ලඟදී facebook එකේ අපූරු සටහනක් දැක්කා.
මිතුරු-නෑදෑ-හිතවත් බැඳීම වලින් බැඳිලා ඉඳලා, ඒ බැඳීම ලිහිල් වෙලා හෝ උවමනාවෙන් ගලවා දමලා ඉවර වෙලා ආපහු වර්තමානයේ සිදුවෙන සිදුවීම් පැරණි බැඳීම එක්ක සමපාත කරලා බලද්දී හදවතින්ම එන වේදනාවක් අකුරු කිරීමක් කියලා හිතුනේ.
ඒ වචන ඇතුලේ . .
ලඟින්ම හිටි කාලේ සමහරු අරයා මෙහෙමයි - මෙයා අරෙහෙමයි කියද්දී, හැමෝටම ඇති බැඳීමට හෝ ජන්මයෙන් ලද එහාට මෙහාට කේලාම් කියන්න බැරි පුරුද්ද නිසා කිසි කෙනෙක්ට කිසි දෙයක් නොකියා ඉඳලා අන්තිමේදි එහේට මෙහේට කියපු අය මාර හිතවතුන් විදිහට පෙනී හිටිමින් නිශ්ශබ්දව හිටි එකා වැරදි කාරයා කිරීමක වේදනාබර දෝංකාරයක් තියෙනවා . . .!
ඒ වචන ඇතුලේ . .
ලඟින්ම හිටි කාලේ එකිනෙකාට උදව් උපකාර පිහිටවීම් වෙනවානේ. ඒ සිදුවීම් අනිත් එකා කිසි දෙයක් නොකර අනුන්ගෙන් උදව් ලබා ගත් එකෙක් විදිහට වෙන් වෙලා ගිය අය කියූ බවක් තුන්වෙනි පාර්ශවයන්ගෙන් අහන්න ලැබුනාම දැනෙන වේදනාවක දෝංකාරයකුත් තියෙනවා . . .!
කොටින්ම අර ෆන් ෆේස්බුක් පේජ් පෝස්ට් වල තියෙනවා වගේ "අන්තිමට දිය යටින් ගින්දර ගෙනිච්ච උන් ඔක්කෝම හොඳ උන් වගේ එක පැත්තක - කියන්න තියෙන දේ කෙලින් කියන එකා වැරදිකාරයා වෙලා පැත්තක" වගේ වුනාම දැනෙන කුරිරු සතුටක දෝංකාරයකුත් ඒ වචන අස්සේ තියෙනවාද හිතෙනවා !
නෑයො ඔහොම කතා කියන්නේ ඉරිසියාව හින්දාය සහ එහෙම ඉරිසියා කරන්නේ මගේ සිවිල් වටිනාකම වැඩි නිසාය කියලා හිතාගත්තම දැනෙන සතුට මාරයි මහත්තයෝ
ReplyDeleteහැම බැඳීමක්ම අවස්තවාදියි.. :/
ReplyDeleteතේරුම්ගත් නොහැකි තේරුම්කල නොහැකි බැඳීම් මහා පුදුමාකාරයි. අන්තිමේදී ශේෂ වන්නේ දුකක් බොහෝවිට.
ReplyDeleteජයවේවා!!!
හ්ම්ම් ....
ReplyDelete