දෙමාපිය සෙවනේ වැඩෙන කුඩා වයසේ පටන් රැකියාවක් කරමින් ස්වාධීන වූ පසුවත්, ඉන් මතු අතපය වලංගු නොමැති මහළු වයස වන තුරුත් - අප අසාධාරණයට එරෙහි නොවන්නට, අසාධාරණය දැක දැක එය ඉවසමින් දීන ලෙස ජීවත් වන්නටත් උගත්තෝ වෙමු, අනුබල ලැබුවෝ වෙමු.
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
කලබල නොවන්න මේ මගේ ගොං මොළයට දැනෙන සැටිය.
මා ජීවත් වූ සහ ජීවත් වන සැටිත්, දෙමාපිය, සෝයුරු, ඥාති, අසල්වැසි, මිතුරු ආදී සියළු දෙනා ජීවත් වූ සහ ජීවත් වන සැටිත් අනුසාරයෙන් මට දැනෙන සැටිත්ය.
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
දෙමාපිය සෙවනේ වැඩෙන කුඩා වයසේදී, හම්බුකරන තුට්ටු දෙකෙන් කටගොන්නක් බීගෙන මහ රෑ යක්කු ගස් නගින දෙගොඩහරි ජාමේ පැමින කෑම බීම වල නැති අඩුවක් සොයා පිඟන් කෝප්ප පොලොවේ ගසා මව සමඟ දබර කරන පියෙක්ගේ ඒ අසාධාරණ ක්‍රියාවට පවුලේ සාමාජිකයෙකු ලෙස දරුවෙකු, යව්වනයෙකු ලෙස ඔබ එරෙහි වූයේ නම් . . . .
“මොන මගුලටද තාත්තා ඔය තරම් බීලා එන්නේ. ඒ නාස්ති කරන සල්ලි වලින් හැමදාම ස්කෝලේ අඳින එකම යුනිෆෝම් එක වෙනුවට තව එකක් මහලා දුන්න නම් මොකේ වෙන්නේ. අනික තාත්තා බිව්වයි කියල අම්ම ටේස්ද??”
වැරදීමකින් හෝ දරුවෙකු / යව්වනයෙකු වූ ඔබේ මුවින් මෙවැනි යමක් පිට වූයේ නම් . .
මුලින්ම අසාධාරණයල ලක්වූ මවද ඇතුලුව පවුලේ වැඩිහිටි සියළු දෙනා ඔබට එරෙහිව අවි ඔසවනවා නොවේද??
“අපෝ තෝ වගේ මූසලයෙක්. කන්න බොන්න දෙන තාත්තට ඔහොම කතා කරනවද??”
“තාත්තා ගැන ඔහොම කතා කරලා පව් පුරෝ ගන්න එපා යකෝ”
“මොන වැරැද්ද කලත් එයා තාත්තනේ, එයාට විරුද්ධව ඔහොම කතා කරන්න උඹ මොන ලොක්කෙක්ද?”
ඔය ආදී ලෙස ඔබට චෝදනා කරමින් ඔබව ඉහේ සිට පතුරු ගසමින් පියාගෙන් (සෑම පියෙක්ගෙන්ම නොවේ – සමහර පවුල්වල මව, සීයා, ආච්චී, අක්කා, අයියා, නැන්දා, මාමා විය හැකියි ) පවුලට වන අසාධාරණය ඉවසමින් දීනයෙකු ලෙස පවුල තුල ජීවත් වන්නට ඔබට බල කරනවා නොවේද??
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
පාසැල් සිසුවෙකු ලෙස පාසැලේදී ගුරුවරයෙකුගෙන්, විදුහල්පතිගෙන් අසාධාරණ ලෙස පහර කෑමකට ලක් වූයේ නමෙ නැතහොත් සරසවි සිසුවෙකු ලෙස සරසවි පද්ධතියෙන්, පාලක ආන්ඩු පක්ශයේ ඇමතියෙකුගෙන් සිදුවූ අසාධාරණයකට ඔබට මුහුන දෙන්නට වූයේ නම් . . .
“ගුරුවරයෙක්ගෙන් ගුටි කෑවට පව් නෑ බං”
“කැම්පස් ගියේ ඉගෙන ගන්නනේ. ඕන දේකට ඔලුව පත් කරගෙන ඉගෙන ගන්නවා මිසක් අසාධාරණයට විරුද්ධව උද්ගෝෂණය කරන්න යනව එහෙම නෙමෙයි. ගිහින් ඔලු පලාගෙන ගෙදර එනව නෙමෙයි”
මේ ආදී ලෙස අසාධාරණයට ලක් වූ පුද්ගලයා ඔබ වුවත් දීනයෙකු ලෙස එය ඉවසා දරා ගන්නට ඔබ අනුබල ලැබුවා නොවේද??
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
ස්වාධීන මිනිසෙකු ලෙස රැකියාවක් කරමින් ජීවත් වීමේදී කිසියම් උවමනාවකට ප්‍රාදේශීය සභාවට, නගර සභාවට, රජයේ කාර්‍යාලයකට, රෝහලකට යන්නට වූයේ නම් – අප මිලදී ගන්නා හාල් හුන්ඩුවෙන්, පොල් ගෙඩියෙන් පවා ගෙවන බදු මුදලින් හෙවත් මහජන මුදලින් වේතනය ලබනා පියන්ගේ පටන් අදාල රාජකාරිය කරන ලිපිකරුවා දක්වා අයගේ කෙනෙහිලිකම්, නොසලකාහැරීම් වලට ලක් වන නමුත් ඔවුන්ව නඩත්තු කරන මහජනයා වූ අප අපේ මුදලින් යැපෙන රජයේ සේවකයා අපට කල අසාධාරණයට එරෙහි වන්නට තරම් අදීන කමක් අප සතු වීද??
“කෝ කෝ එහාට වෙනවා එහාට වෙනවා හරක් වගේ ඉන්නේ නැතුව, එලියට වෙලා ඉන්නවා එලියට වෙලා ඉනන්වා ක්ලාක් මිසී ආවහම පෝලිමට එනවා”
“ලියුමේ අත්සන ගැලපෙන්නේ නෑ, දිවුරුම් පෙස්සමක් අරගෙන ලබන සතියේ මහජන දිනෙට එනවා”
“ප්‍රදේශීය ලේකම්ගේ අත්සනයි සීල් එකයි ගහගෙන ලබන සතියේ එනවා”
“මොකෝ කෙඳිරි ගාන්නේ. කෑනුගහ ඉන්නවා. ඔය තරම් අමාරු නම් ප්‍රයිවෙට් හොස්පිටල් එකකට යන්න තිබ්බනේ”
“බෙරිහන් දෙන්නේ නැතුව ඉන්නවා ගෑනියේ, බඩවල් හදාගෙන එනව මෙතනෙ හුරතල් වෙන්න”
මේ ආදී ලෙස පීචන් වෙන්න සිදුවූ අවස්තා කීයක් ඔබේ මතකයේ ඇද්ද?? මිතුරන් ඔබට පවසා ඇද්ද??
මේ සියලු අවස්ථා වලදී දීනයෙකු ලෙස ඉවසා සිටියා විනා ඔවුන් නඩත්තු කරන මහජනයෙක් වීම කෙසේ වෙතත් මිනිසත් බව ලැබූවෙක්ට හිමි ගව්‍රවය පවා නොලැබූ අයෙක් ලෙස අප ඔවුන්ට එරෙහි වී ඇද්ද??
“ඇමති තුමාට බැන්නොත් හරි වැඩේ කර ගන්න පුලුවන්, පියන්ට හරි ක්ලාක්ට හරි බැන්නොත් ඉති සොරි තමයි. ෆයිල් එක මිසින් කියලා වැඩේ හබක්”
“නර්ස් නෝනගේ කට මිරිස් ගලක උලන්න හිතෙනවා තමයි කියන ඒවට ඒත් වචයක් වත් කියන්නේ කොහොමද ඊට පස්සේ මොනව කරයිද කවුද දන්නේ”
මේ ආදී ලෙස අපේ ම හිත රවට්ටා ගන්න හේතු ඉදිරිපත් කරමින් දීනයෙකු ලෙස ඔලුව පහත් කරගෙන සිටියා නොවේද අප ??
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
රණවිරුවෙකු ලෙස යුද බිමේදී දිවි පරදුවට තබා සටන්කොට නැති නම් රජයේ සේවකයෙකු ලෙස ජීවිතයම කාර්‍යාලයක ගතකොට විශ්‍රාම ගිය පසු ඔබේ සීයාගේ ආච්චිගේ විශාම වැටුප සකස් කර ගැනීමට අදාල කාර්‍යාල වලට ගිය පසු කෙතරම් නම් කෙනෙහිලි කම් වලට ලක් වී ඇද්ද??

ඒ කෙනෙහිලිකම් වලට ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ කෙසේද??
දීන ලෙස ඉවසා නෑසෙන කන්ව සිටියා විනා “අපි මේ වගේ රැකියා කරපු අය, රට වෙනුවෙන් ජීවිතය පූජා කරපු අය – ඇයි අපිව මේ විදිහට රස්තියාදු කරන්නේ” කියා වත් ඇසූ බව ඔබට ඇසුනාද?
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
සමාජයේ පුරවැසියෙක් ලෙස පාලක පක්ෂයේ ඇමතියෙකුගේ, ජනාධිපතිගේ හෝ රජයෙන් - අසාධාරන යැයි ඔබට හැඟෙන ඔවුන්ගේ ක්‍රියාකරකම් හෝ තීන්දු තීරණ නිසා අද දින ඔබට හෝ අනාගතයේදී ඔබේ දරුවන්ට මුහුනපාන්න වෙන අසාධාරණයකට එරෙහිව ඔබේ මතය ප්‍රකාෂ කරන්න ඔබේ විරෝධතාව කියාපාන්න තරම් ඔබ අදීන යැයි ඔබට ඔබ ගැන විස්වාසද??
තමාගේ දීන කම තමාට ඉවසුම් නැති අවස්තාවකදී පිටාර ගොස් ඔබ ඒ අසාධාරණයට එරෙහිව වචනයක් හෝ පිට කලේ නම් . .
“කලුගල් වල ඔලුව ගහගන්නේ නැතුව හිටපන් මචං”
“දෙනදේ කාලා වෙනදේ බලාගෙන ඉන්නවා මිසක් ඕවට කතා කරන්න ගිහින් බල්ලෙක් වගේ මරලා දැම්මොත් පාඩුව ගෑනිටයි ළමයින්ටයි නේද”
අදී වශයෙන් උපදෙස් ලැබ අදීන වීමේ අදහස පැත්තකට විසිකොට සුපුරුදු දීන කමින් ජීවත් වෙන්න උත්සාහ කරනවා නොවේද??
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
කොටින්ම මිතුරෙක්ට, හිතවතෙක්ට වත් කියාගන්න ඇවැසි දෙයක් කෙලින්ම මූනට පැවසීමට තරම් අදීන කමක් බොහෝ අයට නෑ නොවේද??

බ්ලොග් අවකාශේ කෙනෙක් පලකල මතයකට තමාගේ විරෝධතාව කෙලින් කියන්න තරම් අදීන කමක් නැති අය ඇනෝනිමස් හෝ වෙන නමකින් ප්‍රොෆයිල් හදාගෙන අදහස් පලකරනවා අප කෙතරම් දැක ඇද්ද?? ඇත්විඳ ඇද්ද??
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
මෙසේ දීන ලෙස ජීවත් වන්නට අපගේ විශේෂ කැමත්තක් තිබෙනවාද??
නැතහොත් පෙර රජකාලේ පටන් රජ, ඇමැත්තෝ සහ සෙබළු ඉදිරිපිට “බඩගැත්තරයාට සමාව බයබෝයි හාන්දුනන්නේ” කියමින් දීන ලෙස වැඳ වැටුනු අපේ මුතුන් මිත්තන්ගේ ජාන වලින් අපට ලැබුනු දායාදයක් නිසා ද??
එසේත් නැතහොත් අදීන ලෙස ජීවත් වෙන්නට බැරි අපගේ සිස්ටම් එකේ ඇති කිසියම් වැරැද්දක් නිසාද??
සිස්ටම් එකේ වැරැද්දක් නම් එය නිවරදි කිරීමට ආඬි හත්දෙනා කලාක් මෙන් "මම නොකලට අනිත් එකා කරයිනේ” කියා බලා සිටිමුද??
නැතිනම් තව චිරාත් කාලයක් දීනයෝ ලෙස ජීවත් වෙමුද??
අනේ මන්දා . . .

Pic taken from : http://unbreakablemanlaws.com/2009/11/06/mantheoryopportunity/
ලොකු කතාවක් කියල අන්තිමට ඇවිල්ල තියෙන්නෙ හරි තැනට.. මේ රට හදන්න බෑ සංසාරෙට.. අපි හැදෙනව මිසක්....
ReplyDeleteදුකා,
ReplyDeleteසම්පුර්න ඇත්ත, කොමෙන්ට් එකක් හැටියට මොනව කියන්නද කියලවත් හිතාගන්න බැහැ තවම. විකල්ප මොනවද?
අයියා කියන මේ කථාව ඇත්ත. ඒත් කරන්න දෙයක් නැහැ වගේ තමයි අපට ජීවත් වෙන්න වෙන්නේ. කොටින්ම මාරයා අයියාත් දන්නවා අපි ලයිසන් එක ගන්න ගිහින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දවසම කාලය ගත කරපු හැටි. උදේ 9 ඉඳලා හවස 4 15යි එතැනින් එද්දි. කාට කියන්නද? ටෙස්ට් පේපර් එක ලියලා ලකුණු ටික අහගෙන තාවකාලික අවසරපත්‍රය ගන්න තමයි එහෙම හිටියේ. කලින් සූදානම්ව තිබුනු අවසර පත්‍රයෙත් සීල් එක ගහන්න විතරයි තිබුනේ. ඕවාට කථා කරන්න ගියා නං අවසර පත්තරෙත් නැහැ, අන්තිමට ලයිසමත් නැහැ, නාස්ති වුනු දවසත් නැහැ. මේ අවුලට මොකක් කරන්නද වැටහෙන්නෙත් නැහැ. හැබැයි අසාධාරණයට ලක් වෙච්චි සේරම දෙනා එකතු වෙලා, අසාධාරණය කරපු කෙනාගේ තට්ටේ පැලුවා නං පොඩ්ඩක් විතර ශේප් වෙන්න තිබුනා. :D
ReplyDeleteදුකා අයියා මෙක හරියට දම් වැලක් වගෙ ඉස්සරහාට යන දෙයක්.
ReplyDeleteදුකා අයියා සිස්ටම් එකට විරුද්දව යද්දි සිස්ටම් එකෙන් අපිව ප්‍රතික්ෂෙප වෙනවා. මෙක මම පැහැදිලිව අත්දකින ඇත්තක්.
අපි හිතන තරම් හොද මිනිස්සු නෙමෙ අපි.
හොද දෙ හරි දෙ කරන්න ගියොත් අපිට නටන්න බැහැ. අපෙ උඩ උන් නටපු හින්දා අපි පරිප්පු කනවා. අපි නටන හින්දා අපෙ යට උන් පරිප්පු කාවි දවසක. අපි නටන්න පටන් ගන්නකොට අපිට කලින් නටලා නටලා නටන්න පන නැතිවෙද්දි උන් නිවන් යන්න, සුවර්ගයට යන්න දගලනවා පංසල් පල්ලි ඇතුලට රිංගගෙන. 50 ගණන් වලින් පස්සෙ ලංකාවෙ ඇතිවුණ නාගරාසන්න ප්‍රදෙශවල ඇතිවුණ සිස්ටම් එක එකයි. ඉතින් අපි එතනනෙ ඉන්නෙ.
ඇත්තටම අපි ආසධාරණෙන් යැපෙන මිනිස්සු. අසාධාරණෙ ලොකෙ නැති වුණොත් අපිට මැරෙන්න වෙන්නෙ කියලා දැනෙන තරමටම අපෙ මොළය හැදිලා තියන්නෙ.
දෙමාපියන්ට වැඩිහිටියෙකුට ගුරුවරුන්ට ගරු කිරීම දීනත්වය කියලා අර්ථ දක්වන්න එපා දුකා.
ReplyDeleteපොස්ට් එකේ ගොඩක් දේවල් සම්පූර්න ඇත්ත මටත් කියන්නෙ මොනාද කියලා හිතා ගන්න බැරි උනා. ඒත් අනේ මන්දා බන්.
සහතික ඇත්ත. තව කෑල්ලක් තියෙනවා. ඔය වගේ තැන් වල යම් කෙනෙක් අසාධාරණයට විරුද්ධව නැගිටින්න උත්සාහ ගන්නවානම්, එක්කෝ එයාට විශේෂ සංග්‍රහයක් කරලා ඒ පැත්තට නම්ම ගන්නවා, නැත්නම් එයාට බලය පෙන්නලා නිහඬ කරනවා. උදාහරණෙකට කැම්පස් එකේ තේ එක රහ නෑ කියලා කෑ ගහන අයට විශේෂ තේ එකක් හදලා දෙනවා. නැත්නම් ඌට තේ නොදී ඉන්නවා.
ReplyDeleteමොනවා වුනත් බැඳීම් දහසක් එක්ක ජීවත් වන අපට ඒ කිසිම දෙයක් ඔට්ටුවට තියන්න බෑ අපේ ජීවිතේ ඔට්ටුවට තිබ්බත්. ඉතිං කොහොමද අපි අදීන වෙන්නෙ. කියන්න ඕන දෙයක් තිබ්බත් බොහොම සූක්ෂමව තමයි කියන්න වෙන්නේ...
ඔය කියන කාරණාව දැන් ජාන ගතවෙලා අහවරයි. මිදෙන්න ආස උනත් ඒකෙන් ලැබෙන්න ඉඩ තියෙන ප්‍රතිඵල දිහා බැලුවම ඉස්සරහට තියාපු පය ආපස්සට තියවෙන්නෙ නොදැනීමයි. එකෙක්ට එකෙක් නැති සමාජයක තනි පුද්ගල නැගිටීමකදි ලැබෙන්න තියෙනෙ දේට වඩා නැතිවෙන්න ඉඩ ඇති දේ බොහෝමයි දුකා අයියෙ.
ReplyDeleteඔතනදි විප්ලව කරනව වෙනුවට තම තමන්ගෙ යුතුකම් සහ වගකීම් ගැන ඉහල ඉඳල පහලට සැලකිලිමත් වෙනවනම් ලැබෙන ප්‍රතිඵලය විප්ලවයෙන් ලැබෙන දෙයට වඩා සාර්ථකයි. එහෙම නොවීම කරුමෙ කියල බකං නිලාගෙන නොඉඳ විකල්පයක් මතුවෙනවනම් හොඳයි.
ReplyDeleteමම දන්නෙ ලංකාවෙ හැටි විතරයි, ඒක නිසා මේක මෙහෙම උනේ ඇයි කියල සාධාරණ විශ්ලේෂණයක් කරන්න මට බෑ.
@නිෂ්,
ReplyDelete"දෙමාපියන්ට වැඩිහිටියෙකුට ගුරුවරුන්ට ගරු කිරීම දීනත්වය කියලා අර්ථ දක්වන්න එපා දුකා"
වැඩිහිටියන්ට ගෞරව කිරීමයි වැඩිහිටියෙක්ගෙන් සිදුවන අසාධාරණයක් ඔහු හෝ ඇය වැඩිහිටියෙක් කියලා ඉවසා සිටීමයි දෙකක් කියලයි මට නම් හිතෙන්නේ.
වැඩිහිටියෝ ගෞරව ලබන්න සුදුසු විදිහට ජීවත් වෙනවනම් බලෙන් කිසිවෙක් ලව්වා ගෞරව කරවා ගන්න ඕන නෑ ඉබේටම ඔහු හෝ ඇයට ලැබිය යුතු ගෞරවය ලැබෙනවා නේද??
පවුල ඇතුලේ නිහඬ කැපකිරීම් කරන අතිමහත් මානව දයාවෙන් සියල්ලන්ට සලකන අම්මාට ලැබෙන ගෞරවය ඒකට හොඳම උදාහරණයක් නේද??
පාසැලක හොඳ ගුරුමහතෙකු මහත්මියෙකු ගැන සිතන්න. නපුරු ගුරුවරයෙක් එනවිට ආචාර කරන්නේ හිත ඇතුලේ තරහ තියාගෙන. නමුත් අර වගේ කෙනෙකුට අපි පනවුනත් දෙන්න ලෑස්තියි නේද??
දුකා;
ReplyDeleteප්‍රශ්නය තියෙන්නේ දින වූ අපේ හිතේ නොවේ. වැරැද්ද දැක කා ගැහුවට විකල්පයක් දී ගන්න බැරි කමයි. ඇත්තටම මේ අසාධාරණ වලට එරෙහි වී කරන්න දෙයක් නැති කමයි.
බොහෝ දෙනා මෙය දේශපාලනිකව බලා "අහවල් ක්‍රමය කලොත් මේ අසාධාරණ නැති වෙයි" කියති. කිව්වට ඒ ක්‍රමය කරන තැන්වල මීටත් වඩා දින විදිහට මිනිස්සුන්ට ඉන්නට සිදු වේ.
මං හිතන්නේ මෙතැනදී අවශ්‍ය ගතිගුණ කිහිපයක් තියෙනවා.
- උපේක්ෂාව
- ඉවසීම
- [ස්ථානෝචිත] ප්‍රඥාව
- විචාරශීලිව ප්‍රශ්නය දිහා බැලීම
- උපක්‍රමශිලිබව
- කල යුතු දෙය කිරීම
ආර් එම් වී එකට වැඩක් කර ගන්න ගිය මිනිහෙකුට එතන උන් දස වද දුන්නා. මිනිහා සද්ද නැතුව වැඩේ කරගෙන ආවා. ඒත් මිනිහවත් දන්නේ නැහැ තව හය මාසෙකින් එයා ම ආර් එම් වී එකේ ලොක්කා හැටියට පත් වෙලා එන බව. පොර සිස්ටම් එක සුද්ද කළා කියලයි දන ගන්න ලැබුනේ.
අපිට ඉතින් ඔච්චර ලොකු බූල් බල්ලෝ නෑ. එත අසාධාරණේ දකින දකින තැන නිකම් පිස්සුවට කෑ ගහමින් ඊටත් වඩා අවුල් කරනවට වඩා, උපේක්ෂාවෙන් විචාර බුද්ධියෙන් හිතලා ගහන්න ඕන තැනට හරියට ඇනය ගැහුවා නම එච්චරයි.
අපටත් කල හැකි බොහෝ දේවල් තියෙනවා මචන්. බ්ලොග් පොස්ට් එකක් [ප්‍රසිද්ධ බ්ලොග් එකක] ලිව්වත් සෑහෙන වෙනසක් කල හැකියි.
එහෙම නොකර අන්තරේ වගේ හැම මගුලටම උද්ඝෝෂණ කරන්න ගියෝතින් හරි නර්ස් ල වගේ හැම නුල් පොටටම ස්ට්‍රයික් කරන්න පටන් ගත්තොතින් හරි තියෙන අසාධාරණයට වඩා අපෙන් ලොකු අසාධාරණයක් වෙනවා.
වැඩිහිටියන්ට ගරු කිරීම එකක්..එයාලගේ වුණත් වැරැද්දක් දැක්කම කටපියාගෙන ඉන්නෙ නැතුව කතා කරන එක තව එකක්. මම නම් එහෙම කට වහගෙන ඉන්න සතුටු නැහැ. හැබැයි ඉතින් එහෙම වුණාම අපි හැමදාම නරක ළමයි. ඒත් කමක් නැහැ.
ReplyDeleteලොකු ලොකු අය අතරේ මම වගේ පොඩි එකෙක් ගේ කොමෙන්ට් එකක් වැඩක් වේදෝයි සැකය..
ReplyDeleteසමාජය ගැන වයසට වඩා වැඩිපුර අත්දැකීම් ඇත්දෝයි මට සිතේ..
දේශපාලන පෞලක් ඌ අපේ පෞල තුල සිදුවන දේශපාලනික කතා බහ ඇතැම් විට මාගේ සිත් නොගත්තත් එයට විරුද්දව පොර ටෝක් දීමට කිසි දිනෙක ගොස් නැත.එනමුත් මම හරි වැරැද්ද දනිමි.එම පාරේ යමි..
අනේ දුකෝ පලයං බං යන්න.
ReplyDeleteදැන ගනිං ලෝකෙන් උතුම් රට ලංකාවයි. සිංහල අපි තමයි උතුම්ම ජාතිය.
(මගේ නරිවාදම රෙද්දේ පෙරෙනවා, ගිහිං හෝදං ඇවිල්ලා ප/ලි එකක් ලියන්නම්)
;)
වරද නොපිලිගන්නාසේම වරද තර්කවලින් වසන් කිරීමට උත්සහ දරන සහ වැරදි කිරීමට තම අනුගාමිකයන්ටද අනුබල දෙන සමාජයක තම ආරක්‍ෂාව වෙනුවෙන් දීන වීම හැර වෙනයමක් බොහෝවිට සිදුකල නොහැක...
ReplyDeleteඅනේ මන්දා.............
ReplyDeleteකියන්ට දෙයක් හිතාගන්ටත් අමාරුයි.
ReplyDeleteමිනිසුන් දීන මානසිකත්වයට ඇද දාලා තියෙන්න අපි ජීවත් වන සමාජයෙන්මයි. කවුරු හරි අසාධාරනයට එරෙහිව කතා කරොත් කවුද එයා අමාරුවේ වැටෙන්න යද්දි කතා කරන්නේ. හැමෝම කරන්නේ අහක බලා ගන්න එක. එකාට එකා නැති සමාජයක මෙහෙම වෙන එක අරුමයක් නෙවෙයි කියලයි මට නම් හිතෙන්නේ ..දුකා.
ReplyDeleteමචං මේක අපේ කලාපෙට පොදු අවුලක්! මේක තීන්නෙ ජාන වල, ඒක එතන්ට ගිහිං තීන්නෙ අපේ ඉන්දු ආර්ය සංස්කෘතියෙන්.
ReplyDeleteමේක වෙනස් කරන්න බෑ, ඒ වගේම බීට සත්තු පිරුණු ලෝකයක් ප්‍රායෝගික නැති නිසා ඇල්ෆ සත්තුටිකකුත් කොහෙ හරි හැදෙන්න එපැයි.
"ඔතනදි විප්ලව කරනව වෙනුවට තම තමන්ගෙ යුතුකම් සහ වගකීම් ගැන ඉහල ඉඳල පහලට සැලකිලිමත් වෙනවනම් ලැබෙන ප්‍රතිඵලය විප්ලවයෙන් ලැබෙන දෙයට වඩා සාර්ථකයි."
ReplyDeleteනවම් කියන කතාව හරි!!
එකින් එකා තමන් විසින් පටන් ගත්තොත් මිසක් හැමදාම හැමෝම කරන කම් බලාගෙන හිටියොත් කවදාත් හැමෝම එකතැන.
ජිරාෆ්ගේ බෙල්ල දික් වෙන්න හේතුව පරිසරයලු, ඩයිනෝසර්ලා වඳවී ගියෙත් ජීවත් වූ පරිසරය නිසාලු කියලයි පත පොතේ සඳහන් වෙන්නේ. ඒ වගේ සමාජය කියන පරිසරයේ ජීවත් වෙන නුවණැති සත්වයා පැවැත්ම සඳහා වන තරඟයේ දී ජයගන්න අතර තුර අනුදැනුවක් ඇතිව හෝ නැතිව පරාජය වෙන ගොඩ බොහෝය. ඒ තත්වයේ ආදීනව දැක දැකත් අසරණ තත්වයට පත්වෙනවා හැර විකල්පයක් පෙනෙන තෙක් මානයක නැත, මොකද හැන්ද බලාගෙන එන හැමෝම බෙදාගැනීම විතරයි කරන්නේ.
ReplyDeletesystem errors වලට යන යන තැන වලි දා ගන්න මට, ඔයාගෙ පොස්ට් එක හයියක්..!
ReplyDeleteමම පැරදුනු තැන් වලට වඩා දිනපු තැන් වැඩියි..
මොනා උනත් ඇත්ත කතා කරල තියනව....එල.!!!!
ReplyDeleteදුකා මල්ලිගේ කතාව හරියටම හරි. ඒ උනත් අසාධාරණයට විරුද්ධ වෙන්න පුලුවන් විටෙක විරුද්ධ වෙන්න අපි අපේ දරුවන්ට උගන්වන්න ඕනෙ. හරි දේ මෙයයි කියල කියල දෙන්න අපිට හැකියාවක් තියෙන්න ඕනෙ. දෙමාපියන් හැටියට අපි ඒ දේ කලේ නැතිනම් ඒක වැරදියි. මගෙ මහත්තයා මට හමු උනේ සැම්බියාවෙදි. එයා කවදාවත් බොන්න පුරුදු වෙලා හිටියෙ නෑ. එහෙ හිටපු අයගෙන් 99% ක්ම බොනවා. මගෙ පුතාල තුන්දෙනාම උපන්නෙ එහෙදි. නමුත් ලොකු පුතාට අවුරුදු පහේදි අපි ලංකාවට ආව. එදා ඉඳල අපි පවුලම සිල් ගන්නවා හැම පෝයටම. එයාල අද අවුරුදු විසි ගනන් වල ඉලංදාරි. නමුත් අදටත් සිල් සමාදන් වෙනවා අපිත් එක්ක. ලොකු පුතා බැන්දා. එයගෙ බිරිඳත් අපිත් එක්ක සිල් ගන්නවා. අපි එක එක්කෙනා හැදුනම හරි. සමාජය හදන්න අමාරුයි. පුතාලගෙ යහලුවොත් හුඟ දෙනෙක් හැදුන බව මම දන්නවා. මත් බීම හැමෝම පිලිකුල් කරනවා. වැරදි කරනවා බොහොම අඩුයි. අපේ දරුවො වටින්නෙ කාටවත් නෙමෙයි අපිටමයි. ඒ නිසා දරුවට හරිදේ කියල දෙන්න. වැරැද්දක් කලාම සමාව දෙන්න, එයාට ඒ දේ කියන්න වැරදි බව. සමහර දෙමාපියන් වැරදි හිත්වල තියාගෙන දරුවන් ගෙන් පලිගන්නවා.එක හොඳ නෑ. තරඟයේදි දිනුම පැරදුම බාර ගන්න හැටිත් දිනුමට වඩා හරි මග යමින් තරඟ කරන්න උගන්වන්න මල්ලී.ජීවිතේ හැම දේම මුදල් නොවන බව කියා දෙන්න. සමාජ දහමට වඩා අපේ කම අපේ ආගම දහම උගන්වන්න. ඒක තමයි ජයග්‍රහණය. පුංචි පුතාටත් ඔබලාටත් වාසනාවන්ත අනාගතයක් පතනවා.
ReplyDeleteඅයියා මමත් ඔය ප්‍රශ්නේ හැමදාම මගෙන් අහනවා....අසාධාරණේට විරුද්ධව කතා කරත් වැරදි නොකරත් වැරදි....මන්දා දීනයෙක් වෙලා ඉන්න එක අසහනයක් හැබැයි වීරයෙක් වෙන එකත් අසහනයක්......
ReplyDeleteපට්ටම පෝස්ට් එකක්. මම ආවේ දුකා මගෙ පෝස්ට් එකේ දාලා තිබ්බ ලින්ක් එකෙන්. දුකා හිතන විදියටම තමයි මමත් හිතන්නෙ. මේවගෙ ඇස් අරවන පෝස්ට් තව තව ලියපන් දුකා.
ReplyDeletehenryblogwalker the Dude
එදාටත් වඩා අදට ගැලපෙන මේ පෝස්ට් එක අදටත් වඩා හෙටට ගැලපෙන්න පුලුවන්...
ReplyDeleteඉස්සර නම් මේ වගේ සිද්ධියකට මුහුන දීලා කටයි අනිත්වයි අකුලගන ඉවසගන ආවාම දවස් ගානක් හිත් ඇතුලෙන් විඳවනවා .. අනේ මම අරූගෙ කන පැලෙන්න එකක් දුන්නෙ නැහැනෙ කියලා ..
ඒත් දැන් ඉතින් හිත හදාගන්න නිදහසට කරුණකුත් තියනවනෙ... එයාටත් ඔහොමනම් පොලු කෑල්ලක්වත් නැති අපි ගැන කවර කතාද?
දුකා...
ReplyDeleteමම එක වතාවක් කිවුවා අපි සිස්ටම් එක හදන්න ගියොත් එක්කො සිස්ටම් එක අපිව වෙනස් කරනවා නැත්නම් සිස්ටම් එක විසින් අපව විනාශ කරනවා කියලා...
මම ලංකාවට ගිය වෙලාවෙ ඒක හොඳට අත් වින්දා.. මම හිතන්නෙ නැහැ මට ලංකාවෙ කොන්ද කෙළින් කරගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා.. අපි ටික කළක් ලංකාවෙ ජීවත් වෙනකොට ඉබේටම සිස්ටම් එකට අනුගත වෙන්න සිද්ධ වෙනවා. මම හොරෙන් සල්ලි මාරු කරගෙන ආවා නම් මම සිස්ටම් එකට වැටෙනවා... හරි හිදියට අරන් එන්න ගිහින් තමයි දවස් තුනක් කට්ට කෑවෙ....
සිස්ටම් එක වෙනස් කරන්න ගිය සරත් ෆොන්සේකට වෙච්ච දේ ගැන බැලුවාම කිසිම සිස්ටම් එකක් වෙනස් කරන්න බැහැ වගේ තේරෙනවා.
නමුත්,
අපට අපි වටා ඉන්න ටික දෙනා වෙනස් කරන්න පුළුවනි. අන්න ඒක, එක්කෙනෙක් තවත් එක්කෙනෙක්ව හරි හැටි වෙනස් කරන වැඩේ බාර ගත්තොත් මේක බැරි වෙන්නෙත් නැහැ...
ඕනම සැරයකට වඩා හීන් සැරේ හොඳයි වගේ, තමන් හැදෙන-වෙනස් වෙන ගමන් අපි වටේ ඉන්න එකා දෙන්නා වෙනස් කරන්න පුළුවන් තරම් උත්සාහ කළොත් බැරි වෙන එකකුත් නෑ....
ඇලා
ඇත්ත දුකා අයියේ.සහතික ඇත්ත.
ReplyDeleteරට හදන්න බෑ කියල පස්සට ගියොත් වැඩේ වෙන්නෙම නෑ. පුළුවන් තැනින් ටික ටික හරි උත්සාහ කලොත් කවද නමුත් වැඩේ වෙයි.
ReplyDeleteඔය ක්ලාක් ලා වගේ එවුන් ඉතින් නිතර හම්බ වෙන්නේ නැති නිසා මිනිස්සු ඉතින් " මොනා කරන්නද, ඔන්න ඔහේ පොඩි කට්ටක් කනවා කියලා කරබාගන ඉන්නවා" අම්මා තාත්තා එක්ක ඉතින් ලොකු සංවේදී කතාවක් තියන්නේ.
ReplyDeleteහැබැයි මෙහෙම එකක් තියනවා, ඔය ක්ලාක් මහත්තුරු ඉන්නේ අඟහරු ලෝකේ නෙවෙයි. උන් ඉන්නෙත් අපි එක්කමයි. බොහෝ විට රට හදන කථා වල උපරිම තැන ඉන්නේ උන්මයි. උන් ඔය අපුල වහගන්න අපි එක්ක සෙට් වුනාම කියන්නේ, ලොක්කාගේ කතාම තමයි. පොඩි කාලෙ ඉඳන් අපිත් අහලා පුරුදු රටම හදන රජ්ජුරු කතා නිසා කවුරුහ් උගෙන් අහන්නෑ, ඇයි ඔහේ වැඩ නොකරන්නෙ කියලා. අනික ඉතින් රජා ට බනිනවා වගේ සතුටක් තව කොයින්ද? ගඩාෆි මැරුනු විදිය ඒ කතා වලට නවපණක් එක් කරලා.
එක්කො මේ නර්ස් ලා ක්ලාක් ලා ( අමතක කරන්න එපා ටී වී එකේ ලෙඩ ගැන ලෙක්චර්ස් දීලා චැනල් කරන්න ගියාම අහක බලාගන ස්කෑන් 5 කුයි එක්ස් රේ 22 යි ලියන දොස්තර ) බනින්න ලඟ වැඩියි. නැත්තම් දුර වැඩියි. තමන්ගේ වැරැද්දට ජීවිතේට දඬුවම් විඳින්න ලෑස්ති නැති තමන් තමන්ගෙ ජීවිතේ වගකීම ගන්නැති ජාතියක හැටි තමා ඔය.
ඔය අසාධාරණයේ අපිත් වක්‍ර කොටස් කාරයො !
මමත් ඉතිං ඉබ්බා කියලා නමකින් තමා වැඩිපුරම ලියන්නෙ...හිහ්...හිහ්...
ReplyDeleteඒත් එක එකාට බනින ඒවා නම් පුළුවන් තරම් මගේ නමින්ම දාන්න ට්‍රයි කරනවා.මේ කතාවේ තව පැත්තක් මට හිතෙනවා.ලංකාවේ ඉඳලා මට අන්තිමට තිත්ත වුනා.මහන්සි වෙලා සල්ලි කොච්චර හම්බ කළත් වැඩක් නෑ.වියදම් හරි සැරයි.ජීවත් වෙන්න මදි.පණ ගැට ගහගන්න පුළුවන්.වැඩියක්ම කිසිම මානසික නිදහසක් නෑ.ටී වී බැළුවත් පාරක ගියත්, ඔෆිස් ගියත්, පත්තරයක් බැළුවත් එක එකාගෙ ගොං පාට් වලට ඇඟේ මාළු නටනවා.එහෙමයි කියලා මමත් අන්තිමට රට දාලා ආවා.ඒත්... ඒ අතිං මම පට්ට ආත්මාර්ථකාමීයි.මට තනියම රට හදන්න බෑ තමා.ඒක ඇත්ත.ඒත් මම වගේ තව දාස් ගානක් එහෙම කියලා රට දාලා ඇවිත්.දුකා අයියා වගේ තවත් දාස් ගානක් කෙටි කාලෙකට හරි රට දාලා ඇවිත්.එතකොට ඉතිං ඔය රට හැදෙයි යැ?
ඕක හදන්න ඕනෙ කියලා හිතන එවුන් ගොඩ දෙනෙක් (මමත් ඇතුළුව) තම තමන්ගේ විමුක්තිය වෙන රටකින් හොයාගෙන.අපිට උගන්නපු සර් කෙනෙක් මරු කතාවක් කිවුවා.ලංකාවේ හොඳම දේශප්‍රේමියෝ ඉන්නෙ ඉතාලියෙයි, එංගලන්තෙයි ළු. හැබැයි කට්ටිය මුළින්ම කරළා තියෙන්නෙ ලංකාවා දාලා යන එකළු.
මාත් ඉතිං ඒ දවස් වල ඕක හිනා වෙවී අහං ඉඳලා අන්තිමට ඒකම කළා.