යුත්තෙ ප්‍රජාතන්ත්‍රවාදීවයි .කැරළි ගැහුව කියල ඔය ප්‍රශ්න එකක්වත් විසදුනෙ නැහැනෙ.නමුත් ජවිපෙ ප්‍රචන්ඩත්වය තෝරා නොගෙන හැකිතරම් ප්‍රජාතන්ත්‍රවාදීව සටන් කළා නම් ප්‍රධාන විපක්ෂය වෙන්නත් ඉඩ තිබුන.
Deleteජවිපෙ ආයුධ අතට ගන්න තීරණය කළේ 1985 දි.
ජවිපෙ කැරළි ගහන්න ගිහින් වුනේ රටේ පවුල් කීයක් නම් විනාස වුනාද
ජේවීපී කාරයො විතරක් නෙමේනෙ මැරුනෙ. 90% ක්ම අහිංසකයොනෙ.
ජේවීපී එක කියන කතා හරි. ඒක ගැන විවාදයක් නෑ. ඒත් ජේවීපී එකට මේ රටේ 5% ක්වත් ඡන්ද ගන්න බැහැනෙ. ඉතින් ඒ වගෙ පක්ෂයක් කැරළි ගහන්න ගිය එකයි නස්පැත්තියක් වුනේ.
ප්‍රචන්ඩත්වයෙන් කිසිම ප්‍රශ්නයක් විසදෙන්නෙ නෑ.ඒක තේරුම් ගන්න.ජේවීපී එකේ මෝඩ වැඩ නිසා පරම්පරාවක්ම විනාශ වුනා.
1994 දි වුනා වගෙ ශ්‍රීලනිපයෙ රෝද පුටු නායකත්වය රිප්ලේස් වෙනව විරෝධතා ප්‍රජාතන්ත්‍රවාදී සීමාව තුල කළා නම් . ඉන්දු ලංකා ගිවිසුමෙන් පස්සෙ ශ්‍රීලනිපයටත් විරෝධතා කරන්න බැරි වුනා. මොකද ජේවීපී එක මිනීමරන්ඩයි බස් ගිනි තියන්ඩයි ගත්තනෙ.
ජේවීපී එකට 5% ක්වත් ඡන්ද ගන්න බෑ කියන්නෙ සමස්ත තරුණ පරපුරම ජේවීපී එක පිටුපස සිටියෙ නෑ. ඔබ කියන ලෙසින් පොන්නයන් වන බහුතරය නිහඩව සිටිනවිට සුළුතර තරුණ පිරිසක් කැරළි ගැහුවා. මර්ධනය පහසු වුනේ එනිසයි.
ඈයි බන් ඵකම පචේ ආය ආය කියන්නේ
Deleteජේවීපී ඵකට ප්‍රජාතන්ත්‍රවාදීව විපක්ශයට ඵන්න ජේවීපී ඵක්ක තියෙන්න ඵපෑයි.
ජේආර් බල්ලා උගේ හොර ජනමතවිචාරනේට ඵරෙහිව ජේවීපී ඵක ගොනුකරපු නඩුව පරදිනවා කියලා දෑනගත්තවෙලේ කලු ජූලිය ඈතිකරලා දෙමලමිනිස්සු අමුවෙන් පුච්චලා ඵ්ක ජේවීපී ඵක පිටින් දාලා ජේවීපී ඵක තහනම්කරලා නායකයෝ සාමාජිකයෝ දඩයම් කරා කියලා දන්නෙ නෑද්ද?
රටේ පොදු ජනතාව රට බෙදනවාට විරුද්දව සාමකාමීව උද්ගෝශන කරනකොට ඵ්වාට වෙඩිතියලා අහින්සක මිනිස්සු 140ක් බල්ලො බලල්ලු වගේ මරලා ප්‍රජාතන්ත්‍රවාදේට අන්තිම ඈනෙත් ගෑහෑව්වා කියලා දන්නෙ නෑද්ද?
ප්‍රජාතන්තවාදී පක්ශ තහනම්කරලා උන්ට වෙඩිතියලා උන්ව බල්ලො පූසෝ වගේ මරනකොට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කරන්නේ කොහොමද කියලා කියලාදීපන්කෝ???
අනික ජවිපේ උවමනාවට කෑරලි ගෑහෑව්වා කියන කතාව පිලිගන්න බෑ.
රටේ බහුතර උවමනාවට වෙච්ච දෙයක්.
ඵ්කට සෑහෙන ජනතා සහයක් තිබුනා.
ඵ් නිසා තමයි කොළබ ආණ්ඩුවට වඩා ජවිපේ නිලනොලත් ආණ්ඩුව 89 වෙනකන්ම අවුරුදු 2ක් විතර රටේ සෑහෙන පලාත්වල නිළ නොලත් පාලනය අල්ලo හිටියේ.
ඵ්ත් රජයේ උපදෙස් මත රජයේ මිනීමරු කල්ලිම හමුදාවේපවුල්වල අයව ඝාතනය කරලා ඵ්ක ජවිපේ පිට පටවලා තිරස්චීන මර්දනයකට පාර කෑපීමත් ඵක්ක තමා තත්වේ වෙනස් උනේ.
ජවිපේට ජනතා සහය තිබේ 5%කට අඩුවෙන් කියලා කියන්න බෑ.
ඵහෙම උනානම් ජවිපෙට අවුරුදු 2ක් නෙවෙයි දවස් 2වත් අල්ලන් ඉන්න බෑරිවෙනවා.
අනික 88/89දී ජවිපේ අය විතරක් නෙවෙයි රටට ආදරයකල බහුතරයක් කොටින්මකියතොත් 89 අග වෙනකන්ම හමුදාවේ අය පවා ජේආර් ප්‍රේමදාස සක්කිලි පාලනයට විරුද්දව සටන්කරන්න සහයදුන්න බව මතක්කරන්න ඔන.
ජවිපේ 85 සටන්කරන්න තීරනයකලා කියලා ඔයා කියන්නේ මොන සක්කිය මතද?
ප්‍රජාතන්තරවාදයට හෑමෝම කෑමතීයි.ජේආර් බල්ලා ඈතුලූ යූඈන්පී සක්කිලි නිස තමා රට ගිනිගත්තේ.
හේතුවක් නෑතිව පලයක් නෑ නේ.
හේතුව තමා යූඈන්පී බල්ලනේ සක්කිලි පාලනය.රටේ ජනතාව මඩවලා මඩවලා ජනතාවගේ ඉවසීම අන්තීම තෑනට ආවහාම කොයි රටෙත් වෙන්නේ ඵ්කයි.ටියුනීසියා,ලිබියාව,ඊජීප්තුව ඔය කොයි රටෙත් උනදේ තමා ලoකාවෙත් උනේ.ඵ්කට ජවිපෙත වරදපටවන්න බෑ.
මහින්ද තව ටිකකාලයක් හිටියනම් ආයෙත් වෙන්නේ ඵ්කම තමා.
ඉතිහාසයට වෑරදි අර්තකතන දෙන්න ඵපා යාලුවා......හෑමෝම මෑරිලා ඉපදිලා නෑ......
එජාපයට එරෙහිව දෙන ඡන්දය අනාගත පරම්පරාවේ ජීවිත ඉතිරි කර ගැනීමේ ආයෝජනයකි මහා පින්කමකි.
ReplyDeleteතේරුම් ගැනීමත්, දැනුම්වත් කිරීමත් වෙනුවෙන් ඔබට මගෙන් රතු මල් මිටක්.
ReplyDeleteබලපෑම් කරලවත්, දැනුම දීලවත් මොකක් කරලවත් ලංකාවේ චන්ද වෙනස් කරන්න බෑ..
ReplyDeleteපුළුවන් දේශකයා . හැබැයි ඒක හරියට කරන්න ඕනේ. මේ අපි වගේ නැත්ද?...:)
Deletehttp://nelumyaya.com/?p=3713
ReplyDeleteට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා මහජන දේපල විනාස කරපු, ප්‍රභූන් මරපු අඳුරු කාල පරිච්චේදය වෙනුවෙන් රටෙන් ජාතියෙන් සමාව අයැදලා JVP ය ප්‍රධාන දේශපාලන ප්‍රවාහට එක් උනාට පස්සේ පරන පව් වල වන්දි ගෙවන ආකාරයකින් කටයුතු කලා කටයුතු කරමින් ඉන්නවා කියන එක මගේ ත් හැඟීම.
ReplyDeleteමගේ අදහස නම් යම් පුද්ගලයන් හෝ කණ්ඩායම් ගැන අපි තීරණයක් ගත යුතු වන්නේ ඔවුන් ප්‍රකට කරන මතවාද හා ක්‍රියාකාරකම් අනුව බවයි. ඒ අනුව, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිල පරාජය කිරීම ගැන ඔබත් මාත් අතර එකඟතාවයක් ඇති බව පැහැදිලියි. පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ මතවාද හා ක්‍රියාකාරීත්වය විමසා බලමු.
Delete2000 මැතිවරණයේ දී ආසන 10ක් ද, 2001 මැතිවරණයේ දී ආසන 16 ක් ද දිනා ගත් ජනතා විමුක්ති පෙරමුණ 2004 දී පත්වූ රජයේ උපරිම ජනප්‍රසාදය ලබා ගත් මන්ත්‍රී ධූර 39කට හිමිකම් ලැබීය. එසේ වූවත් ඔවුන් එම රජයේ පාර්ශවකරුවන් ලෙස රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කිසිදු සාධනීය මැදිහත් වීමත් කිරීමට අපොහොසත් විය. එම වගකීම් අතහැර දැමූ ජනතා විමුක්ති පෙරමුණ ඒ වන විට හෙළ උරුමය විසින් කරලියට ගෙනවිත් තිබූ ජාතිවාදී සටන් පාඨ වැළඳ ගත්හ. එහි කූඨප්‍රාප්තිය වූයේ මහින්ද රාජපක්ෂ ජාතියේ ගැලවුම්කරුවා ලෙස ජනතා විමුක්ති පෙරමුණ හා හෙළ උරුමය විසින් 2005 දී බෞතීස්ම කරනු ලැබීමයි. ඒ අනුව, මහින්ද රාජපක්ෂ පාලන තන්ත්‍රය බිහි කිරීමට පුරෝගාමී වූයේ ජනතා විමුක්ති පෙරමුණයි. එම පාලන තන්ත්‍රය රටට වැඩදායී ලෙස හසුරුවා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ අසමත් වූ අතර එයින් රටට වන විනාශය ගැන වගකීම භාර ගැනීමක් ද කර නැත. නමුත් මහින්ද රාජපක්ෂ පාලනය මගින් රටට අත්වන විනාශය ගැන රටේ මතයක් ඇති වන විට කිසිවක් සිදු නොවූ ලෙස එම සටන් පාඨ තමන්ගේ කර ගත්හ.
ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය වන්නේ ඒ ඒ වෙලාවේ හැටියට නැගලා යන්න බස් එකකි. ඔවුන් බස්වල නැගලා ගමනක් යනවා නම් හොඳ ය. නමුත් ඔවුන් ගිය ගමනක් නැත. උන් නැගලා බැහැපු බස් නම් පාරේ ඉන්න අපිත් යටකර ගෙන හැටට හැටේ යනවා ය.
ඔබ තුමා ගoජා ගහලද?
Deleteතරුණයෙක් විදියට මටනම් පේන්නේ ජනතා විමුක්ති පෙරමුණ තරම් වෙන කිසිම පක්ශයක් රටට ආදරය නොකරන බවයි.
ජවිපෙට තියන අවම සම්පත් වලට සාපේක්ශව ජවිපෙ තරම් රටට සේවයක් කරපු වෙන පක්ශයක් තියනවද?
2002-2005 හොර සාමගිවිසුම කාලයේ ඉදන් සුනාමි ව්‍යසනය දක්වාත්,
මහින්දගේ දූශිත පාලනයේ ඉදන් රනිල්ගේ දින සීයේ මහබෑoකු වoචා පාලනය දක්වාත් රටට ආපු හෑම අනතුරක්ම පෙන්නලා දුන්නේ ඵ්වාට විරුද්දව සටන් කලේ ජේවීපී ඵක නේද.
උබලා වගේ කුහක පණ්ඩිතයෝ ඉන්නකන් මේරට හදන්න බෑ.
යූඈන්පී ශ්‍රීලනිප සල්ලි වලින් මාරුවෙන් මාරුවට බීලා ඈවිත් ජේවීපී ඵක ගෑන බොරු ලියන උබලා වගේ උන්ට ආයේ මනුස්ස ආත්මෙකනම් ඉපදෙන්න හම්බවෙන්නේ නෑ බන්.
උබලගේ බොරු අහපු කලේ ගියා.
උබ ලියලා තියන බොරුවලට ඔනනම් උත්තර දෙන්නත් පුලුවන් දන්න තරමින්.තොපි වගේ මෝඩ පණ්ඩිතයන්ට අකුරු කොටන ඵකත් අපරාදේ....ඔය බොරු ගිහින් කියපන් සන්දානේ බෝල මිරිකන උන්ට.......
http://sinhala.lankanewsweb.net/index.php/features/2013-07-01-07-49-32/17841-17-vvjjh
ReplyDeleteදෙවන ලෝක සංග්‍රාමයෙ නාසි අපරාධකාරයෙකුට මේ මෑතක දඩුවම් දුන්න. ඔහුට අවුරුදු 89 ක් ඒ වෙනකොට. ඇයි කළුබළලුන්ව උසාවි ගේන්න බැරි. ටයර් සෑයවල් නිර්මාණය කළ දේශපාලන නායකත්වය උසාවි ගේන්න බැරි.
ReplyDeleteනිළ ඇදුම් අදින අය හිතන්නෙ අපරාධ කරන්න තමන්ට විනිර්මුක්තියක් තියනව කියල . දඩුවම් ලැබුනොත් අපරාධයක් කරන්න පෙර දෙවරක් සිතාවි
කළු ජුලිය , ඉන්දියන් හමුදාව , ලාම්පු කලගෙඩි නැටුම, ජේවීපී මර්දනය මුවාවෙන් විරුද්ද මතධාරීන් ඝාතනය,භික්ෂුන් නිවන් පුර වැඩමවීම, ශිෂ්‍යයන් නිවන් පුර වැඩමවීම, මාධ්‍ය වීදීන් නිවන් පුර වැඩමවීම, කලාකාරයින් නිවන් පුර වැඩමවීම,ත්‍රස්තවාදීන්ට ආයුද, මුදල් සැපයීම,ත්‍රස්තවාදීන්ට හමුදා පුහුණුව සැපයීම , හමුදා බුද්දි අංශය නිවන් පුර වැඩමවීම,කොටින්ට සන්නිවේදන උපකරණ දීම. රාජ්‍ය සම්පත් හිතවතුන්ට ලබාදීම , බැඳුම්කර මගඩිය
ReplyDeleteදුකා අයියා
ReplyDeleteමට නං දේශපාලනේ කියන්නේ තිත්තම තිත්ත ටොපික් එකක්. මමත් කැම්පස් එකේ ඉන්කොට මහා පරිමානෙන් නැතත් සුලුවට හරි දේශපාලන පක්ෂයකට සම්බන්දව හිටියා. මුල්ම ඡන්දේ දුන්නෙත් ඒ පක්ෂෙට. දේශපානෛ් තිත්ත උනෙත් ඒකෙන්මයි.
තව දෙයක්. මම ඉස්සර බ්ලොග් එක ලියන කාලේ ඔයා ලස්සන කතාවක් ලිවා.“හිරු පායන්න එපා මගේ ලෝකෙට“ ආසාවෙන් කියවපු එකක්.
ලියන්ඩකෝ ආයෙත් ලස්සන කතාවක්..
දෙයක් කියන්න ඕනි.