Thursday, April 2, 2015
රවුමක දුවන ආදරවන්තයෝ
හදිසියේ ලංකාවට ගිය ගමන් බොරදිය පොකුණ ෆිල්ම් එක බලලා ඒ ෆිල්ම් එක ගැන මට හිතුනු දේ බ්ලොග් එකේ ලියද්දී පරන කතාවකුත් ඒකට එකතු කලා . .
//යෞවන වියේදි ප්‍රේමය ගැන ඇතිවූ කතාබහකදී තරුණ වියේ උන් එකෙක් කීවේ
"මල්ලී . . ආදරේදි අපි හැමෝම රවුමක දුවනවා . . !!
මම මට ඉස්සරහින් ඉන්න කෙනා අල්ලන්න දුවද්දී එයා එයාට ඉස්සරහා ඉන්න කෙනාව අල්ල දුවනවා.
වටිනාම කෙනා ඒ රවුමෙදි මාව අල්ලන්න දුවනවා වෙන්න පුළුවන් ඒත් මට ඒ වටිනාකම් දැනෙන්නේ නෑ
මොකද මට පිටිපස්ස හැරිලා බලන්න වෙලාවක් නෑ මම මට ඉස්සරහින් දුවන කෙනාව අල්ලන්න දුවනවා !"
එසේ වූ රවුමක දුවන්නේ ආදරයේදිද ආශාවේදීද කිය සොයා බැලීමේ තේරුමක් ඇතැයි මට සිතෙන්නේ නැත.//
බොරදිය පොකුණ ෆිල්ම් එකේ අධ්‍යක්ශක සත්යජිත් මාඉටුපේ ගේ ෆේස් ෆුක් පිටුවේ ඒ සටහන ශෙයා කරලා තිබ්බේ ආදරේදි අපි රවුමක දුවනවා කියලා කොටස කොපි කරලා.
ඒක දැක්කම මට මතක් උනේ පරන ෆිල්ම් එකක සිංදුවක්.
ෆිල්ම් එක බලල නෑ ඒත් ගායිකාවෝ දෙදෙනෙකුත් (ලතා වල්පොල, චන්ද්‍රිකා සිරිවර්ධන) ගායකයෝ දෙදෙනෙකුත් (HR ජෝතිපාල, විජය කුමරතුංග) ගායනා කරන මේ ගීතයත් ඒ රවුමක දුවන පෙම්වතුන් ගැන නේද කියලා එක සැරේටම මතක් උනා . .
ගීතය ඇතුලත් ෆිල්ම් එක අහිංසා
. . . .. .. .
නෙලූ මලෙකිය විලෙන් නොව ඔබ පිදූ මල් අසුනින්
පුදන් ඒ මල මසිත මලඳන වරම් මට ඔබගෙන්
ඇදේවා ගව් ගනන් දුර ඒ සුවඳ පෙම් කුසුමින්
රැඳේවා අම මිහිර දෙළයෙහි සසර සරනා තෙක් . .
පෙම් පුදසුනේ බැති පිදුවේ පූජනීයයි ආදරේ
තුන් සිතේ හෝ නෑ පැතුවේ අන් ළයක පිදෙනා
නෙත් වසාගෙන මං තනි වෙන්නම් ඒ සුවඳේ එතිලා
මා නෙත් යුග පියවේවා . . මා උන් සුවඳ වසා . .
දෙපෝදා පිපි සුපුන් සඳටත් ගුවන් තල සෙනෙහේ
සුනිල් තරුවද අමාවක දා ගුවන් තල සෙනෙහේ
රැඳේවා ඒ සඳේ සිහිලස තරු ඇතිරු සිහිනේ
නිවේවා ඉන් පහන් වී ලොව ගිමන් රැඳි ගමනේ
ආදරේම ආදරේ හා පුරා කිව් ආදරේ
යම් දිනේ ඔබ හිත කඩා නම් බැඳි අත් බැමි ලිහිලා
මල් මතින් හෝ ගිරි පව්ව පැන ලංවෙමි ඔබ සනහා
මා නෙත් පියවෙන තුරා ලඟ ඉමි ඔබ සනහා
මා නෙත් පිය වෙන තුරා ලඟ ඉමි ඔබ සනහා
මා නෙත් පිය වෙන තුරා ලඟ ඉමි ඔබ සනහා
මා නෙත් පිය වෙන තුරා ලඟ ඉමි ඔබ සනහා
pic from: http://hdw.eweb4.com/out/940420.html
Subscribe to:
Post Comments (Atom)
බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකේටත් දාන්න. අපට ලින්ක් එක එවන්න පහතින් පිවිසෙන්න.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
දර්ශකේ රෝල් කරලා ගහගනින් පුකේ. මුගේ දර්ශකේට ට්‍රැෆික් නැතිව මු මේ මිනිස්සු දහයක් වත් එන්නේ නැති බ්ලොග් වලත් හිගමනේ යනවා. අපි කින්ඩිලංකා අභීත සාමාජිකයෝ.
Deleteඑවන්නේ මොකටද මෙතනින් අරගෙන දා ගන්න අමාරුද....?
Deleteදුකා කියන්නේ බ්ලොග් ලියන උන් බොහෝ දෙනෙකුට උදව් කරපු. හැකි හැම වෙලාවෙම කාට හෝ උදව් කරන ප්‍රසිද්ධ සමාජ සේවකයෙක්. එයාට මේ ඉල්ලීම් කරන්න ඕන නෑ අනේ... ඔයා කැමති නම් දා ගන්න...
කියන්න ආපු ටික සින්ඩිකාරයෙක් ම කිව්ව එක හොඳයි.
Delete"සින්ඩි'' ඉල්ලීම් කරල දාගන්න ඕන මාර සීන් එකක් උනේ අපේ කාලෙ. ඊටත් කලින් තත්තෙ ඊටත් සෝකජනකයි. "බුදු අයියේ මාව ඇඩ් කරගන්න" ජාතිය තිබුනෙ.
දැන් ලින්ක් ඉල්ලන්නෙ ඒ "අභිමාකයේ" නැට්ටක් වෙන්න ඕන.
අරකියුවත් වගේ ලින්ක් එක අරං ගිහිං එල්ලහංකෝ අජිත්
Deleteඋඹලට මේ කොමෙන්ට් ලින්ක් එකේ ආතල්ම කෑල්ල මඟඇරිලා . .
Delete"මුගේ දර්ශකේට ට්‍රැෆික් නැතිව මු මේ මිනිස්සු දහයක් වත් එන්නේ නැති බ්ලොග් වලත් හිගමනේ යනවා"
අඩෝ දැන් මැස්සෝ ඇහිරෙන බ්ලොග් එකක් උනාට ඉස්සර කාලේ (ඔව් ඔව් ඒ අනාදිමත් කාලේ තමා) එක පෝස්ට් එකක් මිනිස්සු 100ක් විතර කියෙව්වා හරිය :P
ඔය අැනෝ අාතල් ගණං ගන්න ඒපා දුකා.... ඔවුන්ට අාතල් දෙන්න අපිට විකාරද????
Deleteඔය රවුමෙ දිවිල්ලෙත් රහක් තියෙනවා... ඕන බ්ලොග් එකක ඒ රහ ගැන කියවුනු ලිපි එකක් වත් තියෙනවා මම හිතන්නෙ..ඒ කියන්නෙ හැමෝම ආසාවෙන් අහුවෙන රවුමක්.
ReplyDeleteඒක ඇත්ත . . ඒත් හති වැටෙන්නේ නැති එක තමා අරුමේ
Deleteආදරය හමුවේ ඔය රවුමක යනවා කියන කතාව නම් මමත් අත් දැකලා තියනවා...! අපි වෙන කෙනෙක් ගැන බලාපොරොත්තු හිතේ තියාගෙන ඉන්න වෙලාවේ අපි ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න අයව පේන්නේ නෑ... ඒ දුක ගණන් ගන්නේ නෑ....!සමහර විට ඒ දැක්කත් ඒ ගැන එච්චර හිතන්නේ නෑ.... පොඩි මාන්නයකින් ඔළුව උදුම්මවා ගන්නවා ඇරෙන්න.....!
ReplyDeleteපස්සෙ කාලෙක අතීතය ආවර්ජනය කරනකොට තමයි ඒ අයත් පවු කියලා හිතෙන්නේ.....!
සිරාවට පව් අපිට හිත හැදෙන්න වචනයක් හරි කියන්න තිබ්බ නම් කියලා හිතෙනවා නම් තමා
Deleteආදරේදි විතරක් නෙවෙයි අපි මුලු ජීවිතේම රවුමට යනවා කියලා හිතිලා නැද්ද..
ReplyDeleteම් ම් ම් වෙලාවකට නම් එහෙම හිතෙනවා . . ඒත් මේ ඇති අප්පා කියලා හුස්ම ගන්න වෙලාවල් වල හිතෙනවා දැන් දුවන එක නතර කරලද කියලත් . . !
Deleteරවුමෙ යන කතාව සහතික ඇත්ත.
ReplyDeleteබයි එක්ස්පීරියන්ස් කියන්නේ නේහ්?
Deleteහැම දෙයක්ම එකම රවුමක කැරකෙන එක තමයි වෙන්නෙ හැමදාම.
ReplyDeleteහැමදේම මත් නෑ ප්‍රසා .. !
Deleteදුකා... අයියා කෝම හරි මාසෙකට සූ ගාලා පෝස්ට් එකක් දානවා නෙව... නිදහසේ කියවන්න ඕනෙ පරණ ඒවා... ඔය ආදර රවුම නං කවුරුත් කැමති එකක්...
ReplyDeleteකවුරුත් කැමති? මම හිතුවේ කවුරුත් අකමැති එකක් කියලා :D
Deleteඅපි ආදරේ කරන කෙනා තෝරගන්නවද නැත්තං අපිට ආදරේ කරන කෙනාව තෝරගන්නවද? තීරණය ඔබ අතේ.එහෙම බැලුවොත් නං ඔය රවුමෙන් පිට පනින්න පුලුවං වෙනවා.
ReplyDeleteඅනිවාර්යෙන් . . ඒත් කලාතුරකින් කෙනෙක් තමා රවුමෙන් පිට පනින්නේ . . . හැබැයි පැන්නොත් පැනන් එකා ගොඩ . .
Deleteඅපිට ඉතින් මේ සිත්තර පටිය අන්තර් ජාලෙට මුදා හරිනකම් ඉන්න වෙනවා, අපි ගම රට යන කොට මෙව්ව කොහෙ කියල හොයන්නද අප්ප
ReplyDeleteසමහර විට ඉක්මනට ඩීවීඩී වලට එන්නත් පුලුවන්. මම ඩිරෙක්ටර්ගෙන් අහලා බලන්නම් එයා මගේ ෆේස්බුක් එකේ ඉන්නවා
Deleteමේ කථාව සහතික ඇත්ත අයියා. මට ආදරය කරපු උන් මම සතේකට ගනන් ගත්තෙ නෑ. මම ආදරය කරපු උන් මාව ගනන් ගත්තෙ නෑ.
ReplyDeleteකරන්න දෙයක් නෑ මල්ලී . . . තව දුවන්න දෛවයේ ලියවිලා ඇති
Deleteඅද ඉන්න මල් නවකතා කරුවො කියන කට්ටිය යොදන සුලභ යෙදුමක් තියෙනව .. "නැවතිල්ලෙ හිතල බලනකොට" කියල.. මම හිතන්නෙ බුරා කිව්ව වගේ අපි හැමෝම දුවන රවුම ගැන තියෙන වෙහෙස තමා ඒ යෙදුමෙන් කියවෙන්නෙ.. කොටින්ම අපිට හිතන්න වත් වෙලාවක් නෑ.. දිවිල්ල මිසක්..
ReplyDeleteචැහ් සපා මල් නවකතාත් කියෝනවද?
Deleteනැවතිල්ලෙ හිතනකොට අනික් උන් අපිව පෙරලගෙන දුවනව සපා. ඒ හින්ද හිතන්න වෙන්නෙත් දුවත්දිම තමා.
අනිවා කියෝනව... අප්පා ඒව තමා කතා කුකරි පොත් කියෝනව වගේ.. :)
Deleteහපෝ හැම පොතේම තීන්නෙ එකම වට්ටෝරුවනෙ. අල කරියයි, මාළු ඇඹුල් තියලුයි අරව මේවනෙ. මමත් කටාර් ඉන්න කාලෙ ඔය පොත් සෑහෙන්න වනපොත් කරා :)
Deleteහා එහෙනම් කියපන් ඒ යෙදුමට මල් කතා කරුවෝ නෙමේ ප්‍රවීන කතාකරුවෝ කියන විදිහ . .
Deleteසිරාවට සපා වෙලාවක ජීවිතේ මේ දිවිල්ල නතර කරලා හති අරින්න ඕන කියලා හිතිලා නැතෙයි?
අඩෝ මේ ඉන්දික සුජීව ප්‍රසන්න ආරච්චිගේ පොත් වලට මොකුත් කියලා අහුවෙන්න් එපා හරිය?
Deleteචක්කරේ බන් චක්කරේ... ඕක තමා කැරකෙන චක්කරේ...
ReplyDeleteසිරාවටම මේක ලව් චක්කරේ
Deleteමැරිගෝ රවුමේ යන එකත් පස්ට ආතල් නේ :-D
ReplyDeleteතොට දැන් දුවන එක නතර කරලා අම්බලමක හරි කමක් නෑ නතර වෙන්න කාලේ හරි කොල්ලෝ . . නැති නම් කනත්තට වෙනකම්ම දුවනන් තමා බොට වෙන්නේ . . හිකිස්
Delete