Wednesday, October 14, 2009
සත්‍යක්‍රියාවෙන් හෙලිවූ කටුක අමිහිරි සත්‍ය . . . . !
මගේ ගෙදර වැරැන්ඩාවෙ ඉඳගෙන ඉන්නකොට දැනෙන . . . ගේ ඉදිරිපසින් තියෙන වෙල් යායෙන් කුඹුරු මඩ කරන කාලෙට වෙල්යාය හරහා හමා එන සුලඟේ දැවටී එන ගඳක් දැයි සුවඳක් දැයි එක් වරම වටහා ගත නොහුනු . . . පිලී ගඳක් හෝ මඩ ගඳක් මෙන් (නිලට නිලේ දිදුලන වෙල් යායට ආසා කරන්නෙකුට සුවඳක් කියා සිතිය හැකි . . . වෙල මඩ නොකර නිල්ල කෙසේ දකින්නද . . ?) මිහිරි ද අමිහිරිද කියා එක් වරම වටහා ගත නොහැකි වූ . . . මා කලකට පෙර කියවූ පොතක තිබූ යමක් . . . මතක සුලං රැල්ලක් මෙන් මා වටා හමා ගියා (කියවූ පොතක් ගැන සිහිවූ නියාවෙන් මිහිරි වූද . . . එහි තිබුනේ කටුක සත්‍යක් බව හැඟීමෙන් අමිහිරි බවක් දැනුනි . .) . . . ඒ මතක සුලං රැල්ල මෙසේ මේ බ්ලොග් සටහන තබන්නට මට සහන් එලි දැලවූවා . . . !
පොතේ නම "කෙලෙස් පර්වත" ඒ පොත ගැන වෙනමම බ්ලොග් එකකින් පසුව ලියන්නම් . .
එහි එක් කොටසක ඒ කතා නායකයා ඔහු පදිංචිවී සිටින නිවසේ ගෙහිමි මහළු කාන්තාව එක්තරා බන පොතක් කියවනු අසා සිටිනවා . . . මගේ මතකයේ රැඳුනු ලෙසට ඒ කතාව මෙසේයි . . .
එක්තරා ගමක පවුලක ඔවුන්ගේ එකම පුතනුවන් සර්පයෙක් දෂ්ඨ කිරීමෙන් සිහි මූර්ජා වෙනවා . . . වෙදුන් ලඟට ගියත් ඔවුන් පවසන්නේ කල හකි යමක් නැති බවයි . . අවසන ගෙහිමි පුරුෂයා හෙවත් සැමියා මෙසේ පවසනවා . ..
"සොඳුර තවදුරටත් අපට කිරීමට ඉතිරිව ඇත්තේ මේ ගමේ වෙසෙන සිල්වත් ස්වාමීන් වහන්සේ හමුවට ගොස් ඔහුගේ පිහිට පැතීම පමනයි . . "
මෙසේ ඔවුන් එම ස්වාමීන් වහන්සේ හමුවේ කරුනු පවසා සිටියත්
"මා ඔවැනි වෙද හෙද කම් කිසි වක් දන්නා අයෙකු නොවේ " කියා එම සිල්වතා පවසනු ලබනවා . . .
"ඔබවැනි අයට සත්‍ය ක්‍රියා කිරීමෙන් හෝ යම් කිසිවක් කල නොහැකි ද?" යි සැමියා පැවසූ විට . . එම සිල්වතානෝ සත්‍යක්‍රියාවක් සිදු කරනු ලබනවා . .
"මා මේ මහන කමට අවංකව සිටියේ මුල් කලයේ පමනයි, ඒ සත්‍යයේ බලයෙන් මේ දරුවා සුවපත් වේවා . . "
මෙසේ එතුමාගේ සත්‍යක්‍රියාවෙන් පසු දරුවාගේ පපුව දක්වා විස බැස ගොස් දරුවා ඇස් හැර බලනු ලබනවා . .
"මීට වඩා මට කල හකි යමක් නොවේ ඔබලාත් සත්‍යක්‍රියා කර බලන්න " කියා එතුමෝ සැමියාටත් බිරිඳටත් පවසනු ලබනවා . .
සැමියාද සත්‍යක්‍රියාවක් සිදු කරනු ලබනවා . . .
"මා මේ සිල්වත් ස්වාමීන් වහන්සේලා මගේ නිවසට වඩිනවාට ත් අකමැතියි . . . නමුත් ඒ බවක් නොපෙන්වා නියම සැඳැහැවතෙක් මෙන් දාන මානාදිය කරමි . . ඒ සත්‍යයේ බලයෙන් මේ දරුවා සුවපත් වේවා . . . !"
ඔහුගේ සත්‍ය ක්‍රියාවෙන් පසු දරුවාගේ ශරීරයේ තිබූ විස දණහිස තෙක් බැස ගොස් ඔහු ඉඳගනු ලබනවා. . .
"දැන් නුඹත් සත්‍යක්‍රියාවක් සිදුකොට මේ දරුවා සුවපත් කරන්න" යි සැමියා විසින් බිරිඳගෙන් ඉල්ලා සිටිනවා . .
"මට සත්‍යක්‍රියා කල නොහැකියි . . ඔබ ඉදිරියේ කල නොහැකියි" කියා බිරිඳ පවසනවා . . . .
"කුමක් වුවත් කම් නැත . . . අපට අවැසි දරුවා සුවපත් කර ගැනීම නොවේද" යි සැමියා බිරිඳට බල කරනු ලබනවා . . .
අවසන බිරිඳද සත්‍යක්‍රියාවක් සිදු කරනු ලබනවා . .
"පුත . . නුඹට දෂ්ඨ කල සර්පයා මට කෙතරම් පිළිකුල්ද . . . ඔබේ පියාණෝත් මට එතරම්ම පිළිකුල්ය . . නමුදු මා කිසි විටෙකත් ඒ බවක් නොඅඟවා . . . ඔහුට ආදර ප්‍රිය බිරිඳක් ලෙසින් මෙපමන කලක් ඔහු සමඟ දිවි ගෙව්වෙමි . .. " ඒ සත්‍යයේ බලයෙන් ඔබ සුවපත් වේවා . . . . ! ! !
දරුවාගේ සියලුම විස බැස ගොස් යලි ඔහු ක්‍රීඩා කිරීමට දිව ගියේලු . . .
. . . . . . . . . . . . . . . . . . . . . . . .
ඒ පොතේ මේ කොටස කියවූ මට එය කෙතරම් කටුක සත්‍යක් දැයි වහා වැටහී ගියා . . . මෙය කියවන ඔබ විවාහකයෙක් නම් . . . අදහස් පල කිරීම අවැසි නැත . . . ඔබේ හදවතට පොඩි තට්ටුවක් දමා අසා බලන්න . . තමා හෝ තමාගේ පවුල් දිවිය සම්බන්ධයෙන් මේ කටුක සත්‍ය කෙතරම් දුරකට පෑහෙනවාද කියා . .. ! !
මා සිතනා පරිදි බොහෝ විවාහ වූවන් කල් යවන්නේ
"බැඳ ගත්තු බෙරේ ගහන්න එපැයි . . "
"ළමයි අනාථවෙනවාට වඩා හොඳයි ජීවිතේ මේ ඉතුරු කාලෙත් ළමයි වෙනුවෙන් හරි කියලා හිත හදාගෙන ජීවත් වෙන එක . . "
"කසාදේ අතහැරලා ගෙදර ගිහින් ගමට මූන දෙන්නේ කොහොමද . . ඊට වඩා හොඳයි මේ ඉන්න විදිහට ඉන්න එක . . "
ඔය වැනි බොහෝ හේතු තමන් විසින්ම ඇති කරගෙන . . අසංතෝශෙන් . . . සමහර විට බොරුව සතුටින් ඉන්නා බව පෙන්වමින් ජීවත් වීම තමයි වැඩි දෙනෙක් කරන්නේ . ..
මගේ හැඟීම එසේ නොවිය යුතුයි කියායි . . .
තනිවම ජීවත් වූ දෙදෙනෙක් විවාහ වෙන්නේ . .
"තනිකඩ ජීවිතේ දැං හිටියා ඇති . . "
"ජීවිතේට නව අරුතක් තිබිය යුතුයි . . "
"යහපත් දරුවෝ බිහිකරලා ඔවුන් හොඳ පුරවැසියන් කල යුතුයි . . "
"ගෙයක් දොරක් හදාගෙන ජීවිතයේ ස්ථාවර භාවයක් ගැන සිතිය යුතුයි . . "
මේ ආකාරයෙන් තමන් විසින් ම විවාහ දිවියක් සඳහා ඉත සිතින් කැප වෙන අයත් . . . දෙමාපියන් ගෙන් හෝ පවුලේ අයගෙන් එල්ලවන බලපෑමෙන් විවාහ දිවියට ඇතුල වන අයත් ලෙස වෙන් කල හැකියි කියා මට සිතෙනවා . . . කෙසේ නමුත් දෙමාපියන් හෝ පවුලේ බලපෑමට විවාහ වන අයත් එසේ කිරීමට එකඟ වෙන්නේ තමන් විසිනුත් "ඕන දෙකට මූන දෙනවා . . " කියා අධිෂ්ඨානයක් ඇති කර ගත් පසුව විය යුතුයි . . . කිසිවෙකුට කිසිවෙකුව බලෙන් කර කාර බන්දන්න හැකියාවක් නෑ නොවේද . . ?
අහිතකර ම දේ බොහෝ විට සැමියා . . බිරිඳ කෙරෙහි ඇති අකමැත්ත පිට වන්නේ දරුවන් මතින් වීමයි . . .
මා මෙය පවසන්නේ අත්දැකීමෙන් . . . මගේ කුඩා කල මවත් පියාත් දබර වූ අවස්තාවල් වල තාත්තා යකෙක් වගේ කියා මට සිතී තිබෙනවා . . . ඒ වෙලාවට වැරදීමෙන් හෝ අපි යමක් ඇහුවොත් ලැබෙන පිළිතුර බැනුමක් පමනයි . . .
තවදුරත් මා දැක තිබෙනවා . . සැමියා බිරිඳ දබර වූ අවස්ථාවල් වල කුඩා දරුවෙක් මවගේ ඇඟේ එල්ලුනොත් "මොන වදයක්ද මුන් ටිකත් හදන්නේ මාවම මරාගෙන කන්න " කියා දරුවන්ගේ ඇඟට කඩා පනින මව්වරුන් මා මගේ දෑසින් දැක තිබෙනවා ,ඒ කී කතා මගේ කනට ඇසී තිබෙනවා . .
එසේ දුටු මට . . ඇසූ මට . . විඳි මට . . මේ ගැන කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් ඇතැයි මා සිතනවා . . .
බොහෝ විට එකිනෙකා කෙරෙහි නොරිස්සුම හට ගන්නේ සැමියා බිරිඳ අතර යහපත් සන්නිවේදනයක් නොමැති කමින් . . .
අප හැම දෙනාම සිතා සිටිනවා අපේ හිතේ තිබෙන දේ සහකරුවාට හෝ සහකාරියට දැනිය යුතුයි . . . හැඟිය යුතුයි කියා . . පරචිත්ත විඥානය නොමැති පෘතග්ජන මිනිසුන් වූ අපට කෙසේද අන් අයගේ සිත් කියවිය හැක්කේ . . ?
තවත් සමහර අය අන් අය ගැන වරදි උප කල්පනයන් කොට . . . තමා විසින්ම ඒකපාර්ශවිකව . . නැතහොත් තමාගේ මව හෝ පවුලේ අයෙක් ගෙන් පමනක් සාක්ෂි විමසා (බොහෝ විට විත්තිකරු සීනෙන් වත් සිතා නෑ ඔහුට විරුද්ධව පැමිනිල්ලක් ඇති බව වත් . .) විත්තිකරු වැරදිකරු ලෙස ඒකපාර්ශවික ජූරියේ තීරනය ලබාදී එතැන් සිට වැරදිකරුට දඩුවම් පමුනුවන්න පටන් ගනු ලබනවා . . . බොහෝ විට දඬුවම් විඳින්නා හාන්කවිසියක් වත් දන්නේ නැති වෙන්න පුලුවන් තමා මේ කුමන වරදකටද දඬුවම් විඳින්නේ කියා වත්. . .
උදාහරනයක් ලෙස සමහර අය අන් අය ගැන වරදි උප කල්පනයන් කොට . . . සහකරුට හෝ සහකාරියට ඉතා තදින් වෛර කරනු ලබනවා . . .
"ඔහු මට සලකන්නේ නෑ . . . "
"මට වඩා යාලුවෝ තමයි ලොකු . .. "
"එයා තාම පරන බෝයිෆ්‍රන්ඩ්ට තමයි ආදරේ . . මාව දැක්ක ගමන් මූන දෙක කර ගන්නවා .. . "
"එයාට වෙන ගෑනු ඉන්නවා ද කොහෙද . . "
"අම්මලගේ ගෙදර ගියොත් ඉවරයි, අම්මා විස පොවලා තමයි එවන්නේ මිනිහව යටත් කර ගනින් කියලා . . "
"කොච්චර එපා කිව්වත් ඒ මිනිස්සු එක්ක කතා කරන්න එපා කියලා මම කියන දේ අහන්නේ නෑ නේ . . "
"එයාගේ ගෙදර අය කිසි කෙනෙක් මට කැමති නෑ . . ඒක නිසා මට උන් කිසි කෙනෙක් එපා මූත් / මේකිත් එපා "
ඔය උදාහරන කීපයක් පමනක් විය හැකියි . .
විවාහ දිවියක තිබිය යුතු මූලික ම ගුනාංගය විශ්වාසය . . .
මගේ ආයාචනය නම් . . . මේ බ්ලොග් සටහන බලන ඔබ විවාහකයෙක් නම් ඔබ ඔබේ සහකරු / සහකාරියට වෛර කරමින් සිටින්නෙක් නම් . . . අදින් පසුව වත් ඒ හැඟීම ඉවතලා . . . ඔහුගේ / ඇයගේ ඔබ ඇකමැති දේවල් ඔහුට / ඇයට පවසන්න . . . (අසාධාරන ඉල්ලීමක් නොවේ කියා හැඟේ නම් ) ඒ ඔබ අකමැති දේවල් වලින් ඔහුට / ඇයට ඉවත් වී වෙනස් වන්න කාලයාට ඉඩදී ඉවසිලිමත් වන්න . . තමා ඔහුගෙන් / අයගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි වටහා දෙන්න . . . එකිනෙකාට වෛර කරමින් නොසිට ආදරෙන් . . මෛත්‍රීයන් සිටිමින් . . යහපත් දරුවන් සමාජයට දායාද කරන්න උත්සාහ ගන්න . . . !
Subscribe to:
Post Comments (Atom)
ස්තුතිය් කිව්වා දුකා මේවා ලියනවට......මොකද සූදානම් ශරීරෙ කෝකටත් හොඳය් නේ.....අපි වගේ ඉස්සරහට පවුල් වෙන්න යන අයට මේවා වටිනව... ;)
ReplyDeleteIf Columbus had been married he might have never discovered America . Because:
ReplyDelete1) Where r u going ?
2) With Whom ?
3) To discover what ?
4) Why only u ?
5) What do I do, when u r not here ?
6) Can I come ?
7) Coming back when ?
8) Will you have dinner at home when u're back ?
9) Most importantly: What will you bring for me from there ?
විශ්වාසය මාතෘකාව කරගෙන දුන්න අවවාද නම් අනර්ඝයි! අතිවිශිෂ්ඨයි!
ReplyDeleteඅනේ මන්ද දුකා අයියෙ, හිතෙන කොට බයත් හිතෙනවා....
ReplyDeleteමට හිතෙන්නෙ මේ ඉන්න විදිහ හොඳයි කියලා..කසාද බැඳලා දුක් විඳිනවාට වඩා හැමදාම තනිකඩව ඉන්න එක සතුටක්....
කතා ටික ඔක්කොම ඇත්ත :(
ReplyDeleteසිල්වතා ගැන තිබ්බ කතාව එල අනිත් ඒව බරපතලයි ඒව මං උඩින් පල්ලෙන් කියෙවුවේ(බදින කිට්ටු වෙච්ච කාලෙකම ඒ ටික කියවනව)
ReplyDeleteඔය කතාවනම් ඇත්ත වෙන්න ඕන.අත්දැකීම් නම් නෑ.....
ReplyDeleteමොනවා උනත් දුකෝ විවාහ ජීවිතේ සොඳුරු බව ගැනත් හොඳ පෝස්ට් එකක් දාන්න.මොකද ඔයාට ඒ අත්දැකීමත් ඇතිනේ....කට්ටිය ටිකක් බයවෙලා වගේ බඳිනවා කියන එකට.....
@ Ishara !
ReplyDeleteමගේ අත්දැකීම ඔයාල එක්ක කිවේ . . . අනාගතේ හෝ වර්තමානයේ හෝ විවාහ ජීවිතේ අසාර්ථක කර නොගෙන සතුටින් ඉන්න ලැබේවා කියන ප්‍රාර්ථනයෙන් . . .
@ Anonymous!
ReplyDeleteIt is all about proper communication and well understanding. . . If Columbus explained what is he about to do . . and his wife understood what he is trying to do is correct . . . he may not have to answer to these questions . . . like what happened between Sidhdhaartha and Yashodharaa . . . . ! Yashoedhara is the success of Sidhdhaartha . . do u agree . . ??
@ පබලු!
ReplyDeleteස්තූතියි . .. . !
@ පොඩි මහත්තයා !
ReplyDeleteඅපෝ නෑ . . . හැමෝම විවාහ විය යුතුයි . . . දරුවෝ බිහිකල යුතුයි . . ඔවුන්ව යහපත් පුරවැසියෝ කල යුතුයි . . ඔය හැමදේටම එකිනෙකා අතරේ විශ්වාසයත් අවබෝදයත් තිබිය යුතුයි කියා තමයි මගේ උපදෙස . . දන්න්වාද . . සුනිල් ආරියරත්න මහතා වරක් පවසා තිබුනා "මගේ ඕනෑම දෙයක් අනුකරනය කලාට කමක් නෑ . . තනිකඩ කම විතරක් නැතුව . . " කියලා . .
@ සු෴!
ReplyDeleteඑහෙනම් ඒ විදිහට නොවෙන්න හැකි තරම් උත්සාහ ගමු නේද . . ?
@ උෂාන් කෝදාගොඩ!
ReplyDeleteබඳින්න කිට්ටු එන කම් ඉන්න එපා මේක හොඳට කියවන්න මලේ . . ඔයාට දැම්මම ඕන වුනේ නැති උනත් වෙන කාට හරි උපදෙසක් දෙන්න හරි ඕන වෙයි මේ අදහස් . . !
@ චමි.දේ.වා.!
ReplyDeleteඇත්තෙන්ම ඔව් . . වෙලාවක විවාහ ජීවිතේ සොඳුරු බව ගැනත් ලියන්න ඕන . . . දැනට මම කලේ ඒක අඳුරු නොවී තියා ගන්න මගේ අත්දකීම් වලින් අනිත් අයට දෙන්න පුලුවන් උපදෙසක් දුන්නු එක විතරයි . . .
විවාහය තුලින් බොහෝ දෙනා වෙදනාව විදින්නේ මේ නිසා දැයි මට සිතේ. විවාහයත් සමග ආදරයෙන් බැදි සිටිමට ඉඩක් නොතබා තම තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් වගකිම් ගැන සිතමින් ඒවා ඉටුකරමින් ජිවත්වෙනවා මිස දෙදෙනා අතර ආදර කතිකාවත් නොමැති විම නිසා මෙසේ වෙදනා විදිනවා යැයි මට සිතේ.මන්ද යුතුකම් වගකිම් තුලම හිරවිම නිසා නිදහස් නැති බැවින් මෙ ජිවිතය කරදර කාරි වේදනාවන් පිරි ජිවිතයක් යැයි සිතා මානසික වශයෙන් කලකිරිම තුලින් බොහෝ දෙනාට විවාහය පිලිකුල්ව ඇත.
ReplyDelete...හැමදාමත් වගේ හොඳ ලිපියක් දුකා...
ReplyDeleteසමාජය එක්ක ගැටුණු,මහපොලොවේ පයගසා ජීවත්වන්නකුගේ පරිණත අද්දැකීම් ගොනුකොට ලියැවුණු සාර්ථක ගෙත්තමක්....
පෙරදිග සමාජයේ පවුල නැමැති කුටුම්භය පවත්වා ගැනීමට ගැහැණියකගේ භූමිකාව පුරුෂයාගේ භූමිකාවට වඩා ඉදිරියෙන් පවතින්නක්..එහෙයින් පැරණි සමාජය ගැහැණිය සහ පිරිමියා අතර සහ සම්බන්දතාවය "ගසක් සහ ගස වටා එතුණු වැලකට" උපමා කළා...බලන්න එදා සමාජය කෙතරම් බුද්ධිමත්ද කියා..දැඩි සුළි සුළo කුණාටු බාධක වලට ගසට තනිව මුණදිය නොහැකියි..එවැනි අවස්ථාවල මුලින්ම ඉදිරී වැටුණු රූස්ස ගස් අපි ඕනෑතරම් දැක තියෙනවා නේද..? නමුත් ඒ වටා එතුණු වැලකට එවැනි බාහිර බලපෑම් නොදැනෙනවා තරම්..එනයින් හැඟෙන්නේ එදිනෙදා ජීවිතය තුළ සිදුවන හැල හැප්පීම් පුරුෂයෙකුට වඩා ගැහැණියකට දරාගත හැකි බවත්,දරාගත යුතු බවත්ය...එහෙයින් තම කුටුම්භය ආරක්ෂා කර ගැනීමට ගැහැණිය දක්ෂ වියයුතුය.තම පවුල් සoස්ථාව ආරක්ෂා කරගැනීමට පුරුෂ පක්ෂයට ඇති වගකීමට අඩු වටිනාකමක් ඇතිබව එයින් නොහැඟේ.
එදා විශාකා සිටු දියණිය කුළගෙට යන දවසේ පියා ඇයට දුන් අවවාද අද දවසේද කුළගෙට යන මානවිකාවන්ටද වලන්ගු සදා නොවෙනස් වන සත්‍යයක්.එසේම බුදුන් වහන්සේ සමාජයේ ඇතිවන මෙයාකාර ගැටළු වලට ප්‍රයෝගික විසඳුම් දුන් වෙනත් අයෙක් නොමැති තරම්.උන්වහන්සේ "සිඟාලෝවාද සූත්‍රයේ" දී සිඟාල ගෘහපතියාට "බිරිඳක් විසින් සැමියාටද" "සැමියා විසින් බිරිඳකටද"ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් ගැන දේශණා කලේ අප කෙරෙහි මහා කරුණවෙන්.
ම්..ම්..තම පවුල් සoස්ථාව ආරක්ෂා කරගැනීමේ වගකීමේ වැඩිබර කාන්තාව පිට පැටවීම නිසා සමහරවිට කාන්තාවන්ට සම අයිතිවාසිකම් ඉල්ලන නෝනලා කැරළි ගහයිද දන්නෑ....කෙසේ වෙතත් පවුල් සන්ස්ථාවේ පැවැත්ම රඳා පවතිනුයේ "යුතුකම් හා වගකීම්" දෙපැත්තෙන්ම හරිහැටි ඉටුවුණොත් පමණයි..
දුකා..
ඔබේ අදහස් නිරවුල්..නමුත් උපදෙසක් දෙන්නම්...හැමවිටම මෙවැනි ලිපි ලිවීමේදී "පෞද්ගලිකත්වය" ආරක්ෂා කරගන්න බලන්න..කිසිවිටෙකත් තමා දක්වන අදහස් කාරණා කටයුතු "පෞද්ගලික"දේවල් ලෙසට හඳුණා ගැනීමට පාඨකයාට අවස්ථාවක් දෙන්න එපා.ඇත්තටම ඔබ සාර්ථකයි...ලිපියෙහි යම් යම් ස්ථානවලදී ඔබවෙත යෙදුණු පීඩනය පුපුරා ගොස් තිබෙනවා...
ඔබට ජය..!
සුලා...
ඒවගේම අප තිලෝගුරු බුදුපියානන්වහන්සේ මෙසේද දේශනා කොට වදාළ සේක.යුවතිපතින් දෙදෙනා සම ශ්‍රද්ධවෙන්ද,සම සිලයෙන්ද,සම චාගයෙන්,සම ප්රඥාවෙන් ද යුක්ත විය යුතු බව.එසේ විමෙන් ඔහුන් මෙලොවදි මෙන්ම පරලොවෙන් පසුවද දෙදෙනා එක්ව සුහදව වාසය කරයි.....යුතුකම් වගකිම් පමනක්ම මත පදනම් නොවි ඉහත කාරනාවලින් සම්පුර්ණ වු විවාහ ජිවිතයක් සැපවත් විවාහ ජිවිතයක් බවටම පත්වේ
ReplyDeleteසහතික ඇත්ත වගෙම මසුරන් ඔවදනක් ....
ReplyDelete@ Thilini JasinArachchi !
ReplyDeleteමෙහම හරි අපි මේ ගැන කතා කලොත් . . . මේ වර්ථමානයේ හා අනාගතයේදී වත් විවාහක පවුල් වලට සතුටින් ඉන්න මග පෙන්වීමක් කලහැකියි නේද තිලිණි . .
@ Anonymous සුලා!
ReplyDeleteඔයාගේ උපදෙසුත් හරිම වටිනවා . . . ගොඩාක් ස්තූතියි . . . .
ඇත්තෙන්ම මම හිතන්නේ ගොඩාක් වෙලාවට පිටින් ඉඳන් දකින්නෙක් විදිහට නැතුව . . . පවුලක ඕනෑම දෙයක් විවෘතව කතාකල හැකි සමීප මිතුරෙක් ලෙසට හෝ පවුලේ හෝ පවුලක සාමාජිකයෙක් ලෙසට මා පුද්ගලිකවම අත්විඳි අත්දැකීම් හේතුවෙන් මේ ලිපිය යම් පමනකට හෝ සාර්ථකව ලියැවෙන්න ඇති . . . . ඒ සිදුවීම් දිහා බලා සිටීමේදී හෝ අත්විඳීමේදී පවසා ගනු නොහැකිවූ හැඟීම් මෙහෙදී පුපුරා යන්න ඇති . . . නමුත් මට සිතුනා එසේ නොකොට කාගෙන් හෝ ඇසූ දේවල් කියා කීවානම් මේ සත්‍ය වශයෙන්ම සිදුවූ හා සිදුවිය හැකි දේවල් ලෙසට බලන්නාට වැටහීමක් ලබා දීම අපහසු වේ කියා . . ඒ හේතුවෙන් . . . එය සත්‍ය ලෙසටම මෙහි සටහන් වන්නට ඇති . . . . ස්තූතියි සුලා ඔබේ උපදෙස් වලට . . .
@ Thilini JasinArachchi !
ReplyDeleteඔව් තිලිණි . . ඔබ කියන දෙයට හොඳම අප අසා ඇති උදාහරනය සිදුහත් කුමරා සහ යශෝධරා දේවිය . . .
අපි සතුටු වෙමු මේ අපි හැමෝම මෙහි අදහස් හුවමාරු කරගැනීමෙන් කිසිවෙකුට හෝ සත්‍ය පහදා දීමට අප හවුල් වූවා කියා . . . එසේ නොවේද .. ?
@ Anjana !
ReplyDeleteසතුටුයි උඹ ඒ ඔවදන ගැන දැනුවත් වීම මචං . . . .
සත්තකින්ම දුකා අයියේ...මේ දේ තුලින් කවුරු හරි විවාහය ගැන අවබෝධයක් ලබනවනම් ඒක ඔය කරන ලොකු පින්කමක්....ඒවගේම දුකා අයියේ ..සිදුහත් කුමරයයි, යසෝදර දේවියයි ආත්ම ගානක් සැමියයි,බිරිදයි ලෙස මුන ගැහුනේ සම ශ්‍රද්ධවෙන්ද,සම සිලයෙන්ද,සම චාගයෙන්,සම ප්රඥාවෙන් ද යුක්ත උන නිසාමයි.ඒත් විවාහය එක්ක කතා කරද්දි නකුල මාතාවගෙයි,නකුල පියාගේයි කතා වස්තුවට තමයි මම ගොඩක්ම ආස කරන්නේ...දුකා අයියා අහලා තියෙනවා නේද ඒ ගැන....?
ReplyDeleteදයාබර දුකා....
ReplyDeleteමේ සටහන දුටුවේ අදයි... සෑහෙන්න ප්‍රමාදවෙලා
ඔබ නිවැරදියි
නිර්මානයක් සාර්ථක වෙන්නෙ එය මිනිසුන්ගෙ හදවතට කොයිතරම් දුරට කථාකරනවාද යන්න මතයි.
මේවායින් සමාජයට දෙන පනිවුඩය හරිම සංවේදීයි ඒත්...
අවාසනාවකට බොහෝ ස්වාමිපුරුශයන් සහ භාර්යාවන්
හරිම අසංවේදීයි
එහි ඇති ලොකුම ඛේදවාචකය
බොහෝ අවස්ථා වල අනෙත් පාර්ශවය
ඉතාමත්ම සංවේදී වීමයි
@ Thilini JasinArachchi !
ReplyDeleteමම ඒ නකුල මාතාවගෙයි,නකුල පියාගේයි කතා වස්තුව අහල තියෙනවා වගේ මතකයක් තියෙනවා . . . දැන් හැබැයි අවසනාවට මහකයේ නෑ හරියටම . . පුලුවන් නම් මට ඒක කියවන්න තැනක් හරි . . . ලියල හරි එව්වොත් පිං . . !
@ Anonymous !
ReplyDeleteඅපි හීන මවමු අපි මේ දෙන්න හදන පනිවුඩය කියවන අය හරි අනාගතයේ ඔවුන්ගේ මෙවැනි දේවල් දිහා සානුකම්පිතව බලයි කියා නේද . . ???
හැමදාමත් වගේ අනර්ඝ ලිපියක්
ReplyDeleteබොන්ඩෝනෝ.... නෑ නෑ නෑමයි මම බදින්නේ...
ReplyDelete"විවාහ දිවියක තිබිය යුතු මූලික ම ගුනාංගය විශ්වාසය"
ඕක මචං හැම මානව සබදතාවයකම නෙමෙයි ද?
මට හිතෙනව දුකා අයියෙ ලංකාවෙ තාමත් තියෙන, බැඳගත්තු බෙරේ ගහන්න ඕනෙ කියන එක ලොකු ප්‍රශ්නයක්. යම් නොගැලපීමක් තියෙනවනම්, සතුටින් එකට ඉන්න බැරිනම් වෙන්වීමේ නිදහස තියෙන්න ඕන. ඒක නැතිකම නිසා කීදෙනෙක් කිසිම සතුටක් නැතුව පවුල් ජීවිත ගෙවනව ඇත්ද?
ReplyDeleteඅපේ මිනිස්සුන්ගෙ තියෙන ආකල්ප වෙනස් වෙන්න ඕනෙ කියල මටනම් හිතෙන්නෙ....
තාම අවිවාහක උනාට අහලා දැකලා තියෙන දේ අනුව "දුකා" කියන දේ ඇත්ත..... මෙක කියවලා බය වෙන්න දෙයක් නැ..... හිතට ගන්න දෙයක් මෙ ලිපියේ තියෙන්නේ.....
ReplyDeleteස්තුතියි.... දුකා....
විශ්වාසය... මම විවාහ වෙලා නැතත් මම ඒ හා සමානම ජීවිතයක් ගත කලා පහුගිය අවුරුදු 2 තුල. ඒත් ඒ බැදීම විවාහයකින් කෙලවර වෙන්න තිබුනා අපි දෙන්නාම විශ්වාසය අපි අතර රැක ගත්තා නම්. ඒත් ඒක සිද්ධ වුනේ නැහැ, අනාගතේදි සිදු වේද කියන්න දන්නේත් නැහැ..
ReplyDeleteඒත් මේ ලිපිය මට හිතන්න දෙයක් ඉතුරු කලා දුකා අයියේ. විශ්වාසය තියෙනවා නම් ඕනම සම්බන්ධතාවයක් හොදින් පවත්වාගෙන යන්න පුලුවන් කියන දේ... ගොඩාක් ස්තුතියි..
ඔයාගෙ මේ බ්ලොග් එක බොහොම රසවත් හර්දයන්ගම එකක්.. මෙ කියන දේවල් ඔයාගෙ, ඔයා දකින අයගෙ අත්දකීමෙන් කියන එක මට වටිනවා. :-)
ReplyDeleteශමී