Tuesday, April 27, 2010
කල්පිතයක්දැයි සිතා ගත නොහැකි දුර්ග තරණය
මේ දුර්ග තරණය පොතේ පසු කවරයේ කතාවයි . .
මජරයෙකු හා දීග යාම නිසා සැහැසි ලෙස තම පවුලෙන් කොන් වී, පතොක් ගාලක තම කුටුම්බය අටවා ගන්නා ඇග්නස්, පවුලේ දැවැන්තයින් අභිබවා ජීවිතයේ ජය කෙහෙලි නංවන්නේ මත් වතුර හෝ නිරුවත හෝ වණික් කර්මයේ ගොදුරු බවට පත්කොට නොවේ.
ඈ අලෙවි කලේ මානව දයාවේ ගුණ සුවඳ හා ස්ත්‍රීත්වයේ අව්‍යාජ සෙනෙහසයි.
දෘඪතර අධ්‍යාත්මික සංහිඳියාවකින් ඔප් නැඟුනු අකපට ලාංකීය ගැමි ජීවිතයේ දයාර්ද කුටුම්බය සතු තීරනාත්මක සාධකය වන ගැමි කාන්තාවගේ තථ්‍ය ප්‍රතිමූර්තියක් වූ ඇග්නස් ගේ සුසුම් අන්දරය ඇගේම ලේ කඳුළු මුතුකැට බවට පෙරළා රන් හුයක අමුණා ප්‍රවීන ලේඛක "තිලක කුඩාහෙට්ටි" තවත් අභිමානවත් පියවරකින් ඔබ හමුවට එන්නේ ඔහුගේ නවතම සුන්දර නිර්මාණය වූ "දුර්ග තරණය" නවකතාවද සමඟිනි . . . !
. . . . . . . . . . .. . . . . .
සත්‍ය සිදුවීම් මාලාවක්
"අක්කේ අක්කේ . . අවුරුදු දවසට අලුත් ඇඳුම් අඳින්නම ඕනද?"
"නෑ නංගියෝ . . කවුද එහෙම කිව්වේ"
"පුංචි අම්මලගේ ගෙදර අය යි කිව්වේ. බොරු නම් අයියගෙන් අහන්න"
"ඔව් අක්කේ, නිශාන්ත මල්ලියි, අනෝමා නංගීයි කිව්වේ. එයාලයි තාත්තා අරන් දුන්නු අලුත් ඇඳුම් විතරක් නෙමෙයි පොඩි මාමත් එයාලට අලුත් ඇඳුම් අරන් දුන්නා කිව්වා"
"අලුත් ඇඳුම් වෙන්න ම ඕන නෑ, පිරිසිදු ඇඳුම් ඇන්දම හොඳටම ඇති. අනික අපේ තාත්තට සල්ලි නෑ නේ අලුත් ඇඳුම් අරන් දෙන්න. සල්ලි හම්බු වුනු ගමන් අම්ම අරන් දෙයි හොඳේ"
"හා"
"ඔයාලට දුක හිතුනාද අනිත් අයට තියෙද්දී ඔයාලට අලුත් ඇඳුම් නෑ කියලා"
"අපෝ නෑ"
. . .
"අම්මේ මට හැමදාම මේ පැට්‍රොල් මැක්ස් ලාම්පුවට හුලං ගහන්න බෑ"
"බැරි නම් චිමිනි ලාම්පුයි, කුප්පි ලාම්පුයි පත්තු කරගෙන පාඩම් කරපන්"
"ඇයි අම්මේ ආච්චිලගේ ගෙදර ඔච්චර ඉඩ තිබිලත් අපි මේ ලයිට් නැති ගේක කුලියට ඉන්නේ. අපිට බැරිද එහේ යන්න"
"ඔය මම සල්ලි නැති මිනිහෙක්ව මගේ කැමැත්තෙන් කසාද බැන්දා කියලනේ. පවුලේ අනෙක් අයට ඉඩම් අරන් දීලා ගෙවල් දොරවල් හදලා දුන්නා. මට කිසි දෙයක් නෑ"
"අපි පොඩි මාමට කියමු අපිට ගෙදරින් කෑල්ලක් දෙන්න කියලා"
"අනේ අපිට ඕන නෑ බං ඒවා. අපි මේ ඉන්න විදිහට ඉමු. අපිටත් කවදා හරි හරි යන්නේ නැතැයි"
. . .
"පුතේ ඔය දර ටික කුස්සියට දාලා බත් ටිකක් කාල පලයන්”
“ආච්චී අම්මේ කෝ විමර්ශා නංගීයි මල්ලිලයි ??”
“රම්‍යා නැන්දා උයලා තියලා ළමයිත් අරන් ඔය කොහේද මන්දා ලොකු ටියුෂන් පන්තියකට යනව කියල ගියේ."
"දර ටික දාලා ඉවරයි ආච්චී අම්මේ. කන්න ඕන නෑ, මම ගෙදර ගිහින් ම කනවා"
"උඹලගේ නංගී ත් ආව දැං ටිකකට කලින්. ඒකිටත් බත් කන්න කිව්වම බෑ කියලා ගියේ ඔන්න"
"අම්ම උයල තියලා වැඩට ගියේ"
"මොනා නැතත් උඹලට උඹලගේ අම්මගේ වගේ මහන්තත්තේ නම් තියෙනවා"
. . .
"අයියේ
ඔයාගේ අලුත් ගෙදර මම දවසක් අම්මලට හොරෙන් ගියා. ඒක තාත්තට අහුවෙලා ආයේ ගියොත් මගේ කකුල් කඩනවා කියලා බැන්නා. අපේ අම්මයි තාත්තයි, පොඩි නැන්දලගේ ගෙදර අයයි හැමෝම උඹලා තුන්දෙනා අලුත් ගෙවල් හැදුවා කියලා හරිම ඉරිසියාවෙන් ඉන්නේ.
සුදු නැන්දව මතක් කලා කියන්න. එහේ ආපහු යන්න බැරි එකට තරහා වෙන්න එපා කියන්න.
මීට විමර්ශා නංගී "
. . . .
"අයියේ මාර වැඩේ හලෝ"
"ඇයි"
"මම පොඩි උන් දෙන්න එක්ක තනියෙම මගේ කාර් එකේ පන්සල් ගිය ගමන් ආච්චිලගේ ගෙවල් පාරෙන් ආවේ. නිකමට ආච්චීව බලන්න කියලා ගියා. ඔක්කෝම හෙන ඉරිසියාවෙන් වගේ මගේ දිහා බැලුවේ"
"තමුසේ ෂෝ දාන්න ගියා කියලා හිතන්න ඇති"
"නෑ හලෝ, අක්කලත් ගිය සුමානේ ගියා කිව්වම මටත් යන්න හිතුනා. රම්‍ය නැන්ද කියනවා අක්කගේ ළමයි ටික අපි තුන්දෙනා වගේ හැමෝටම ආදරේ කරන්න මනුස්සකමින් සලකන්න උගන්වලා තියෙනවා කියලා. පුදුමයි"
"මේකනේ නංගී, අපි නැති බැරි කාලේ වත් කාටවත් ඉරිසියා කලේ නෑ. අපේ අම්ම ඒ අයට බැන්න මිසක් අපිට කිව්වේ තරහා මරහා තියා ගන්න එපා කියලනේ"
. . .
"පුතා මෙන්න විමර්ශා ඔයාට එවපු ලියුමක් ඔයාගේ වෙඩින් ඉන්විටේෂන් එකට රිප්ලයි එකක් විදිහට"
"දයාබර අයියේ
ඔයාගේ වෙඩින් ඉන්විටේෂන් එල ලැබුනා.
උඹලා හැමදාම වගේ මුල අමතක නොකර තරහ මරහ පිරිමහන්නේ නැතුව හැමෝටම වෙඩින් එක කියපු එක ලොකු දෙයක්.
ඒත් අපේ ගෙදර අයට නම් ඒවා දිරවා ගන්න තාම අබෙ විශෙෂයෙන් උඹේ වෙඩින් එක ෆයිව් ස්ටාර් හොටෙල් එකක තියෙන බව දැක්කම අපේ කස්ටියට තවත් මල.
මට එන්න විදිහක් නෑ අයියේ ආවොත් මට ගෙදට ඉන්න බැරි වෙනවා.
උඹ තරහා වෙන්න එපා ඒකට.
මද්දු මහප්පා ගේ පවුල ආච්චී අම්මව බලන්න අපේ ගෙදර ආපු වෙලාවක අපේ තාත්තා කිව්ව උඹේ වෙඩින් එකට එයාල ගියොත් අපේ ගෙදර අය රොෂාන් අයියගේ වෙඩින් එකට එන්නේ නෑ කියලා.
ලොකු අම්මා කිව්ව උයා නාවට කමක් නෑ මට පුංචි අක්කගේ කොල්ලයි, කෙල්ලො දෙන්නයි පුංචි අක්කයි ඊට වඩා වටිනවා කියලා.
හොඳ වැඩේ.
උඹලාට තව තවත් හරියන්න කියා ප්‍රාර්ථනා කරන මම
විමර්ශා නංගී
. . .
"ඇයි අම්මේ මේ මිනිස්සු අපිත් එක්ක මේ තරම් තරහා?? ඉරිසියා??? මේ අය ඒවා යනකොට ගෙනියන්නද??? අපි නැති බැරි කාලෙත් කිසි කෙනෙකුට කරදරයක් කලේ නෑ අපිට පුලුවන් තරමින් ළමයෙකුට අකුරක් ඉගන්නුවා මිසක්, උදව්වක් කලා මිසක්. ඒත් ඇයි මේ මිනිස්සු මේ තරම් කුහක???"
"වෛරය ක්‍රෝධය වගා කරන අය ඒවම නෙල ගනී බං . . අපි ඔන්න ඔහේ පුරුදු විඩිහට කාටවත් වෛර නොකර, ඉරිසිය නොකර,කුහක නතිව ඉමු"
. . . .
දශක ගනනාවකට ඉහත සිදුවූ සිදුවීම් මාලාවක් ලෙස ලියා ඇති මේ පොතේ කතාවත් දශක දෙක තුනකට මෙපිට මෑත කාලයේ සිදුවූ මා දන්නා සත්ය සිදුවීම් මාලාවත් එකිනෙක සමපාත වූයේ නොසිතූ විරූ අයුරින්.
රාත්‍රී 12.30 ට පමන කොටසක් කියවා ඉතිරිය පසුව කියවමියි අදිටනින් අතට ගත් පොත කියවා නිමා වූයේ පසුදා පාන්දර 5ට පමන.
රෑ මැද්දේ බිරිදඟේ මැසිවිලි . . . "විකාරද මන්දා " . . . "නිදි මත නැද්ද? " . . "ලයිට් ඕෆ් කරලා නිදා ගන්න පිස්සු නතුව ". . . වලට හිනාවකින් විතරක් පිලිතුරු දී පොත කියවා නිමා කර උදේ පාන්දර නින්දට ගියේ
"මේ කතාව සත්‍ය කතාවක්ම විය හැකි නොවේදෝ" කියා සිතමින් සහ
අවෛරය, කරුණාව, මෛත්‍රීය, දයාව හා ඊර්ශ්‍යාවෙන් තොරවීම සැබෑ ලෙසම දියුනුවට ඉවහල් වෙනවා නොවේදෝ සිතමින් . . .
ඔන්න ප්‍රථම වතාවට ගීත් ගෙන් පළමු කොමෙන්ට් එකක් හිතවත් දුකාට. හැබැයි එකත් මල පනින කොමෙන්ට් එකක්. ඇයි සුදු දුකා මෙච්චර දිග...............සින් කොන් ලියන්නේ. පොඩ්ඩක් කෙටියෙන් ෂෝර්ට් ඇන්ඩ ස්වීට් විදිහට දියහන්කෝ අයියේ...
ReplyDeleteහ්ම්ම්ම්. . .
ReplyDelete@ගීත් !
ReplyDeleteඅනේ මචෝ මට ඒ දක්ෂතාවය නෑ නොවැ . . .
මගේ ලඟම යාලුවෝ ඔක්කෝටමත් මාත් එක්ක මල පනින මගේ දුර්වල කමක් තමයි කිසිම දෙයක් ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් කියන්න බැරි කම. . .
මොනා කරන්නද බං . . . "ඔක්කෝම හොඳයි මුක්කම නරකයි" කියනවා වගේ මොකක් හරි පරහකුත් තියෙන්න එපයි . . හික් හික් . . .
අහ් මේ පොත ගැන නම් පසු කවරයේ කතාව මුලටම දැම්මේ ඉතුරු ටික කියවන්න ඕන නෑ කියලා හිතෙන අයට නොකියවා ඒ පොත අර ගන්ට හිතක් ඇති කර ගන්න ඇහැකි නිසයි . . .
@මුචලින්ද !
ReplyDeleteහ්ම්ම්ම්. . .
පොත හොයාගෙන කියවන්න ඕන..!..මට මේක කියවනකොට මතක් උනේ 'රිදී නිම්නය'.....
ReplyDeleteකටේ මසුරන් දාන්න වටින කතාවක්නෙ අයිය හැමදාම වගේ ලියල තියෙන්නෙ.
ReplyDelete"බුදු බණ කිව්වත් නිරන්තරේ - බුදු බණ ඇහුවත් නිරන්තරේ - ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ" කියන්නැහෙ අපේ ඇත්තො ඕව පිළිපදින්නැති එක නොවැ කරුමෙ!
අයියා හොද මාතෘකාවක් හොයා ගෙන තියෙන්නේ.මේ කියවෙන කොටස් ව්ලින් ඒ ගැන තරමක හෝඩුවාවක් හොයාගන්න පුලුවන්.ඒත් අයියේ මම නම් වැඩිය කියවන්නේ පරිවර්තන.අපේ සංස්කෘතියෙන් වෙනස් උනාට ඒ සමහර පොත් වල ජීවිතේ ගැන තියෙන බර ලංකාවේ අලුත් හුගක් පොත් වල නෑ කියලයි මට හිතෙන්නේ.කොහොම උනත් අයියේ good job .keep it up.
ReplyDeleteකාලෙකට ඉස්සර කියවපු ජයකොඩි සෙනෙවිරත්න ගෙ "මිනිස්සු" සහ "නොමිනිස්සු" කියන පොත් දෙක මතක් වුනා. මේ පොතත් කියවන්න නම් ආසයි.
ReplyDeleteඒත් ඒකටත් ලංකාවට යනකන් ඉන්න වෙනව.
ස්තුතියි දුකා අයියේ...ඔළුවට ටොක්කක් ඇනලා කියලා දුන්නා වගේ තමා මට දැනුනෙ....කොහෙන් හරි හොයාගෙන කියවන්නම ඕනෙ....හොයාගන්න බැරි උනොත් ගන්නම්.....හොඳද....මෙච්චර රහ කර කර ලියලා තිබ්බම අපිත් ඉතින් කියවන්න පෙරේත වෙනවනෙ.....තේරෙන්නෙ නැද්ද මන්දා....
ReplyDeleteමමත් මගෙ පොස්ට් කෙටියෙන් දාන්නෙ බලන මිනිස්සු වැඩ කරන ගමන්නෙ කියලා හිතලා, නමුත් එතනදි ලොකු අසාධාරණයක් දෙපැත්තටම කරන්නෙ.. කියලා හිතෙනවා.. ඔයා හරි කියවන්න ආස දෙයක් නම් කාලයක් අරන් හරි කියවනවා.. මෙච්චර වැඩ තියෙද්දි ඔයාත් කොහොමද මෙච්චර දිග පොස්ට් කරන්නෙ... අද හවස මම යහලුවෙක් ගෙ PC එකක් හදලා දෙන්න ගියා. එද්දි රැ 12.15 යි. එද්දි මූ පාලු හරියකදි කිව්වා
ReplyDelete" මචං හොදට බලපන්.. මම ඇත්තටම ගොඩක් දැකපු දෙයක් තියනවා.. හිත හොද එකා පටන් ගත්ද්දි මාර දුකක් විදින්නෙ හැබැයි මචන් ඌ ට හරියන්න ගන්නෙ පස්සෙ .. මම හොදට දැකලා තියනවා.. ඔය එක එකාව කපාගෙන සල්ලි පස්සෙ දුවන උන් කොහෙදි හරි නවතිනවා.. බලපන් හොදට.. හොදට බලපන් මචං .. "
හිත ට දැනෙන කතාවක්.. ඒත් ඉතින් ලංකාවට යනකන් ඔච්චර තමයි.. ඔයා කියපු ටික අහල හිත හදාගෙන ඉන්න වෙනව...
ReplyDelete"අවෛරය, කරුණාව, මෛත්‍රීය, දයාව හා ඊර්ශ්‍යාවෙන් තොරවීම සැබෑ ලෙසම දියුනුවට ඉවහල් වෙනවා නොවේදෝ සිතමින් . . ."
මට හිතෙන විදියට මේ ටික දියුනුවට වගෙම මානසික සහනයට ඉවහල් වෙනව... මට නම් ඒක ගොඩක් ම වැදගත්...
දුක විඳින කෙනා උත්සාහ කළොත් තමන්ගෙ ජීවිතේට සැප ළඟාකරගන්න පුලුවනි.. ඒත් උත්සාහය අනිවාර්යයි..
ReplyDeleteපොත ගැන නම් දන්නෙ නෑ. දැන් පොත් කියවන්න කම්මැලියි. ඉස්සරනම් හැමදාම පොත් කියෙව්වා. ඉස්සර උදේට අපේ ඉස්කෝලෙ පුස්තකාලෙ අතුගාපු අයට ඉස්කෝලෙ පටන්ගන්න කලින් පොත් ගන්න පුලුවනි. ඉතින් හැමදාම උදේට පුස්තකාලෙ දොර අරිනකන් ඉඳලා ඒක අතුගාලා පොතක් තෝරගන්නව. පහුවදා උදේ වෙද්දි ඒ පොත කියවලා ඉවරයි. ඉතින් ආය වෙනපොතක් ගන්නවා. පුස්තකාලෙ හිටපු මිස් ලා ගියාට පස්සෙ සර් කෙනෙක් ඒක බලාගන්න ආවා. මනුස්සයා කරපු පිළිවෙලක් නැති වැඩ නිසා කාඩ් එක හොයන්න මුලු ඉස්කෝලෙම ළමයින්ගෙ කාඩ් ගොඩවල් අදින්න වෙච්ච නිසා පුස්තකාලෙන් පොත් ගන්න එක එපා වුනා. (අපි කාඩ් ටික පන්ති පිළිවෙලට හදලා ගියාමත් ඊළඟට එද්දි ඒ කාඩ් ගොඩවල් කලවම් වෙලා.) පොත් කියවන පුරුද්දත් නැවතුනා නිකන්ම. යාලුවොන්ගෙ ළඟ තියෙන බොළඳ ආදර කතා කියවන්න මං කැමති නෑ නෙ..
ජොබ් එකක් කරලා සල්ලි හොයන කාලෙකවත් පොත් ගන්න ඕන. ඒත් අධ්‍යාපනෙයි,රැකියාවයි එක්ක පොත් කියවන්න වෙලාවක් තියේවිද දන් නෑ.
@සචී!
ReplyDeleteඔව් සචී පොතක් තරම්ම ලස්සනට සංවේදීව ලියලා තියෙනවා.
හැබැයි ඒ තරම්ම බොක්කේ කෙලවරේ තියෙන තැන් වල වදින්නේ නැති වුනත් අඩුවක් නැතුව රසවිඳින්න පුලුවන්.
ජයකොඩි සෙනෙවිරත්නගේ කතා ශෛලියත් තියෙනවා වගේ
@freedom !
ReplyDeleteඇත්ත නගේ. ඒත් ඒ මම කිව්ව වගේ අනුන්ට ඊර්ශ්‍යා නොකර ක්‍රෝධ නොකර ජීවත් වෙන අය . . . ඒ නිසාම දියුනු වුනු අය ඕන තරම් අපේ සමාජයේ ඉන්නවා . . .
වැඩේ වෙලා තියෙන්නෙ වැඩි දෙනෙක් ඒ ගති වලට විරුද්ධ ගති නිසා භෞතික දියුනුව ලබලා තියෙන නිසා අර කිව්ව ජාතියේ සුලු කොටස කැපී පෙන්නෙනේ නෑ . .
ඉතිං දකින අයත් හිතන්නේ භෞතික දියුනව ලබන්න නම් අනෙක් එකාව කපාගෙන . . පාගාගෙන ඉහලට යන එකෙන් තමයි කියලා .. .
මේ වගේ පොත් පත් ඒ මතයට විරුද්දව උඩුගං බලා පීනන වර්ගයේ පොත් . . .
@leks' world !
ReplyDeleteමලේ මේ පොත පසු කවරයේ කතාව හැරුනාම ඉතිරිය පොතේ කතාව නෙමෙයි. පොතේ කතාව හා හොඳින් ගැලපුනු සත්‍ය සිදීම් මාලාවක්.
මම කිව්වේ ඒ මා දන්නා සත්ය සිදුවීම් මාලාව නිසා මේ කතාව ප්‍රභන්දයක් කියලා හිතන්න මගේ හිත ඉඩ දෙන්නේ නෑ කියන එකයි . ..
@මතක මංපෙත !
ReplyDeleteඇත්තෙන්ම ඔව් ඔයාගේ කමෙන්ට් එක දැක්කම මට ත් එකපාරටම ඒ කතා දෙක හිතට ආවා.
ඒ පොත් දෙක මමත් හරිම ආසාවෙන් බලපු පොත් දෙකක්.
@දිල් !
ReplyDeleteඔලුවට ටොක්කක් ඇනලා හරි හොඳ දේවල් කියවන්න මගපාදන එකම මදිද . . .
ආ මේ ලියලා තියෙන්නෙ පොතේ ඒවා නෙමෙයි හොඳේ
@රවා !
ReplyDeleteඋඹේ යාලුවත් උඹ වගේම ජීවිතෙන් ම පාඩම් ඉගෙන ගත්තු . . . සංවේදී . . මනුස්ස කම අඳුනන . . එකෙක් වෙන්න ඕන මළේ ඒ විදිහේ විශ්ලේශනාත්මක ප්‍රකාශයක් කරන්න නම් . . .
@චේජනා !
ReplyDeleteඔව් නගේ ඔයා කිව්ව හරි.
දියුණුව කියන එකෙන් මම භෞතික වස්තු දේපල විතරක් නෙමෙයි අදහස් කලේ.
අනිවාර්‍යෙන්ම චෛතසිත / අධ්‍යාත්මික දියුණුවටත් ඒ දේවල් තාම්යි මීලිකවම බලපාන්නේ මම හිතන හැටියට
@මිත්‍රයා !
ReplyDelete"දුක විඳින කෙනා උත්සාහ කළොත් තමන්ගෙ ජීවිතේට සැප ළඟාකරගන්න පුලුවනි.. ඒත් උත්සාහය අනිවාර්යයි.."
100% එකඟයි. ඒකට කියන්නේ උඨ්ඨාන වීරිය . . .
පොත් කියවන ආසාව මගහැරුනු එක නම් අපරාදේ. විශේෂයෙන් අදාලම නැති කෙනෙක් නිසා ඒක නැති වුනු එක බරපතල අපරාධයක්.
උඨ්ඨාන වීරිය තියෙනවනම් ආයේ ඒ පුරුද්ද ඇති කර ගනන් එක මහා දෙයක් නෙමෙයි.
අපේ සමහර කලා නිර්මාණ කියෙව්වම..බැලුවම..පිස්සු ඩබල් වෙලා..ඔලුව තව ටිකක් බර වෙනවා..
ReplyDeleteඑත් සමහර නිර්මාන අපට ජීවීතයේ අභියෝග, වීරත්වය, මහත්මා ගතිය, කරුනාව ආදි එකි නොකි ගොඩක් දේවල් ජීවීතයට ඇද ගන්න බල කරන අන්ද්මේ ප්‍රබල , ස්මාජයට වැඩදායි නිර්මාන..
අපේ නව යොවුන් සාහිත්ය මේ වගෙ නිර්මාන වලින් පොහොසත් වන තරමට..රටත් සමාජයත් හොද වෙයි කියලා මට හිතෙනවා...
කියවන්න ඕන ඉක්මනටම..
ReplyDeleteදුකා අයියා..පොත් ගැන චිත්‍රපටි ගැන මෙහෙම රහ කර කර ලියන්න ගියාම අපි අතරමං වෙනවා බන්. දැනටමත් බ්ලොග් ලිපි වලින්ම ගොඩ ගහගත්ත චිත්‍රපට සහ පොත් ලයිස්තුවක් තියනවා බාන්න, ගන්න සහ බලන්න.
ReplyDeleteඔය උඩින් කමෙන්ට් කරපු කෙනා කියපු දේමයි මටත් කියන්න වෙන්නෙ.... :(
ReplyDeleteහිතවත් දුකා..
ReplyDeleteමේ අඩවියට නිතරම ආවගියාට සටහනක් නොතැබුවේ කාරණා කිහිපයක් නිසා..එක..උඹගෙ ලිපිය කියවලා අනිත් යහළු යෙහෙලියන්ගේ කෙටිසටහනුත් කියවලා බලනකොට ..අප්පා..වෙලාවත් යනවනේ බන්…දෙක…සමහරවෙලාවට මේ අඩවිය දර්ශනය වෙන්න කාලය ගන්න නිසා…තුන..මම එනකොට අනිත් යාලුවෝ කියන්න තියෙන ඔක්කොම කියල දාල …මදැයි….
ඇත්තටම දුකෝ…..ඊර්ශ්‍යාව කියන සර්පයා හිතට ඇතුළුවුනාම එය හඳුනා නොගෙන තිබෙන්නට ඉඩ හැරියොත් ඒකේ කෙළවර කුහක කම නැමැති ගත සිත දවන විෂ ඇතුළුවෙනවා…ඉතින් ඔය ඊර්ශ්‍යාව කියන හාදයා හිතට ඇතුල්වෙනකොටම එනු කඩුව ගණු සටනට කියලා ඉවත් කරලාම දාන්න ඕනෑ…නැත්නම් මූණ කැත වෙනවා,ලේ ගමනාගමනය වැඩි වෙනවා,හිසේ රුජාව වැඩි වෙනවා,මානසික ව්‍යාධි ඇතිවෙනවා…මෙකී නොකී සියළුුම ආපත්ති හටගන්නවා නෙව…
මේ.,
සුලා…
දුකෝ පොත් ගැන, පොත් රාක්කේ හරි, පොත් ගුලේ හරි දැම්මා නම් හොද නැද්ද? කවුරුහරි ගන්න ඉස්සෙල්ලා, පොත් බලන්නේ ඒකින් නේද?
ReplyDeleteමේ පොත් දැක්කාම පිස්සු වැටෙනවා නේ, අප්පා...
@Yasela Sumanasinghe !
ReplyDeleteමමත් ගොඩක් වෙලාවට මහා බරපතල පොත් කියවන්නේ නෑ. එක විශේෂ හේතුවක් නම් මගේ ඉංග්‍රීසි දැනීම ඒ පොත් කියවන්න තරම් දියුනු නෑ. අනික අනවශ්‍ය බරක් කරගහ ගන්නේ ඇයිඔ කියලත් හිතෙනවා ඒවා බලලා. සරල නමුත් ජීවිතයට පාඩම් ඉගෙන ගතහැකි පොතක් නම් ආසාවෙන් කියවන්වා
@Naya!
ඔව් නයෝ ලස්සන පොතක් මහා බරපතල නම් නෑ හැබැයි
@aven, විශ්මි!
ReplyDeleteඑහෙනම් කියනන්ද වැඩක් . . . ලිස්ට් එකක් හදපන් මළේ සහ නගේ . . . පස්සේ එක එක බැලුවට පස්සේ ලිස්ට් එකෙන් කපලා දාපන් . .එතකොට ඔලුවට බරක් නෑ "අප්පා අච්චරක් බලන්න තියෙනවනේ" කියලා හිතලා හික් හික්
@සුලා…!
ReplyDeleteඅම්මෝ කාලෙකට පස්සේ . . .එත් මගේ අඩවියේ කාලෙකට පස්සේ උනත් උඹ නෑ කියලා පොඩි අඩුවක් වත් නොදැනුනා තිසාගේ හද ගී පොතේ අපි නිතර හමුවුනායින්. ම් ම් ම් හරි මීට පස්සේ පෝස්ට් කෙටි කරලා ලියන්න උත්සාහයක් ගන්නම්කෝ. අර ගීත් මල්ලීට කිව්ව වගේ මට මචං තියෙන ලොකු අඩුවක් තාම්යි කිසි දෙයක් "ශෝර්ට් ඇන්ඩ් ස්වීට්" කියන්න බැරි කම. බොරු නම් තිසාගෙන් හරි ඩීන්ගෙන් හරි අහපන්, දැන් තිසාත් ඩීනුත් දන්නවා මම නිතර කෝල් කරන නිසා ..
කිව්වත් වගේ මචං ඊර්ෂ්‍යාව නැත්නම් හිතකට දැනෙන සහනය කොයි තරම්ද කියලා මම දන්නවා මම ඒකෙන් තොර නිසා. ඊර්ෂ්‍යාව කියන දේ හිතට ආවහම කොයි තරම් බරක්ද කියලා දන්නවා මොහොතකට හරි ඊර්ෂ්‍යා කරලා තියෙන නිසා . . .
@පිස්සා!
ReplyDeleteහරි මචන් මම මේකත් පොත් ගුලේ දාන්නම් . . . ගොඩක් වෙලාවට මගේ බ්ලොග් එකේ බත් එපා පොත් කියලා ලේබල් ඒකක් තියෙන නිසා මම කරනෙන මේකේ දාලා පස්සේ වෙලාවක මේ පෝස්ට් එක කොපි කරලා පොත් ගුලේ දානවා. කමක් නෑ නේ . .
අහ් හරිම සතුටුයි ගොඩක් කාලෙකට පස්සේ උඹගෙන් කමෙන්ට් එකක් ලබුනු එකට. (කමෙන්ට් එකට නෙමෙයි උඹ පොඩ්ඩක් හරි කූල් ඩවුන් වෙලා කියලා දකින්න ලැබීම )