Thursday, November 19, 2009
එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (හත්වන කොටස)
බැසැ යන සැඳෑ හිරුත් සමඟ කූඩු කරා ඇදෙමින් සිටියදී ගිමන් නිවන්නට මෙන් සිතා කාක බෝ ගසේ වැසූ කාක්කන් රැලක් යලිත් වරක් මගේ සිහිනය බොඳ කර දමනු ලැබුවා . . . ඒ ඇසිල්ලෙන් මා වට පිට බැලුවේ දැන් රෑ බෝ වී ඇත්දැයි බලන්නට මෙන් . . . කනත්ත පැත්තේ වූ බටහිර අහස තැඹිලි පාටකිනුත් අළු පාටකිනුත් මිශ්‍රවුනු පසුබිමක් සහිතව තැන තැන ඉතිරි වුනු සරුංගල්ද කුරුළු රෑන්ද සිතුවම් කල සිතුවමක් මෙන් මට සිතුනා . . ..
තවත් රෑ වූ පසුම නිවසට ගියෝතින් කිසිවෙකුගේ අවහිරයකින් තොරව නිදහසේ තනිවී කෙසේ හෝ මේ වේදනාකාරී මතකයෙන් මිදීමට මඟක් සොයාගත හැකිවේවී යැයි සිතුනු බැවින් එකම ඉරියව්වෙන් හිඳගෙන සිටීමෙන් හිරිවැටී තිබුනු දෙකකුල් වලට වෙනසක් ලබාදීමට මෙන් සිතා නැඟිට ටික වේලාවක් සක්මනේ යෙදුනු මා යලිත් වරක් ගස යට හිඳ ගත්තේ තව හෝරා කීපයක් වත් මෙතනටම වී ගත කල යුතුයි කියා හැඟු නියාවෙන් . . .
මේ වේදනාවේ සුල මුල ගැන සිතීමෙදී . . . මා මේ තරම් අසරණ තත්වයකට පත් කලේ ඇයි කියා සිතීමේදී . . එයට වරද කරුවන් . . හවුල් කරුවන් කවුරුදැයි සිතීමේදී එක්වරම මගේ සිතට රිංගා ගත් හැඟීමන් මගේ හිස් මුදුනෙන් පටන් ගත් හිරි වැටීමක් නහර වැල් දිගේ මුලු සිරුර පුරාම දිව ගියා . . . .
"දහම් පාසැල . . "
හුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගිය මං . . . බාල වියෙන් එලියට ඇද දමා යොවුන් වියට තල්ලු කර දැමූ සිදුවීම් වලට මුහුන දීමට මං සැලසූ දහම් පාසැල . . .
නැත එය කෙසේ වත් එසේ විය නොහැක . . . .
ඒ වරදකාරී හැඟීමට එරෙහි සිතුවිල්ලක් මගේ සිත තුලින්ම මතුවී කෑ ගසනු මට ඇසුනා . . .
ශුද්ධවූ යමක් මගේ අතින් කෙලෙසුනාක් මෙන් වූ හැඟීමකින් හද වෙව්ලවා ගියා . . . අමතකවීමකින් පන්සලේ බුදු මැදුරට සෙරෙප්පු දමාගෙන් පැමින එක්වරම දෙපයේ පාවහන් දුටුවාක් වැනි වරදකාරී හැඟීමක් මා පෙලා දැමුවා . .
එසේ නම් දහම් පාසැලේ මගේ ප්‍රියතම මිතුරියන් රැල . . සොයුරියන් රැල . .පර්ල්, ලළා, ලතිකා අක්කලා . . . . නැත . . මගේ වරද මා අතම මිස ඔවුන්ට කෙසේ දොස් පරන්නෙම්ද . . .??? කුඩා කල පටන් අනුන්ගේ වරදක් වුව මගේ ද වරදක් ලෙස දකින්නට හුරුවූ මගේ අහිංසක සිතෙන්ම නැවත ඔවුන් ඒ වරදෙන් මුදවා ලනු ලැබූවා . .
වරද කරු මා පමනි . . . ආදරය සැක කල මා පමනි . . . සත්‍ය, සත්‍ය ලෙස නොදුටු මා පමනි . . .
සිත යලිත් මතක මංපෙතේ පාවී ගියා . .
"ඔයාගේ ආසම පොත වදරිං හයිට්ස් කියලා ලියලා තිබුනා නේ ඔයාගේ ටීන් බුක් එකේ . . . මටත් හරි ආසයි ඒ පොත බලන්න . . . ඒත් මගේ ඉංග්‍රීසි දැනීම මදි පොත් කියවන්න තරම් . . . "
එදා දවසින් පසු ඈ නිතර නිතර මාමලාගේ ගෙදරට යාමට කරුනු සකසා ගත් පසු . . . දවසක් බසයේ කෙලවරේම අසුනේ වාඩිවී බසය ගමන් අරඹන තුරු කතාබහට ඇරඹුමක් මා ලැබුවේ එසේයි . . .
"ඒ පොත නම් ටිකක් අමාරුයි තමයි . . ඒත් හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ . . . "
"ඒ වුනාට මට හිතෙන්නෙම මට එහෙම දෙයක් කරන්න තරම් පුලුවන් කමක් නෑ කියලයි "
"ඇයි එහෙම හිතන්නේ . . . සුභවාදී විදිහට හිතන්න පුරුදු වෙන්න . . මුලින්ම පලමුවෙනි පරිච්ඡේදයේ තේරෙන නොතේරෙන ඔක්කොම පුලුවන් විදිහට කියෝගෙන යන්න . . . "
"ඊට පස්සේ . . . . "
"ඊට පස්සේ පරන කොපි පොතක අමාරු වචන ටික ලියාගන්න . . . ඊලඟට ඩික්ශනරි එකෙන් ඒ වචන වල තේරුම හොයලා ඊට ඉස්සරහින්ම ලියා ගන්න . . . දෙවෙනි පාරට ත් ඒ පරිච්ඡේදය කියවන්න . . කියවගෙන යද්දි අමාරු වචන වල තේරුම අර පොත එක්ක බල බල කියවන්න . . . ෂුවර් එකටම තුන්වෙනි පාරටත් ඒ පරිච්ඡේදයම කියෙව්වොත් සිංහලෙන් ලියපු තේරුම දිහා නොබලම කියවන්න පුලුවන් වෙයි . . . ඒකෙන් ඉංග්‍රීසි දැනුමත් වැඩි වෙනවා . . "
ඇය පැහැදිලි කර දෙන්නේ පරිනත ඉංගීසි ගුරුවරියක් මෙන් . .
"ඉතිං ඔච්චර ආස වෙන්න මොකද්ද ඒ පොතේ විශේෂත්වය . . ."
"ඒකේ තියෙන්නේ මරණයෙන් වත් කෙලවර නොවන සදාදර ප්‍රේමයක් ගැන කතාවක් . . . "
කථාව කෙටියෙන් එහෙත් කෙනෙකුට අසා හිඳින්න ආසා හිතෙන ලෙස ඈ පවසන්නේ හීත්ක්ලිෆ්ගේත් කැතරින්ගේත් ප්‍රේමයත් . . වේදනාවත් දැනුනු තරම් සතුටකින් . . සංවේගයකින් . . .
"එච්චර තදබල ආදරයක් තිබුනා නම් හීත්ක්ලිෆ් කොහොමද කැතරින්ගේ දුවගෙනුත් පලි ගන්න තරම් හිත දැඩි කර ගන්නේ . . . " මා ඇසුවේ කුතුහලයෙන්
"ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි කියනවානේ . . . "
"ඒත් මගේ හැඟීම නම් ආදරය කල හිතකින් කවදාවත් වෛර කරන්න බෑ කියන එකයි . . . "
"හැමෝම එක විදිහට ප්‍රේම කරන්නේ නෑ නේ . . . මටත් ඔය ප්‍රශ්නෙම ආවා පොත බලද්දී . . . ඒත් මට හිතුනේ හීත්ක්ලිෆ්ට ප්‍රේමයත් එක්කම එයාව වෙලාගෙන තිබුනු හීන මානයෙන් මිදෙන්න බැරි වුනු නිසා තමයි ඒ විදිහට කැතීගේ දුවගෙනුත් හැම දෙනාගෙන්මත් පලි ගන්න ඕන වුනේ කියලයි”
. . . .
"ඔයාගේ ආසම පොත ගැහැනු ළමයි නේ . . ?? මාත් හරිම ආසයි ආයෙ ආයෙත් කියවන්න කුසුම්ගේ පරිත්‍යාගශීලී ආදරේ ගැන . . . "
මට දනුනේ අප්‍රමාන සතුටක් . . මගේ ආසම පොත ඇගේ ත් ආසම පොතක් . . .
"ඔව් . . ආදරේ කියන්නේ පරිත්‍යාගයක් කියන එක හොඳට වදින්න පෙන්නල තියෙනවා ඒ පොතේ . . . "
තවත් දවසක අපේ මාතෘකාවට හසු වන්නේ අනාගත බලාපොරොත්තු . . .
"මම නම් ආසම කවදා හරි ඉනැටුම් ගුරුවරයෙක් වෙන්න . . . "
"නැටුම් ගුරුවරයෙක් . . ???" ඇය අසන්නේ විස්මයක් දෙනෙතේ රඳවාගෙන . . .
"ඔව් මම හිතන්නේ අපේ රටේ නැටුම් ශිල්පය තරම් කලාත්මක නැටුම් ශිල්පයක් ලෝකේ කොහේවත් නැතුව ඇති . . . අපේ ගෙට එහා ගෙදර මාමා එක එක රටවල් වලට ගිහින් තියෙනවා බිස්නස් වැඩ වලට . . . එයා කියනවා සමහර රටවල අය ලංකාව කිව්වට දන්නෙත් නැහැළු . . . එත් උඩරට නැට්ටුවෙකුගේ ෆොටෝ එකක් පෙන්නුවොත් අහනවාලු අහ් . . ඒ උඹලගේ රටේද කියලා . . . ඉතිං එච්චර වටිනාකමක් තියෙන සංස්කෘතික අංගයක් උගන්වන්න තියෙනවනම් කොච්චර දෙයක්ද . . ???"
"ඒක නම් ඇත්ත . . . අපේ තාත්තත් දැකලා තියෙනවා අර්ල්ස් රීජෙන්සි හොටේල් එකේ නැටුම් සංදර්ශයනක් වෙලවක යුරෝපිය ජාතිකයෝ කන්ඩායමක් ඒ දිහා බලා හිටියේ වශීවෙලා වගේ කියලා තාත්තා ගෙදරදි දවසක් කියනවා මට ඇහුනා . . . "
මගේ ප්‍රාර්ථනාව අනුමත කරන කඩහඬින් මට ඇගේ වචන ඇසෙන්නේ . . . . !
. . .
"වෙලේ බෝක්කුව උඩ වාඩිවෙලා ඇස් දෙක පියා ගත්තාම මටත් පුලුවන් හුලඟක් වගේ පාවෙලා යන්න . . . නිල්පාටට හුරු කොලපාට ගොයම් යායම නැවෙන විදිහට ඒ ගොයම් ගස් වලින් එන අමුතු සුවඳ විඳගෙන හමා යන්න පුලුවන් . . . "
කුඩා කල සිටම ස්වභාව සෞන්දර්යේ රස විඳින්න හුරුවී සිටි මා පවසන්නේ මේ දැන් බෝක්කුව උඩ ට වී දෙනෙත් පියාගෙන සිටිනවාක් වැනි හැඟීමකින් . . .
"ඔව් එදා එතනට ගිය වෙලාවේ මටත් හිතුනා ඒ විදිහට පාවෙලා ගිහින් කැඩුනු සරුංගලයක් හුලඟේ යන දිහාව බලාගෙන අඬන දරුවෙකුට එයාගේ සරුංගලය ආපසු ගෙනත් දීලා . . ඒ මූනේ ඇතිවෙන හිනාව දකින්න වගේ දෙයක් මටත් කරන්න පුලුවන් කියලා . . . "
"නුගේගොඩ රේල් පාර දෙපැත්තේ තියෙන පැල්පත් වල වහලවල් දිහා බලගෙන රේල් පාර උඩින් පාවෙන කොට . . . තාත්තාට කුලී වැඩක් නොලැබුනු නිසා දවල්ට, රෑට කන්න දෙයක් නැතුව බඩගින්නේ ඒ පැල්පත් ඇතුලේ ඉඳන් අඬන පුංචි ළමයින්ගේ සද්දේ මට ඇහෙනවා වගේ . . "
මගේ වචන ඈට අකමැති මාතෘකාවක් හැඩයි . . . ඈ උරහිස් හකුලවන්නේ ඒ පැල්පත් ගැනත් ඔවුන් එවැනි පැල්පත් වල කෙසේ ජීවත් වනවාදැයි හැඟුනු නිසාත් නොව . . .නැතිනම් ඔවුන්ගේ කුස ගින්නේ වේදනාව දැනුනු හෙයිනුත් නොව ඒ පැල්පත් අසලින් හමා එන පිලී ගඳ නිසාවෙන් යැයි මා වරදවා වටහා ගත් තරම් . . .
මෙසේ අහසත් පොලොවත් අතර අපමන දේ ගැන අප කතා බහ කරන්න ඇති . . . නිතර පංතියේදී මුන ගැසුනා වුවත් පෙම් හසුන් හුවමාරු කර ගැනීමත් අනිවාර්යෙන් සිදුවූවා . . . පාසැල් දිනවලට පෙම් හසුන් හුවමාරුව සිදුවුනේ මගේ නිවස අසල නිවසේ සිටි ඉමාෂාගේම පාසැලේ ඉගෙනීම ලැබූ යෙහෙලියක් හරහා . . .
එසේ මා ලබන පෙම් හසුන් මා ඇඳේ මෙට්ටය යට හෝ මගේ පොත් මේසයේ කොලය යට හෝ සඟවා තැබුවා වුවත් මගේ අක්කාගේ විචක්ශණශීලී දෙනෙතින් ඒවා කෙසේ හෝ සොයාගෙන කියවා ඒවායේ තිබූ සමහර වැකි කියමින් මා අපහසුවට පත් කිරීම විඳ දරා ගැනීමත් කාලයකදී නිතැතින්ම හුරු වූවා . . .
පාසැලේ සමහර ලමයින් තීන්ත පෑන් භාවිතා කරමින් ලස්සනට අකුරු ලියනවා දුටු මටත් ඇති වූයේ තීන්ත පෑනක් ලබා ගැනීමේ නොතින් ආශාවක් . . . නමුත් එවැන් දෙයක් මිලදී ගැනීම සඳහා අම්මාගෙන් මුදල් ඉල්ලා කරදර කිරීමට සිත පැකිලෙමින් තිබුනු මොහොතක . . . දිනක් ඈ ගෙන් මා ලද කුඩා සටහනක් . . .
"හවසට පංති ඉවර වුනාම බස් හෝල්ට් එකේ ඉන්නවා . . . එතනට එන්න . . "
බස් නැවතුමේදේ ඈ දුඹුරු කොලයකින් එතූ යමක් මට දුන්නේ . . .
"පොඩි තෑග්ගක් . . දැන් බලනන් එපා . . ගෙදර ගිහින්ම බලන්න . . . "
ගෙදර යනකම් නොයිවසිල්ලකින් සිටි මා ඇසුරුම ගැලවූ සැනින් දුටු දේ මගේ සියලුම හැඟීම් එක් වරටම නතර කරනු ලැබුවා . ..
"දෙවියනේ . . . ඈ මගේ සිත කියවූවේ කෙසේද . . . ?? පාකර් තීන්ත පෑනක්. . . " සතුටකුත් සමඟ මගේ පුංචි සිත අරක් ගත්තේ හීනමානයක් වැනි කුමක්දෝ නොතෙරෙන හැඟීමක් . . .
විලාසිතා දැක්මකට මෙන් ළමයින් එක එක මෝස්තරයේ එක එක වර්නයේ කලිසම් . . ටී ෂර්ට්ස් පංතියට ඇඳගෙන එන විට මට තිබූ එකම ඩෙනිම් කලිසමත් පාට පිච්චුනු ටී ෂර්ට් දෙකත් පංතියට ඇඳගෙන නොයාමේ උපක්‍රමයක් ලෙස මා භාවිතා කලේ පාසැල් දිනවලදී පාසැල් නිලඇඳුම පිටින්ම පංතියට යෑමයි . . . නමුත් සති අන්තයේ පංති වලට මේ උපක්‍රමයෙන් පිහිටක් ලබා ගත නොහැකි වූ තැනේදී මා පංතිට ගියේ සිතේ ඇති අමුතු දුක්බර හැඟීමකින් . . .
"අනේ අනිත් ළමයින්ට මෙන් මටත් ලස්සන ඇඳුම් තිබුනානම් . . . " නමුත් කෙසේවත් ඉරිසියාවක් නොවූ ඒ හැඟීම ට පිහිටක් ලබා ගැනීමට අමාරුවෙන් නිවසේ වියදම් පිරිමසන අම්මාට තාත්තාට කරදර කිරීමට තරම් දළදඬු හිතක් මට නොතිබුනා තරම් . . .
මා එසේ පරන ඩෙනිමත් පාට පිච්චුනු ටී ෂර්ට් එකකිනුත් සැරසී පංති ගිය දින වලදී ඈ . . . අමුතු ලෙස මගේ දිහා බලා . .
"ම් ම් ම් ඔයා අද හරිම ලස්සනයි . . . . හරියට පුංචි කුමාරයෙක් වගේ . . . " කියා කී මගේ සිත අස්වසාලීමේ පද පේලි මා ගනන් ගත්තේ ඈ මට කල සමච්චලයක් ලෙසට . . .
ඇගේ සුවිශාල ප්‍රේමනීය හදේ . . . තවත් කෙනෙකු අගය කිරීමට සැදී පැහැදී සිටි හදේ . . . කෙනෙකුගේ සිතට සතුටක් දීමට කැසකැවූ හදේ . . . දොරගුල් හැර දමා ඇතුලට එබී නොබලා මතුපිටින් බලා එහි ඇතුලත ඇතේ මේවායැයි වැරදි නිගමන කල මගේ පටු නිගමනශීලී හිතට මා දොස් පවර ගන්නවා හැර වෙන කුමක් කරන්නද . . . ??
සියල්ල වැටහෙන විටා පමා වූවා වැඩිය . . . සියල්ල ඇස් ඉදිරියේදීම කඩා වැටී ඇත . . . පසුතැවෙනු හැර . . වේදනා විඳිනු හැර වෙන කල හැකි යමක් ඉතිරි වී ඇත්ද . . ??
කාලය ගත වුනේ කෙතරම් සුන්දර ලෙස වුවත් හදවතේ එක් කොටසක් ඒ සුන්දර සතුටේ සුව විඳින අතරම තවත් කොටසක් ඒ සුන්දර සතුට කෙරෙහි ඇති එක්තරා බයක් වැනි හැඟීමකින් ඒ සතුටෙන් ඈත් කර තැබීමට උත්සාහ දරමින් සිටියා කියා කීවොත් නිවරදියි . . .
පවුලේ අගහිඟකම් වලට පිලියමක් ලෙස අප ඉහලින්ම බලා පොරොත්තු තැබූ, පියා විසින් බොහෝ වෙහෙස මහන්සියෙන් ලබා ගැනීමට උත්සාහ කල ව්‍යාපාරික කටයුත්තක් ඉටු වීම . . . කෙටියෙන් කීවොත් ඉතා දුර බැහැර ව්‍යාපෘතියක වැඩ කටයුතු පියාට ලැබීම පොදුවේ පවුලේ සියලු දෙනා සතුටු වූ කරුනක් වුවත් . . . ව්‍යාපාරයේ සාර්ථකත්වයේ දෙවෙනි පියවර ලෙස අපගේ පදිංචිය වෙනස් කිරීමටත් පාසැල් වලින් අපව අස් කරගෙන ඒ නව පදිංචිය අසල පාසැලකට මාරු කිරීමටත් පියා ගත් තීරනය සතුටත් දුකත් එකසේ සමව විඳි තීරනයක් ලෙස දැනුනා . . . . .
. . . .
"එහේ ගියාම මට ආයෙත් මේ ක්ලාස් එන්න වෙන්නෙ නැති වෙයි . . "
"අනේ . . . කවදාවත් එන්නේ නැතුව ඉන්නද හිතන්නේ . . . " ඉමාෂා අසන්නේ දෑසේ කඳුලු පුරෝගෙන . . .
"කියන්න බෑ . . . ගෙදරින් එන්න එපා කීවොත් . . . "
නිතරම දෙගිඩියාවකින් පෙලුනු . . ආදරේ ගැන සැකයක් සිතේ සඟවාගෙන කල් ගෙවූ මට සමහර විට ඒ තීරනය අස්වැසිල්ලක් ගෙන දෙන තීරයක් ලෙස දැනෙන්නට ඇති . . . මා කල් ගෙවූයේ ඇගේ ශෝකය නොදුටු එකෙක් ලෙස . . .
සිනා කෙළිලොල් තෙපුල් රහසේ
දෙඩූ තැන් අද ගොලු වෙලා . . .
සොඳුරු පාසැල් පියස
කඳුලින් බොඳ වෙලා . . .
කැදැල්ලෙන් ඔබ
වෙන් වෙලා . . . .
. . .
නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්
සෙවන දුන් ගහ කොල පුරා . . .
බිමට බරවුනු කැකුලු
අතු ඉති මැලවිලා . . .
දුකින් හදවත
ගොලු වෙලා . . .
. . .
දෙනෝ දාහක් නුවන් අතරේ . . ගීතයේ දෙවන තුනවන පද පේලිවල මෙන් වූ වේදනාවකින් ඇගේ හදවත ඉරිතලා යන්න ඇති . . .
නමුත් මා තරම් නරුමයෙක් . . . ඇගේ අගය කිරීම මා සමච්චලයට ලක් කිරීමකැයි සිතූ . . . ඇගේ තිලින මට අනුකම්පාවකින් දෙන ලද දේ යැයි සිතූ මා ඈ ඒ ලබන වේදනාවෙන් කුරිරු සතුටක් වැනි දෙයක් ලැබූ හැටි සිහි වන විට මා මේ ලබන වේදනාව මදි යැයි මගේ සිතෙන්ම පහර කෑමකට ලක් වනු හැර වෙන පිලියමක් ලද හැකිද . . .
සිදුවීම් සිදු වන්නේ අප බලාපොරොත්තු වන ලෙසටම නම් ලෝකය කෙතරම් සොඳුරු තැනක් වේද . . . !!
දුර බැහර අලුත් ව්‍යාපෘතියේදී දී පියා තදබල ලෙස අසනීප වී අලුත පටන් ගත් ව්‍යාපෘතියේ කටයුතු නතර වී සියලු බලාපොරොත්තු සුන් වුනේ අප කිසිසේත් බලාපොරොත්තු නොවූ ලෙසට අප තවදුරටත් සිටි තැනින් පහතට ඇද දමමින් . . .
අපගේ අතිරේක පංති සඳහා වැය කිරීමට තවදුරටත් පවුලේ ආදායම නොසෑහීමේ ප්‍රතිඵලය වූයේ අමතර පංති නොගොස් පාසැලේ ඉගෙනීමෙන් පමනක් සෑහීමකට පත්වීමට හුරු වෙන්න සිදුවීමයි . . . .
උපකාරක පංතියේ ආදරණීය සියලු දෙයින්ම වෙන් වී යන්න මට මගේ සිත එකඟ කරවා ගැනීම අපහසු කාරියක් වුවත් . . . සිත ගල් කරගෙන එය පිලිගැනීමට මගේ සිතට සවිය දෙනු ලැබිවේ ඈ විසින් මට දක්වනු ලබන්නේ අනුකම්පාවක් පමනි යන මගේම සිතුවිල්ලත් . . . මගේ නැතිබැරිකම් ඈ සමච්චලයට ලක් කරනවා යැයි මා ඇති කරගෙන තිබුනු වැරදි වැටහීමත් කීවොත් එයයි නිවරදි . . .
"අනේ නිනේෂ් . . . පංති නාවට කමක් නෑ . . . සචිනි අතේ මට හැමදාම නැතත් සතියකට දෙකක් වත් ලියුම් එවන්න . . . "
"පන්ති තියෙන දවස් වලට ඇරෙන වෙලාවට පුස්ථකාලෙට එන්න . . . එතකොට අපිට සතියකට දවසක් දෙකක් වත් මුනගැහෙන්න පුලුවන් නේ . . . "
"පන්ති නාවට කමක් නෑ . . ඉස්කෝලේ කියල දෙන දේවල් හොඳට පාඩම් කරලා කොහොම හරි විභාගේ පාස් වෙන්න කියලා මහන්සි වෙලා වැඩ කරන්න . . . "
"ඔයා පවුලේ එකම පිරිමි දරුවා නිසා ඔයාගේ ඉගෙනීම පවුලේ දියුනුවට ගොඩාක් බලපානවා . . . පංති එන්න බැරි වුනා කියලා හිතන්නේ නැතුව, අම්මගේ හිතට දුකක් නොදෙන්න හිතාගෙන විභාගේ කොහොම හරි හොඳින් පාස් වෙන්න . . "
"මම ක්ලාස් එකේ ටියුට්ස් . . පාස් පේපර්ස් ෆොටො කොපි කරල තිලංෂ තේ හරි සචිනි අතේ හරි ඔයාට එවන්නම් . . "
මාසේ අවසානයෙන් පසු මා පංති නො එනා වග ඈට දැනුම් දුන් විට වේදනාවෙන් හැඩූ ඈ සුලු මොහොතකින් යලි සිත සංසුන් කරගෙන ජීවිතයට හොඳින් මුහුන දීමට . . . විභාගය කෙරෙහි උකටලී නොවන්න ට . . අපේ ඇසුර නොබිඳී පවත්වාගෙන යන්නට . . . දුන් උපදෙසුත් . . ගුරුහරුකමුත් මා අසා සිටියේ ඇස් කන් නැති ගොලුවෙක් . . කනෙක් . . බීරෙක් ලෙසට . ..
. . . ..
මතු සම්බන්ධයි . . .
Subscribe to:
Post Comments (Atom)
හපොයි!!!!! මොකද නිනේශ් ඒ තරම් නරුම විදිහට හිතුවේ??...
ReplyDelete@ සචී !
ReplyDeleteඒක තමයි මම මේ කතාවෙන් පුංචි ලමයින්ට කියන්න උත්සාහ කරන්න හදන්නේ ආදරේ ගැන තේරුමක් නැති කාලේ ඕවායේ පැටලිලා ඉගෙනීම කඩාකප්පල් කර ගන්න එපා කියලා . . . !!
කියෙව්වා!
ReplyDeleteකතා නායකයට මේ මොක වෙලා තියෙන්නෙ සිරාවට?
@දුකා: "සචී" ගෙ කමෙන්ට් එකට දීපු උත්තරේ කෘත්‍රිමයි. ඔයා කතාව ලියනකොට ඒ වගක් ඔයාගෙ හිතේ අහලකවත් තිබුනෙ නෑ, ඕක ලියන්න හිතුනෙ "සචී"ගෙ කමෙන්ට් එකට දෙන උත්තරයක් විදියට විතරයි.
හොඳ වෙලාවට කතාව කලිං තිබිල කමෙන්ට්ස් පස්සෙ තියෙන්නෙ, නැත්තං මම මේක කියවන්නෙ නෑ!
කතෘගෙ කමෙන්ට්ස් වලිං උනත් කතාවෙ හරයට බලපෑමක් වෙන්න පුළුවන්. මම ඔයා නං, ඒවගේ පිළිතුරක් ලියන්නෙ නෑ!
I am very disappointed about that comment of you!
අගෙයි අපූරු ගලා යෑමක් එක්ක අර මම කලින් කොටස් වල කියපු පුංචි විරහව දෙ මේ මතු වෙන්නේ....? අනේ මංදා...!
ReplyDeleteමමත් පොඩ්ඩක් ගැස්සිලා ගියා නිනේෂ් ගේ මේ ඇතුලු හදට නැමුනු පුද්ගලයෙක් වීම...!
ඊළඟ කොටස බලන්න තව සතියක් ඉන්න වෙනවා නේ...!
හ්ම්ම්ම් මොනා කරන්නද...?
ඉන්නංකෝ එහෙනං..! :P
@ Supun Budhajeewa !
ReplyDeleteමල්ලී. . . හැමදාම උදේට මිදුල අතු ගාලා වැලි අහුරක් උඩ දාලා අද මේ වැලි අහුරේ තරම් උපදෙස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරපු රාහුල කුමාර වරු ඉන්නේ අපේ බෞද්ධ සාහිත්‍ය පොත් වල විතරයි . . . . සැබෑ ලෝකයේ ඉන්නේ දෙයක් කරන්න එපා කිව්ව ගමන් එපා කිව්ව දේම කරන තරුන කුමාරවරු . . .
මම ඔයා තරම් දෙගුනයක් තරම් වයස නෑ . . ඒත් මමත් ඔය වයසේ හිටියා කාලයකට පෙර . . . .ඒ කාලයේත් අදත් මට කවුරු හරි දෙයක් එපා කිව්වොත් මම කරන්නේ ඒ එපා කියපු දේමයි . .. ඒ මනුස්සකමේ හැටි . . .
ඒ මනුස්සකමේ නාමයෙන් ඒ මනුස්සකම හඳුනන මම දන්නවා ඇයි ඔයා ඩිසපොඉන්ට් කියලා ඒක වැරද්දක් නෙමේ . .
සචීගේ කමෙන්ට් එකට මම දුන්නු උත්තරේ දෙන්න ඕන නිසා දුන්නු දෙයක් නෙමේ ජීවත් වීමෙන් ම ලබපු අත්දකීම් ඇසුරින් දීපු පිලිතුරක් . . . මම ඒ ගැන පෙනී සිටනවා . . .ඔයා විශ්වාස කලත් නොකලත් . . . මේක මේ විදිහට කියන එකෙන් මට පාඨකයෙන් නැති වෙන්න පුලුවන් ඒත් මට මම දන්න ඇත්ත කියන දේ බොරු විදිහට ලියන්න බෑ පාඨකයා රවටලා "එල මචං එල" කියලා අහ ගන්න . . .
ඔයා හොඳ ජීවිත දර්ශනයක් තියෙන දරුවෙක් වෙන්න පුලුවන් . . . ඒත් හැමෝම එහෙම නෑ . . . මහා අධිරාජ්‍යයෙක් වුනු නැපෝලියන් බොනපාටුත් ආදරේ ඉදිරියේ බොලඳ වුනා නම් . . . වයස 17ක 18ක 19ක දරුවෙකුට එසේ නොවෙයි කියලා දෙන්න පුලුවන් සහතිකය මොකද්ද . . . ???
අනික ඒ වයස ආදරය කියන මනෝභායවයේ නියම අරුත නියමාකාරයෙන් අඳුනා ගන්න තරම් පැසුනු වයසක් නෙමෙයි . . . බොහෝ අය ඔය වයසෙදි ආදරේ කියලා කරන්නේ අනිත් කෙනාට කෙනෙක් ඉන්න නිසා මටත් කෙනෙක් ඉන්නවා කියන දේ පෙන්නීමට කරනු ලබන දෙයක් මිස . . . ආදරය යනු කුමක්දැයි නියමාකාරයෙන් වටහාගෙන එය විඳින්නට උත්සාහ ගැනීමක් නෙමෙයි . . (මේ මගේ හැඟීම . . . ඔයාගේ අද දවසේ හැඟීම වෙනස් වෙන්න පුලුවන් මීට හාත් පසින්ම )
පාසැල් යනකාලේ ආදරේ බැඳිලා ජීවිත සාර්ථක කරගත් අය කීදෙනෙක් ගැන ඔයා දනන්වාද . . ?? ජීවිත විනාශ කරගත් කීදෙනෙක් ගැන ඔයා දන්නවාද . .. ???
සත්‍යට සත්‍ය ලෙසින්ම මූන දිය යුතුයි මලේ . . .
@ LishWish !
ReplyDeleteමචං ඔය වයසේ කෙනෙකුගෙන් ඔය වගේ වැරදි දෙයක් සිදු වෙයි කියන දේ අභව්‍යක්ද . . . ???
ඔයිට වඩා පැසුනු වයස් වලදීත් කිසිම සාධාරන හේතු නැතුව පෙම්වතුන් එකිනෙකා හැරදමා යෑම් සිදු වෙන්නේ නැද්ද . . . ??
ම්ම් ම් ඔව් මචං තව සතියක් ඉන්නකෝ . . . සමහර විට මේකට හේතුවක් හොයා ගන්න පුලුවන් වේවී . . ..
@ දුකා: නෑ කවදාවත් නෑ. හැමදේම වෙන්නේ මිනිස්සුන්ට. උදාහරණයක් ලෙස මම තාමත් මගෙන් ඇයට වූ අතපසුවීම ගැන දුක් වෙනවා. හැම තත්ත්පරයක ම. එහි කිසිම අභාව්‍ය ගතියක් නෑ දුකා ඒ ගැන සැකයක් ඇති කරගන්න එපා...!
ReplyDeleteආදරය කරද්දී ඇතුලු හදට නැමුණු පුද්ගලයෙක් වීම ස්වාභාවිකයි. මොකද සමහර වෙලාවට තමන් එක්ක කතා කරන්න ඉන්නේ තමන් ගේ හිත විතරක් නිසා...!
උදාහරණයක් විදියට පෙන්නන්න පුලුවන් කමක් තියෙනවා නම් මම මාව ම පෙන්නනවා..!
[ මම කොටස් ටික පොඩි පොතක් විදියට හදාගත්තා.., මම ඒකට හදපු මුල්පිටුව මූණු පොතෙ පොස්ට් එකක් විදියට දාන්නම් :) ]
ජයෙන් ජයම පතනවා...!
කතාව ට වංගු දාන්න..., [ගඟක් උනත් ලස්සනට ගලනවා පේන්නේ එයට බාධක වලට මූණ දෙන්න පුලුවන් උනාම යි.]
@දුකා:
ReplyDeleteහොඳයි අපි බලමු.
[said:දුකා]
මේක මේ විදිහට කියන එකෙන් මට පාඨකයෙන් නැති වෙන්න පුලුවන්
[/said]
බය වෙන්න එපා, මොකා නැති උනත් මේ පාඨකයා නැතිවෙන්නෙ නෑ! :D
Fantasy blasted!!
ReplyDelete@ malee_msg !
ReplyDeleteas u said . . Since it is a fantasy . . it must be blasted someday somehow . . . !!! so it happened . . . just like hw it should be . . and that’s the reality too . .. !!!
අනේ දුකා අයියේ ,
ReplyDeleteමම ගොඩාක් ආදරය කරපු විශ්වාස කරපු කෙනෙක්
ගොඩාක් කැත වැඩක් කරලා. සමහරවිට අපි දෙන්නට
සතුටින් ඉන්න වෙන්නැති. එත් තව කෙනෙක්ට එහෙම වීදනාවක් දුන්න කෙනෙක්ව මම කොහොමද විශ්වාස කරන්නේ?
ගොඩාක් අසරණ වෙලා ඉද්දි මගේ යාලුවෙක් මේකේ තියෙන නරසීහ ගාථා අහන්න කියල ලින්ක් එකක් දුන්න.
එක අහල මේ කතාවත් කියෙව්වම ගොඩක් සැනසීමක් ලැබුන
නරසීහ ගාථා දැම්මට ගොඩක් පින්!