Monday, May 3, 2010
වෙලාවකට මේ ජීවිත පවු කියලා හිතෙනවා . . . . . !!
ප්‍රධාන කාර්‍යාලයේ සිට කි.මී. 150ක් පමන දුරින් තිබූ වැඩබිමකට මාරුවක් ලැබුණි.
වැඩබිම අවටින් නිවසක් සොයා පිලිවෙලක් වෙන තුරු බිරිඳ හා පුතා ටික කලකට බිරිඳගේ නිවසට යන්න තීරණය විය.
නිවසක් සොයා ගන්නා තුරු වැඩබිමට කිට්ටුව මිතුරෙකුගේ නිවසේ තාවකාලිකව නවාතැන් ගැනීමට සිදුවුණි.
මිතුරාගේ බිරිඳ දෙවෙනි දරුවා ලබීම සඳහා ගමට ගොස් සිටියාය.
නිවසේ සිටියේ මාත් මිතුරාත් ඔහුගේ බිරිඳගේ සොයුරාත් පමණි.
මගේ පුරුද්දක් වූ, කෑම කන අතර පොතක් කියවීම හා ශරීරකෘත්‍යය සඳහා වැසිකිලි යාමේදී පොතක් රැගෙන යාම මිතුරාගේ සොයුරා විසින් නිතර නිතර සමච්චලයට ලක් කරන ලදි.
මිතුරාගේ හිතවත් සොයුරියකගේ නිවසේ රාත්‍රී ආහාරයකට ආරාධනා ලැබ අප තුන් දෙනාම එහි ගියෙමු.
ලංකාවේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක ඇදුරුතුමෙකු වූ ඒ සොයුරියගේ සැමියා පළමු වරට දැන හඳුනා ගත්තෙමි.
මිතුරා හා ඔහුගේ මස්සිනා ඔවුන්ගේ පවුලේ මිතුරන් හෙයින් අලුතෙන් හඳුනාගත් මා ඔහු හා මිතුරු වන තෙක් අප විවිධ මාතෘකා කතාබහ කරමින් සිටියෙමු.
සුලු මොහොතකින් මිතුරාගේ මස්සිනා සුපුරුදු සමච්චලය පටන් ගන්නා ලදි.
"වෙලාවකට මේ ජීවිත පවු කියලා හිතෙනවා අයියා" ඔහු වි.වි. ඇදුරු සොයුරාට මා පෙන්වා පැවසීය.
"ඇයි ඒ" වි.වි. ඇදුරු සොයුරාගේ නෙත් එක් වරම මා දෙස යොමුවුනේ "එහෙම පවු කියලා හිතන්න දෙයක් මුගේ පේන්නේ නෑ නේ " කියා සිතමින් විය හැකියි.
"නෑ අප්පා කන්න ගියත් අතේ පොතක්. ටොයිලට් යන්නෙත් පොතක් අරන්. මොකටද අප්පා ඔහොම. පවු නේද මේ ජීවිත."
"මේකනේ මල්ලී" වි.වි. ඇදුරු සොයුරා බොහෝම නිස්කලන්කව පටන් ගත්තා.
"අපි හිතන්නේ, අපි කරන දේ අපි සතුටු වෙන විදිහ තමයි හරිම විදිහ, ඒ විදිහට නොකරන ඒ විදිහට සතුටු නොවන අය අසතුටෙන් කියලා තමයි අපි හිතන්නේ"
අපි හැම දෙනා පාෂාණීභූත විලාසයකින් ඔහු දෙස බලා සිටියෙමු.
"එහෙම හිතලා අපි නිකන් ඉන්නේ නෑ, බල කරනවා අනෙක් අයට අපි කරන දේම කරන්න අපි සතුටු වෙන විදිහට සතුටු වෙන්න කියලා. ඒක කොයි තරම් වැරදිද?"
අප තවදුරටත් කතා නොමැතිව. .
"අනෙක් අය ඒ අය ට පුරුදු විදිහට, කැමති විදිහට ජීවිතේ සතුට ලබනවා. අපිට කිසිම අයිතිවාසිකමක් නෑ කිසිකෙනෙකුට කියන්න උඹ මේ විදිහට සතුටු වෙයන් කියලා. . . "
ඒ මොහොත සිහිවෙන හැම වාරෙකම මා ඔහු සිහි කරන්නේ ඉමහත් බැතියෙන්. හදපිරි කෘතගුණයෙන්.
ඒ ඔහු ඒ සුලු මොහොත ඇතුලතදී ජීවිත කාලයටම වටිනා විශාල පාඩමක් මට ඉගැන්වූ නිසාවෙන්.
සාමාදානෙන් සහයෝගයෙන් මිනිසුන් ඇසුරු කිරීමට නැතිනම් මානුෂික සබඳකමකදී එකිනෙකාගේ රුචි අරුචිකම් අඳුනාගෙන ඒවා අගය කිරීමෙන් හෝ හැකි පමනින් සහයෝගය දැක්වීමෙන් අපගේ මානුෂික ගති අන් අයට පෙන්වා දීමෙන් අපගේ ජීවිතයට අන් අයගේ වැඩි සැලකිල්ලක්, ආදරයක් ලබා ගතහැකි ඒ පාඩම ඉගැන්වූ ඔහු ගැන මගේ හිතේ ඇත්තේ විශාල ගෞරවයක්.
. . . . . . . . . . . . . . .
මගේ පෝස්ට් දිග වැඩී කියලා දෝශාරෝපන එල්ලවෙනවා වුනත් පෝස්ට් එක මෙතනින් නවත්තන්න හිතක් ඇති කර ගැනීම බොහෝම අපහසුයි.
තවදුරටත් කියවන්න කැමැත්ත ඇත්තෝ කියවත්වා . . .
ලඟදී දිනෙක අප (මාත් බිරිඳත්)වාදයකට පැටළුනා (වලියක් නෙමේ දුර ගමනක් ගොස් රෑ 12ට එන විට නිදිමත සෑදීම වැලැක්වීමේ අරමුණින්)
ඒ වාදය මට එකිනෙකා ගේ විනෝදාංශ හෙවත් එකිනෙකා (මා දන්නා) සතුටු වෙන ආකාරයවල් ගැන ගැඹුරින් හිතන්න මට අවස්ථාව උදා කලා.
මේ ඒ මා දන්නා අය කීප දෙනෙක් සතුටු වෙන ආකාරයවල් . . .:
A - හැම සති අන්තෙම හොඳටම බොන එක (බොනවා නෙමේ නානවා) හා පුලුවන් හැම වෙලාවෙම එකක් නිවෙන්න එකක් සිගරට් ඉරීම (සිගරට් කනවා . . ඉඳලා හිටලා එකක් දෙකක් නම් කමක් නෑ . . හික්ස් . . . මේ වගේ ඔවුන්ටත් අපිටත් හානි කර විනෝදාංශ වලට නම් අනිවාර්යෙන් විරුද්ධ වෙන්න ඕන )
B - බ්‍රෑන්ඩඩ් සපත්තු එකතු කිරීම (කැටපිලර්, පූමා, මෙරිල්, නයිකි, ඇඩිඩාස් බ්ලා බ්ලා බ්ලා . . මටත් කාලයක් තිබුනා බ්‍රෑන්ඩඩ් සන්ග්ලාස් එකතු කිරීමේ පිස්සුවක්. බුදු අම්මෝ හොඳ වෙලාවට ඒක ඇතහැරුනේ. . .)
C - මුලු ජීවිතේම අනුන් වෙනුවෙන් කැප කිරීම (දහම් පාසලේ ඉගැන්වීම හා දහම් පාසැලේ වැඩ වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසීම, අසරණ දරුවෝ වෙනුවෙන් පාසැල් ඉදිකිරීම, කොම්පියුටර් ලබාදීම ආදී සමාජ සේවා හා මිතුරන්ගේ ඕනෑම වැඩක් සඳහා ඇප කැප වී සිටීම )
D - නොකා නොබී හෝ මුදල් එකතු කිරීම (යනකොට ගෙනියන්න වගේ)
E - තමන්ගේ වැරදි අම්බානක් තියාගෙන අනුන්ගේ පොඩි හෝ වැරද්දක් සොයාගෙන සිනා වීම (මාර ජොලි ඇති . . පවු අප්පා)
F - මාස ගනන් උත්සාහ කොට අමාරුවෙන් ලබාගත් රැකියාවට වත් නොගොස් (හැකි නම්) දවසේ පැය විසිහතරම (කන්න බොන්න ටොයිලට් යන්න විතරක් ඇහැරී) නිදා ගැනීම (මම පොත් බලන එක නරකයි මේක හොඳයි එතකොට ආ. . ?? )
G - රැකියාව කරන කාලයට අමතර සියලුම කාලය . . . පෙම්වතිය බිරිඳ වූ පසුවත් ඈ සමඟම චැට් කිරීමට යෙදවීම. (ලඟපාතක නැති නිසාවෙන් - මේකට නම් තවත් සමහරු කැමතිය. "ඒක හොඳයිනේ. ඒ ගෑනු කෙනාට මනුස්සයා එක්ක වලි දාගන්න ඕන නෑ නේ, ඇයි ඒ මනුස්සයා වෙන වැඩක් කරන්න නෑ නේ . . . ගෑනි ගැන හිත හිතා . . .. ගෑනි එක්කම විතරක් චැට් කරන නිසා" . . හ්හ්හ්හ්ම්ම්ම්ම්ම් . . . . වෙන පිලිතුරු නැත)
H - උදේ නැගිටපු වෙලාවේ සිට ගේ අස්පස් කරන . . . අතුගාන . . . කන බොන වෙලාව හැරුනු කොට, නින්දට යනතෙක් අනෙක් සියලුම කාලය . . . සැමියා සමඟ රන්ඩුවක් ඇද ගැනීමට හේතු සෙවීම (ජීවන රේඛාව එක කෙලින් තිබ්බාම කිසි ගතියක් නෑ නේ එකයි මේ වලියක් දාගන්න හදන්නේ . . . හි හි )
J - මුලු දවසම රූපවාහිනියෙයි, අයි.ටී.එන් එකෙයි කියන බොරු බේගල් අසා සිටීම හා දිවයින පත්තරේ ඒකපාර්ශවික නිව්ස් කියවීම හා අහුවුනු එකෙක් සමග ඔහුට ගැලවී යන්න නොදී ඒවා ගෙඩි පිටින් වමාරා තමා දේශප්‍රේමියෙක් බව ලෝකෙට පෙන්නා සිටීම (පුහ් . . අනේ සකෝ බලලෝ . . )
K - මෙලෝ දෙයක් දන්නේ නැති වුනත්, (නෑ නෑ මූ සිරාවටම දන්නවා මම නම් හිතන්නේ ) හැම විෂයක් සම්බන්ධයෙන්ම තමා උගතෙක් බව කියා පෑම හා මවා පෑම (නෑ ඕක ඔහොම නෙමෙයි, ඕකේ මෙන්න මෙහෙමත් එකක් තියෙනවා)
L - අනිත් අයගේ ඕපා දූප සෙවීම (අපි ගොඩක් අය වගේ සුලු පරිමාණයෙන් නෙමෙයි . . මහා පරිමාණයෙන් හික්ස්) තොරතුරු සොයා ගැනීමට අවශ්‍ය අයගේ විස්තර දුරකතන මඟින් ලංකාවේ ඉන්න අයට යවා ඒවා ගෙන්වාගෙන ඒ අය දන්නා අඳුනන අය අතරේ නොමිලේ බෙදා හැරීම . . . (අපරදේ වැරදි රැකියා කරන්නේ . . බුද්ධි අංශයට බැඳෙන්නයි තිබ්බේ . . නැත්නම් පත්තර වාර්තා කාරයෝ දෙන්නෙක් වෙන්නත් තිබබා . . ??)
මේ මා දුටු / ඇසුරු කල / දන්නා කියන . . විශේෂ විනෝදාංශ ඇති අය කීප දෙනෙකුගේ විනෝදාංශ පමනයි . . .
මේ සමහර විනෝදාංශ වලට එරෙහිව සටන් කරපු කාලයන් මගේ ජීවිතේ නොතිබුනාම නොවේ . . .
ඒත් අර සොයුරාගේ උපදෙසින් පසු මේ සියලුම විනෝදාංශ දෙසත් ඒවා හිමි අය දෙසත් අලුත් ඇසකින් . . උපේක්ෂා සිතකින් බලන්න මට හැකි වූ බව නම් නොකියාම බැරිය . . ..
ඔය H කියන්නෙ අයියගෙ wife නේද ? :P
ReplyDeleteපව් කියලා හිතෙන්නේ අනුන්ගේ ජීවිත ගැන නෙමෙයි අපේ ජීවිත ගැනයි සමහර වෙලාවට...
ReplyDeleteගොඩාක් වෙලාවට දෙන්නෙක් අතරේ ප්‍රශ්ණ ඇතිවෙන්නේ අනෙකාගේ කැමති දේ බලෙන් වෙනස් කරන්න යෑමෙන්ම තමා...
අනේ දුකා අයියේ...ඔෆීසියේ ඉදන් මේක කියවන්න ගියොත් මගෙ රස්සාවටත් මොකද්ද එකක් වෙයි...ඒතරම්ම දිගයි නෙ....
ReplyDeleteගෙදර ගිහින් කියවලා බලන්නම් ආයේත් හොඳද...කියවන්නේ නැතුව මොනවත් කියන්න බෑනෙ
අද සමාජයේ ගොඩ දෙනෙක් ජිවත් වෙන්නේ ලෝකයාට ඔන විදිහට .....
ReplyDeleteඒ අතර තමුන්ට ඔන විදිහට ජිවත් වෙන්න දරණ උත්සාහට මගේ ප්‍රණාමය ...
[ මොකද මුලින්ම මම කියන කෙනා සතුටුවේන්න ඔනා ]
මටත් ඔය පුරුද්ද තියෙනවා... කෑම කන කොට පොත්, පත්තර බලන එක... [හැබැයි වැසිකිලියට නම් ගෙනියන්නේ නෑ.]
ReplyDeleteමගේ පොඩි එකාටත් මම මේක පුරුදු කරන්න හැදුවා.. ඒත් මට දැන් වැටහෙනවා ඒක වැරදියි කියලා....
ඔය තමන්ගෙ මතය අනුන් මත පටවන එක විනෝදාංශ වලට විතරක් නෙවෙයි. බොහොම වෙලාවලදි අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒක තමයි කරන්නෙ නේද? සමහර වෙලාවලට ඒක හොඳයි. සමහර වෙලාවලට ඒක නරකයි.
ReplyDeleteනියම අදහසක් අයියා අද දුන්නෙ... මමත් ටිකක් වැඩි වෙලා වැසිකිලියේ ගතකරන කෙනෙක්. මේක දැකලා මට හිනාවෙන්න එපා හරිද..ඇත්තම කියන්න මගේ ජීවිතේ හුඟක් ප්‍රශ්න වලට උත්තර මට හිතිලා තියෙන්නෙ වැසිකිලියේ ඉදිද්දි...
ReplyDeleteඑහෙම ප්‍රශ්නයක් නැති වෙලාවට පොතක් අරන් ගිහිල්ලා කියවන්න පුළුවන්නේ... නියම අදහස අයියේ...
@මින්දද
ReplyDelete+1 ;)
පුංහ්... බලාගෙන ලොක්ක...
ReplyDeleteසිරි ලංකවෙන් තවම දාර්ශනිකයෙක් බිහිවෙල නෑ .......
අනේ පරිස්සමින් වැඩිපුර අවභෝද උනොත්...
අපිට බ්ලොග් එක නැති වෙනව......
වැදගත් දෙයක් ලියනවා නම් දිග වුනාම මොකද නේද අය්යේ,
ReplyDeleteඇත්තටම හුගාක් වැදගත් පාඩමක්....
"""අපි හිතන්නේ, අපි කරන දේ අපි සතුටු වෙන විදිහ තමයි හරිම විදිහ, ඒ විදිහට නොකරන ඒ විදිහට සතුටු නොවන අය අසතුටෙන් කියලා තමයි අපි හිතන්නේ"""
කියන්න තියෙන දේ බාගෙට කියල පෝස්ට් එක කෙටි කරනවට වඩා කියන්න තියෙන දේ සම්පූර්ණයෙන්ම රසවත්ව ලියන එකේ කිසිම වැරැද්දක් නෑ කියලයි මගේ අදහස.
ReplyDeleteකියවන්න මුකුත් නැත්තං කන දේ බඩට යන්නෙ නැති ගතියක් මටත් තියෙනව. හැබැයි වැසිකිලියට නම් පොත් අරගෙන යන එක නැවත්තුව. මොකද එතකොට පොත කියවීම අංක 1 වෙලා වැදගත් වැඩේ අංක් 2 ට වැටෙන නිසා.
හැබැයි ජීවිතේ විසඳන්න අමාරු ගැටළු හැම එකකටම වගේ උත්තර කල්පනා උනේ නම් ඔය වැසිකිලියෙ ඉන්න කොට තමයි..හික්ස්!!!!
@තර්ඩ් මෑන් (SIDATH)!
ReplyDeleteකොල්ලෝ මඤ්ඤොක්කා ගන්න ආවනම් අරන් පලයන් වත්තේ හතර මායිම් හොයන්නේ නැතුව . . . හික් හික් හික්
@චමිදේවා !
ඔව් බන් අනෙක් එකා සතුටු වෙන විදිහට සතුටු වුනාවේ . . . කියලා අපිට හිත හදා ගන්න පුලුවන්නම් හරිම කූල් . . .
@දිල් !
හැමෝම කියන්වා මට ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් කියන්ඩ කියලා ඒත් ම්හූ බෑ වගේ ඒක මට
@වැප් !
ReplyDeleteඇත්තෙන්ම මම සතුටු වෙන විදිහ කිව්ව නම් අර කලින් පෝස්ට් එකකට ඇනෝ කෙනෙක් දාලා තිබුනු "පම්පෝරි" කතාව ආයේමත් කියයි කියලා හිතුනා.
පොත් බැලීම, ෆිල්ම් බැලීම, බ්ලොග් ලිවෙම, රැකියාව, නිවාස සහ නිවාස වල ඇතුලත සැලසුම් කිරීම, පොඩි එකාගේ හුරතල් බැලීම, ගීත ඇසීම, මූනු පොතේ රැඳී සීටීම, පවුලේ අය සමඟ ගත කිරීම, මිතුරන් ඇසුරු කිරීම, ට්‍රිප් (සවාරි ) යාම, චැට් කිරීම, අනුන්ට සමච්චල් කිරීම හා මට හා සමච්චල් කර ගැනීම, නිදා ගැනීම, ගීත ගායනා කිරීම, ඉඳහිට අඩියක් ගැසීම, සන්ගීත සැන්දේවල් / නාට්‍ය බලන්න යෑම . . අම්මෝ අම්බානකට තියේවා . . . මේ හැම දේම හැම විනෝදාන්ශේම සමඟ සාපේක්ෂව මම නිතරම සතුටුන් ඉන්නෙක් . .
@kumaraya, මින්දද !
ReplyDeleteකෑම කනකොට පොත් පත්‍ර බලන එක හොඳ පුරුද්දක් නෙමෙයි වෙන් න ඕන.
මම අම්මගෙනුත් බැනුම් අහනවා ගෙදර උන්දැගෙනුත් බැනුම් අහනවා.
බෞද්ධ දර්ෂනයට අනුව හැම දේම භාවනාවක් කියලා මම අහලා තියෙනවා.
ඒ ඒ වැඩේ ගන සිහියෙන් ඒ ඒ වැඩේ කරන්න කියල තමඉ කියලා තියෙන්නේ මම හිතන විදිහට . .
එහෙම බැලුවාම ඒ වැඩේ හොඳ නෑ වගේ නේද . . ?
@h!
ReplyDeleteඑහෙම බැලුවොත් මේ බ්ලොග් වලින් අපි කරන්න හදන්නේත් අපේ මතය අනුන්ට ගිල්ලවන්න හදන එක කියලා හිතෙනවා. ඒත් විචාර බුද්ධියෙන් විමසලා බලලා තමන්ට සුදුසු දේ තෝරා ගැනීමේ හැකියාවක් හමෝටම තියෙන්න ඕන නේද . ..
@මාතලන් !
ReplyDelete"පුංහ්... බලාගෙන ලොක්ක...
සිරි ලංකවෙන් තවම දාර්ශනිකයෙක් බිහිවෙල නෑ .......
අනේ පරිස්සමින් වැඩිපුර අවභෝද උනොත්...
අපිට බ්ලොග් එක නැති වෙනව......"
මේක නම් මඩ පාරක් වගේ පේන හැටියට.
අනේ නෑ වැරදියට ගන්න එපා කස්ටිය.
ජීවිතේ අපි හැමදාම පාඩම් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න ඕන. ඒ පාඩම් වලින් අපිට සතුටක් ලඟාකර ගන්න පුලුවන් කියලා හිතෙනවා නම් අනුගමනය කරලා බලන්නත් ඕන.
මම කිව්වේ ඒ සහෝදරයාගේ වචන වලින් පස්සේ අනුන්ගේ විනෝදාංශ වලට හිනා වෙන එකත් සමහරුන්ට විනෝදාංශ නැති එකට හිනා වෙන එකත් සමහර අයගේ විනෝදාංශ නිසා අපේ ටෙම්පෙර් එක නැති වෙලා ඉරිටේට් වෙන එකත් මම නැති කරගත්තා කියලා අනෙක් අයගේ විනෝදාංශ දිහා වෙනස් විදිහකට බලන්න පුලුවන් වීමෙන්.
වැරදියට තේරුම් ගනන් එපා ඔන්න . .
@පබලු !
ReplyDelete"""අපි හිතන්නේ, අපි කරන දේ අපි සතුටු වෙන විදිහ තමයි හරිම විදිහ, ඒ විදිහට නොකරන ඒ විදිහට සතුටු නොවන අය අසතුටෙන් කියලා තමයි අපි හිතන්නේ"""
බලන්න මේක හොඳ උපදෙසක් නෙමෙයිද . . ? මට නම් ගොඩක් හොඳ එකක් මම ඒක අනුගමනය කරලා ගොඩක් වාසි ලබා ගත්තා
@මතක මංපෙත !
ReplyDeleteසමහර වෙලාවට බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හදද්දී ඒක හරියටම ගලප ගන්න අදහස් මතත් එන්නේ අනන් එතනදී තමයි . . . . හික් හික්
මම හිතින් බැන බැන උන්නේ වටින කතා දෙකක් එක පාර දීපු එකට. මොකද කතා දෙකේම ප්‍රොමෝට් කරන්න වටින දේ තියෙනවා. ඒත් අන්තිම පේලිය කියෙව්වම දැනුනා මේ දෙක එකිනෙකට සම්බන්ධයි කියලා.
ReplyDeleteදෙවනි කතාව සම්බන්ධයෙන් උඹ රන්ඩු ඇති නොකරගන්න හොඳම හේතුව පලවෙනි කතාව.
කතා දෙකම කියවලා අන්තිමට කියන්න තියෙන්නේ "පට්ට" කියලා විතරයි!
@මුචලින්ද!
ReplyDeleteමළයෝ . . .
සිරාවට උඹෙන් පට්ට කියලා කමෙන්ට් එකක් ආවාට පස්සේ දැනෙන සතුට මෙච්චරයි කියලා කියලා නිම කරන්න බෑ . . .
දන්නවනේ . . !
මචං පෝස්ට් එක දිග වුණත් ඔක්කොම කියෙව්වා.. හැබැයි කමෙන්ට්ස් ටික ඔක්කොම කියවන්න නම් අමාරුයි.. ඉතාම අගනා අදහසක් අපිත් එක්ක බෙදා ගත්තට උඹට ගොඩාක් පිං. උඹේ අර A-L ලිස්ට් එකේ C විනෝදාංශය තියෙන මනුස්සයා නම් හරිම වාසනාවන්තයි.
ReplyDeleteතුන් හිතකින්වත් එහෙම නෙමෙයි කිව්වෙ..
ReplyDeleteඒ මම ලියන හැටි... හිත රිදුනනම්.. සමාවෙයන් මහත්තයො..
මම එකසිය ගානට විඳින බ්ලොගක් මේක.
බොරුනම් උඹ ගැන ලියපු කවිය බලපං
කවි ලියනවද මඩ ගහනවනම්
@චතුර විජේකෝන්!
ReplyDeleteඅනේ ඔව් මචං . . . ඌ නම් මාර පොරක්. මගේ ප්‍රියතම මනුස්සයෙක් . . . අපේ හොඳම හිතවතෙක් . . .
@මාතලන් !
ReplyDeleteමල මගුලයි . . එහෙමත් එකක්ද . . කෝ බන් කවිය . . ???
උඹේ බ්ලොග් එකේද ?
හප්පා මේක (මේ බ්ලොග් එක)මම කලින් දැකලා තිබුනේ නෑ නේ සමාවෙන්ඩෝනා . .. .
හරි හරි ඔන්න එහෙනම් ශේප් හරිය ???
මමත් කොයි තරම් බැනුම් අහලා තියෙනවද පොඩි කාලේ පොත් බල බල කෑම කන්න ගිහින්..! 'අකුරු මැකෙන්නේ නෑ ළමයෝ කාලා ඉන්න' කියලා යි අපේ තාත්තා මට කෑ ගැහුවේ..ඒ නිසාම එරන්දතී කෑම කන ගමන් පොත් බලන එකට මම මුකුත් කියන්නෙ නෑ..ඒකට මට කිසිම සදාචාරාත්මක අයිතියක් නැති නිසා. ස්තුතියි දුකා...කෙටියෙන් හරි දිගට හරි කියන්න තියෙන දෙයක්, ඔයාට ඕන විදියට මිසක් අනෙක් අයට ඕන විදියට ලියන්න කියලා කියන්නත් අපට අයිතියක් නෑ මම හිතන්නෙ..
ReplyDeleteමට නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේ..
ReplyDeleteනෝ ප්‍රශ් මචං
දුකෝඃ
ReplyDelete1. ඔය යුනිවසිටි පොර කියපු දර්මෙ අපි නොදැන හිටිය දෙයක් නෙමේ නේද? ඇයි ඒත් ඒක ඒ වෙනකං නොතේරුනේ කියල හිතන්න.
2. මට නං නොයෙකුත් දාර්ශනික සිතුවලි එන්නේ නාන කොටයි. සමහර දවස්වල විනාඩි 20 ක් විතර නානවා.
කකා
දුකා මචං උඹත් මගෙ ජාතියෙම පොරක් නේ... මමත් ටොයිලට් එකට ගිහත් කන්න ගියත් පොතක් අතේ තමයි.
ReplyDeleteහොඳ උපදෙස් ටිකක් තියෙනවා. මට හිතෙන්නෙ මමත් ඒවා ඔළුවට ගත්තොත් හොඳයි වගේ...
මරු ලිපිය අයියා..
ReplyDeleteඅලුතින් හිතන්න දෙයක් තියෙනවා හැමෝටම.
මටත් ඔය කන කොටයි, ටොයිලට් එකෙයි පොත් කියවන පුරුද්ද තිබුනා,ඒත් රට ගියා විතරයි දැන් ඒක කරන්න වෙලාවක් නැති උනා...පොත් නම් ගොඩක් තියෙනවා කියවන්න.. :(
ReplyDeleteමේක මේ බ්ලොග් එකෙන් සෑහෙන්න වටින ලිපියක්.
ReplyDelete(අනිත්වා වටින්නෙ නෑ කියනවා නෙවෙයි හරිය... ;) )
මරු!
ඇයි FACE BOOK එකට යන එක, ඒකත් විනෝදාන්ශයක්නෙ . . .
ReplyDeleteඕක ඇවිල්ලා ඕනම මනුස්සයෙක් තුල තියෙන ප්‍රධානම ලක්ශනයක්. අපි කොච්චර නෑ කියල කියනන් හැදුවත් පි හැමෝම අතින් ඔය දේ වෙනවා. සමහර වෙලාවට ඒක වෙනවා කියලා පේන්නෙ නෑ. නමුත් සියුම්ව කල්පනා කරල බැලුවොත් කරන්න උත්සහ කරලා තියෙන්නෙ ඒක. කොටින්ම මම පවා දැන් මොකද්ද මේ කරන්න උත්සහ කරන්නේ. මගේ මතේ ඔයාලගේ ඔලුවලට ඇතුලු කරන්න නේද. දුකා අය්ය කරන්න හදලා තියෙන්නෙත් ඒකම තමයි. හොඳ නරක කියන්නේ එක කාසියේ දෙපැත්ත වගේනේ. ඒක නිසා මේ දේ තුලත් හොඳ වගේම නරකත් තියෙනවා. ඒ වගේම කිසිම දවසක නවත්තන්න පුලුවන් දේකුත් නෙවෙයි මේක. මොකද අපි මිනිස්සුනෙ.
ReplyDeleteහ්ම්.........
ReplyDeleteමම නම් මේ දවස් වල අප්‍රමාණ සතුටකින්. ඒත් මම දන්නව මගේ හිතේ මේ තරම් සතුටක් ඈති වෙච්ච කාරණේ අපේ ගෙදර අය දැන ගත්ත ගමන් ලෝකෙ පෙරලනව කියල. මේක මගේ විතරක් නෙමයි මගේ හිතේ ඉන්න තවත් කෙනේක්ගෙත් සතුටක්. ඉතින්...දුකා අයියෙ... ගෙදර අයගෙ සතුට වෙනුවෙන් කාලාන්තරයකට පස්සේ මමත් මගේ සතුටේ හවුල් කාරයත් අපේ සතුට නැති කර ගන්නවද? නැතිනම් මුලු ලෝකෙම අමතක කරල අපි දෙන්න සතුටින් ඉන්නවද කියල මට නම් හිතා ගන්න බැහැ....
දෙගොල්ලන්ගෙම සතුට වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම කැපවිම මම කරනව...
තමන්ගේ ජීවිතේ සතුට ගැන යම් පමණක හෝ වැඩි වැටහීම තියෙන්නෙ තමන්ටමයි. මිනිස්සු ජීවිතය විඳින ආකාර එකිනෙකාට වෙනස්. හුරුපුරුදු, ඇබ්බැහිවීම් මේවා පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙනව. කෙනෙක්ට අපහසුවක් වෙන යම් ඇබ්බැහිතාවයකින් තව කෙනෙක් ඉතා ලොකු සතුටක් ලබන්න පුලුවන්.
ReplyDeleteමෙතනදි වැරැද්ද වෙන්නෙ මිනිස්සු හැම දෙයක්ම "මගේ" කර ගැනීම එක අතකට. මගේ ජීවන දැක්ම, මගේ විනෝදය..බ්ලා බ්ලා. ඉතින් තවත් අය ඒ දේවල් පිළිගන්නව,අනුගමනය කරනව දකින්න (මමද ඇතුලුව)මිනිස්සු කැමතියි.
අපිට පුලුවන් අපේ සතුට සහ විඳීම් ගැන ලෝකයට කියන්න. අපේ මතයන් බෙදා හදාගන්න. එතැනින් එහාට පිළිගැනීම හෝ නොගැනීමේ නිදහස අනිත් පුද්ගලයා සතු විය යුතුයි. නැතිව ඒවා බලෙන් එන්නත් කරන්න යාම හෝ අපේ දේවල් පිළිනොගන්නා අය හෙලා දැකීම වැඩකට ඇති වැඩක් නෙමෙයි.
මටත් ඔය කන කොට පත්තරේ බලන පුරුද්දනම් තියෙනවා..පත්තරේ බැලුවෙ නැත්නම් නිකන් කැමට ලුණු මදි වගේ :D
ReplyDeleteහැබැයි තාමා ටොයිලට් එකට ගිහින්නම් ට්‍රයි කලේ නැ :P
ඉගන ගන්න දෙවල්නම් ගොඩක් තියෙනවා දුකා අයියේ..!
මේ ගැන කියන්න තියෙන්නෙ
මැක්සා ලිපියක් කියලා !!! :-)
**ලඟදී දිනෙක අප (මාත් බිරිඳත්)වාදයකට පැටළුනා (වලියක් නෙමේ දුර ගමනක් ගොස් රෑ 12ට එන විට නිදිමත සෑදීම වැලැක්වීමේ අරමුණින්)**
අයියෝ බොරුවට හරි වාද කලේ ඇයි ? වහනේ සිගර්ට් පත්තු කරන එකට තියලා ඇගිල්ල පුච්ච ගන්න තිබ්බනේ :P
ඔය කාරණාව මාත් අදහන දෙයක්...
ReplyDeleteහැබැයි අනිත් අයට පොත් කියවන්න යම් උනන්දු කරවීමක් කරවන්න නම් මම අදටත් උත්සහ කරනවා.
මම ඒක කරන්නේ කෙනෙකුට බලපෑමක් කරන අදහසින් නෙවෙයි.
යම් කාරණාවක් ගැන මම හිතන විදිය කෙනෙකුට කියා දෙන්න උත්සහ කරනවාට වඩ ඒ සම්බන්ධ පොතක් පතක් කියවන්න පෙළබවීම මගින් මගේ අදහස අනෙකාට තේරුම් ගැනීමට පහසු වන නිසයි.
මාත් පොත් ගුල්ලෙක්.
අදටත් කන බොන වෙලාවට මොනවා හරි කියවන්න මම ආසයි.
හැබැයි වැසිකිලි යනවිට නම් මම පොත් කියවන්නේ නැහැ.
මම ජීවිතයේ හුගාක් දේවල් ගැන සිතන වෙලාව තමයි ඒ..
ඒක හරියට භාවනාවක් වගේ..
නියම කතාව ..දුකා.
ReplyDeleteහරියට මටම ලියලා වගේ.
මමත් පුලුවන් තරම් උත්සාහ කරනවා, වැරදියි කියලා මට පෙනෙන තැන්, හොඳ විදිහට වෙනස් කරන්න.
ම්ම්ම්ම්..දැන්...මටත් හිතෙනවා, මම කරලා තියෙන්නෙත් වැරදි දෙයක් කියලා.
ස්තුතියි දුකා..මේ පෝස්ට් එකට.
හ්ම්ම්... ඒකත් නියමම කතාව...දුකා අය්යෙ..
ReplyDeleteතමන්ගෙ විනෝදාංශ අනුන්ගෙ ඔලුව උඩ අත අරින්නෙ නැතිව
ඒ මනුස්සයට තමන්ගෙ පාඩුවෙ තමන් කැමති විදියට ඉන්න දෙන්න කියන එක..
රේවන් කියන දේ තමයි ඒත් ඉතින් හේතුව නම්.... අපි හැමදේම, හැමෝම 'මගේ' කරගෙන නෙ ජීවත් වෙන්නෙ...
මාත් එහෙම්ම තමයි....
බලමුකො ටිකක් මාව වෙනස් කරගන්න..මට මාව නැති වෙන්නෙ ත් නැතිව..:-)
මමත් ටොයිලට් පොත් ගුල්ලෙක්. සමහර වෙලාවට ශරීර කුරුත්ය කොරල ඉවර වෙලත් දිගටම පොත කියවනව. අමතකයි කොහෙද ඉන්නෙ කියල. කවුරු හරි ඇවිත් දොරට තඩි බෑවොත් තමා පියවි ලෝකෙට එන්නෙ
ReplyDeleteතම තමන්ගේ හැටියට තම තමන්ගේ දේවල් විඳිනවා නම් කාටවත් කරදරයක් නැතුව, ඒක තමා හොඳම විදිහ...... ඒත් ඒක නොකරන එක තමා වරද....... රේවන් කිවුව දේට මමත් එකඟයි....... හොඳ ලිපියක් දුකා අයියේ........
ReplyDeleteඅපේ අම්මත් ඔය ටොයිලට් කේස් එකට කේස් දාලා මම ඒ වැඩේට යන වෙලාව අඩු කරලා හෙන කෙලියක් උනා මතකයි පොඩි කාලේ..
ReplyDelete@සචී!
ReplyDeleteම් ම් ම් සචී . . . මේ කෑම කන ගමන් පොත බලන එකේ වැරැද්ද තියෙන්නේ මම හිතන විදිහට අර බෞද්ධ දර්ශනයේ තියෙන "හැම ක්‍රියාවක්ම භාවනාවක්" එලැබි සිහියෙන් ඒ ඒ මොහොතේදී කරන කටයුත්ත කරන්න කියන එකට පටහැනි වෙන එකයි මම හිතන්නේ . ..
@කකා!
ReplyDeleteඇත්තෙන්ම මට ඒ අයියා ඒක ඒ කියනකම්ම තේරුනේ නෑ එහෙම කරන එක වැරදියි කියලා . . .
ඒ වෙනකම් මම ත් කලේ ඒකමයි. අරූගේ නිදා ගන්න එකට විරුද්ධව අම්බානකට වලි දැම්මා . . . පස්සේ හිතුනා මම වලි දැම්මේ උගේ හොඳට ඌට ඒක පිලිපදින්න ඕන නැත්නම් උගේ හොබී එක ඌ කරගෙන ගියාවේ කියලා මොකුත් නොකියා හිටියා . . .
මම තව ගොඩක් අය එක්ක ඒ අයගේ විනෝදාංශ එක්ක ගැටුම් ඇති කරගෙන හිටියේ. ඔය සීන් එකෙන් පස්සේ මම ඒ සම්බන්දව බොහෝම වෙනස් විදිහට හිතන්න ගත්තා
@chathuraw !
ReplyDeleteමචං මේ සයිබර් අවකාශේ මේ විදිහට එකට එකතුවෙලා ඉන්න අපි ඔක්කෝම එක ජාතියේ කුරුල්ලෝ වෙන්න ඕන.
ම් ම් ම් ඒ අයියගේ උපදෙසින් මම නම් සෑහෙන දෙයක් ඉගෙන ගත්තා . . හැමෝටමත් ඉගෙන ගන්න දෙයක් ඒ කතාවේ තියෙනවා මම හිතන්නේ නම් . . .
@Ansh Lucky Sri Jay , Supun Sudaraka !
නගේ මළේ . . ඒකනේ මම කිව්වේ " හැමෝටමත් ඉගෙන ගන්න දෙයක් ඒ කතාවේ තියෙනවා මම හිතන්නේ නම් " කියලා . .. සතුටුයි උඹලා හැමෝම යමක් ගත්තානම්
@Ishara !
ReplyDeleteඒ පුරුද්ද නැති උනාම ද කියවන්න තියෙන පොත් ගොඩ එකතු වුනේ . . හෆොයි උඹ එකේ ගත කරපු කාලේ ගැන මට හිතා ගන්න පුලුවන් . . .
@හුටපටයා !
අනිවාර්යෙන් . . මගේ යාලුවෙක් මට බනිනවා මම නිතරම FB එකේ කියලා . . ඌ අහනවා මට FB එකෙන් ගෙවනවද කියලා ගානක් . ..
@අනුරාධ !
ReplyDeleteඑක්ට්‍රීමිස්ට් වෙන්න හොඳ නෑ මළේ . . . ඒ විදිහට හිතුවොත් අපිට කතා නොකරත් ඉන්න වෙයිනේ . . අපි කතා කරන්නේ අපේ මතේ අනුන්ට ගිල්ලවන්න හදන එකක් කියලා . .. මම කියන්න හිතුවේ සමහර විශේෂ විනෝදාංශ (අපිට අපි වටේ ඉන්න අයගේ ඒවා ) දිරව්න්නේ නැති උනාම අපි අනිත් අයට බල කරනවා අපේ විනෝදාංශ තමයි හොඳම ඒවා එයාලත් ඒවා කරන්න ඕනා කියලා . . ඒක වැරදියි කියන එකයි මගේ අදහස . .
උදාහරණයක් විදිහට මම කැමතියි නම් ෆිල්ම් බලන්න වයිෆ් කැමති පොත් බලන්න නම් මම කියනවා ෆිල්ම් බලන එක මාර ආතල් ඔය පොත් බැලිල්ලෙන් ඇති වැඩේ මොකද්ද කියලා . . .
ඒක හරි නෑ එහෙම නේද??
@වත්!
ReplyDeleteහැමදෙනාගේම සතුට රඳවාගෙන ඔයාගේත් එයාගේත් සතුට භුක්තිවිඳින්න ලැබේවා කියලා මම එක හිතින් ප්‍රාර්ථනා කරනවා . . .
බැරිම වුනොත් තරුම් කරලා දෙන්න අම්මලට වඩා වැදගත් ඔයා දෙන්නගේ
සතුට කියලා . .
මොකද ඔයාගේ ජීවිතේ . .ඒක විඳින එක හරි විඳවන එක හරි ඔයාගේ කැමැති විදිහට වෙන්න ඕන මම හිතන විදිහට . ..
@Raven, විශ්මි !
ReplyDeleteහරියටම හරි මල්ලී. .නංගී..
මම හිතන්නේ මම මේ බ්ලොග් එක හරහා කරන්නේ අන්න ඒ දේ . . . මම ජීවිතය නිඳින්නේ මෙන්න මෙහෙමයි කියලා කියනවා . . මේක බලන ඔයාලට පුලුවන් ඒ විදිහට කලොත් අපිටත් විඳින්න පුලුවන්ද කියලා ට්‍රයි එකක් දීලා බලන්න . . පුලුවන් වුනොත් කවුරු කිව්වත් නොකිව්වත් ඒ විදිහට විඳින්න පෙලඹෙයි.
@Bunny ! !
ReplyDeleteඅනේ අම්මේ මට නම් බෑ නිදිමත යනන් කියලා අත පුච්ච ගන්න . .. මුලු අනේ අම්මේ මට නම් බෑ නිදිමත යනන් කියලා අත පුච්ච ගන්න . .. මුලු ඇඟම පිච්චිලා මම වින්ඳ වේදනාව මම දන්න නිසා මම හැමදාම ප්‍රාර්තනා කරන්නේ කිසිම කෙනෙකුට ඒ වේදනාව නොලැබේවා කියලයි.
වලියක් දාගෙන නිදිමත නැති කරගෙන්න එක හොඳා පුච්ච ගනන්වට වැඩිය . . .හික් හික්
@මාරයා!
ReplyDeleteඔව් මචං මාත් අනෙක් අයට (අක්කගේ පොඩි ළමයින්ට මගේ යාළුවන්ට )එහේම් පොත් බලන්න පෙළඹවීමක් ඇති කරන්න උත්සාහ ගනන්වා ඒකත් අර උඹ කිව්ව හේතුව හින්දාම වෙන්න ඕන . . .
@නිල් අහස , චේජනා!
ReplyDeleteඇත්තෙන්ම මම නම් ඒ උපදෙස නිසා ලොකු සහනයක් ලැබුවා. ඔයාලටත් (මේක බලපු හැමදෙනාටමත්) ඒ උපදෙසින් සහනයක් ලැබේවා කියලා මම පතනවා
@තරිඳු!
ReplyDeleteහප්පා ඒ කියන්නේ කවුරුහරි දොරට තඩි නොබෑවොත් පොත ඉවර කරලම තමයි එලියට එන්නේ . . . අපේ වත් කියනවා ඔය පුරුද්ද පස්සට හොඳ නෑ කියලා . . ඒ කිව්වේ මේ පස්ස පැත්තේ අමාරුවක් හැදෙන්න බලපානවලු . . . හික් හික්
@yasasi !
ReplyDeleteඒ මොකද්ද අප්පා ඒ කෙලිය. අපේත් පොඩි එකෙක් ඉන්න නිසා අපිටත් ප්‍රයෝජනවත් වෙයි. . . කාරියට වෙලාව අඩු වීමෙන් වෙන කෙලිය අපිටත් කියන්නකෝ . . .
මමත් ඉතිං වෙලාව තියේනං දවසම FB එකේ. උදේ නැගිට්ටම තේ එකත් අරං FB එකට තමා set වෙන්නෙ. අපේ එවුං එක එක ඒවා කියනවානං තමයි. ඉතිං යකෝ මගෙ laptop එක, මගෙ broadband, මගෙ කාලය. කාටවත් මොකටද රුදාවක්... :)
ReplyDelete@Buratheno !
ReplyDeleteහප්පා එහෙනම් උඹත් මම අහන ඒවම අහන එකෙක් . . .
එල එල දාන්න පහක් . .
මේ ඒක නෙමෙයි උඹ FB එකේ ඉන්න නම මොකද්ද බන්z
අයියෝ දුකා අයියේ මට කියන්න දෙයක් ඉතුරු කරලා නෑ කව්රුත්.කමක් නෑ මං අදමයි මේ පැත්තට අවේ.ඉතින් මං ආවා කියලා අයියා දැනගන්නත් එපැයැ.එක හින්දා ඔන්න මං මෙහෙම ලියලා යනවා.
ReplyDeleteදුකා අයියේ ඔන්න මාත් ඇවිත් යන්න ආවෝ......
මචන් දුකා,
ReplyDeleteකතාව ඇත්ත. තමන් කැමති විදියකට සතුටු වෙන ඒක තමන්ගෙ අයිතියක්, හැබයි ඒ ඒක අනික් අයගෙ සතුටට බදා නොවෙන තාක් විතරයි.
ඒත් අනිත් අයට කියවන්න තමන්ගෙ අදහස් ලියන කියන සහ ඒ ගැන ප්රතිචාර බලාපොරොත්තු වෙන අය, ඒ ලැබෙන දේ උපෙක්ශාවෙන් බාරගතයුතුයි කියලයි මට හිතෙන්නෙ.
මෙතන්ට අදාල නැති උනත් මේකත් කිව යුතුමයි. ( කාලයක් නිවාඩු ගිහින් හිටපු නිසා මේ පැත්තෙ ගොඩ වෙන්න බැරිවුනා, අද තමා දැක්කෙ පරන posts සහ ඒවගෙ comments )
සුජීව වගේ ඔයත් ලියනව කියන එකේ මගි අදස උනේ සුජීව ලියන ඒව නරකයි, ඒ නිසා මේවත් ඒ වගෙම නරකයි කියන එක නෙමේ, උඹේ ශෛලියත් ගොඩක් වෙලාවට ඒ වගේ කියන එකයි. ( ඒකට හිත රිදුනනම් ඒ ගැන කනගාටු වෙනව ) ඒත් මට හිතෙන්නෙ මචන් ඔයා සුජීව ලියන දේ නරකයි හරි, එහෙම නතිනම් තේරුමක් නැති දෙයක් හරි කියල හිතන් ඉන්නව කියලයි, ඒක නේද “මචං මේ අර සුජීව ප්රසන්නගේ ඒවා වගේ කියන එක නම් බරපතල ප්රකාෂයක්. මගේ බ්ලොග් එක එහෙමයි කියලා හිතෙනවද??? එහෙනම් මම මේ මගුල නතර කරලා දානවා”
කියල කිවුවෙ? මට හිතෙන්නෙ මචන් ඔයා එහෙම කියපු එකයි වඩා බරපතල, මොකද ඒ මේ රටේ දාස් ගානක් අලුත් පාඨකයො ඇතිකරපු, කවදාවත් නවකාතාවක් නොකියවපු මහගොඩකට පොත් බලන්න ආස කරවපු කෙනෙක් ගැන!
( අපි හිතනවනම් ඒ පොත් හරි නෑ, මිනිස්සු ඒව බැලිය යුතු නෑ කියල, ඒ කියන්නෙ අපි ආයි කියනව උඹල සතුටු වෙන්න ඕනි අපි කියන විදියට කියල, ඒහෙම නේද? )
@දුකා...
ReplyDeleteපුතෝ මම FB එකේ ඉන්නෙ මගෙ ඇත්තම ඇත්ත නමින්. ඒක මෙතන දාන්න නිකං මොකක්ද මොකක්ද වගේ.. :) මම උඹට firend request එකක් දාන්නම්..
@ඉන්දික,
ReplyDeleteඔයාගෙ comment එක දැක්කට පස්සෙ මට මෙන්න මේ වගේ දෙයක් හිතට ආවා. මම වාදයකට සැරසෙනවා කියලා හිතෙනවානං සමාවෙන්ඩෝනැ. එහෙම දෙයක් නෙවෙයි but just giving my 5 cents as well.. :)
සුජීව කියන්නෙ මේ රටේ දාස් ගානක් අලුත් පාඨකයො ඇතිකරපු, කවදාවත් නවකතාවක් නොකියවපු මහගොඩකට පොත් බලන්න ආස කරවපු කෙනෙක් කියන ඔයාගෙ මතය හරි. සුජීව විතරක් නෙවෙයි ඩීමන් ආනන්දලා වුනත් ඒක තමා කරේ. නමුත් කෙනෙක් හැමදාමත් සුජීවගෙ පොත් ගාවම නැවතිලා ඉන්න ඕනෙද? එයා එතනින් ඉදිරිය බලා යන්න ඕන නැද්ද? මගෙ පුද්ගලික මතය නං ඇත්තටම සුජීවගෙ පොත් බොළදයි, නමුත් මම කවමදාකවත් ඒ පොත් කියවන කෙනෙකුට ගරහලාවත් හිනාවෙලාවත් නෑ. මොකද එහෙම හරි ඒ කෙනා පොතක් කියවනවානේද කියන සිතුවිල්ල මට එන නිසා. නමුත්...
සුජීවගෙ පොත්වලින් එහාට යන්න අපි ඒ කෙනාට මග පෙන්විය යුතු නැද්ද? මේ පොත් කියවීම අගෙයි නමුත් මීටත් වඩා රසවත් ගුණවත් හරවත් පොත් තව තියෙනවාය මෙන්න ඒ පොත් කියලා එයාට කියලා දීම වැරදිද? එතකොට නේද රසවින්දනයක ඉදිරිගමනක් සිද්ධවෙන්නෙ? අනේ මන්දා මටනං හිතෙන්නෙ එහෙමයි...
මේ කතාව පොත්වලට විතරක් නෙවෙයි කෑමට, බීමට, සංගීතයට ආදී හැමදේටම පොදුයි. මේ කෑම මෙතෙන්ට වඩා අතන රහයි, මේ බීම බොන්න ඕන මෙහෙම නෙවෙයි මෙහෙමයි, මේ සිංදුව ලස්සනයි ඒත් අර සිංදුවත් අහන්න ඒක මීට වඩා ලස්සනයි කියලා අපි තව කෙනෙකුට කියන්නෙ මේ හැගීමෙන් නෙවෙයිද? අපි හැමකෙනෙකුටම ඉහළම තැනින් පටන්ගන්න හැකියාවක් නැහැ. සමහරු ඉහළින්ම පටන්ගන්න අතරේ තව සමහරු මැදින් හා යටින් පටන්ගන්නවා. නමුත් යටින් හා මැදින් පටන්ගන්න අයට ඉහළට යන්න අවස්තාවක් සලසාදීම වැරදිද?
අනේ කවුරුවත් හිතන්න එපා මම වාදයක් පටන්ගන්න හදනවා කියලා. මම ලියුවෙ මගෙ හිතට ආපු අදහස් ටිකක්...
@මම !
ReplyDeleteඇවිත් යන්න ආපු එකම මදෑ . . . කලින් ඉඳන් ලියපුවානම් ගොඩක් තියෙනවා . . . පුලුවන් කමක් තිබේ නම් ඒවත් කියවලා බලන්නකෝ . . . !!
@Indika !
ReplyDelete"මචං මේ අර සුජීව ප්රසන්නගේ ඒවා වගේ කියන එක නම් බරපතල ප්රකාෂයක්. මගේ බ්ලොග් එක එහෙමයි කියලා හිතෙනවද??? එහෙනම් මම මේ මගුල නතර කරලා දානවා” කියල කිවුවෙ? මට හිතෙන්නෙ මචන් ඔයා එහෙම කියපු එකයි වඩා බරපතල, මොකද ඒ මේ රටේ දාස් ගානක් අලුත් පාඨකයො ඇතිකරපු, කවදාවත් නවකාතාවක් නොකියවපු මහගොඩකට පොත් බලන්න ආස කරවපු කෙනෙක් ගැන!
"සුජීව වගේ ඔයත් ලියනව කියන එකේ මගි අදස උනේ සුජීව ලියන ඒව නරකයි, ඒ නිසා මේවත් ඒ වගෙම නරකයි කියන එක නෙමේ, උඹේ ශෛලියත් ගොඩක් වෙලාවට ඒ වගේ කියන එකයි. ( ඒකට හිත රිදුනනම් ඒ ගැන කනගාටු වෙනව )"
ශෛලිය නම් කමක් නෑ මම හිතුවේ කන්ටෙන්ට් ඒ වගේ කියලා කිව්වා කියාලයි . . . හිත රිදුනා නෙමේ මම ලියන ඒවායේත් අනිත් අයට ගන්න දෙයක් නැතිනම් නොලියා ඉන්න එක හොඳයි කියන එකයි මම අදහස් කලේ.
මම මේ බ්ලොග් එක ලියන එකේ පරමාර්තය වුනේ මගේ ජීවිත අත්දැකීම් (සමහර විට බොහෝ වැරදීම්) අනෙක් අයට කීමෙන් ඒ අයට ඒ වැරදීම් වලට බූන දෙන්න සිදුවූවොත් "අරූ අර විදිහට කරලා ඇණ ගත්තානේ . . මේ විදිහට කරන එක තමයි හොඳ" කියලා මේ බ්ලොග් එක කියවන අයට හරි ඔප්ෂන් එකක් ගැන හිතන්න පාර පෙන්නීමක් කරන්න පුලුවන් කියන හැගීම.
සුජීව ගොඩක් දෙනෙකුට පොත් කියවන්න ආසා කරපු කෙනෙක් වගේම ආසාවෙන් පොත් කියවපු ගොඩක් දෙනෙක්ට පොත් කියවීම එපා කරපු ත් කෙනෙක්.
හැම පොතම නරකයි කියනවා නෙමෙයි . . මම ගොඩක් ඒවා බලලා තියෙනවා . . ඒක නිසා මට වගකීමෙන් එහෙම කියන්න පුලුවන්. . ..
අර Buratheno කිව්ව වගේ ඒ පුද්ගලයා ගොඩක් අයට පොත් කියවීම හුරු කලා කියන ෆැක්ට් එක ගත්තොත් අපි ඒ ගැන එයාට ස්තූති කරමු.
අහලා තියෙනවද "Readers are plenty thinkers are rare" කියලා කියමනක්. කෙනෙක් ලියන ඒවායින් තව කෙනෙකුට හිතලා ජීවිතයට එකතු කර ගන්න යමක් නැත්නම් කාලය කා දැමීමේ විනෝදාංශයක් විදිහට සලකලා කියවන්නෝ ලක්ශ ගනන් ඇති කලත් වැඩක් වෙයිද??
(අපි හිතනවනම් ඒ පොත් හරි නෑ, මිනිස්සු ඒව බැලිය යුතු නෑ කියල, ඒ කියන්නෙ අපි ආයි කියනව උඹල සතුටු වෙන්න ඕනි අපි කියන විදියට කියල, ඒහෙම නේද?)"
කිසි කෙනෙක් කිව්ව පලියට අපි දේවල් කරනෙන නෑ නේ ද මචන්? මම උබට කිව්වොත් සුජීවගේ පොත් බලන්න එපා කියලා උඹ මාව විස්වාස කරලා නොබලා ඒවා වැරදියි, හොඳ නෑ කියනවනම් ඒක අන්ධ විස්වාසේ නෙමෙයිද?? සිදුවිය යුත්තේ තමන් විසින් කියවා බලා අනෙක් කෙනා කියූ දේ තහවුරු කර ගැනීම නෙමෙයිද . . ??
මම පොරක් සුජීව පොරක් නෙමෙයි කියන දේ නෙමෙයි මම කියන්න ට්රියි කලේ . . . වැරදියට තේරුම් ගනන් එපා කොයි වෙලාවක වත්. මම නිතරම කියන්නේ "මම ජීවිතය විඳින සරල මිනිහෙක්" එච්චරයි.
ඒ පොත් වල නිකම් ලස්සන වචන සිදුවීම් හැරුනු කොට ජීවිතය ට ගත හැකි පාඩම් කිසිවක් නෑ කියන එකයි මගේ හැඟීම.
එහෙම තියෙන ඒවත් තියෙනවා මේ ලඟදී සින්දූර් පොත මම ඩවුන්ලෝඩ් කර ගත්තා . . හේතුව ඒ පොත අනෙක් ඒවාට වඩා වෙනස් ටිකක් හරි හොඳ පොතක් කියන මගේ හැඟීම නිසයි.
විශේෂම දේ මට විශේෂ පුද්ගලික තරහක් නෑ සුජීව එක්ක තියෙන එකම තරහා මේ තරම් ලිවීමේ හැකියාවක් පාඨකයෝ ආකර්ෂයණය කර ගැනීමේ හැකියාවක් තියාගෙන ඒ සරල බසින්ම ලොකු සමාජ ශෝධනයක් කරන්න පුලුවන් පුද්ගලයෙක් ඒ සමජ සත්කාරිය නොකර ඉන්න එක ගැනයි.
@Buratheno !
ReplyDeleteකෝ එව්වද මචෝ . . . ?? ඉතිං උඹ Buratheno කියලා දැන ගන්නේ කොහොමෙයි උඹ කියන්නේ නැතුව . .. ?? මැසේජ් එකක් එවපන් . ..
මේ... ලැජ්ජාවෙත් බෑ වගේ.. ඉතිං ඒ වැඩේට යන කාලය අඩු කලාම මොලේ හිතන්න පුරුදු උනා එච්චර කාලයක් ඒකට ඇති කියලා. ඔහොම කාලයක් ගිහින් යන්නෙම නැති තත්වයක් උදා උනා.. .. පස්සේ ඒකට ට්‍රේන් වෙන්නත් උනා..ඔන්න ඕකයි උනේ හී හී...
ReplyDeletemaxaaa මචං කතාව පොඩි උනාට ලොකු අර්ථයක් තියෙනව..
ReplyDeleteඅයියේ වැරදි හොයන එක මගෙත් විනෝදාංශයක් නෙවෙයි..... ඒත් අයියේ මට ඕන මේකේ I අකුරෙන් පටන් ගන්න විනෝදාංශය....
ReplyDelete