Sunday, January 3, 2010
ශ්‍රී ලාංකික දේශපාලනය නම් මඩ ගොහොරුවේ නෙළුමක් පිපෙන්නට නම් . . .!!
මට ගොඩාක් පුංචි කාලේ ඉඳන්ම දේශපාලන උනක් තිබුනා . . . ඒ උන හැදෙන්නයි . . වැඩි වෙන්නයි හේතු අපේ ගෙදර පරිසරයෙන්ම ලැබුනා කිව්වොත් නිවරදියි . . . අපේ තාත්තා එකල එතරම්ම විශාල නැතත් විශාල පිලිගැනීමක් තිබූ වාමාංශික පක්ෂයක "හොඳ කකුලක්"
පාසැලට අවශ්‍ය අමතර පොතක් ගන්න රුපියල් සීයක් ඉල්ලගන්න ඕන වුනොත් ඒ සීය ගන්න කාරනා සීයක් ඉදිරිපත් කරල නහයෙන් අඬල අඬල ඉල්ල ගන්න සිදුවෙද්දී පක්ෂ අරමුදලට ආධාර වශයෙන් රුපියල් දහදාහේ ඒවා පරිත්‍යාග කරලා තියෙනවා කියලා අම්මා ඇඳුම් සෝදද්දී තාත්තාගේ කමිස වල තිබිලා අහුවුනු රිසිප්ට් වලින් දැක්ක දවසේ ඉඳලා තාත්තගේ වාමාංශික දේශපාලනය මොන වගේ එකක්ද කියලා මම හිතලා බැලුවත් එයා එක්ක වාද කලත් මට තාම හරියටම එයාගේ දේශපාලන දර්ශනය නම් මීටර් වෙලා නෑ . . .
හැබැයි අපේ තාත්තා දේශපාලනෙන් පුද්ගලික වාසි නම් බලාපොරොත්තු වුනේ නැති බව මම හොඳාකාරවම දන්නවා . . . ඒත් මම ඉස්සර තාත්තා එක්ක වාද කරනවා දරුවන්ට උවමනාවකට සල්ලි නොදී පක්ෂ අරමුදලට ලොකු කුට්ටි දෙන දේශපාලනේට කියන නම සමාජවාදය නෙමෙයි "ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වාදය" කියලා . . . ඒ වෙලාවට මාව කන්න වගේ බලං හිටියත් මම දන්නවා තාත්තා මට ගහන්නේ නෑ කියලා කවදාවත් . . . (ඒකනේ බය නැතුව ඒ වගේ දේවල් කිව්වේ)
අපේ ගෙදර ඉස්සර අක්කයි මමයි රුපියල රුපියල එකතු කරලා අරන් අපේ වත්ත පුරාම හිටෝපු මල් පාත්ති තලලා පොඩි කරලා දාපු රැස්වීම් ලොකු මිදුලකුයි පඩි හතරක් පහක් නැගලා ගොඩ වෙන්න තිබුනු විවෘතත ස්ටේජ් එකක් වැනි අඩි පහලොවක් පමන පළල විස්සක් විතර දිග විවෘත ඉස්තෝප්පුවේ හැම මාසෙකටම පාරක් විතර තිබුනා.
මැයි පෙලපාලි දවස්වලට අපේ ගෙදර කෑම ඉව්වේ කල්දේරම් වල . . . රැස්වීම් දවස්වලට සරුවත් හැදුවේ ලොකු ප්ලාස්ටික් බැරල් වල . . . ඔතපු කෑම පාර්සල් පෙට්ටි වල අසුරන එක . . . රැස්වීම වලට ආපු අයට ට්‍රේ වල තියාගෙන ගිහින් සරුවත් පිලිගන්වන එක අපිට (නංගිටයි මටයී හරිම ජොලි වැඩක් වුනා . . .
තාත්තා ගෙදරදී යාලුවොත් එක්ක එකතු වෙලා අඩියක් ගහන ගමන් කතාකරපු එන් එම් සහෝදරයා, සිරිමා මැතිනිනිය, ෆීලික්ස් ඩයස් බන්ඩාරනායක, ඉන්දිරා ගාන්ධි, සුභාෂ් චන්ද්‍රබෝෂ්, එස්.ඩබ්.ආර්.ඩී. බන්ඩාරනායක, බොරළුගොඩ රාළහාමි, පිලිප් සහෝදරයා, විවියන් සහෝදරී, ඩී.එස්. සේනානායක, රොබට් ගුනවර්ධන, ශ්‍රී නේරු, වගේ අය ගැන මම අහගෙන හිටියේ එක්කෝ තාත්තගේ සරමේ ඔන්චිල්ලා පැද පැද . . නැතිනම් ඔඩොක්කුවේ ඉඳගෙන . . .
ඔය හේතු ඔක්කෝම මට අර කලින් කිව්ව දේශපාලන උන හැදෙන්නත් . . වැඩි වෙන්නත් හේතු වෙන්න ඇති . . .
ටිකක් විතර කාරනා කාරනා තේරෙන කාලෙදි මට හිතෙන්න ගත්තා "අත කැපුවත් අපේ තියෙන්නේ නිල් පාට ලේ" කියලා කියපු ආච්චිගේ දුව වෙච්චි ඒ ජාතියෙම කතා කියූ අපේ අම්මත් කීකරු බිරිඳක් වගේ තාත්තගේ දේශපාලනේට සහයෝගය දෙනවා වුනත් . . තාත්තා මේ පක්ෂේ හොඳ කකුලක් නිසා මාත් මේ පක්ෂේ හෙංචයියෙක් වෙන්නේ ඇයි කියලා. . . මේක මේ කියන තරම් හොඳ එකක්ද කියලා හොයලා බලන්න ඕන කියලා . . .
කොහොමින් හරි ගෙදර තිබුනු දේශපාලන පරිසරයත් එක්ක අනිත් ප්‍රධාන පක්ශ වල ප්‍රතිපත්ති ප්‍රකාශන හොයාගන්න එතරම් අමාරුවක් නොතිබුනායින් ඒ හැම එකම කියෙව්වා.
අවසානේට මගේ පොඩි මොලේට තේරුනා ඒ පක්ෂේ ප්‍රතිපත්ති අනිත් ඒවාට වඩා ප්‍රයෝගියකයි . . . කාලීනයි කියලා. ඉතින් මාත් එදා ඉඳන් ඒ පක්ෂේ සාමාජික ලැයිස්තුවට නොවැටුනු ඡන්ද බලය වත් නොතිබුනු පක්ෂ සාමාජිකයෙක්. පසු කාලයක අපේ පක්ෂය බලවත් පක්ෂයක නායිකාවකට සහයෝගය දෙන්න පක්ෂේ කොඳුනාරටිය කඩා ගත්තු දවසේ ඉඳන් එතකොට ඡන්දහිමි පුරවැසියෙක් වෙලා හිටි මම වැටුනේ පාවෙන ඡන්ද කියන ගොඩට.
මේ දැවස්වල ඇතිවෙලා තියෙන ඡන්ද උනුසුමත්; බුමුතුරුණු, ටැබූ සබ්ජෙක්ට්, බියෝන්ඩ් ෆ්‍රේම්, රාමචන්ද්‍රගේ අඩවිය, සත්දින, මෙම්බර් ඩොට් කොම්, පුලස්තිගේ සටහන වැනි දේශපාලන ලිපි අඩංගු බ්ලොග්ස් ත් බලල ඒ උන නිව්මෝනියාවක් දක්වා වර්ධනය වෙන්න කලින් දේශපාලනය ගැන මගේ අදහස් ටිකත් ලිපි පෙලකින් ලියන්න හිතුවා.
මගේ ජීවිතයේ මෑත කාලයේ සිදුවූ සිදුවීම් වලින් මාව අලුත්ම මිනිසෙක් කල කාරනා දෙකක් තියෙනවා. එකක් මගේ පුංචි පුතා "විරුල්" ("ඇයි මම" කියලා මගේ ගෙදර උන්දෑ ඔන්න වලි දානවා එහෙම නෙමෙයි හොඳේ - ඒකනේ මම කිව්වේ මෑත කාලයේ දේවල් වලින් කියලා) විරුල්ගේ සුරතල් දඟකාරකම් දකින අහන මම හැම දවසකම පුදුමාකාර සතුටක් ලබනවා. අනික මගේ බ්ලොග් එක . . .
මගේ බ්ලොග් එක මාව වෙනස්ම කෙනෙක් කලා කීවොත් නිවරදියි . . . මගේ බ්ලොග් එකත් මේ බ්ලොග් අවකාශෙත් මගේම අදහස් මටම විවේචනය කරලා බලන්න . . . හැමදෙයක්ම වෙනස් විදිහකට දකින්න මට තුන්වෙනි ඇසක් ලබා දුන්නා කියලයි මට හිතෙන්නේ.
මම මීට කලින් දේශපාලනේ ගැන කතාකරා නම් ක්‍රෝධයෙන්, ද්වේශයෙන්, කලකිරීමෙන් කතා කරන්න බොහෝවිට ඉඩ තිබුනා.
නමුත් කලින් සඳහන් කල තුන්වෙනි ඇසින් ලෝකය දකින්න ගත්තු මට අද ක්‍රෝධයෙන්, ද්වේශයෙන් තොරව දේශපාලනය ගැන කතාකරන්න හැකියාවක් ලැබිලා තියෙන නිසා මම හිතනවා මේක තමයි මගේ අදහස් මෝචනය කරන්න සුදුසුම අවස්තාව කියලා. .
එහෙනම් රැඳී ඉන්න දුකා සමඟ . . අපි කතා කරමු . . පහර ගහමු. . විවේචනය කරමු . . . විග්‍රහ කරමු . . . ඔය ඔක්කෝම කරලා ඉවර වෙලා පිලිපදින්න පුලුවන් කියල එකඟ වුනු දේවල් තුලින් හෙට දවසේ යහපාලනයක් ගැන අද දවසේ හීන දකිමින් හැමදාම හැමෝටම බැන බැන නොයිඳ, ශ්‍රී ලාංකිකපුරවැසියන් විදිහට මේ ලාංකික දේශපාලනය කියන මඩ ගොහොරුවේ නෙළුමක් පුබුදුවන්න අපිට කලහැකිදේ මොනවාද කියා සොයා බලා ක්‍රියාත්මක වෙමු.
Subscribe to:
Post Comments (Atom)
මම නම් කියන්නේ මචං දේශපාලනේ ගැන මේ බ්ලොග් එකේ ලියන්න එපා කියලා.
ReplyDeleteඇත්ත. අපිනම් ඉතින් ගංජා ගහල වගේ ඒකටම ඇබ්බැහි වෙලානෙ. දුකාත් වැටෙන්න ඕනැද ඒ මඩවලටම?
ReplyDeleteමට හිතෙන්නෙත් උඹ හොදටම දන්න 'පැණි බේරෙන ආදර කතා' ලියන එක හොදයි..
ReplyDeleteඒක උඹේ ශරීර සෞඛ්‍යටත් හොදයි..
අනිත් එක 'අපි' අපි ගැනම ලියන කොට අපි දන්නවා, අපි ලියන දේ ගැන හරියටම.. ඒත් අපි අනුන්ගේ දේශපාලනයක් ගැන ලියනකොට අපි දන්නේ නෑ 100 % ඒක ගැන.. උන් මොන දහජරා වැඩ කරලා තියෙනවාද කියලා කවුද දන්නේ??
අර කිරි මාමා දවසක්දා කිව්වා වගේ, දේශපාලනයේදී අපි හදන්නේ හොදම බෙට්ට තෝරන්න.. බෙටි ගදයි කියලා හොදටම දැනගෙනත් අපි, ඒ බෙටි දෙකින් සුවද බෙට්ට තෝරන්න හදනවා.. මොන ගොං වැඩක්ද ඒක??
උඹ පැණි බේරෙන පෙම් කතාවක් ලියලා චූන් එකේ ඉදහං බං...
ඔබගෙ අදහස් ලොකෙට ප්‍රකාශ කරන්න. එය ඔබගෙ ප්‍රතිරුපයට අනතුරුදායක බවද ඔබ දනී. නමුත් තිරණය ඔබ සතුය.
ReplyDeleteහපෝයි මේ මොකද මේ වෙන්න යන්නේ......
ReplyDeleteහොඳට හිටිය මේකට මොකා වැහිලද ?
පිස්සෙක් ටොක්කක් ඇන්නද ? පරණ ටොනික් පියනක්වත් පෑගුනාද ?
දුකා අයියේ ඔයාට හොඳට පුලුවන් විදියට සංවේදී විදියට ලියන්න. දේශපාලනේ නැතුව. ඒවට ඔය ඕනතරම් කට්ටිය ඉන්නෙ.
අපොයි... එන පොට හොඳ නෑ වගේ... :D
ReplyDelete--
හැබැයි මෙහෙම දෙයක් තියෙනව. (වැඩිපුරම) ආදර කතා ලියන්නෙක්ගෙ දේශපාලන කතා මොනවගේද කියල බලන්න ලොකු ආසාවක් තියෙනව! =)
oka ubata hariyanna ban duka aiye.. danna love story ekama digatama karapan machan. amu thiththa kunuharapen comment ekak awama therei ubata oke rage. onna oka atharapan machan.
ReplyDeleteරතු පාට පසුබිමකින් සමාජයට එකතුවෙච්ච තවත් එකෙක්. දැන් රතු පාට පක්ෂ නැතිවුනාට උඹල වගේ එවුන් ටික දෙනෙක් තවමත් ඉතිරි වෙලා ඉන්නවා. පරණ රතුපාට අදහස් වලින් සමාජය ගැන ඉගෙන ගන්න උත්සාහ කරපු අයගෙ මොකක්දෝ අපූර්වත්වයක් තියෙනවා. ඒ නිසා උඹගෙ අදහස් වල වටිනාකමක් තියෙනවා. හැබැයි දැන් ඉන්න කුණු වෙච්ච පක්ෂ වලටයි දේශපාලකයන්ටයි පක්ෂපාත නොවී ඉන්න පුලුවන් නම් වඩාත් වටිනවා.
ReplyDeleteතමන්ගේ අදහස් කිව්වට කමක් නෑ හැබැයි ඒකෙන් වෙන මිනිස්සුන්ව හදන්න ට්‍රයි කරනවනං තමයි දේශපාලනය නිසා අනාගන්නේ. කොහොමටත් ඔයාගේ නෙළුමක් වගේ තියෙන බ්ලොග් එකට නිල මැස්සෙක් වගේ සලකන දේශපාලනය ගාවගන්න එක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි.
ReplyDeleteඔබ බ්ලොග් අඩවියේ දේශපාලනය ගැන මෙතෙක් කලක් නොලිවුවට පසු ගිය දිනවල අන් දේශපාලන බ්ලොග් වල දක්වා තිබු ප්‍රතිචාර මා විසින් කියවා බලා ඇත. ඒ අනුව අදහස පැහැදිලියි.. හොද දෙයක් ලියන්න.. ආ තව එකක් ඔඛෙ පියයි, මගේ පියයි එක වල්ලේ පොල්.. ඒත් ඒ දිනවල මම තාත්තත් එක්ක වාද විවාද කලත් අද මට ඔහුගේ දැක්ම වටහා ගන්නට පුළුවන් වෙලා තියෙනවා.. එදාට වඩා ගෞරවයක් අද මට මගේ පියාගේ දර්ශනය පිළිබදව තියෙනවා..
ReplyDeleteදුකා.. දේශපාලනය ගාවගන්න එක නරක වැඩක් කියලා හුගක් අය කියලා තියනවා.ඒත් දේශපාලන බලපෑමක් නැතුව කිසි ෙදයක් කරගන්න බැරි රටක අපිට ඒ ගැන ලියන්නැතුව ඉන්න පුලුවන්ද?
ReplyDeleteදේශපාලනේ නම් ඇතිවෙලා.ඒ නිසා වෙන සුන්දර දෙයක් ගැන ලියන්න
ReplyDelete//මගේ බ්ලොග් එක මාව වෙනස්ම කෙනෙක් කලා කීවොත් නිවරදියි . . . මගේ බ්ලොග් එකත් මේ බ්ලොග් අවකාශෙත් මගේම අදහස් මටම විවේචනය කරලා බලන්න . . . හැමදෙයක්ම වෙනස් විදිහකට දකින්න මට තුන්වෙනි ඇසක් ලබා දුන්නා කියලයි මට හිතෙන්නේ. //
ReplyDeleteකාලෙකින් මම සිංහල බ්ලොග් එකක කියවාපු බොහෝම අවන්කම අදහස මේකයී. ජනතාවගේ බදු මුදලින් තමන්ගේ ගෙදර තමන්ගේ අපේක්ශයකන්ට සංග්‍රහ කිරීම බුද්දාගමට අදාලව මහා දානයක්යැයී කියලා තිබුනු අපේ අටුවාවල් කියවලා ඉවර වෙලා අන්තිමට මේවගේ අවන්ක අදහසක් කියවන්නත් ලැබීම වාසනාවක්. අනේ අපේ අනිත් උන්දෙලාටත් තම තමන්ගේ අටුවාවෙන් මේ වගේම එලිය බලන්න දොරක් ඇරෙනවානම් කියලා හිතෙනවා.
දුකෝ, මම මගේ බිලෝගය තුළින් නව වසරේදී ලියන්න හිතාගෙන ඉන්න දේවල් වලින් එකක් ලෙස "දේශපාලනය" කියලා කියන්න පුළුවන් වුණාට, මගේ මතවාදයන් ඉදිරිපත් කරන්න කලින් ගැඹුරු හැදෑරීමකුත් දැනුමකුත් අවශ්‍ය නිසා කල් දැම්මා. කරුණා කරණා එසේ වුණත් මගේ බිලෝගයේ නිශ්චිතව ඒකම දේවල් ලියා නැති නිසාත් ඉදිරියේදී කලා ඩිප්ලෝමා උපාධියෙන් පසු දේශපාලන විද්‍යාව කරන නිසා එවැන්නක් කිරීම මට වැදගත් වුණත් මෙතැනදී දුකාට මෙතෙක් අත්විදින්න වුණ දේ නෙමේ විදින්නට වෙන්නේ, ඒ වගේම ඇතැම්විට ඇතැම් පාඨකයන් තරහ මරහ වෙන්නට වුණත් ඉඩක් නැත්තේම නෑ, ඇතැම් විට පෞද්ගලිකවම වුණත්. මොකද අපේ සම-හ-රක් අයට දේශපාලනයත් ඔයාවත් වෙන් කර හදුනා ගන්න බැරි නිසා.
ReplyDeleteඑපායැයි, කරන්නයැයි මම කියන්නේ නෑ, ඒක ඔබේ තීරණයක් දුකෝ, අවශ්‍ය නම් තව බිලෝගයක හෝ නිර්නාමිකව කරන්න.
කෙසේ වෙනත් ඔබට සුභ පැතුම්!
මටත් ඔහොම මතකයන් තිබ්බා සහෝදරයා මම පොඩි කාලේ වැඩි කාලයක් ගතකලේ හමුදා කදවුරු වල ඒ මගේ පියාගේ නැතිවුන සහෝදරයා සොයාගන්න.
ReplyDeleteහිතන්න මගේ පුන්චිකාලෙ ගැන.මම දැක්කේ තුවක්කු.අසරන වෙcච තරුනයො.ඒ මතකය මොහොම සංවේදදීයි
උබට ඔන දෙයක් ලියපන් මං කියවනවා. ෙමාකද අපිට බැහැ කාවවත් රාමුවකට ෙකාටුකරන්න.
ReplyDeleteකලාවට සාහිත්‍යයට කැමති කෙනෙක් කියන්නේ සමාජයේ වෙනස්කම් වලට සංවේදී කෙනෙක් කියන එකයි. සමාජයේ දේශපාලනික සංවාදයක් ගොඩ නැගෙද්දී කලාවට හිතැති කෙනෙක් තුල ඒ සංවාදය තුල තමන්ගේ මතය ප්‍රකාශ කරන්න වුවමනාවක් ඇති වෙන එක අහම්බයක් නෙවෙයි. විශේෂයෙන්ම ඒක ප්‍රකාශ කරන්න හොඳ අවකාශයකුත් (blog) තියෙද්දි තවත් මොනව ද? අනිත් එක තමයි මේ දවස්වල මොන වටිනා දෙයක් ලිව්වත් ඒක ග්‍රහණය කර ගන්න පුළුවන් නිදහස් මානසිකත්වයක මිනිස්සු ඉන්නව කියලා මම හිතන්නේ නෑ. ලියල දාපං මචං.
ReplyDeleteඅදහස් දක්වපු හැමදෙනාටම බොහොම ස්තූතියි. මම දන්නවා මගේ මේ සියළුම බ්ලොග් සහෘදයනුත් මේ බ්ලොගය කියවන පාඨකයනුත් මම දේශපාලයන ගැන මේ බ්ලොග් එකේ නොලියන්නයි කියන්නේ බ්ලොග් කරුවෙක් ලෙස මා යම් කිසි ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇත්නම් දේශපාලන ලිපි ලිවීමෙන් එය බිඳී යා හැකියි යන පරම චේතනාවෙන් යන වග.
ReplyDeleteඇත්තෙන්ම මගේ දේශපාලන අදහස් ටැබූ ගේ තරම් . . බුමුතුරුනු ලියන ශාන් ගේ තරම් අන් බ්ලොග් කරුවන්ගේ තරම් බරපතල අදහස් නෙමෙයි. බොහොම "ලාමක ටිං ටිං" අදහස්. හැදිලා තිබුනු දේශපාලන උන නිසාම පාසැලේදි උසස්පෙළ විෂයක් ලෙස දේශපාලන විද්‍යාව ඉගෙන ගත්තා වුවත් . . . එය මගේ ප්‍රියතම විෂය වූ නිසාම එම ක්ලාස් එක කට් නොකර හිටියා වුනත් ඉගෙන ගන්න කාලෙදි ඉලව් ලව් වල පැටලුනායින් ප්‍රියතම විෂයක් වුනත් හොඳින්ම ඉගෙන ගන්න තිබූ අවස්ථා මග හැරුනු නිසා එතරම් ම ලොකු දැනීමක් මට නැහැ.
නමුත් මම කලින් කිව්වා වගේ වෛරයකින්, ද්වේශයකින්, ක්‍රෝධයකින් තොරව දේශපාලනය . . දේශපාලකයෝ දෙස බලන්න අද දවසේ මට හැකි වෙලා තියෙන නිසා විශේෂයෙන්ම දේශපාලකයෝ නරක අය බවට පත් කරලා තියෙන්නේ අපි විහින්මයි කියන මගේ හැඟීම ත් ඒ අයව එයින් මුදවා ගන්න බැරිවේවි කියා හිතුවත් අනාගතයේ බිහිවෙන දේශපාලකයෝ යහපත් අය කිරීම සඳහා අපි විසින් නැතිකරගත යුතු අපේ නරක පුරුදු, නරක අදහස් ටිකක් ගැන ලියා තැබීමත් තමයි මගේ මේ ලියන්න හිතූ දේශපාලන ලිපි වල අරමුන.
අනික කිසිම පක්ෂයක පාක්ශිකයෙක් නොවූ මම හශිතට කිව්ව වගේ මෙතුවක් කල් කාට වත් කඩේ නොගියා සේම අනාගතයේදීත් කාටවත් කඩේ යාමට බලාපොරොත්තුවක් නැති නිසා . . . බලන අයට කුනුරුපෙන් බැනලා කමෙන්ට් දාන්න වෙන දේවල් නොලියවෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඒක නිසා සමාවෙලා දුකාටත් පොඩියක් ඇහුම් කන් දෙන්න . . . කුනුගොඩේ වුනත් වටින දෙයක් තිබුනොත් අපි ගන්නවානේ . . . ඒක නිසා දුකාගේ ලාමක ටිං ටිං දේශපාලන අදහස් වලත් ගත යුත්තක් තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න කියලා කාරුනිකව ඉල්ලා සිටිනවා.
මට නම් දේශපාළණය කියන්නේ අමු කුණුගොඩක්! ඒ නිසා මං ඒ ගැන තියන හැම බ්ලොග් ලිපියකින්ම ඈත් වෙලා සිටින බව මෙයින් කාරුණිකව දැනුම් දෙමි.. ඒ පිළිබදව බවලත් (ස්ත්‍රී) කණගාටුව...
ReplyDeleteදුකා.. ඔය කුණු උඹ ගා ගන්න එපා බන්... මොකද ඔය එකෙක්ගෙන්වත් වැඩක් නෑ.. අපේ යුතුකම් වගකීම් රටට කරමු. එතකොට මේ දෙවල් තවත් ලස්සනට පෙනේවි.. (මන් දකින්නෙනම් එහෙමයි..)
ReplyDeleteශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැම දාම ඔහොම තමයි දුකා.. UNP එකට ව්‍යාපාරිකයින් 5 ගුණයක් මුදල් දෙන කොට SLFP එකට ලැබෙන්නේ පහෙන් එකක් වගේ පොඩ්ඩක්.. අපේ තාත්තලත් ඉඩම් විකුනල ඡන්දේ කලේ තාමත් ඡන්ද කරන්නේ එහෙමයි.. ආණ්ඩුවෙ ඉන්න ගෙම්බොයි හොරුයි අරුනම හොද මිනිස්සු ඉන්නව අතින් වියදම් කරගෙන ඡන්දෙ කරන අය හැම ඇමතිම හොරකම් කරල නෑ.. මොනව වුනත් SLFP එක කියන්නේ මිනිස්සු ගැන හිතන හොද පක්ෂයක්.. පොඩි මිනිහට සලකන්න UNP එකට පුරුද්දක් නෑනේ (දැන් ඉන්න නායකයින්ට)
ReplyDeleteඅපි අහලා තියෙනවා නෙළුම් මල් පිපෙන්නේ මඩේ කියල ආයුබෝවන්ඩ. නමුත් දේශපාලනය මඩ ගොඩක් උනත් විලක් උනත්, නෙළුමක් තියා කෙහෙල් මලක් වත් පිපෙන්නේ නෑ. හොද හුස්මක් අරගෙන නිරවුල්ව හිතල බලන්න, ආයුබෝවන්ඩ ගේ වචන අපරාදේ. . .
ReplyDelete