Thursday, September 10, 2009
වැලි කතර, මරු කතර හා පාරාදීසය . . . !
වැලි කතර මරු කතරක් ලෙස . . .
දිටිමි එක් කලෙක . . .
ඇසූ සැටියෙන් කුඩා කල . . . .
ආගිය උන් කී දෑ අසාහිඳ . . .
මගට බට නොහී ගිනි ලන . . .
රුදුරු සැඩ හිරු රැසින . . .
නැවුම් හුස්මක් ගනු නොහී . . .
දූලි මුසු වැලි කුනාටුද . . .
දා බිඳු ගලයි ගත . . .
නිමාවක් නැති ලෙසින . . .
අහෝ එවන් රුදුරු වැලි කතර . . .
කිම යා ද රන් මසු සොයා . . .
නොකෑවත් බඩට . . .
නොඇන්දත් ගතට . . .
මේ පාරාදීසයක් වන් . . .
ආදරයම ජීවිතය කොටගත් . . . .
ජීවිතයම ආදරය කොට ගත් . . .
සොඳුරු බිම් කඩ හැර දමා . . .
නොයමි කිසිදාක නොරට . . .
වියරු වැලි කතරකට . . .
විඳවන්නට නොව දුකින් . . .
විඳින්නට ලද දිවිය . . .
සතුට දෝත දරා . . .
සිනා දෝර ගලා . . .
ජීවිතේ සුන්දරද මෙතරම් . . . !
නමුදු එක අකාල සන්ද්‍යාවක . . .
අනෝරා වස්සාන කාලෙක . . .
හෙන හඬින් ගිගුම් දුනි සොඳුරු දිවි මඟ . . .
බිඳ වැටී මනෝ මන්දිර සුනු විසුනු වී . . .
රිදී සිත . . . ඉකි බිඳී හදවත . . .
ගිලිහී රැහැන් පට දිවි මඟ බැඳී හුන් . . .
වින්දනයම විඳිල්ලක් වූ කල . . .
පාරාදීසය කතරකැයි හැඟුනු කල . . .
කතරත් පාරාදීසයකැයි නොහැඟේද . . . ?
කතර කතරක්ම නොවේ යැයි . . .
දැනේ කතරට වන් කල . . .
මසුරන් පොදිත් දැවටේ දෑඟිල නිතර . . .
අනාදර පිරි පාරාදීසයද . . .
මසුරන් සපිරි කතරක් නොවූ කතරද . . .
සිත දෙගිඩියාවක . . . !
Subscribe to:
Post Comments (Atom)
දුකා, මේකනම් මටමයි ලියලා තියෙන්නේ.. මට එහෙමයි දැනෙන්නේ.. උඹ ආයෙත් ලියන්න ගත්ත එක හොදයි.
ReplyDeleteඅත්දැකීම් ජීවිතයට වසන්තයක් වගේම , ශීත ඍතුවක් වෙන්නත් බැරි කමක් නෑ. අත්දැකීම් ඒ තරමට සෞම්‍යයි වගේ ම රෞද්ද්රයි... දුකා..!
ReplyDelete@ Prabath!
ReplyDeleteඋඹේ වැලි කතරෙත් . . . මේ නිසැඳැසේ වැලි කතරෙත් . . . ලොකු සමානකම් තියෙනවා නේද ප්‍රභාත් . . . !
ස්තූතියි මචං . . .
@ LishWish !
ReplyDeleteහරියටම හරි ලිශ් . . . සමහර විටෙක හේමන්තයක් කියල අපි අමාරුවෙන් ගෙවල තියෙන්නේ වසන්තයක් . . . පසුව හැරිලා බැලුවාම හරිම දුකක් දැනෙනවා . . . නමුත් කොයිදේ වෙන්නෙත් හොඳටයි කියල හිතල බැලුවාම . . . වසන්තය වසන්තයක් නොවී හේමන්තයක් වීමෙන් ලබපු අත්දැකීම ජීවිත කාලයක් වටිනවා . . .
අද තමයි මම මේව කියෙව්වෙ ගොඩක්. හරිම ලස්සන කවි පෙල ගැස්මක්. මම හිතුවෙ ඔයාට කතා ලියන්න විතරයි පුළුවන් කියල. ඇපූරු කවියෙකුත් නෙ බලා ගෙන ගියාම. හරිම සතුටුයි, මල්ලි ඔයා ගැන.
ReplyDelete@ අක්කණ්ඩි !
ReplyDeleteස්තූතියි අක්කන්ඩි ඔයාගේ අගය කිරීම ගැන . . . .මම ඉස්සර පාසැල් යන කාලේ නම් ගොඩක් කවි ලිව්වා . . . ප්‍රේමයෙන් පරාජිතවෙලා . . .ප්‍රේමයෙන් ඔකඳවෙලා ඉන්න වෙලාවල් වලට . . . පස්සේ කාලෙක ඒවා බැලුවාම මටම හරියට ලැජ්ජා හිතුනා . . . අනේ මම මේ වගේ පිස්සු ජීවිතයක් ගතකලානේ කියලා . . . අනේ මම ඒවා ඔක්කොම පුච්චල දැම්මා . . .දැන්නම් මතක් වෙද්දි හරිම දුකයි පුච්චපු එකට . . .