"මචං උඹට මතකද මීට අවුරුදු 25කට විතර කලින් උඹයි, නංගියි, තව යාලුවෝ සෙට් එකකුයි උඹලගේ යෞවන සමිතියේ කොන්සර්ට් එකක නැටුවා"
ගිය ජූලි අගෝස්තු නිවාඩුවේදිත් පොඩි වෙලාවකට හරි කියලා පරන යාලුවන්ව බලන්න කියලා සමරේවයි (සමරසිරි) මෛත්‍රීවයි බලන්න ගිය වෙලාවේ සමරේ ඇහුවා
"අඩේ ඔව් ඇත්තෙන්ම අවුරුදු 26ක්. එතකොට මට අවුරුදු 17යි නංගිට 14යි, ඒ මචං උපාලි කුමාරවංශ අයියගේ මූලිකත්වයෙන් හදපු ශෂිකලා රසික හවුල යෞවන සමාජයේ"
"උඹලා නැටුවේ කපිරිඤ්ඥා නැටුමක් මතක හැටියට ආජු තපර ලායිලා සින්දුවට"
"මටත් සින්දුව නැටුම මතක නෑ බන් ඒත් අපි මාර ජොලියක් ගත්තා කියලා නම් මතකයි. මම, නංගි, නංගිගේ හොඳම යාලුවා හිමාලි, උඩහමුල්ලේ අෂාන්, ශාලාව පාරේ බුද්ධිකා, තරංග අනිත් හිටපු උන් මතක නෑ බන්"
"උඹලා අපේ පැත්තට ආපු ආලුතනේ ඒකෙන් පස්සේ තමයි අපි උඹලා එක්ක යාලුවෙන්න ට්‍රයි කලේ"
"බලහන් අවුරුදු 26කට එහා මතකය තාමත් කොයි තරම් සුන්දරද?, උඹට ස්තූතියි බන් ඒ සිහිනෙන් විඳපු සුවඳක් වගේ මතක් කරන කරන වාරයක් පාසා සුවඳ හමන අතීතේ සිදුවීමක් මතක් කලාට"
නිවාඩු ඉවර වෙලා අබුඩාබි ආවේ අගෝස්තු 7 වෙනිදා. අගෝස්තු 9 වෙනිදා SLQS-UAE එකෙන් මේල් එකක් එනවා මෙන්න මධ්‍ය ගිම්හාන සුහද හමුව සැප්තැම්බර් 23 පැවැත්වෙනවය, ඒකේ පර්ෆොර්ම් කරන්න කැමති අය ඉදිරිපත් වෙන්නය කියලා.
අර කිව්ව සිහිනෙන් දිව ගෑ සුවඳේ මතකය රැඳිලා ඉන්න අතරෙම නදීශාගෙනුත් අහලා බලලා ඒ ගමන්ම එක සැරේට මතකෙට ආව කට්ටියක් එකතු කරගෙන වට්ස් ඇප් ගෲප් එකක් හැදුවා - SLQS-GTG-Dance
"කස්ටිය මොකෝ කියන්නේ? සමන් අයියා, ඩිලංක ඇතුලු ඕගනයිසින් ටීම් එකේ ආරාධනාව පිලිගෙන අපි වෙනස්ම දෙයක් කරමුද?"
"ම් ම් ම් වෙනස් දෙයක් කිව්වේ?"
"අපි ගෲප් කපිරිඤ්ඥා ඩාන්ස් එකක් කරමුද?, මෙහේ කිසිම ගෙට් ටු ගෙදර් එකක එහෙම එකක් මම දැක්කේ නෑ. මොකෝ කියන්නේ?"
ඔන්න ඉතින් පටන් ගත්තා කට්ටියගේ බැරි බැරියාව.
"සින්දුවක් නම් කියමු"
"නටන්න බෑ මිනිස්සු හිනා වෙයි අයියෝ මොන ගොන් පාර්ට් එකක්ද කියලා"
"දැන් වයසයි ඕයි - මහත වැඩී නටන්න බෑ"
"හරි අයියා මීට කලින් වෙඩිමේදි නැටුවා මිසක් නටලා නෑ, ඒත් කරනවනම් කරමු" කියලා කෝල් එකක් දීලා කිව්වේ පුබුදු මල්ලී විතරයි.
මම සාමාන්‍යයෙන් දෙයක් කරන්න ඕන කියලා හිතුවොත්, ඒක කරන්න බෑ කියලා කොයි තරම් සාධනීය හේතු තිබ්බත්, එක සැරයක් වත් උත්සාහ නොකර අතෑරලා දාන්න ලෑස්ති කෙනෙක් නෙමේ.
කොහොමත් පිලිතුරු වල යටිපෙල කියෙව්වාම තේරුනු දේ තමා කට්ටිය කැමතී ඒත් අනිත් මිනිස්සුන්ගේ ප්‍රතිචාර වලට බය නිසා අකමැතී කියන දේ.
ගෲප් එකේ කට්ටියගේ නෙගටිව් කොමෙන්ට් ගැන හිත හිත බ්ලොග් පෝස්ට් එකක් ලිව්වා - සතුට මිසක දුක මොකටද !
//මේඛලා ගමගේ ගේ අහන් ඉන්න අහගෙන ඉන්න ගීතයේ "සතුට මිසක දුක මොකටද" කොටස හැමදාම මගේ හිත කොහේදෝ ලෝකෙක අතරමං කරනවා කියා මට සිතේ.
දෑසින් ලෝකය දකින්නට වරම් නොලද ඇය "සතුට මිසක දුක මොකටද" කියා අසන වාරයක් වාරයක් පසා මගේ හිත මගෙන් පිලිතුරක් නැති ප්‍රශ්නයක් අසයි.
කිසියම්ම වූ ශාරීරික අඩුපාඩුවක් සමඟ ලෝකයට පා තැබූ අය සියල්ලෝමත් ඒ අඩුපාඩු අමතක කොට ජීවිතයේ ගෙවෙන හැම මොහොතක්ම සතුටින් ගතකරන්න උත්සාහ කරද්දී . . . කිසිම අඩුපාඩුවක් නොමැතිව ලෝකයට බිහිවූ බොහොමයක් දෙනා නැති ප්‍රශ්න සාදාගෙන ජීවිතයෙන් සතුට බැහැර කරන්න උත්සාහ කරන්නේ ඇයි.//
රටේ ලෝකේ කටවල් වලට බයේ කිසිකෙනෙක්ට හානියක් නැතත් තමන්ට සතුට ලැබෙන දේවල් කරන්න බයවෙන මිනිස්සු ගැන හිතලා මම එහෙම ලිව්වා.
"මේකත් කියවලා බලහල්ලා" කියලා බ්ලොග් පෝස්ට් එකේ ලින්ක් එක ගෲප් එකේ ශෙයා කලාට පස්සේ ඒක කියෙව්වා නොකියෙව්වාද මන්දා, කීප දෙනෙක්ට තියාශා නංගී බලකරපු නිසාද මන්දා ඔන්න කට්ටිය සෙට් වුනා වැඩේට. ඒක කෙටියෙන් සරලව කියනවා නම් මෙහෙමයි
“සමන් අයියා, ඩිලන්ක ඇතුලු සංවිධායක මණ්ඩලයේ ආරාධනාව පිලිගෙන අපි වෙනස්ම දෙයක් කලෙමු. කොරින් අල්මේදාගේ "පෘතුගීසි අපිට කියල දුන්නු තාලේ" ගීතයට කපිරිඤ්ඥා නැටුමක් නැටුවෙමු. ගීත් ප්‍රසාදි සහ නදීෂා නැටුම සකස් කලෝය. බෙනඩික් ලවා ගවුම් මස්සවාගෙන, රිෂානි ලංකාවෙන් ගෙනා මල් ගෑනු ළමෝ කොන්ඩේ ගසා සැරසී සිටියෝය. සුභාෂ්-නදීෂා, පුබුදු-උදේශිණී, සමීර-රශිනි, ශාකීර්-රිෂානි, ලලිත්-ශෂිකලා එසේ නැටූ කන්ඩායම වේ”
මේ තියෙන්නේ ඒ වීඩියෝ එක.
ඇත්තෙන්ම මොන ගොන් පාර්ට් එකක් ද කියලා හිතෙන්නත් පුලුවන්. ඒත් අවුරුදු 26කට කලින් ගොන් පාර්ට් කියලා මිනිස්සු කියන ජාතියේ දෙයක් කරලා මතක් වෙන මතක් වෙන සැරේට සිහිනෙන් දිව ගෑ සුවඳක් වගේ දැනෙන සුන්දර මතකයක් එකතු කරපු ජීවිත අත්දැකීමක් මේකෙනුත් ලැබෙයි කියලා මම නම් විස්වාස කරනවා.
මේ ඉන්නේ අපි 4 දෙනා ඩාන්ස් එකට රෙඩි වෙලා ඉන්න වෙලාවේ (නදීෂා ඒ විදිහේ ගවුමක් ඊෂාටත් මැහුවා)
සමහර විට බැරිවෙලාවත් තව අවුරුදු 26ක් ඉස්සරහට ජීවත් උනොත් මේ අත්දැකීම් දෙකේම මතකය දත් නැති කටෙන් තලු මර මර රසවිඳින්න පුලුවන් වෙයි !
තව දෙයක්, වීඩියෝ එක බලනවානම් අයියෝ ඩේටා කියලා හිතන්නේ නැතුව නැටුම ඉවර උනාට පස්සේ How they made this Dance කොටස අනිවාර්යෙන් බලන්න. දක්ෂ ඡායාරූප සහ කැමරා ශිල්පී මොහාන් දිලිප් මල්ලී වීඩියෝ එක හදලා තියෙනවා බලන අයට බඩ අල්ලන් හිනා වෙන්න පුලුවන් විදිහට !
කාංචනා නංගීයි ගයාන් මල්ලියි රෙකෝඩ් කරපු වීඩියෝ එක ෆේස් බුක් එකේ ශෙයා කරද්දී හැමෝටම වගේ නම් ගම් ඇතුව ස්තූති කරපු නිසා මේ පෝස්ට් එකේදි පොදුවේ "අපේ මේ පිස්සු වැඩේට සහයෝගය දුන්නු හැමෝටම ගොඩාක් ස්තූතියි" කියලා විතරක් කියනන්ම් !
මේ ඉන්නේ ඉතින් ඩාන්සින් පාට්නර් ඇන්ඩ් ලයිෆ් පාට්නර්
මම ඉස්සෙල්ල නැටුම බලල තමයි සටහන කියෙව්වේ . මට මුලින් හිතුනේ ඇයි ආජු තපර සින්දුව ගත්තේ නැත්තේ කියල . බැලින්නම් අවුරුදු 26කට කලින් ඒක නටලානේ. මේකත් මරු
ReplyDeleteසින්දු නම් ගොඩක් සලකලා බැලුවා. පස්සේ නදීෂා මේක තේරුවේ වැඩිය අහලා නැති නමුත් හොඳ ඩාන්ස් බීට් එකක් තියෙනවා කියලා.
Deleteනියම ඩාන්ස් එක. අර කමෙන්ට්‍රි දෙන එකා ගෙ වොයිස් එක අයින් කරන්න බැරිද. ඉස්සරහම ඉන්න කපල් එක ඔබලාද?
ReplyDeleteඑහෙම කරන්න පුලුවන් කමක් නෑ ද කොහේද. කොයි එකටත් මොහාන් ගෙන්ම අහලා ඉන්න ඕන.
Deleteඔව් ඉස්සරහා දකුනු පැත්තේ ඉන්න මැන්ටල් ජෝඩුව හෙ හෙ හේ
සුන්දර නර්තනයක් වගේම සටහනක් ! ඇත්තටම මේ වගේම මොහොතක වටිනකම , සුන්දරත්වය තව වැඩිවෙන්නෙ , කිව්ව වගේ තව ටික කලක් ගිහිල්ල බලත්දි .
ReplyDeleteස්තුතියි මිතුර
අනිවාර්යෙන් වටිනාම දේ වෙන්න ඕන වර්ථමානයේ සතුටින් ජීවත් වීම. එතකොට අනාගතයේදිත් (ජීවත්ව හිටියොය්හ්) ඒ සතුට ආවර්ජනය කරලා සතුටු වෙන්න පුලුවන්.
Deleteස්තූතියි ඔබටත්
"ආජු තපර" සින්දුව මේ වගේ ඩාන්ස් වලටම හදපු සින්දුවක්නේ.මමත් දැකලා තියෙනවා එකට ගොඩක් අය නටනවා.
ReplyDeleteඔව් ඒත් අපි අන් කොමන් සින්දුවක් තෝරා ගත්තේ බන්
Deleteමුලින්ම වීඩියෝ එක බලලා හිටියා. ශෝයි ඔයාලා ගොඩක් සතුටු වෙන්න ඇති ඒ වෙලාවේ මේ අත්දැකීම මතකයක් වුන දවස් ආවම ඔයාට ඒක මතක් කරලා බලලා ආයෙම සතුටු වෙන්න පුළුවන්. ට්‍රේනින් වෙන එකේදී පිරිමි කට්ටිය ඕනේ ඕනේ විදියට නටනවා ඒත් වේදිකාවේදී පුරුදු කරයෝ වගේ
ReplyDeleteඅනිවා තාම බලන බලන සැරේට මාර ජොලි. හෙ හෙ හේ
Deleteඅපූරු උත්සාහයක්. නැටුම මරු. පුදුමෙ තමයි අර වගේ පොඩි කාමරයක ඔය වගේ නැටුමක් පුරුදු වුණ එක.
ReplyDeleteඒ වගේම තමයි රත්තරං පුංචි පවුලත් ලස්සනයි දුකා.
ජයවේවා!!!
ඒ අපේ ගෙදර ලිවින්ග් රූම් එක බන්. පොඩිමත් නෑ හැබැයි. නමුත් අර ඈන්ගල් එහෙම පුරුදු වුනේ එලියේ නටලා තමා
Deleteබුකියේ තිබිලා නැටුම දැක්කා ....ඒකත් වෙනස් අත්දැකීමක් තමා බලන අපිටත්
ReplyDeleteඅනිවා අනිවා කොල්ලෝ කෙල්ලෝ එක්ක මැන්ටල් ජෝඩු නටනවා දකින් එක අලුත් අත්දැකීමක් තමා එහෙනම් හෙ හෙ හේ
Deleteaththatama me vage mathaka thamayi ape jeevithaya lassana karanna oyage jeevithaya thavath sundara mathaka valin saraseva.
ReplyDeleteබොහෝම ස්තූතියි ප්‍රාර්ථනාවට . . ඔව් ඒක නම් ඇත්ත. වර්තමානේ ජොලි නම් අනාගතේත් ජොලි තමා
Deleteමරු දාන්ස් එකනෙ
ReplyDeleteතැන්කූ තැන්කූ ඈ
Deleteනියමයි දුකා... විඩියෝ එකේ අන්තිම ටික තමයි වැඩියෙන්ම හොඳ.. කාටත් වැඩිම ෆන් එකක් තියෙන්නේ පුහුණු වෙන ටිකේ කරන ඒවා වලනේ හි හී..
ReplyDeleteකියලා වැඩක් නෑ ඒ කාලේ පට්ට ෆන්. එක එක්කෙනා එක එක කෑම ජාති අරන් ඇවිත් බිබ පැදුරක් දාලා ඔක්කෝම වටේට වාඩිවෙලා කෑවා මාර කෑමක් ඒ ටිකේ. හෙ හෙ හේ
Deleteදුකා අයියා නියමෙට ජීවිතේ විදිනවා...එච්චරයි මට කියන්න තියෙන්නෙ...ජයම වේවා !
ReplyDeleteසිරාවට බන්. හෙට මැරුනත් හිතට දුකක් නෑ (වයිෆ්ට ළමයින්ට පවුලේ අයට මම නැතිව දුක හිතෙයි කියලා හිතෙන දුක ඇර)
Deleteෂා මරුනේ දුකා.....යූ ටියුබ් එකෙ තිබ්බ වීඩියෝ සෙට් එකම බැලුවා.ජීවිතේ කියන්නෙ ඕක බන් වෙන මොකද්ද
ReplyDeleteසුන්දර නර්තනයක් අයියා බලන්න පමා වුනා වැඩ අධිකකම නිසා...
ReplyDeleteඅම්මියා.... මරු...... ප්‍රැක්ටිස් වීඩියෝ එක හොඳටම මරු......
ReplyDeleteකාලෙකින් පොඩි දෙන්නගේ මූණු දැක්කේ.... පුතා සෑහෙන ලොකු වෙලානේ....
ගොඩක් කාලෙකින් එන්න බැරි වුන. නියම නර්තනය. දුකා සතුටෙන් ඉන්න එකම ලොකු දෙයක්නේ.
ReplyDeleteදුකා මොකෝ බන් සද්දයක් නැත්තේ
ReplyDelete