විජය කුමාරතුංග ජනප්‍රිය නලුවෙක්ව සිටි බව සැබෑවක් නමුත් ඔහුගේ බොහෝ චිත්‍රපටි නරඹා ඇති මගේ මිනුම් දඬු වලට අනුව නම් ඔහු විශිෂ්ඨ ගනයේ නලුවෙක් නොවේ.
ඔහුගේ විශිෂ්ඨතම රඟපෑම් ඇත්තේ කැඩපතක ඡායා චිත්‍රපටියේ බව මතක හැටියට වරක් ටැබූ කොහෝ තැබූ කොමෙන්ටුවක දුටු නමුත් අවාසනාවට එම චිත්‍රපටිය නරඹා නොමැති නිසාවෙන් ඔහු හා එකඟ වන්නට මට හැකියාවක් නැත.
කෙසේ නමුත් ඔහු ගායනා කල ගීත බොහොමයක් අසා ඇති මට ඔහු ඉතා විරල කටහඬක් ඇති අපූරු ගායකයෙක් බව නම් කටපුරා කිවහැකියි.
මිල්ටන් පෙරේරාගේ හඬින් ගයන්න ඔහුගේ පුතුන් වූ ප්‍රියංකර හා චලක චමුපති සිටින අතර අමිත් වල්පොල ධර්මදාස වල්පොල මහතාගේ හඬට සමාන හඬින් ගී ගයයි. චිත්‍රපටි පසුබිම් ගායනයට ජෝතිපාල මහතා අහිමි වූ නමුත් ග්‍රේෂන් ආනන්ද මහතා ඔහුගේ හිස් තැන ඔහු පමනටම නැතත් සුලුවෙන් හෝ පිරවූ බව මගේ අදහසයි.
මොහිදීන් බෙග්ගේ ගීත ඔහු පුත් ඉෂාක් බෙග්ද මර්වින් පෙරේරාගේ ගීත කීපයක් අමල් පෙරේරාද, මිල්ටම් මල්ලවාරච්චිගේ ගී ඔහු පුත් රනිල් මල්ලවාරච්චිද ගායනා කරන නිසාවෙන් අප මතකයෙන් ගිලිහී නොයා තවත් කලක් අප අතර රැඳෙනු ඇත.
එනමුත් විජය කුමාරතුංගගේ විරල කටහඬ හිමි කිසිවෙක් තවම කරලියට පැමින නැති නිසාවෙන් ඔහුගේ ගීත අපගේ වර්තමාන පරපුරට සේම අනාගත පරපුරටද අහිමිවී යාමේ අවදානමක් ඇති බව සිතෙන විට මට නම් ඇතිවන්නේ සියුම් වේදනාවක්.
මේ බ්ලොග් සටහන එවන් වූ මගේ වේදනාව මකා ගැනීමේ කුඩා තැතක් පමනි.
දේශපාලනයේ චරිතයක් වීම විජයගේ සිහිනයක්ව තිබුනා විය හැකියි. බලවත් දේශපාලනක පවුලක චන්ද්‍රිකා ට විජයගේ ආදරය හිමිවීමෙන් ඈ ඔහුගේ බිරිඳවීමෙන් පසු විජයගේ තිබුනා වන්නට විය හැකියැයි මා උපකල්පනය කරන දේශපාලකයෙකු වීමේ සිහිනය යතාර්ථයක් කර ගන්නට ඔහුට ඉඩ ලැබුනා වන්නට ඇත.
සිනමා ක්ෂේත්‍රයේ සංගීත ක්ෂේත්‍රයේ සියල්ලෝ "ඉතා උසස් මානුෂික ගති වලින් හෙබි සුන්දර මනුස්සයෙක්" යනුවෙන් නිතර අර්ථකතනය කල විජය අපට අකාලයේ අහිමිවීම ඔහුගේ දේශපාලන ආගමනය නිසා සිදුවූවක් බව මගේ පමනක් නොව බොහෝ අයගේ මතය නොවේද??
චන්ද්‍රලේඛා පෙරේරා, මාලනී බුලත්සිංහල, ඇන්ජලීන් ගුණතිලක ආදී ගායිකාවන් කීප දෙනෙකු සමඟ විජය යුග ගී ගයා ඇතත් ඔහුගේ යුග ගී අතුරින් විශාල ජනතා රසික ප්‍රදායක් දිනුවේ විජය සහ චන්ද්‍රලේඛා ගායනා කල යුග ගී බව මගේ හැඟීමයි.
ඉදින් විජයගේ ආදරය චන්ද්‍රිකාට නොලැබී චන්ද්‍රලේඛාට ලැබුනි නම් විජය අදටත් විශිෂ්ඨ ගායකයෙකු ලෙස අප අතර සිටින්න ඉඩ තිබුනා නොවේද කියා මට සිතීම අහම්බයක්ද??
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
සිංහල හින්දු අවුරුදු සමය ඇති - නැති, ලොකු - පොඩි කාටත් එකසේ සිතට සුවය සදන සමයක් බව කිව මනාද? ගැමි ජීවිතයේ සුන්දරත්වයත් සිංහල හින්දු අවුරුදු සමයේ ඇති සිරියාවත් මේ ගීතයේ අපූරුවට ගැබ් වී අති අකාරය බලන්න.
පුංචි පැලත් මේ කාලේ මාලිගා
රජ මාලිගා දොලොස් මහේ නැකත ඇවිල්ලා
ගම්මානෙම මංගල ගී ගායනා ගැමි ගායනා
සිංහල අවුරුද්ද ඇවිල්ලා
මල් වරා තිබූ දළු මල් බරින් පිරී
රන් ගොයම් පැසී නැමී සැලේ
බාලොලියා බෝවිටියා හිනැහී ඇතේ
කෝළ ළඳුන් මුවඟ රබන් සුරල් සේ
කමත් බිම් කෙත පුංචි පැංචියන් පිරී
චන්ද කිඳුරු නාඩගම වෙතේ
කෝළ ළඳුන් ආල සිතුම් ගැටවු හා ඇති
ඈත කුඹුරු පිටියෙ සරුංගල් අරී
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
අනෙකාගේ සෙවනැල්ල පවා හදට සිහිල සදන ගිමන් හලක්වූ, අනෙකාගේ සිතට සීමා මායිම් පැනවූ ඒකාධිපතියන් නොවූ, අනෙකාගේ සතුට සැපත පමනක් තමාගේ සතුට සැපත බවට පත් කරගත් ප්‍රේමයෙන් මුසපත් වූ යුවලකගේ ආත්මීය කථනයක්.
සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමූ
ජීවන මංපෙත මලින් සැදී ගිය
යුගයක නොව ඔබ හමු වූයේ
කටු කොහොලින් පිරි කළල් වියේ මා
තනිව මියෙද්දිය හමු වූයේ
මින් මතු මංපෙත මලින් සදන්නෙමි
ළතැවුල් සෝ ගී නෑසෙන සේ
පමනක් නොව මේ සංසාරේ
උපදින වුව මතු සංසාරේ
මතු උසංසාරේ මා හුරුබුහුටිව
පෙම් කරනා කල එලඹෙනදා
කුළුඳුල් නැකතින් හමුවන පැතුමක්
පතනෙමු සසරින් නික්මෙන්දා
සංසිඳුවා සිතු පහන් කරන්නෙමි
මේ පෙම කුළුඳුල් පෙම යැයි සිතා
එන්නෙමි පසුපස සංසාරේ
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
ආදරය දෙස මෙත් සිතින් බලනු හැකි වැසියන් නොමැති; ආදරයෙන් බැඳුනු සිත් රිදවීම, කඩා ඉහිරවීම ඒකායන ප්‍රාර්ථනය කරගත් වැසියන් නොමැති; පෙදෙසක් කොහේ වේද? මිනිස් වාසයෙන් තොර වන දහන හැර එවන් පාරාදීසයක් මිහිමත වෙත්ද??
වනසපු මල් පිපෙන වන රොදේ
ජීවිතයේ සුවඳ විජිතයේ
ඔබ හමුවන්නට මා ආවේ
ලොවින් සැඟව මේ වන දහනේ
ගහකොල මල් සෙවනැලි අතරේ
වැතිරෙමු අපි පිනි කැට යහනේ
කුරිරු සිතින් දළ තුඩු ඇන
අප රිදවන කිසිවෙකු නැත
බොරු හසරැලි මල් රොන් යට
විස සඟවන කිසිවෙක් නැත
පෙමට නිවන් මඟ සලසන
වන ගහනය සිත සුව දෙන
ඔබෙත් මගෙත් සිත හඳුනන
කුරුළු ගීත අසනු මැනවි
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
දෙතැනක සිරවුනු දෙසිතක සෙනෙහසක් එක්තැන්ව ප්‍රේමයේ සිහිල විඳින දවස කවද උදාවේද?
ඈත එහා . . . ඔබ සිටිනා . . .සිතක සිනා
ඒ සුවඳ හමා
මගේ හදේ ලියවී තියෙනා
කැකුල පිපේයා . . සුවඳ හමා
ඈත එහා . . . ඔබ සිටිනා . . .සිතක සිනා
ඒ මහද සලා
මගේ හදේ සිරවී තිබෙනා හැඟුම් ගලා යා
ඔබව සොයා
පියඹා එන්නට අවසර දෙනු මැන
ලංවී ඉන්නට සැමදා ඔබ වෙත
සෙනෙහස ගන්නට පහස ලබන්නට
සිහිය ලොවින් හෝ සැබේ කරනු මැන
ඔබ හා සිතනා මාගේ පැතුමන්
හමනා සුළඟේ මුදා හරින්නම්
සීත පටලයන් අතරේ සැඟවී
උනුසුම් සුසුමන් නිවා හරින්නම්
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
නගරයේ ඇති කෘතිම විච්චූර්ණ අරුමෝසම් මායාව විසින් සුන්දර සිහිලැල් ගම්මානය ආක්‍රමනය කිරීම කොතරම් පාපයක්ද?
මා දිනු ගම්බද මේ බිමේ
ගුම් බිඟු ගී නෑසේ
ලාළිත සුන්දර ලාළනා
දැන් නෑ ගම්මානේ
මාදුටු කෝළ ලඳු මේ ගමේ උන්
වෙනස් වීලා ඔබ වගේ
පැරණි දේවල් අගය නෑ නේ
නගර ගම්මානේ
ආල සිත මා ඔබට දුන් ඒ
අගය දැන් නැතිදෝ
ළමැද ඇට පොට ඔසරි වළලූ
ඔබට දැන් හුරු නෑ
ගම වෙනස් වී හිත වෙනස් වී
ඔබත් නෑ මතකේ
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
ගම්මානයේ සිරියාව නගරයේ අරුමෝසම් වැස්සේ දියෙන් සේදී ගියත් කැකුලෙක් කැකුලියකට ආදරය කිරීම මහා පාපයක් ලෙස සිතන පුහු ආකල්ප වෙනස් නොවූයේ මන්ද??
පෙරමඟ සුභ නිමිත්ත වී
හෙටත් උදෑසන වඩින්න
අකුරට යන බාල නගේ
වෙල ඉස්මත්තේ
එපා ඉන්න හෙට මේ ලෙස
මං යනවා පිට පාරේ
වටින් ගොඩින් එලිය වැටී
දොල ලඟ බැද්දේ
එන්න එපා කතා හැදෙයි මේ ගම්මැද්දේ
කුමාරියක් බලා හිඳී හද විල් තීරේ
පුංචි නෙළුම් මල් යහනාවේ
ජම්බු රතට රතට වෙරේ
ඇහළ මලක් පෙමට හඬයි
පිට දිග වරලේ
පුර පෝය හඳ එලියේ අන්දර හෙවනේ
ඉන්නෙ කෙසේ පෙම් පිලිසඳරේ
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
තෙතමනයක් නොමැති හදවත් ඇති සියක් දාහක් මිනිස් පුරයක් වුව පිපාසයට දිය බිඳක් නොමැති කතරක් නොවේද?
මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසු දැල් අසිරි සලක්
සිහින ඉසව්වක්
සිත් කතරක නෙත් දනවන
සිහින දනව්වක්
කතරක් වෙන කොතැනක හෝ
කෙම් බිම් යලි හමුවෙනවා
දුක් අරගෙන යන ගමනේ
හසරැල්ලක් මුසුවෙනවා
කඳුලින් තරු වූ උයනේ
මිනිසත් කම් දලු ලනවා
සිත තෙත් නැති කාලේ
කොතැනත් කතරක් වෙනවා
හදවත් පිවිතූරු වූ දා
නව කෙම් බිම් බිහිවෙනවා
දෙසිතක් මුසුවූ දැහැනේ
දහසක් මල් පිබිදෙනවා
. . . . . . . . . . . . . . . . . . . . . .. . . . . . . . . . . .
පුංචි කාලේ ගෙවුනු තාලේ ආයෙමත් සිහිවේ
අපගේ බාලේ සෙනෙහේ දාමේ නෑ තවත් බිඳුනේ
ඔබගේ දෑතේ එතිලා ආයේ නැගෙනිය මා අයියේ
දෑස වාගේ සෑමාදා මා ඔබලඟමයි ඉන්නේ
වී කරල් පැසුනා මී මලුත් පිපුනා
වෙල් එලි මැද දුවලා කාලයම ගෙවුනා
සොයුරේ පෙර දිනේ ගී සිනා සිහිවේ
දෑසමන් නෙලලා මාලයක් ගොතලා
අයියන්ඩිගේ ගෙලලා මා බලා සිටියා
නැගෙනී පෙරදිනේ ගී සිනා සිහිවේ
මේ ගීතයට මා විසින් පෙර ලියූ බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්වූ "කරදරකාර නංගී හෙවත් දෙවියන් ලබා දුන් අගනා තෑග්ග" නම් වූ ලිපිය හර වෙන යමක් ඇවැසිද??
“කුඩාකල මහා කරදර කාරියක් ලෙස අප සිතා සිටින නංගී සැබැවින්ම කරදරකාරියක් නොව දෙවියන් විසින් දුන් අගනා වස්තුවක් බව කඳුලින්ම මුනගැසී . . . කඳුලින්ම සමුගන්නා මගේ නංගී මා හට පසක් කර දුන්නා යැයි මට නිතරම හැඟේ . . ..”
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
විජයගේ විශිෂ්ථ ගායන කුසලතාවය හඳුනා ගත හැකි තවත් අපූරු ගීත දෙකක්
මිණි කිංකිනි හඬ පරදා
මේ ගැල් ගමනේ
කළුවර කතරේ
කඳු වැටි මානේ
දුක් ගී රාවේ සවනත පෑරේ
සුදු මැනිකේ
පාලුවේ පාවී හපුතල් කඳේ
පුර හඳ නැගුනේ මේ දිගු ගමනේ
ගවකුර වැඩිවේ ගව්වෙන් ගව්වේ
ඔබ නැති ගම්මනේ මේ දුර පෑහේ
සීපදේ රාවේ සියොළඟ සසැලේ
ඔබ සිත සැඟවේ දාහය උතුරා
උනුසුම ඔබගේ සිරුරේ තැවරේ
නෑ හිරු පායන්නේ
නෑ මට ආයේ
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
ඔබ නෙතු මා හා රන්දා
මා සිතු ඔබ හා බන්දා
ආදර හැඟුමන් හදතුල අතුරා
ඇයි දැන් සැගවෙන්න
මා සිත රිද වන්නේ
කාටත් දෙන ඔය නෙතේ කැලුම්
සැමට පිදෙන ඔබේ නුරා බැලුම්
මුතු අතරින් එන පොකුරු සිනාවෝ
ආදර සිත කලඹයි
මා ආදර හද කලතයි
සසර සැරි සරා සෙවූ සිහිනේ
පෙරුම් පුරා ලා බැන්ද සෙනේ
තලන්නෙපා අත හරින්නෙපා
ආදර සිත ඇත්තයි
මා ආදර හද සත්තයි
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
පින්තූරය ගත්තේ : http://www.sundayobserver.lk/2008/02/24/imp03.asp
ගායකයෙකු විදියට නම් විජය ගැන ඔහුගේ හඬ සම්ප්‍රදාය ඉදිරියට ගෙනියන්නට කවුරුන් හෝ නැතත්.., සිනමාව තුල තවමත් විජයගේ අවතාර හොල්මන් කරනු අපිට දකින්න පුලුවන්.
ReplyDelete[නිද: අර්ජුන කමලනාත්]
එක අතකින් එක එක ගායකයන් යැයි කියාගන්නා අයගෙන් මේ අපූරු මනුස්සයාගේ හඬ පෞර්ෂය දූෂණය වෙනවාට වඩා.., මේ ලෙසට තියෙන එකත් හොඳයි කියලා වෙලාවකට මට හිතෙනවා..!!
ප.ලි► සමහරවිට ඔබ කියූ විදියට චන්ද්‍රිකාව නැතිව චන්ද්‍රලේඛාව මේ මනුස්සයා බැන්දා නම් තාමත් අපි අතර ඉන්නට තිබුණා.
චන්ද්‍රිකාවත් චන්ද්‍රිකාවත් ගැනනං නෙවේ...ඒත් පුංචි කාලේ ඉඳලා ආදරය කල මිනිසෙකු ගැන ලියලා තියෙන ලිපිය දැක්කාම හිත දුවන්නෙම අතීතයට...
ReplyDeleteදැන්
"ඔබ නෙතු මා හා රන්දා
මා සිතු ඔබ හා බන්දා"
හය වෙනි පාරටත් අහන ගමන්...
මට නං විජය ගේ සින්දු ලස්සන නෑ.
ReplyDeleteකැඩපතක ඡායා වලට තමයි පොරට හොඳම නළුවා සම්මානය හම්ව වුනේ, ඒ මැරුණට පස්සේ.
ගඟ අද්දර, දියමන්ති පාර දිගේ වගේ චිත්‍රපටිවල රඟ පැම් නිසි අගැයීමකට ලක්වුනේ නෑ.
විජය ඉතා ඉහල ගනයේ රංගන ශිල්පියෙකු නොවුනත් ඉතා හොඳ රංගන ශිල්පියෙක් බව මගේ හැඟීමයි .එදා තිබු සිනමාවට අනුව ඔහුගේ රංගනය අඩු තක්සේරු කල නොහැක . ඔබ පවසනා පරිදිම විජයගේ අඩුව පුරවන්නට හඬක් නොමැති වුවා සේම , වාණිජ සිනමාවට ඔහුගේ රූපයේ අඩුව පුරවන්නට රූපයක්ද මෙතෙක් ලැබී නොමැත
ReplyDeleteජීවන මංපෙත මලින් සැදී ගිය
ReplyDeleteයුගයක නොව ඔබ හමු වූයේ
කටු කොහොලින් පිරි කළල් වියේ මා
තනිව මියෙද්දිය හමු වූයේ
මින් මතු මංපෙත මලින් සදන්නෙමි
ළතැවුල් සෝ ගී නෑසෙන සේ
පමනක් නොව මේ සංසාරේ
උපදින වුව මතු සංසාරේ
ෙම් ඒක පද ෙපලියක් විතරයි. මම නම් කියන්ෙන් විජය ෙග් අදරය චන්ද ෙල්ඛාට කියලායි.
ගායකයෙක් විදිහට නම් සෑහෙන හොඳයි කියන්න පුළුවන්. මේ ගීත එකතුවය ගඟ අද්දර ගීතයත් තිබුණා නම්...
ReplyDeleteවිජය ඇත්තෙන්ම අපූරු කටහඬක්, රුවක් වගේම හොඳ හදවතක් තිබුන මිනිහෙක්.
ReplyDeleteවිජයගෙ හඬට අතිශයින් සම හඬකින් ගයන ගායකයෙක් ( අයිවෝ නෙමෙයි ) මං "One Sri Lanka Chanel" එකේ වැඩ සටහනකට ඇවිත් ඉන්නව දැක්ක. එයා කියපු විදියටනං විජයගෙ සින්දු සියල්ලෙම වගේ නීතිමය අයිතියත් නිශ්පාදකයින්ගෙ මිලට අරං, ඉස්සරහට ප්‍රසිද්ධ වේදිකාවෙ වගේම පටි තැටි වලත් සින්දු කියන්න බලාපොරොත්තු වෙනවලු. මිනිහ යුරෝපයෙ කොහෙහරි තමයි දැනට පදිංචි.
කොහොම හරි මම දැක්ක විදියටනං අපූරුවට බොරු බර නොදා බොහොම සැහැල්ලුවෙන් විජය වගේම ගැඹුරු හඬකින් ගැයුව.
විජයගෙ මම කැමතිම වේල්ල හදන තැන වැඩකරන කම්කරු පුතා තමංගෙ අම්මව සිහිකර ගයන සින්දුව. ඒක අපූරු සරළ මව් ගුණ ගීතයක් වගේම ඒදා මහවැලියෙ ඒ පැත්ත ගැන කතා කරපු එකම සින්දුවද වෙනව!
මම ඉතා කැමති ගායායෙක් විජය කියන්නේ,,මම හිතන්නේ විජයගේ අඩුව පුරෝනවා,මංජුල වර්ණකුල,,සන්ප්ලවර් සමග විජය ප්‍රනාම 1,2 කියලා කැස්ට් 2ක් කලා,චන්ද්‍රිකාගේ අවසරය ඇතිව.ඇත්තටම විජයගේ ගීත මෑත කාලයේ විකාශනය කරන්නේ මංජුලගේ හඩින් කියන ගීත,,,හොයන්න අමාරුයි වෙනස විජයගේ කටහඩත් එක්ක.
ReplyDeleteමේ ඉස්සල්ලා කමෙන්ට් කරන කෙනාගේ වැඩසටහන මම බැලුවා ඒ චැනල් එකේ,,මංජුල ඉන්නේ යුරෝපේ නෙමේ,,,ඒ වැඩසටහන කලේ,යුරෝපා සංචාරෙකට ආවා,ඇන්ජලින් එක්ක,ඒ වෙලාවේ තමා ඒ වැඩසටහනට සහභාගි උනේ.මංජුල මාදම්පේ මහවැව ඉන්න කෙනෙක්.
ව්ජය නළුවෙක්ට වඩා ගායකයෙක් විදිහටයි මට නං වැඩියෙන් සමීප. ඔහුගේ ගීත එකතුවේ ඕනෑම මට්ටමක කෙනෙක්ට අහන්න ගීත තියෙනව. කවුළුව අතරින්, පායා සීත රැයේ, මිණි කිංකිණි, ගඟ අද්දර වගේ ගීත සෑහෙන්න දැනෙන ගීත.
ReplyDeleteඔහුගේ මං හුඟක් කැමති ගීයක් තියෙනව කවදාවත් විජය ගැයූ ඔරිජිනල් ගීය අහල නැති. වෙන අය කියනව අහල තියෙන්නෙ.
පාලු රැයකදි මුහුදු වෙරලේ තනිව හිදිනා ව්ටකදි
අහස මුදුනට සඳ ඇවිත් මට කියයි ඔබ ගැන කොඳුරලා
අනේ ඔරිජිනල් එකක් තියෙන තැනක් දන්න කෙනෙක් කියන්න..
kohoma hari matanam meka dakkama matak une rukanthata wenna tibba hadiya.rukantada pin kare natnam wijayada danne na.
ReplyDeleteවිජය කුමාරණතුන්ග යන් ගේ සිනමාරූපී අඩුව දැනෙන්නේ වානිජවාදී සිනමාවකට වුනාට ඔහුගේ ගායනයේ තිබු යතාර්තය සහ පිරිමිකම පිරේවිද කියන එක නම් සැකයි.මන්ජුල වර්නකුලසූරිය විජය ගී නොකිව්වා නම් ගී ගයාවිද?ඔහු හැකියාව නැත්තෙක් නම් නොවෙයි.තමන්ගේ නිර්මාන වලින් ආව දාකට ඔහු ගැන කතා කරමු.රුචිර කළණ කියලා කෙනෙක් 90 දශකයේ විජයගේ කට හඩට සමාන හඩකින් තමන්ගේ ගී කිහිපයක් ගායනා කලාට වැඩි දුර ගියේ නැහැ.
ReplyDeleteදුකා අය්යා : දඟගෙයි දඬුවම් සිංදුව අමතක උනාද?
ReplyDeleteවිශිෂ්ට නොවේ කිව්වත්, විජය හොඳ නළුවෙක්.
ReplyDeleteවිජය ගැන ජෝ කිව්ව කතාවක් "දෙනවක හාමිනේ අර වෙන කව්රුවත් බේරිලා නැහැ"
විජය කුමාරතුංග කියන පුද්ගලයා පෙනීසිටි හැම ක්ෂේත්‍රයකම හාත්පසින් වෙනස් භූමිකා කල සාර්ථක මිනිහෙක් කියන්න පුලුවනි. ගායක විජයගේ රැල්ලෙන් රැල්ලට ගීතය ගොඩාක් සිත්ගත් නිර්මාණයක්.
ReplyDeleteඔහු මහජන පක්ෂය ගොඩ නැගූ කාලයේ රටේ හැම පෙදෙසකටම, පුංචි ගමකට පවා ගියා. ලංකාවේ විපක්ෂ ගොලුබෙලි කටුවට රිංගන/රිංගවන මෝස්තරය පැතිරෙන්න පටගත් කාලෙක කඩපිලක, පාර අයිනේ පවා කට්ටිය එකතුකර කතාකරන්න ඒකරාශීකරන්න මේ පුද්ගලයට තිබූ හැකියාව දැසින් දුටුවෙමි. ඔහුව මුලිනුපුටා දාන්න එය හෙතිවක් වෙන්න ඇති, ඒත් ඒ පපතර ක්‍රියාවට වන්දි ගෙවන්නේ රට මහජනතාව.
විජය කියන පුද්ගලයා කුළුපඟ මිතුරෙක් සේ කුඩාකල සිට අසුරුකර පුද්ගලයෙක් හමු වූයේ මේ කාන්තාර ජීවිතයේ මුල් භාගයේ දී. ඔහුගෙන් විජය කියන මානවහිතවාදියා ගැන නොදන්නා බොහෝ දේ දැනගන්නා තුරු මා ප්‍රිය කලේ විජය කියන ගායකයා පමණි. ඒ ගීත අදත් රැව් දේ.
Sri lankan life වැඩසටහනේදී විජයගේ හඬින්ම ගී ගැයූ තරුණයෙකු දකින්නට ලැබුනා..ඒ තුශාර ධනංජය..විනිශ්ය මණ්ඩලයේ අදහස වුනේ ඔහුගේ ඒ ගැඹුරු කටහඬ ඉතා විරල ගණයේ කට හඬක් වන විජයගේ කටහඬෙහි රිද්ම පරාසවලට අතිශයින්ම සමාන බවයි.
ReplyDeletehttp://www.youtube.com/watch?v=c1bp52VMutE&feature=related
http://www.youtube.com/watch?v=1DelDmgKlQQ&feature=related
සුපිරි..
ReplyDeleteවිජය නළුවෙක් විදියට මට එච්චර සමීප චරිතයක් නෙමෙයි, මම විජය රඟපපු චිත්‍රපට ඔක්කෝම නොදැක්කට දැකපු දෙක තුනෙන් නම් තේරුනේ වර්තමානයේ උළුප්පා දක්වන තරම් විජය දක්ෂ නළුවෙක් නෙමෙයි කියල. මටනම් පේන්නෙ කෘතීම බවක් ඒ රඟපෑම් වල. ඇතැම් විට ඒ කාලයේ තිබුන රංග රීතියක්ද දන්නෙත් නෑ. කොහොම උනත් තිරයට උවමනා පෙනුමක් නම් තිබුන, එහෙම නොවුනනම් ඒ කාලෙ විජයගෙ සමකාලීනයො වෙච්ච කලංසූරිය, විමල් කුමාර, විජයව ඉස්සර කරන් ගිහිල්ල දක්ෂකම් අතින්. අනික විජයට මතුවෙන්න පවුල් පසුබිම, දේශපාලන පසුබිමත් සෑහෙන්න බලපාන්න ඇති. මුලදීම නොවුනත් පසුකාලීනව.
ReplyDeleteනමුත් ගායකයෙක් ලෙස නළුවෙක්ට වඩා විජය මට සමීපයි. ඒ ඔහුගේ ගැඹුරු කටහඬ නිසා.
නළුවෙක් විදිහට විජය අති විශිෂ්ඨයෙක් නෙවෙයි. ඒත් ඒ කාලේ හැටියට හොඳ නළුවෙක්. දුකා දක්වලා තියෙන ගීත ටිකට අමතරව ඔහු තනියෙන් ගයපු අපූරු ගීත කිහිපයකුත් හදවත පතුලේ රැඳී තියෙනවා.. අපූරු ලිපියක් දුකා...
ReplyDeleteඉතාම විශිෂ්ට ලිපියක් දුකා අයියා. කවුරු ආවත් ජෝතිගෙ විජයගෙ අඩුව මකන්න බැහැ කවදාවත්.
ReplyDeleteව්ජය කුමරතු0ග කියන මිනිසාට අවන්කවම මම ආදරය කලා කව්ද ඔහුට ආදය නොකරන්නෙ ඔහුගෙ ලස්සන සිනහව මලක් වගෙ ලස්සන මුහුන සොබහව දර්මය ඔහුට හෑමඳේම දීල තිබුන එමනිස ඔහුව කටවත් පරදවන්න බෑහෑ සිනමාවෙ සහ දේශපාලනයත් එතරම් අපහසු බවක් අපට පෙනුනෙ නෑහෑ අන් අයට ඔහුගෙ පෙනුම වදයක් උනිස ඔහුව ගාතනය කලා ඒ සුන්දර් මිනිසා අපට අහිමි කලා. ඒත් අප තාමත් විජයට ආදරය කරනවා මතකයන් සමග ජීවත් වෙනව අපගේ හදවත් තුල මම තව දේයක් කියන්න කෑමතිය් අලුත් ගායක යන්ට ඔයලා ගිත කියන්න ඔව්න්ව මරන්න එපා කාරුනික ඉල්ලිමක් .........? මම ගල්ගමුවෙන් ජයවර්ඩන
ReplyDeleteවිජය මම දකින්නෙ පුංචි කෙල්ලෙක්ගෙ ඇසින්. ඒ කාලේ හිටපු නළුවෝ එක්ක ගත්තම විජය රඟ පෑවේ මාලනී රඟපෑවට වඩා හොඳට!!
ReplyDeleteවිජය මාලිනි යන්නෙ ටොරින්ටන් ඉරිදා පොළට. පරණ වොක්සාවගන් බීට්ල් එකකින්. හිනා වෙවී හැමෝම එක්ක බඩු අරගෙන යනවා.
විජය මට හමුවෙන්නෙ කොහුවල හංදිය හා නුගේගොඩ හංදිය අතර තියන මියුසික් පාසැලේ දී. නිහතමානී වූ දේශපාලන දර්ශනයක් තිබි අයෙක්. චන්ද්‍රිකාට නොතිබිච්ච දුර දැක්මක් හා ජනතා ලැදියාවක් ඔහුට තිබුණ.
චන්ද්‍රිකා සහ එකතු වූ නිසා අවාසිය විජයට. දේශපාලන හා ආර්ථික අතින් දෙකින්ම. ඉස්සර ඉරිදා පොළට බඩු ගන්න යන විජය චන්ද්‍රිකා එක්ක එකතු වුනාට පස්සෙ ගෙදර බඩු මුට්ටු විකුණලා ජීවත් වෙච්ච කාලෙකුත් තිබුණ.
මම තවමත් විජයගේ සිංදු අහන්නත්, විජගේ රඟපෑම් බලන්නත් කැමතියි.
@ Observer: මම දන්න විදියට ජෝ ඒ කතාව කීවේ විජය ගැන නෙමෙයි, ගාමිණී ගැන..!
ReplyDeleteඅනේ මන්ද දුකා...විජය චන්ද්‍රලේඛා ව බැන්ද නම් අපට විජයව නැති වෙන්නෙ මීටත් කලින් ද කියල කියන්න කවුද දන්නෙ!
මට මතක හැටියට විමුක්ති කුමාරතුංගටත් විජයගෙ කටහඩට සමාන හඩක් තිබ්බා. හැබැයි ඔහුට සින්දු කියන්න පුළුවන්ද බැරිද දන්නේ නෑ.
ReplyDeleteවිජයගේ කටහඩේ අමුත් පෞර්ෂත්වයක් තියෙනවා. ඒක ඔහුගේ රූපයත් එක්කම එන එකක් වගේ. මමත් කැමතියි විජයගෙ සින්දු අහන්න නමුත් සිංහල චිත්‍රපට බැලෙනවනම් අඩුයි. විජයගෙ මම බලලා තියෙන්නේ ක්‍රිස්තු චරිතය විතරයි
විජයට හොඳ නළුවෙක් වෙන්න බැරි උනේ අද්යක්ෂකයින් ඔහුව එක්තරා රාමුවකට කොටු කර තැබූ නිසයි.. බැද්දෙගම බැලුවද ? එකේ විජය පොඩි චරිතයක් හොඳට කලා.. ගායකයෙක් හැටියට ඔහුගේ නිර්මාණ අසමානයි... ඔහුගේ කට හඬත් එසේම අසාමාන්‍යයි.. ඔක්කොටොම වඩා අරුණි කියන්න වගේ ඔහුට වෙන කාටවත් එදා නොතිබුණු අදත් නැති තරම දේශපාලන දුර දැක්මක් තිබුන. ඔහු අපට නැති උනේ අපේ රටේ හැමදාමත් තියෙන විරුද්ද මත නොඉවසන වලන්කඩේ හරකාගේ දේශපාලනය නිසයි..
ReplyDeleteඋඹ කිව්වත් වගේ විජේ කියන්නෙ මටත් කියන්න තරම් විශේෂයක් නොවුනු නළුවෙක්. විශේෂයෙන් ඔහු මල් වටේ කැරකි කැරකි කරපු රංගනයන් නම් මට දිරවන්නේම නෑ.
ReplyDeleteවිශේෂය තියෙන්නෙ විජයගේ සුවිෂේශී වූ කටහඬේ තමයි. ඉතාමත් අපූරු ගීත කීපයක්ම ඔහු හරි අපූරුවට ගායනා කරලා තියෙනවා. මට වදින විජේගේ සින්දු තමයි, "රැල්ලෙන් රැල්ලට", "පායා සීත රැයේ", "මිණි කින්කිණි", "සැරයටියෙන්".
මම දන්නා තරමින් ක්‍රමාණුකූලව පුහුණු කරවූ කටහඬක් විජේට තිබුනේ නෑ. ඔහුට ගායනා කරන්න පුළුවන් උනු පරාසය සීමිත උනේ ඒ නිසා. ඔහු එවැනි හැදෑරීමක් කලානම්, ඉතාමත් විශිෂ්ඨ ගායකයෙක් වෙන්න ඉඩ තිබුනා.
මට කියන්න ඕනෙ දේ nawammawatha කියලා තියෙනවා.
ReplyDeleteකාරනා කීපයක් නිසා දුකාගේ මේ ලියවිල්ල තේරුමක් නැති එකක් බවට පත්වෙන බව නොකියා බැහැ. මුලින්ම අහන්න ඕනේ විජයගේ විශිශ්ට රඟපෑම් තියෙන පාරදිගේ, අහස්ගව්ව, බඹරු ඇවිත්, කරුමක්කාරයෝ, බැද්දේගම වගේ චිත්‍රපටි අමතක වෙලාද ඔයා මේ කමකට නැති කැඩපතක චායා ගැන, ඒක බලලා වත් නැතිව කතා කළේ කියලා. අහස්ගව්වේ විජයගේ චරිතය ඉතා කුඩා එකක්. ඒත් ඒක ඔහු අනර්ග අන්දමින් කලා. නලුවෙකුගේ දක්ෂකම් එළියට එන්න, දක්ෂ අධ්‍යක්ෂක කෙනෙකුත් උවමනයි. විජය දක්ෂ නලුවෙක් වුණේ නෑ කියනවට වඩා ඔබින්නේ, ඔහුගේ රඟපෑම් වඩාත් පරිණත වනතුරු ඔහුට ජීවත් වෙන්න ඉඩ ලැබුණේ නෑ කීම බවයි මගේ නම් අදහස. හරියට, අමිතාබ් බච්චන් පරිණත නලුවෙක් වුණේ වයසට ගියාට පස්සෙ වගේ.
ReplyDeleteමෙතන මේ අදහස් දක්වලා තියෙන අය රඟපෑම් මනින්න බාවිතා කළ නිර්ණායක මොනවාදැයි කියලාත් දැන ගන්න කැමතියි.
ඒ ගැන ඒ ඇති. තාත්තලාගේ සින්දු පුත්තු කිව්වේ නැති වුණාම ඒවා මතු පරපුරට අහිමි වෙනවා කියලා දුකා කියන්නේ කොහොමද? අනේ දුකෝ, මට හිතෙන හැටියට මිල්ටන් මල්ලවාරච්චි මහත්තයා කියපු සින්දු අනාගත පරපුරට අහන්න එපා කරවන්නේ එයාගෙ පුතා රනිල්! මෙහෙම කීම ගැන අමනාප වෙන්න එපා. අමල් පෙරේරා මර්වින් මහත්තයාගේ සින්දු ප්‍රතිපත්තියක් විදියට කියන්නේ නැහැ කියලා ප්‍රසිද්දියේ කියනවා මම අහලා තියෙනවා..ඒ මහතා ඒවා ඔය රූපවාහිනී සාකච්චාවකට එහෙම ආවම, නොකියා බැරි වෙලාවක කිව්වොත් ඇරෙන්න සීඩී ව්ල කැසට් වල එහෙම කියලා තියෙනවාද කියන්න නම් මම දන්නේ නැහැ. ඉසුරු ජයරත්න මහතාත්, ටී එම් ජයරත්න මහතාගේ සින්දු කොහෙවත් කියන්නේ නැහැ. වික්ටර් රත්නායක මහතාගේ පුත් දෙපොල වන ජයන්ත සහ ලෙලුම් මහත්වරු කවදාවත් පියාගේ සින්දු නොකියන බව කිව්වා. පියාගේ ගීත වලට තමන්ට කවදාවත් සාදාරණයක් කරන්න බැරි වීම ඒකට හේතුව හැටියට ඒ මහත්වරු දක්වා සිටියා. වික්ටර් රත්නායක මහතාම දවසක් කිව්වා 'ඔය කිසිම පුතෙකුට ඒ අයගේ තාත්තලාගේ අහලකටවත් එන්න බෑ' කියලා! ඉතින් මොනවටද දුකෝ විජයගේ සින්දු කියන්න අනුප්‍රාප්තිකයෝ??
“ඉදින් විජයගේ ආදරය චන්ද්‍රිකාට නොලැබී චන්ද්‍රලේඛාට ලැබුනි නම් විජය අදටත් විශිෂ්ඨ ගායකයෙකු ලෙස අප අතර සිටින්න ඉඩ තිබුනා නොවේද කියා මට සිතීම අහම්බයක්ද??” අහම්බයක් නෙමෙයි, පැහැදිලි මෝඩකමක්!! ගොන් කතාවක්!!! විජය මලේ දේශපාලනය කළ නිසා කියන කතාව ඇත්ත. ඒත් විජය දේශපාලනය කළේ චන්ද්‍රිකාට ආදරය කළ නිසා, ඇයව හමුවූ පසුව නෙවෙයි! ඇයව විජයට හම්බ වුනේ ඔහු දේශපාලනයට ගිය නිසයි. ඉතින් ඒ දෙන්නා විවාහ වුනත් නැතත් විජයගේ දේශපාලනික අදහස් ඉවසුවේ නැති අය අතින් කොහොමත් විජයව මැරෙන්න ඉඩ තිබුනා. විජය කියන්නේ තමන් හිටපු ඕනෑම ක්ශේත්‍රයක ඉතා ක්‍රියාකාරීව හිටපු කෙනෙක් නිසා.
අනිත් කාරනේ, විජය චන්ද්‍රලේඛා එක්ක සින්දු කීමයි, ඒ මනුස්සයා කසාද බැඳිය යුත්තේ කාවදැයි ඒ හරහා අනුමාන කිරීමයි නිකම් මහින්දාගමනයයි, බනිස් කර්මාන්තයයි වගේ නේ? අමරදේව මහත්තයා වැඩියෙන්ම එහෙම නැතිනම් ලස්සනම යුගගී කියලා තියෙන්නේ නන්දා මාලනී මහත්මියත් එක්ක කියලා, ඒ මහතා කසාද බැඳිය යුතුව තිබුණේ ඈව යයි කිව්වොත්? වික්ටර් මහතා කසාද බැඳිය යුතුව තිබුණේ නිරංජලා සරෝජිනි මහත්මියව යැයි කෙනෙකු කිව්වොත්? ජෝතිපාල මහතා කසාද බඳින්න තිබුණේ ඇන්ජලින් මහත්මියව කිව්වොත්? ඒවා ගැන තීරනය කරන්න අපි කවුද දුකෝ? නිකම් මනස්ගාත නෙ?
නිකම් ලිඳ ලඟ ගෑනු එකතු වුනාම කියන විදියේ කතා කියලා මැරිච්ච මිනිස්සුන්ට අපහාස කරන්න එපා. ඔයාගේ බ්ලොග් එකේ ඔයා ගැන ඕන දෙයක් කියන්න ඔයාට අයිතියක් තිබුනට, අනිත් මිනිස්සුන්ගේ ජීවිත හෝ පුද්ගලික කාරනා ගැන මෙහෙම දේවල් කියන්න ඔයාට අයිතියක් තියෙනවද කියලා මීට පස්සේ වත් දෙපාරක් හිතන්න. ඉන්ටර්නෙට් තිබුනු පලියට, සින්හලෙන් ලියන්න පුලුවන්කම තිබුනු පලියට, බ්ලොග් එකක් තිබුනු පලියට නිකම් ගොන් කතා කියලා හත්පොලේ ගා ගන්න එපා.
අමර මහත්මයා.
ReplyDeleteබොහෝම ස්තූතියි.
අදහස් ඉහලින්ම පිලිගත්තා.
ස්තූතියි
ඇත්තෙන්ම මම මේ බ්ලොග් එකට ගොඩක්ම කැමතිත් මේ හේතුම නිසාමයි.
ReplyDeleteමම "හරියි" කියලා හිතන දේවල් ඇත්තටම "හරි ම නෑ" හෝ "වැරදියි" කියලා කියවන අය වැරැද්ද පෙන්වා දෙනවායින් මම "හරි"යි කියලා හිතන දේවල් ගැන මට දෙපාරක් හිතන්නත් මගේ අදහස් වෙනස් කරගන්න ඕන නම් වෙනස් කරගන්නත් ඉඩ සැලසෙන එක කොතරම් වටින දෙයක්ද??
අමර මහතා ඇතුලු හැමදෙනාට බොහොම ස්තූතියි
මගේ ප්‍රියතම නළුවා, හැම චිත්‍රපටයම වගේ බලලා තියේ. ගීත වලටනම් මගේ එතරම්ම කැමැත්තක් නෑ. :D
ReplyDeleteමෙහි තිබෙන ගීත වලින් මම වඩාත් කෑමති ඈත් එහා සහ මිනි කින්කිනි හඩ යන ගීත වලට. නමුත් රෑල්ලෙන් රෑල්ලට,ගග අද්දර ගීතත් ඉතාම ලස්සනයි.ඔහුට ඉතාම ප්‍රතාපවත් කටහඩක් තියෙනවා.
ReplyDeleteකාලෙකින් ඔබට ලිවීමට අවස්ථාවක් ලැබුනේ.
ReplyDeleteවිජය කියන්නෙ අපට හිටිය දක්ෂම, විශිෂ්ඨ නළුවෙක්. විජයගෙ රඟපෑම් වැඩි හරියක් පෙම්වතාගෙ චරිත උන නිසා අපට ඒකාකාරීව දැනුනා. ඒ ඔහුගෙ පෙනුම නිසා. කෙනෙක් කියල තිබුනාහේ, අවස්ථාව ලද තැන්වල, ඔහු ඉතා හොඳින් රඟ පා තිබුනා.
මම කතා කරන්ඩ හැදුවෙ විජයගෙ දේශපාලනය ගැන. විජය ක්‍රියාකාරී දේශපාලනයට එන්නේ ලසසපයෙන්, 1970දි. 1977දි විජය ඡන්දෙ ඉල්ලුවා කටානට, ශ්‍රිලනිපයෙන්. දෙදාස් ගානකින් තමා ඉතා ප්‍රබල, ධනවත් විජයපාල මෙන්ඩිස්ට පැරදුනෙ, ශ්‍රිලනිපයෙ හා වමෙ කෙරුම් කාරයො ඔක්කොම පරදිද්දි.
ඒ වෙනකොට ඔහුට රටේ විශාල පිළිගැනීමක් තිබ්බා. කුඩා ගැටවු හැටියට අපි දැක්කා, අපට ඇහුණා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව, මිනිසුන් තුල විජය කෙරෙහි වූ පැහැදීම. චන්ද්‍රිකා-විජය හමුව සිදුවන විට ඔහු පක්ෂය තුළත් ඉතා ජනප්‍රියවී, අනුර බණ්ඩාරනායකගේ නායකත්ව සිහිනයට තර්ජනයක් වෙලායි තිබුනෙ. ශ්‍රිලනිපය ඇතුළෙ බහුතරය වාම නයකත්වයකට පක්ෂවයි හිටියේ. පක්ෂ නායකත්වය දක්ෂිනාංශික වූ හැමවිටම ඔවුන් පරාදයි. මේ නිසා ඔහුට චන්ද්‍රිකා හමු වුණත්, නැතත් ඔහු ස්ථිරසාර ලෙස වාමාංශික දේශපාලනයට කැප වෙලයි හිටියේ. නැත්නම් ඉන් මිදීමක් තිබ්බෙ නෑ.
අවාසනාවකට, ශ්‍රිලනිපයෙ දක්ෂිනාංශය ජයගෙන 84දි මහජන පක්ෂය බිහිවුණා. නමුත් 88 වෙනකොට මොන තරම් න්‍යයාතමක වෙනස්කම් තිබුණත්, විපක්ෂය ඒකාබද්ධවී, සිරිමාවොලා විජයලා එක වේදිකාවකට ඇවිත් තිබුණා. මගෙ මතය නම්, ඒ වෙලාවෙ විපක්ෂයේ වැඩි බලය තිබුණෙ වමට නිසාත්, සිරිමාවොට ජවිපෙන් තිබුණ තරවටුව නිසාත්, විජය පොදු අපේක්ෂකය වීමට හොඳටම ඉඩ තිබුණා කියලයි. එසේ උණා නම්, ජවිපෙ භීෂණය මදක් දුර්වල වෙන අතරේ විජය ජයග්‍රහණය කිරීමටත් ඉඩ තිබුණා. එසේ වූවා නම්, අපිට අවුරුදු 30 යුද්ධයෙන් අවුරුදු 20ක් වත ඉතුරු කර ගන්ඩ තිබුණා.
වජිර නිශ්ශංක