ඒක මම මගේ ෆේස්බුක් එකේ ශෙයා කලේ "රොකට් රෝහිත මේක දැක්ක ගමන් තාත්තට කියලා මේ යකාව ගන්නවා පලාත්සභාවෙන් පාර්ලිමේන්තුවට . . . " කියලා පොඩි කෙටි සටහනක් දාලා.
ඒ වෙලාවේ හිතුනා කෝ යකෝ අර ලංකාවේ අපි යැව්ව සැටලයිට් එක කියලා පෝඩ්ඩක් හොයලා බලන්න . . .
මෙන්න වදේ ගූගල් කලාම එනවා ශ්‍රී ලංකා මිරර් කියන සයිට් එකක විස්තරක් "ලංකාවෙන් එහෙම එකක් යවලා නෑ " කියලා විද්‍යාත්මක කටයුතු පිළිබඳ ඇමති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි. කියලා පෝස්ට් එකක්
"පසුගිය වසරේදී ශ්‍රී ලංකා රජය චීන සමාගමක් හා එක්ව චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කලේ යයි පැවසුවද එවැනි චන්ද්‍රිකාවක් ශ්‍රී ලංකාව අභ්‍යවකාශ ගත කර නැතැයි විද්‍යාත්මක කටයුතු පිළිබඳ ඇමති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් සී පෙරේරා විසින් අසන ලද ප්‍රශ්ණයකට පිළිතුරු ලෙසය.
අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කර ඇත්තේ චීනයේ හා ශ්‍රී ලංකාවේ පෞද්ගලික සමාගම් දෙකක් එවැනි කටයුත්තක් ක්‍රියාත්මක කර ඇති බවයි.
2012 නොවැම්බර් 27 දා සවස චීන වේලාවෙන් 6.13 ට චීනයේ සීචුඇන් ප්‍රදේශයේ ඇති සිචැන්ග් චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ සිට චයිනාසැට්-12 නම් මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කළ බවද, එය නිවැරදි කක්ෂයට ළඟා වූ බව සහ චන්ද්‍රිකාව නිවැරදිව කි‍්‍රයාක්මක වන බවද චීන නිල ප්රවෘත්ති සේවය වන සිනිහුවා ප්රවෘත්ති සේවය පසුදා වාර්තා කළේය.
එය චයිනා සැටලයිට් කොමියුනිකේෂන් සමාගමේ 13 වැනි වානිජ චන්ද්‍රිකාව වන අතර ආසියාව, අපි‍්‍රකාව සහ යුරෝපයේ සේවාදායකයන්ට මෙයින් සේවා ලබා ගත හැකි බවද පැවසිණ.
ප්‍රංශයේ තේල්ස් ඇලීනියා ස්පේස් ආයතනය නිෂ්පාදනය කළ චන්ද්‍රිකාව ලෝන්ග් මාර්ච්-3ඊ නම් ප්‍රවාහන රොකට්ටුව ආධාරයෙන් අභ්‍යාවකාශගත කර තිබිණ. එය ලෝන්ග් මිර්ච් ප්‍රවාහන රොකට් මාලාවේ 173 වැනි ගුවන්ගත කිරීම වෙයි.
මෙය ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකාවක් බව ආණ්ඩුවේ මාධ්‍ය වාර්තා කර තිබුනද, මෙම චන්ද්‍රිකාව සහ ශී‍්‍ර ලංකාව සම්බන්ධයක් පිළිබඳව චීනය නිකුත් කළ පුවත් වාර්තාවේ සඳහන් නොවින."
ආච්චිගේ රෙද්ද
යකෝ මේක පුදුම අපහාසයක්නේ . . . මේ හාල් පාරු අපිට නෙමේ අපේ රටේ ප්‍රධාන පුරවැසියගේ බාල පුතාට මේ අපහාසේ කරන්නේ.
එතකොට අර වීඩියෝ ප්‍රෝගෑම් පුරා රෝහිත පුතා කිව්ව මහා ලොකු වියදමක් දරලා යැව්වේ ආච්චිගේ රෙද්දද?
බොරු නම් බලපල්ලා මේ වීඩියෝ එක
අනික ඒ වෙනුවෙන් සෑහන ගානක් වියදම් කරලා ඔෆීසියල් සිංදු හිටන් හැදුවනේ.
ඔව් ඔව් බන් අර මිනිස්සු උඩ බලන් ඉන්න සීන් තිබ්බ වීඩියෝ එක තමා. බාතිය සන්තුෂ්ලානේද ඒක කලේ. . .
මේ තියෙන්නේ ඒ වීඩියෝ එක
මේ විදිහට ජනාදිපතිගේ පුතාට රටේ ප්‍රවීන ගායකයන්ට අපහාස කරන්න ඇමතිලට බලය දුන්නේ මොකාද?
මම නම් කියන්නේ ඒක තනිකරම ජාත්‍යාන්තර කුමන්ත්‍රණයක් . . අපි මේවට එරෙහිවෙන්න ඕන . . සිරි ලාංකිකයෝ විදිහට අපේ දේවල් අපේ තාක්ෂණය අගය කරන්න ඕන . .
ඒක නෙමේ ප්‍රශ්නේ කෝ බන් හැබෑට රෝහිත යවපු සැටලයිට් එක?
අහ් මේන් ඉන්නවා අර කාක්කෝ යවපු මන්ත්‍රී . . .
මේන් තියෙනවා කාක්කෝ ගහපු වීඩියෝ එක . .
හුටා!වරාය,බලාගාර, ඒයාර්පොර්ට් එකට පස්සේ කුළුණන් වැඩේ ඉවරයි කියලා හිතන් හිටියේ දැන් ස්පේස් ඇකඩමියකුත් එනවා.....
ReplyDeleteඅපොයි ඕවා මොනාද බන් නාසා එකේ බ්‍රාන්ච් එකක් දාන්න පුලවන් අතින් පයින් යනවා කියලයි බන් චීනෙන් නයට ගත්තා ට්‍රයි එකක් දුන්නා . . පුතාලගේ හොබීස් වලට තැන දෙන්න එපැයි බන් පවුනේ :D
Deleteදුක "බොරු නම් බලපල්ලා" කිඋවට එක ලින්ක් එකක් වත් වැඩ නෑ. අර කඩදාසි රොකට් යවපු මෝඩගේ එක විතරයි.
Deleteමොකා ඇත්ත කියනවද මොකා බොරු කියනවද දන්නේ නෑ. භාතිය සංතුෂ්ලත් ජැකී වගේ නොම්මර එකේ වන්දි බට්ටයෝ තමයි. හැබයි උන්ගේ ගාන වැඩියි.
ReplyDeleteඔවුන්ට ඔසී p r එක තියනවලුනේ. එහින්ද ඔක්කොම ඔසී ගණන්. ඩොලර් වලින් ගණන් හදන්නේ රුපියල් වලින් ගෙවන්නේ
Deleteනෑ යකෝ අපි නම් බොරු කියනවා කියන්න පුලුවන්. අර ජනාධිපතිගේ පොඩි පුතාගේ ඩීඩියෝ එක බලහන් . .ඒ වගේ කෙනෙක් බොරු කියයිද?
Deleteඅපි සැණකෙළි මානසිකත්වයෙන් මිදුණ දවසට ඇත්ත නැත්ත තේරේවි කියලා හිතෙනවා
ReplyDeleteපිස්සුද මල්ලී ඒකෙන් මිදුනොත් අපේ මිනිස්සුට ජීවත් වීමේ අරමුණක් නැති වෙනවා . . අපේ මිනිස්සු ජීවත් වෙන්නේ මේ හීන ලොකේ ආතල් ගන්න ඒක නැති වෙලා අපි ජීවත් වෙන හැබෑ ලොකේ තරම, නය බරේ තරම, සමාජ විනාසයේ තරම තේරුනොත් අපිට මොනා වෙයිද?
Deleteඑකෙකුටව්ත් තේරෙන්නෑ, මේ නිදාගෙන ඉන්නේ උතුරන ගිනිකන්දක් උඩ බව..!
ReplyDelete.
PS:
කාලේකට පස්සේ හරි මෙහෙම බ්ලොග් එකක් තියෙනවා කියලා මතක් උනාම හරි සන්තෝසයක් එනවා නේද අයියා..!!! :D :D :D
මේක කියපු එකා එතකොට දැන් සෑහෙන්න බ්ලොග් ලියනවැ ඇති නේද?
Delete;)
ඒක ගිනි කන්දක් කියලා තේරෙන්නේ ගිනි රස්නේ දැනොනොත්නේ බන් අපි චීනෙන් නය අරගෙන ගිනි කන්ද උඩ කොට ඒ සී කරලා තියෙන්නේ එතකොට කොහේ ගිනි රස්නයක් දැනෙන්නද බන්ස් . . .හිකිස් . . .
Deleteනෑ යකෝ ලියන එක නම් නතර කොරන්න හිතක් නෑ වැඩත් එක්ක කරන්න අතපහු වෙන එක තමා අවුල . .
රන්ගී නෑ බන් මූ දිගටම ලියනවා . . .අපි වගේ නෙමේ
DeleteIl mondo di una povera pazza : අම්මපා රට හීටියත් හීන් නූලෙන් හින්ට් පාස් කරන ගතිය අතෑරිලා නැති හැටි..!! නියම සිරි ලංකන් ගතිය :D :D
DeleteAhem!
Deletelishan, නැතිව අනේ උඹ ලියපන් මල්ලියේ කීවට ලියන්න මතක් වෙයිද? අනික ඔය උපදින රටේ එන පුරුදු අඩු කරන්න බෑ කියනවනේ වාසස්ථානේ වෙනස් කලාට. අපි එහෙමයි හරි අපි ශ්‍රී ලාංකිකයෝ..... :D :D
Deleteමේ පොර කරන්නේ හොඳ වැඩක් නෙව.... එහා පැත්තේ නිදාගෙන ඉන්න එවුන් ඇහැරවනවා ..... රොකට් යවලා!
ReplyDeleteඅන්න පොසිටිව් තින්කින්ග් . . . .
Deleteමචං මේ වෙන කතාවක්.
ReplyDeleteකාක්කන් ගැහිල්ල අපේ අවුරුදු ක්‍රීඩාවකට හොඳ නැද්ද?
:)
(අර සැටලයිට් සින්දුවට රොම්බ තෑන්ක්ස් මචෝ. මං ඕක හොය හොයා හිටියේ)
යකෝ පංච දැමිල්ල කැට ගැහිල්ල අපේ සගිස්කුරුතියේ කොටින්ම අපේ ලේවලම තියෙන නිසා කැසිනෝ වලට ඉඩ දෙන්න ඕන කියපු සුමනදාස බන්ඩා වගේ උඹවත් යවන්න ඕන පාර්ලිමේන්තුවට බන් හිකිස්
Deleteඅවුරුදු ක්‍රීඩා සම්බන්ධ පට්ට වීඩියෝ එකක් හම්බ උනා ෆේස්බුක් එකේ . . මේ රොකට් එක සම්බන්ධවත් ඒකේ පොඩි කෑල්ලක් තියෙනව .. ඒ වීඩියෝ එකත් මේ පෝස්ට් එකට අමුනන්න ඕන
Deleteමචන් උඹ ලංකාවට එහෙම යන්න අදහසක් නැතිව ඇති නේද? ඡන්දේ දීපු එවුන්ටත් ගහනකොට අපිට කොහොම ගහයිද දන්නේ නෑ.
ReplyDeleteපිස්සුද බන් මම හරහට නෙමේ කතා කරන්නේ සපෝර්ට් එකට
Delete||ඡන්දේ දීපු එවුන්ටත් ගහනකොට අපිට කොහොම ගහයිද දන්නේ නෑ.||
Deleteවසරේ එළ කතාව රංගි!! Two thumbs up!!
උඹලත් සචියෝ පරිස්සමින් ඉඳපන් හරී . . .ගම්පහින් පබාකෙල්ලව ඒම පාර්ලිමේන්තු යවපු කස්ටියනේ උඹලා . . හෙ හෙ හේ
Deleteඒක සෙල්ලං සැටලයිට් එකක්... උඔට තේරෙන්නෙ නෑ....
ReplyDeleteඅප්පච්චියේ එහෙමත් එකක්ද? අර කෙල්ලෝ දූෂනේ කොරපු සභාපති වත් නිදහස් කරන්න කියලා කියල තියෙනවා දැක්කා මොකෝ ඌට තියෙන්නේ සෙල්ලම් #@$#ක් කියලා හිකිස්
Deleteඉතින් ඒ කර්තව්‍යත් එක්තරා ආකාරෙක සෙල්ලම නෙව..! ;)
Deleteඉස්සර රජකාලේ නම් ඒ සෙල්ලම පෙන්වන්න වෙනමම උස්සවයක් එහෙමත් තිබිලා තියෙනවා . . .කාර්තික් උස්සවය කියන්නේ ඒ සෙල්ලම් පෙන්නන උස්සවය වෙන්ටෝන . . ලබන සැරේ අවුරුදු සෙල්ලම් වලට ආයෙමත් ඒ සෙල්ලමත් එකතු කොරන්න කියමුද? සයිබර් ෆෙස් එකෙන්ම පටාන් ගමු හිකිස්
Deleteඔය මගුල් වලින් අපිට වැඩක් නෑ.. උඹ ටෙම්ප්ලේට් එක වෙනස් කරපු එකයි මෙතන වැදගත්ම දේ.. හෙහ් හෙහ්...
ReplyDeleteඅම්ම ගහයි ඒ බව කියන්න අමතක උනානේ බන්ස්
Deleteඒකනේ යකෝ මට තද වෙනවා මම ඉපදුන දා ඉදල දාගෙන ඉන්න එක බොලා දාගත්තම.. හැක්.. අනිත් එකා අපේ චන්දන ගුණසේකරයා. ඌත් මේකමයි දාගෙන ඉන්නෙ
Deleteහරි හරි වස්තුවේ ගූගල් දෙයියා නිකම් දුන්නු එකේ අපි බෙදා හදාගෙන පාවිච්චි කොරමු . . .
Deleteමොනාවුනත් ටෙම්ප්ලේට් එක වෙනස් කරපු එකෙන් උඹෙ තිබුනු අර අනන්‍යතාවද මොකක්ද එක නැතිවෙලා ගිහිල්ලා බං.. :-)
Deleteඒක නම් හැබෑව බන් . . ඒත් අදාල වැඩේ නොරෙනවනම් අන්න්යතාවෙන් මක්ක කොරන්නද බන්ස් හෙ හෙ හේ
Deleteදුකාට පිස්සු.. අපේ සැටලයිට් එකනෙ අර "කොන්ඩොලිසා රයිස්" සොරි "කොන්ඩෙ නිසා නයිස්" වෙලා ආපහු කොමන් කැන්ඩිඩේට් වෙන්න හදන කෙනා..
ReplyDeleteඒ සැටලයි එක උනත් කමක් නෑ පිලිගත හැකි සහ ඉෂ්ට කල හැකි විදිහකින් පොරොන්දුවක් දෙනවා නම් ජනාධිපති ක්‍රමේ අයින් කරලා සැටලයිට්ගේ අම්මගේ කාලේ තිබ්බ 1972 ව්‍යවස්ථාවට සමාන පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාව උත්තරීතරයි කියන ක්‍රමේකට යනවා කියලා මම නම් එකෙන්ම සපෝර්ට්
Deleteඅපොයි... හිතන්නවත් එපා.. එයාගෙ පොරොන්දු ගැන අපි හොඳට දන්නවා.. එයා කල හැටි කව්ද නොදන්නෙ ? රාජ්ජ නිලදාරියෙක් හැටියට එයා එනකල් පැය හත අට කල් මරපු අපි එයා ගැන හොඳට දන්නවා දුකා.
Deleteඕනෑම කෙනෙක්ට දෙවෙනි අවස්ථාවක් දෙන්න ඕන කියලයි මම නම් කියන්නේ. (එව්රිවන් ඩිසර්ව් ද සෙකන්ඩ් චාන්ස්)
Deleteමහින්ද දෙවෙනි අවස්ථාවත් ලබාගෙන පලමු අවස්ථාවේ අන්තිම හරි කල චාටරේ දබල් ට්‍රිබල් කරලා කරගෙන යනවා දැන් තුන්වෙනි අවස්ථාවත් ඉල්ලනවා.
සැටලයිට් නෝනා එයාගේ කාලේ කරපු වැරදි තේරුම් අරන් ඒ වැරදි හදාගන්න අවස්ථාවක් ඉල්ලනවා වෙන්න පුලුවන් . .
කොච්චර කොහොම උනත් ආයෙම පත් කරලා යවන එකනේ පුදුමේ කියන්නේ.
ReplyDeleteඅපි හරි බුද්ධිමත් චන්දදායකයෝනේ මල්ලී . . . හිකිස්
Deleteමේකට සිංදුවකුත් හැදුවා කියලා අද දන්නේ :D
ReplyDeleteදැන් රෝහිත රුසියාවේ ට්‍රේනින් එකක කියලා කොහේ හරි තියෙනවා දැක්කා අභ්‍යවකාශෙට යන්න. දැන් බලද්දී ඒකත් බොරුද මන්දා
අනේ මේ ඒ කොල්ලා මහන්සිවෙලා චීනෙන් ණය අරගෙන ටීවී වල පත්තර වල පබිලිසිටි දීලා යැව්ව සැටලයි "එහෙම එකක් යැව්වේ නෑ " කියලා විද්‍යා සහ තාක්ෂණ ඇමති අපහාස කරන වෙලාවේ මෙයා එනව තවත් අපහාස කරන්න . .
Deleteලංකාවේ කොඩිය ගහල චන්ද්‍රිකාවකුත් යැවුවද? මට මතක නෑනෙ.
ReplyDeleteඅනේ බන් ඒ දවස්වල අර පාට පාට වතුර වැහි වැස්සේ . . . ඒකවත් මතක නැද්ද බොට . . ඒ අපේ සැටලයිට් එකේ කොඩිය පෑන්ට් කලේ චයිනීස් පේන්ට් නිසා ඒවා දියවෙලා කියලා ඒ දවස්වල විද්වත්තු කිව්ව කියලවත් මතක නැතෙයි . . නොදෝමකින්
Deleteඑයා අපේ චන්දිරිකාවක් නොවේ...
ReplyDeleteඕන් කිව්වා . . . යකෝ ජනාධිපතිගේ බාල පුතා කියනවනම් එයා යැව්වා කියලා උඹ මොන ලොක්කෙක්ද නෑ කියන්න . . . අර රජතුමාගේ ශ්වේතාම්බර සලුව වගේ සා ඒක මාර ලස්සනයි කිය කිය හිටියපිය . . .
Deleteමේ වගේ හිපාටු ශුක්‍රාණුවෝ යවන එවුන්ට.......අනේ මන්දා.
ReplyDeleteඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් . . මේ මේ වගේ ජනතාවට මේ මේ වගේ මන්ත්‍රීවරු . . හිකිස්
Deleteතමුන්ගෙ දරුවට ආදරේ ඇති තාත්ත කෙනෙක් පුතාට සැටලයිට් එකක් ගෙනත් දෙන්න ට්‍රයි කලා. ඒක බැරිවුනාම උඹල හිනාවෙනව. යකෝ දරුවො ඉන්න තාත්ත කෙනෙක් නේද උඹ?
ReplyDeleteමම හිනාවෙන්නේ නෑ යකෝ අර රජතුමාගේ ශ්වේතාම්බර සලුව දිහා බලාගෙන ඒක අගය කලාවගේ මේ අනිත් බුද්දිමත් ජනතාවත් එක්ක එකතු වෙලා ඒක අගය කරනවා බොට තේරෙන්නේ නැතෙයි?
Deleteඒ සැටලයිට් එක කලු කුහරය හරහා ගිහින්.. ඒකයි ආරංචියක් නැත්තේ.
ReplyDeleteඅඩේ එහෙම සීන් එකක් උනත් වෙන්න ඇහැකි තමා . . අර තිස්සයටත් තිබ්බේ දිනේෂ් ගුණවර්ධන දෙන ජාතියේ උත්තරයක් දෙන්න
Deleteකමෙන්ට් එක දාන්නේ අද මෙහෙට බිමල් සහෝ ආවා අර අපේ දැක්ම ගැන කියලා යන්න,,රෝහිතගේ රොකට් එක ගැනත් කියලයි ගියේ,,
ReplyDeleteමේ දුකා අයියේ ඕකා කටානෙන් ගිය එකෙක්,,අපේ එකෙකුත් කටානෙන් ඉල්ලනවා,අර ලින්කස් බඩේලිය ගිහින් ඉන්න අකුරු දෙකට නම කෙටි කරන් ඉන්න බුවා මතකයි නේ,,,ඔහොම අපහස කරන්න එපා අප්පා ඌටත් අපහස නේ,,
ලගදි ඔය රොකට්කාරයා යෝශිතව ගෙන්නලා,,යෝශිතට එල්ලේ සංගමේ සභාපතිකම්ත් දුන්නා,,ඒ සභාපතිකම දුන්නට වෙන්න ඇති දැන් මූට රොකට් බෝ වෙලා තියෙන්නේ
"අර ලින්කස් බඩේලිය ගිහින් ඉන්න අකුරු දෙකට නම කෙටි කරන් ඉන්න බුවා" කවුද බනේ ?
Deleteඅඩේ එහෙනම් ඒ වෙලාවෙදි කියන්න ඇති රොකට් යැවීම ජාතික ක්‍රීඩාවක් කරන්න පියවර ගන්න කියලා හිකිස්
ම්ම්ම් ..කියන්නද...මොනව හරි,,,,
ReplyDeleteකියපං කියපං මොනවද බල බලා ඉන්නෙ,උඹ තමා අඩුවකට හිටියෙ.
Deleteකියපන් කියපන් රජෝ හැබැයි රෝහිත මල්ලීට අපහාස නොකර ඕන #$%$ක් කියපන් . .
Deleteහැලපයියේ මූට කියන්න ආපු එක ඉස්මොල්ලේ ගිහින්ද කොහෙද?
Deleteඕක ගැන නම් කියන්න ගොඩක් තිබුනත් නොකියා ඉන්න එක වඩා හොඳයි. තාත්තා පළමු වරට ජනපති වූ දවස්වල කොල්ලා කියුවා අභ්‍යවකාශ ඉන්ජින්නේරුවෙක් වෙනවා කියලා.
ReplyDeleteඔව් ඉතින් කර ගන්න මගුලක් තාත්තා බලේ ඉන්නවෙලාවේ කර ගත්තොත් තමා . . . පේන්නේ නැද්ද දුලංජලීට සජිත්ට වෙන දේ?
Deleteමුන් බය නැතිව කුමාරවරුන්ට අපහාස කරන හැටි. ලබන සැරේ ජෙෂ්ට ඇමති කමක් වත් දෙන්න හොද නෑ
ReplyDeleteඒකනේ බලහන් අර කුමාරයා අච්චර පරසක්වල ගහලා කියනවා එහෙව් එකක් යැවනවමයි කියලා මූ ඇමැතියා කියනවා යැව්වේ නෑ කියලා බලහන් ඉතින් නේහ්
Deleteඇඩෙනවා දුකා මේ ඇත්ත කියවද්දි......................
ReplyDeleteහා හා අඬන්න තව කල් තියෙනවා . . ..
Deleteමේ තියෙන්නේ නයට අරන් හරි සැටලයිට් යවනවා කියලා මිනිස්සුට ස්වේතාම්බර සලු අන්දලා චූන් කරලා ආතල් එකේ ඉන්න කාලේ . . . :P :D
අන්තිම එක තමයි පට්ටම පට්ට කුඩු නැති කරමු...
ReplyDeleteඅර හිනාවෙන වීඩියෝ එක ගැන නේද උඹ කියන්නේ . . මට නම් ඒක අවුරුද්දක් හිනාවෙන්න ඇති බන්ස්
Deleteහි.. හි... ඒකත් හරිම හතර බීරි කතාවක්...
ReplyDeleteවිද්‍යාත්මක කටයුතු පිළිබඳ ඇමතිකෙනෙක් කියනවද මෙහෙම ...
අනේද කියන්නේ :D
Deleteසෙල්ලම් තුවක්කු තියෙන රටක සෙල්ලම් සැටලයිට් තියෙන්න බැරිද ලොකු අයියේ.?
ReplyDeleteසිරාවට අපි සැටලයිට් එකක් ඇරියද බන්. මට මතක නැහැනේ
ඇත්තටම අපේ කුඩු දුමියට තියෙන ඔය අමතක වෙන ලෙඩේම ජහමනයටත් තියෙන එකෙන් තමා ඕනෑම ආන්ඩුවක් ඇහැක් තරම් ජරා වැඩ කරලා මොකුත් උනේ නෑ වගේ ඉන්නේ බන්ස් . .
Deleteඑකත් මෙ ආස්චරියෙම කොටසක්.යැවුවද නැද්ද කියල හිතාගන්න බැරි එක
ReplyDeleteයවපු නැති ඒවත් යැව්වා කියලා හිතාගෙන ඉන්න කොට සිරාවටම අපිට හිතෙනවා අපි ඉන්නේ ආස්චරියේ කියලා ආන්න ඒකයි ආතල් එක . .
Deleteඉන්දිකට්ටත් රටින් ගේන අපි කොහොමද සැටලයිට් හදන්නේ කියලා උන්නැහේට හිතෙන්න ඇති. මම හිතුවේ සැටලයිට් නෝනා ගැනවත්ද ? කියලා. එතුමිය පොදු අපේක්ෂිකාව වෙනවා කියලා කියන්නේ තනියම.
ReplyDeleteයකෝ ඔහොම කියන්න එපා අපි අතිරික්ත සහල් පිටරට යවපු ජාතියක් හරිය . . අනික අපේ ඇමතිලා අර කැඩෙන බලාගාර වලට මුල් ගල් තියද්දිද ඕපන් කරද්දිද මන්දා කිව්වා අපි ඉන්දියාවටත් විදුලිය දෙනවා කියලා හරිද (අපේත් ලයිට් කපන් එක ඉතින් . . හිකිස්)
Deleteඅහ් සැටලයිට් නෝනා මම නම් කියන්නේ එයාට පෙර වැරදි හදාගෙන හබෑවටම ජනාදිපති ක්‍රමේ වෙනස් කරන්න ඔව්නකමක් තියෙනවානම් අනිවාර්යෙන් අවස්ථාවක් දෙන්න ඕන ඒත් පොදු අපේක්ෂකයට මම නම් කැමති මාදුලාවේ ශෝභිත හාමුදුරුවෝ . . වෙන කෙනෙක් නෙමේ . .
හයියෝ සංදුක්කාරේ... ඒකත් එහෙමයි එහෙනම්...
ReplyDeleteඇයි මොකෝ මියුරු . . යැව්වේ නොයැව්වා වෙනම එකක් . . ඒත් යැව්වා කියලා හිතලා ආතල් එකක් ගන්න බැරි කමක් නෑනේ හිකිස්
Deleteරොකට් රෝහිතය,අහවල් තැන්වලට නම්, රොකට් යවනව ඇති.
ReplyDeleteරොකට් රෝහිතට සිංහල කථා කරනවද ඉංග්‍රීසි කථා කරනවද කියලා හිතා ගන්න බෑ බොලං...චීනය උඩ යවපු චන්ද්‍රිකාවකට අපේ උන් පුක උඩදාගෙන ගිහිල්ලා සිංහ කොඩිය අලවන්න වින්ද දුකක්...පවු බොලං...එදා වේල අමාරුවෙන් හොයාගන්න මිනිස්සු බඩට නොකා බදු ගෙවලා එකතු කරපු සල්ලි....රෝහිත ඉංජිනේරුවෙක් කියන්නෙ..ඔන්න ඕකට තමයි බොල ආශ්චර්යය කියන්නෙ....විදගනියව්....
ReplyDeleteඅපි මෙහෙම හිතමු . .
ReplyDeleteඅපිට අපේම නොවන අපේම චන්ද්‍රිකාවක් තිබුනා . . .
එහෙම හිතුවාම,
තිස්ස විතාරනත් ගොඩ,
පොඩි බේබිත් ගොඩ. . .
මහජනයා . . . එයාල ඉතිං කොහොමත් ගොඩ නෙ
අර ලංකාවෙ කොඩියත් අලවලා රට පුරා ප්‍රචාරය යැවුව නේද.. හපොයි රොකට් පුතා වෙන්න ඇති ඒකෙ ඩ්‍රැයිවර්... හිකිස්... :-D ඒකයි තාම ඒ ගැන අලුත් විස්තරයක් නැත්තෙ...
ReplyDeletemachan post ekak danna kalin poddak search akrala balapan
ReplyDeletehttp://en.wikipedia.org/wiki/SupremeSAT
යකෝ ගොන් මීමෝ, විකිපීඩියා එක ඇක්සස් තියෙන ඕනම බූතයෙක්ට කන්ටෙන්ට් එකතු කරන්න එඩිට් කරන්න පුලුවන් තැනක්. විශේෂයෙන්ම මේ වගේ දේකදී උඹ හදපු ලෝකල් සයිට් එකක රිෆරන්ස් දැම්මත් විකි එඩිටර්ස්ලා ඇපෘ කරනවා.
Deleteප්‍රශ්නේ තියෙන්නේ මේ මගුල ගැන තියෙන්නේ මේ පේජ් එකේ විතරක් වීම. මේ වගේ දේවල් රෙකෝඩ් වෙන ජාත්‍යන්තර අඩවි තියෙනවා, එහෙව් එකකවත් මෙහෙම දෙයක් සඳහන් නොවීම. දැන් තේරුනාද බහුතර චන්ද දායකයින්ට වගේ