Sunday, May 1, 2011
පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය . . . !
ඇන්ජි (ඇන්ජලීන් ගුණතිලක මහත්මිය)ගේ "පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය මුල්ම දවස අද වේ . . මුල්ම දවස අද වේ" ගීයේ "පුංචි ඇස් දෙකේ . . .කඳුලු බිඳු දෙකක් . . ඔන්න වැටෙන්නට . . මෙන්න වැටෙන්නෙට" කිව්වම මට නම් මැවිලා පෙන්නේම ගෙදර ඉඳගෙන අම්මගේ තාත්තගේ හුරතලෙන් මිදිලා ස්කෝලේ එන්න වුනු නිසා මූන බෙරි කරගෙන අඬන්න ඔන්න මෙන්න ඉන්න පුංචි පුතෙක්ව.
ඇන්ජිගේ සින්දුව මේ දවසවල නිතරම මගේ මුවේ රැව් දෙන ගීයක් වෙලා. හේතුව ගිය සතියේ බදාදා ඉඳන් අපේ සොඳුරු ත්රවස්තවාදියා විරුල් පෙර පාසල් යන්න පටන් ගත්තු නිසයි.
අපේ කොල්ලා කැමති බ්‍රයිට් පාට වලට. විශේෂයෙන් රතු. නැති නම් කහ, කොල, නිල් වගේ වත් වෙන්න ඕන. අහගෙන ඉන්න ලස්සනම එයා කැමති පාටක ඇඳුමක් ඇන්දම "මේක නාස්සනයි ඊ ඊ " කියන එකයි එයා අකමැති ඇඳුමක් ඇන්දුවාම "මේක කැතී ඊ ඊ . . " කියන විදිහයි
පෙර පාසලෙන් විරුල්ගේ කටු බොඩියට මැච් වෙන යුනිෆෝම් ඉවරයි කියලා කොයි එකටත් දනට කියලා පෙර පාසලේ ටී ෂර්ට් එකක් විතරක් දීලා. වැඩේ කියන්නේ මූ කියලම ඉන්නවලු 'මේක කැතීඊ . . ." කියලා . . පලවෙනි දවසෙ උදෙන්ම පොඩි ගුටියකුත් කාලම තමයි ඉස්කෝලේ ගිහින් තියෙන්නේ.
කොල්ලව ලෑස්ති කරලා ඉවර වෙලා නදීෂා එස් එම් එස් කලා දැන් කෝල් කරන්න කියලා. උදේම මම කෝල් කරපු ගමන් "අප්පච්චී විරුල් ස්කූල් යන්න . . . " කිව්වේ හරිම සතුටකින් කියලා මට හිතුනා. විරුල් එක්ක ලඟ ඉඳන් ඒ සතුට විදින්න නොලැබුනු එක ගැන නම් මට ඇති වුනේ කනගාටුවක්.
ඉතිං ඔන්න ඔයාලගේ පුංචි යාලුවා ඉස්සෙල්ලාම පෙර පාසල් ගිය දවසේ ගත්තු පින්තූර ටිකක් මම මේ කෙටි ලිපියට එකතු කරන්න හිතුවා.
මම ලෑස්තියි
අප්පච්චී විරුල් ස්කූල් යන්න .
හ්ම්ම් . අප්පච්චි එන්නේ නෑ නේද මාව ස්කූල් එක්ක යන්න
උදේම කිරිබත් කාලා එහෙම
බුදුන් වැඳලා
අප්පච්චි ලඟ නැති නැතුවට පින්තූරේ තියෙනවනේ
අම්මටත් වැඳලා
ඔන්න මම ඉස්කොලේ යන්නයි හදන්නේ
මේන් අපේ ඉස්කොලේ
විරුල් පුතාට සුභබම සුභ අනාගතයකට ආසිරි පතන්නම්....
ReplyDeleteඋඹට මේ වෙලාවෙ කොල්ල ගාව ඉන්න බැරි වෙච්චි එකට උඹ ගොඩක් දුක් වෙන බව මම දන්නවා.
මට මතක් වෙනවා මගේ ලොකු දුව ඉස්සෙල්ලාම ඉස්කෝලෙ ගිය දවස. දුව කෙසේ වෙතත් පන්තියේ වහපු දොර ගාවට වෙලා ඒක තියෙන පුංචි කවුලුවෙන් බල බල ඇඬුවෙ නම් අපේ ගම හාමිනේ. ඒ විදිහටම අපේ පුංචි පුතත් ඉස්සෙල්ලාම ඉස්කෝලෙ ගිය දවසෙත් අම්මා තමයි ඇඬුවෙ.
පොඩි පුතාට (මල්ලියාට) සුබ අනාගතයකට සුබ පැතුම්...!
ReplyDeleteහෂිත මාමා, සචී නැන්දා සහ එරන්දතී අක්කා ගෙන්....
සන්තෝසයි, පුංචි පුතුට තෙරුවන් සරණයි!
ReplyDeleteනුඹේ හිතට දැනෙන දේ හොඳට තේරෙනවා, ඔන්න ඔහෙ හිනාවෙලා හිටපං යාළු. මේ බෝට්ටුවේ ගොඩාක් අය ඉන්නවා, අපිට නැති වූ දේවල් පොඩි උන්ටවත් ලබාදෙන්න බලමු.
සුභ අනාගතයක් විරුල් පුතේ... තාත්තිගෙයි අම්මිගෙයි පැතුම් ඉටු කරන්න එඩ්යෙන් වීර්යයෙන් ඉදිරියටම පිය නගන්න...
ReplyDeleteවිරුල් පුතාට සුබ පැතුම් .සුබ අනාගතයක් .ලොකුවෙලා හොඳ මිනිහෙක් වෙන්න
ReplyDeleteවිරුල්ට සුබ අනාගතයක් වෙන්න පතනව... මට මතකයි අර අයිය ලියපු ලිවුම .. අයියයි අක්කයි හිතන විදියටම විරුල් හොද උගත් මිනිහෙක් වෙයි...
ReplyDeleteවිරුල් සොදුරු ත්‍රස්ත වැඩ කරයිද ඉස්කෝලෙ ලමයින්ට
විරුල්ට සුභ අනාගතයක්! හොඳ අම්මෙකුයි තාත්තෙකුයි ඉද්දි එයාගෙ ජීවිතේ ගැන හිතන්න දෙයකුත් නෑනේ... :-)
ReplyDeleteහිත ඇදිල ගියේ සින්දුව හින්දා... ඇන්ජලින්ගෙ මම කැමතිම සින්දුවක් ඒක... :D
පොඩ්ඩට සුභ අනාගතයක් වේවා...!
ReplyDeleteවිරුල් මල්ලියාට සාර්ථක අනාගතයක්..! බුදුසරණයි!
ReplyDeleteපිස්සු හැදෙනවා ඇ... පට්ට සතුටුයි අයියා.. විරුල් පුතාට සුභම සුභ අනාගයක් කිව්වා............
ReplyDeleteඅනේ වාසනාවන්!
ReplyDeleteපුතාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...
"සොඳුරු ත්‍රස්තවාදියා" පෝස්ට් එකට මාරයා දාපු කොමෙන්ට් එක මතක් වුණා....
ReplyDeleteඔන්න තවත් මාම කෙනෙක්ගෙන් සුබ පැතුම්....
විරුල් පුතාට සුභ අනාගතයක් පතනව. තාත්ත වගේම "හොඳ" මනුස්සයෙක් වෙයි . . . .
ReplyDeleteකොල්ලට බුදුසරණයි දෙයියන්ගෙ පිහිටයි. හොදින් ඉගෙනගෙන මව් රට ආදරය කරන උගතෙක් වේවායි ආශිර්වාදාත්මකව ඉතාම ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteශා..මටත් මතක් වෙනවා ඉස්කොලේ ගිය මුල් දවස..මොන්ටිසෝරි නම් මතක නැ :D
ReplyDeleteසුභ අනාගතයක් අපේ සොදුරු ත්‍රස්තවාදියාට :D
විරුල් පුංචි පුතාට වාසනාවන්ත අනාගතයක් පතනවා මල්ලි. දුක් වෙන්න එපා, එයාට යහපත් අනාගතයකට අඩිතාලම දමන්නනේ ඔයාල දුක් විදින්නෙ. අපේ අම්ම තාත්තත් මේ කැප කිරීම් කල නිසාවෙන් අපි අද හොදට ඉන්නවා. මටත් මතකයි අපේ චූටි පුතා මුලින්ම පාසැලට ගිය දවසේ අර නිල්පාට සාරිය ඇදල ඉන්න අම්මිට එන්න කියන්න කියල අඬපු හැටි. දැන්නම් එයාල ගොඩක් ලොකුයි.
ReplyDeleteදුකා අයියගේ පුතාට සුබ අනාගතයක් කියලා මමත් පොඩි සුබ පැතුමක් දෙන්නම් ..
ReplyDeleteවිරුල් පුතාට මගෙනුත් සුභම සුභ පැතුම් !!!!
ReplyDeleteඅපේ විරුල් පුතාට සුබ අනාගතයක් ! රත්නත්‍රයේ සරණයි..... !
ReplyDeleteඑළකිරි.. මෙච්චරකල් කොල්ලා "මාමා මාමා" කියලා විතරයි කන් පිරෙව්වේ. තව වාක්‍ය ගොඩවල් වලින් කන් පුරවන්න කොල්ලට පුලුවන් වෙන්න ඕන! ජය වේවා ලොකු අයියා.. උඹත් ප්‍රෞඩ පියෙක් ඈ!
ReplyDeleteසුභ පැතුම් අයියේ.., උඹ වගේම පොඩ්ඩත් හිත හොඳ එකෙක් වෙන බව සිකුරුයි..!! බුදු සරණයි..!!!
ReplyDeleteදැන්නේ බොල දැක්කේ..අපේ කොළු දැන් ලොකු පොරක් එතකොට...
ReplyDeleteහරි පුතේ ඉක්මනට අකුරු සෑස්තරේ ඉගෙන ගෙන වරෙං..බොට තියෙනවා බ්ලොග් එකක් ලියන්න..තාත්තට කෝචොක් පාරක් දාලා අපි ඒක ලියමු..දැන් තාත්තා උඹට කොරනවා වගේ..එදාට මං දෙන්නං උබට නියම හැලුප් එකක්...
පොඩ්ඩට සුභ අනාගතයක්...
ReplyDeleteමේ කටුගස්තොට ද මන්දා.... දෑකල හුරුයි
විරුල්ට සුභපැතුම්.ලොකු මිනිහෙක් නොවී හොද මිනිහෙක් වෙන්න!!!!!!!
ReplyDeleteඔන්න පුංචි විරුල් ට මේ කුක්කු මල්ලිත් සුබ පැතුවා කියල කියන්ට !! අනාගතේදි හොඳ බ්‍රයිට් කොල්ලෙක් වෙන්න සුබ පැතුම් !!
ReplyDeleteපොඩ්ඩා ඉස්කෝලෙත් යනවා නේද? සතුටුයි අයියා. මගෙනුත් සුභ පැතුම් පැහැපත් අනාගතයකට...
ReplyDeleteපොඩ්ඩට මාත් ඔන්න සුභපැතුවා.
ReplyDeleteබොහොම සන්තෝසයි......
ReplyDeleteපොඩ්ඩාගේ අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථකවේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියා !!!
විරුල් පුතාට මගෙනුත් සුභ පැතුම් !!!!
ReplyDeleteවිරුල් පුතුට මගෙනුත් උණුසුම් සුභ පැතුම්!!
ReplyDeleteපින්තූර ටිකත් ගොඩාක් ලස්සනයි. :) :) :)
විරුල් පුතු පැටියාට සුභම සුභ අනාගතයක් !
ReplyDeleteඅපේ අය්යා හෙවත් විරුල් මල්ලි පුතාට සුභ අනාගතයක්...!!! වේවා... උඹ පුතේ හොඳට ඉගෙන ගෙන කවද හරි තාත්තා වගේ පිටරට ජොබක් කරන්නැතුව ලංකාවේ ජොබක් කරපං. නැත්තං උඹේ යාළුවන් ට අවුරුද්දකට සැරයක් උඹ එනකං බලන් ඉන්න වෙයි සෙට් වෙන්න.... ;-)
ReplyDelete(මේ ඒක නෙමෙයි. අර උඩ ඉඳන් 7 වෙන් පොටෝ එකේ සයිඩ් එකේ ඉන්න බීටුපුල් කපර් එක කවුදැයි බං.... :-))
චූටි මල්ලියාට මගෙනුත් පුංච් සුභ පැතුමක් යහපත් අනාගතයකට...
ReplyDeleteවිරුල් මල්ලිට සුභ අනාගතයක් වේවා.....
ReplyDelete@දුමී!
ReplyDeleteකොල්ලා ඉස්කොලේ යනවා බලන්න මම ලඟ නෑ කියලා හිතුනාම මටත් ඉතිං ඇහැට කඳුලක් නම් ආවා තමයි . . ඒත් ඌ මෙහේ හිරවෙලා ඉන්නවට වඩා ඊහ සතුටින් ඉන්න එක ගැන හිතලා හිත හදා ගත්තා.
සචී!
එල එල
@ඩීන්!
ඔව් නේද ඩීන් . . . ඔන්න ඔහොමයිලු ජීවිතේ
@me!
බොහෝම ස්තූතියි
@TG(මනෝ)!
ඔයාටත් බොහෝම ස්තූතියි
@සහෝ(Randika)!
ReplyDeleteමොන ලියුමද බන් උඹ කිව්වේ??
ළමයින්ට නම් කෙසේ වෙතත් ටීචර්ට නම් සොඳුරු ත්‍රස්තවාදී පාර්ට් දැම්මලු.
ටීච අත උස්සලා එක එක දේවල් කියලා දෙද්දී මූ ගිහින් ටීචර්ගේ අත උස්සන්න නොදී පහලට දානවාලු. හි හි හී
@හරේ!
ඔව් බන් මගෙත් ආසම සින්දුවක්.
මියුරු ගී එකෙන් නම් අහන්න පුලුවන්.
MP3 එකක් නැති නිසා මේකට එකතු කලේ නෑ සින්දුව. තියේ නම් එවහන්කෝ
@prasanna86k!
ස්තූතියි ඔයාටත් !
@හසී !
විරුල්ගේ අප්පච්චිට අයියේ කියද්දී විරුල් මල්ලී වෙන්නේ කොහොමෙයි කියපන් නගෝ ??
@පසන්!
තැන්කූ තැන්කූ පසනෝ
@ඉන්දරේ !
තැන්කූ වේවා ඉන්දරේ මළයෝ
@ජීව්!
ReplyDeleteඅහ ඒක අපිට උඹටට් සුභ පතන්න පුලුවන් ජාතියේ සුභ ආරන්චියක් වගේ එල එල
@ඕනස්
තැන්කූ ඕනේ
@වික්‍රමේ
සුභ පැතුම් වලට බොහෝම ස්තූතියි වික්‍රමේ
@බනී
අහ් උඹ ඉස්කෝලේ ගියාද??
පැන පැනද ගියේ . . හික්ස්
@චන්දි
ඇත්ත අක්කේ . . දරුවගේ යහපත ගැන හිතලා බැලුවම මගේ ලඟින්ම තියාගන්න බැරි වෙන එකෙන් මට ඇතිවෙන පාලුව කමක් නෑ කියලා හිතෙනවා
@හිස් අහස
ReplyDeleteබොහෝම ස්තූතියි සඳරු මල්ලි
@සංජු
තැන්කූ සංජු
@ජීවිතේමල්!
ඔයාටත් තැන්කූ ඈ
@මුචා
අනිවා අනිවා . . .
ඊලඟ පාර සැට් උනාම කොල්ල අහයි මොකෑ මාමේ උඹේ ඔය බඩගෙඩිය ඔය තරම් ලොකු කියලත් . . හික්ස්
@ලිෂ්
එහෙම වෙන්ට එපැයි නේද බන්z.. . එලz
@මාරයා
ඔන්න ඔන්න ඉතිං ඕවට ආවොත් මාරයගෙත් මාරයා ලංවෙන්ට තමයි ඕන් ඈ . .
@උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා
සුභ පැතුම්වලට ස්තූතියි ඈ . .
ඔව් ඔව් කටුගස්තොට තමයි.උඹත් එහේද??
@රජිත්
ReplyDeleteඅනේ ඔව් රජිත් . .
මගේ ප්‍රාර්ථනයත් ඒකමයි
@කුක්කු පැටියා
ස්තූතියි ඈ ඔයාටත්
@ප්‍රියා
තැන්කූ ප්‍රියා මලේ
@පිණිබිඳු
ඔයාටත් බොහෝම ස්තූතියි හොඳේ
@ගොඩයා
තැන්කූ වේවා ගොඩයා මළේ
@Observer
ReplyDeleteගොඩක් ස්තූතියි සනත් අයියේ
@පබලු
තැන්කූ තැන්කූ නගේ
@nawammawatha1
තැන්කූ ඈ . . මේ නවම් මළේ ඒකනෙමේ උඹලට නැද්ද තාම අදහසක් හි හි
@වන්නි!
ලන්කාව සහ ලොකේ යන විදිහට විරුල්ලගේ කාලේ වෙනකොට අඟහරු ලොකෙන් වගේ තමයි ජොබ්ස් හොයන්න වෙන්නේ . . හික්ස්
අහ් කවුද බන් හැබෑවටම ඒ සිරා කපල් එක . . හි හි හි
@තාරක Dilsh@n!
ස්තූතියි තාරක ඔයාටත්
@අභියා
හා හා චූටි අබේපාල අයියේ
තැන්කූ හොඳේ
මීට විරුල් මල්ලී
පුංචි විරුල්ට මගේ සුබ පැතුම්
ReplyDeleteහ්ම්ම් ජීවිතේ සුන්දරයි දුකා
හප්පා බෝම පරක්කුයි නේ........ සොඳුරු ත්‍රස්තවාදියාට සුභ අනාගතයක් පතනවා..........!!!!
ReplyDeleteතාත්තා අම්මා වගේම හොඳ හිත ඇති හොඳ දරුවෙක් වෙනවනේ ඉතින්.........
පුංචි පුතුට බුදුසරණයි...!!!!
(මල්ලි කියන්න ගියේ නැ හසී අක්කගෙන් අහපු ප්‍රශ් නෙම අයියා මට යොමු කරන නිසා.... හික්ස් )
මං ටිකක් පරක්කුයි වගේ.
ReplyDeleteවිරුල්ට සුභ අනාගතයක් පතනවා..!
ආනේ සුභාෂ්... අදනෙ දැක්කේ... ආසාවෙ බැරුවා... පුංචි සොඳුරු ත්‍රස්තවාදියාට තුණුරුවන්ගේ පිහිටාරක්‍ෂාව නිරතුරුව ලැබේවායි පතන්නම්...
ReplyDeleteදැන් ඉතිං නදීෂාට කන පිරෙන්න නඩු අහතෑකි... කොහොමත් සිංහලෙන් මේ රටේදි මූලික අධ්‍යාපනය දෙන්න ගත්ත තීරණය සෑහෙන්න වටිනවා දුකා... පස්සෙ ඕන එකක්... දැනට මව් භාෂාව හොඳට දෙන්න ඕනි... අප්‍රමාණ සන්තෝෂයි!!!
සතුටුයි සහ දුකයි!
ReplyDeleteමීට වැඩිය මුකුත් කියන්නෑ!
අපේ එකා නම් මම කතාකලහම ඉස්කොලේ කොහොමද අහන්න "තාත්තේ පස්සේ ගන්නවද "ඇහුවා.උදේ ගෙදරින් ගිය එකා නෙවෙයි ඉස්කොලෙදි උන්නෙ.
ReplyDeleteහොඳට ඉගන ගන රටට වැඩදායි යහපත් පුරවැසියෙක් වෙන්න පුතේ !
අඩේ මේ එදා අර වඩාගෙන හුරතල් කරපු පොඩ්ඩා නේද... දැං ලොකු ළමයෙක් නේ.. සන්තෝෂයි සන්තෝෂයි..
ReplyDeleteපොඩි පුතාට සුභ අනාගතයක් වේවා...!!
ඇත්තමයි තෙත් වුණා වජිරදේවිගේ නෙතු..
ReplyDeleteපුතාට බුදු සරණයි දුකා...
ඉඩ තිබුණු වෙලාවක පිවිසෙන්න thoughtsofvajiradevi.blogspot.com
කොහොමින් හරි මඟ හැරිලා මේ ලිපිය මට,, පමා උනත් සුභ පැතුම් පුතේ !!!!
ReplyDeleteපුංචි පුතාට සුභ පැතුම්. මගේ දුවත් ගිය සතියේ(6) පෙර පාසැලට ඇතුලත් කලා... එයාට නම් වගේ වගක් නෑ.... හරි සංතෝසෙන් තමයි පාසැල් යන්නේ...
ReplyDeleteඋඹ ලඟ හිටියත් නැතත් පතන්නේ පුතාව හොඳ ගුණ ගරුක පුරවැසියෙක් කරන්න කියලා බව මං දන්නවා... ඒ පැතුම එලෙසම ඉටුවෙන්නයි කියලා මාත් ප්‍රාර්ථනා කරනවා....
@නිෂ්!
ReplyDeleteඅනිවා අනිවා . . ස්තූතියි නිෂ්
@හා පැටික්කි (MS)!
මොන පරක්කුවක්ද නගේ . . හි හී බය උනානේද?? බොරුද මම කිව්වේ හා?
@ඇන්ෂ්!
නෑ නෑ නගේ පරක්කු නෑ . .තැන්කූ හොඳේ
@තනෝජා
ReplyDeleteඒත් දැම්මේ නම් ඉන්ග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන තැනකට.
මව් භාෂාව ගෙදර කතා කරන නිසා කොහොමත් ලියන්න කියන්න උගන්වන්න ලේසියි කියලා හිතලයි එහෙම කලේ.
අනික උසස් අධ්‍යාපනය කරද්දිත් විශ්ව සාහිත්‍ය කියවන්න ගියාමත් මව් භාෂාවෙන් පමනක් ලැබූ අධ්‍යාපනයේ අඩුවක් මම විඳපු නිසා දරුවට එහෙම නොවෙන්න ඉන්ග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න ඕනි කියල හිතුවා.
@ඉන්දික
නොකිව්ව හරිය තේරුම් ගත්තා මචෝ
@නිම්තෙර ලඟ හිත - සංජීව
අහ් කොල්ලත් උඹ වගේ කටකාරයෙක් වෙන්න ඇති එහෙනම් . .
ස්තූතියි මචන් සුභ පැතුම් වලට
@සෝරෝ
උඹ කාලා බීල ලොකු වුනේ නැති වුනොත් පොඩි එකා හෙට අනිද්දා උඹව වඩාගනී හොඳේ . . හික්ස්
තැන්කූ මලේ . . .
@වජිරදේවි
ස්තූතියි වජිරදේවි. අලුත් කෙනෙක් කියල හිතුවට අලුත්ම නෑ වගේ . . අපූරු පෝස්ට් ගොඩක් තියෙනවා ඔයාගේ බ්ලොග් එකේ.
අනිවාර්යෙන් වෙලාව ලැබෙන විදිහට ඇවිත් කියවලා අදහස් දක්වන්නම්
@හරී
ReplyDeleteඅහ් පස්සේ හරි ඇහැගැටුනු එක මදෑ. අනේ අප්පේ සමාවෙන්ට ඔයාගේ අඩවියේ අලුත් ලිපි කීපයක් දැක්කා වුනත් අලුත් තැන වැඩ වැඩි නිසා කොමෙන්ට් දාන්න නම් ඉඩක් ලැබුනේ නෑ.
තාවකාලික ගෙදරට නෙට් ගත්තේ ඕන් අදයි.
@චතුර.
ඔව් මචං. අපේ කොල්ලත් ආසාවෙන් යනවා. ඒත් අද ඉස්කෝලේ ලඟදී ඇඬුවලු අප්පච්චී ඕනේ කියලා.
ඒක ඇහුවම නම් මට දුකේ බෑ මචං . .
මොනව කරන්නද . . ටික කාලයක් පොඩි දුකක් විඳින්න වෙනවා.