Thursday, April 22, 2010

තොටිලි වැටෙන් පනින පුතා ඒ වැටවල් බිඳිනු ඇතී . . . !



මගේ සොඳුරු ත්‍රස්තවාදියා වූ විරුල් ත් මමත් නිතර වාහන නො එන අපගේ නිවස ඉදිරිපස පාරේ බයිසිකල් පදිමින් සිටියෙමු.

කොළුවාත් හරි හරියට පැද්ද නමුත් ඔහුගේ වේගයෙන් ගිය විට මට ව්‍යායාමයක් නොලැබෙන බැවින් මා ඔහු ගැන තැකීමක් නොකොට වේගයෙන් එහා මෙහා ගියෙමි.

අපගේ පාරට හැරවූ වාහනයක් නෙත් මානයට හසුවූවා පමණි, මා වහා පුතා අසලට ගොස් සැබෑ සාම්ප්‍රධායික ආසියාතික පියෙකුගේ භූමිකාවට අවතීර්ණ වී ඔහු බයිසිකලය පාර මැදට දැමීමෙන් වැලකීමි.

වාහනය අප පසු කර ටික දුරක් යන තෙක් කොළුවා බයිසිකලය නතරකරගෙන සිටියේය.

පුතාව අණතුරක් විට හැකි සිදුවීමකින් වැලැක්වූ මා කෙතරම් ආදරබර පියාණන් කෙනෙක්දැයි සතුටක් මසිතේ උපන.

මා කෙතරම් ආදරබර පියාණන් කෙනෙක්දැයි වාහනයේ ගමන් ගත් අය සිතාවී යැයි සිතා සතුට දෙගුණ විය.

මොහොතකින් මට සිතුනේ මා කෙතරම් මෝඩයෙක්දැයි කියායි.

. . . . . .. .

පුංචි එකාට මා ලබාදුන් දුන් ආදර්ශය නැතහොත් ඔහුට ඒ සිදුවීමෙන් මා ඉගැන්වූ පාඩම නම් අභියෝග හමුවේ නොසැලී නොබියව එයට මුහුන දිය යුතුයි වෙනුවට අභියෝග දුටුවිට නතර වී බලා සිටින්න නැතහොත් අභියෝග වලින් පලා යන්න බව මට පසක් වන විට මා පමා වැඩිය.

කම් නැත හෙට දිනයේදී වාහනයක් එනවිට එයට ඉඩදී ඔහුත් ඔහුගේ ගමන යා යුතු බව කියා දීමට මා සිතා ගතිමි.

මගේ සිතේ ඔහු වෙනුවෙන් ඇති ආදරයේ නාමයෙන් ඔහුට, ඔහුගේ අනාගතයට අවැඩක් සිදුවන ලෙස හැසිරීමෙන් වලකින්නට මා ඉටා ගතිමි.

. . . . .. . .. . .. .

පෞරුෂ වර්ධනය ගැන මහා ඉහලින් කෑ කොස්සන් ගසන වැඩිහිටි අපි විසින්ම අනාගත පරපුරේ පෞරුෂ වර්ධනයට අකුල් හෙලන බව නොදකින්නෙමු. වැඩිහිටි බාල තරුණ මහලු කියා වෙනසක් නැත. අප සියලු දෙනා එකාවන්ව මේ වැරැද්ද යලි යලිත් කරමින් සිටින්නෙමු.

මොහොතක් තම ජීවිතය දෙස හැරී බලන්න. මේ පහත සඳහන් වැකි වලින් කීයක් අතීතයේදී ඔබ විසින් වෙනකෙනෙකු වෙත පවසා ඇත්දැයි කියා. වර්තමානයේ කී දෙනෙක් වෙනුවෙන් මෙවන් වැකියකින් දමා ගසා සමච්චල් කිරීමට පෙලඹීමට ඔබ දෙවරක් සිතයිද කියා . . .

"හා හා රෑට සිංදු කියන්න එපා නරි එනවා. "

"බලන්නකෝ මෙයා ඩාන්ස් කරන්නේ හරිය ට මඩ තලනවා වගේ නේ. "

"අපෝ උඹ සිංදු කියන කොට ගැරඬි කකුල් කඩාගෙන දුවන්නේ. "

"ඒයි මෙන්න මූට ඉංග්‍රීසි බඩ යනවා."

"ඔයා ලියන ඒවා හරියට සුජීව XXXX ලියන ඒවා වගේ හරිම බොලඳ කිසිම තේරුමක් නැති ඒවනේ. "

"මේ මොකද මේ සික්ස් එයිට් සිංදුවක් ඇහෙනකොට ම මූ දඟලන්නේ කරන්ට් එක වැදුනද. "

"ඔයා ලියන කවි, කවි කියලා ඔයාට ෂුවර්ද??"

"අපෝ ඔයාට ගස් නගින්න බෑ පැත්තකට වෙන මම කෙක්කෙන් කඩලා දෙන්නම්. "

"බයිසිකල් පදින්න ගිහින් තුවාල කරගෙන එනවා නෙමෙයි ගෙදර. "

"ඔයාව තනියෙම මාර්කට් යවන්න බෑ ඔයාට තේරෙන්නේ නෑ බඩු ගන්න. "

"මගුල් ගෙදර ගිහින් කතා පවත්වන්න කිව්වොත් බෑ කියන්න හොඳේ. ඔයාට පුලුවන්ද සභාවක් ඉස්සරහා කතා කරන්න. "

මේ මතකයට නැගෙන කීපයක් පමනයි. ඔබට මතකයට නැගෙනවානම් සටහන් තබන්න.

මේ වචන හරහා අපි උත්සාහ කලේ කෙනකුගේ පෞරුෂ වර්ධනයට උපකාරයක්ද . .??

මොහොතක් සිතන්න. මේ එක කුඩා වචනයකින් අප අනාගතයේ මහා යුග පුරුෂයෙක් විය හැකි කීදෙනෙකුගේ ගමන් මඟ ඇහුරුවාද කියා.

අනාගතයේ ලොව සුපතල නැට්ටුවෙක් විය හැකි අයෙක්, ගායකයෙක් විය හැකි අයෙක්, කවියෙක් විය හැකි අයෙක්, නවකතා කරුවෙක් විය හැකි අයෙක්, නොවේද ඔබ අකර්මණ්ය කලේ වචන මඟින්.

කොටින්ම තමා තුල තමා කෙරෙහි ස්වයංවිස්වාසයක් නැති පුද්ගලයෙක් බිහි කරන්න ඔබේ වචන හේතු විය හැකි යැයි ඔබට මොහොතකට වත් සිතෙන්නේ නැත්ද?

. . . .. . . .. .

මා කුඩා කල මගේ මව්පියන් විසින් පවුලේ එකම පිරිමි දරුවා වූ මා රැක බලා ගත්තේ ඉතා අත්තනෝමතික ලෙස.

ගේ ඉදිරිපස තිබූ අතුපතර විහිදී ගිය විශාල අරලිය ගසේ අඩි 15ක් 18ක් උසින් ඇති කරුවට නැගීමට නංගීට අවසර ඇතත් අඩි 7කට වඩා ඉහලින් ඇති අත්තකට යාම මට තහනම්.

පාසැල් විනෝද චාරිකා වලට සහභාගී වීමට අක්කාට නංගීට අවසර ඇතත් මට ඒවාට අවසර නැත.

"පුතාගේ ඔලුවේ සුලියයි පිටේ සුලියයි සුලි දෙකක් තියෙනවානේ ඒක නිසා මෙයාට වතුරෙන් අගුනයි. මම කොහේවත් යවන්නේ නෑ ගඟක මූදක නාන්න" කියා අම්මා ආඩම්බරයෙන් කියන කොට "වතුරෙන් අගුනයි නම් හදිසියකදී ජීවිතේ බේර ගන්න කියලා නම් පීනන්න උගන්වනවා මිසක් වතුරෙන් අයින් කරලා තිබ්බාම හරි යනවද" කියලා අහන්න හයියක් ලැබුනේ පීනන්න ඉගෙන ගන්න වැය කරන්න තරම් කාලයක් නැති කාලෙක බව මතක් වෙද්දී දෙමාපියන් ගැන ඇති වෙන්නේ සියුම් තරහක්.

උසස් පෙල කරන වයසේදී මට තනිවම බස් රියකින් යා හැක්කේ පිටකෝට්ටේ නිවසේ සිට උපකාරක පංති තිබූ නුගේගොඩ ටත් අම්මාගේ කාර්‍යාලය තිබූ බොරැල්ල ටත් පමනයි. එයත් පිටකෝට්ටේ සිට එක බස් එකෙන් යා හැකි නිසාවෙන්.

පසු කලෙක මා නිදහස සොයා ගත්තේ බලෙන්. නිවසින් පිටවීමේදී අම්මා සමඟ ඇතිවන දෙබස් බොහෝ විට පහත පරිදියි:
"කොහේද යන්නේ"
"එලියට"
"කීයටද එන්නේ"
"එන වෙලාවට"
"කාත් එකක්ද යන්නේ"
"මනුස්සයෝ එක්ක"


නිදහස නොදී බලෙන් හිරකර සිටි අවදියේ තිබූ තරහා පිට වූයේ එලෙසින්. වාසනාවට මා ඇසුරු කලවුන් අතර මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූවන් කිසිවෙක් සිටියේ නෑ. සිටියානම් ඔවුන් ආරාධනා කලානම් දෙමාපියන් සමඟ තිබූ තරහාව පිට කර ගනීමේ මාර්ගයක් ලෙස මාත් ඔවුන්ගේ ගොඩට වැටෙන්න දෙපාරක් නොහිතන බව මට හොඳටම විස්වාසයි.

අපගේ ඥාතියෙක් ඔහුගේ පුතුන් තිදෙනාව හැදුවේ කිසිම පිටස්තර අයෙක් හා කිට්ටු ඇසුරක් තබා ගන්නට ඉඩ නොදෙමින්, තනිවම ඔවුන් ගෙයින් එලියට වත් නො යවමින් හා ඔවුන්ට කිසිම වැඩක් පලක් කරන්න ඉඩක් නොදී ඔහු විසින්ම සියලු දේ ඉටු කිරීමෙන්. ඔහුගේ බිරිඳ ටිකක් අන් අයට ඊර්ශ්‍යා කරන අන් අය සමඟ සුහදව දිවි ගෙවන්න නොදන්නා අයෙක්. ඈත් දරුවන්ට උගන්වන්න ඇත්තේ (අනුමානිකව ) තමන්ගේ පවුලේ අය හැර අන් අය ඔවුන්ට සතුරු ලෙස.

දක්ෂ දරුවන් වුවත් අද දවසේ ඔවුන් සාපේක්ෂව ඉදිරියට ගිය අය නොවේ. සාමාන්‍ය රැකියා කරගෙන කිසිවෙක් ඇසුරු නොකර ඉතා සාමාන්‍ය ලෙස දිවි ගෙවනවා. කලාතුරකින් මුනගැසෙන පවුලේ ලඟම නෑදෑයන් සමඟ පවා ඔවුන් වචන 10කට වැඩිය කතා නොකරන බව දනිමි. තිදෙනාම විවාහකයින්, දෙදෙනෙක් පියවරු. ඔවුන්ගේ පියා විශ්‍රාම ගියා වුවත් තාමත් දරුවන් වෙනුවෙන් අතිරේක රැකියා කරමින් මුදල් උපයනවා. මගේ හැඟීම නම් පියාගේත් මවගේත් ඉහවහාගිය මෝඩ ආදරය ඔවුන්ට සිදු කලේ අවැඩක් කියන එකයි.

"අපේ පුතාව අපි ගෙයින් එලියට යැව්වේ නෑ. පරිස්සමින් හැදුවේ. කාන්ඩෙට යැව්වේ නෑ, ගංගාවල් වල නාන්න යන්න දුන්නේ නෑ . . . හරිම ආදරෙන් හැදුවේ" කියා අම්මා ආඩම්බරයෙන් කිසිවෙකුට පවසන වෙලාවල් වල
"ඔව් ඔව් මම බලෙන් එලියට ගිහින් සමාජේ ආශ්‍රය නොකලානම්, මටත් මෙයාලට ගෙවල් දොරවල් හදලා දීලා ජීවත් වෙන්න මාසේ ගානේ සල්ලි එවන්න නෙමෙයි අර XXX ගේ (ඉහත සඳහන් කල ඥාතියාගේ නම ) පුතාල වගේ අම්මයි තාත්තයි මැරෙනකම් හම්බුකරලා මට ගෙනත් දෙනකම් ගෙදරට වෙලා බකංනිලාගෙන ඉන්න එකෙක් වෙන්න තමයි ඉඩ තිබුනේ" කියා කෑ ගසන්නේ ඉමහත් කේන්තියෙන් . . .

. . . . . .. . . .. . .

හිතන්න දරුවන්ගේ පෞරුෂ වර්ධයනට මුලින්ම වැටකඩොලු බඳින්නේ කිසිවෙක් නොවේ දෙමාපියන්. එය ඔවුන් (අප ) තදබල ආදරය ලෙස හඳුන්වන බවත් කීමට මා මොහොතක් වත් පැකිලෙන්නේ නෑ. අබේවර්ධන බාලසූරිය මහතාගේ "තොටිල්ලෙ ලී වැටෙන් එහා තව වැටවල් ගොඩක් ඇති . . තොටිලි වැටෙන් පනින පුතා ඒ වැටවල් බිඳිනු ඇතී" කියන ලෙස පුතාට තොටිලි වැටෙන් පනින්න ඉඩ දෙන්න . . . දුරින් සිට ඔහු දෙස බලා ඉන්න . . . ඔහු වැටෙන්න ගියොත් පමනක් උදව් දෙන්න . . . තොටිලි වැට පනින පුතා අනෙක් සියලුම වැටවල් බිඳ අභියෝග ජයගෙන ලෝකය ජයගෙන එන දවසට ඔහු හා එක් වී සිනා සෙන්න . ..

තොටිල්ලෙ ලී

තොටිල්ලෙ ලී වැටෙන් එහා
තව වැටවල් ගොඩක් ඇති . .
තොටිලි වැටෙන් පනින පුතා
ඒ වැටවල් බිඳිනු ඇතී
තොටිල්ලෙ ලී වැටෙන් එහා

බුදුන් දවස මර දූවරු
මපුතනුවන් මුණගැසෙතී
උන්ගේ සිව් සැට මායම්
මගේ පුතුට අරුම නැතී

තොටිල්ලෙ ලී

බිතු සිතුවම් රූ මෙන් සිටි
මිතුරෝ හෙට සතුරු වෙතී
උන් සදනා මළපුඬු වල
මගේ පුතා බැඬ්නු නැතී

තොටිල්ලෙ ලී

74 comments:

  1. අයියේ හරි සතුටුයි හේතු දෙකක් නිසා.

    එකක් IE හරහා ඔයාගේ බ්ලොග් එක බැලුවා. එතකොට කොමෙන්ට් කරන්න පුළුවන් වගේ. FF වල තමයි ගැටළුව තිබිලා තියෙන්නේ.

    දෙවැනි ‍හේතුව ඔයාගේ මේ ලිපිය. ඇත්තටම දැන් අපේ දූත් ඇවිදින්න පෙරහුරු කරනවා තනියෙම. වැටෙනවාත් එක්ක. හිතටත් බයයි. ඒත් ඔයා කියලා තිබෙන දේවල් දැක්කම හිතට ධෛර්යයක් ආවා, දුවට ඉඩ දෙන්න. වැටෙද්දි විතරක් අල්ලන්න. ස්තුතියි අයියේ.

    ReplyDelete
  2. ඇත්ත....

    [එත් පුතාව අයින් කරපු එකට නම් විරෝදයක් නැහැ]

    ReplyDelete
  3. සීයට දෙසීයක් එකගයි අයියගෙ කතාවට.මමත් දැකලා තියෙනවා සමහර අය ළමයිනට " අරක කරන්න එපා.මේක කරන්න එපා/
    එහෙම කලොත් මෙහෙම වෙන්නේ " කියලා එක එක දේවල් කියනවා. හුගාක් වෙලාවට මෙහෙම දේවල් කියන්නේ අම්මලා. අහෙබැයි ඒ ආදරේ වැඩි නිසා වෙන්න ඇති. ඒත් පරිනත් වෙන්න නම්, දෙයක් ගැන දැන ගන්න නම්, අත්දැකීමක් ලබන්න නම් ඉඩ හැරිය යුතුමයි.

    මට මතකයි මම පොඩි කාලේ හැම වෙලේම ඉටිපන්දමක් පත්තු කර ගන්නවා. අපේ අම්මි මේකට හරිම අකමැතියි. එයා කියන්නෙම " පුච්ච ගන්නකො අත " කියලයි. ඒත් පිච්චෙනවා කියන්නේ මොනාද කියලා දන්නෙ නැති මට අම්මගෙ වචන ගනන් ගන්නෙවත් නෑ. දවසක් ඉටිපන්දම් එක්ක සෙල්ලම් කර කර උන්න මගෙ අත් පිච්චුනා. ඒකෙන් දැනුන වේදනාව මට අදත් මතකයි.

    මට එතැනින් පාඩමක් ගන්න පුළුවන් උනා....

    හැබැයි ඉතින් තරුණ උනාට පස්සෙ නම් හැම අත්දැකීමක් ලබා ගන්න ඉඩ හැරියොත් ඒක නපුරට ඉන්නත් පුළුවන්....

    එහෙම නේද දුකා අයියේ

    ReplyDelete
  4. හරියට හරි .., ඒත් ඒ අතර දෙමාපියන්ගේ අත්තනෝමතික ආදරය හරි විදියට හරවාගත් අයත් අපි අතර නැතුවා නොවෙයි නේද..? මොනවා උනත් අයියේ උඹ නියම තාත්තා කෙනෙක් වග මම හොඳටම දන්නේ උඹ පුතා ගැන කතා කරන හැම විටකම උඹේ හඬ ඇතුලින් එන ඒ ආඩම්බරකාර තාත්තාගේ ගතිය නිසා.., හරියට " බලපල්ලා මම වගේම දක්ෂයෙක් මගේ පුතා" කියන අදහස ඉන් නිතරම වහනය වෙන නිසා...!!

    ආඩම්බරකාර තාත්තා උඹට ජය..!!

    ReplyDelete
  5. මට තාම ඔය කං කරච්ච්ලේ තියෙනවා. කෑ නොගහත් බෑ, අම්මල හින්ද කෑ ගහලත් බෑ.. සංසාරෙ එපාවෙනව වෙලාවකට. පස්සෙ මං කිව්ව "අම්මල තාත්තල ඒ කාලෙ රවුම් ගහපුව කියන්න හොඳයි හිනා වෙවී, මට තමයි යන්න හොඳ නැත්තෙ" කියල :D දැන් නං අඩුයි. මොනා කරන්නද ලංකාවෙ අම්මල ඔහොම තමා

    දෙමව්පියන්ගෙ පැත්තෙන් බැලුවම ළමයි පැල් බැඳගෙන රකින එක සාධාරණ වෙන්න පුලුවන් ඒත් ළමයින්ට හැමදාම දෙමව්පියො ගාව සංතොසෙන් ඉන්න බෑ නෙ. ඒක හින්ද වැටෙන් පනින්න ඉඩ දෙන්න,වැටෙන්න ගියොත් උදව් දෙන්න තමයි ඔනෙ :)

    දුකා අයිය නියම තාත්ත කෙනෙක් කියන එකට මාත් එකඟයි. :D

    ReplyDelete
  6. duka kalekin hoda post ekak daala kiyala mata hithenne. samahara dewal walata dos kiwwama tharaha ganne natiwa iwsanna.( den kiyawi apo ne tharaha gatthe ne kiyala. namuth reply walin eeka pahadili wuna) hoda deyata api hodai kiyanawa. namuth pasugiya tike tibbe oyage dewal pumbana saha anek ayata upahasayak wena (katawath wedak nethi)dewal kiyala hithuna.

    good luck

    ReplyDelete
  7. kathaawa aththa... matath podi kaale oya deama thama :)
    passe passe hebei hari giyaa.

    ReplyDelete
  8. ම්ම්ම්... එහෙමයි කියල පුතාව තනියෙං පාරෙ අරිනවා නෙවෙයි!

    මෙහෙම කළා නං හරි නෙ, පාර වාහනයක් යනකොට දුකා අයිය පොඩ්ඩක් පුතාගෙ ළඟිං යන්න. නිකං පාර අයිනට කරං නවත්තං ඉන්න එපා. අනික දුකා අයිය පස්සෙන් එන්නෙ එයාගෙ ආරක්‍ෂාවටමයි කියල දැනෙන්න ඉඩ නුදුන්නොත් එයා තමන් ආරක්‍ෂා වෙන්නත් පුරුදු වේවි?

    එතකොට පෞර්ෂ වර්ධනයයි ආරක්‍ෂාවයි වැඩ දෙකම කෙරෙනවනෙ?

    ReplyDelete
  9. @රන්දිල් !
    සතුටුයි ප්‍රශ්නේ විසඳ ගත්තු එක ගැන.

    ඔව් නගේ අපි සමහර දවල් කරන්නේ නොදැනුවත්වම. ඒත් එකෙන් වෙන හානිය විශාලයි.

    අදටත් මම මගේ ව්‍යාපෘතියේ රැස්වීමකට යන්නේ හිතේ චකිතයෙන්, මම හොඳටම දන්න කියන විෂය කරුණක් කතා කරන්න ගියාම වචන පැටලෙනවා. යාලුවෙක් පාර්ටියකට ආරාධනා කලාම හිත කියන්නේම නොගිහින් ඉන්න කියලා (මම කොයි තරම් සමාජශීලී කියලා මම හිතුවත් මම දන්නවා වුනත් අලුත් අය එක්ක සෙට් වෙන්න බැරි වෙයි කියලා මට හෙන මානයක් තියෙනවා)

    ඒ ගොඩක් දේවල් පොඩි කාලේ ගෙදර හිරකරගෙන හිටියායින් වුනු දේවල් කියලයි මට හිතෙන්නේ.

    මොකද නියම පෞරුෂ වර්ධනය පොඩි කාලේ ඉඳන්ම යි සිදු වෙන්නේ පොඩි කාලේ හරියට ගයිඩ් කලේ නැති නම් ඊට පස්සේ කොහොම හදන්න උත්සාහ කාලත් පොඩි හරි පරහක් වෙනසක් තියෙනවා.

    ReplyDelete
  10. මමත් ඒකාලේ අම්ම එක්ක ඇතිඋන සංවාද ගොඩක් ඔය වගේ එව්වා තමයි.එයා දිනපු වාර ගනන හරිම අඩුයි.අද නං එයා අහන්නේ කවදද එන්නේ කියල විතරයි.
    මට පොඩි කාලේ කට්ටිය ගොඩාක් කිව්වා පන්ඩිතය කියලා.වැඩියම වද දුන්නේ අපේ ආත්තම්මගේ වයසේ ඉස්කෝලේ හිටිය ගුරුවරියොටික.එතුමියන්ට අනුව මං දාමරිකයෙක් වෙන්න නියමිතව තිබුන.අම්මා සැලකුව සැකීම් මතක් වෙන කොට අද නම් වැඩිය ගානක් නෑ.මම අද ගුරුවරයෙක්.අද මගේ ළමයි හරි පාරේ හරි විදියට යනවා.

    ReplyDelete
  11. @මලින්ත!
    තැන්කූ මලේ . . . උඹේ මූනු පොතේ තාප්පේ අලවලා තියෙවා දැක්කා මේ ලිපිය. ඒකාට්ත් ස්තූහියි හොඳේ . .

    @වැප්, බුදාජීව
    මෙහෙමයි ඒ පාරේ එන්නේ බොහෝ වෙලාවට නිවැසියෝ විතරයි. හැම නිවසකම ළමයි ඉන්න නිසා බොහෝම හෙමින්, පරිස්සමින් තමයි කවුරුත් එන්නේ, එහෙම දැන දැනත් මම විරුල් ගාවට ගිහින් එයාව පරිස්සම් කරන්න හදන එක මෝඩ කමක් කියලයි මට හිතුනේ. පස්සේ මම පුතාට ඉඩ දුන්නා වාහන එනකොට ඒක ගනන් නොගෙන පොඩ්ඩක් අයින් වෙලා පරිස්සමින් යන්න. එහෙම නොකලා නම් පොඩි එකා පොඩි කාලේ ඉඳන්ම වාහන වලට බය වෙයි.
    එතකොට ලොකු වෙලා ඩ්‍රයිව් කරන කොටත් ඌටමයි ප්‍රශෙනේ ඇයි අර පොඩි කාලේ හිතේ ඇති කරපු බය හොල්මන් කරනවානේ. ඒකයි මම කියන්නේ ලමයින්ට අනවශ්‍ය ලෙසට එපා කියන්න එපා . අභියෝග භාරගන්න ඉඩ දෙන්න ඒ දිහා දුරින් ඉඳන් බලන් ඉන්න කියලා

    ReplyDelete
  12. @දිල් !
    ළමා කාලේ ලමයින්ට අත්දැකීම් ගන්න . . . ඒවායින් පාඩම් ඉගෙන ගන්න ඉඩ දුන්නාම . . . ඔයා කිව්ව ජාතියේ ලොකු වුනාම (තරුණ අය) අත්දැකීම් ගන්න ගිහින් නපුරට නොහිටින වැටෙන දේවල් කරන්න පෙලඹෙනවා අඩුයි.

    "බුදුන් දවස මර දූවරු
    මපුතනුවන් මුණගැසෙතී
    උන්ගේ සිව් සැට මායම්
    මගේ පුතුට අරුම නැතී . .

    බිතු සිතුවම් රූ මෙන් සිටි
    මිතුරෝ හෙට සතුරු වෙතී
    උන් සදනා මළපුඬු වල
    මගේ පුතා බැඬ්නු නැතී"

    ReplyDelete
  13. @දුකා: ආ ආ... මේ එහෙම පාරක් නං ඉතිං අවුලක් නෑ නොවැ.

    ReplyDelete
  14. @මුචලින්ද !
    තැන්කූ මලේ. උඹ නියමයි කිව්වාම පාර ජොලියක් යන්නේ. දන්නවනේ . . ???

    @ලිෂ්!
    මෙහෙමයි ලිෂ් . . . දෙමව්පියෝ ඕනවට වඩා දරුවන්ව ගෙවල් ඇතුලේ හිර කරලා හැදුවාම වෙන්නේ උන් නිදහස ලැබුනු ගමන් ඉවක් බවක් නැතුව ඒක පාවිච්චි කරන්න ගිහින් නන්නත්තාර වෙන්න පුලුවන් කමක් ඇති වෙන එක.
    හිරකරගෙන හැදුවා වුනත් දරුවෝ එක්ක හොඳ සංනිවේදනයක් තියාගෙන අදසහ් හුවමාරු කරගෙන හැදුනාම ඒ මම කිව්ව දේ වෙන්නේ නෑ.

    තේරුනා නේ මම කියන්න හදන එක . . ?

    ReplyDelete
  15. @Dili/දිලින !
    දෙමාපියෝ තරුණ කාලේ හොඳින් විඳලා දරුවන්ගේ තරුණ කාලේ හිරකරන එකට නම් මමත් කැමති නෑ.

    ඒකට වෙන්න ඕන මුල ඉඳන්ම ලමයි එකක් හොඳ සන්නිවේදනයක් තියාගෙන එයාලා එක්ක යාලුවෝ වගේ ඉඳලා එයාලා වැරදි නොකරන අය වැරදි මාවතකට නොවැටෙන අය කියලා තහවුරු කරගෙන එයාලට එයාලගේ නිදහස විඳින්න ඉඩ දෙන එකයි.

    පොඩි කාලේ ඒක කරන්න බැරි උනාම ළමයි තරුණ වුනාම අපහසුයි.

    දෙමාපියන්ට බෑ ළමයි එක්ක ගොඩක් විවෘතව කතා කරන්න ඇයි එහෙම පරිසරයක් ගොඩ නගා ගෙන නෑ නේ . . .

    ළමයි කැමති නෑ තමන් ගැන ඇත්ත දෙමාපියන්ට කියන්න . . මෙයාලා කොයි විදිහට තේරුම් ගනීද දන්නේ නෑ ඊට පස්සේ මේ තියෙන නිදසත් නැති වෙයිද දනෙන නෑ කියලා හිතල ළමයි කියනනෙත් බොරු . . .

    ඒකෙන් වෙන්නේ තව තවත් දෙමාපියන් දරුවන් දුරස් වෙන එකත්, වැඩි වැඩියෙන් නීති වැටෙන එකත්, ළමයින්ගේ පෞරුශ වර්ධයන කෙසේ වෙතත් තරහින් ඉන්න ළමයින් ටිකක් බිහි වෙන එකත් . .

    ReplyDelete
  16. පොඩිඋන් ඉගෙනගන්න ඕන අත්දැකීමෙන් මිසක් අනික් අය කියන පලියට නොවෙයි... එහෙම නොවුනොත් වෙන්නෙ දැන් කාලෙ ඉන්න වැඩිහිටියෙක්ගෙන් එපා කියන්නෙ ඇයි කියලා ඇහුවම ඒක එහෙම තමයි කියන විදියට ඉදිරියටත් කියන්නයි.
    අත්දැකීම් එක්ක ඉගෙනගන්න දරුවා අනාගතේ තමන්ගෙ ජීවිතේ සාර්ථක කරගන්න අතරම තමුන්ගෙන් පසු පරම්පරාවත් සාර්ථකව ලෝකයට හුරු කරවනවා. නැතිනම් බිහිවන ගැහැණිය ස්වාමියා නැතිව තනිවම කිසිවක් කරගන්න බැරි, පිරිමියා පවුලේ සාමාජිකයින්ට අවශ්‍ය ආරක්ෂාව දිය නොහැකි කෙනෙක් වෙනවා නොඅනුමානයි.
    නමුත් දුකා අයියේ, දරුවාට යමක්කමක් තේරෙන වයසට එනතුරු ආරක්ෂාව සැපයීම දෙමව්පියන්ගේ වගකීම..
    roshanHerath

    ReplyDelete
  17. Opssss දුකා මමත් මේ හිත හිතා ඉන්නේ මැයි මාසේ පලවෙනි සතිය ගෙවලා දාන්නේ කොහොමද කියලයි.
    හේතුව තමා පාසලෙන් යන දින පහක විනෝද චාරිකාවට මෙවර පුතාව යවන්න සිදු වීම.
    මේ කියන වතුර කථාව මගේ පුතාටත් වලංගුයි.ඒත් පීනන්න යන්නත් දරුවම බයයි.
    බොහෝමත්ම ස්තූතියි....!!!!!!!!!
    රන්දිල් කියනව වගේ අලුතෙන් හිතන්න ඕනේ

    ReplyDelete
  18. @Ano!
    "duka kalekin hoda post ekak daala kiyala mata hithenne"
    බොහොම ස්තූතියි

    "samahara dewal walata dos kiwwama tharaha ganne natiwa iwsanna.(den kiyawi apo ne tharaha gatthe ne kiyala. namuth reply walin eeka pahadili wuna)"
    අහ් ඉවසන එක මට හොඳට හුරුයි. ඒත් එකපාරටම තරහා යනවා අපිත් ඉතිං පෘතග්ජන මිනිස්සුනේ. ඒත් වැරැද්දක් තියෙනවනම් හෙලා දැකලා එතනින් එහාට ආපහු කිසි දෙයක් කරන්න බැරි විදිහට කෙනෙකුට පහර ගහන්නේ නැතුව කාරුනිකව වැරැද්ද පෙන්නලා දෙනවා නම් වැරදි නිවැරදි කරලා දෙනවා නම් හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ . .
    කොයි පිලිතුරු ගැනද ඔය කියන්නේ කියලත් කියන්න පුලුවන්ද ??

    "hoda deyata api hodai kiyanawa. namuth pasugiya tike tibbe oyage dewal pumbana saha anek ayata upahasayak wena (katawath wedak nethi)dewal kiyala hithuna."
    කවුරු වුනත් කැමතියි පිම්බෙන්න නෑ කියනවද?? පිම්බෙන්න දේවල් නැතුව තමන් ගැන බොරු ලියලා පිම්බෙන්න හදනවනම් ඒක සපුරා වැරදියි. මට නම් මතක නෑ මම එහෙම මාව පුම්බගන්න කියලා ලියපු දේවල් තියෙනවා කියලා. මොකද ගොඩක් වෙලාවට මම ලිව්වේ මම කරපු ගොංකං . . ඒවා ලිව්වේ බලන අය ඒ ගොංකං ඒ අකාරයෙන්ම නොකරත්වා කියන පහන් හැඟීමෙන් කියලා මට විස්වාසයි.

    අනෙක් අයට අපහාස කරපු දේවලුත් මොනාද කියල කිව්ව නම් . . මම ලියපු එක පෝස්ට් එකකින් හරි කාටහරි අපහාසයක් වෙනවා කියලා ඔප්පු කරන්න පුලුවන් නම් ඒ පෝස්ට් එක මම ඒ වෙලාවෙම අයින් කරන්න ලේස්තියි.

    ReplyDelete
  19. @රන්දිල් !
    "මම කොයි තරම් සමාජශීලී කියලා මම හිතුවත් මම දන්නවා වුනත් අලුත් අය එක්ක සෙට් වෙන්න බැරි වෙයි කියලා මට හෙන මානයක් තියෙනවා"

    "හෙන මානයක්" නෙමෙයි හීනමානයක් හොඳේ. ප්‍රින්ටින්ග් මිස්ටේක් එකක් හික්ස්

    ReplyDelete
  20. @madhushika kaushalya!
    තැන්කූ තැන්කූ

    @Grey !
    තාමත් මම චැලේන්ජ් එකක් භාර ගන්න බයයි. භාර ගත්තත් ලොකූ විස්වාසයක් නෑ මට කරන්න පුලුවන්ද බැරිද කියලා . . හැබැයි අපේ නංගී එහෙම නෑ. ඒකට මම නම් තාමත් අම්මට බනිනවා මගේ හැකියාවන් මොට කලයි කියලා. පස්සේ බලෙන්ම ගෙදරින් එලියට ගිහින් සමාජය එකක් ගැටුනු නිසා අද මේ තත්වෙන් වත් ඉන්නවා . . !ලොකු දෙයක් උඹට දැන් වත් නිදහස දුන්නු එක . .

    ReplyDelete
  21. කතාව ඇත්ත දුකා අයියේ...... ළමයින්ට කිසිම දෙයක් එපා කියන්න නරකයි..... හරි වැරද්ද විතරයි දෙමවුපියන් කියල දෙන්න ඕනෙ......... අත්දැකීම් ලමයින්ට ලබන්නට ඉඩ හැරිය යුතුයි... ඒත් හුඟක් දෙමවුපියෝ කරන්නෙ තමන්ට ලැබුන අත්දැකීම් මත දරුවන්ව ඒ දේවලින් ඈත් කරනවා..... දරුවො හැදෙන්නෙ බෝනික්කො වගේ...... මෙලෝ රහක් නැති ජීවිත ගත කරනවා ලොකු වුනාම....


    විරුල් ගැන අයියා ලියන දේවලින් එක දෙයක් දැනෙනවා....... අයියා හොඳ තාත්තෙක්....

    ReplyDelete
  22. @අරුණ සර්!
    ඔයා මගේ දරුවෝ කියලා හැඳින්නුවේ ඔයාගේ ගෝලයෝත් කියලා මම හිතන්වා.

    මොකද මම දකින්නවා ඒ අය ලියන පෝස්ට්. ඒවායේ ඔබතුමා ව වර්ණනා කරන විදිහෙන් මම හිතුවා ඔබ නියම විදිහට දරුවන්ගේ පෞරුෂ වර්ධනයට දායකත්වය සපයන්නෙක් කියලා.

    ස්තූතියි කමෙන්ට් එකට හා ඔබට ජය . . !

    ReplyDelete
  23. @RoshanHerath !
    දරුවාට ආරක්ෂාව සැපයීම නොවේ මලේ මම අදහස් කලේ. මෝඩ විදිහට බය ගන්වපු එක. එකෙන් වෙන්නේ පොඩි එකාට හානියක්. ආරක්ෂාව සැපයුය යුතුයි අවිවාදයෙන්ම ඒත් අභියෝග වලට මූන දෙන්න දරුවාට ඉඩ ලබා දෙන්න ඕන. බොහෝ විට අපි කරනෙන අපේ තියෙන ආදරේ කියලා දරුවාට අනවශ්‍ය හිර කිරීමක් කරන එක "ඒක කරන්න එපා . . මේක කරන්න එපා . ."කියලා

    @nimanthi !
    දරුවාට පැහැදිලි කරලා දෙන්න ඔහුට වතුරෙන් අගුන නිසා ජීවිතාරක්ෂාවට පිහිනීම ඉගෙන ගන්න කියලා. ප්‍රයෝගික පුහුනුවක් ලබාදෙන්න ක්‍රමයෙන්. නැත් නම් මම බනිනවා වගේ ම (අපේ අම්මට ) බැනුම් අහන්න වෙයි අනාගතයේදී . . .

    චාරිකාව ගැන නම් මොකොත් කියන්න බෑ. අම්ම නේ දන්නේ තමන්ගේ දරුවා ගැන හොඳින්ම ඒක නිසා අමම්යි තාත්තයි කතාකරලා තීරණයක් ගන්න යනන් දෙනවාද නැද්ද කියලා. . .

    දුකා කියනවා පොඩි කාලේ පාසැල් චාරිකා යන්න දුන්නේ නැති එකෙන් පෞරුෂ වර්ධනයට සීමා වැටුනා කියලා ඒක නිසා යන්න දෙන්න ඕන කියලා එහෙම හිතන්න එපා ඕං . . .

    ReplyDelete
  24. @විශ්මි!
    ඔව් නගේ මාත් දැකලා තියෙනවා සීනි බෝල වගේ හදන දරුවො . . පිටින් සීනිබෝල වගේ වුනාට මෙලෝ රහක් නෑ අර කිව්වත් වගේ.

    හොඳ නරක අඳුනන්නේ නෑ. මානුසික සබඳකමක වටිනාකමක් දන්නේ නෑ . . . ගෞරව කල යුත්තෙක්ට ගෞරව කරන්න දන්නේ නෑ. කියන දෙයක නියම තේරුම තේරුම් ගන්නෙ නෑ. අනිත් කෙනෙකුගේ මතයකට ඇහුම් කන් දෙන්න ලෑස්ති නෑ . . .

    අඩු වැඩි වශයෙන් මේ බොහොමයක් දෙමාපියන්ගේ වැරදි . . .

    ReplyDelete
  25. @විශ්මි!
    අහ් නගේ මම හොඳ තාත්තෙක් වෙන්න උත්සාහ ගනිමින් ඉන්නවා. මගේ පොඩි කාලේ මම විඳපු අමිහිරි දේවල් ඒ තරමින්ම මගේ දරුවාත් විඳින්න ඕන කියලා නොහිතන කෙනෙක් මම.

    අපේ තාත්තා නම් කිව්වේ අපි අඩු පාඩුවක් කිව්වහම "අපිට ඔය කිසි දෙයක් තිබ්බේ නෑ . ඉතිං උඹලට මොකටද" කියලා . . .. හැබැයි එයා පක්ෂේ වෙනුවෙන් ඕනෙම අඩුපාඩුවක් සපුරන්න ඕනෑ වෙලාවක ලෑස්ති වෙලා හිටියේ.

    ගොඩක් කාලෙකට පස්සේ නම් මම ඇහුවා ළමයින්ගේ අඩුපාඩු සපුරන්න වගකීම් ගන්න බැරි නම් මොන මගුලටද කසාද බැඳලා ළමයි හැදුවේ කියලා . ..

    ReplyDelete
  26. දරුවො හදන කොට ආදරේ වැඩියෙන් දීල හදන එකත් නරකම නරකයි... මම ඒකේ පුතිඵල අත්විදිනව...

    ReplyDelete
  27. @දුකා අයියා...... ඒ කතාවනම් හරියටම හරි අයියේ... කසාද බඳින හුඟ දෙනෙක් හිතන්නේ ළමයෙක් හැදුවම තමන් සම්පූර්ණයි කියලා... ලෝක මානෙට ළමයි හදනවා......(මේකට අවට සමාජය වගෙම දෙමවුපියන් ඇතුළු මුළුමහත් නෑදෑ පරපුරම වග කියන්න ඕනෙ.. මොකද බැන්ඳ දවසෙ ඉඳන් අහන්නෙ තාම නැද්ද මුකුත් වෙනසක් කියලනෙ ) හැබැයි ඒ ළමයින්ගේ වගකීම් දරන්න සූදානම් නෑ. දරුවෙකුට අවශ්‍ය ආදරය සෙනෙහස අවවාද මඟ පෙන්වීම් මේ දේවල් වෙනුවට තමන්ට තමන්ගේ දෙමවුපියන් පනවපු නීති මාලාවම පනවනවා... ළමයි හැදෙනවා ගාල් කරපු හරක් වගේ... ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න දන්නේ නෑ.....

    හොඳ තාත්තෙක් වීමේ අයියාගෙ උත්සාහය සර්වාප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල පතනවා.....

    ReplyDelete
  28. කමෙන්ට් වලට අළුත් උනත් මම හැමදාම කියවන කෙනෙක්.මේක දැක්කම මං ගැනත් ලියන්න ඕන කියල හිතුණා.

    මගේ අම්මා තාත්තා නිසා මට මගේ වයසෙ අනිත් අයට වඩා හොඳින් ස්වාධීනව හරි තීරණ ගැනීමට සහ මං ගොඩක් ආඩම්බර වෙන (නිහතමානීව ආඩම්බර වෙන කියල කියන්නෙ, අන්න ඒක හොඳේ) තවත් නොයෙකුත් දුර්ලභ ගුණාංග ගොඩක් ලැබුණා.
    පොඩි උදාහරණයක්: මං පුංචි කාලෙ (අවුරුදු 1- 2 කාලෙ ) අම්ම කොච්චර එපා කිව්වත් ඉටිපන්දමේ දැල්ල අල්ලන්න යනවළු, ලස්සනට පේන් හින්දා. තාත්ත කරල තියෙන්නෙ මොකද්ද දන්නවද? මාව වඩාගෙන දැල්ලට ළංකරල "ආ පුතේ අල්ලන්න ඔය ලස්සනට රතු පාටට තියෙන්නෙ" කියල. මට වෙච්ච දේ කියන්න ඕන නෑනෙ. එදායින් පස්සෙ මම නෙවෙයිලු ඉටිපන්දමක් ළඟටවත් ගියේ.ඊට පස්සෙ ඉඳං අම්මත් ක්‍රියාකරල තියෙන්නෙ ඔය විදියටම තමා.
    කොහොම උනත් ඔය එක්කම ලැබිච්ච ස්වාධීනත්වය නිසා වයස අවුරුදු 11ක් විතර වෙනකොට මං හිතුවෙ මං ගොඩක් ලොකුයි කියල. අනිත් අයට වඩා පොරක් කියල. ඉතිං ඒ නිසා සහ තව පුංචි අනුබලයක් නිසා මං තාත්තගෙන් සෑහෙන්න ඈත් උණා. තාත්තට මට ළංවීමේ උවමනාව තිබුණත් තාත්ත ආදරය පෙන්නන්න සූදානම් උනේ නෑ. පෙන්නුවත් පිළිගන්න තත්වෙක මං ඉඳී කියල තාත්ත හිතන්න නැතුව ඇති. කොහොම උණත් ඒ දේ උනා.අදටත් මං පිට කෙනෙකුට දක්වන ආදරය ගෙදරට දක්වන්න මැළිවෙන්නෙ ඒ නිසා වෙන්න ඇති කියල දැං හිතෙනවා.
    ඒත් ඇයි මංදා, මට තාම හිතෙන්නෙ තාත්ත වැරදියි කියලා. තාත්ත කට්ට කාගෙන හරි ආදරය පෙන්නුවනම් මං ඒක බාර ගන්න ඉඩ තිබුණා!
    මොකද එදා ඒ එපා කියපු ආදරය ඊට අවුරුදු 5කට විතර පස්සෙ අහම්බෙන් අඳුන ගත්තු මාම කෙනෙක්ගෙන් ලැබෙනකොට තමයි මට තේරුනේ මගේ හිත තාත්තකෙනෙකුගෙ ආදරයක් හොයා යනව කියල. එදා ඉඳල අද වෙනතුරුත් මං ඒ මාමට ආදරෙයි තාත්ත කෙනෙකුට වගේ. බොහෝ විට මගේම තාත්තටත් වඩා.
    හරි පුදුමයි.
    ඒ දේ තේරුම් යනතුරු මං හිතාගෙන හිටියෙ ආදරය නොපෙන්නා සිටීම තමයි පොරත්වය කියලා. තේරුම් අරං හැදෙනකොට මං ප්‍රමාද වැඩිම නෑ.
    ඒත් තාත්තට පරණ ස්ථානයම දෙන්න මගේ යටි හිතට තාම බැරි ඇයි කියල නං මට තේරෙන්නෙ නෑ.

    මං හැමෝටම කියන්න හැදුවෙ දරුවංගෙ පෞරුෂ වර්ධනයේදී සැලකිළිමත් වෙන්න ඕන තවත් කාරණයක් තමා ඕක.
    කොච්චර එපා වගේ හිටියත් ළමයෙකුට ඒ ඒ වයස පරාසයන්හිදී ආදරය අවශ්‍යම වෙනවා. ඒක ලබාදිය යුතු ස්වරූපය පමණයි වෙනස් වෙන්නෙ.
    නැත්නම් වෙන්නෙ ඔවුන් පසු කාලයකදී කුමන හෝ ආකාරයකින් ඒක ලබා ගන්නට උත්සාහ කිරීම. එතනදි වැරදෙන්න තියෙන හැකියාව අති මහත්. මෙතනදී මං බේරුනේ මගේ හරි තීරණ ගැනීමේ හැකියාව නිසා සහ යම් තරමකට මට වාසනාවත් තිබුන නිසා කියලයි මං හිතන්නෙ.
    ඒත් හැමෝටම එහෙම නොවෙන්න පුළුවන්නෙ.

    ReplyDelete
  29. දරුවාගේ පෞරුෂ වර්ධනය ගැන නිසි දැනුමක් ඇති ඔබ වැනි පියෙක් ඇති දරුවා වාසනාවන්තයි!
    හොද ලිපියක්..

    ReplyDelete
  30. @wath !
    ළමයින්ට ආදරේ ඕනවට ත් වැඩියෙන් දෙන්න ඕන වත් . . .

    ඒත් ආදරේ නාමයෙන් දරුවා තනියෙම ලෝකෙට මූන දිහ නොහැකි කෙනෙක් කරන්න නරකයි. ඔහුට / ඇයට තනිවම තමන්ගේ වැඩ කරගන්න ඉඩ දෙන්න ඕන. අත්දැකීම් ලබන්න ඉඩ දෙන්න ඕන.

    අපි ගොඩක් අය ආදරේ කියලා කරන්නේ ගේ ඇතුලේ ගාල් කරගෙන ඉන්නවා සමාජෙට ගියොත් නරක් වෙයි, අනතුරක් වෙයි එහෙම කියලා. එකෙන් වෙන්නේ ළමයා කටුව ඇතුලට ගොලු වෙන ගොළුබෙල්ලෙක් වෙන එක විතරයි. එයා ලෝකෙටම බයයි. ආත්ම විස්වාසයක් නෑ. සමහර වෙලාවට ලෝකෙටම වෛර කරන්නෙක් වෙන්නත් පුලුවන් ඒකෙන් . .

    @විශ්මි !
    හරියටම හරි නගේ . . . උඹලගේ සමාජ දැනීම ගැන මට නම හරිම සතුටුයි . . . තැන්කූ ප්‍රාර්ථනාවටත් . . .

    ReplyDelete
  31. දුකා මචෝ අද පෝස්ට් එක සිරා...
    ඇත්තම කියන්න Freedom ගේ කමෙන්ට් එක හම්බ සිරා...
    ඌ කවුරු වුනත් එලම පොරක්...

    ReplyDelete
  32. @freedom !
    ඔයාගේ කතාවම බ්ලොග් පෝස්ට් එකක් විදිහට ලියන්න තරම් වටිනවා.

    දවසක් පාර්ක් එකේ ස්ලයිඩ් එකක පොඩි ඇඩ්වෙන්චර් විදිහට යන්න තියෙන තැනකදී වයිෆ් බය වුනත් මම කොල්ලට යන්න ඇරියා. . .ඇරලා මම සැලකිල්ලෙන් හිටියා වැටුනොත් අල්ලන්න කියලා . . මම ආරක්ෂාවට ඉන්නවා කියලා දන්න කොලා ත් කිසි බයක් නැතුව ගියා පඉ දෙනන්ටම හරිම පුදුමයි ඒ තරම් පොඩි වයසෙන් එහෙම කරපු එක ගැන.

    ඔයාගෙයි තාත්තගෙයි කතාව ඇහුවාම හරිම දුකයි. තව පරක්කු වැඩි වෙන්න කලින් දැං වත් කියන්න ඔයා තාත්තට කොයි තරම් ආදරෙයිද කියලා . . . එයා අදරේ නොපෙන්නපු එකෙන් කොයි තරම් දුක් වුනාද කියලා . . .

    මේ බලන්න මම කලින් මගේ පුතා ගැන ලියපු සටහනේ ලියපු දේ . .

    "මේ වැල් වටාරම් වලින් මට කියන්න ඕන වුනේ දරුවන්ට ඔබේ හිතේ තියෙන ආදරේ පෙන්නන්න කිසි විටෙක මැලි වෙන්න එපා. එහෙම වුනොත් වෙන්නේ දරුවන්ගේ ජීවිත වලට ලොකූ හානියක්. සමහර විටෙක ආපහු හදන්න බැරි ලොකූ අලාභ වුනත් වෙන්න පුලුවන්. ආදරේ හිතේ තියාගෙන නොපෙන්නා ඉන්නේ ඇයි. ලෝභ නැතුව ආදරේ දෙන්න. ඒකෙන් ඔබට ඒ අයගේ ආදරේත් ගෞරවේත් පෙරලා ආපසු ලැබෙන හැටි බලන්න. "

    ReplyDelete
  33. @nadeesthoughts !
    තැන්කූ වේවා. ඔව් ඔව් අර කිව්ව වගේ මම හොඳ පියෙක් වෙන්න උත්සාහ කරමින් සිටිනවා.

    @තිස්ස !
    ඔව් මචං ඒ කමෙන්ට් එක දැකලා මාවත් කොරවෙලා ඉන්නේ . .

    ReplyDelete
  34. මටත් ඔය සම්බන්ධයෙන් අමිහිරි කතා ගොඩක් තියෙනවා ගෙදරින් විතරක් නෙවෙයි අනෙකුත් වැඩිහිටියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, මිතුරන්ගෙන්. ඕක මම හිතන්නෙ ලංකාවෙ බහුතරයක් දරුවන්ට තියෙන ප්‍රශ්නයක්. පුංචිකාලෙ හිතට යමක් වැටුනම ඒක නැතිකරන්න හරිම අමාරුයි..

    ළමයින්ට නිදහස දෙන්න වැඩිහිටියන් බයවෙන්නෙ එයාලා නොමග යයි කියලා හිතන නිසානෙ. නමුත් දෙමාපියන් හා ළමයින් අතර සමීප සම්බන්ධකමක් තියෙනවානම්, ළමයින්ට දෙමාපියන්ව යාළුවො වගෙ ආශ්‍රය කරන්න වටපිටාවක් දෙමාපියන් විසින් ඇතිකරලා දෙනවානම් තමන් කරන හැමදේම වගෙ දෙමාපියන් එක්ක කියන්න ළමයි පෙළඹෙනවා. එතකොට ළමයෙක් වැරදිදෙයක් කෙරුවත් ඒක දුරදිග යන්න කලින් වැලැක්වෙනවා. මමනම් හිතන්නෙ එහෙමයි..

    freedomගෙ කතාව සහතික ඇත්ත. ගෙදරින් නොලැබෙන ආදරය සොයාගෙන ය‍නකොට ළමයින්ට වරදින්න තියෙන අවස්ථා වැඩියි. නමුත් වැඩි ආදරයත් අඩු ආදරය වගෙම භයානකයි..

    ReplyDelete
  35. සතුටුයි අයියෙ උඹ ගැන.

    මගේ පවුලේ එකම දරුවා මා වීමත් අනෙකුත් ‍බො‍හෝ හේතුත් නිසා පොඩි කාලෙ ඉදන් මාව හදපු යම් ක්‍රමයක් තිබ්බා. ගහකට වැඩිදුර නගින්න මට අදටත් බැහැ. මොකද පොඩි කාලෙ අම්මගෙ ඇස් මානයේ පෙනෙන්න තියාගෙන පරිස්සමටයි මාව හැදුවෙ.

    මම එක අතකට ඊට දොස් පවරන්නෙත් නැහැ මොකද ජීවිතේ යම් කාලයකදි ආපු වැටහීම් සමුදායක් එක්ක මම ජීවිතේ වෙනස් මගකට ඉදිරි පියවරක් තිබ්බා. මම හැදුණ රටාව සහ ගෙවපු පියර බබා ජීවිතයත් ලොකු රුකුලක් උනා හිතීම තුළින් මේ තැනට එන්න සහ මාව දුර්වලයෙක් කරනවයි කියල හිතුනු තැන් වලට පහර ගහන්න. අත්දැකීම් තුළින් විරෝධය සහ එකගතාවය එද්දි ඒක වඩාත් ප්‍රබලයි කියල මට හිතෙනව.
    උඹට ජය.

    ReplyDelete
  36. නැහැ චාරිකාව යවන්න තීරණය කරලා ඉවරයි..
    මම කිව්වේ මගේ සිතිවිලි හදා ගන්න මේක ඉවහල් උනා.
    මම පාසලෙන් ගිය හැම විනෝද චාරිකාවකටම යන්න ලැ බුන කෙනෙක්..ඒ අතින් මම හරිම වාසනා වන්තයි..
    මට තියන හිත් කරදරය චාරිකාවදින පහක එකක් වීම.උදේ ගිහිං හවස ගෙදර එන එකක් නම්.. කිසිම පැකිලීමක් නැහැ..
    ස්තුතියි..!!!!! නැවතත්

    ReplyDelete
  37. හරිම වටිනා අදහසක් දුකා අයියා..
    මට මතක් උනා අම්ම කෙනෙකුගේ යුග මෙහෙවර ගැන මා ලිව්ව දේත්. අම්මා විතරක් නෙමෙයි තාත්තාත් දැරිය යුතු ලොකුම වගකීම දරුවෙකු හදා වඩා ගෙන උස් මහත් කිරීම නොවෙයි. මොකද කාලයට අනුරූපව සම් මස් නහර ලේ වැඩේවි. ඒත් දරුවෙකුගේ පෞරුෂය ? එය කැලේට වැවෙන දෙයක් නෙමෙයි... එය තැනිය යුතු දෙයක් . තනන ක්‍රමය අනුව දරුවාගේ මුලු අනාගතයම තීරණය වේවි. දරුවෙකු තනන්නට , දෙමාපියන් පුදුමාකාර බුද්ධිමත් විය යුතුයි... එයයි මා කී යුග මෙහෙවර....

    මිනිස් ප්‍රාණින් හදන්නට, පාසල් යවන්නට, උගන්නාගන්නට වලි කනවාට වඩා උන්ගේ මනස තනන්නට වෙහෙසෙන්නට හිතන දෙමාපියන් හරි විරලයි. දෙමාපියන්ගේ අනවබෝධය නිසයි, අනවධානය නිසයි දරුවන් හීනමානය, අධිමානය, මානසික දුබලතාවන් ගෙන් පෙලෙන්නේ. සමාජය සමග ගනුදෙනු කරන්නට නොදන්නේ... ඔවුන් වැඩිහිටියන් වන විට තත්වය තවත් භයානකයි. ඔවුන්ට දරුවන් බිහිවන විට මනසින් දුබල පරපුරක්ම බිහිවී අවසානයි... මෙය සමාජ ව්‍යසනයක්! දෙමාපියන් දරුවන් තනන කලාව පිලිබඳව දරුවන් හදන්නට කලින් අධ්‍යාපනය ලද යුතු කාලයක් මේක!
    ඔබේ බුද්ධිමත් දෙමාපිය මනස, ඔබේ 'සොඳුරු ත්‍රස්තවාදියා' ශක්තිමත් , පෞරුෂයෙන් හෙබි දරුවෙක් කරනු නො අනුමානයි...

    ReplyDelete
  38. මේ කාරනේදී නම් මගේ අම්මයි අප්පච්චියි නම් මාව හැදුවේ දුකා කියන විදියට තමයි කියලයි හිතෙන්නේ...පොඩිම කාලෙදි පරිස්සම් කරන්න ඕන තැනදි පරිස්සම් කලා,ලොකු උනාම අපිට අපේ නිදහස දුන්නා.ඒ හින්දා සමාජේ ගැන දැනගන්න ඕන ගොඩාක් දේවල් දැනගත්තා...

    වටිනා ලිපියක් දුකා...මේක දාපු නිසා කට්ටියගේ ගොඩාක් හොඳ අදහස් එලියට ආවා...

    ReplyDelete
  39. @ තිස්ස අයියා
    සමා වෙන්න කලින් කියන්න බැරිඋනාට මං ගෑණු ළමයෙක්! ඉතිං මට කොල්ලෙක්ට වගේ ඌ-මූ කියනවට නම් මම කැමති නෑ. ඒත් ඉතින් ලියන විදිහ ටිකක් කොල්ලෙක්ගෙ වගේ හින්ද කරන්න දෙයක් නෑ ඔයාලට දිවැස් තියෙනවද නේද? ලියන විදිහ හදන්න නම් ටිකක් අමාරුයි. මොකෝ මං පුංචි කාලෙ ඉඳලම හැදුණෙ වැඩිපුර කොල්ලො ඉන්න පරිසරයක. අදටත් වඩා විශ්වාසවන්ත යාළුවො ඉන්නෙ වැඩිපුර කොල්ලො. (කෙල්ලො බහුතරය විශ්වාසකරන්න අමාරුයිනෙ... හී හී)හැබැයි ඉතින් මම නම් වඩා ලෙංගතු කමට ලිංග භේදයකින් තොරව ඌ-මූ කියල පාවිච්චි කරනව. (ඔය වචන 2 විතරයි ) ඒ උනාට මට කියනවට කැමති නෑ. ඒකට කියන්නෙ ආත්මාර්ථකාමීත්වය කියල... හික්ස්.

    @ දුකා අයියා
    ගොඩක්ම පිං උපදේශයට
    මට වචන වලින් කියාගන්නයි බැරි. එදාට වඩා අද තත්වය ගොඩක් වෙනස්. ඒ නිසා මම ක්‍රියාවෙන් ඒ දේ පෙන්නන්න හිතා ගත්තා. ඇත්තටම ඉස්සර ගෙදර ගියාම ඕනෙම දේකට දික් කරගන්න මම, දැන් හුඟක් ඉවසීමෙන් වැඩ කරන්න උත්සාහ ගන්නෙත් වැඩිපුර ගෙදර යන්නෙත් ඒකයි. අනෙක් අතට දැන් එයාල ඉන්නෙ පුරුදු වෙච්ච විදිය වෙනස් කරගන්න මට්ටමක නොවෙයි. හුඟක් ප්‍රශ්න වලින් තෙම්පරාදු වෙලා ඉන්නෙ. මම ඕක කියන්න යනවට වඩා එයාලම මා තුළින් ඒක තේරුම් ගන්න එක එයාලට පහසුයි කියලයි මම හිතන්නෙ. තාත්තගෙ ආත්ම අභිමානය නිසා අපි අතරෙ තවමත් පුංචි බාධකයක් තියෙනව. ඒක බිඳින්න මං උත්සාහ කරන හැම වෙලාවෙම එයාගෙ වයසත් එක්ක ආපු කේන්තිය නිසා මට ආපහු හැරෙන්න සිද්ධ වෙනව.මගේ ඉවසීමත්, කියා ගන්න බැරුව හදවතේ හිරවෙලා තියෙන ආදරයත් කවද හරි තේරුම් යනතුරු මං බලා ඉන්නව. හැමදාමත් මං ආදරෙයි කිව්වෙ වචන වලින් නෙමෙයි. අම්මට, මාමට සහ මං ආදරය කරන හැම කෙනෙකුටම මං ඒක වචන වලින් කියල නෑ. ක්‍රියාවෙන්, හැසිරීමෙන් නැත්නම් හිනාවෙන්, ඇස් වලින්, සිතුවිලි වලින්...මට ඒක වෙනස් කරන්න අමාරුයි. ඒක මගේ දුර්වල කමක් වෙන්න ඇති.


    to all of u,
    කොහොම උනත් හරි සතුටුයි මේ වගේ හොඳ විදියට හිතන අය සෑහෙන කොටසක් මේකෙ ඉන්න එක ගැන. මෙහෙම හිතන අම්මල, තාත්තල, වගේම දෙමව්පියො වෙන්න ඉන්න අය ඉන්න රටක අනාගත පරපුර ගැන තව කුමන කතාද?

    ReplyDelete
  40. සියයට දෙසීයටත් වඩා ඔබේ කතාව නිවැරදියි මගේ සහෝදරයා. දෙමව්පියන් කලයුත්තේ attention එක පවත්වාගැනීම මිසක් වැලැක්වීම නෙවෙයි. ඔබේ දෙමව්පියන්ට සමානයි මගේ දෙමව්පියොත්. ඒකෙන් වුනේ එයාලා කියන දේට සම්පූර්ණ විරැද්ධදෙයක් වෙනුවෙන් ( හරි හෝ වැරද් ) දැන දැනත් නැගී සිටීමට මම උත්සාහ කිරීම. ඒක එතරම් හොඳ දෙයක් නෙවෙයි.

    ReplyDelete
  41. අද බ්‍රහස්පතින්දා රාත්‍රිය. හෙට අනිද්දා මට නිවාඩු.

    අපි මේ සොඳුරු ත්‍රස්තවාදියාව බැදි කරගෙන ෆිල්ම් බලන ගමන්, එයාගේ කාර් සෙල්ලම් වලට හවුල් වෙන ගමන්, එයාට ගේ පුරා දුව දුව කවන ගමන්.

    හෙට මෙහේ අවුරුදු උත්සවයක්. ඒකත් බලන්න යන්න ඉන්නේ හවස් වෙලා.

    ඉරිදා ට තමයි මට මේ සටහන් වලට මට හිතෙන දේවල් කියන්න ඉඩක් ලැබෙන්නේ (Comments වලට Reply).. .

    කස්ටිය තරහා වෙන්න එපා හොඳේ

    ReplyDelete
  42. ඔයාගේ දැක්ම ඉහලින් අගය කරනවා දුකා අයියා. ඒක තමයි වෙන්න ඕනෙ.

    ReplyDelete
  43. thotilli waten panina putha 'kotuth' paniyda danne :P

    nice thoughts!
    enjoyed it!

    ReplyDelete
  44. ඇත්තටම දුකෝ, මට මගේ දෙමව්පියන් (විශේෂයෙන්ම අම්මා) ගැන මේක කියවලා ආඩම්බරයක් දැනෙනවා. නමුත් ඒ නිදහස හා විශ්වාසය දැඩිව තිබ්බට මම පොඩි කාලයේ කාලයක් මගේ දක්ෂතා හැකියා තදින්ම පෙන්වන්න ඉඳිරියයට එන්න මැලි වුණා. මොකඳ මගේ ආබාධයක් මුල් කරගෙන මගේ සමාජය තුළින්ම දක්වපු විසුළු හිතළු, අනවශ්‍ය අනුකම්පාව හා අවධානය (ඒ නිසා මට යමක් කරලා වරද්ද ගන්නත් බය වුණා), කොටින්ම මගේ කථින දුර්වලයි කියලා මාත් එක්ක බර කතා කලේ නෑ. පසුකාලීනව මේ ගොඩාක් දේ විසදිලා නැති වෙලා ගියාට එදා තිබ්බ ඇතැම් පසුබෑම් අදටත් එක්තරා තරමකට තියෙනවා.

    නමුත් මම මං පෙන්වු පොපෙන්වු මගේ දක්ෂතා ගැන මට ආඩම්බරයි. :)

    ReplyDelete
  45. අම්මො කොහොම උනත් මම නම් අනුමත කරනවා ඔයා ඔයාගෙ කොලු පුංචව හරස් කරලා නවත්තපු එකට !
    මෙකයි හෙතුව .

    1. කොලුගේ බයික් එකේ බ්‍රෙක් ශුචර් නැති වෙන්න තිබ්බා.
    2. ඒ ගිය වාහනේ අයිති කරු හිත්පිත් නැති එකෙක් නම් මොකද කරන්නෙ ?

    හාපොයි අත්දැකිම කෙසෙවෙතත්, ඔයා කොලූ පුංචා නවත්තපු එක හොදයි.! කරදරයක් උනානම් කවුද දුක් විදින්නෙ ?

    එයා ඔයිට වඩා දේකින් අත්දැකිමක් අර ගනිවී. එදා තාත්තා කලේ මෙක කියලා එයා කල්පනා කරාවි. !

    මට මතකයි මගෙ තාත්තා මට බයික් එකක පදින් කියලා දුන්න විදිය. පලමු දවසෙම ගිහිල්ලා ගෙදර කනුවක වැදුනා :D එත් තාත්තා හිනා වෙවි බලාගෙන උන්නා මම මොකක්ද කරන්නෙ කියලා බලන්න.. මටත් හිනා වැඩෙට :D ඉතින් හොද අත්දැකිමක් පලමු දවසෙම..!

    (මම නම් අනන්තවත් වහන වල හැප්පිලා තියෙනවා :D) බයික් එකෙන් වැටිලා ඇති 100 පාරක් විතර :D

    ReplyDelete
  46. දුකා අයියා.. මගෙ දෙමවුපියන් දෙදෙනා මට පුදුම නිදහසක් දුන්නෙ.. මුලදි මම හිතුවෙ. මම හිතුවා එ මම ගැන ඇති විස්වාසෙට වෙන්න ඇති කියලා.. පස්සෙ බලද්දි තෙරුනෙ.. එක වැරදි කියලා...

    ලමයෙකුට නිදහස හරිම වටිනවා.. එක මම මගෙ ජිවිතෙන් ඉගන ගත්තු ලොකුම පාඩමක්.. අපි කොච්චර ඉගැන්නුවත් එ උගන්නපු ඔක්කොටම වඩා එයා තනියම ඉගෙන ගත්තු පාඩම තරම් වටිනා දෙයක් එයාට නැහැ.. ඔයාට එක හොදටම තෙරෙනවා ඇති...

    මම ජඹුර නැති තැන් වල පීනන්න පුරුදු වෙනකාලෙ සිද්ද වුන සිද්දියක්..
    තාත්තායි මල්ලියි මමයි මුහුදෙ නාන්න යනවා. අපි ව වැල්ලෙ දාලා තාත්තා පිනනවා.. එතනදි දවසක් මම පණ්ඩිත කමට ඉස්සරාහට ඇවිදගෙන ගියා, එතනදි මාව ගිලෙන්න ගියා. වාසනාව ට මම කැගහන්න, දගලන්න ගියෙ නැහැ.. අත පය නිදහසෙ දිග හැරියා කද හරස් අතට ඉන්න උත්සහා කලා... මාව පාවෙන්න ගත්තට පස්සෙ කකුල ගහ ගන්න පුළුවන් තරම් දුරකට පිනෙගන ආවා ආවා.. එතනදි මාගත්තු දෙ නිසා එතනින් පස්සෙ මුහුදට බහින්න තිබුන බිය නැත්තටම නැති වුනා...

    ReplyDelete
  47. 100 ට 100 ට එකඟයි.

    මගේ මල්ලිගෙත් පෙෘරුෂ වර්ධනය අඩු වෙන්න දෙමව්පිවන්ගේ දැඩි ආදරයම ගේතුවක් උනා.අපිත් දැඩි නීති රීති රැකවල් මැද තමයි හැදුනේ.

    මම නම් ටිකක් විතර නහර කාරයෙක් හන්දා..යන්තම් බේරුනා.
    මේක කියවද්දි මට හිතුනා අපේ කතාවම නේද මේ කියලා.

    හුඟක් වටිනා දෙයක් ...දුකා ලියලා තියෙන්නේ.

    ReplyDelete
  48. සොයුර ඉතා අගනා ලිපියක්, සෑහෙන වෙලාවක් ගත් කරන්න වුනා කියවන්න. ඒ තරමට පාඨකයින් ගේ අදහස් විමසුම අනර්ගයි, ඉන් කියන්නේ ඔබ ගෙනහැර පෑ මතෘකාවේ ඇති වටිනාකම හා ඉන් විහිඳූ එළියේ තීව්‍රතාවය නොවේද?

    ජය!

    ReplyDelete
  49. මේ ගීතය මතක් කර දීම ගැන ස්තූතියි. ඉදිරියට බොහෝ ප්‍රයොජනවත් වේවි අප හටම නිතර නිතර මතක් කර ගැනීම..ලමා පෞරුෂ වර්ධනය නැන ඔබේ දැක්ම අපටත් දෙයක් කිය දුන්නා..

    ReplyDelete
  50. @Buratheno !
    ඔයාගේ ඔය කියන අමිහිරි කතා ත් මොන ක්‍රමේකින් හරි අපිට අහන්න ලැබුනොත් (අන්වර්ථ නාමයක් නිසා ඔන්න ඔහේ ලියලා දාන්න) මේවා කියවන ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවී නේද??

    ඔව් අනිවා. මමත් අදහන දෙයක් තමයි දරුවෝ දෙමාපියෝ යාලුවෝ වගේ ඉන්න ඕනා කියන එක. එතකොට දරුවෝ යාළු වේශයෙන් ඉන්න මාළුවන්ට අහුවෙන එක වැලකෙනවා. එයාලගේ අනාගතේ සුරක්ෂිතභායවට ඒක ගොඩක් වටිනවා

    ReplyDelete
  51. @Raven !
    "ජීවිතේ යම් කාලයකදි ආපු වැටහීම් සමුදායක් එක්ක මම ජීවිතේ වෙනස් මගකට ඉදිරි පියවරක් තිබ්බා. මම හැදුණ රටාව සහ ගෙවපු පියර බබා ජීවිතයත් ලොකු රුකුලක් උනා "

    මේක නම් උඹේ වාසනාවක් මලේ. මොකද මම දැකලා තියෙන ගොඩක් කේසස් මේ ක්‍රමේට හැදිනු අයට තනිවම කිසිම දෙයක් කර ගනන් බැරි අය. අඩු තරමින් තැනකට ගිහින් කතා බහ කරලා වැඩක් වත් කර ගන්න තරම් පෞරුශයක් නෑ මේ විදිහට හදපු ගොඩක් අයට. . .

    ReplyDelete
  52. @nimanthi !
    දරුවාව චාරිකාව යවන්න තීරණය කල එක හොඳයි මම හිතන්නේ. ඒ අතරේ මම කියනවට මෙන්න මේ මම බොහෝම කාලෙකට කලින් ලියපු ලිපියත් පොඩ්ඩක් කියවන්න . . . ඔයාටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මට ෂුවර් . . .

    හැබැයි මේ ලිපියේ ලියලා තියෙන දේවල් නිසා ළමයින්ගේ නිදහස සීමා කිරීම නම් කල යුතු වන්නේ නෑ. විය යුතු වන්නේ දරුවාට හොඳම යාලුවෙක් වෙන එකයි . . .

    http://dukaa.blogspot.com/2009/07/blog-post_10.html

    ReplyDelete
  53. @ජීවිතේමල් !
    "දරුවෙකු හදා වඩා ගෙන උස් මහත් කිරීම නොවෙයි. මොකද කාලයට අනුරූපව සම් මස් නහර ලේ වැඩේවි. ඒත් දරුවෙකුගේ පෞරුෂය ? එය කැලේට වැවෙන දෙයක් නෙමෙයි... එය තැනිය යුතු දෙයක් "

    මම නිතර ආසාවෙන් කියවන ඔයාගේ අදහස් වල වටිනාකම නම් කියලා නිම කරන්න බෑ නගේ. ඒ හරහා සමාජයට ඉටු කරන්න තනන යහපත් කාර්‍යභාරය . . .

    ඔයා, විශ්මි, වත් වගේ හොඳ ජීවිත දැක්මක් තියෙන කාන්තාවෝ ලබන පිරිමි හරිම වාසනන් වන්තයෝ . .

    ඒ වගේම ඒ හොඳ දක්ම තුලින් යහපත් දරුවෝ හෙට දවසට දායාද වෙනවා කියලා හිතෙන එකත් ලොකු සතුටක්

    ReplyDelete
  54. @චමිදේවා !
    ඇත්තෙන්ම මට හරි සතුටුයි මම මේ ලිපිය ලිවීමෙන් ගොඩක් දෙනෙක්ගේ වටිනා අදහස් එලියට එන්න මාර්ගය සෑදීම ගැන.

    @Freedom!
    අහ් තිසා එහෙම කිව්වේ තරහට නෙමෙයි නගේ හිතවත්කමට . . . අනික මම ත් හිතුවේ කොල්ලෙක් කියලා . . .

    බොහෝම ස්තූතියි ඔයාගේ අදහස් අපි එක්ක බෙදාගෙන මේ ලිපිය කියවපු හැමදෙනාවම දැනුවත් කිරීම ගැන. මට හොඳටම විස්වාසයි මේ ලිපියෙන් හා කමෙන්ට් වලින් අපි ගොඩක් අයට පොඩි හරි දෙයක් ඉගෙන ගන්න අවස්තාව ලැබුනා කියලා

    ReplyDelete
  55. @හෙළයා!
    ඔව් සහෝ මම කලින් ලිපියකත් කිව්වා අපේ තාත්තා එක්ක තිබුනු තරහා පිට කරන්න මම ගොඩක් වෙලාවට එපා කියපු දේම තමයි කලේ. නංගීත් එහෙමයි. හැබැයි අම්මා ආදරෙන් එපා කියලා කියපු ගොඩක් දේවල් නංගීයි මායි දෙන්නම ඇහුවා.

    @මිස්සක!
    තැන්කූ මලේ. ඔයාත් අනාගතයට ප්‍රයෝජනවත් මොනා හරි දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා

    @kotu!
    ඒ ඒ කාලවලට ඒ ඒ දේවල්. ඔලුව පලාගන්නේ නැතුව හරියට තොටිලි වැට පනින්න ඉගෙන ගත්තු පුතා ඒවත් තමන්ට වැරැද්දක් නොවන විදිහට පනී මචං අනාගතයේදී . . .

    ReplyDelete
  56. @බින්කු!
    ඒක තමයි මලේ දෙමාපියෝ දරුවන්ව ගයිඩ් කරන්න ඕන තමන් ගැන ආත්ම විස්වාසයක් ඇතුව තමාගේ ඉදිරි ගමන යන්න.

    නිකමට හිතන්න පොඩි අඩුපාඩුවක් ඇතිව ඉපදුනු ළමයෙක්ව බොහොමයක් දෙමාපියෝ කොයි තරම් අරපරිස්සමින්ද හදන්නෙ කියලා. ඔවුන්ට සමාජේ එක්ක ගැටෙන්න දෙන්නේ නෑ.

    හැමෝම එකම විදිහ නෙමයි පොඩි අඩුපාඩුවක් 100කින් කෙනෙකුට හෝ කලාතුරකින් කෙනෙකුට ඇතිවෙන්න පුලුවන්කම ස්වභාවිකයි . . ඒ ස්වභාවිකත්වය ට හුරු වෙලා (ස්වභාවිකව එක දෙයක් අඩුපාඩු වෙනකොට ඔවුන්ගේ සමබර තාවය ඇති කරන්න ස්වභාවයෙන්ම වෙන කිසිවක් වැඩිපුර ලබා දෙනවා කියා (අන්ධ අයට ඇති අදි සංවේදී කම උදාහරණයක්)තමන් ගැන ආත්ම විස්වාසය ඇති කරගෙන කිස්වෙකුගේ හව් හරණක් නැතුව ජීවිතය ගෙවනන් උගන්වන දෙමාපියෝ ඉන්නේ කීයෙන් කීදෙනාද???

    ඒකයි මම කියන්නේ දෙමාපියෝ තමයි දරුවාගේ පෞරුෂවර්ධනය වෙනුවෙන් මූලිකව වගකිව යුත්තෝ . . .

    ReplyDelete
  57. @Bunny !!
    අන්න ඒවාට තමයි අත්දැකීම් කියන්නේ. එකපාරක් වැටුනාම ඊලඟපාර නොවැටෙන්න බයිසිකලය පදින්න තමන් දැනගන්න ඕන . .. තේරුනාද හා පැටියෝ . .

    @රවා!
    ඔයාගේ අත්දැකීම් මම හිතන්නේ අපි හැමෝටම පාඩමක් ඉගැන්නුවා. තනිවම ජීවිතයට මූන දීලා හුරුවක් ඔයාට තිබුනු නිසා හරි දේ කරන්න තීරණයක් ගනන් පුලුවන් වුනා. ඒත් හැමදේම අම්මල තාත්තලා කරලා දීලා තනිවම තමන්ට දෙයක් කර ගන්න තරම් පෞරුෂයක් නැති අය . . . අනේ පව් . .

    ReplyDelete
  58. @නිල් අහස !
    අනේ පව් ඔයාගේ මල්ලියා. . . ඔයා වත් කල්පනාවෙන් එයාට උදව් කරන්න ස්වාධීන පුද්ගලයෙක් වෙන්න. නැති නම් අනාගතයේදී ඔහුටම කරදර වෙයි . . මම අත්දැකීමෙන් මේ කියන්නේ . ..

    @ගල්මල්!
    ඔව් ඩීන් අර කිව්වත් වගේ මේ ලිපිය නිසා ගොඩක් දෙනෙක්ගේ අත්දැකීම් අදහස් බෙදා හදා ගන්න පුලුවන් වුනා

    ReplyDelete
  59. @nethu !
    ඔව් මේ ගීතය ත් අහ්‍රිම වැදගත් ගීතයක්. විශේෂයෙන් දරුවෝ ඉන්න අම්මලා. ස්තූති ඔබේ කමෙන්ටුවට

    ReplyDelete
  60. අයියේ මෙහෙම දෙයකුත් තියෙනවා.නිදහසේ හැදෙන්න දෙන්න ඕන වාගේම ඔය අලුත් අය කියන හැම අතින්ම නිදහසක් දෙන්නත් බෑ නේද? කොහොමත් මම නම් කියන්නේ මෙතනදී අයියා කරලා තියෙන දේ හරි .චරිතේ හදා හන්න හරි කොල්ලෙක් ඉන්න එපායැ.ඒ ගැන පස්සේ දුක් වෙනවාට වඩා....අනිත් අතින් අයියා කියලා තියෙන විදියට හැමතිස්සේම එපා එපා කියන්න හොදත් නෑ තමයි.

    ReplyDelete
  61. @leks' world !
    හැම දෙටම එපා කිවයුතු නෑ වගේම නිදහස කියන දේ දීලා දෙමාපියෝ සොයා බලන්න ඕන දරුවා ඒ නිදහස භුක්ති විඳින්නේ මොන විදිහටද කියලත්.

    කොයි තරම් කීකරු දරුවෙක් වුනත් ඒ ඒ කාලවල ඇසුරු කරන අයගේ ඉන්ෆ්ලුවන්ස් එකෙන් ඒ ඒ කාලවල ට පොදු හැඟීම් නිසා දරුවෝ වැරදි මාර්ගේ යන්න පුලුවන් . . දෙමාපියෝ ඒ ගැන දැනුවත් වෙලා ඉන්න ඕන . ..

    ReplyDelete
  62. අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගන්නවා මේක නම්..

    ReplyDelete
  63. හොද පොස්ට් එකක්..මටත් කොල්ලො තුන් දෙනෙක් ඉන්න නිසා..මේකේ තියෙන අදහස් මට හරි වැද්ගත්..මෙහේ සුද්දො ලමයි හදන විදිහ ගොඩක් වෙනස්..ලම්යින් ගෙ ඩිසිප්ලින් ඉතා ඉහලයි..හැබැයි.සෙල්ලන් කරන වෙලාවට ඇග කිලි පොලා යනවා..සුද්දො ඒවා බලාගෙන ඉන්නවා..මට හිතෙන විදිහට ආදරයයි,,පෞරුශ වර්ධනයයි බැලන්ස් කරලා දරුවන් හදන එක දෙමව්පියනට ඇති වගකීමක් වගේම අභියෝගයක්...

    ReplyDelete
  64. මම ඒ ලිපිය කියෙව්වා දැන්..
    ඔබ කියනදේ හරි..අනිවාර්යයෙන්ම ළමයින් දැනුවත් කිරීම කල යුතුමයි..මම එකඟ වෙනවා ඔබත් එක්ක ඒ සම්බන්දයෙන්..
    ස්තූතියි බොහොමත්ම ..!!!

    ReplyDelete
  65. @ Yasela, nimanthi !
    මගේ මේ ලිපි වලින් කිසියම් දෙයක් . . අදහසක් ලබා ගත්තා කියලා දැනගනීම ලොකු සතුටක්. මගේ මහන්සිය අපතේ නොගියා කියා දැනගත්තාම දැනෙන සතුට මහා ලොකුයි . .

    ReplyDelete
  66. මේක වෙනම බ්ලොග් එකක් අරින්න වටින කතාවක්... ඔහොම අත්දැකීම් මටත් තියනවා...
    පොඩි එකාට නොදැනෙන්න පුංචි ට්‍රේනින් එකක් දෙන්න ... දෙමව්පියෝ එක්ක පොඩි වලියක් දා ගත්තහම හැසිරෙන විදියත්...

    ReplyDelete
  67. @පුර සඳ !
    ඇත්තෙන්ම පොඩි එකාට අභියෝග වලට මූන දෙන්න පොඩි කාලේ ඉඳන්ම පොඩ්ඩ පොඩ්ඩ අපි ලබා දෙමින් සිටින පෙරහුරුවේ විස්මිත අපි මේ දිනවල බලමින් ඉන්නවා. හරිම අපූරුයි.

    ම් ම් ම් වලියක් දා ගත්තම හැසිරෙන විදිහනම් අපි කියල දීලා නීම්යි ඌටම ආවේනික විදිහක්. ඌට දැනුනාම අපි තරහින් කියලා එක එක විකාර කරනවා අපිව හිනා ගස්සන්න . . . හිනා ගියොත් ලඟට පැනලා තුරුල් වෙලා හුරතල් වෙනවා හරියට සොරි කියලා නොකියා කියනවා වගේ . . .

    ReplyDelete
  68. ආයුබෝවන් කිව්වා ඔන්න... මම මේකට අලුත්. කියවගෙන යද්දි තමයි මේ පෝස්ට් එක දැක්කෙ. ඉතින් කමෙන්ට් එකක් නොදා යන එක හරි මදි වගේ හිතුන. ඇත්තටම ගොඩක් ලොකු කතාවක් මේක. මටත් මේ වගෙ ලොකු අත්දැකීම් ගොඩක් තියෙනව. ගෙදරටම කරල හදපු දරුවන්ගෙයි, සමාජයේ ගැටිල හදුන දරුවන්ගෙයි පැහැදිළිවම ලොකු වෙනසක් පේන්න තියෙනව. මමත් පවුලේ එක දරුව උනාට මගෙ අම්මයි, තාත්තයි මාව කොටු කරගෙන හැදුවෙ නෑ. ඒ නිසා සමාජයෙ හැම පැතිකඩක්ම මම ඇස් වලින්ම දැක්ක. හොඳ නරක තේරුම් ගන්න මට ඒ අත්දැකීම් ලොකු ශක්තියක් වුනා.
    ගෙදරටම කොටුකරගෙන හදන ලමයි තමයි සමාජයේ නරක දේවල්වලට ඉක්මණින්ම ගොදුරු වෙන්නෙ. මගෙ අදහසනම් ඒකයි.
    කොහොම වුනත් ගොඩක් වටිනා ලිපියක්. මේක වගේම ඔබේ ගොඩක් ලිපි.
    දිගටම ලියන්න.
    ජයෙන් ජය

    ReplyDelete
  69. නෑහෑ මම නම් ඒ වෙලාවෙ ඔයා කරපු දේ හරි කියල තමයි කියන්නේ.......ඔයා දරුවට ඉගෙන්නුවේ අනතුරකින් පලා යන හෙටි මිසක් අභියොගයකින් පලා යන හෙටි නෙවෙයි......

    ReplyDelete
  70. ගොඩක් වැදගත් ලිපියක් දුකා..

    ReplyDelete
  71. හැමදාම වගේ සිරා ලිපියක් දුකා අයියා...

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..