Saturday, December 26, 2009
සමුගැනීමේ සාදය . . . . . . !
දෙදාස් හය ජූනි විසි හය . . . . අළුත් කන්තෝරුව
ලේසි නෑ ඔතන බං . . . .ඔළුව උස්සන්න නම්
සුද්දෝ විතරක් ම නම් . . . . කමක් නෑ අපේ අය
කමක් නෑ මගේ මිතු . . . . යාපායියා නොබලාද
. . . . . .
හදේ දැල්වෙන ගින්න . . . කමිසයෙන් වසාගෙන
මැඩ්ලින් ගසන පා . . . . වෙර දරා කෙලින් කර
රිසෙප්ෂන් බ්‍රෙනෙල්ඩගෙ . . . . තඩි පස්ස නොබලාම
ඇතුලටම ගිය සඳට . . . . සිනා පිරි කටවල්නෙ
. . . . . . .
ආ මල්ලි කොහොමැයි . . . . සුභ උදෑසනක් උඹට
අපි මේ උඹ එනකම්ම . . . . මග බලාගෙන හිටියා
අරුණයියගේ වචන . . . . . සියොලඟම ගල් කලා
බුර බුරා නැගුනු ගිනි . . . . .අළු සමඟ සේදුනා
. . . . . . .
එදා සිට මෙදා තෙක් . . . . නුඹ මගේ සෝයුරෙකි
නුඹ මගේ බොස් වුවත් . . . . ගුරුතුමෙකි, පියතුමෙකි
අනේ අරුණයියා මේ වැඩේ දන්නෑ නේ . . . . කලින් කරලත් නෑ නේ
හරි මචං සුළු දෙයක් . . . . මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි
අද රෑට මේක මම . . . . ගොඩ දාලා තියන්නම්
උඹ කලින් ගියානම් . . . . . සුදු පුතා බලන් ඇති
. . . . . . .
මචං ඔයාගේ හිසරුදාව . . . . . අඩු නැද්ද මොකෝ දැං
නෝනගේ කැස්සට . . . . . බෙහෙත් ගත්තොත් මොකද
පුතාගේ උන ගතිය . . . . .මෙන්න මෙතනින් බලවන්න
රාජකාරී ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න . . . . පුද්ගලික ප්‍රශ්න පොදු ප්‍රශ්න
මගේ විතරක් නම් මොකෝ . . . . හැමෝගෙම ප්‍රශ්න වැල්
නමුත් අරුණයියා ලඟ . . . . . හැම එකටම බේත් ඇත
. . . . . .
අරුණයියා අස්වෙනවා . . . . . කැන්ගරු දේසෙට යනවා
අනේ අනුරාධයියා . . . . . . මගෙ කකුල් හිරි වැටුනා
ඉන්න පොඩ්ඩක් ඔහොම . . . . කාරෙක අයිනට දැම්මා
මැටි පූසා ෆෙයා වෙල් . . . . . පාටියක් ගැන හිතුවා
උඹ වරෙන් විසි හතර . . . . හතයි තිහ - පැනොරාමා
. . . . . .
වෙව්ලන ඇඟිලි තුඩු . . . . . සුභ පැතුම් පත ලීවා
හදවතේ කඳුළු බිඳු . . . . . නෙත් දෙකේ බොඳ වූවා
ෆෙයා වෙල් පාටියෙදි . . . . ගල් වෙච්ච කඳුළු බිඳු
ගෙදර විත් නිල් පෑනේ . . . . තුඩ මතින් ඉකි බින්ද
. . . . . . . .
පළමු වෙනිදයින් පසුව . . . . නුඹ නොමැති ඔෆීසිය
නුඹේ මනුසත් කම . . . . . . දෝර ගැලු අඩවිය
ගිනි නිවන නුඹෙ සිනා . . . . මල් පිපුනු සහරාව
මොන හිතින් පා තියම්ද . . . . සිත මගේ කෑ ගසයි . . . . !!!
Subscribe to:
Post Comments (Atom)
lassanai ... Congratulations to Aruna.
ReplyDeletehmmm...
ReplyDeletedeep thoughts!
All the best to Aruna!
කවිය කියවද්දි නිකං අපිත් එකක් හිටිය මනුස්සයෙක් වෙන් වෙලා යනවා වගේ දැනුනා..
ReplyDeleteකොහොම උනත් අරුණ කියන කෙනා හොද මනුස්සයෙක් වගේ එයාට යන තැනක වරදින්නේ නැහැ.
ජීවිතේ ඔහොම තමයි. පියේ හි විප්පයොගො දුක්ඛො..! අරුණට සුබ පැතුම්!!!
ReplyDeleteකෙසේනම් කියන්නද
ReplyDeleteමේ සමුගැන්මෙ දුක..
මට නම් මින්පෙර මුනගැසී නැත
මෙවන් සොඳුරු මිනිසෙකු..
මගෙ interview එකේ
මුනගැසුනු පලමු දින
ල0කාවෙ කොහෙද නුඹ
අසුවෙ සොඳුරු සිනහවෙන්
එදා සිට...
වඩකරපු කෙටි කාලෙ
ඉගෙනගත් දේ බොහොයි
ජීවිතයට..වෘතියට..
ඔහුගෙන්..
ජීවිතයේ කඩාවැටීම් හමුවේ
ඔබ දුන්නු අතදීම, සිහිකරමි
හදේ පිරි ගෞරවය පෙරදැරිව
අපටනම් ඔහු..
පියෙකි, සොහොයුරෙකි, යහලුවෙකි
ඔහුට අපසැම මචන්ලාය...
ඒ ඔහුගෙ සුහඳ බව
ඉතින් අරුණ අයියේ..
සදා ජය ඔබට
සහපිරිවර, යස ඉසුරු ලැබ
ජීවිතය දිනේවා යෙහෙන්..
ලිඳුලි
මෙවන් සටහනක් තැබුවාට ඔබට පි0 දුකෝ..
ආහ්. අරුණ අයියා ඔසි යන්නද යන්නේ.කවි පද ටික ලස්සනයි. අරුණ අයියාට සුභ පැතුම්!
ReplyDeleteදයාබර අරුණා අයියා ගැන ඔබ තැබු මේ සටහනට අදහසක් නොතබාම බැරිය........
ReplyDeleteඒ දෙදහස් හතෙ දෙසැම්බර් මස 27 වෙනිදාය. මට මෙන්ම සොයුරු දනුෂ්කට ද වත්මන් සමාගමේ පළමු දිනය මෙන්ම විදෙස් රටක සේවය කරන පළමු දිනයද විය. එදින උදෑසන අප වෙත සිනාමුසු මුහුනින් පැමිණි ඒ දයාබර සොයුරා අරුණ අයියාය. "මචං මොකද් ද නම?" ඒ පළමු පැනයම අප මවිත කලේය. ඔහු අපේ කළමනාකරු වු අතර ඔහුගේ "මචං" යෙදුම අපිට ප්‍රශ්නාර්තයක් වුනේය. නමුත් එදිනෙන් පසු මේ සොදුරු මිනිසා අපට "අරුණ අයියා" විය.
පළමු දිනයේදීම මුදල්, නවාතැන්, ගමනාගමන ආදී අපගේ සියලු ප්‍රශ්න් කාරනා කෙරෙහි සැලකිලිමත් වු ඔහු, ප්‍රශ්නයක් වෙතොත් විසදුමක් දීමට යුහුසුලු විය.
උදෑසනිම්ම කන්තොරුවට පැමිණෙන අරුණ අයියාගේ වාහනය, සමගමේ කොල්ලො කුරුට්ටන්ගෙන් පිරුනු බසයක් වුනා කිවහොත් නිවැරිදිය. පසු කාලයක අප සමහරක් රියදුරු බලපත් ලබා ගැනුමට පෙර එය බොහො දෙනෙකුගේ ප්‍රවාහන මාධ්‍ය මෙන්ම යන එන වෙලාවේ රස සයුරක් ද විය.
පසුගිය වසර බොහො මැදපෙරදිග සමාගම් වලට මෙන්ම අප සමාගමට ද එතරම් යහපත් වසරක් නොවීය. මෙවන් සමයක අපගේ රැකියා සුරක්ෂිත භාවය ගැන බොහො සැලකිලිමත් වු අරුණ අයියාට අවසානයේ අප සමහරක් රැකියාවේ සිටිද්දී අප සමාගම හැරයන්නට සිදුව ඇත.
පසුගිය විසිතුන් වෙනිදා අරුණ අයියාට සමුදීමේ සාදය විය. මා හමුවු පළමු අවස්ථාවේ මෙන්ම, වෙන්වන මොහොතේ ද ඔහු කල එක් දෙයක් විය. ඒ මෙවර මාගේ ලංකාවේ දුරකථන අංකය ලබාගැනීමයි. මේ සිදුවීමෙහි එක් දෙයක් පැහැදිලිය. එනම් මෙහි අරමුණ අපෙන් උපකාරයක් ඉල්ලීම නොව, අපට උපකාර කිරීමය. ඒ ඔහුගේ හැටිය.
දයාබර අරුණ අයියේ, නුඹ සමග ගතකල කාලය රසවත්ය. හරවත්ය. දුබල පාලකයන්ගේ ක්‍රියා කලාප හෙතුවෙන් නුඹට අප මෙන්ම සමාගමද, රටද හැරදා යාමට සිදුව ඇත. නමුත් නුඹ වැනි සොදුරු මිනිසෙකුගේ ඉදිරිය පැහැදිලිය. නුඹට ජයෙන් ජය!!!!!!!!!!!!!!!
ජයවේවා අරුණ..!
ReplyDelete(දකුණු අත පැත්තේ දෙවැනියට ඉන්න කෙනා කවුද?)
Dayabara Aruna ayye.....
ReplyDeleteoba eatharmma mawa adiruwe nathath oba maga thotedi muna gasuna dawas keepaya mata hagigiye oba pera bawayakadi hoo..mata muna gasi athi bawai..mokada echcharatama oba sara darmawalin piri nihathamani pudgalayeki.
Nubata jaya wewaaaa!!!!!!!!
අරුණ අයියාටත් ඔයාලා නැතුව දුක හිතෙයි... ඒත් මේක දැක්කම එයාට සතුටු හිතෙයි....
ReplyDeleteහ්ම්.. මොනවා කරන්නද? ජීවිතේ හැටි ඔහොම තමයි, දුකෝ..
දුකා හරි වාසනාවන්තයි. හොද මිනිස්සුන්ට හොද මිනිස්සු හම්බ වෙනවා. අරුන අයියා යනවා කිව්වාහම අපිටත් දුකයි. එ තමයි ඔයගෙ හැකියාව. අරුන අයියා කොහොම කෙනෙක්ද, කියලා ඔයා අපෙ ඔලුවෙ ලස්සන පින්තුරයක් ඇදලා කියන්නෙ එයා යන විත්තිය. හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නැහැ.
ReplyDeleteපුලුවන් කමක් තිබේනම් මගේ මෙම බ්ලොග් එකටත් පුන්චි අනුග්‍රහයක් දක්වන්න.
ReplyDeletehttp://adarakatawa.blogspot.com/
කියවද්දී පිරිල තිබ්බ හිත එකපාරට ම හිස් වෙලා ගියාවගේ දැනුනා. පාලකයින්ගේ වරදින් මේ වගේ හිත හොඳ මනුස්සයෙක් ඈත්වෙලායන එක නම් හරිම අපරාදයක්.
ReplyDeleteපුද්ගල භාවයෙන් නොදන්නවා උනත් කැන්ගරු දේශයට යන අරුණ අයියාට අනාගතය සුභම සුභ වන්නට මගෙනුත් සුභ පැතුම්..!
@chamaramj, මුචලින්ද !
ReplyDeleteThanks . . .!
@malee_msg !
ඔව් මලී . . හරිම සුන්දර මනුස්සයෙක් . . අනිවාර්යෙන් ඔහුට කවදාවත් වරදින්නේ නෑ
@සචී !
ReplyDeleteපියේ හි විප්පයොගො දුක්ඛො..!
ඔව් සචී . . . ප්‍රියයන්ගෙන් වෙන වීම නම් මහාම මහා දුකක් . .
@ලිඳුලි!
ඔව් ලිඳුලි නංගී . . .අරුණ අයියා කවදාවත් ම අපේ හිත් වලින් නම් දුරකට යන්නේ නැති වෙයි . . .
@දිලාන් !
අහ් . . ඔයාත් අරුණ අයියාව දන්නවා වෙන්න ඕන මම හිතන විදිහට . . .
@ජනක !
ReplyDeleteආයතනයේ දුබල පාලනය ගැන නොසිතා ගෝලීය ආර්ථික අවපාතය නිසා කියලා හිතුවාම හිතටත් පොඩි හරි සහනයක් දැනෙනවා. නැති නම් අරුණ අයියාගේ දුරස්වීමේ දුකට තව කේන්තියකුත් එකතු වෙන එකනේ මල්ලී වෙන්නේ . . .
මොනා වුනත් ඒ සොඳුරු මිනිසා ඔසී නෙමෙයි කොහේ ගියත් අපේ හදවත් වලට නම් ලොකු දුරක ඉන්න බවක් නොදැනෙන බව විස්වාසයි . . .
@Prabath !
ස්තූතියි මචං . . අහ් ඒ කව්ද හැබෑටම . .. ???
@Cham !
ReplyDeleteඔව් චමල් . . ඒ මනුස්සයා සාරධර්ම වලින් පිරිපුන් නිහතමානී පුද්ගලයෙක් . . .
චන්ද්‍රලේඛා ගේ "වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද . . .දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත" සිංදුව ඇහෙන හැම වෙලාවකම මගේ හිත්ට එක පාරටම එන්නේ ප්‍රසන්න ගුණවර්ධන මහත්මයයි, අරුණ අයියයි, මගේ යාලුවා මෛත්‍රීවයි.
@.::පිස්සා::. !
ම් ම් ම් ම්මම දන්න තරමින් අරුණ අයියා බ්ලොග් කියවන්නේ නෑ . . . මේක ලිව්වේ මගේ හිතේ දුක පිට කරන ගන්න විතරමයි. ඇත්තෙන්ම එයාටත් දුක ඇති අපිට නොපෙන්නුවාට. ඔව් මචං ජීවිතේ හැටි ඔහොමයි . . .
@රවා
ඔව් ඇත්තෙන්ම ඔහුට නම් කිසි ම දාක වරදින්නේ නෑ . . . කිව්ව වගේ මාත් හරි වාසනාවන්තයි ඒ වගේ අය ඇසුරු කරන්න ලැබුනු නිසාවෙන්ම.
@ආදර කතාව!
ReplyDeleteහරි බය වෙන්න එපා . . අපි නිතර අවිත් බලල කමෙන්ට් කරන්නම් . . .හැබැයි වැඩ වැඩි වෙලාවට නම් කමෙන්ට් අඩු වෙයි හොඳේ . . .
@LishWish !
නෑ ලිශ් මම ජනකට කිව්වේ ආයතනයේ දුබල පාලනය ගැන නොසිතා ගෝලීය ආර්ථික අවපාතය නිසා කියලා හිතුවාම හිතටත් පොඩි හරි සහනයක් දැනෙනවා කියලා . . මොනා කරන්න ද හැමෝටම නරක කාලයක් මේක . . .
අරුණ අයියට සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...!
ReplyDeleteමොනවා කරන්නද දුකා අයියා... පහුගිය අවුරුද්ද ඇතුලත කොයි තරම් නම් දේවල් වෙනස් උනාද.... ජීවිතේ හැටි ඔහොම තමයි....
nice machan
ReplyDeleteමමත් සමුගන්න ඉන්න එකෙක්. මටත් සෑහෙන්න ප්‍රියෙහි විප්ප්‍රයෝගයෙහි දුක දැනෙනවා. දවස් 1460 ක් තිස්සේ ඒ දවස් ගානෙන් සියයට 90 ක් විතරම එකට දුක සැප බෙදාගෙන හිටපු එවුන්ගෙන් වෙන් වෙන්න සිදු වෙනවා ජනවාරි 1 ඉදන්. දුකයි තමයි ඒත් ඉතින් මොනා කරන්නද නේද? 1 වෙනිදා ඉදන් අළුත් අය හදුන ගන්න පුළුවන් වෙයි.
ReplyDeleteඔයාගේ කවියේ නව ආරක් නව ශ්‍යල්‍යයක් තියෙනවා කියලත් හිතුනා.
@ගීත්!
ReplyDeleteගීත් ජනවාරි 1 වෙනිදායින් පසු අළුත් අය හඳුනා ගන්න පුළුවන් වුනත් පරන මිතුදම් අමතක නොකරන්නත් මතක තියා ගනින් හොඳේ . . . .
උඹේ අලුත් රැකියාවට සහ උඹට ජය . . .
මිනිසත් දෙරණේ එක් නවාතැන් පොළකදී අහඹු ලෙස මුණ ගැසුණු මේ අපූර්වතම මිනිසා
ReplyDeleteමිනිසත්කමේත්,
නිහතමානීත්වයේත්,
පරාර්ථකාමීත්වයේත්,
ත්‍යාගශීලීත්වයේත්,
විශ්වාසවන්තභාවයේත් සැබෑ ප්‍රතිමූර්තියක් ය.
පියකු තම දරුවන් රකිනා සේ ඔහු සිය සහෘදයන් සුරකින්නට ද, විටෙක සැබෑ සොහොයුරකු ලෙස සිය සහෘදයන්ගේ සියලු දුක් ගැහැට පිළිබඳ විමසිලිමත් වන්නට ද, තවත් විටෙකදී කළ්‍යාන මිතුරෙකුව සිය සහෘදයන්ගේ සිත් සතන් තුළ විශ්වසනීයත්වය ගොඩ නගන්නටද යුහුසුලු වූ ඔහු එපමනකින් නොනැවතී වරෙක තවෙකුගේ බඩ වියත රකින්නට තම රැකියාව වුව පුද දෙන්නට නිහඬව ඉදිරිපත් වූයේ ඔහු තුළ පැවැති උතුම් මිනිස්කම නිසාවෙනි.
දයාබර අරුණ අයියේ,
තෙරක් නොපෙනෙන
ඈත දියඹේ
ජීව යාත්‍රාව
පැද යන්නට,
තොටුපොළට සේන්දු වන්නට,
නැන්ගූරම් ලන්නට
ගුරුහරුකම් ලබා දුන්නු
නුඹයි,
ඒ පහන් තරුව
මිනිසත්කමට එළිය දුන්නු.....
සුදත් (මැටි පූසා)