දෙනෝ දාහක් නුවන් අභියස
දෙනෝ දාහක් පිරිස අභියස
නොමැති වී ඒ සෙනේ සිසිලස
හුදකලා වී පාලු කතරක
රොස් පරොස් බස් ඇතත් ඉඳහිට
බත ඉදුනු පසු නිමයි ඒ සැම
නිය තුඩින් හිස සෙමෙන් සනසන
කෑ ගසයි සිත නොමැති තැන එය
ටිකිරි සුරතල් කතා බස් රැස
නිමක් නොවනා ප්‍රශ්න වැල් සැම
ගෙල බදා ගෙන නිදා ගන්නා
අනේ ඒ සුව නැතුව කොහොමද
සොඳුරු සුවබර හෙට දිනේකට
පිය නගන්නට වාරු ඇතුවම
සිතම සවිකර දුකත් සඟවා
ඉන්න දරනා තැත අසීරුය . . . !
පද ගැලපුමට පට්ට ලයික්........
ReplyDeleteකියපු කථාවටනම් හ්ම්ම්ම්ම්ම්.......... කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ
ඇඩෙනවා...
ReplyDeleteනියමයි...
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
අල්ලගෙන ඉඳිං අයියෙ. ජීවත් වෙන්න නෙ මේ ඔක්කොම සෙල්ලං. සන්තෝසෙන් ආයෙම කලින් වගේ ඉන්න ඉක්මනටම වාසනාව ලැබේවා !
ReplyDeleteමේ කතාවම වෙනත් වචන වලින් ඇහෙනවා ගොඩක් තැන් වල, ගොඩක් කල් ඉඳලම, එක එක විදියට.
ReplyDelete"පොඩි දුවගේ සිනා රැලයි, පොඩි පුතුගේ කතා පෙළයි, ප්‍රිය බිරිඳගෙ සෙනේ විලයි, මගේ නිවන මගේ පැල්පතයි" ඒ කෙනෙක් ට හිතුන විදිය.
ලස්සනයි දුකා අයියෙ. ඊටත් වඩා සංවේදීයි
ඇත්ත තමා අයියෙ. ඒත් ජීවත්වෙන්නනේ අපි ඔය ඔක්කොම කරන්නෙ. ඒ තරම් කැප කිරීමක් කරන්නෙත් එයාලට තියන ආදරේ නිසාමනේ.
ReplyDeleteරට ගිය අලුතම නිසා පාළුව වැඩි ඇති නේ......
ReplyDelete"ටිකිරි සුරතල් කතා බස් රැස
ReplyDeleteනිමක් නොවනා ප්‍රශ්න වැල් සැම
ගෙල බදා ගෙන නිදා ගන්නා
අනේ ඒ සුව නැතුව කොහොමද"
හැඬෙන්නට මේ හැර වෙන කවක් ඕන නැතැ ...
මේ අත්දැකීම ලද අයෙක් මේ කව රසවිඳ නොහඬා ඉන්නට පුළුවන් නම් එයම පුදුමයකි ...
මේ තරම් සංවේදී , පදවැලක් කාළෙකින් කියවන්නට ලැබුණේ ...අනර්ගයි ...වෙන කියන්නට දෙයක් නැති තරම් ...
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්මම්ම්
ReplyDeleteහ්ම්. ලඟදිනෙ ආවෙ. දැන් ආයෙත් එනකල් ඔය විදියට ඉන්න වෙනව කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි. කවි ටික හොඳයි. හිතේ තිබුන දේ හොඳට ලියල.
ReplyDeleteලස්සන කවි පෙළක් ....
ReplyDelete(ඇත්තටම මට මෙන්න මෙහෙම් දෙයක් කල්පනා වෙනවා හොද නිර්මාණ බිහිවෙන්නත් රටින් පිටට යන්නම ඕන වගේ ...)
ගෙදර ඇවිල්ලා ටික කාලයක් ඉදලා පවුලේ අයගෙන් ඈත් වෙලා ආයෙත් දුර රටකට යන්න සිද්ද උනාම දිගටම දුරස් වෙලා ඉන්නවට වඩා දැනෙන පාළුව තනිකම වැඩියි නේද දුකා අයියා. හිතේ ගුලි කරගෙන හිටපු අදහස් ටික නියමෙට ගලපලා තියෙනවා :))))
ReplyDeleteඑනකොට ගෙනාපු බෝතලයකුත් අරන් වරෙන් අයියෙ දුක යන්න දෙන්නත් එක්ක බොමු :)
ReplyDeleteලස්සනයි වගේම සංවේදියි. අන්න රුවා හොද යෝජනාවක් ගෙනැල්ලා දුක නිවාගන්න.
ReplyDeleteඅවුරුද්දකට සැරයක් ඔය දුක හැමදාම විඳල බැරිම තැන තමා මම සතපහක් වත් ඉතුරු නොකලත් එකට ඉමු කියල ගෑනියි දරුවයි මෙහේ එක්ක ආවෙ...
ReplyDeleteලස්සන කවි පෙල අයියේ.. පිටරට රස්සා කරන අපි හැමෝටම ලංකාව දාලා එද්දි දැනෙන සිතුවිල්ලක් මේක..
ReplyDeleteලේසි නැහැ කිසිසේත් ම "සිතම සවිකර දුකත් සඟවා ඉන්න දරනා තැත."
ReplyDeleteසොඳුරු සුවබර හෙට දිනේ වැඩි ඈතක නොවේවා!!!
මන් හිතුවේ ඔක්කොම ඉන්නේ ඔහේ කියලනේ.. අපොයි.. මම නම් යන යන තැන අරන් යනවා. ඒ මොකද මන් අවුරුදු එකහමාරක් ඔය කට්ට කාලා ඉගෙන ගත්තේ..
ReplyDeleteඋඹත් මාත් ඇතුලු නොරටුන්ට ශ්‍රමය විකුණන සුවහසක් ශ්‍රී ලාංකිකයන්ටත් එහෙම කරන්න සිද්ධ කල මේ ක්‍රමයට ශාප වේවා. පවුලෙන් හතරෙන් තුනක්ම එකට ඉඳලත් මට ගිය මාසෙ වෙච්ච දේ උඹ කියවන්න ඇති නේ?
ReplyDeletehenryblogwalker the Dude
@මීගොඩයා
ReplyDeleteහ්හ්ම්ම්ම්ම්ම් තමා මලයෝ
@අඩවිරජ
අනේ බන් රාජ සම්පත් නම් එපා . .
@නවම්
වෙන මක්කා කොරන්නද බන් හ්හ්හ්ම්ම්
@සිඳු
ඔව් නේ ඒකත් මේ කතාවට සමානයි ඒත් මේකේදි මම දුරක . .
@DDT
ඒක එහෙම තමා ඒත් පාලුව විඳ ගන්න ලේසි නෑ
@පසන්
ඔව් පසා . . හෝම් සික්
@මහේෂ්
හිතේ තිබ්බ දුක ඔහේ කොටලා දැම්මා මහේෂ්
@අග්නිධාරා
හ්හ්ම්ම්ම්ම්
@රාජ්
ReplyDeleteඔව් රාජ් දැන් නම් එපා වෙලා ඉක්මනට කඩේ වහලා එන්න ඕන
@රොබින්
එහෙනම් මෙන්න මෙහේ වරෙන් මලයා
@රෙප් මහත්තයා
කියලා වැඩක් නෑ බන් ඒ ගැන නම්
@රුචා
කෝ බන් උඹලගේ ගෙදර බෝතල් තියෙනවා කිව්වා නේද . . .වතුර බෝතල්ද?
@මල්මි!
වැඩක් නෑ මල්ම් . . ටික වෙලාවක් දුක මඟ හැරියත් ආපහු එතනමනේ ඒ නිසා නොබී හිටියා
@සපා
කරුනු කාරනා යෙදිලා තියෙන හැටියට තුන්දෙනා දෙතැනක ඉන්නවා හැර වෙන විකල්පයක් නෑ බන් . . හ්හ්ම්ම්ම්
@දිනේෂ්
ඒක නම් ඇත්ත මල්ලී
@අරුණි අක්කා
ස්තූතියි අක්කේ සුභ පැතුමට
@සරත්
ඔක්කෝම මෙහේ හිටියේ ගිය අවුරුද්දේ අප්‍රේල් වල අම්මයි පුතයි ගියා. මම මාස තුනෙන් තුනට වගේ ගිහින් එනවා . . තියෙන හැටියට ටික කාලයක් දුරස් වෙලාඅ ඉන්න වෙනවා බන්
@ඩූඩ්
අඩේ මම ඒක කියෙව්වේ අදයි බන් . . සමාවෙයන්. නිවාඩු ගියාම බ්ලොග් කියවන්න වෙලාව්ක කොහේද බන් . . අම්මට නිවන් සුව අත්වේවා
සොදුරු පැහැබර හෙටක් උදෙසා
ReplyDeleteනේක පියවරු හිදිති ඉවසා .......
සොදුරු පැහැබර දිනය ඉක්මණටම උදාවේවා යි පතමි....
පුංචි පුංචි ආරවුල් ගියත් තමන්ගේ දරු පවුල එක්ක ගත කරන ජීවිතේ මොනතරම් සුන්දරද කියල හිතෙන්නේ ඇත්වෙලා හුදකලා උනාම .
ReplyDeleteලස්සන කවිය .
හරිම ලස්සන පද එකතුවක් අයියේ....
ReplyDeleteසෑහෙන්න දුකක් කියැවෙන කවි පන්තියක්.... අයියාගේ බලාපොරොත්තු හැම එකක්ම ඉක්මන්ට ඉෂ්ට වෙන්න කියලා පතන්නම්.
@සම්මානි
ReplyDeleteස්තූතියි සුභ පැතුම් වලට
@ගිම්හානි
කියලා වැඩක් නෑ අයියෝ
@ගැමියා
බොහෝම ස්තූතියි මල්ලී . . .
හ්ම් හ්ම්. ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක.
ReplyDeleteහරි අපූරු කවි පන්තිය. මම හදිස්සියෙන් ඇවිත් බැලුවේ කපුගේ ගේ ගිය ගැන ලියලද කියලා.
ReplyDeleteහුදකලා වුණාම උලලේනාගේ අමිහිරි හඬත් මිහිරක් ගේනවා හිතට
හරිම අපූරුයි කවි පන්ති ටික . ඔහොම තමයි එයාලා වෙනුවෙන්ම කැප කිරීම් කරන තාත්තලා. මගේ ආදරණීය තාත්තාත් මගේ ආදරණීය මහත්තයාත් ජීවිතේ එක්තරා කාලෙක මේ කැපකිරීම කලා මල්ලී. අද තාත්තලාගෙ දවසෙ ඒ හැම තාත්තා කෙනෙක්ටම දුකතුනී වී සතුට රැඳේවා! කියල පතනවා දුකා මල්ලී.
ReplyDeleteඇස් වලට කඳුළු ආවා දුකා . දුක තමයි . ග්‍රීෂ්ම නිවාඩුවට අම්මල ළමයි අරන් තමන්ගේ රටවලට ගිහින් . දන්නා කියන හුදකලා වුන තාත්තලා කොෆි ෂොප් වල ඉන්න හැටි මන් දකිනවා . අමාරු වුනත් පවුලට හොඳ තීරණයක්නේ ඔබ අරන් තියෙන්නේ . ජිවිතේ හැටි ඔහොමයි .
ReplyDelete@නලිනි
ReplyDeleteකියලා වැඩක් නෑ අයියෝ
@දයානන්ද
අහ් නෑ කපුගේගේ සින්දුවේ කෑල්ලක් මාතෘකාවට දැම්මා විතරයි . . මට නම් පාලුවෙන් ඉන්න වෙලාවට මී පැනිත් තිත්ත රහට දැනෙන්නේ අප්පා . .
@චන්දි
මමත් එහෙම හිතලා තමයි අක්කේ ගොඩක් වෙලාවට හිත හදා ගන්නේ . . මොනව කරන්නද?
@බින්දි
ඔව් බින්දි . . හැමෝම මෙහේ හිටියොත් හම්බුකරන ඔක්කෝම වියදම් කරනවා විතරයි අනාගතේ වෙනුවෙන් ඉතිරියක් නෑ . . ඒ නිසා අමාරුවෙන් හරි මේ තීරණේ ගත්තා . .ඒත් වෙලාවකට පිස්සු වගේ . .