ඊයේ ෆේස්බුක් එකේදි තමයි ඔය උඩ තියෙන ෆොටෝ එක දැක්කේ.
ඒ වෙලාවේ ඉඳන් මම කල්පනා කලේ මේ කියන කතාව කොයි තරම් ඇත්තක් වෙන්න පුලුවන්ද කියලයි.
අපි සමහර අය ගොඩක් වෙලාවට "නෑ කර්මය, ඉරණම කියල එකක් නෑ ඒ ඕන එකක් කෙනෙක්ගේ දැඩි අධිෂ්ඨානයෙන්, කැපවීමෙන් වෙනස් කරන්න පුලුවන්" කියලා විස්වාස කලාට, එහෙම විස්වාස කරගෙන වැඩ කලාට . . .
හෙම්බත් උනු වෙලාවක හිතෙන්න පුලුවන් "ඇත්ත තමයි අපිට පේන්නේ නැති උනාට කරුමේ කියලා දෙයක් තියෙන්නත් පුලුවන්" කියන එක.
ඒත් සමාජයේ දේශපාලකයෝ කරන මහජන මුදල් කාබාසිනියා කිරීම නිසා බහුතර මහජනතාවට දුක් විඳින්න ලැබීම අපේ සමාජයේ ගොඩක් දෙනෙක් "මේක අපේ කරුමේ. ඒ අයට හොරකම් කරලා හරි සැප විඳින්න වාසනාව තියෙනවා. අපිට සාධාරණ විදිහට ජීවත් වෙලාවත් දුකක් කරදරයක් අඩුපාඩුවක් නැතුව ජීවත් වෙන්න වාසනාවක් නෑ අපේ කරුමේ නිසා" කියලා කියන එක මේ කිව්ව කරුමෙට සම්බන්ධ කරන්න බෑ.
මොකද ඒ කරුමේ කියලා කියන දේ තනිකරම අසාධරණේට විරුද්ධ වෙන්න, තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා සිටින්න කොන්ද පන නැති කම නිසා මිසක් පූර්ව කරුමයක් නිසා නෙමෙයි කියන එකයි මගේ හැඟීම.
කරුමේ කියන්නේ අනිත් කරුනු එක්ක දිගට හිතාගෙන ගියාම එහෙම කොන්ද පනනැති වීමත් කරුමේ තමයි කියලා ඒ තර්කයටම යටත් වෙන්න සිදුවීම.
මෙහෙම කියමු . .
සමහර මිනිස්සුන්ගේ ජීවිත දිහා ඒ අයට සිදුවෙන සමහර සිදුවීම් දිහා බැලුවාම හිතෙනවා මෙහෙම වෙන්නේ නම් ඒ අයගේ කරුමේ නිසාම තමයි කියලා.
කිසිම දුකක් කරදරයක් නැතුව සතුටින් ඉන්න පවුලකට එක පාරටම කාට හරි අසනීප වෙලා, කවුරු හරි මැරිලා, මුලු පවුලම සීසීකඩ ගිහින් අපා දුක් විඳින්න වෙන විදිහට උනාම . . .
හොඳ නිරෝගීව ඉන්න කෙනෙක් එකපාරටම අසනීපයක් වෙලා වැහැරිලා ගියාම.
බොහෝම සතුටින් ඉන්න කෙනෙක් එක පාරටම පිස්සෙක් වෙලා මහ පාරේ කියෝ කියෝ ඇවිදින්න උනාම
මේ වගේ වෙලාවල් වලදී අපිට නිතරම කියවෙන්නේ ඒ අයගේ නම් පෙර කරුමයක් වෙන්න ඇති . . නැතිනම් කොහොමද එහෙම වෙන්නේ කියලා.
කරුමේ කියන එක කෙනෙක්ගේ දැඩි අධිෂ්ඨානයෙන්, කැපවීමෙන් වෙනස් කරන්න පුලුවන් කියල කියපු එක මතක් උනාම මට මතක් වෙන්නේ මගේ ජීවිතේ එක කාලයක් . .
පුංචිම කාලේ ඉඳන් මගේ හිතට වද දුන්නු හැඟීමක් තමයි මට කවුරුත් ආදරේ නෑ කියන එක.
මගේ නංගියා ඉපදෙනකොට මට වයස තුනයි. ඒ කාලේ මම ආදරේ නෑ කියලා කොයි තරම් දුකෙන් ඉන්න ඇතිද කියලා නංගි ගැන ලියපු පෝස්ට් එකේ කිව්වනේ.
පස්සේ තේරෙන කාලේත් මට හිතුනේ මට කවුරුත් ආදරේ නෑ කියලම තමා.
ආදරේ පෙන්නන්න තාත්තා ගෙදර නෑ. ගෙදර එන්නේ මාස කීපෙකට සැරයක්. ආවත් එයාගේ දේසපාලන වැඩ අරව මෙව්වට ගිහින් ගෙදර එන වෙලාවට නංගී තමයි තාත්තගේ සම්පූර්ණ ආදරේ අයිති කර ගන්නේ.
අම්මත් ආදරේ පෙන්නුවේ නංගිට විතරයි.
අම්මාගෙන් නිතර බැනුම් අහලා මම ගොලු හදවතක් තියෙන කෙනෙක් වෙලා හිටියනේ සෑහෙන කාලයක්
අක්කට ආදරේ කරන්න කොල්ලෙක් හිටියා.
අක්කා මට ආදරේ පෙන්නුවේ තනියෙම ගෙයින් එලියට යන්න දෙන්නේ නැති නිසා කියලයි මම හිතුවේ.
පාසැලේ යාලුවන්ගේ හරි ගෙවල් පැත්තේ යාලුවන්ගේ හරි ආදරේ ලබන්න තරම් මම විශේෂ ක්‍රීඩා කෞශල්‍යක් හරි ඉගෙනීමේ දක්ෂකමක් හරි තිබුනු කෙනෙකුත් නෙමේ.
දහම් පාසැලේ, අක්කගේ හිතවත්කම් නිසා, ටියුෂන් ක්ලාස් කාලෙන් කාලෙට එකේ එක එක ආදර පැටලිලි තිබ්බට ඒවා හරියටම ආදරේමද කියලා තේරුම් ගන්න තරම් මෝරලා තිබ්බේ නෑ.
මට මතකයි මම ඒ කාලේ ඩයරි වල ගොඩක් පිටුවල උඩින්ම එක එක අකුරින් ලිව්වේ එකම දෙයක් . . ඒක චිත්‍රකතා පත්තරේකින් අහුල ගත්තු එකක්.
"ජීවිතය මම ඔබෙන් ඉල්ලුවේ ආදරය පමනි, අවාසනාවට මා නොලැබුවේද එපමනි !"
ඒක මම ඒ කාලේ හිතුවේ මගේ කරුමේ කියලයි. කිසි කෙනෙක් මට ආදරේ නැත්තේ මගේ කරුමේ නිසා කියලයි මම හිතුවේ.
පස්සේ කාලෙක තේරුම් ගත්තාම ආදරේ නිකම් ලබන්න බෑ ඒක හරියට ඔංචිල්ලාවක් වගේ. උඹ ආදරේ කරන්න ඕන එතකොට තමයි ආදරේ ලැබෙන්නේ කියලා.
විශේෂයෙන් මාව චාටර් වෙන්න පිච්චුනු වෙලාවේ මම හිතවත් කමින් උන්නු යාලුවෝ බලන්න වත් නාවට නිතර රන්ඩු වෙලා ඒ තරම් හිතවත්කමක් නොතිබුනු යාලුවෝ ඉස්පිරිතාලේ ඇවිත් උදව් කරද්දී තමයි තේරුනේ ආදරේ ලැබෙන්න නම් ආදරේ දෙන්න ඕන කියලා.
ඒත් එහෙම හිතලා ජීවත් වෙන්න පටන් ගත්තාම මම හිතුවේ ආදරේ කෙසේවෙතත් සතුට හරි මගේ ලඟ තියේවී කියලා.
හැමෝටම ආදරෙන් සලකන එකෙන් නැති කරදර විඳින්න තමයි උනේ. අර "හවුලේ කැඳත් එපා" පෝස්ට් එකේ කිව්ව සීන් එකෙන් පස්සේ යාලුවන්ගේ පිල් බෙදිල්ල නිසා හෙන කාලයක් දුක් විඳින්න උනා.
මට මතකයි ඒ කාලේ මම මගේ නෝට් බුක් වල ලිව්වේ අර යෞවන කාලේ ලියපු එකේ පොඩ්ඩක් වෙනස් කරපු වර්ෂන් එක.
"ජීවිතය මා ඔබෙන් ඉල්ලුවේ සතුට පමනි ! අවාසනාවට මා නොලැබුවේද එපමනකි!!!"
මොකද්ද මම කිය කිය හිටියේ . .
මේ මගුල් අතුරු කතා නිසා ඒකත් අමතක උනා.
අහ් කර්මය කියන එක කෙනෙක්ගේ මහන්සියෙන් වෙනස් කරන්න පුලුවන් කියලා හිතුවට හෙම්බත් උනු වෙලාවක එහෙම කෙනෙක්ටත් හිතෙන්න පුලුවන් "මේක මගේ කරුමේ" කියලා.
සමහර මිනිස්සුන්ගේ ජීවිත දිහා උඩින් බැලුවාම ඒ අය පුදුම සතුටකින් ජීවත් වෙන බව පේනවා. ඒ අය ඒ සතුටට උරුම කම් තියෙන අය නම් අපිත් සතුටින් ඒ අයගේ සතුටට හවුල් වෙලා සුභ පතනවා.
සමහර සතුටින් ඉන්නවා කියලා අපි හිතන නමුත් ඇත්තෙන්ම අසතුටෙන් ජීවත් වෙන මනුස්සයින්ගේ ජීවිත ඇතුලට එබෙන්න අවස්ථාවක් ආවොත් අපිටම පුදුම හෙතෙනවා . .
"දෙයියනේ මේ මනුස්සයට දුකෙන් ඉන්න කිසිම හේතුවක් නෑනේ . . ජීවිතේ හැමදේම සිද්ධ වෙලා තියෙන්නේ මේ මනුස්සයගේ ජීවිතේ සතූටින් ඉන්න පුලුවන් විදිහට නේ" කියලා . .
ඒත් ඒ මනුස්සයා අසතුටෙන් . . . ඒ සතුටින් ඉන්න පුලුවන් කිසිම දේකින් ඒ මනුස්සයට ඒ මනුස්සයා ජීවිතයෙන් ඉල්ලා සිටින සතුට නොලැබෙනවා නම් . . .
"ඒක උගේ පෙර ආත්මෙක ඉඳන් අරන් එන කරුමේ මිසක් වෙන මොකද්ද" කියලා අපි හිත හදාගනන්වා මිසක් අපිට කරන්න පුලුවන් දෙයක් තියෙනවද?
එහෙම අයට මම නම් හිතින් කියන්නේ "කරන්න දෙයක් නෑ මනුස්සයෝ උඹ ගැන දුකයි තමයි . . ඒත් උඹේ කරුමේ තව ආත්ම වලට ගෙනියන්නේ නැතුව මේ ආත්මෙදිම ගෙවලා ඉවර කරපන්" කියලයි.
කරුමේ කියන එක මහන්සියෙන් වෙනස් කරන්න පුලුවන් කියලා හිතන මටත් එහෙම හිතෙන එකේ . . හ්හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
කරුමේ කෙසේ වෙතත්..
ReplyDeleteකර්මය කියන්නේ ක්‍රියාව නොවැ. කර්මය ඒ ඒ හැටියට හොද නරක විදිහට විපාක දෙනවා.
කර්මය ගැන විකිපීඩියාවෙන්ම කියවන එකයි ඇත්තේ දුකා අයියේ !
මිනිස් ජීවිතය අටලෝ දහම එක්කම හැප්පෙන ප්රපංචයක්...කරුමය කියන්නෙ ජීවිතයට යමක් වෙන්න බලපාන නියාම ධර්ම 5කින් එකක් විතරයි...මට තේරෙන්නෙ ඔන්න ඔහොමයි බන්..
ReplyDeleteකර්මය කියන එක පිළිගන්නේ නැති උනත්. කුරා කූබියෙකුටවත් වරදක් නොකරපු කිරි දරුවන්ට කැන්සර් හැදිලා ඉන්නවා දැක්කම නම්. විශාල ප්‍රශ්ණයක් හිතේ වද දෙනවා..
ReplyDeleteනිබ්බේධිත පරියාය සූත්‍රය ට අනුව පෞරුෂය කෙරෙහි බලපාන සාධක. පුද්ගල පෞරුෂය කෙරෙහි බලපාන සාධක පෙල සාහිත්‍යයේ දැක්වෙන අන්දමට හතක් හඳුනා ගැනීමට හැකිය.
ReplyDelete1. කර්මය 2. මනස 3. අධ්‍යාපනය 4. ආරය හා පරිසරය 5. ආහාරය 6. ප්රතිරූප දේශ වාසය 7. සප්පුරිස සංසේවණය යනු ඒවාය.(අංගුත්තර නිකාය නිබ්බේදිත පරියාය සූත්‍රය, බු.ජ.මු. 2006, පිටුව 200.)
දුකා මේ තමයි බුදු දහමේ ඇත්ත. කර්මය මින් එකක් පමණයි. අපි කර්මය කියා කියන දෙය පස්සෙ තව කරුණු 6 ක් තියනවා. ඒ නිසා අපිට ඉන් කර්මය වෙනස් කර ගැනීමට හැකියි. නමුත් සමහර කර්ම විපාක වලටම යනවා. හැබැයි ඒ ස්වල්පයයි.
කරුමෙයි, කර්මයයි එකක් නොවෙයි දෙකක්!
ReplyDeleteක්‍රියාව අනුව තමයි විපාකය ලැබෙන්නෙ
ReplyDeleteමේකනම් කරුමයක් තමයි
ReplyDeleteකරුමෙද,කර්මයද කියන එක ගැන හිතන්න නොවීමට ඉඩ තබා හොදින් ජිවත් උනාම ඉවරයි.
ReplyDeleteඅපි පතාගෙන එන දේවල් ටිකක් තියෙනවා දුකා .
ReplyDeleteකොච්චර උත්සාහ කරත් වෙනස් කරන්න බැහැ
පතාගෙන එන දේවල් ...
ඉස්සර මාත් උත්සාහය තදින් විස්වාස කරපු කෙනෙක්.
දැන් නම් එච්චර නැහැ .ඔහේ ඉන්නවා ..
කතන්දර කිව්වා වගේ කර්මය සහ කරුමය කියන්නේ ජාති දෙකක්.
ReplyDeleteඒ වගේම ඔය උඩින්ම දාලා තියෙන පොටෝ එකෙන් දෙන්නේ සෑහෙන්න වැරදි අදහසක්. ඔය ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන ඒවා තියෙනවයි කියලා විද්‍යාඥයෝ කිව්වේ වැඩක් නැති වෙලාවක නිකං කයිය ගගහා ඉන්න කොට නෙමෙයි. හරි අපි නිකමට හිතමුකෝ ඒවා මවාගත්තු සංකල්ප කියලා. ඒත් ඒවයින් අද ගන්න ප්‍රයෝජන කොහොමද? ඒ සංකල්ප භාවිතයෙන් ලෝකයේ ඇති වුණු නව නිර්මාණ කොච්චරද? ඉස්කෝලෙදි දැක්කා මතකද කැතෝඩ කිරණ නලය කියලා එකක්? ඒකේ කැතෝඩ කිරණ කියන්නේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් කියලා ඒ කාලේ ඉගෙන ගත්තා මට ලාවට මතකයි.
හැබැයි කිසිම පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කරගන්නට බැරිව තිබියදීත් කරමය වගේ දෙයක් ඇතැයි හෝ නැතැයි නිශ්චිතවම කියන්න බෑ කියන එකයි "මගේ" අදහස!
කරුමේ වෙනස් කර ගන්න පුළුවන් තමන් කියන කරන දේ අනුව.මහ ලොකු මන්දිර නැති උනාට,රෝද හතරේ වාහනයක් නැති උනාට,හැම්බේකන් චිස් නොකෑවට ඉතාමත් සතුටින් පැල්පතේ ජිවත් වෙන සුන්දර මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා මේ රටේ.පිටිසරයි කියලා හඳුන්වන ඇතැම් ගම් වල ට ගියාම ඒ සුන්දර මිනිසා කරුමය නැති කරගෙන ජිවිත් වන හැටි හරිම සුන්දර දසුනක්.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
මට නං ඔය කෝකත් එකයි.. එපා වෙලා අන්තෙටම වැටිලා ඉන්න වෙලාවට “ අනේ මේක නම් කරුමයක් ” කියලා හිතනවා.. කටයි, හිතයි තදකරගන්නකොට “මේ කරුමෙන් කොහොමහරි ගොඩ එනවා ” කියලා හිතනවා.. ඕකේ මට නම් ඔයිට වඩා දෙයක් නෑ... මම හැමතිස්සෙම ඔය දෙකම විඳිනවා, විඳවනවා...
ReplyDeleteකරුමෙ ගැන කල්පනා කරන්න තරම් ප්‍රඥාවක් කියල එකක් මට නෑ...
ReplyDeleteදුකා අයියට කර්මය විස්තර කරන්න තරම් ප්‍රඥාවක් තියෙනව කියල විස්වාස කරන්නෙත් නෑ....
ඒ හින්දම මේකෙන් භාගයක් ඇරෙන්න අනිත් ටික කියෙව්වෙත් නෑ...
නියාම ධර්ම 5ක් තියෙනව කියල බුදු හාමුදුරුවො දේශනා කරල තියෙනවනෙ... ඉතිං කර්මය කියන්නෙ ඒ 5න් එකක් කියල දන්නවා සහ විශ්වාස කරනව.. :)
අපිට කරුමේ මතක වෙන්නේ ජීවිතේ වැටෙන තැන් වලදී විතරනේ.
ReplyDeleteජීවිතේ හරියන්නෙත් කරුමේ නිසා කියලා එකෙක්වත් කියන්නනේ නෑනේ.හරියන්නෙ උත්සාහය නිසාලු.වරදින්නේ කරුමේ නිසාලු.
අනේ මන්දා
ඉලෙක්ටෝන පේන්නැ කියන කට්ටිය ලඟම තියන ප්ලග් පොයින්ට් එකට ඇඟිල්ල ගහලා සුවිච් එක ඔන් කොරන්ඩ.
ReplyDeleteඑතකොටත් ඉලෙටෝන පෙවුන්නැත්තං විද්‍යාඥයන්ට බනින්ඩ එපා පවිත්‍රා ඇන්ටිට බනින්ඩ.
sAm (සෑම්) කිව්වා වගේ කර්මය කියන්නෙ ක්‍රියාව ඒත් දණහිසට ගැහුවාම කකුල ඉස්සෙනවා වැනි නිකම් එසේ මෙසේ ක්‍රියාව (action) නෙමෙයි, චේතනාවක් ඇතුව කරන ක්‍රියාවක් (volitional action).
ReplyDeleteමාතලන් ඒ වුනාට කර්මය එක්ක හේතුව හා ඵලය පටලවා ගෙන. හේතුව රෝග කාරකය ඵලය කැන්සර් .. කැන්සර් දන්නෑ කිරි දරුවා ද අපරාධකායෙක් ද කියන එක. කර්මය කිසිවිටෙකත් එහි ප්‍රතිඵලය වෙන්නෙ නැහැ. කර්මඵල නැත්නම් කර්ම විපාක. ඒවා ලැබෙන්නේ චේතනාවක් ඇතුව කරන ක්‍රියාවන් වල ප්‍රතිඵල හැටියට. එතකොට කිරි දරුවන්ට චේතනාවක් ඇතිව කරන ක්‍රියාවන් නැති නිසා එය කර්ම ඵලයක් වෙන්න බැහැ. ඒක ලෝක ස්වභාවය, pessimistic හෝ optimistic නොවන යථාභූතයයි. දුක, අනිත්‍ය, අසම්පූර්ණ බවින් උපදින නිසා ඇතිවෙන දුක්ඛ සත්‍යයයි.
මම ලිව්වා වාසනාව ගැන රචනයක්..මැක්කගේ රචනාව වගේ එකේ වාසනාව කියන තැනට කරුමේ හරි කර්මය හරි දාලා ගත්තම වැඩේ ගොඩ..
ReplyDelete///'වාසනාව' යනු අපූරූ වචනයකි. ඇතැමෙක් 'වාසනාව' කියා කියන්නේ තමන්ට දිරවන්නේ නැති අයෙකුගේ සාර්ථකත්වය පැහැදිලි කිරීමටය. තවත් අයෙක් වාසනාව විස්තර කරන්නේ තමන්ගේ දැඩි කැපවීමට, උත්සහයට හිමි වූ ත්‍යාගයක් ලෙසය. Luck favors the bold කියන්නේ ඒ නිසාය.
ධෛර්යවන්ත වීම, අනලස් බව වාසනාව ලැබීමට හේතූවක් වන්නේය. කථාවට කියන්නේ "පාන්දරම අවදි වන කුරුල්ලා පලමු පණුවා ඩැහැ ගන්නවා" කියා ය. එය ප්‍රසිද්ධ ඉංග්‍රීසි කියමනක් වන " Early Birds catches the worm" හී මගේ සිංහල පරිවර්තනයයි. මෙහිදී පාන්දරම අවදි වී ආහාර සොයා යන කුරුල්ලා වාසනාවන්ත වී ඇත.එහෙත් පාන්දරම අවදි උනු පණුවා අවාසනාවන්ත වී ඇත. පණුවාගේ අවාසනාව පැහැදිලි කරන්නේ වැරදි වෙලාවක - වැරදි තැනක සිටීමක් ලෙසය. වාසනාවේ හැටි එහෙමය///
ඕක කාලෝෆොන්සේකට එහෙම පෙන්නන්න එපා.........?
ReplyDeleteමේහ් ඔය මගුල් දාන්නෙ නැතුව අර කතාවෙ ඉතුරු ටික දානවද ...?
ReplyDeleteකරුමය ගැන නං මං තාම දන්නේ නෑ..ඒත් ස්ථිරවම දන්නවා ආදරය කියා දෙයක් නෑ කියලා.. තියෙන්නේ ගනු දෙනු පමණයි. අම්මා දරුවා තුළ පවා..
ReplyDeleteඅඩේ අර ආදරේ ගැන කොටස කියෝපුවමනම් මට හිතුනෙ උඹ මගේ ක්ලෝනයක්දෝ කියලා .. හෙහ් හෙහ්.. මටත් ඔහොමම හිතිලා තියනවා බන්.. ඒවට බලපාපු හේතුත් තියනවා..
ReplyDeleteකර්මය ගැන කතා කළොත් ඉතින් ඕක නෑයි කියන්නම බෑ.. යම්තාක් දුරකට පුද්ගලයාට වෙනස් කරගන්න පුලුවන්.. ඒත් සම්පූර්ණයෙන් නෙමේ.. බලගතු කර්ම පටිසන් දෙනවමයි.. ආයෙ දෙකක් නෑ..
Dude:
ReplyDeleteමම කියන්නෙත් කරුමේ ගැන. කර්මය ගැන නෙවෙයි. ඒක පරාජ්ත සිතුවිල්ලක් තමයි. නමුත් කරුමය ගැන අපේ ආකල්පය අපි ඉන්න තත්වය මත තීරණය වෙනවා කියලයි මට හිතෙන්නෙ.
හැබැයි බෝට්ටුවෙ අනිත් පැත්ත වඩා හොඳයි කියන උනුත්, නැව ගිලුනත් බෑන් චූ උනුත් ඉන්නවා අපි අතර.
හොදට කලපනා කරලා බැලුවොත් ජීවිතයත් කියන්නේ එක විදිහක කරමයක්..
ReplyDeleteකර්මය කියන්නේ ටිකක් සංකීර්න දෙයක් නේ. මං හිතන්නේ ඔක්කොම දේ සිද්ධ වෙන්නේ කර්මය නිසා නම් නෙවෙයි.
ReplyDeleteකර්මය කියන දේ මම විශාල වශයෙන් විශ්වාස කරන්නෙ නැහැ. කර්මය කියන්නෙ ක්‍රියාවක්, ඒ ක්‍රියාව නිසා සිදු වෙන දේවල් තමයි විපාක කියන්නෙ.
ReplyDeleteඋදාහරණයක් වශයෙන් අපි පාලනයක් නැතුව කෑවොත්, දියවැඩියාව, හෘද රෝග වගේ දේවල් හැදෙනවා විතරක් නෙවෙයි ඒවා ඊලඟ පරම්පරා වලටත් යනවා.අර මාතලන් කියපු හයක් හතරක් නොදන්න දරුවොන්ට පිළිකා හැදෙන්නෙ එක්කෝ පරම්පරාගත පිළිකා කාරකයක් ජාන වල තිබෙන නිසා, නැතිනම් දෙමාපියන්ගෙ ජාන පිළිකා සෑදෙන්න වෙනස් වීම නිසා.
අපි පාරේ අපරීක්ෂාකාරීව වාහනයක් පැදෙවුවොත් හැපිලා මැරෙන්න වැඩි වෙලාවක් යන එකක් නෑ..
එතකොට කහ ඉර උඩින් යනකොටත් වාහනවල හැප්පෙන්නෙ? හැප්පෙනවා තමයි... ඒත් දුර එන අනතුරක් දැකලා පාර පැන්නොත් ? සමහර විට බේරෙන්න පුළුවනි. ඒත් අර අම්බලන්ගොඩ වුනා වගේ දන්නෙම නැතුව හැපුනොත් ? මොනවා කරන්නද ?
අපි කරුමයට බාර දෙන ගොඩක් දේවල් අපි විහින්ම කර ගන්න දේවල් කියලයි මට නම් හිතෙන්නෙ... දැන් මම වුනත් මේ ජර්මනියෙ කන කට්ට විහින් කාපු කට්ටක්... ඇමරිකාව දාලා ඇවිත් මෙහේ ආවෙ හොඳ සමාගමක වැඩ කරන්න පුළුවන් නිසා. නමුත් ඒ ගත්ත Risk එක මට හරි ගියත් අනිත් අයට අල්ලලා ගියේ නැහැ... ඒ නිසා මාස හයක් හොඳ කට්ටක් කනවා... ඊලඟට මොනවා වේද දන්නෙ නෑ.. ඒකයි කර්මය.. නමුත් මම මෙහේ නාවා නම් සමහරවිට හොඳ වෙන්න තිබුණා... අපි අනාගතය ගැන කියන්න දන්නෙ නැහැ.. නමුත් තියෙන හොඳම Option එක තෝරා ගැනීම තමයි කරන්න ඕන....
කර්මය වෙනස් කරන්න උත්සාහය තමයි දියුණු වීම කියන්නෙ...
මම නම් කියන්නෙ එච්චරයි... මම නම් කර්මයටවත් කරුමයටවත් බැණ බැණ ඉන්නෙ නෑ....
කර්මය ගැන කතකරනකොට වැඩියම වල්ගෙ පාගගන්නෙ බෞද්ධයෝ අවාසනාවකට වගේ.. කරමය නිසා හැම දෙයක්ම සිද්ද වෙනවා කියලා බුදු දහමේ කොතනකවත් කියලා නැහැ. ඔය කරුමෙ තමා කියන කතාව කම්මැලි ගොන්තඩියන්ගේ කතාවක්. ඔය මෝඩ අදහස නිසා තමයි අපෙ රටේ මිනිස්සු වැඩියෙන්ම පරිප්පු කන්නෙ එන එන ආණ්ඩුවලින්.. කර්මය කියන්න බුදු දහම අනූව නියාම ධර්ම හතරකින් එකක් විතරයි.. කර්ම නියමය ධර්ම නියාමය බීජ නියාමය උතු නියාමය කියල.. අංගුලිමාල දාහක් මරල බුදුහාමුදුරුවොත් මරන්න එලෙවුවාට රහත් උනාම පූර්ව කර්ම පඩිසන් දීම අහෝසි උනා. කර්මයෙත් ප්‍රභේද ඔහොම තියෙනවා. (එවුව විස්තර කරන්න වෙනම පෝස්ට් එකක් ලියන්න වෙයි.)
ReplyDeleteමේ සටහන දකිද්දි මගේ පුංචි කාලෙට ගියා.. පුංචිම කාලෙ දේවල් කොයි තරම් ජීවිතේට බලපානවද? නංගියි මමයි අතර වයස පරතරය අවුරුද්දයි. මම අම්මගෙන් කිරි බීල තියෙන්නෙ මාස හතයි.. අම්මගෙන් කිරි බිව්ව මතකයක්වත් මට නෑ.. අම්මට තුරුළු වෙලා නිදා ගත්ත මතකයක්වත් මට නෑ.. මගේ පුංචි කාලෙ ගැන කතාවල කියවෙන්නම මං බෝතලෙන් කිරි එක බීල පැත්තකට වෙලා නිදා ගත්ත කරදරයක් නැති ළමයෙක් කියල..
ReplyDeleteඒ පුංචි කාලෙ ඉදල හුදකලාවට පුරුදු වුණ මගේ ජීවිතේ අදටත් එහෙමමයි. ඒත් පුංචි කාලෙ ඉදන් අප්‍ර.මාණ ආදරයක් ලැබුව මං.. හැමෝම මට ආදරය බව දැනගෙන හිටිය. ඒත් තනියෙන් ඉන්න තමයි වැඩියෙන්ම කැමති උණේ.. පුංචිම කාලෙ තීරණය වෙන දේවල් වැඩිහිටි උණාට පස්සෙ වෙනස් කර ගන්න ගොඩාක් හිතන්න ඕන... මහන්සි වෙන්න ඕන...
කර්මය ගැන විග්ර හ කරන්න නම් මට තේරෙන්නෑ.. ඒත් කරුමෙ කිය කියා ඉන්නෙ නැතිව සමාජ වෙනසක් වෙනුවෙන් වැඩ කරන්න ඕන බව නම් මම විශ්වාස කරනවා...
මට කියවෙන්නෙම නැති වචනයක් තමයි ඔය කරුමේ කියන එක, සමහර විට මම ඒක ගැන විශ්වාසයක් නැති නිසා වෙන්න ඇති. මම හිතන්නෙ ආත්ම විශ්වාසයට සේරම යටයි කියල. "මෙතනින් නම් ගොඩ එන්න බෑ" කියල කට්ටිය කියපු ගොඩාක් දේවල් වලින් මම ගොඩ ඇවිත් තියනවා. හැබැයි කවුරුහරි සේරම කරල දෙනවනම් ටිකක් කම්මලි මෙහෙම කරන්න.
ReplyDeleteහෙම්බත් උනු වෙලාවක හිතෙන්න පුලුවන් "ඇත්ත තමයි අපිට පේන්නේ නැති උනාට කරුමේ කියලා දෙයක් තියෙන්නත් පුලුවන්" කියන එක.
ReplyDelete++++++++++++++++++++++++++++++++++++++++++++++++++
දුකා අය්යා - ටිකදවසකට මගේ fb messge & friend requst block වෙලා.මං ඔයාට msg එකක් දැම්මා.ඒ කොමෙන්ටුවෙන් මං අවුල් වුනේ නෑ.වැඩි විස්තර msg eke ඇති.ඔයාට පුලුවන්නම් මට requst එකක් දාන්න
ReplyDeleteකර්ම විෂය අචින්ත්‍යයි (කෙරවලක්) නැති දෙයක් කියල බුදුදහමේ විස්තර කරලා තියෙන්න ඕකයි. විඳින දුක විතරක් නෙමෙයි සැපත් ලැබෙන්නෙ කර්ම විපාකය අනුවයි. එත් ජිවීතය ගෙනයාමේදී උත්සාහය සහ වාසනාව යන සාධක දෙකත් අඩුවැඩි වශයෙන් තියෙන්න ඕනෑ. කොච්චර උත්සාහ කලත් වාසනාවේ අඩුවක් නිසා මට නොලැබුණු ගොඩක් දේවල් පහුගිය කාලයේ තිබුනා. එත් සමහර අය කොපමණ උත්සාහ කලත් මාව මහ පාරට ඇද දමන්න බැරිවූ වාසනා බලයකුත් පහුගිය කාලයේ තිබුනා. එමෙන්ම රෝගියෙකු වශයෙන් ඇඳටම කොටු නොවීමේ වාසනා බලයකුත් තවම තියෙනවා . ඉතින් මේකට කියන්නේ කර්මය නැත්නම් වෙන මොකක්ද?
ReplyDeleteමම පෞද්ගලිකව උත්සාහයෙන් කර්මය වෙනස් කරපු කෙනෙක් . නමුත් අනාගතයේදි කර්මය මා පරද්දවන්නත් පුළුවන්. එන දේකට මුහුණ දෙනවා. නමුත් එකක් කියන්න ඕන, බුදුන් වහන්සේ කර්මය ගැන දේශනා කළේ 'අනේ මේක මගෙ කරුමේ' කිය කියා හූල්ල හූල්ල ඉන්න නෙමෙයි. අතීතයේ වුන අඩුපාඩු හදාගෙන අනාගතය සාර්ථක කරගන්න උත්සාහවන්ත වෙන්න කියන පණිවුඩයත් එතන තියෙනවා. නමුත් ලංකාවෙ ගොඩක් වෙලාවට වෙන දෙයක් තමන් තමන්ට වාසි සහගත වෙන විදියට හැම දේම අර්ථකථනය කරගන්න එක. උදාහරණයක් ගත්තොත් උසස් පෙළ ප්‍රතිඵල මදි නිසා කැම්පස් යන්න බැරි වෙන කෙනෙක් කියනවනම් ඒක කරුමේ කියල මම නම් විශ්වාස කරන්නෙ නෑ. මොකද ලංකාවෙ විභාග ක්‍රමයට අනුව උත්සාහය තිබේනම් ඕනම කෙනෙකුට ඒ අරමුණට ළඟා විය හැකියි. හේතුව උසස් පෙළ කියන තරඟ විභාගයෙන් මනින්නෙ දැනුම කෙසේ වෙතත් බුද්ධිය නොවෙයි. (මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ බුද්ධිය පවා උත්සාහයෙන් වැඩිදියුණු කරගත හැකි බවයි.) එය එක වාගෙම ගැටළු රාශියක් විසඳලා ලබන පළපුරුද්ද මත ලැබෙන කෘත්‍රිම දැනුමක් සහ වැඩිදියුණු කරගත් කාල කළමනාකරණ හැකියාව මත ලබන දෙයක් මිස අන් කිසිවක් නොවේ. උත්සාහය මද කම නිසා හෝ 'හරි ට්‍රැක් එකට නොවැටීම නිසා' සරසවි ප්‍රවේශය අහිමි වූ ඉහළ බුද්ධිමතුන් මෙන්ම මොළේ කළඳක් නැතුවුනත් 'ගිරවා දැමීමෙන්' උසස් පෙළ ඉහළින් සමත් වෙලා සරසවි ප්‍රවේශය ලබපු අය මම පෞද්ගලිකව දන්නව.
ReplyDeleteකර්මයට විද්‍යාත්මක අගයක් දෙන්න උත්සාහ කරන, විදු ඇසින් වටහා ගන්න උත්සාහ කරන කෙනෙකුට ගන්න පුළුවන් සරලම උදාහරණය තමයි නිවුටන්ගෙ තුන්වෙනි නියමය කියන්නෙ..! ()
කර්මය කියන එක හොඳට වගේම නරකටත් පලදෙනවා කියලනේ උගන්වන්නේ....සමහර විට ගිය ආත්මේ කරපු පිං/පව් වගේම මේ ආත්මේ කරන පිං /පව් අනුව පලදීම, මේ ආත්මේ හරි ඊට එපිට මතු ආත්මවල හරි වෙන්න පුළුවන්...එක්කෝ අහෝසි වෙලා යන්න පුළුවන්..(පලදෙන්න අවස්ථාවක් නැති වුනාම) ඒත් හැමදේම වෙන්නේ කරුමේ නිසාමයි කියලා හිතුවොත් ඊට වඩා කරුමයක් ලොවෙත් නෑ...
ReplyDeleteවපුරන තරමට අස්වැන්න වගේ තමයි..පිං/පව් පලදීමත්
නොහැක්කක් නොමැත :)
ReplyDeleteඔය කරුමේ කියන්නේ අපේ උන්දැලා ලේසියට හදා ගත්තු වචනයක්නේ.. හැම දෙයක්ම ඉතිං කරුමෙ තමා කියල කියන්නේ.. ඒ වචනෙන් කියවෙන්නෙ මිනිස්සුන්ගේ කම්මැලි කම ගැන මිසක් වෙන දෙයක් නෙවෙයි..
ReplyDeleteකරුමය කියා ව්‍යවහාර කරන්නේ කර්මයයි.. එය අපගේ උපේක්ෂාව සිහිගන්වන වදනක් විනා ධෛර්යය අවම කරන වදනක්නොවේ. වැරදුන විටදී එය කර්මයට තබා, උපේක්ෂාව්නේ ඒ දිහා බැලීම අප පුරුදු පුහුණු වී ඇති විදියයි.. “මේ මගේ කරුමේ තමා“ කිය කිය භාවිතා කරන්නේ එයයි.. ඔබ කිව් පරිදිම කර්මය වෙනස් කළ හැකියි...අර අතුරු කතා ටික නියමෙට තියෙනවා. අද පරක්කු උනා බොල එන්නට
ReplyDeleteකර්මය ගැන ඉතාම් හොඳට බුදු දහමේ පැහැදිලි වෙනවා, ජිවිතයට බලපාන නියාම ධර්ම 5ක් තියෙනවා. කම්ම නියමය මින් එකක් පමණයි.
ReplyDeleteකර්මය විෂය, ලෝක විෂය, සත්ත්ව විෂය ගෝචර වන්නේ බුද්ධ ඥාණයට පමණයි දුකා.
මමත් බුධ්ධ දරුහනය වැඩියෙන්ම අදහන පිලිපදින කෙනෙක් නිසා කර්මය කයලා දෙයක් තියෙන බව දැඩිසේ විශ්වාශ කරනවා. ඒවගේම හැම අන්තර් බවයකදිම කරම්ය දම්වැලක පුරුක් සේ එකට බැඳී ගමන් කරන බවත් බුද්ධ දේශනාවේ පැහැදිලි කර ඇති නිසා. විශ්වාශ කරනවා.
ReplyDeleteයමෙක්ට ඒ කරුමේ වෙනස් කර ගැනිමට නම් කල්පනාකාරීම ඒ සඳහාම යොමුවි කටයුතු කල යුතුයි එයින් නරක කර්මය ප්‍රති විපාක දිම වලක්වා ගත හැකියි.
සැබෑම ධර්ම යුද්ධයක් අරඹමු..!
ReplyDelete———————————————————————
තිසරණ සරණ ගිය සැබෑ බෞද්ධ ඔබටත්, තිසරණය වෙනුවට මහමෙව්නාව පමණක් සරණ ගිය පින්වතුන්ටත්, නිර්මල ථේරවාදී ධර්මයේ චිරස්ථිතිය උදෙසාම ඇරඹෙන ධර්ම යුද්ධයකට මෙත් සිතින් ආරාධනා..!
———————————————————————-
http://srisadaham.wordpress.com/
http://goo.gl/Q1u1Q
ඇයි මේ හදිසියේ 'කරුමයක්' ගැන කල්පනා උනේ? හැමදෙනාගෙම දුක් ගන්නා රාළ හන්දද? :)
ReplyDelete@සෑම්!
ReplyDeleteකොහොන් කියෙව්වත් හෙම්බත් උනු වෙලාවට ඒ කියෝපුවා මතක නෑ බන් හිස්ක්
@වෙනී!
අනේ මන්දා බන්. පොතේ තියෙන කරුමෙයි නරක වෙලාවකට හැබෑවටම දැනෙන කරුමෙයි එකක් නෙමෙයිද කොහෙද බන්.
@මාතලන් !
කරුමේ කරුමේ වෙන මොනාද?
@වෙදනා!
වැඩේ කියන්නේ මහත්තයෝ ඔය අහල තියෙන ඒවා ඔක්කෝම ඕනම වෙලාවෙදි අමතක වෙන එකනේ අප්පා.
@කකා!
නෑ නෑ කකා එකක්
@හැලපයියා!
එතකොට ගොනා පස්සේ එන එක අයියේ?
@rnagi kella!
කියල වැඩක් නෑ අයියෝ
@කෙන්ජි!
එහේම් ඉන්නකොට පල දුන්නොත් තමා හිතෙන්නේ මේක නම් කරුමයක් පල දෙනවා වෙන්ටැ කියලා
@සහන්!
මාත් එහෙම තම බන්. සමහර දේවල් වලදී නම් හිතෙනවා පස්සෙන් එලෝ එලෝ පල දෙන්නේ කරුමේ න්සිආම තමා කියලා.
@පූසා!
ෆොටෝ එක නම් කිසි කමකට ඇති එකෙක් නෙමේ බන්. ඇහැට නොපෙනෙන කරුමේ ගන කියන්න ඒක තෝරා ගත්තා.
කරුමේ ගැන නම් වෙලාවකට අනේ මන්දා බන් එහෙමද කියලම හිතෙනවනේ.
@ගයානි!
ReplyDeleteඇත්ත ගයානි. භෞතික දේවල් නැතත් සතුට ලබන්න පුලුවන් අනිවාර්යෙන්ම.
නොලැබුනු දේවල් වලට වඩා ලබුනු / තීයන දේවල් වලින් වදයක් විඳිද්දී තමා හිතෙන්නේ මේක නම් කරුමයක්ද කියලා.
@හිරු!
අහ් එහෙනම් බොලාත් මගේ ජාතියේ.
@සාතන්!
මේක කරුමය ගැන ලියපු හර බර එකක් නෙමේ බන්.
මිනිස්සු හෙම්බත් උනාම හැමදේම කරුමෙට පටවන එක සාධාරණීය කරනය කරන්න ලියපු එකක්.
@හසරැල්!
ඒකනේ මල්ලී. වැටුනාම විතරයි කරුමේ. සැපෙන් ඉන්න කොට මොන කරුමයක් වත් නෑ.
@කස්සා!
මම නම් එදාම ඇඟිල්ල ගහලා බැලුවා හැබැයි කලින් ට්‍රිප් එක ඕෆ් කලා හික්ස්
@අරුණි අක්කා!
මම ඇත්තෙන්ම මේ වගේ හර බර සංවාදයක් බලාපොරොත්තු නොවී ලියපු පෝස්ට් එකක්. නමුත් සෑහෙන්න දෙයක් ඉගෙන ගනන් ලැබුනා. ස්තූතියි.
@මයියා!
කිව්වත් වගේ වාසනාව කියන එකට කරුමේ කියලා දාලා කතාකලොත් කවදාවත් කරුමෙට කරුමේ කියන්නේ නැතිවෙයිද මන්දා.
@වීයා!
ඕක කිව්වේ කරුමේ වෙන්ටෑ? හික්ස්
@නලීන්!
ඒ කියන්නේ ඔයා ලඟත් නැද්ද. මම නම් කියන්නේ ආදරේ කියලා දෙයක් තියෙනවා කියලයි.
@සෙන්නා!
ඒ ටික ද කොහෙද පෝස්ට් එකේ අදාල ම ටික. වැඩේ කියන්නේ බන් මොන දේ දැනගෙන උන්නත් එක වෙලාවකට හිතෙන එකනේ "මේක නම් කරුමයක් පඩිසන් දීමක්ද" කියලාඅ
@ඩූඩ්!
නැව ගිලුනත් බෑන් චූන් ඉන්න උනුත් කඩන් වැටෙන වෙලාවක් ආවොත්? උන්ටත් මෙහෙම හිතෙයි බන්
@ආවර්ජනා!
ඔව් නේ හොඳ සහ නරක සැප සහ දුක අතර දෝලනය වෙන ක්‍රියාවක්.
@සිතිජ !
ReplyDeleteපොඩ්ඩක් හිටහන් බන් හදිසි නොවී.
@චන්දන!
ඒක නම් එහෙම තමා ඒත් නරක වෙලාවකදී හිතෙන්නෙ අරෙහම.
@ඇලා!
අරුණි අක්කට කිව්ව වගේ. මේක ඇත්තෙන්ම මේ තරම් හරබර සාකච්චාවක් වෙයි කියලා මම හිතුවේ නෑ. කොහොම උනත් හැමෝටමපින් සිද්ද වෙන්න ප්‍රශ්නයකදී කරුමේ හරි වෙන කිසි දේක එකවුන්ට් එකකට නොදා අලුත් ම විදිහකට හිතන්න යමක් ඉගෙන ගත්තා.
@සරත්!
ලියන්න ලියන්න අයියේ හර බර ලිපියක් ලියන්න. වැඩේ කියන්නේ අර කිව්ව විදිහට නොතන මටත් හෙම්බත් උනාම හිතුනු එකනේ මේක නම් පෙර කරුමයක්ද කියලා.
@තරු!
"ඒත් කරුමෙ කිය කියා ඉන්නෙ නැතිව සමාජ වෙනසක් වෙනුවෙන් වැඩ කරන්න ඕන බව නම් මම විශ්වාස කරනවා... "
ඔව් මමත් එහෙම කෙනෙක් තමා. ඒත් එපාම වෙච්චි වෙලාවාක් අරෙහෙමත් හිතෙනවා අප්පා.
@නදිනි!
උත්සාහයෙන් කර්මය වෙනස් කරන කෙනෙක් හා. . නියමයි. මමත් එහෙමයි ඒත් නොහිතන වෙලාවක කඩන් වැටෙනවා. ආයේ ඉතින් නැගිටිනවා.
@කෝරලේ!
හ්හ්ම්ම් හ්හ්හ්ම්ම්ම්
@wmk!
ඔව් ඔව් කර්මය කියන්නේ හොඳට ත් පල දෙන්න පුලුවන් එකක් තමා නමුත් අපි පුරුදු වෙලා ඉන්න නරක දේවල් වලට විතරක් "කරුමේ" කියලා කියන්නේ.
@සංවේදී!
අහ් නියම උදාහරණයක් . .
අහ් අර ලිපිය ඒක නම් සුපිරියි. මම වගේ කලාතුරකින් වැටෙන අයට වගේම නිතරම කඩන් වැටිලා ඉන්න අයටත් ඒක හරිම වටිනවා මචං. ඒකත් ෆේස්බුක් එකේ ශෙයා කරන්න ඕන.
@පැතුම්!
ම් ම් ම් වෙන දේවල් නැතත් අපි කරන කරපු දේවල් නිසා විඳින විඳිවන හටි ගැන හිතුවාම ඒ කතාව හරියටම හරි.
@හසිත!
අනිවා ඩෙෆා
@චින්තක!
කම්මැලි කමටත් එකක්. උත්සාහ කරලා හෙම්බත් උනාම හිත හදාගන්නත් හොඳ බේතක්.
@දේශකයා!
අතුරු කතා තමයි බොල මේ පෝස්ට් එකේ ප්‍රධාන කතාව හික්ස්
@අයිලාෂ්!
ඒ බව දන්න අපි කෙල උනාම "මේක නම් කරුමයක්ම තමා" කියලා හිත හදා ගන්නවා මචෝ.
@දයා!
ඔව් මමත් එහෙම හිතන්වා දයා. සමහර දේවල් කරද්දී හිතේ තියෙන්නේ එකම දෙයයි. මේක පිනක් නම් මේ පිනෙන් මතු ඒ වින්ද වගේ දේවල් විඳින්න නොලැබේවා කියන එක.
@ශ්‍රී සදහම්!
"තිසරණ සරණ ගිය සැබෑ බෞද්ධ ඔබටත්, තිසරණය වෙනුවට මහමෙව්නාව පමණක් සරණ ගිය පින්වතුන්ටත්"
මම සැබෑ බෞද්ධයෙක්මද කියලා හරියටම සුවර් නෑ. මහමෙව්නා සරන ගිය අය ගැනත් අනේ මන්දා. නිවාඩු වෙලාවක ඒ අඩවියට ඇවිත් ගන්න පුලුවන් දෙයක් ගන්නම්. බොහෝම පින්.
@පොඩ්ඩී!
එයාලටත් වෙලාව අවහම කරුමේ පඩිසන් දෙනවා තමා . .
කරපු දෙයක් වැරදුනාම 'ඒක මගෙ කරුමෙ වෙන්න ඇති ..' කියලා හිතලා අලුතින් වැඩ පටන් ගන්න පුලුවන් නම් කරුමෙ විස්වාස කළාට කමක් නෑ මලේ. එහෙම හිත හිත විස්සෝප වෙවී ඒක විඳවන්නයි හොඳ නැත්තේ. ඊතලයක් ඉලක්කයක් හොයාගෙන වේගයෙන් ඉදිරියට යන්න අවශ්‍ය ජවය ලබා ගන්නේ ආරම්භයේදී පස්සට ඇද්දහම .. ඒ වගේම කවදාවත් වැරදිච්ච නැති එකෙක්, කවදාවත් අලුතින් දෙයක් කරන්න උත්සාහ කරලා නෑ කියලා කවුද පොරක් කියලා තියෙනවා. (මට මතක හැටියට ඇල්බට් අයින්ස්ටයින්).
ReplyDeleteචතුරීර්ය සත්‍ය පිළිබඳ අවබෝධය යනු කියවීමෙන් හෝ ඇසීමෙන් ලබන දැනුම නොවේ.
ReplyDeleteඑය තමාගේ අත් දැකීමකි. අවබෝධයක් ඇති වීම පිණිස, ‘ශ්‍රද්ධා’ (විශ්වාසයෙන් යුතුව පිළිගැනීම) ‘රුචි’ (තමාගේ කැමැත්තට අනුව පිළිගැනීමා’ ‘අනුස්සව‘ (ඇසීමෙන් පිළි ගැනීම) ‘ආකාර පරිවිතක්ක’ (කරුණු ගලාගෙන පිළිගැනීම) ‘දිට්ඨි නිජ්ඣානක්ඛන්ති’ (දෘෂ්ටිමය ලෙස වටහා ගැනීම) යන අවස්ථා ඉක්මවා යා යුතු බව ‘චංකි’ සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළහ.ඇසීමෙන් හා කියවීමෙන් සීනි පැණි රසැති බව දැන ගත්තත්, ඒ පැණි රස යනු කුමක්දැයි, අත්දැකීමක් වන්නේ සීනි ආහාරයට ගැනීමෙනි.
දුකා කර්මය බොහෝවිට ක්‍රියාවෙන් වෙනස් කරන්න පුළුවන්. බොහෝ කර්ම අපි කරන කියන දේ අනුව, ජීවිත හැඩගස්වා ගැනීම අනුව අහෝසි වෙලා යනවා. ඒ බව අත්දැකීමෙන්ම කියන්න පුළුවන්. පහුගිය මාස කීපයම මා යම්කිසි කර්ම විපාකයක ප්රථිඵලයක් ලෙස යම් විඳවීමක හිටියේ. නමුත් මේ අතරතුර කුසලකර්ම හා චිත්තභාවනාමය කර්ම ආනුභාවයෙන් එයින් මිදෙන්නට හැකි උනා. ඒනිසා කුසල් වැඩීමෙන් අකුසල මූල දුරුකරන්න පුළුවන් කියල විශ්වාසය තියෙනවා. කර්මය සමහර වෙලාවට අපිට වලක්වා ගතහැකියි.
ReplyDeleteඅනේ බන් උඹට අර රිප්ලයි බටොන් එක තියන ටෙම්ප්ලේට් එකක් දාගන්න නිකන්වත් හිතිලා නැද්ද ? මේක හරි කරුමයක් බන් :D
ReplyDeleteඇයි මචන් සෙන්නා මේ තියෙන්නේ ..
Deleteබලන්න මම කරුමේ වෙනස් කරපු හැටි..
මම කර්මයෙන් මිදුන කෙනෙක් ..
මාව විස්වාස නැහැ නේද ..:!
Deleteමාව විස්වාස නැහැ නේද ..:P
සුබ අලුත් අවුරුද්දක් වේවා දුකා ඇතුළු සැමට..!
ReplyDeleteඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDelete