Saturday, December 15, 2012
බාල වියෙන් පිටමං වී . . . යොවුන් වියට පියමැන්නේ . . . ප්‍රිය ළඳුනේ . . . නුඹ නිසායි . . . !
මේ කතාව කොතනින් පටන් අරගෙන . . . කොහොම ලියනවද කියලා මම දවස් ගානක් තිස්සේ හිතුවා . . . හිතල හිතලා මගේ හිත පඹ ගාලක පැටලිලා වගේ තිබුනේ මේ දවස් කීපයේම . . . . කොතනින් කොහොම උනත් . . . ලියන්නම ඕන කියල මට මගේ හිත කරපු තර්ජනය නම් නොසලකා හරින්න මට බැරි උනා . . .
වික්ටර් රත්නායක මහත්මයා ගායනා කරන "හුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගිය මං . . . බාල බොලඳ බස් දොඩමින් කැලේ පැන්න මං . . . බාල වියෙන් පිටමං වී . . . යොවුන් වියට පියමැන්නේ . . . ප්‍රිය ළඳුනේ . . . නුඹ නිසායි . . ." ගීතය අහල තියෙන කෙනෙකුටත් . . . කරුණාසේන ජයලත් මහතා විසින් රචිත "ලස්සන ඇස්" නවකතාව කියවල තියෙන කෙනෙකුටත් . . . . . . ඒ ගීතයෙත් . . . නවකතාවෙත් . . . සමහර කොටසුත් මගේ මේ කතාවෙත් යම්කිසි සමාන ගතියක් තියෙනවා කියල හිතෙන්න පුලුවන් . . .
ඇත්තෙන්ම මේ සිදුවීමෙන් සෑහෙන කාලෙකට පසු මම ඒ ගීතයත් . . . නවකතාවත් . . . රසවින්ඳට පසු මම දෑස් පියාගෙන අතීතෙට ඉගිලිලා ගොස් යලි යලිත් ඒ සුන්දර අතීතය මනසින් ස්පර්ශ කලා . . .
කිසිවෙක් මගෙන් අසුවොත් මා වැඩියෙන්ම ආදරේ කරන්නේ . . . පාසැලේ ගතකරපු අතීතයටද . . . දහම් පාසැලේ ගතකරපු අතීතයටද කියල . . . . වචන දෙකක් නෑ මම නම් කියන්නේ මා දහම් පාසැලේ ගතකරපු අතීතයට කියලා . . . එය එතරම්ම සොඳුරුයි . . . ආශ්වාදජනකයි . . . දැනටත් ඒ කාලය ගැන සිතන කොට . . . මොකද්දෝ කියාගන්න බැරි . . . කිතියක් වගේ හැඟීමකින් . . . හිත සිහිල් වෙනවා . . . හරියට සිහිනෙන් දිව ගෑ සුවඳක් වගේ . . .
මේ සිදුවීම සිදුවෙන කාලෙ වෙනකොට මම පාසැලේ 8 වසරෙ . . . දහම් පාසැලේ 6 ශ්‍රේනියේ . . . මගේ වයස 13ක් නැතිනම් 14ක් පමන ඇති . . .
ඔය කාලේ මම විනෝදාංශෙට කලේ ඔය වයසෙ හැම ළමයෙකුම කරනව වගේ . . මාළු ඇති කරන එකයි . . මුද්දර එකතු කරන එකයි . . . පාට පාට පිහාටු එකතු කරන එකයි . . රට රට වල කාසි එකතු කරන එකයි. . .හැකි හැමවෙලාවෙම යාළුවොත් එක්ක සෙල්ලම් කරන එකයි තමයි. . .
දහම් පාසැල . . .
නුපුරුදු ජාතික ඇඳුම හෙවත් සුදු අත්දිග කර පියවපු කමිසයයි . . දාංගලේට කඩා ගනී කියල බයට ඉනට තද වෙන්න අක්කගෙ පරන ලේස් පටියකින් ගැටගහල අම්ම හිරට අන්දපු සුදු කොට කලිසමට උඩින් අඳින සුදු සරමයි ඇඳල . . . අපේ වත්තේ අරලිය ගහෙනුත් . . ඉද්ද ගස් වලිනුත් කඩාගත්තු සුදු මලුත් අහල පහල ගෙවල් වලින් ඉල්ලගෙන කඩාගත්තු පාට මලුත් . . වට්ටියක දාගෙන . . . අම්ම පොල්තෙල් ගාලා පැත්තට පීරපු කොන්ඩෙ අවුල්වෙයි කියල බයට දුවන්නේ නැතුව . .සුදු ළමා සාරි ඇඳගත්තු අක්කයි . . නංගියි එක්ක . . . පෙලට දහම් පාසැල් ගිය පුංචි කොල්ලව මට මේ දැනුත් මැවිලා පේනව . . . .
අනේ කොච්චර අහිංසකද . . . ඒ පුංචි එකා . . .
දහම් පාසැලේ කලා සංගමේ මමත් සාමාජියයෙක් නිසා නිතැතින්ම මම ඇසුරු කලේ මට වඩා වයස 5-6ක් හෝ 7-8ක් හෝ වැඩිමහල් සොයුරු සොයුරියන්ව . . . මට වඩා අවුරුද්දක් බාල "තරුශි" ත් මාත් තමයි අපේ කලා සංගමේ වයසින් අඩුම දෙදෙනා . . .
අපේ මිතුරු මිතුරියන් වුනේ පර්ල් අක්කා,ළලනිශා අක්ක,චමින්ද ,ලෝචනා අක්කා,සමන් අයියා, වසන්ත අයියා, ලතිකා අක්ක, දිනේන්ද්‍ර අයියා, නිරෝශා අක්කා . . . සමහර නම් මතකයෙන් ගිලිහිලාත් ගිහින් . . . . එහෙම නොවී තිබේවියෑ . . . . . දැනට කොපමන කාලයකට පෙරද . . ?
මගේ වයසෙ අනිත් ළමයි විවේක කාලයේදී සරම ගලවල පැත්තක තියෙන ගහක එල්ලල යටට ඇඳන් ආපු කොට කලිසම පිටින් සෙල්ලම් කරද්දි . . . මම යන්නේ මගේ දයාබර අක්කල අයියල ටික හොයාගෙන . . !
"තරුශි" . . . .
හ්හ්හ්ම්ම්ම්ම්ම් . . . තළෙලු . . සිහින් සිරුරක් තිබූ . . නිතරම එහෙ මෙහෙ දුවන චංචල . . කතාකරන දෙනෙතක් තිබූ . . . විනාඩියක් එක තැනක එකවිදිහට ඉන්න බැරි තරම් දඟකාර . . . "තරුශි" . . . . . . !
මට ළමා වියෙන් යොවුන්වියට පා තබන්නට මඟ සලකුනු කියා දුන් . . "තරුශි" . .
"දහම් පාසැලේ සංවත්සර උත්සවය . . . "
අපි හැමදෙනාම පුල පුලා බලා සිටින . . . ආදරණීය සංවත්සරය . . . . !
මමත් ගායන කාංඩායමේ සාමාජිකයෙක් නිසා පාසැල් වෙලාවෙන් පසුව පවත්වන රිහසල් වලට "මෙයාට ස්කෝලේ වැඩකටවත් නැහැනේ මෙහෙම උනන්දුවක්" කියා බනින අම්මගේත් . . . "ඔය ඉතිං පර්ල් ලයි, ලළා ලයි, ලතිකලයි, තරුශියි එක්ක මුකුළු කර කර ඉන්න තියෙන හදිස්සියනේ " කියා ඇනුම්පද කියන අක්කගෙත් . .බැනුම්, ඇනුම්පද . . වම් කනෙන් අසා දකුනු කනෙක් පිටකර හැර , තියෙන දෙයක් කා බී දඩිබිඩියේ රිහසල් වලට දුවන ආදරණීය සංවත්සරය . . . . !
රිහසල් වල විවේක කාල වලදී අක්කල අයියල එයාලගේ පෙම්වතුන් පෙම්වතියන් සමඟින් පෙම්බස් දොඩද්දී දෙපැත්තකට වී ඉන්න අපි දෙදෙනාට ඔවුන්
"උඹල දෙන්නත් සෙට් වෙලා ලව් කලානම් හරිනේ " කියා සමච්චල් කරත්දී . . . පුංචි අපේ හිත් වලටත් කුමක්දෝ නොදන්නා හැඟීමක් ගලා එන්න ඇති . . . .
එක තැනක එක විදිහට ඉන්න බැරි ඇගේ දාංගලේ පැත්තකට විසිකොට . . . මම ප්‍රමාද වී දහම් පාසැල් ආ දිනෙක . . . ගේට්ටුව අසල ඇති බුලු මුලේ වාඩිවී . . . මා එනතුරු . . . දෑස් දලවා බලා සිටි ඈ . . මා ලඟට එනවාත් සමඟ අතේ ගුලිකරගෙන සිටි නාරංබික් ලොසින්ජර අහුරක් මගේ අතේ තැබූ සැටි මට අද මෙන් මතකයේ තිබෙනවා . . . අනේ පුංචි අපි . . . !
පසුකලෙක ගොළුහදවත නවකතාව බැලූ පසු දම්මි සුගත්ට වෙරළු අහුරක් දිගු කල සිදුවීම මට මගේ යටගියාව සිහිපත් කලා . . .
අන්තර් දහම් පාසැල් නාට්‍ය තරඟයක් අපේ දහම් පාසැලේ සංවිධානය කර තිබුනා . . පිට දහම් පාසැල් වලින් පැමිනි සොයුරු සොයුරින්ට හැඩ ගැන්වීම සඳහා පංති කාමරයක් බැගින් ලබාදී අපේ කට්ටියේ අය ඔවුන්ට අවශ්ය යමක් ඇත්නම් සපයා දීමේ බලාපොරොත්තුවෙන් එකිනෙකා එක් එක් පංති කාමර බෙදා ගත්තා . . .
තරුශිටයි මටයි පංති පේලියේ කෙලවරේම පංතියක් ලබාදී තිබුනේ . . .
"උඹල අපේ පංතිත් ටිකක් බලා ගනිල්ල ළමයිනේ . . . අපි තේ එකක් බොන්න යනෝ . . ." කියාගෙන අක්කලා ටික අපිව තනිකර පැන ගියා . . .
වෙස්ගැන්වී අහවර උනු අය රංගශාලාවට ගියපසු ඔවුන්ගේ බඩු මුට්ටු ප්‍රවෙසම් කිරීමට ඉතිරි වූයේ ටික වේලාවකට ඇයත් මාත් පමනයි . . .
ඇගේ දෑතිම අල්ලගත් මා "මම ඔයාව ඉඹින්නද . . ." කියා ඇසුවා . . .
හා කියන දෙය කටින් නොව දෙනෙතින් පැවසූ ඇය . . . ඇගේ කම්මුලක් මගේ පැත්තට හැරවූවා . . .
මා සිනිදුවට ඇගේ කම්මුලක් සිප ගත්තා . . .
දැනටත් මතක් වෙද්දී හීන් සිනාවක් මගේ මුවට නැගෙනවා . . අනේ පුංචි අපි . . . !
ගැහැනු ළමයි නවකතාවේ ලොක්කයියාගෙත් කුසුම්ගෙත් කුඩාකල පටන් බැඳි වචනයයෙන් "මම ඔබට ආදරෙයි " නොකියූ පෙම මෙන් අපේ කුඩා පෙමත් සුන්දරව ගලා ගියා . . .
අපේ පාසැලේම මගේ නමම තියෙන අයිය කෙනෙක් ඇගේ ආච්චිලගේ ගෙදර ඇනෙක්සියේ පදිංචිවී සිටියා . නිවාඩුවට ආච්චිලගේ ගෙදර ගොස් ආපසු පැමිනි ඈ බොහෝ සෙයින් වෙනස් වී ඇති අයුරක් මට දැනුනා. පෙර මෙන් පෙම් බැලුම්, පෙම් සිනා,කෝමල කතා අතුරුදන්වී ඇති සැටියක් මට දැනුනා .
දිනක් ඉහත සඳහන් අයියාගේ මිතුරෙක් මා හමුවට පැමින, මල්ලී ඔයා අර තරුශි එක්ක ෆිට් නේද ? මේ ලියුම සුභාෂ් අයියා දුන්නා කියල එයාට දෙන්න කියලා මගේ නම ඇති සොයුරගේ නම සඳහන් කර මට ලිපියක් දී ගියා . . .
විදුලියක් වැදුනු සැනින් කෙනෙකුට කුමන හැඟීමක් දැනේවිදැයි මට එදා දැනී ගියා . . . .
ලිපිය ඉරා විසිකරන්න තරම් ක්‍රෑර නොවූ මා විවේක කාලයේ ඈ අතට ලිපිය දුන්නේ වෙව්ලන දෑතින්.
මගේ දෙනෙත් දෙස බැල්මකුදු නොහෙලූ ඇය එය ගෙන ගොස් පොතක් ඇතුලේ දමා විත් මා පසුකර කැන්ටිමට ගියේ මා කවුදැයි නොදන්න අයෙකු ලෙසින්.
එදින දහම් පාසැල නිමා වෙන තුරු කාලය මා කෙසේ ගෙවා ගත්තාදැයි මටම සිතා ගත නොහැකි වුනා. හැමදාම ප්‍රමාද වී යන අපේ කන්ඩායමෙන් වෙන්වී ඈ තනිවම ඉක්මන් ගමනින් පා නගනු මා දුටුවා.
සරම කොනකින් උස්සා ගත් මා වේගයෙන් දිවගියා. පන්සල මෙහා පැත්තේ වූ කෝන්ගස අසලදී මට ඈ හමුවූවා . . . .
"තරුශි. . . මට කියන්න ඇයි ඔයා ඔහොම කරන්නේ . . . ඔයාට ඔහොම කරන්න පුලුවන්ද ? මගේ සියලු ප්‍රශ්න වලට ඇගේ පිලිතුර නිහඬ බව පමනක් වූවා . . .
"අඩු තරමින් මට කියන්න ඔයා ආදරේ කරන්නේ මටද . . . නැතිනම් සුභාෂ් අයියාටද ? "
පුංචි මගේ මුවට එවැනි වදන් කෙසේ ආවාදැයි අදටත් මට සිතා ගත නොහැකියි . . .
කිසිදු පිලිතුරක් නොදුන් ඈ . . . අප දෙදෙනා . . . දෙදෙනාගේ නිවෙස්වලට යාමට වෙන්විය යුතු මංසන්ධිය හෙවත් පංසල පිටුපස කාක බෝධිය අසලටම ඇගේ එදින හුරුකරගත් ඉක්මන් ගමනින් පැමින . . .
"සුභාෂ් අයියාට කියා . . . මගේ දෙස වත් නොබලා පවසා පොත් ටිකත් ළමැදට තදකරගෙන ළමා සාරියේ මැදින් ටිකක් ඉහලට ඔසවාගෙන වේගයෙන් දිව ගියා . . . .
මාළු ටැන්කි හතක පමන ගෝල්ඩ් ෆිශ් . . ෆයිටර් . . සීබ්‍රාස් . . ඒන්ජල්ස් . . ආදී මාළු වර්ග ආසාවෙන් ඇතිකල . . . ලොකු පොත් 4ක් පිරෙන්න රට රට වල මුද්දර එකතු කල . . . පාට පාට පිහාටු . . . කාසි වර්ග එකතු කල . . . නමුත් දැන් ඒවාට ආසාවක් නැතිවී . . . ළමා වියෙන් එලියට පැනගත් . . . යොවුන් වියේ එලිපත්ත මත හිඳි කුඩා ලමයෙක් . . . අසල වූ කාක බෝධිය පසුපසට වී . . . මංසන්ධියේ මැදට වී . . . දුරින් දුවන . . . කුඩා දැරියක දෙස වේදනාවෙන් බලා හිඳින තවත් දරුවෙකු දෙස . . . අසරන හැඟීමන් බලා සිටියා . . . . !!!
Subscribe to:
Post Comments (Atom)
මගේ හිත not-responding. ඔළුව crash උනා. කොහොමද comment එකක් ලියන්නෙ ?
ReplyDeleteදුක තමයි !
(මේ ඇත්ත කතාවක්මද ?)
ඔබ ලියන දේවල්වල පුදුමාකාර ලස්සනක් වගේම ජීවිතයට ගන්න දෙයක් තියෙනවම තමයි.විශේශයෙන්ම ඔබ ලගදී ලියපු අක්කලා ගැන ලිපිය මම අක්කලා ගැන හිතපු ආකාරය වෙනස් කලා.
ReplyDeleteමේ ලිපියත් ඒ වගේ. තමන්ගේ ජීවිත අත්දැකීම් මේ ආකාරයට වචන වලට පෙරලන්න පුලුවන් ගෝර්කි වගේ දක්ශ ලේකකයෙක්ට පමණයි. සුබ පැතුම්.....!
නියමයි දුකා නියමයි.ඔක්කොටමත් වඩා මේ ලිපියේ මාතෘකාවට මන් කෑමතියි. හදවතට දෑනෙනවා.
ReplyDelete"බාල වියෙන් පිටමං වී . . . යොවුන් වියට පියමැන්නේ . . . ප්‍රිය ළඳුනේ . . . නුඹ නිසායි . . ."මොන තරම් අර්ථයක් ඒ පද ටිකේ තියෙනවාද,ලිපියට ගෑලපෙනවා. මේ ගීතය අහන්න පුලුවන් තෑනකුත් කියන්න.
www.infolanka.com/miyuru_gee/
ReplyDeletehttp://www.sinhalajukebox.org/cgi-bin/songs.cgi?searchstring=hurathaleta+kawi&action=Search&compose=1&ignorecase=1
ReplyDeleteහ්ම්...
ReplyDelete@ Supun Budhajeewa !
ReplyDeleteඔව් සුපුන් . . . මේකත් ඇත්ත කතාවක් . . . මෙහි නම් පවා ඇත්ත නම් . . . මේ කාන්ඩයෙන් කාට හෝ අහම්බයෙන් වත් මෙය කියවන්නට ලැබුනොත් කියා සිතා . . . මම නියම නම් පලකලා . . . ඔවුන්ටත් අපේ පෙර සුන්දර දහම් පාසැල් දිවියේ මතක සටහන් යලි සිකැඳවන්න කියා සිතා . . .
හෆෝයි....
ReplyDeleteදුකා ගැන දුකයි.
ReplyDeleteමේ දුකා කොල්ලෝ නරකද බ්ලොග් ලියන අතරෙම පොතක් ලිවිවොත්.ඔහේගේ ඊට හොද හැකියාවක් තියෙනව කියලා මම හිතනවා.
ඔය වගේ තව තව ජීවිතේ රස මුසු තැන් අපිට ඉදිරිපත් කරන්න.එය සමාජයට වැදගත් වේවි.එමෙන්ම අපට රස වින්දනයක්ද ගෙන දේවි....
සුභ පතනවා....!!!
@ හසී !
ReplyDeleteස්තූත්යි හසී කොල්ලෝ . . . ම් ම් ම් ම් මමත් කාලයක ඉඳන් පොතක් ලියන්න ඕන කියල හීන මවාගෙන ඉන්නවා . . . දවසක් මගේ පොත ලියවෙන්න ඕන මෙන්න මෙහෙමයි කියල (මුල . . මැද . . අග . . සියල්ලම ) මහ පාන්දර 2ට 3ට වගේ ඇහැරුනු වෙලාවක අදහස් හිතට ගලාගෙන ආවා . . .
ඇඳෙන් නැගිටින්න කම්මැලි වුනු නිසා ඒක ලියා ගන්න බැරිඋනා . . . ලියන්න තිබුනු කම්මැලි කම නිසාම එහි ගොඩාක් දේවල් අමතක වෙලාම ගිහින් . .
ස්තූත්යි මතක් කලාට . . .ආයෙ පාරක් හිතල බලන්න ඕන . . .
NUWAN"s lane !
ReplyDeleteහුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගිය මං . . .
බාල බොලඳ බස් දොඩමින් කැලේ පැන්න මං . . .
බාල වියෙන් පිටමං වී . . .
යොවුන් වියට පියමැන්නේ . . .
ප්‍රිය ළඳුනේ . . . නුඹ නිසායි . .
කැදලි පුරා කුරුළු පුරේ . .
ආල හැඟුම මැවෙනු දුටිමි . .
කැලේ පුරා ලතා ළපලු . . .
තුරුවැල් පෙම් කෙලිනු දුටිමි . . //
එවන් දසුන් මා දුටුවේ . . .
ප්‍රිය ළඳුනේ . . . නුඹ නිසායි . .
හුරතලේට කවි කියමින් . . .
උනුන් හඹා දුවන පනින . . .
සමනල පෙම්පතුන් දිටිමි . .
රැලෙන් වෙන්ව පීනා යන . . .
ආදර වන්තයින් දිටිමි . .
එවන් දසුන් මා දුටුවේ . . .
ප්‍රිය ළඳුනේ . . . නුඹ නිසායි . .
හුරතලේට කවි කියමින් . . .
මගේ මතකයේ හැටියට මේ ගීතය රචනා කලේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා . . .සංගීතය විකටර් රත්නායක මහතාගේම විය යුතුයි . . .
මෙන්න මෙතනින් මේ ගීතය අහන්න පුලුවන් නුවන් . . . http://www.infolanka.com/miyuru_gee/art/victor.html
තවදුරටත් විකටර් රත්නායක මහතා දැනට වසර දෙකකට පමන පෙර එලිදැක්වූ "ගැහැනු ළමයිනේ ප්‍රේම ගීතාවලිය" සංයුක්ත තැටියෙත් මේ ගීතය තිබෙනවා . .
මටත් මේ විදිහම අත්දැකීමක් තියෙනවා දුකෝ..මම ඒක ලියන්න නෙමෙයි හිටියේ.ඒත් මට උඹ ලියලා තියෙන දේ හුඟාක් දැනුනා.ඒක හින්දා අනිවා ලියනවා.හැබැයි ඒක සිද්ධ උනේ මීට වඩා ලොකු වයසෙදී.
ReplyDeleteඋඹ ලියන විදිහ ඇත්තටම මරු..දිගටම ලියහන් !
උඹ හොඳ දුක්ගන්නාරාළ කෙනෙක් !!!
@ මුචලින්ද !
ReplyDeleteඋඹේ අත්දැකීමත් ලියපන් මචං . . . කාට හෝ වැදගත් වෙන පනිවිඩයක් එහි තිබෙනවා වෙන්න පුලුවන් . . .
ස්තූතියි කොල්ලෝ අගය කිරීම ගැන . . . දිගටම ලියන්න මාර ශක්තියක් මට සපයනවා ඔවැනි දිරිගැන්වීම් . . . !
මං දැන් කාලෙක ඉඳන් මේ හැම ලිපියක්ම බොහොම ආසාවෙන් කියෙව්වෙ. කමෙන්ට් නම් දාලම නෑ, ඒත් අද නොදා බෑ කියල හිතුණා. ඒත් මොනවද ලියන්නෙ?
ReplyDeleteහැඟුම්බරයි. විශිෂ්ටයි. දිගටම ලියන්න. :)
@ Malinthe !
ReplyDeleteස්තූතියි අගය කිරීම ගැන . . . !
@දුකා:
ReplyDelete[said:දුකා]
සුන්දර දහම් පාසැල් දිවියේ මතක සටහන්
[/said]
"සුන්‍දර" ? උඹට දුක නැද්ද දුකෝ ?
බොහොම ලස්සන ලිවිල්ලක් :)
ReplyDeleteමාත් බොහොම කැමැත්තෙන් කියෙව්වා. cheers!
@ Supun Budhajeewa !
ReplyDeleteම්ම්ම් නැත්තෙමත් නෑ . . . ඒ කාලේ නම් දුකක් දැනුනා . . දැන් නම් ඒ කාලේ මතක් කලාමත් සතුටුයි . .
කොහොමත් එය මගේ ප්‍රථම ප්‍රේමය කියලවත් නෙමෙයි මම සලකන්නේ . . . .
මාව ළමා වියෙන් ඇදල අරං යොවුන් වියට තල්ලු කරපු එක්තරා සිදුවීමක් . . .පමනයි කියලයි මට හිතෙන්නේ . . . !
@ Anandawardhana !
ReplyDeleteස්තූතියි . . . !
මචෝ මම උඹේ ලිපිය කියෙව්වෙ අද උදේ. ඒත් ඒ වෙලාවෙ ආපු හැඟීම නිසා කමෙන්ට් කලේ නෑ. නෑ නෙවෙයි එවෙලෙ කරගන්න බැරි තරමටම හැඟීම්බර උනා. ඇත්තටම මට හිතෙනවා අපි හැමෝටම ආදරේ කියන එක මුලින්ම දැනුනු කාලය කවදාවත් අමතක වෙන්නෙ නෑ කියල.
ReplyDelete@ තාරක සමරණායක !
ReplyDeleteඇත්ත හමයි තාරක . . . සමහර විටෙක කවද හරි වයසට ගිය දාක . . . විශ්‍රාම අරගෙන . . පුටුවකට වෙලා . . . අතීතේ සුවඳ මතක් කරත්දිත් . . . ජීවිතේ මුලින්ම විදි ආශ්වාදජනක සුවය . . . විඳින්න හැකි වේවි කියල මටත් හිතෙනවා . . .
නියමයි. අපූරුයි........
ReplyDeleteඔෙහාම වුෙන් උඹ ඒ කාලෙ 'වැඩිහිටියන්ට පමණයි' ඒවා බලල ඒෙහම නෙවෙයි ෙන්ද?
@ Chinthaka !
ReplyDeleteඒවා නම් ඔය කාලේ බැලුවා තමයි . . . නමුත් ඒවායේ තිබුනු දේවල් ට්‍රයි කරන්න හිතුවානම් . . . සිපගන්න ඉඩ දුන්නාම කම්මුල සිප ගනී කියල හිතනවාද . . ? හික්ස්
දහම් පාසැල් සොඳුරු මතකඃ
ReplyDeleteයාළුවාඃ කතන්දර කාරයෝ?
මමඃ ඇයි?
යාළුවාඃ අර ලාලි අහනවා ඔයා එයා එක්ක යාළු වෙන්න කැමතිද කියලා.
මමඃ නිරුත්තරයි.
යාළුවාඃ යාළු වෙන්න කැමති නම් ලබන ඉරිදා එන කොට ලියුමක් ගේන්න.
මමඃ නිරුත්තරයි.
kathandara.blogspot.com
@ Kathandara Kaarayaa !
ReplyDeleteඅහ් . . දහම් පාසැලේ සොඳුරු මතක සටහන් තියෙන අය තව ඉන්නව වගේ . . . !
අද නම් comment නොදා බෑ දුකා, හුඟක් කල් ඉඳල දුකාගෙ හිතාගන්නත් බැරි තරම් ලස්සන ලිපි කියෙව්වත් comment එකකින් එකේ වටිනාකම බහීවි කියල බය හිතුණා, ඒත් මේක නම් හිතට වැදුණා සෑහෙන්න. හොඳ නොකියත් බෑ, කියන්න හරි හමං දේකුත් නෑ :( .... මාර ලස්සනයි
ReplyDeleteඅපිටමයි වෙන්නේ නේද මචෝ....දුක් වෙන්න එපා දුකෝ...ඉස්සර දේවල් මතක් උනත් මාර අමුතුම ෆන් එකක් දැනෙනව නේද බං...
ReplyDelete@ Dili | දිලින !
ReplyDeleteඅහ් තැන්කූ තැන්කූ . . . !
@ සිතුවිලි ගංගා... !
ඔව් ඔව් ඇත්තමයි අතීතය දිහා ආපසු හැරිල බැලුවම දුකක් නෙමෙයි දැනෙන්නේ . . . මාර සතුටක් . .
හොඳ සටහනක් ලස්සනට ලියලා.. ඔබට තුති! තවත් හොදට ලියන්න.. දැන් තමා මේක දැක්කේ :)
ReplyDeleteමමත් දහම්පාසැල් නම් ගිහින් තියෙනවා. එත් උදේ 9ට ගිහින් අපි 10.30 - 11.00 වෙද්දි ගෙදර ;-)
පොඩි කාලෙනම් මාරු වෙලා එන්න දන්නේ නැ නොවැ.
හ්ම්ම්ම්...දුකෝ ඇයි ඇත්තටම මේ....ක ලිව්වේ? මගේ මුල් Crush ඒක මතක් කරන්නද?
ReplyDeleteලලිතා මිස්ගේ Commerce ක්ලාස් එකේ දැක්ක මාත් එක්ක හිනා වුණ ඇය ( දන්න අය 'කොච්චි කරලී' කිව්වාම දන්නවා) දෙවැනි දවසේ කතා කලවිට ඇය මගේ හොඳම මිත්‍රයෙකුගේ හිටිපු පෙම්වතිය බව දැන ගත්තේ එදාමයි.( ඒත් ඒ සම්බන්ධය තිබ්බේ සතියක්, ඒක මාට්ටු වෙලා අපේ ගෙදර ආවා ඔහු අපේ ගෙදරට ආ බවක් කියන්නැයි කියලා, ඒත් මම ඒ කෙල්ල කවුද කියලා දන්නේ නෑ). ඉතිං අපේ පවුලේ දායකත්වය තියෙන පන්සලක කඪින පින්කමක වැඩක්ට යද්දී ඇය ඒ පන්සලේ ඉන්නවා දැක්කා. එදාම හාමුරුදුවෝ මට එහි දහම් පාසලට එන්නැයි ආරාධනා කලා මාත් එක්ක කළ සාකච්ජාවක් අතර. ඉතිං මම ගියා, ඉඩ පස්සේ ගොඩ නැගි මිත්‍රත්වය එක්කම එකපාරම ඇය පන්සලේම සිටි වෙනත් හාමුරුදුවෙකුගේ ගිහි සහෝදරයෙක් එක්ක යාළු වුණා. වාසනාවට මම එතරම් බලාපොරොත්තුවෙන නොසිටි නිසාත් ගාණක් වුනේ නෑ.
මචෝ දුකෝ උමට හැබෑම හොඳ හැකියාවක් තියෙනවා, හිතන්න දෙයක් නෑ මචං, පොතක් කරන්න මචෝ, වෙන මොකක්ටවත් හින්දා නෙමේ අපේ ලංකාවට දැන් හොඳ පොත් එනවත් ලියනවත් අඩුයි මචං. ඒකයි!
හැමදාමත්ම වගේ සුභාසිරි මචෝ!
මොනා උනත් පව් වැඩේ..
ReplyDelete@ ඩනිෂ්ක !
ReplyDeleteස්තූත්යි . . . ම්ම්ම්ම් . . . ඔබට දහම් පාසැල් දිවියේ . . . රසමුසු සිදුවීම් . . වැඩිය නෑ වගේ . . !
@ -බිன்ku- !
ReplyDeleteඔයාගේ කොච්චිකරල ජීවිතේට ලොකු හානියක් නොකරපු එක ලොකු දෙයක් . . . ඇත්තෙන්ම හැම දෙනාටම ශක්තියක් තියෙන්න ඕන . . . දුකටත් . . හොඳින් මූන දෙන්න . . .
පොතක් ලියන වැඩේ ගැන නම් තව ටිකක් කල්පනා කරල බලලම කරන්න ඕන . . . ස්තූත්යි දිරිගැන්වීමට . . . !
@ malee_msg !
ReplyDeleteඒ කාලේ විදිහට පවු වැඩේ උනාට දැන්නම් මතක් කරනකොටත් සතුටක් තමයි දැනෙන්නේ . . . . පොඩි කාලේ පොඩි ලව්නේ . . . !
ජීවිතේ ගැන ලියන අය අතර අතේ ඇඟිළි ගානටත් වඩා අඩුවෙන් ඉන්න සෙට් එක තුල උඹට හිමිවන්නේ මුල් තැනක්.
ReplyDeleteවිරහව අත් දැකලා තියෙන මට.., යලි ආදරයකට හිත නොනැමෙන තරම් දුකා.
මොනවා උනත් පොතක් ලියන්ට හිතේ කොනකවත් තියෙනවා නම් පුන්චි මතක් කිරීමක් කොරන්ට. මගෙ ශක්ති ප්‍රමාණයෙන් උදව් කරන්නට මම සූදානම්..
ඔය අත් දෙකට බුදු සරණයි.
@ LishWish !
ReplyDelete"ජීවිතේ ගැන ලියන අය අතර අතේ ඇඟිළි ගානටත් වඩා අඩුවෙන් ඉන්න සෙට් එක තුල උඹට හිමිවන්නේ මුල් තැනක්" ස්තූතියි මචං . . . මම හිතුවෙත් . . මගේ ජීවිත අත්දැකීම් වලින් කාට හෝ ගතහැකි යම්කිසි දෙයක් තිබේ නම් . . . (සමහර විටෙක එවැනි මෝඩකමක් නොකර ඉන්න . . . සමහර විටෙක . . . එවැනි විදිහකට හිත දැඩි කරගෙන ඉන්න . . . වගේ . . . ) ගත්තාවේ කියන සද්හැඟීමෙන් තමයි මම මා ගැන ඇත්තම ලියන්න හිතුවේ . . . .
"විරහව අත් දැකලා තියෙන මට . . , යලි ආදරයකට හිත නොනැමෙන තරම් දුකා" Titanic ෆිල්ම් එකේ My Heart will go on . . ගීතයේ . . "love can touch us one time and last for a life time . . " වගේ මටත් හිතෙනවා ආදරේ අපිට හරියටම ජීවිතකාලෙදිම කරන්න පුලුවන් එකම එක පාරයි . . . ප්‍රේමය මියෑදුනොත් . . ඒ ආදරේත් ඒත් එක්කම මියෑදෙනවා . . . ඉන්පසු වෙන අයෙක් ගැන උපදින ආදරේ රඳවාගන්න හෝ රැඳීතියෙන්න . . බොහේ දේ කැප කල යුතුවෙනවා . . . නැතිනම් බොහේ දේ ලබාගත යුතුවෙනවා . .
"මොනවා උනත් පොතක් ලියන්ට හිතේ කොනකවත් තියෙනවා නම් පුන්චි මතක් කිරීමක් කොරන්ට. මගෙ ශක්ති ප්‍රමාණයෙන් උදව් කරන්නට මම සූදානම් . . " ගොඩාක් ස්තූතියි මචං . . . මගේ හිත එයට ඉඩදුන් දවසට නොවැරදීම මම උඹට ලියන්නම් . . .
"ඔය අත් දෙකට බුදු සරණයි." ඉතිං . . උඹටත් . . . !
මගේ කතන්දරයක් ඔන්න අද ලියාල පල කලා.
ReplyDeletekathandara.blogspot.com
@ කතන්දර කාරයා !
ReplyDeleteඅහ් . . බැලුවා . . බැලුවා . . . හොඳ වෙලාවට පබසරා ගැලවුනා නේද . . .? හික්ස්
"ඇත්තටම ඇයි මේ කෙල්ලො කියන අය කොල්ලන්ගෙ හැඟීම් එක්ක මේ තරම් සෙල්ලං කරන්නෙ?"
ReplyDeleteමට මේ ලිපිය කියවද්දි හිතුණෙ මෙහෙම දෙයක් දුකෝ. ඇත්තටම උඹ මේ කතාව ඇඬෙන්නම ලියලා තියෙනවා. මටත් මාර අප්සෙට් ගියා කතාව කියවලා ඉවර උනාම. උඹ අනිවා පොතක් ලියපං මචං. උඹේ මේ සංවේදී ලීවීමේ හැකියාව විෂිශ්ටයි! ඇත්තමයි!
@ ධනික | Dhanika !
ReplyDeleteමේකනේ ධනික . . . ඔය පොඩිකාලේ ආදර සබඳකම් වැඩිය සිරාවට ගන්න නරකයි . . .
මගේ උපදෙස නම් . . . පොඩිකාලේ ඕවා ගැන හිතන්නවත් එපා කියන එකයි . . .
පොතක් ලියන එකනම් ඇත්තෙන්ම මමත් කාලයක් ඉඳන් හීන මවන දෙයක් . . .මගේ හිතේ ඇඳිල තියෙන කතාව ලිව්වොත් ඒක තවත් "සතීගේ කතාවක්" වෙයිදෝ කියල හිතෙනවා . . (කරුනාසේන ජයලත් මහතාගේ) . .
ම් ම් ම් ම් බලමු බලමු ආනගතයේ . .
දුකා මම අද තමයි ඔයාගෙ ලිපි රසවිදින්න පටන් ගත්තෙ. අදම ඔයාට ලියන්න හිතුන. හරිම ලස්සනයි ඔයගෙ ලිපි. වික්ටර් රත්නායකගෙ සින්දු වලට ඔයා ගොඩක් කමති බවයි මට හිතෙන්නෙ. මමත් හරිම කමති. පුදුම හිතෙන ආදර හිතක් ඔයාට තිබිල තියෙන්නෙ,පොඩි වඩී කියලා හිතුනෙ නද්ද? දහම් පාසල් අද්දකීම් මටත් තියනව, අත්තතමයි ගොඩක් අයගෙ බාලවිය යොවුන් වියට පියනගන්න පටන්ගන්නෙ මෙතනදිද කියලා මටත් හිතෙනවා. මගෙනම් ඒවා හිතෙ අතිවෙලා එතනම නතිවෙච්ච දෙවල් විතරයි.
ReplyDeleteදිගටම ලියන්න ඔයාට සුභ පතනවා.
ලියන්න ලියන්න. පොතක් ලියන්න. ඔයා මොන වගේ පොතක් ලිව්වත් ඔයා ලියන ශෛලය නියමයි. කියවගෙන යන්න ආස හිතෙනවා. ඉතිං මොන කතාව ලිව්වත් සිරාවට තියෙයි.
ReplyDelete(Profile එකේ වයසක් සඳහන් කරලා නැති නිසයි ඉස්සෙල්ලා උඹ, බං, මචං කිව්වෙ හොඳද.. ඔයා මට වඩා ගොඩක් වැඩිමල් නම් මට සමා වෙන්ට ඕනෙ..)
@ ගීශා.. !
ReplyDeleteබොහොම ස්තූත්යි . . . අගය කලාට . . .
ඇත්තෙන්ම මගේ ප්‍රියතම ගායකයා වික්ටර් රත්නායක මහතා තමයි . . . සතුටුයි ඔබත් එයාගේ ගීත වලට ප්‍රිය බව දැන ගැනීම . . .
පුදුම ආදර හිතක් තිබිල තියෙන්නේ කියන්නේ තාමත් තියෙන්නේ ඒ ආදර හිතම තමයි . . . හික්ස්. . .
ආදරේ කරන්නද පොඩි වැඩි නැද්ද කියල අහුවේ . . .ඇත්තෙන්ම . . ඔව් . . ඒකයි මම හැබෝටම කියන්නේ පාසැල් යනකාලේ ආදර සබඳකම් වල පැටලෙන්න එපා කියලා . . .
ඇත්තෙන්ම . . දහම් පාසැල කියන්නේ . . . මගේ ජීවිතේට . . .නම් . . . තුසිතයක් . . . !
@ ධනික | Dhanika !
ReplyDeleteමට කවුරු හරි උඹ කියනකොට (බනින වෙලාවකදි හැර ) මට දැනෙන්නේ . . . මහා ලෙංගතුකමක් . . . උඹ මට උඹ කියනකොට . .. වචනේ ශබ්දයේ තේරුම නෙමෙයි මම වින්ඳේ . . . උඹේ හදවතේ මං වෙනුවෙන් ඇතිවුනු ලෙංගතුකමේ රිද්මය . . . හිතවත්කමට වයස බාදාවක් කරගන්න එපා සහෝ . . . ! සුපුරුදු පරිදි උඹම කියපන් . . . ! මම ආදරෙයි ඒකට . . . !
@දුකා
ReplyDeleteඅනේ ඔව් බං උඹේ මේ ලිපි ටික කියෝපුවම මටත් උඹ මාර විදියට ෆිට් උනා. ඒකයි නොදැනුවත්වම 'උඹ', 'මචං' කියලා ලියවිලා තිබ්බෙ. උඹෙ ඔය උඩ තියෙන comment එක දැක්කම ඒ ෆිට් එක තවත් වැඩි උනා බං. එළ එළ සහෝ උඹට ජය!
පොඩි කාලෙ ඉතින් ලව් කිව්වට තියෙන්නෙ ලව් නෙමෙ නෙ මචන්.... කැමත්තක් වගෙ දෙයක්...
ReplyDeleteමන් ස්cඔලෙ යන කාලෙ කෙල්ලො කීයකට ලව් කරද.... කීයක් එක්ක ඇත්තටම යාලු වෙල ඉදල තියෙද....
එත් ඇත්තටම ආදරෙ කියන්නෙ මොකඛ කියල තෙරුනෙ ස්කොලෙන් අස් වෙලත් අවෘඩු 3 -4 කට පස්සෙ....
ඉ වගෙම තව දෙයක්... අඩ ටිකක් වෙල හම්බුන උබෙ බ්ලොග් එක බලන්න... උබ ලියන විදියට... ලියන දෙවල් වල.. මාර ෆිට් ගතියක්... අපෙ කමක් ( කොල්ලොන්ගෙ කොලු කාලෙ ) තියෙනව කියල හිතෙනව මචන්..
ReplyDeleteDukaa, Sinhala fonts ne... Thibbath Pawichikarala ne... E nisa mehema liyannam,,, Hebai Padi kamakataann neme...
ReplyDeleteLovely work... Hats off for Ur creativity... Was wondering if this is going to wind up with some sexed up story... & glad that I was wrong... Beautiful... Keep writting... Many more like this... By the way is this Dukgannaral who used to study at Jpura when we were there ???
Kapila Kahapola
United Arab Emirates
දුකෝ, කවදත් මං උඹට ඊරිසියයි..!!
ReplyDeleteපොතක් ලියහං කොල්ලෝ..ඒක දරුවෙක් හදනවා වාගෙම සංතෝස කාරණාවක්..පොත ලියල, අච්චු ගහල, විකිනිච්ච පොත්වලවත් සල්ලි අතට ආවෙ නැති උනාම නං ඒක ලොකු ඛේදවාචකයක්..!! පොතක් පබ්ලිෂර් කෙනෙකුට දෙන්නත් තමං සිවිල් පොරක් වෙන්න ඕනෙ. නැත්නං උං ගන්නෙ නැහැ. තමන් වියදම් කරල ගැහුවොත් පබ්ලිෂින් මාෆියාවත් එක්ක තරග කරන්න බැහැ. ඊට මීට වඩා හොඳයි මේ සයිබර අවකාශයේ ලිවිල්ල.. ගොඩක් අය කියවනවා. ළඟ තියා ගන්නවත්නෙ. ඊටත් වඩා ඉතිං තව මොනවද..?
@Cool Cartoon !
ReplyDeleteස්කෝලේ කාලේ ලව් ඕනවට වැඩිය හිතට නොගෙන ඉගෙනීමට පැරලල් කරගෙන යනවනම් අවුලක් වෙන්නේ නෑ. ඒත් ගොඩක් වෙලාවට වෙන්නේ ඒක න්සිආ ඉගෙනීම අවුල් වෙන එක. ඒක යි දුක
@Kapila Kahapola!
මම උඹේ බූනු පොතට මැසේජ් එකක් එව්වා. අනේ නෑ මම ඔය උඹ කියන එකා නෙමෙයි. නිකම්ම නිකම් සරල මිනිහෙක්. මාත් ඉන්නේ UAE වල තමයි. කෝල් එකක් දෙන්න කෝ වෙලාවක් ලැබුනොත් 050-4514671
@Indranatha Thenuwara !
ReplyDeleteඅයියා, හැමෝම පොඩ්ඩක් පොඩ්ඩක් හැමෝටම ඉරිසියා කරනවා.
අයියට තරම් ලස්සනට ෆොටෝ ගන්න බෑ කියලා කී දෙනෙක් අයියට ඉරිසියා කරනවා ඇත්ද . . හි හි
පොතක් ලියනන් නම් ආසාවක් තියෙනවා අයියේ . . . බලමු තව කාලයක් ගිහින්.
දැන් මේ බ්ලොග් වලට ඇඩික්ට් වෙලා නිසා ඒ වගේ දේකට වෙලාවක් හොයා ගන්න ලේසි නෑ.
දුකා . . . ! ඇත්තටම මම සෑහෙන්න පරක්කුයි . . . දැන් තමා මේ උඹේ පරණ පොස්ට් කියවන්න වෙලාවක් ලැබුනේ.
ReplyDeleteමේ කතාව මාවත් මගේ ගැටවර කාලයට අරගෙන ගියා . . . . . ! මීට සමානම අත්දැකීමක් මටත් තියෙනවා . . .
උඹ ලියන ඒවනම් ටොප් ක්ලාස් මචන් . . . .උඹව දකිනකම් මට සිහියක් නැහැ . . . !
දුකා : මගේ පෝස්ට් එකට උඹ දාපු ලින්ක් එක නිසා මේක දැක්කෙ.මම මුලු පෝස්ට් එකම කියෙවුව බං. අපිටමනෙ වෙන්නෙ. හිත හොඳ ගෑනි හැමදාම බඩින් කිවුවලුනෙ
ReplyDeleteමගෙ ළමයින්ගෙ අම්මයි,මමයි ආදරේ හරියට පටන් ගත්තෙ දහම් පාසැලේදි(normal ඉස්කෝලෙ S.S.C.පංතියෙ විතර)එයා පහු කාලෙක මොනවද විභාග එහෙම පාස් කරල ඒ දහම් පාසැලේම ඉගැන්නුවත් එක්ක.ඒ අපි බඳින්න එහෙම ඉස්සෙල්ල.
ReplyDeleteඅයියා... මේක මට මග හැරිලා තිබ්බා... මගේ ලෝකයේ තිබුනු ලින්ක් එකෙන් තමයි හම්බ වුනේ.... මම මේක කලින් කියවලා තිබුන නම් මම අද දාපු පෝස්ට් එක දාන්නේ නෑ... මට ඕන වුනේ මම සෑහෙන කාලයක් විඳවපු දෙයක් විහිළුවක් විදිහට අමතක කරලා දාන්ට... ඒත් මේක කියෙව්වම මට ඒ මතකය කොච්චර ලස්සනද කියලා දැනුනා...
ReplyDeleteඅහම්බෙන් ලින්ක්1 හම්බ උනේ. හදවතට දනෙන්න ලියල තියනව. ලස්සනයි.
ReplyDeleteදුක හිතෙනවා අප්පා. සිංහල බ්ලොග් ලියන කොල්ලන්ගෙන් 80% කටම වෙලා තියෙන්නේ මේ වගේ සන්තෑසිනේ................
ReplyDeleteදුකා අයියෙ අද තමයි මුලින්ම මේක කියෙව්වෙ., වැඩිය අනං මනං ඕනෙ නෑ කතාව පට්ට..!!
ReplyDelete"මාළු ටැන්කි හතක පමන ගෝල්ඩ් ෆිශ් . . ෆයිටර් . . සීබ්‍රාස් . . ඒන්ජල්ස් . . ආදී මාළු වර්ග ආසාවෙන් ඇතිකල . . . ලොකු පොත් 4ක් පිරෙන්න රට රට වල මුද්දර එකතු කල . . . පාට පාට පිහාටු . . . කාසි වර්ග එකතු කල . . . නමුත් දැන් ඒවාට ආසාවක් නැතිවී . . . ළමා වියෙන් එලියට පැනගත් . . . යොවුන් වියේ එලිපත්ත මත හිඳි කුඩා ලමයෙක් . . . අසල වූ කාක බෝධිය පසුපසට වී . . . මංසන්ධියේ මැදට වී . . . දුරින් දුවන . . . කුඩා දැරියක දෙස වේදනාවෙන් බලා හිඳින තවත් දරුවෙකු දෙස . . . අසරන හැඟීමන් බලා සිටියා . . . .""
මේ විනෝදාන්ශම තිබුනු, මෙහෙමම බලාහිටපු දවසක් තිබුනු නිසාද මන්දා මේ කතාව හිතට තදින් වැදුනා.. විෂේශයෙන් මෙ උඩ වචන පේලි ටිකෙ..
මේක මරු බං. අදයි කියෙව්වෙ.
ReplyDeleteඇත්තටම ඒක ටර්නින් පොයින්ට් එකක් තමා.
(බ්ලොග් තමා මචං හොඳම මීඩියා එක. බ්ලොග් නැත්තං උඹ මේවා කොහොම ලියන්නද? මාස ගානකට පස්සෙත් මම කොහොම කියවන්නද?)
අද තමයි මම මේක කියෙවුවෙ....ඇත්තටම දුක හිතෙනව අය්ය....ගොඩක් හොදට ලියල තියනවා..
ReplyDeleteමෙන්න මේක තමා දුකා අයියේ උඹේ තිබුන දේ මේකට තමා මම ආස.. අපි සීමා මායිම් නැතුව ආදරේ කරනවා. ඒක් පොඩි වයසෙදි වැඩිපුර සිද්ධවෙනවා. කවුරු කිව්වත් නැතත් අපේ හිත ගිය පලවෙනි කෙල්ලව අපි මැරෙන වෙලාව වෙනකනුත් මතක තියෙනවා. මට තාම නම් ගම් සියළු දත්ත එක්ක ඒ කෙල්ලව මතකයි.. හැබැයි පුංචි කෙලිපොඩිත්තියක් හිතේ ඉන්නේ.. මරු....
ReplyDeleteඅලුත් කතාවෙ තිබ්බ ලින්ක් එකෙන් ආවේ! හප්පා අයියා! දුක හිතුනා! හම්ම්ම්! ලස්සනයි සිද්ධිය! එයා දැන් මොනා කරනවා ඇද්ද??
ReplyDeleteHeart touching :)
ReplyDeleteමගේ මතක මංපෙත දිගේ ආපස්සට යැවුනා... ආදරය විටෙක ගොළුය ගුප්තය...
ReplyDeleteඔන්න මම මගේ සින්දු බ්ලොගේ මේ කතාවේ ටිකක් ඇමුනුවා මෙතනට එන ලින්ක් එකක් එක්ක. කමක් නෑනේ ?
ReplyDeleteමොකද මේ ආයෙත් යටගියාව සිහිවුනාද ?
ReplyDeleteලොකු ජෝන් . . නෑ බන් පරන සිංදුවක් වචන හොයනන් ගියාම පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න හිතුවා. (පරන එකක් අලුත් එකක් විදිහට දාන්න පුලුවන්ද කියලා බලන්න හිතුනා)
ReplyDeleteවැඩේ හරි ගියා දැන් ආපහු පරන දවස දැම්මට හරි යන්නේ නෑ වගේ.
කොහොමින් හරි පරන ඒවා ආයේ රි පෝස්ට් කලා නම් කියලා ඇත්තෙන්ම හිතුනා බන්
ආදරණීය වේදනාබර මතකයක්.
ReplyDeleteගීතයත් එක්ක සම්බන්ධ කරල ලස්සනට ලියල තියනවා.
හ්ම්ම්... පළවෙනි ආදරේ කවදාවත් හිමි නොවෙන මතකයක් විතරයි ගොඩාක් දෙනෙක්ට. ඒත් ඒ අතීතය මතක් කරද්දි දැනෙන හැඟීම හරි සුන්දරයි නේද අයියේ...
ReplyDeleteඅත්දැකීම් දුකා අයියේ...මේවා තමයි අත්දැකීම්.මේවා මොකුත් නැතුව එක පාර සෙට් වෙච්ච එකම බඳින්ඩ උනානං මෙලෝ රහක් තියෙනවද? දෙයක් ලබා ගන්ඩ තියෙන අමාරුව දැනෙනකොට තමයි ලැබිච්ච එක රැක ගන්ඩ කට්ටක් කන්ඩ හිතෙන්නේ.
ReplyDeleteතදටම වැදුනා, හරිම අගෙයි! :)
ReplyDeleteඅනේ පුංචි අපි!
ReplyDeleteලස්සන ඇස් ... රසවත් යැයි මතකයේ තියෙන කතාව අමතක නවකතාවක්.
දුකා මල්ලි ඔහොම කියනවා, මම දන්නවා එක්කෙනෙක්ව: අයියාට තිබ්බ ආදරේ නිසා, අයියා available වූයේ නැති නිසා මල්ලිව බැන්ඳා. දැන් අවුරුදු 30 ක් විතර පවුල් කනවා හොඳින්!!!!!
වික්ටර්ගෙ ගීය වගේම සුන්දර මතක සටහනකුත් එක්ක අතීත අත්දැකිමක්.ඒත් මම කරුනාසේන ජයලත්ගෙ ලස්සන ඇස් කාතිය කියවලා නැහැ. මට හිතාගන්න පුලුවන් ආදරේ කොයිතරම් විචිත්‍රවත් විදියට ලියන්න ඇද්ද කියලා.
ReplyDeleteමෙච්චර ආදරයක් තිබිල්ත වෙනත් බැලුවේ ඇයිද මංදා
එක හුස්මටම කියවාගන යන්න හැකි සුන්දර කතාවක්නේ... දුකා මලයට තිබිලා තියෙන්නේ බොහොම සුන්දරම ඒ වගේම පිරිපුන් ළමා වියක්නේ... හදවතින්ම ලියු ලියැවිල්ලක් නිසා මේ කතාව ඒ තරමටම අපට රසවත්ව දැනෙනවා. ඒ වගේම සියුම් හිරියක්ද දැගට දැනෙනවා... සාර්ථකම මතක සටහනක්.
ReplyDeleteජීවිතේ අකුරු කරන්න පුලුවන් සීමිත පිරිසකට විතරයි. ඒකෙනුත්, අකුරු වලට හැගීම් දෙන්න පුලුවන්නේ ටිකම ටික දෙනෙක්ට විතරයි.
ReplyDeleteදුකා අයිය ඊටත් එහි ගිහිං හැගීම් අස්සේ අකුරු කියවන එවුන්ගේ මොළවල වැඩ කරන්නැති මෙමරි චිප් පවා අලුත් වැඩියා කරල දෙනවා...
තරුෂි + සුභාෂ්
සත්තයි මෙහෙම නම ලියලා ඉංගිරිසි සිංහල අකුරු ගලපලා ඇති යහමට.
ආදරෙයි අයියේ, අකුරු ඇතුලේ ජිවත් කෙරෙව්වට...
This comment has been removed by the author.
ReplyDelete😓😓😓
ReplyDelete