මගේ මුල්ම පිටරට රැකියාව කරන කාලේ - කටාර් රාජ්‍යයේ - වැඩ කරන දවසක කෝල් එකක් ආවා. කතා කලේ අම්මා.
"පුතේ දැනට දවස් හතරකට කලින් තාත්තට ඩෙංගු හැදිලා හොස්පිටල් ඇඩ්මිට් කලා. ඔයාගේ යාලුවෝ ඉන්දික, හිමාෂ්, සමරෙ එහෙම තාත්තව බලා ගන්නවා. ඔයා බය වෙන එපා දැන් තාත්තට ගොඩක් හොඳයි"
අම්මට පිලිතුරු විදිහට මම මොනව කිව්වද මතකවත් නෑ.
මට මතක මගේ ඉස්මුදුනෙන් පටන් ගත්තු හිරි වැටීමක් බෙල්ල, පපුව, කකුල් හරහා යටි පතුලටම කරන්ට් එක වදිනවා වගේ දුවපු බව විතරයි.
"අනේ තාත්තා මැරුනොත්?"
මාව එතනම තිබුනු පුටුවේ ඉන්දවුනා කියලාත් මතකයි.
"තාත්තා නැතුව අපි කොහොම ජීවත් වෙන්නද?
එතකොට අක්කයි නංගියි දෙන්නත් බැඳලා පවුලෙන් වෙන්වෙලා, නංගී ජපානේ, මම කටාර්. ඒත් තාත්තා කියන්නේ අපේ පවුල් ගහේ මුදුන් මුල විතරක් නෙමෙයි මුලු ගහම. මට හිතුනේ එහෙම
පවුල වෙනුවෙන් තාත්තාට වැඩිය කැපකිරීම් අම්මා කලා උනත්, පිට රට ඉන්න නංගීත්-මමත් පවුලේ වියදම් බලා ගත්තා උනත් අපි හැමදෙනාම පවුල් ගහේ නිකම්ම නිකම් කොල. තාත්තා තමයි මුලු ගහම වුනේ.
මම එදාම නිවාඩු දාලා ලංකාවට ගියා.

යනකොටත් අම්මගේ, අක්කගේ, මගේ යාලුවන්ගේ සහ රෝහලේ වෙද-හෙද-හෙදි-සේවක පිහිටෙන්, සහයෝගයෙන්, උපකාරයෙන් තාත්තා සුවය ලබලා.
ගුවන් යානයේ ගමන් කාලය පුරාවටම මගේ හිත හිරි වට්ටපු එකම ප්‍රශ්නයයි තිබ්බේ.
"තාත්තා මැරුනොත් අපි ජීවත් වෙන්නේ කොහොමද? පවුලේ මූලිකයා නැතිවුනොත් අපිට මොනවා වෙයිද?"
ඒක තනිකරම ආත්මාර්ථකාමී හැඟීමක් වෙන්න ඇති, ඒත් ඒක එහෙමයි උනේ.
ඒ කාලේ අපි තුන්දෙනා ම වැඩියෙන්ම ආදරේ කලේ තාත්තට.
අක්කයි නංගියි තාත්තගෙන් ඇති වෙන්න ගුටි කාලා තිබුනත් අද වෙනකම් තාත්තා මට එක පාරක් වත් ගහලා නෑ.
මේ ලඟක් වෙනකම් ම සුනේත්‍රාගේ පූර්ව ජන්ම අපූර්වය සහ කර්ම අත්පොත කියවනකම්ම වගේ මම මේ ලොකේ තරහින් හිටියේ එකම එක්කෙනෙක් එක්ක.
ඒ තාත්තා එක්ක.
ලඟදී මගේ සොඳුරු ත්‍රස්තවාදියා විරුල් මගෙන් ඈත් වෙලා හිටපු මාස තුනට පස්සේ මට තේරුනේ මම තාත්තා එක්ක තරහා වෙන්න හේතුව.
මම තාත්තගෙන් ලොකූ ආදරයක් බලා පොරොත්තු උනා.
තාත්තගේ ව්‍යාපාරයට අනුව එක එක පලාත් වල තිබුනු ව්‍යාපෘති වලට ගියාම තාත්තා ගෙදාර එන්නේ සමහර විට මාසෙකින්, දෙකකින්, තුනකින්.
එහෙම කාලෙකින් එන තාත්තා අපිව හුරතල් කරයි කියලා මම නම් බලන් හිටියා.
සාලේ පැදුරක් එලාගෙන තාත්තා නිදා ගත්තාම පිට දිගේ ඇවිදින්න, පිටේ සුදු පාට බිබිලි කැඩුවාට එක බිබිලකට සත විසිපහ ගානේ අය කරන්න, තාත්තා පත්තරේ බලනකම් සරමේ ඔංචිල්ලා පදින්න . . .
මේ ඔක්කෝම හීන තාත්තා ගෙදර ආපු දා ඉඳන් වැඩි වෙලාවක් දේශපාලනය වෙනුවෙන් යොදවපු නිසා කැඩිලා බිඳිලා ගියාම තාත්තා ගැන තරහවක් ඉපදෙන්නේ නැතුව තියෙයිද?
ඒ ඔක්කෝම අතීතයේ කතා.
වර්තමානයේ මුනුබුරු මිනිබිරියෝ හත් දෙනෙක් ඉන්න සීයා කෙනෙක් වෙච්චි අපේ තාත්තට මුනුබුරු මිනිබිරියෝ බලන්න යන්න වෙලාවක් නැතත් කෙප්ප දෙසා බාන දේශපාලන රැස්වීම් වල කකුල් කෙඩෙත්තුව හැදෙන කම් හිටගෙන ඉන්න වෙලාව තිබ්බත් . . .
ඒ මුනුබුරු මිනිබිරියෝ හැමෝමත් උන්ගේ අම්මලා තාත්තා වගේම ආදරේ සීයට . . .
හැබැයි නොපෙන්නුවාට තාත්තාගේ හිතේ මගේ ගැනත් ලොකු ආදරයක් ඇති.
අපේ ගෙදර උන්දෑ නම් කියන්නේ එහෙම නැතිනම් කොහොමද ඔයා වලි දාන තරමට ඔයා එක්ක තරහක් ඇති කර ගන්නේ නැතුව ඉන්නේ කියලා. ඔයා කියන ජාති වලට කනට ගහන්නේ නැතුව හිනාවෙවී ඉන්නේ කියලා
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
පෙරේදා හවස නංගිගෙන් කෝල් එකක් ආවා.
"අයියේ තාත්තට හාට් ඇටෑක් එකක් ඇවිත් හෝමගම හොස්පිටල් එකේ නතර කලා"
කලින් දැනුනු හිරි වැටීම මෙද පාර නොදැනුනේ ඇයි?
මගේ හිතේ තාත්තා ගැන තිබුනු ආදරේ අඩුවෙලාද?
මම ළමයෙක් වගේ හිතන එක නතර කරලා වැඩිහිටියෙක් වගේ හිතන්න පටන් අරන්ද?
මගේත් රැවුල කොන්ඩේ සුදුවෙන්න පටන් අරන් එහෙම වයසට යන්න පටන් අරන් ඉන්න එකේ තාත්තාත් දැන් වයසයි කියලා මම හිතනවද?
මනෝකාය, මරණය හා සසර ප්‍රගමනය පොත ආපහු වතාවක් කියෙව්වට පස්සේ මාව ඕනෑම දුකක් වේදනාවක් ඉවසන්න තරම් නිර්වින්දනය කරලද?
"මම, මගේ කියලා මමත්වයකින් රැක ගන්න හදන දේවල් මගේ වෙන්නේ කොහොමද"
මගේ කියලා මම හිතාගෙන ඉන්න මගේ ශරීරය වත් මගේ නොවෙයි නම් . . . මගේ අය, මම ආදරය කරන අය, මට ආදරය කරන අය කියලා මම හිතාගෙන ඉන්න අය කරන දේවල් වලින් හිත රිදෝ නොගෙන ඉන්න ඒ පොතේ කරුනු හේතු වුනා තමයි.
කිසි දෙයක් නිසා ඕනවට වඩා සැලෙන්න නැතිව ඉන්න එක හොඳ දෙයක් උනත් මට වෙලාවකට හිතෙනවා එහෙම නොවී ඉන්න තිබ්බනම් කියලා . .
. . . . . . . . . . . . .
නංගීයි ඒ රෝහලේ වැඩ කරන මගේ මිතුරිය නදීගේ මල්ලී දොස්තර චමත් යි කියපු විදිහට තාත්තා ට සුව වෙමින් පවතිනවා. ඒත් සති ගානක් යනකම් බොහෝම පරිස්සම් වෙන්න වෙයිලු.
තාත්තාට ඉක්මනට සනීපවෙලා, ආපහු පරන සුපුරුදු පරිදි මට තාත්තා එක්ක වලි දාගන්න ලැබේවා.

අය්යගෙ තාත්තට ඉක්මනට සනීපවෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
ReplyDeleteදුකෝ ආදරය එහෙමමයි. නමුත් උඹ පරිනතයි..
ReplyDeleteඋඹගේ පොස්ට් එකටත් වඩා ලොකු කොමෙන්ටුවක් දාන්න පුලුවන් මේ ගැන ඒත් ඔය ඇති හොඳටම..
ආදරණීය තාත්තාට ඉක්මන් සුවය හා දීර්ඝායුෂ පතමි...
ReplyDeleteඋඹ දන්නවනේ දුකා..මං බොලාගේ තාත්තට බොහෝම මනාපයි..මොකද එක අතකින් උන්දෑ අපේ තාත්තගේ ජාතියේ පුද්ගලයෙක්... උඹනං ඒ දැක්මට පුල් ඔරොප්පු කියලා මං දන්නවා..ඒ උනත් මට අපේ තාත්තා සිහි වෙනවා නිතරම උඹ ඔය කතාව කියද්දී...
මමත් වැඩියෙන්ම ආදරේ තාත්තට...! අපේ අම්මා මේක දැක්කොත් මං කපෝති.
ReplyDeleteහැමදාමත් මාව අම්මාගේ වලි වලින් බේරුවේ තාත්තා. එච්චරක් නම් මදෑ... තාමත් අතින් අනාගෙන බත් කන්න කම්මැලි හිතුනම, තාමත් බත් කවනවානේ....
ඉක්මනටම තාත්තට සනීප වෙන්නයි කියල අපිත් ප්‍රාර්ථනා කරනව
ReplyDeleteතාත්තට ඉක්මන් සුව පතනවා!!
ReplyDeleteතාත්තාට ඉක්මන් සුවය වගේම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා අයියේ.
ReplyDelete[අනේ අයියා වලි දාගන්නවා කිව්වම මට නම් හිතා ගන්න බෑ, හරිම අහිංසක පුද්ගලයෙක් නෙව ඒ.]
ඔබේ තාත්තාට ඉක්මන් සුවය පතමි.
ReplyDeleteජය වේවා...
අපි හැමෝම තාවකාලික චරිත වෙච්ච එකේ කෙනෙක් එයාගේ චරිතය අවසන් කරලා යෑම සම්බන්ධයෙන් දුක් වීම නිශ්පල දෙයක්.ඒත්,මචං තාත්තා නැතිවෙච්ච දාක ඔය කතාව ඔය විදියටම කියන්නෙ නැති වග මට සීයට දාහක් විශ්වාසයි.උඹේ තාත්තාට නිදුක් නිරෝගී සුවය ලැබේවා...!
ReplyDeleteදුකා අයියාගේ තාත්තගේ ලෙඩ ඉක්මන්ටම සුව වෙන්න ඕන..
ReplyDeleteආදරේ ඩු වෙලා නම් නෑ අයියේ...
ReplyDeleteඅංකල්ට ඉක්මන් සුවය ලැබේවා....
වැඩි වැඩියෙන් වලි දා ගනීවා
තාත්තා කෙනෙක් නැති වුණාම හිතට දැනෙන දුක කොයි තරම්ද කියලා මම නියමෙටම දන්නවා . අදටත් මට කොහේ හරි තැනක වැරදුනාම මම "හිතන්නේ තාත්තා හිටියනම්" කියලා ..
ReplyDeleteඅයියන්ඩිගේ තාත්තට තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි !!
දුකා..
ReplyDeleteඋඹට හුඟාක් ප්‍රමාද නොවී සුනේත්‍රගෙ පොත ඇහැ ගැහිච්ච එක කොච්චර හොඳඳ...
තාත්තට ඉක්මන් නිරෝගී සුවය පතනව... ගෙදර එක්ක ආවට පස්සෙ දොස්තර ගොල්ලො කියන විදිහටම පිලිපදින විදිහෙ වැඩපිලිවෙලක් සෙට් කරන එක අනිවාර්යයෙන් අවශ්‍යයි...
ඔය වයසෙදි හිතුවක්ක්කාර වෙන්න හදන බව දන්න නිසයි කිව්වෙ...
තාත්තාට ඉක්මන් සුව පතනවා අයියේ!
ReplyDeleteදෙමාපියන් ජීවත්ව ඉන්න කාලේ ..විශේෂයෙන් රෝගීවූ
ReplyDeleteඅවස්ථාවේ ඔවුන්ට කරන්න පුලුවන් උපරිමය දක්වන්න ..
ඔබගේ පියාණන්ට ඉක්මන් නිරෝගී සුවය පතනවා!!!!!
තාත්තට ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...!!
ReplyDeleteමොනවා කියන්නද මන්ද . තාත්තට ඉක්මන් සුවය පතනවා . මටත් අම්ම තාත්ත ගැන ලියන්න ඕන . හිතන හැම වෙලා වේම හිතෙනවා ඊට වඩා හොඳයි නේද අම්මට කෝල් එකක් දුන්නනම් කියල . ඉතින් දවසින් දවස එය කල් යනවා .
ReplyDeleteතාත්ත කියන්න මගේ ලෝකයෙත් ඉන්න ලොකුම චරිතය..මටත් එයා නැතිව ජීවත් වෙන්න බෑ කොහොමටවත්.. එහෙම වෙන්න තියා මම ඒ ගැන හිතන්නවත් කැමති නෑ
ReplyDeleteඅයියගෙ තාත්ත ඉක්මනින් නිරෝගි වෙන්න පතනව...
මිතුරේ නුඹේ ආදරණීය තාත්තාට ඉක්මන් සුවය හා දීර්ගායුෂ පතනවා.
ReplyDeleteතාත්තා කියන මහා යෝධ පුරුෂයා පේනවට වඩා උසයි, හිත ගැඹුරයි. ඒ නිසාම වෙන්න ඇති තාත්තා විශේෂයෙන් පුතාට වැඩියේ ආදරය ප්‍රකාශ කරන්නේ නැත්තේ. එහෙමත් නැතිනම් මෙච්චරයි කියලා කියන්න වචන අහුවෙන්නේ නැතිව ඇති.
හිත කලබල කරගන්න එපා තෙරුවන් සරණින් ඉක්මනට හොඳවේවි. අපි ඒ වෙනුවෙන් පතමු.
තාත්තාට ඉක්මන් සුව ලැබේවා!!.ගෙදරින් හුඟක් ඈතක ඉද්දී මටත් සිද්ධවුන මේ වාගේම සිදුවීමකින් පස්සේ ගෙදරට දුවගෙන යද්දි මට හිතට දැනුන මහා බය මේක කියවනකොට මතක්වුනා.
ReplyDeleteඅයියාගේ තාත්තාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!
ReplyDeleteලොක්කට ඉක්මනට සනීප වෙන්න ඕන!
ReplyDeleteඔය හිතිවිල්ල අපි හැම එකාටම පොදු එකක් බං! ලඟ ඉන්න කාලෙට සතුටුයි. දුර ඉන්න කාලෙට කේන්තියි. ලොවෙත් නැති කාලෙට කේන්තියි.
මගේ ජීවිතයට ගොඩාක් සමීප පෝස්ට් එකක්.. මට තවමත් ඔයවගේ අත්දැකීමකට මුහුණ දෙන්න වුණේ නැති වුනත් පිට රටක ඉඳන් තාත්තාගේ අම්මගේ සුවදුක් ගැන විමසිල්ලෙන් ඉන්න මට ඔබේ හැඟීම් හොඳටම දැනෙනවා අයියේ... මමත් ඔය වගේම තාත්තාට ගොඩාක් ආදරයෙන් හිටි කෙනෙක්.. තවමත් එහෙමමයි. ඒත් ඔය කිව්ව විදියටම විශේෂයෙන් දේශපාලනිකවත් වෙනයම් ආකල්ප නිසාත් මමත් තාත්තා එක්ක ඔය විදියට වලි දාගත්තා.. තාමත් එහෙමයි.. ඒත් අද මගේ පුංචි පුතා ගැන ඇතිවෙන හැඟීමම තාත්තාටත් මම කෙරේ ඇතිවෙන්න ඇති කියලා හිතන කොට රංඩුවුන ඒව මතක් වෙලා දහස් වර තැවෙනවා..අසනීප වුණ වෙලාවක අඬ අඬා මාව කර තියන් දොස්තර ගාවට ගෙනිච්ච තාත්ත මට මැවිල පේනවා.. ඉතිං මම හිතාගෙන තියෙන්නේ මොනයම් කරුනක් නිසා හෝ ආයේ තාත්තා සමග රංඩු නොවීමට...ඔයාගේ සංවේදී පෝස්ට් එක ඒ හැඟීම තීව්ර කළා.. බොහොම පිං... අපි අයේ කවදාවත් තාත්තලා සමග රංඩු නොවී සිටීමට අපිටම පොරොන්දු වෙමු... තාත්තලා ඔක්කෝටම බුදුසරණයි...ඔයාගේ තාත්තාට ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteදුකා අයියගේ අප්පච්චිට ඉක්මන් සුව පතනවා.
ReplyDeleteදුකා අයියගේ තාත්තට ඉක්මනට සුව වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.......!!!!!
ReplyDelete"මගේ මුල්ම පිටරට රැකියාව කරන කාලේ - කටාර් රාජ්‍යයේ - වැඩ කරන දවසක කෝල් එකක් ආවා. කතා කලේ අම්මා."
ReplyDeleteමේ කොයි කාලෙදිද?????
අයියාගේ තාත්තාට ඉක්මන් සුවය වගේම දිර්ගායුෂ ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.............
ReplyDeleteමටත් ඔය හැඟීම කොච්චර දැනිලා ඇද්ද. තාමත් එහෙමයි.
ReplyDeleteඉක්මන් සුවයම පතනවා.
තාත්තට ඉක්මණ් සුවය පතනවා.
ReplyDeleteදුකාගේ තාත්තාට ඉක්මනින්ම සුව වේවි!! තාත්තායි පුතයි අතර තිබෙන බැදීම වෙනස් වෙනස් වෙන්නේ නැති වුනත් තාත්තා ගැන අපි හිතන විදිය විටින් විට වෙනස් වෙනවා. මේ ගැන නියමෙටම කියවෙන ඊ-මේල් එකක් කලකට ඉහතදී දැක්කා.
ReplyDeleteවයස්ගත තාත්තා කෙනෙක් තමන්ගේ පුතාගෙන් අහනවා අර කුරුල්ලාගේ නම මොකක්ද කියලා. ඒකා ගේ කුරුල්ලෙක් කියලා පුතා කියනවා. තාත්තා විටින් විට කිහිප සැරයක්ම අහනවා කුරුල්ලගේ නම මොකක්ද කියලා. පුතා එක පාරක් කියනවා. දෙපාරක් කියනවා. තුන් වෙනි පාර කියන්නේ මොන කරදරයක්ද මන්දා මන් දැන් කී සැරයක් නම් කිවුවද ඕකා ගේ කුරුල්ලෙක් කියලා සැර වෙනවා. තාත්තා ඒ පාර හිනාවෙවී පරණ ඩයරියක් අරගෙන අවුරුදු විස්සක්ට කලින් වෙච්ච සිදුවීමක් ලියා තිබෙන විදිය පුතාට පෙන්නනවා.
"අද මගේ පුංචි පූතාට ගේ කුරුල්ලාව අදුන්නලා දුන්නා. පුතා කුරුල්ලාට කියන නම පටල පටල වැරදී වැරදී පණස් පාරක් විතර මගෙන් අහගත්තා. දැන් එයා ගේ කුරුල්ලාව හොදින් අදුනනවා. මට හරිම සංතෝෂයි මෙච්චර ඉක්මනට එයා කුරුල්ලාගේ නම මතක තියාගත්ත එකට"
සන්ගා එන්ගල්න්තෙදි කරපු කතාවේ "සනත්ගෙයි,අරවින්දගෙයි,මුරලිගෙයි",අම්මලාට සහ තාත්තලාට පීන් දුන්නා වාගෙ,මේ බ්ලොග් අවකාසෙනුත් ඔයාගෙ තාත්තා සනිප වෙන්නයි පතන හුගාක් අය අතරේ මාත් එක්කෙනෙක් වෙන්නම්..
ReplyDeleteඉක්මන් සුවය පතනෙමි අයියාගේ තාත්තාට !
ReplyDeleteඅයියගේ තාත්තට ඉක්මන් සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteතාත්තාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා!
ReplyDeleteඔබගේ පියාණන්ට දීර්ඝායු පතමි.
ReplyDeleteරටින් පිට ඉන්නකොට ඔහොමදෙයක් උනාම දැනෙන හැගීම මට හිතාගන්න පුළුවන්! තාත්තට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනව.
ReplyDeleteතාත්තාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි.
ReplyDeleteපරිණතබව? වෙන මොකක්හරි වෙන්නැති බං....
ReplyDeleteතාත්තට ඉක්මන් සුවය පතනවා.
අයියාගේ තාත්තාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
ReplyDeleteඔය කෝල් එක දවසක විරුල්ටත් එන බච සිහි කරන්න.
ReplyDeleteඒම දුකකයි
යාම දුකකි
ඒම යාම අතර දුකකි
ඒ දුක නැති කරන එකම
පිළියම පෑ සම්බුදු හිමි
පිහිට පතමි ඔබ සැමටම
ඔයාගේ අප්පච්චිට ඉක්මන් සුවය පතනවා.
ReplyDeleteදුකා අය්යාගේ තාත්තාට ඉක්මනින් සුවය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඒ වගේම අය්යා එහෙම හිතුවට අය්යාගේ තාමත් එදා තිබුනටත් වඩා වැඩියෙන් ආදරයක් අය්යාගේ තාත්තා වෙනුවෙන් තියනවා කියලා මට නම් විශ්වාසයි
ReplyDeleteතාත්තට ඉක්මනට සනීප වෙයි අයියෙ... බය වෙන්න දෙයක් නෑ....
ReplyDeleteදුකාගේ පියාණන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteඔබේ පියාට ඉක්මන් සුවය ලෑබේවා.ඒ උනුසුම ගසේ සෙවන සතුට චිරාත් කාලයක් පවතීවා
ReplyDeleteඅයියාගෙ තාත්තට ඉක්මන් සුවය පතනවා..
ReplyDeleteකියන්න වැඩි දෙයක් නෑ...හැමෝම තාත්තට ආදරෙයිනේ ගොඩක්..
ReplyDeleteඅයියගේ තාත්තටත් ඉක්මන් සුවය පතනවා....
හැබැයි ඔන්න මේ පාර හොඳ වෙලා ගෙදර ආවම වැලි දාගන්න නම් එපා හොඳේ??? :D
තාත්තාට ඉක්මන් සුව පතපු හැමදෙනාටම බොහෝම ස්තූතියි.
ReplyDeleteමේ දැන් කතා කලාම නංගී කිව්වා නංගීගේ ගෙදර එක්කගෙන ආවා කියලා.
තාත්තා නම් කියන්නේ ඩොක්ටර්ස්ලා මාසයක් රෙස්ට් කරන්න කිව්වා ඒත් දැන් හොඳයි ආපහු ගෙදර යන්න ඕන කියලා.
ඒත් ගෙදර ගියොත් රෙස්ට් කිරීම නම් වෙන්නේ නැති බව දන්න නිසා මගේ උත්සාහය කොහොම හරි ටික දවසක් නංගිලගේ ගෙදරම නතර කරලා තියන්න.
අයියාගෙ තාත්තට ඉක්මන් සුවය පතනවා මමත් !
ReplyDeleteඅයියගේ තාත්තට ඉක්මන් සුවය පතනවා..
ReplyDeleteඅපේ තාත්තත් රස්සාව හින්දම ගොඩක් මගෙන් ඈත හිටියේ ඒ නිසාම මට අයියව තේරෙනවා.. ඒත් තාත්තා, මට ලග ඉන්න හැම දවසකම අදරේ දුන්නා මහ මෙරක් වගේ..අදටත් එහෙම්මමයි ඒ ආදරේ..
හැම තාත්තෙක්ම දරුවොන්ගේ මුදුන් මුල තමයි අයියේ..ඒක මට අද වෙනදට වඩා දැනෙනවා...
දුකා අය්යේ, තාත්තා ගැන තියන ඔය හැඟීම මම හිතන්නෙ මම ඇතුළු බොහෝ දෙනෙකුගෙ හිතේ තියන දෙයක්. ආදරේ......... මහ අමුතු දෙයක්. මෙන්න මෙහෙමයි කියල පෙන්නන්න බැරි තරම්.
ReplyDeleteදුකා අයියාගේ තාත්තාට ඉක්මන් සුවය ලැබේවා !
තාත්තාට නිදුක් නිරෝගී සුව පතමි !!!!!
ReplyDeleteමම ගොඩක් කල් ඉදන් අය්යගෙ බ්ලොග් 1 බලනවා.ඓ උනාට කමෙන්ට් කලේ අද තමය්. මේක බලලා මට මගේ තාත්තා මතක් උනා...තාත්තා නැති උනේ මම කරනකොට..කඩේට හොරු ඇවිත් තාත්තව මැරුවා..අදටත් ඒ සිදුවීම මට දරා ගන්න බැරි දුකක්...
ReplyDeletemistake- මම ඒ ලෙවල් කරනකොට.
ReplyDeleteහිකිස් . . . අයියේ . . . තාත්ත තමයි බං මිනිහෙකුට බය නැතුව වලියක් දාගන්න පුලුවං එකම මනුස්සයා . . . . මමයි මගෙ තාත්තයි සතියකට දවසක් වත් අනිවා මරාගන්නව . . . . ඒත් මම දන්නව මට තාත්ත නැතුවවත් . . . . . තාත්තට මාව නැතුවවත් ඉන්න බැරි විත්තිය . . . . .
ReplyDeleteලංකාප්‍රියගෙ සිතුවිලි ලියන සරත් අයිය කියනව වගේ . . . . තාත්තගෙ ආදරේ කියන්නෙ අපි හුස්මගන්න වාතය වගේ . . . . අපි අවට තියනව . . . අපිට පේන්නෙ නෑ . . . . ඒත් අපිට දැනෙනව . . . . . ඒ ආදරේ නැතුව අපිට පවතින්න බෑ . . . . .
උඹේ තාත්තට ඉක්මන් සුවය සහ තව බොහෝ කලක් ජීවත්වෙන්න ලැබේවායි පතනව . . . .
දුකා අයියාගේ තාත්තාට ඉක්මන්සුවය ප්‍රාර්ථනා කරනවා මමත්..!
ReplyDeleteමේ ටිකේ මගේ සොඳුරු ත්‍රස්තවාදියා ලඟ ඉන්න නිසා හරි අමාරුයි කොම්පූටරේ ලඟ ඉඳගෙන කොමෙන්ටු වලට පිලිතුරු ලියන්න. සුභ පතපු හැමෝටම ආයේ පාරක් ස්තූතියි හොඳේ. තාත්තාට දැන් බොහොම හොඳයි.
ReplyDeleteතාත්තට නිරෝගී සුව ලැබේවා .......
ReplyDeleteඇත්තටම පොඩි කාලේ අපිට ඕන ආදරේ දෙමවුපියන්ගෙන් ලැබුනෙ නැති උනාම පසුකාලීනය ඒ අයටත් අපෙන් ඒක ලැබෙන එකේ ප්‍රවනතාවය අඩුයි ...
ආදරණීය තාත්තාට ඉක්මන් සුවය හා දීර්ඝායුෂ පතමි
ReplyDeleteමම මේ පැත්තේ එන්න පරක්කු උනා නේ.
ReplyDeleteදුකා අයියගේ ආදරණීය තාත්තාට ඉක්මනින්ම..නිදුක් නිරෝගී සුවය හා දිර්ඝායුෂ..පතමි.
මට හිතෙන්නේම අපේ තාත්තත් ඔය වගේමයි කියලා..අයියා.
මටත් පහුගිය කාලෙ මේ පැත්තෙ එන්න බැරි වුණා.. සමා වෙන්න ඕනෙ.... තාත්තට දැනටමත් සනීපයිනේ... ඒක හින්දා දීර්ඝායුෂ පතන්නම්...
ReplyDeleteඅඩු පාඩු කොයිතරම් තිබුණත් තාත්තලා බොහොමයක් දුකා ගේ තාත්තා වගේ තමයි. එයාලා ගැන ලියන්න කොයිතරම් දේවල් තියෙනවද?
දුකා මල්ලිගෙ දයාබර පියාණන්ට ඉක්මන් සුව තෙරුවන් සරණින් පතනවා. ඔබවැනි දරුවෙකු ලොවට දායාද කල තාත්තා සදා රැක දේවා!
ReplyDeleteපෝස්ට් එක දැම්මෙ 12නෙ දුකා. දැන් තාත්තට කොහොමද?
ReplyDeleteමගේ පියා නම් දැන් ජීවතුන් අතර නැහැ. ඒත් මට නං තාත්ත නැතිවුණු වෙලාවේ දුකක් දැනුනෙ නෑ. හේතුව තමා තාත්තගේ මරණයේ තිබ්බ සාමකාමී බව. පැත්තකට අලවෙලා නිදාගන්න ගිය විදිහටම මියගොස් තිබුනා. මරණ මොහොතෙදි කිසිම දුකක් විඳපු බවට සලකුණක් තිබුනේ නැහැ. ඇත්තටම මට සන්තෝෂයක් ඇතිඋනා. මොකද අපේ තාත්තට හරියට හතිය තිබුන. තාත්තගේ මරණ මොහොත දුක් බර එකක් වෙයි කියන බයෙනුයි මං හිටියෙ. ඉතින් එහෙම නොවී අර තරං සන්සුන්ව තාත්තට අපෙන් වෙන් වෙන්න හැකිවීම මටනම් සන්තෝෂයක්.
ReplyDeleteඒ මොනවා උනත් දුකාගේ තාත්තට ඉක්මන් සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව!
තාත්තාට දැන් සනීපයි . . .
ReplyDeleteතාත්තාට ඉක්මන් සුවය පතපු හැමදෙනාටම බොහෝම ස්තූතියි . . .
අදයි කියෙව්වෙ
ReplyDeleteසනීපයි කියල දැක්ක තාත්තට සන්තෝසයි
තාත්තගෙ අගේ මට නම් දැන් හොඳටම තේරෙනවා. ඉන්නකොට අගේ නෑ නැති උනාම අගේ කියල නිම කරන්න වචන නෑ. හිතන්න