Sunday, March 21, 2010
හෝද හෝදා මඩේ ඔබන මනරම් යුගදිවිය . . . !
හෝද හෝදා මඩේ ඔබමු
මඩේ ඔබ ඔබා හෝදමු
අහා කෙතරම් ආතල් ද මේ
මනරම් යුගදිවි සොමිය . . . !
ඔච්චර ම ආතල් ගන්න
හෝදන්න ජාති ගොඩාක් ඕනෑද ආයිබෝං . . ?
රෙද්ද . .. ! මොන පිස්සුද
එකක් තිබුනත් හොඳටෝ. . .ම ඇති !
මනරම් යුග දිවිය
වසරද, දෙකද, පනහද
කිසි ප්‍රශ්නයක් නෑ . .
එකම හේතුව
වසර ගානක්
මඩේ ඔබ ඔබ හෝදතෑකි
හරිම ආතල් ඕයි . .
සොල්ලි වේල ඉල්ලෙයි . . !
මඩේ ඔබලා හෝදන්න ජාති නැත්නම්
ලොකු ප්‍රශ්නයක් නේද අනේ . . !
ඔල්මාදෙද . . ?
මේ හලෝ
අපි සිරි ලාංකිකයෝ හරිද
ලෝකෙන් උතුම් රට ලංකාවයි
ලංකාවයි සිරි ලංකාවයි . . !
වීරයා ද්‍රෝහියා කරන
ද්‍රෝහියා වීරයා කරන
මේ සුභ අනාගතේ ඉන්න අපිට
ඕකත් කජ්ජක්ද ඕයි . .
මඩේ ඔබන්න ජාති නැත්නම්
ජාති හදනවනේ . .
සිම්පල් ප්ලෑන් එකක් . . !
ඕන වෙන්නේ
තේ කෝප්පේ කිඹුල්ලු දකින
මහා පන්ඩිත ඥානය විතරයි . . !
අම්මට සිරි ඔය තියෙන්නේ
බඩුම තමයි . . . !
ඉතිං අපි
හෝද හෝදා මඩේ ඔබමු
මඩේ ඔබ ඔබා හෝදමු
අහා කෙතරම් ආතල් ද මේ
මනරම් යුගදිවි සොමිය . . . !
Subscribe to:
Post Comments (Atom)
පංකාදුයි මටම ලියාපු එකක් ද මන්දා
ReplyDeleteහම්මෝ... ලොල්... මරු අයිඩියා එක. නොනලාගෙන් ගුටි කන්න වෙයිද දන්නේ නැ ඔයාලට...
ReplyDeleteයුග දිවිය මෙතරම් සුන්දරද කියලා විස්තර කරන්න බෑ.
ReplyDeleteඒක සුන්දර අසුන්දර වෙන්නේ ජීවත් වෙන හැටියට.
සමහරු මේක නාගන්නවනේ
/බිඟුවා...!
මඩේ ඔබන්න ජාති නැත්නම්
ReplyDeleteජාති හදනවනේ . .
සිම්පල් ප්ලෑන් එකක් . . !
ඕන වෙන්නේ
තේ කෝප්පේ කිඹුල්ලු දකින
මහා පන්ඩිත ඥානය විතරයි . . !
එලස්
හහහා..නියමයි මේක.
ReplyDeleteමට නම් තාම තේරුමක් නෑ ඔය ගැන... අපි තාම තනිකඩ මිනිස්සුනේ...!!! ෂහ් ! අත්දැකීම් තියෙන අය ඔය දෙන්නෙ comments නියමෙට ම..
ReplyDeleteහිහ් හී :D
හැබැයි මට නම් හිතෙන්නෙ බිඟු අයියා හරියටම හරි කියල...
"මඩ නොනෑවොත් සෝදන්න බැරිය..
ReplyDeleteනොසේදුවොත් මඩ ගාන්න බැරිය..."
සමරවීර නිමල්චන්ද්‍ර ගේ "අඹුසැමියන් මඩ නා, සෝදාගත් දා...." නවකතාවෙන්...
යුග දිවි සොමිය
ReplyDeleteඔය ආතල් එක තෙරෙන්නේ බැනද දවසටම තමා.
කාලෙකින් දැක්ක නියම පොස්ට් එකක් දුකා අය්යෙ...
ReplyDeleteනියමෙට ලියල තියෙනව දුකා අයියෙ......
ReplyDeleteමාතෘකාවට අදාළ නැති දෙයක් ලියනවට සමා වෙන්න..
ReplyDeleteඅපේ සහෘදයෙකුට හරිම අවාසනාවන්ත සිද්ධියකට මුහුණපාන්නට සිදුවෙලා..
ආදරය, විරහව සහ කදුල ලියන චන්දික මලයට...
හැමොගෙම අවධානය මේකට යොමු වෙනවා නම් හොඳයැයි සිතනවා..
මේක බලලා ඔබේ අදහසත් ලියල එන්න..
http://love-hurt-tears.blogspot.com/2010/03/blog-post_6649.html
@උන්නැහේ!
ReplyDeleteඅහ් . . උඹත් වලියක් දාගත්තාද ? හෆොයි
@Hipo!
අපේ ප්‍රකාෂණ අයිතිය නැති කරන්න හහ් එව්ව කොහේද . . .අපි බය නෑ හරිද . . හික් හික්
@බිඟුවා...!!
අනේ ඔව් බිඟුවෝ . . . ඒක නම් ඇත්ත
උපහාසයෙන් පිරි පද පෙලක්, ඒත් පොඩි විමසුමක් කරන්න සිතුනා.
ReplyDeleteමහ සයුර හා මහ පොළොව යාකරන රන්වන් තීරය මූදු වැල්ල. වැල්ල සිප ගන්න රැල්ල නොආවොත් ඒ රන්වන් තීරය වියලී ගොස් පරඩැල් බැඳි, වල් වැදුන වැල්, කැලි කසල වලින් පිරී ක්‍රම ක්‍රමයෙන් නැතිවී යා හැකියි.
වැල්ල සිපගන්න මහරළ පලාතම සුද්දකර ඔතා අරන් යනවා. ඒත් නිරතුරුව වැල්ල සිඹින පොඩිරළ ගේන කිරිපෙන ගෙලවට මාලයක් සේ රන්වැල්ල සරසනවා. පරිස්සමෙන් වැලි තලය පිරිසිදු කරනවා. ඒ මුදු මොලොක් කිරිපෙන කියන්නෙ කඩාගෙන එන සයුරු ජලතල සමඟ පොළොව සුරකින ගල්පර හැප්පි කල සටනින් අඩාල වූ කැඩී බිඳී බලසුන්වූ මහරල නොවෙද.
රන්වන් වැල්ල වියලීම, තෙත්වීම නිසා නොවෙද වෙනස් පාටවලින් (shades) අලංකාරව දිස්වෙන්නේ. මෙයම නොවේද ජීවිතය.
මල සයුරේ (Dead Sea) රළ, අලංකාර කිරිපෙන ඇතිවන්නේ නැහැ.
නියමයි දුකා...
ReplyDeleteඅදහස නම් පංකාදු පහයි..
ReplyDeleteඒත් මට හිතෙන්නේ දුක් දේවිය මොකක් හරි පාට්එකක් දාලා වගෙයි...
ඔයගැන නම් මොනවත්ම කියන්න බෑ. අපි තාම පවුල් ජීවිතේට ඇතුල්වෙලා නෑනෙ
ReplyDelete;)
නියමයි දුකා අපුරුයි!
ReplyDeleteතාම නම් තනිකඩ තමයි.
ReplyDeleteඒත්..බැඳලා ඔය සොමියත් ගන්න එපැයි නේද..දුකා.
superbbb..කවිය ..මචං.
@චතුරංග රූපසිංහ !
ReplyDeleteතැන්කූ තැන්කූ
@Raven !
මේ මේවා බලලා හැදියන් හොඳේ . . මේ වගේ කරනවා එහෙම නෙමෙයි ඕං . .
@sansarasidu !
අහ් තනිකඩයින්ටත් වටිනවා මෙව්වා. පෙන්නලා අහන්න බඳින්න කලින් මේ වගේ හෝද හෝද මඩේ දානවද නැත්නම් නොබැඳ ඉමුද කියලා හික් හික්
@ගල්මල්-Coral !
ReplyDeleteඋඹ කියන දේත් ඇත්ත. ඒත් වෙලාවකට ඔය වැඩේ එපා වෙනවා. පරන රෙද්දම හෝදන්නේ නැතුව අලුත් එකක් ??? අන්න එහෙනම් කමක් නෑ කිව්වැහැකි. වෙනසකටත් එක්ක අර උඹ කියල මුහුදු රැල්ල වගේ . .
@මිස්සක !
එළ එළ කිව්ව වගේ හැදියන් මේවා බලලා හොඳේ හික් හික් බඳින්න කලින් දාපන් කන්ඩිෂන්
@මාරයාගේ හෝරාව !
අඩේ මාරයාට හොරෙන් වලියක් වත් දාගන්න බෑ වගේ . . . මූට තේරෙනවානේ බැඳලා නැති උනාට . .. හෆ්ෆා
@තිස්ස දොඩන්ගොඩ !
ReplyDeleteතිසා ඒක හරියට අර මළගිය ඇත්තෝ පොතේ තියෙන කොටසක් වගේ. ම් ම් මොනා වුනත් මම නම් කැමති මඩේ දදා නොසෝදන ඒත් මඩ ගෑවුනොත් විතරක් සෝදන යුගදිවි සොමියක්. මම ආසා නෑ රන්ඩුවෙන්න . . දන්නවනේ මම වගේ තරහ නොයන අයට තරහ ගියාම පාලනය කරන්න කොච්චර අමාරුද කියලා . ..
@V!
ඔව් ඔව් දැන් උඹ ඔය ඒ ආතල් එක ගන්න ඉක්මනට බඳින්නද හදන්නේ . . ??? හෆොයි හික් හික්
@චේජනා !
අහා . . එහෙනම් අපේ ගෙදර උන්දැට කියන්න ඕන මේ වගේ කාලෙකට එක පාරක් වලියක් අදින්න කියලා එතකොට කස්ටියට පෝස්ට් එකක් කියවන්න පුලුවන්නේ . . හික් හික් . .
@විශ්මි !
අහ් විශ්මි නංගී. අර රේවන් ට කියපු එකම ඔයාටත් අදාලයි හොඳේ . . හික්ස්
@දිල් !
ReplyDeleteඑහෙනම් ඇතුල් වෙන්න කලින් ම අර අර වගන්ති මාලාවට එකතු කර ගන්න නගේ . .
"ඉරා විසිකල යුතු පරන රෙදි හෝද හෝදා මඩේ දැමීම, මඩේ දම දමා හේදීම සපුරා තහනම්" කියලා . . හික්ස්
@අෂාන් රවීන් !
එල එලස්
@- නිල් අහස - !
අහ් මේ වැඩේ ජොලි වැඩක් කියලද උඹ හිතන්නේ . මට නම් එපාම කරපු දෙයක්. ඒත් ඉතින් මාත් ඔය වැඩේම කරන වෙලාවලුත් තියෙනවා. . හික්ස්
This comment has been removed by the author.
ReplyDeleteඔයා මුලු රටම ගැන නෙද මෙ කියන්නෙ.... හොද හොද මඩෙ ඔබන යුග දිවිය කියලා කියපු වාහම මම හිතුවෙ වෙන දෙයක්.. පස්සෙ කියවද්දි තමයි සිස්ටම් එක ගැන නෙ මෙ කියන්නෙ කියලා තෙරුනෙ....
ReplyDeleteමට පේන්නේ බදින්න කලින් හොදම උපදෙස් දෙන කෙනා දුකා අයියා වගෙ ;)
ReplyDeleteහෝද හෝද මඩේ දාන්නෙ...
ReplyDeleteබලා ගෙනයි.................
මඩ පැල්ලම් හිටියොත්.......!
ආයෙත් රෙදි නැන්දවම....
ගේන්න වෙයි...........
හප්පේ....බලාගෙන යනකොට..කසාදයකත් තියෙන්නේ...අර, වමාරා කන න්‍යායනේ...
අනේ අනිච්චo...!
මේ....
සුලා...........
හෝද හෝදා මඩේ ඔබමු
ReplyDeleteමඩේ ඔබ ඔබා හෝදමු
අහා කෙතරම් ආතල් ද මේ
මනරම් යුගදිවි සොමිය . . . !
ඕන එකයි එපා එකයි
සේරම සොයන
අහල පහල උන්ටයි
මේ උපරිම සොමිය . . . !
niyamai dukkaa ayyee mekata deyak liyanna one kiyala hituna hoda hoda made danna wenne parana widiye mada wadina wadama kalothneda?ehema natnam ekata aluth reddak hodana eke therumak na neda?
ReplyDeleteසිරා සිරා ඕක තේරෙන්න ඉතින් බඳින්නම වෙනවා...
ReplyDeleteඅනික අය්යේ මට කියන්න අමතක වුනා. මේ කවිය ලස්සන සිංදුවක් කරන්නත් පුළුවන් වගේ. ටිකක් ට්‍රයි කරලා බලමුද?
ReplyDelete