Sunday, November 1, 2009
නුඹත් මාත් රේල් පීලි දෙකක් . . . ! !
නොසිතේ ද නුඹට කෙදිනක වත් . . .
නුඹත් මාත් . . . කිසිදා එක් නොවන . . .
රේල් පීලි දෙකක් මෙනැයි . . .
නමුදු නොහැක අපට කිසිදා . .
දෙමඟක ගමන් යාමට . . .
පුංචි කෝච්චියක් ඇත අප හිස් මත
ගමන් ඇරඹූ මේ දැං . .
නමුත් . . .
යාමට බෝ දුරක . . .
පුංචි කෝච්චියේ බර පමනක් නොව . . .
ඕනෑම බරක් සුන්දරයැ . . .
හැම බරකම ඇත්තේ . . .
විඳීමට ඇති සතුටක්මයැ . .
එනයින් . . . ඕනෑම බරක්,
බරක් නොවේ . . . මේ යකඩින් සැදි මට
මෙසේ සිතනා පීල්ලක් . . . . .
එපා මට . . .
පුංචි කෝච්චියේ බර හැර
වෙන එකදු දශමයක වත් . . .
බරක් . . .
නුඹත් මාත් පුංචි කෝච්චියත් හැර
අන් සියලුම බර . . .
සතුරෝමයැ . . .
දුෂ්ඨයෝමයැ . . .
මෙසේ සිතනා පීල්ලක් . . . . .
නුඹත් මාත් රේල් පීලි දෙකක් . . .
එකිනෙකා දෙස බලා සිටින . . .
කිසිදා එක් නොවන . . . ! ! !
Subscribe to:
Post Comments (Atom)
අයියේ හුගාක් ලස්සනයි....හරියට මං වගේ කියලා හිතෙනවා...
ReplyDeleteදිනිති දීපිකා
ලස්සනයි!!!!
ReplyDeleteඑපා නුඹ තැවෙන්නට
ReplyDeleteමොහොතකටවත්....
සිතාපන්
නුඹ වාසනාවන්තද කෙතරම්...
හමුනොවුනත් කිසිදිනෙක
රේල්ලුවක් වීමට...
ගමන් කරනා එකම දිශාවකට
නොවී එකම මඟක දෙදිශාවකට යන දෙදෙනෙක්
ඉදින් හකිවේය නුඹට
යන්නට බෝ දුරක්
සොයාගෙන නුඹ පතනා කෙම්බිමක්
තනිවම නොවේ...
රැගෙන පුංචි කෝච්චියත්
වැටහේවි එදිනට නුඹටත්
නුඹේ තනි නොතනියට
පසෙකින් සමාන්තරවම දිවෙන ඒ පීල්ල හැර
නොමැතිබව අනිකිසිවෙක්
කෙතරම් මැසිවිලි කීවත්....
දහසක් දුම්රිය ගියත්
දුටුවේද කිසිදාක
රේල්ලුවකට තනිරකිනා දුම්රියක්... ගමන් මගියෙක්....
මාත් රේල් පීල්ලක් ;-)
ReplyDeleteලස්සන අදහසක්!
අයියෙ ලස්සන කවි පෙලක්........
ReplyDelete@ දිනිති දීපිකා!
ReplyDeleteඔව් දිනිති ඔයාගේ කතාවට සමාන කතාවක් මේ කවියෙන් කියවෙන්නේ
@ පබලු !
ReplyDeleteස්තූතියි නගේ . .
@ Anonymous !
ReplyDeleteහරිම ලස්සනයි . . . ප්‍රශ්නෙ දිහා වෙනස්ම කෝනයකින් බලල කරපු විග්‍රහයක් . ..
මේක ලිව්වේ කවුද කියලත් කියන්න පුලුවන් නම් වඩාත් අගෙයි . .
@ LG !
ReplyDeleteකවුද අනිත් පීල්ල . . .???
@ Sameera !
ReplyDeleteස්තූතියි මලේ
අපේ(මනස් තුල) ආලෝක වේගයෙන් දුවන සිතුවිලි කෝච්චි වලට බරක් නැත,ඒ වෙනුවට සොම්නසක්,දොම්නසක් ජනිත කරවීමේ හැකියාවක් ඇත.ඒ මතම ජීවිතය(කියල දෙයක්) පෙරට ඇදී ඇදී යන්නා සේ පෙනෙනු ඇත.
ReplyDeleteදුකාගෙ ලස්සන කවියට හරියන්න පිළිතුරු කවියකුත් තියනවා ගොඩක් ලස්සන.....
ReplyDeleteකෙලෙස සිතන්නද...?
ReplyDeleteසරල ප්‍රමයක සමාන්තර රේඛා දෙකට සම රේල් පිල්ලි
දෙකක් ලෙස
අසිමිත ආලයක් පිරි පුන්චි කෝච්ච්යක් යැයි අප
තිර්යක් රේඛාවක් ලෙස
ලි පතුරකින් අප
ඡේදනය වන වි
ඒකාන්තරයක්
අනුපුරකයක්
නොවි
මිත්‍ර වි වත් හිදිය හැකි නම්
එය ද සතුටක් නොවෙද...?
නියමයි අයියේ !
ReplyDeleteමේ පවුල් සංස්ථාව ගැන ද ලිව්වේ?
ReplyDeleteපීලි නොපනින්නට නම්…………….!!!
ReplyDeleteපුන්චි කෝච්චිය........පුන්චි කෝච්චිය.........
ආදරනීය පුන්චි කෝච්චිය.......
ඔබ මුනගෑසුනු හන්දිය.....සිත් මල් පිපුනු හන්දිය....දෙනුවන් සතුටු කදුලෙන් පිරවු පුශ්පිත හන්දිය......
ඔබ නෑවතී බලා සිටී......ඒ ලස්සන හන්දියට ගෙන ආ දයාබර පීලි දෙක....
හමදාමත් හිනෑහි....හිනෑහී......ඊලග හන්දියට ගෙනියන්නට බලා සිටිනා සේ......
මට නොදනෙන... මා සිත ආදරයෙන් උසුලාගෙන, බරක් නොවුනු නුඹ්ව බරක් කර පීලි දෙක ඈත් කරන්නට වෙර දරන ඔබේ සඹද කලු දුම් නගන රුදුරු මහ කොච්චිය......
ඈන්ජිම හොරෙන් අරගෙන ඔබ හන්දියට රෑගෙන ආ ආදරනීය පීලි දෙක බාල්දු කරනා.....ආඩම්බර, උමතු, කෑත හිත් ඈති, තමන් ගෑන පමනක් සිතනා....
කලු දුම් නගනා ගොරහෑඪි මහ කොච්චිය....
අද පුන්චි කොච්චියට නොදැනුනාට.......ඔබ සිතාවි කවදා හෝ........
මේ ලස්සන හන්දියට ගෙන ආ ආදරනීය පීලි දෙක දෙපෑත්තක ගියද.....
ඊළග ලස්සන හන්දියට මේ ආදරනීය පීලි දෙකෙන් යන්නට.....
සුවද රෑදුනු ඒ ආදරනීය පීලි දෙකෙන් විතරක් යන්නට......
පුන්චි කොච්චිය..........ආදරනීය පුන්චි කොච්චිය.........
හමදාමත් මා ආදරනීය පුන්චි කොච්චිය......
කිසිදා එක් නොවුණද....
ReplyDeleteඑක ලෙස නොසිතුවද....
රේල් පීලි වල කාරිය
සමාන්තරව..
එකිනෙකා දෙස බලාගෙන...
එකම දෙසකට යෑම නොවේමද..?
කිසිදා එක් නොවුණද....
එක ලෙස නොසිතුවද....
එක් පීල්ලක් නොමැති කල..
අනෙක් පීල්ලෙන් කිම පල?
කිසිදා එක් නොවුණද....
එක ලෙස නොසිතුවද....
දෙපසට විහිද ගියහොත් පීලි දෙක..
අවිහිංසක පුංචි කෝච්චිය..
රැඳේවී අතරමග..
අසරණව....!
ලස්සනයි දුකා... ලස්සනයි..
ReplyDeleteජිවිතෙ එක තවත් දෙයක් ලස්සනට කියල තියනවා.
ඔයාල හරි ලස්සන මිනිස්සු ටිකක්. කවි වලින්, වචන වලින් ගොඩාක් දෙවල් කරන.
හරිම ලස්සනයි..දුකා කවිය
ReplyDeleteඔයාගෙ මම දැකපු හොඳම නිර්මාණයක් මේක. ඊටම ගැලපෙන පිලිතුරු කවිත් නියමයි.
ඉති0 පු0චි කෝච්චියට මේ ගමන යන්නට නොසැලී ඉන්න පීල්ලක් වන්නට ඔයාට ශක්තිය ලැබේවා තවදුරටත්.........
ඔබ දන්නා ...ගීශා....
මොනා කියන්ඩද මන්දා..............කමක් නෑ හෑමෝම කියනවා වගේ ලස්සනයි කියන්නම්.,අහිතක් හිතන්ඩ එපා.......
ReplyDeleteනුඹත් මාත් රේල් පීලි දෙකක් . . .
ReplyDeleteඑකිනෙකා දෙස බලා සිටින . . .
කිසිදා එක් නොවන . . . ! ! ! සමහර ආදරයන් නුඹට කිසිදා හැර යාමට ඉඩ දෙන්නේ නැ,, හරියට රේල්පාර වගේ = = = = = = = =