චරාස් . . . .
කුස්සියේ යමක් බදින හඬින් මාව උඩ ගිහින් වගේ ඇහැරුනේ මම ඉන්නේ කොහේද කියලාවත් එක්වරම හිතා ගන්න නොහැකි ලෙසින් . . . මොහොතකින් සිහි එලවාගත් මම ඇස් නොඇරම ඇඳේ වම් පැත්ත අතගලා බැලුවේ නිලූ තාම නිදිද කියලා බලන්න . . . නිලූගේ උනුසුමත් සුපුරුදු සුවඳත් විතරක් ඉතුරු කරලා එයා නැගිටලා ගිහින් බව මට තේරුනා . . .
අඩි හයක් පළල ඇඳේ බිත්තිය පැත්තට වෙන්න නිදන දෝනි ගේ වටේටම කොට්ට තියලා වායුසමීකරනයේ සීතලට ඔරොත්තු දෙන විදිහට උනුසුම් වාතාවරනක් හදලා බෙල්ල ගාවටම වෙල්වට් පොරවනයෙන් වෙනදට වහනවා වුනත් අද එහෙම කරලා නැත්තේ දෝනිට ඊයේ රෑ අංශක 100ට පමන උන තිබුනු නිසා බව වම් පැත්තට හැරුනු මට එක්වරම සිහි වුනා . . . දෝනිගේ නළලට අතේ පිටි අල්ල තියලා රස්නේ බැලුවාම මට තේරුනේ ඊයේ රෑ තරම් ඇඟේ රස්නයක් දැන් නැති බවයි.
කොට්ටේ යට තිබුනු ජංගම දුරකතනේ අරන් මම වෙලාව බැලුවේ එලාම් එක වැදුනේ නැත්තේ ඇයි කියලා හිතන ගමන්. පාන්දර 4.30යි. දෙයියනේ මේ ගෑනු මනුස්සයට නින්ද යන්නේ නැද්ද? ඊයේ පාන්දර තුනට විතර අහම්බෙන් ඇහැරුනු වෙලාවෙත් නිලූ ඇඳේ ඉඳගෙන දෝනි දිහා බලාගෙන ඉන්නවා.
"තාම උනද . . ?"
"නෑ දැන් අඩුයි. . . !"
"ඉතිං ඔයා නිදා ගන්න ළමයෝ . . . හෙට දවසෙත් ඇහැරිලා ඉන්න එපැයි . . "
"නෑ මට නින්ද යන්නේ නෑ දුවට උන වැඩිවෙයි කියන බයටම"
"ඉතිං දැන් අඩුයි කිව්ව්නේ . . . පොඩ්ඩක් හරි නිදා ගන්න ඩාලිං"
"හා ඔයා නිදාගන්න හෙට කෑගල්ලේ යන්නත් තියෙනවානේ . . . "
"කෑම හදන්න ඕන නෑ හොඳේ මම ඔයාට ඇහැරවන්නෙත් නැතුව තේ එකක් විතරක් හදාගෙන බීල යනවා. යන ගමන් මගදි මොනා හරි කන්නම් . . ඔයා මේ නිදි මරලා ආපහු නැගිටලා උදේට කෑම හදන්න ඕන නෑ . . ."
"හරි හරි . . ඔයා නිදා ගන්න. දැන් දෝනිත් ඇහෙරෙනවා ඔයාගේ සද්දෙට"
"කොච්චර කිව්වත් වැඩක් නෑ මේ කෙල්ලට . . " මට දැනුනු සියුම් නොරිස්සුම් ගතියෙන්ම මම ඇඳෙන් නැගිට්ටේ කුස්සියට යන්න . . .
සද්ද නැතුව මම පිටි පස්සෙන් ගිහින් ඒ වෙනකොට පාන් වල බටර් ගගා හිටපු නිලූ ව අත් දෙකෙන්ම හිර කරලා බදා ගත්තා . . .
"අනේ සොරි කුකූ . . ." මගේ තිලාෂ් නමට කොහෙත්ම සම්බන්ධයක් නැති නමුත් ඈ විසින්ම මා වෙනුවෙන්ම හදාගත් සුරතල් නම.
"දුව ඇහැරිලා කෙඳිරි ගෑවොත් මට ඇහෙන්න කියලයි කාමරේ දොර වැහැව්වේ නැත්තේ . . අයියෝ එකෙන් වුනේ ඔයාව කලින්ම ඇහැරුනු එක. . " නිලූ කියන්නේ මගේ නින්ද කැඩුනු එක ගැන දුකෙන් වගේ.
"මේ හලෝ . . . මම තමුසෙව කසාද බැන්දේ වැඩකාර කමට ගෑනියෙක් ගන්න ඕන වුනු නිසා නෙමෙයි හරිද. . .?"
මම තමුසේ කියන්නේ ආදරේට බව දන්න නිලූ මගේ අත ටිකක් බුරුල් කරලා මගේ දිහා බෙල්ල විතරක් හරවලා බැලුවේ හිනාවීගෙන.
"ඔයා ඔය කිව්වට කඩවල් වලින් කන්න කැමති නැති බව මම හොඳටම දන්නවනේ බබෝ . . . ඉතිං ඔයාට කෑම හදල නොදී ගෙදරින් යැව්වොත් මට අද ඔයා ආපහු එනකම්ම ඉන්න වෙන්නේ දුකෙන්. . "
"ඔයා නිදා ගන්න. කෑගල්ලට වෙනකම් ඩ්‍රයිව් කරලා ආපහු එන්නත් ඕනනේ . . . තව පැය එකහාමාරක් තියෙනවා හය වෙන්න . . "
"මට බෑ . . ." මම කිව්වේ මුරන්ඩු කොලු ගැටයෙක් වගේ
ගෑස් ලිපේ තියෙන හාල්මැස්සෝ බැදුමේ ගින්දර අඩු කරපු නිලූ මගේ පිජාමා ෂර්ට් එකේ බොත්තම් ටික ගලවලා මගේ පපුවට ඔලුව තියා ගත්තේ අත් දෙකෙන්ම ෂර්ට් එකට ඇතුලෙන් අතදාගෙන මාව බදා ගන්න ගමන් . . .
"ඔයාගේ ලිපේ තියෙන බැදුමට මොකද වෙන්නේ මේ විදිහට හුරතල් වෙන්න ගියොත් . . ." මගේ අත් දෙකෙන්ම නිලූව තුරිළු කරගන්න ගමන් මම එහෙම ඇහුවා වුනත් මම දන්නවා මේ හැම දවසකම උදේම ඈ විඳින සුන්දර ප්‍රේමනීය මොහොත කොහොමටවත් නැති කර ගන්න ඈ අකමැති බව.
"මම බැදුමට කිව්වා මට කරදර කරන්න එපා. උදේ පාන්දර මගේ මේ ආසම විනාඩි දහය මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා . . ." නිලූ කියන්නේ මට විතරක් නෙමෙයි ඈට වත් ඇහෙන්නේ නැති තරම් හෙමීට
මම හෙමීට ඇගේ හිස් මුදුන ඉඹලා මගේ කම්මුලක් ඇගේ හිස් මුදුනට තියාගෙන ඇස් දෙක වහ ගත්තා. හැම මොහොතෙම ඈ ලඟ හිටියත් නොහිටියත් මට දැනෙන සුවඳ . . ඇගේ හිසකෙස් වලින්, බෙල්ලෙන් එන සුවඳ මාව සුපුරුදු පරිදි පැරනි මතකයක් ලඟට මටත් නොදැනිම ගෙන ගියා.
මතු සම්බධයි . . .
. . . . . . . . . . . . . . . ..
දෙවෙනි කොටසට මෙතනින් යන්න . .
හැමෝම මට ගොඩාක් වෙලාවට බනින නිසා මම විවාහ ජීවිතේ අසුන්දර පැත්ත ගැන විතරක් කතා ලියනවා කියලා මම හිතුවා අද එහි සුන්දර බව ගැන කෙටි කතාවක් ලියන්න කියලා . . .
නමුත් හිතුවට වඩා කෙටි කතාව දිගු වීම නිසා එය කොටස් කීපෙකින් පලකරන්න සිතුවා. මොකද කලින් කතාව ගැන මට චෝදනාවක් තිබුනා එක දවසකදී පල කරන කොටස දිගු වැඩි වීම නිසා ගොඩක් දෙනෙක්ට බ්ලොග් කියවීමට ලැබෙන සුළු කාල වේලාව මදි කියලා එවන් දිගු කොටසක් කියවන්න.
ඉතිං මේ කෙටි කතාව කෙටි කතාවක් වුනත් කෙටි බ්ලොග් සටහන් කීපයකින් යුක්ත කෙටි කතාවක් වේවි.
. . . . .
විවාහ ජීවිතේ අසුන්දර බව ගැන ම කතා ලිව්වේ එය සුන්දර දෙයක් බව අමුතුවෙන් කියන්න ඕන නැති නිසා. ඒකට හොඳම උදාහරනේ අපේ රටේ විවාහ ප්‍රතිශතය. බටහිර රටවල් වගේ නෙමෙයි අපේ රටේ විවාහ නොවී තනිකඩව සිටින්නන් ඉන්නේ බොහෝම සුළු සංඛ්‍යාවයි.
කොතරම් සුන්දර දෙයක් වුනත් යම් යම් මත ගැටීම්, වැරදි වටහා ගැනීම්, හොඳ සන්නිවේදනයක් නැතිකම, පවුල් වල අයගේ උසිගැන්වීම්, කේලාම්, සුළු සුළු අඩුපාඩු මහා ලොකු දේවල් ලෙස ගනන් ගැනීම් . . . වගේ දේවල් නිසා එහි සුන්දර බව නැතිවී එය අසුන්දර අපායක් බවට පත් වෙන අවස්ථාවල් මම ඕන තරම් දැකලා තියෙනවා . . අහලා තියෙනවා . . . මගේ කෙසේ වෙතත් අන් අයගේ එවැනි දේවල් අත්විඳලා තියෙනවා.
එවැනි දේවල් මග හරවා ගෙන විවාහය සුපුරුදු සුන්දර මාවතට යලි ඇදලා දාගන්න දෙවෙනි සිතුවිල්ලක් ඇති කරගන්න නැතිනම් තමන්ගේම ප්‍රශ්න දිහා තුන්වෙනි පාර්ශව කරුවෙකු ලෙසින් දැක ඒ ප්‍රශ්න විසඳ ගන්න උදව්වක් ලෙස වගේ හැඟීමකින් තමයි මම කලින් ලියූ "අග පිපි මල් හෙවත් එක් සත්‍යය කතාවක්", "නුඹත් මාත් රේල් පීලි දෙකක්", "සත්‍යයක්‍රියාවෙන් හෙලිවූ කටුක අමිහිරි සත්‍යය", "අම්මාවරුන් පමනද මතු බුදු වන්නේ", "ඇයි පමා නුඹ ආදරණීය මරනය", "විවාහකයින් සියළුම දෙනාට එක් වරක් හෝ දික්කසාද වීමට ඉඩ සලසා දිය යුතුයි", "ඇස් රතුවෙන විහිළු හා කොන්ඩුම්", , "විවාහය - අවබෝධය - දුක - සතුට","ගැහැනු ළමයිනේ කොහෙද බලා ඉන්නේ", "මගෙ කූඩුවට ඇවිත් සල්ළාල පෙම් වතෙක්, මගෙ පෙම්බරී සමග හාදව දුන්නු ගින්දරක් . . . මට දුන්නු ගින්දරක්"
වැනි පෝස්ට් ලිව්වේ .
එහෙම නැතුව මම විවාහය දෙස අසුභවාදීව බලන්නෙක් නෙමෙයි . . .
හැමෝම මට ගොඩාක් වෙලාවට බනින නිසා මම විවාහ ජීවිතේ අසුන්දර පැත්ත ගැන විතරක් කතා ලියනවා කියලා මම හිතුවා අද එහි සුන්දර බව ගැන කෙටි කතාවක් ලියන්න කියලා . . .
නමුත් හිතුවට වඩා කෙටි කතාව දිගු වීම නිසා එය කොටස් කීපෙකින් පලකරන්න සිතුවා. මොකද කලින් කතාව ගැන මට චෝදනාවක් තිබුනා එක දවසකදී පල කරන කොටස දිගු වැඩි වීම නිසා ගොඩක් දෙනෙක්ට බ්ලොග් කියවීමට ලැබෙන සුළු කාල වේලාව මදි කියලා එවන් දිගු කොටසක් කියවන්න.
ඉතිං මේ කෙටි කතාව කෙටි කතාවක් වුනත් කෙටි බ්ලොග් සටහන් කීපයකින් යුක්ත කෙටි කතාවක් වේවි.
. . . . .
විවාහ ජීවිතේ අසුන්දර බව ගැන ම කතා ලිව්වේ එය සුන්දර දෙයක් බව අමුතුවෙන් කියන්න ඕන නැති නිසා. ඒකට හොඳම උදාහරනේ අපේ රටේ විවාහ ප්‍රතිශතය. බටහිර රටවල් වගේ නෙමෙයි අපේ රටේ විවාහ නොවී තනිකඩව සිටින්නන් ඉන්නේ බොහෝම සුළු සංඛ්‍යාවයි.
කොතරම් සුන්දර දෙයක් වුනත් යම් යම් මත ගැටීම්, වැරදි වටහා ගැනීම්, හොඳ සන්නිවේදනයක් නැතිකම, පවුල් වල අයගේ උසිගැන්වීම්, කේලාම්, සුළු සුළු අඩුපාඩු මහා ලොකු දේවල් ලෙස ගනන් ගැනීම් . . . වගේ දේවල් නිසා එහි සුන්දර බව නැතිවී එය අසුන්දර අපායක් බවට පත් වෙන අවස්ථාවල් මම ඕන තරම් දැකලා තියෙනවා . . අහලා තියෙනවා . . . මගේ කෙසේ වෙතත් අන් අයගේ එවැනි දේවල් අත්විඳලා තියෙනවා.
එවැනි දේවල් මග හරවා ගෙන විවාහය සුපුරුදු සුන්දර මාවතට යලි ඇදලා දාගන්න දෙවෙනි සිතුවිල්ලක් ඇති කරගන්න නැතිනම් තමන්ගේම ප්‍රශ්න දිහා තුන්වෙනි පාර්ශව කරුවෙකු ලෙසින් දැක ඒ ප්‍රශ්න විසඳ ගන්න උදව්වක් ලෙස වගේ හැඟීමකින් තමයි මම කලින් ලියූ "අග පිපි මල් හෙවත් එක් සත්‍යය කතාවක්", "නුඹත් මාත් රේල් පීලි දෙකක්", "සත්‍යයක්‍රියාවෙන් හෙලිවූ කටුක අමිහිරි සත්‍යය", "අම්මාවරුන් පමනද මතු බුදු වන්නේ", "ඇයි පමා නුඹ ආදරණීය මරනය", "විවාහකයින් සියළුම දෙනාට එක් වරක් හෝ දික්කසාද වීමට ඉඩ සලසා දිය යුතුයි", "ඇස් රතුවෙන විහිළු හා කොන්ඩුම්", , "විවාහය - අවබෝධය - දුක - සතුට","ගැහැනු ළමයිනේ කොහෙද බලා ඉන්නේ", "මගෙ කූඩුවට ඇවිත් සල්ළාල පෙම් වතෙක්, මගෙ පෙම්බරී සමග හාදව දුන්නු ගින්දරක් . . . මට දුන්නු ගින්දරක්"
වැනි පෝස්ට් ලිව්වේ .
එහෙම නැතුව මම විවාහය දෙස අසුභවාදීව බලන්නෙක් නෙමෙයි . . .
ඔය තියෙන්නෙ......
ReplyDeleteලියාගෙන යන්න.අපි කියවන්නම්.කියවලා බලලා තීරණයකුත් ගන්නම්.කෝකද හොඳ කියලා....
(හැබැයි කරලා බලන්නම එපැයි නේද ඒකේ හොඳ නරක දැනගන්න.....)
ela duka tava liyanna
ReplyDelete@චමි.දේ.වා. !
ReplyDeleteහාඃ හාඃ හා . . උඹනෙ නිතරම බනින්නේ ඔන්න එහෙනම් . . . !
හැබැයි මේක කියවලා බඳින තීරනේ ඉක්මන් වේවිද දන්නෙ නෑ . . .හික්ස්
@Buddhinath !
ReplyDeleteස්තූතියි මචං . . .
නියමයි දුකා අයියේ..දිගටම ලියන්න...
ReplyDeleteඔන්න මේකනං කලින් එක වගේ පස්සට දාන්නේ නෑ.
ReplyDeleteමරේ මරු !
දෙන්න ඕනේ මූණු පොත් ප්‍රසිද්ධියක්!
පට්ට මචො...
ReplyDeleteමම උබේ බ්ලොග් 1 දිගටම කියෙව්වා
අද තමා මන් හිතන්නේ comment 1 දාන්නේ
ජය වේවා
අප්පා තමයි.. කසාද ජිවිතේ මේ තරම් මල් 7යි ද? අපරාදේ වගේ පස්සට දාන්නේ නේද? :පී :පී :පී
ReplyDeleteනියමයි දුකා අයියා.. එහෙනම් අනිත් කතාවත් පටන් ගත්තා නේද? සුභපැතුම්...!!!
අලුත් කතාවක්...! මේ පෝස්ට් එක එන්නේ කොයිවෙලෙද කියල මම බල බල හිටියෙ...
ReplyDeleteමගේ සුභ පැතුම් දුකා...
කාලෙකින් පස්සේ තමා හරි හැටි නිදහසක් ලැබුණේ, අදවත් දුකාගේ කතා ටික Print කර ගන්න ඕනේ කියවන්න.
ReplyDeleteදුකෝ, හැමවේලේම ඒක කාරණාවක් ගැනත් ඒකම කෝණයකිනුත් ලිව්වාම ඔයාගේ මේ අනර්ඝ දර්ෂතාවයේ පරාසය අඩු වෙනවා. ඉතිං දුකෝ ඒ නිසා මම ඇත්තටම බොහොම කැමැතියි උඹේ මේ වෙනසට. ඇත්තටම මම මේක කියවන මුලදී හිතුණේ දුකා වෙනස් වෙලා වගේ කියලා, පස්සේ නිකං මේ දුකාගේ කජිවිතයේ කොටසක්ද කියලා හිතුණා වායූ සමීකරණ යන්ත්‍රය නිසා.
නියමයි දුකෝ නියමයි!!!
ඇත්තටම දුකා අයියේ කථාව නම් නියමයි. කියවනකොට ඇග හිරිවැටිලා යනවා. කවදහරි දවසක මේ වගේ බිරිදක් ලැබෙනවනම් ඒ පිරිමියා කොච්චර වාසනාවන්තද?
ReplyDeleteමට මෙහෙමත් හිතුනා තිලාෂ් == දුකා කියලා.... මම හරිද?
එළේල...
ReplyDelete~බිன்ku~ කියන කතාව මාත් අනුමත කරනවා. "හැමවේලේම ඒක කාරණාවක් ගැනත් ඒකම කෝණයකිනුත් ලිව්වාම ඔයාගේ මේ අනර්ඝ දර්ෂතාවයේ පරාසය අඩු වෙනවා. ඉතිං දුකෝ ඒ නිසා මම ඇත්තටම බොහොම කැමැතියි උඹේ මේ වෙනසට"
මට මේ කථාව කියවන විට ඒ ඒ අවස්ථා මැවිල පෙනුනා
ReplyDeletewow ela ela mewa kiyewwama mata danma marry karanna hitenawa, lol, tawa aurudu 109kwath inan epai...duka tama...lol...niyamai duka aiya..thawa liyau...ikmnata ithuri tikath daanna..TC
ReplyDelete@සචිනි ලියනගේ !
ReplyDeleteතැන්කූ . . . තැන්කූ . . . නගේ
@මුචලින්ද!
අහ් ඒ කියන්නේ උඹ කලින් එක බැලුවේ නැද්ද? කැතයි හොඳේ . . . හික්ස්. . . මූනු පොතේ ඇඩ් එකට තැන්කූ කිව්වා . .
@ සරදියල් !
ReplyDeleteතැන්කූ කිව්වා කමෙන්ට් එකටත් හැමදාම බැලුවටත් . . . . කලින් ඒවට කමෙන්ට් දැම්මේ නැත්තේ එවා චා ද . . ?? හික්ස් විහිළුවක් හොඳේ
ජය වේවා . . . !!
@ malee_msg !
ReplyDeleteමල් හතයි තමයි නගේ . . . හැබැයි අර කලින් ඒවායේ ලියපු ආකාරයේ රොඩු බොඩු ඇරලා සුද්ද කරලා ගත්තාම තමයි මේ වගේ මල් හතයි වගේ වෙන්නේ . . . මේවා බලලා හදිස්සි වෙනවා එහෙම නෙවෙයි ඕං . . .
මගේ හදුන්පොජ්ජ කීං කීං ගාන්න ගත්තා, මේක බලලා...
ReplyDeleteහේ හේ...
@Prabath !
ReplyDeleteචැට් කරන වෙලාවේ කිව්ව නිසා උඹ මෙක පෝස්ට් කරන කම් බලන් හිටියද . . . එල එල මචං . .
@~බිன்ku~ !
ReplyDeleteහා හා අදවත් ප්‍රින්ට් කරගෙන බලපන් කොලුවෝ . . .
මේ අර වායුසමීකරන යන්තරෙයි මගේ ජීවිතෙයි තියෙනවයි කියල උඹ හිතපු සම්බන්ධතාවය ගැන නම් මට හරියටම තේරුනේ නෑ . .
@Hasitha Madushanka !
ReplyDeleteඅපේ බිරින්දෑවරු ඔක්කෝම මේ වගේ තමයි මල්ලියා . . . බය වෙන්න එපා . . අවබෝධෙන් ජීවත් වෙනවානම් විවාහ ජීවිතේ කියන්නේ හරිම සුන්දර අත්දකීමක් . ..
@Supun Budhajeewa !
ReplyDeleteඅහ් මම හිතුවේ උඹ මාත් එක්ක තරහා වෙලා වත්දෝ කියලා අර කමෙන්ට් එක නිස . . . සන්තෝසයි එහෙම නොවුනු එක ගැන . . . තැන්කූ කිව්වා කමෙන්ට් එකට මලේ . .
@uditha!
ReplyDeleteඑහෙමද . . එහෙනම් මට සතුටු වෙන්න පුළුවන් මම සාර්ථකව මේක ලිව්වා කියලා.
@DishanSR!
පොඩි කොල්ලෝ උඹ තාම ඉස්කෝලේ යනවා නේද . . මේවා බලා හදිස්සි වෙන්න එපා . . නියම කාලේ එන කම් ඉඳපන් . .
@.::පිස්සා::. !
ReplyDeleteහඳුන්පොජ්ජ කීං කීං ගාන්න ගත්ත නම් කැකුලි නගාට විගහට මනාප පොජ්ජ මන්දු කොරලා පැල් පොජ්ජට මංගච්චන්න බහක් ලෑවා නම් මොකෑ . . ???
හුම්....හරිම ලස්සනයි දුකා අයියේ...හරිම ආසාවෙන් මම මේක බැලුවා...හරිම සතුටුයි..ජිවිතේ හැම සතුටක්ම ඔයාට ලැබේවා! ප්‍රර්ථනා කරනවා...
ReplyDeleteබුදු සරණයි!
@Thilini JasinArachchi !
ReplyDeleteස්තූතියි නගේ. ඔයාටත් ඔයාලා හැමදෙනාටත් ඒ සතුට ලැබේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි
බොහොම ස්තුතියි දුකා අයියේ....ඔයාගේ ආදර කතාව වගේම මගේ ආදර කතාවත් හරිම සුන්දරයි...ඔයා ලියපු මේ කතාව වඩා සුන්දරව රස වින්දේ ඒ හින්දයි....
ReplyDelete@Thilini JasinArachchi !
ReplyDeleteඔයා අළුතෙන් හදපු බ්ලොග් එකේ ඒකත් ලිව්ව නම් මොකද නංගී??? හැමෝම ආසාවෙයි ඒකත් කියවන්න . . . !!
ඔයා වගේ වචන ලස්සනට රසබරව ගැටගහන්න මට බැ අයියේ.....
ReplyDeleteලියන්න අයියේ ලියන්න අපිටත් ඉගෙනගන්න යමක් තියෙයි කියල හිතනවා.....
ReplyDelete@Thilini JasinArachchi!
ReplyDeleteඅයියෝ කාටවත් එකපාරටම ලියන්න පුළුවන් වෙන්නේ නෑ . . .ලියනකොට ලියනකොට තමයි දියුනු වෙන්නේ ඒක නිසා පරක්කු කර කර ඉන්නේ නැතුව ලියන්න පටන් ගන්න . .. කවි විතරක්ම ලිය ලියා ඉන්නේ නැතුව
@රන්දීර වීරකෝන් !
ReplyDeleteඅනිවාර්‍යෙන් තියෙයි මල්ලී . . බලන්න බලන්න . . . මොකෝ කාලෙකින් නොදැක්කේ ?? කොහෙද ගිහින් හිටියේ ???
නියම කතාව මචං.ඇත්තටම ජීවිතේ මෙච්චර සුන්දරද?
ReplyDeleteබලමුකො ඉස්සරහට........
ලස්සන කතාව. එච්චරයි කියන්න පුලූවන්........ මම දකින හා දැකපු විවාහ ජීවිත වලින් හොදම විවාහ ජීවිතයක් තිබ්ඛෙ අපේ අම්මටයි තාත්තටයි....
ReplyDeleteඒත් අනිත් විවාහ ජීවිත..... මම තනිකඩව ඉන්න වටේ පිටේ තියන විවාහජීවිත දැක්කම දැනෙන බයත් එක හේතුවක්. මගේ අම්මවගේ සතුටින් ඉන්න අම්ම කෙනෙක් වෙන්නයි මට ඕන. ඉතින් මගේ තාත්තා වගේ පිරිමි අය දැන් අඩු මොකද ......
ඉතින් මගේ තාත්තා වගේ පිරිමි අය දැන් අඩු මොකද ......
ReplyDeleteගැහැණු ළමයි තාත්තා වගේ අයත් පිරිමි ළමයි අම්මා වගේ අයත් හොයන එක සාමාන්‍ය මිනිස් චර්යාවක්ලු....
/කුම්භකර්ණයා
මම නදීශා අක්කට ඒ කාලේම කිව්වා කසාද බැදපු එකෙක් ආයේ බඳින්න එපා අක්කේ කියලා.. කෝ ඇහුවයැ...... දැන් තේරෙනවද?
ReplyDeleteමොනා උනත් අනුන්ගේ වගේ ලියනවා... ඉතින් අයියේ කෑගල්ලේ ගියාද එදා...
ඔව් අයියේ, ඒක අපි දන්නවා.තාම විවාහ වෙලා නැති ඒත් ඒකට බලාපොරොත්තුවෙන් ඉන්න මටත් මේක කියවන කොට, ඒ සුන්දරත්වය දැනෙනව...
ReplyDeleteමම ඔයාගෙ පොස්ට් ඔක්කොම කියෙව්වා.අන්තිමටම තමයි මේ කතාව කියවන්නෙ.දුකා අයියා ඔයා ලියන දේවල්, ලියන විදිය හරිම ලස්සනයි,හදවතටම දෑනෙනව ඔයාගෙ අදහස්.සුභ පතනවා ඔයාට
ReplyDeletePurnima