Wednesday, March 23, 2011

දොරක් වැසී . . දොරක් ඇරේ . . ජීවිතේ . . !!



ජොබ් එකට කෙල උනාම ඒකත් සතුටු වෙන්න පුලුවන් හේතුවක් කියලා හිතලා පාර්ටි දන්න පුලුවන් ජාතියේ උන් ඉන්න පුලුවන්ද??

ඔව් ඔව් මේ පහල පික් එකේ ඉන්නේ එහෙම එකෙක් . . . හෙ හෙ හේ . . .



ගොඩක් අය දන්නවා මම මාසයක් නිවාඩුව ගතකරලා ආපහු අබුඩාබි ආවේ මේ මාසේ 5 වෙනිදා කියලා.

6 වෙනිදාටත් මගේ නිවාඩුව තිබුනු නිසා ගෙදරට වෙලා හොඳට නිදාගෙන ඉඳලා 7 වෙනිදා තමයි නිවාඩුවෙන් පස්සේ වැඩට ගියේ ඕන්.

ගිය දවසෙම දවල් ලොක්කා ලොකු වැඩක් බාර දුන්නා වුනාට ඒක දවස් දෙකෙන් ඉවර කරන්න පුලුවන් වුනා.

අඟහරුවාදා අපේ ව්‍යාපෘතියක සේවය් කරන සහෝදරයෙක්ට අස්වීමේ ලිපිය දුන්නා කියලා ආරංචිවෙලා ජනකයි මමයි හොඳටම මළ පනලා හිටියා වැඩ කරන එවුන්ව එලෝලා දාලා බකං නිලාගෙන ඉන්න උන් එක්ක අනාගතයේදී කොහොම වැඩ කරන්නද මන්දා කියලා.

බදාදා දවසේ ම නිකම් වගේ තමයි හිටියේ . . .

බ්‍රහස්පතින්දා දවල් 2ට විතර ලොක්කා අපේ අංශයේ පිලිපීන ගෑනු ළමයෙක්ට ලොක්කගේ රූම් එකට එන්න කියලා ටික වෙලාවකින් ඒ කෙල්ල අතේ ලියුමක් අරන් එනව දැක්ක ගමන් අපි දැනගත්තා මේකිට බඩු ඒ කියන්නේ අපිටත් බඩු තමයි කියලා.

ඒත් වාසනාවට ලොක්කා අර කෙල්ල අතේ මට විතරක් එන්න කියලා තමයි පනිවිඩේ එවලා තිබුනේ.

ඉතිං ඔන්න මටත් බඩු බනිස් . . . ආයතනයේ අස්ථාවර භාවය සහ අයහපත් වාතාවරණය නිසාවෙන් අකමැත්තෙන් වුවත් සේවයෙන් ඉවත්කල බවට මාසෙක දැනුම් දීමක් . .

අනේ පව් උන්දෑ පුදුම දුකක් වින්දා ඒ තීරණේ ගන්න වුනු එක ගැන පැහැදිලි කරන්න .

නමුත් මම ම පැනලා කිව්වා "ඔව් ලොක්කා ආයතනයේ ව්‍යාපෘති ඔක්කෝම දින නියමයක් නැතුව කල් දාලා තියෙන වාතාවරණයක සේවකයෝ වැඩ නැතිව පඩි දීලා තියා ගන්න එක ආයතනයේ සියදිවි හානි කර ගැනීමක් කියලා මම දන්නවා . . ඒක නිසා මේ තීරණේ මම බොහෝම සතුටින් භාර ගන්නවා" කියල . . .

ජනක මල්ලී නම් මට ලොක්කගේ කාමරේට එන්න කිව්ව ගමන් නයා මැරුනු අහිකුංඨකයා වගේ එකපාරටම අස්පැට් ගියා.

හැබැයි ඉතිං අපේ ගෙදර උන්දෑත් දැන් මම වගේ ම හිතන නිසා කෝල් කරලා පනිවිඩේ දුන්නු ගමන් “ආ ඒකත් එහෙමද – කොයි දේ වෙන්නෙත් හොඳටයි අනේ . . අපි එන විදිහකට මූන දෙමු” කියලා බොහෝම ආදරයෙන් කිව්වා.

මට ඉතිං තවත් සතුටුයි . . . ඇයි කියලා අහන්නේ . . “ඕක තමයි මම නිතර කිව්වේ හදිස්සියකට වත් කීයක් හරි ඉතුරු කරමු” වගේ දේවල් කියයි කියලා බලාපොරොත්තුව කෝල් කලාම අර වගේ පිලිතුරක් ලබුනාම සතුටු නැද්ද හලෝ . . .

අපේ ගෙදර උන්දෑ එහෙම කියයි කියලා හිතුවාට මම ඉතිං නාස්ති කාරයෙක් නෙමෙයි හරිය.

පිට රට රැකියාව කරන්න ගත්තු දා ඉඳන් එක අවුරුද්දක් ඇර ඉතුරු කාලේ පුරාම බොහෝම කල්පනාකාරීව කළමනාකරණය කරලා තමයි මම විය පැහැදම් කරලා තියෙන්නේ. බොරු නෙමේ අනේ . . . මම ගැන දන්න අයගෙන් අහලා බලන්න බොරුද කියලා.

මේ රැකියා අහිමි වීමේ තත්වය ඇත්තෙන්ම දැනට අවුරුදු දෙකකට කලින් ඉඳන් මේ ආයතනයේ සේවය කල අපි සියලු දෙනාම බලාපොරොත්තුවෙන් හිටි දෙයක්. ආර්ථික අවපාතය නිසා ඩුබායි රාජ්‍ය වැටෙන්න පටන් අරන් සෑහෙන කාලයක් යන කම් අපේ ආයතනයට අල්ලන් ඉන්න පුලුවන් උනත් ඒක තව දුරටත් කරන්න බැරි අවස්තා කීපෙක ආයතනය අකමැත්තෙන් හෝ සේවක කප්පාදුවක් කරලා ආයතනය රැක ගැනීමේ ක්‍රියාව කරන්න සිදුවුනා.

ඒ මුල් අවස්ථා වලට ආයතනයේ ඉතුරු වුනු අපි මුහුන දුන්නේ බොහෝම වේදනාවෙන්. මේ පහල තියෙන්නේ ඒ වගේ වේදනා විඳි අවස්ථා දෙකකදී මගේ අතින් නිර්මාණය වුනු නිසඳැස් දෙකක් . . .

සමුගැනීමේ සාදය . . . . . . !



. . . . . . . .. . . . .. .

හරි දැන් ඔන්න ලියුම ලැබුනාට පසු ව එන ජවනිකා . ..

මේ ගැන කෝල් කරලා කිව්ව ගමන් මගේ හිතවත්තු ඔක්කෝම බොහෝම කම්පා වුනා. දුමියා ඩර්යිව් කර කර ඉන්න වෙලාවක මම කෝල් කරලා අප්සැට් ගිය පාර තව පොඩ්ඩෙන් ජරමර ගොඩයි. ඒ අස්සේ ඌ කිව්වේ යකෝ තෝ වගේ ජොබ් එක නැති වෙලා ජොලියේ හිටපු උන් වෙන මම දැකලා තියෙන්නේ එකම එකයි . . අපේ දර්ෂනය තමයි ඒකා කියලා.

චමල්ට තව පොඩ්ඩෙන් හුස්ම හිරවෙනවා අහපු ගමන් (මල මගුලයි ), දමිත් නම් මම වගේම “ආ ඒකත් එහෙමද’ කියන බුවා නිසා ඌ නම් ශේප්. කොහොමින් හරි තව පොඩ්ඩෙන් වෙන්නේ ජොබ් එක කලවුනු එකා ජොලියේ ඉන්න කොට ඒක අහපු උගේ යාලුවෝ ප්‍රෙෂර් එහෙම වැඩි වෙලා මැරෙන ජාතියේ සීන් එකක් . . . හික් හික් හික්

හවසට පොඩ්ඩක් සැට් වෙන්න එන්නලා කියලා ලඟ පාත ම ඉන්න ජනකටයි මනෝජ්ටයි එන්න කිව්වාම නදීෂගේ මල්ලිත් සාජා ඉඳන් එනවා කිව්වා, එපා කිව්වට අහන්නේ නැතුව දැන් ඌම් අල් කුයින් වල ඉන්න රුවනුත් එන්නම් කිව්ව කිලෝ මීටර් 200කටත් එහා දුර ඉඳන්. ඒ ආපු වෙලාවේ ගත්තු පින්තූරයක් තමයි ඔය උඩින්ම දැම්මේ.

එදාම මූනු පොතේ, ගූගල් බස් එකේ එහෙම දාපු ස්ටේටස් එක (ජීවිතයේ එක් කවුළුවක් වැසෙන විට එය තවත් දොරක් විවර කර දෙනු ඇත . . . ජීවිතය නම් එයයි . . . !) දැකපු සමහර අය නම් සීන් එක අනුමාන කරලා තිබුනා කියලා කොමෙන්ට් වලින් එහෙම මට හිතුනා. චට් කරපු අය නම් ඔක්කෝටම නම් ඉතිං කිව්වා සීන් කෝන් එක.

යාලුවෝ හැමෝම වගේ කෝල් කලා, දුක බෙදා ගත්තා. CV එක එවපන් කිව්වා. යාලුවෝ එහෙම කිව්වහමයි මතක් වුනේ මම CV එක අවුරුදු ගානකින් අප්ඩේට් කරලා නෑ නේද බොලේ කියලා . . ආයතනයෙන් ජොබ් ප්‍රොපොසල් වලට දාන්න අප්ඩේට් කරපු CV එකක් ඉල්ලගෙන බැලුවා . . ම් ම් ම් ම් හු . .හිතට හරි නෑ වගේ. යාහු මේල් එක පීර පීර හෙව්වා හෙව්වා අම්මේ යාන්තම් 2005දි යවපු මේක් එකක තිබිලා එතනින් අරගෙන අප්ඩේට් කලා දවස් දෙකක් විතර තිස්සේ.

ඔය අතරේ ඔෆිස් එකේ වැඩ කීපෙකුත් කරන ගමන් CV එක අප්ඩේට් කරලා ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පටන් ගන්නකොට සතියකුත් ගෙවිලා ගිහින් . . .

සතියක් තිස්සේ තෝ මොකෝ කලේ යකෝ කියලා හැමෝගෙම ඇනුම් බැනුම් මැද යවන්න පටන් ගන්නත් කලින් චමල් කලින් වැඩ කරපු තැන ලොක්කා හෙවත් අපේ පරන ඉන්දියන් යාලුවාට කෝල් කරලා පනිවිඩේ දීලා. මනුස්සයා කියලා “ආ ඌට බය වෙන්න එපා කියපන්” කියලා. මනුස්සයා එදාම ආපහු ඉන්දියාවට ගිහින් ව්‍යාපෘතියක වැඩ වලට. මම පහුවදා ඉඳන් දෙතුන් පාරක් කෝල් කරලා මනුස්සයා ආන්සර් නොකරපු නිසා හිත හදා ගත්තා ඒක හරියන එකක් නෙමෙයි කියලා.

කලින් මම කටාර් ඉන්න කාලේ එහේ පටන් ගත් ශ්‍රී ලාංකික ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගමයේ කරක සභිකයෙක් සහ දීප්තිමත් සංවිදායකයෙක් වෙලා හිටපු කාලේ අඳුනාගත් කටාර්වල විශාල ආයතනයක ප්‍රමාණ සමීක්ෂක අංශයේ ඉහල තණතුරක් දරන මිත්‍රයෙක්ගේ ඊ ලිපිනයට සී වී එක යැව්වයින් එතුමා කෝල් කරලා කියනවා ‘මචන් මට උඹව මිස් කර ගන්න ඕන නෑ. මම ලොක්කටත් කිව්ව උඹව මට කොහොම හරි ගන්න ඕන කියලා. ඒත් අපේ ලොකු ව්‍යාපෘති දෙක තුනක්ම පටන් ගන්නේ ජුනි මාසේ. ඒක නිසා උඹට ඒ වෙනකම් ඉන්න පුලුවන් නම් මම උඹව ගන්නම් කියලා.

තව කටාර් ඉන්න කාලේ මට ඔවුන්ගේ පවුලේ සාමාජිකයෙක්ට වගේ සලකපු ඉන්දියානු (බෙන්ගාලි ) මිතුරෙක්ට කෝල් කරල සී වී එක යැව්වට පස්සේ එතුමා කියනවා “ඇයි යකෝ උඹ වෙන ආයතන වලට ට්‍රයි කරන්නේ . . උඹේ පරන කොම්පනිය උඹට යන්න දෙන්න බෑ බෑ කියලා අන්තිමට යන්න දුන්නේ උඹට එන්න ඕන කියලා හිතුනු ඕන වෙලාවක ඊමේල් එකක් එවලා පාස්පෝර්ට් කොපියක් එවපන් අපි උඹව ගන්නවා කියලා නේද . . එහෙව් එකේ ඇයි උඹ එතනට කතා නොකරන්නේ කියලා. එහෙම කියලා ලොක්කගේ දුරකතන අංකත් හොයලා දුන්න වුනත් එක පාරක් කෝල් කලාම පරන ලොක්කා ආන්සර් නොකරපු නිසා තාම එතනට සී වී එක වත් නොයවා කල්පනා කරමින් හිටියා දානවද නොදානවද කිය කිය.

පෙරේදා හවස අපි දෙන්නගේ දීර්ඝ සාකච්චාවෙන් අපි තීරණයකට එලඹුනා.

*විරුල්ව මෙහේ ඉස්කොලේ දාන්න කියලා මෙහේ ඉස්කෝලෙට මුල් කාර්තුව වෙනුවෙන් ගෙවපු ලංකාවේ මුදලින් ලක්ශ එකහමාරක් විතර වෙන මුදල ත් ආපහු ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙන එකේ මේ මාසේ අන්තිමට අපි මේ ආයතනයෙන් ලැබෙන සබ්බ සකලමනා මුදලත් අරගෙන ලංකාවට යමු.

*ගිහින් බාගෙට හදපු ගෙදර මනුස්සවාසයකට සෑහෙන තරම් කොරලා අරගෙන ගෙදර පදිංචි වෙමු.

*කොල්ලව එහේ මොන්ටිසෝරියකට දාමු.

*පටන් ගන්න ඕන කියලා හැමදාම හිත හිත ඉන්න අර බිස්නස් එකේ වැඩේ නංගිගෙනුයි, අභීතගෙනුත් උදව් අරගෙන පටන් ගමු.

*පස්සේ ඔය ටික සෙට්ල් වෙලා ඉවර වෙලා ආපහු මැදපෙරදිග රැකියාවක් ගැන හිතමු.

*එහෙම නැතත් ඔය ටික කරලා ඉවරවෙනකොට ජුනි වෙයි. එතකොට අර යාලුවගේ ආයතනයටම ජොයින් වෙන්න ඇහැක් වෙයි.

ඔන්න ඔය විදිහට තමයි තීරණය වුනේ. හිතට මාර කූල් . .. .


පැය භාගයක් යන්න ලබුනේ නෑ අර චමල් කතාකරපු අපේ ඉන්දියානු මිත්‍රයා කතාකරනවා.
“උඹ මොකෝ දැන් කරන්නේ’
“මම ආපහු යන්න කියලා”
“නෑ උඹ ආපහු යන්නේ නෑ. ඔතන නවත්වනදාට පහුවදා ඉඳන් උඹ මාත් එක්ක වැඩ” කියලා.
ඉතිං මොකෑ කරන්නේ. ජොබ් එකක් අතේ තියෙද්දී “විදුලිය එලිය දැක ගිනි හුල ලිපේ හෙලා” කියලා වගේ කොරන්න කියලද??

අපේ ආයතනයේම මම කලින් වැඩ කරපු ඩුබායි ශාඛාවේ ලොක්කා මේ දවස්වල කටාර් ඔෆිස් එකේත් ලොක්කා විදිහට උසස්වීමක් ලැබිලා දැන් ඉන්නේ කටාර්. එතුමාත් මට ඊ ලිපියක් එවලා අහනවා” උඹ කැම්තිද කටාර් එන්න” කියලා. මම ඉතිං “හා උඹ එන්න කියනවනම් එන්නම්” කියලා දන්නලා යැව්වා.

ඊයේ හවස යූ කේ ඉඳන් රෙක්‍රූටින් ආයතනයකින් කෝල් එකක් ආවා. මගේ ජීව දත්තේ දැක්කාම ඒක තියෙන එආවාට අනුව අබුදාබි වල ව්‍යාප්‍රහියකට සම්බන්ධකර ගන්න ඒ ටික ඇතිය කියලා හිතුනාය, උඹ කීයක් බලාපොරොත්තු වෙනවද කියලා එහෙම අහලා ආඵෞ කතා කරන්නම්ය කියලා තිබ්බා තිබ්බමයි තාම් නෑ.

ඕමාන් ඉන්න මිතුරෙක් එක්ක ඊයේ රෑ ෆේස්බුක් එකේ චැට් කරද්දී විස්තරේ කිව්වහම ජීව දත්තේ එවන්න කියලා අද උදේම මනුස්සයා එයාගේ ලොක්කත් එක්ක කතා කරලා මම එයාගේ ලොකු මහත්තයට කතාකලාම කියනවා ඕමාන් ව ආයතනයක ඇබෑර්තුවක් තියෙනවාය මගේ ජීව දත්තේ ඒ අයට දෙන්නම්ය කියලා.

ඕවා මේවා ඔක්කෝම නිසා තමයි එම ලඟදී දවසක් මූනු පොතේ ස්ටේටස් එකක් දැම්මේ කියලා.

ඔක්කෝමත් හරි මට වෙලා තියෙන නරකම සන්තෑසිය තමයි පරිස්සමට තිබ්බ දේ ඈලියාවට ගිහින් තියෙන එක. සහතික ඔක්කෝම වැඩි පරිස්සමට කියලා වෙනමම ෆයිල් එකක දාලා තිබා නෙවෑ. අනේ අපොයි අපරාදේ කියන්න බෑ ගෙවල් මාරු කරද්දිද කොහේද ඒ ඔරිමජිනල් සහතික ටික තිබ්බ ෆයිල් එකම නැතිබංගස්තාන වෙලා.

දැන් ඉතිං උදේ හවා අභීත මලයට කතා කොර කොර වද දෙනවා කොහොම හරි වැඩියෙන්ම වටින සහතිකේ කොපියක් අරන් දෙන්ට කියලා.

ආ තව දෙයක් මම මේ දැන් මෙලෝ රහක් නැති ඒවා ලිව්වට ඉස්සර ටිකක් හොඳ ලිපි එහෙම ලිව්වා. මේ ලිපියේ මාතෘකාව ට අදාලව කලින් ලිව්වා ලිපියක් ලූශන් බුලත්සිංහල මහතාගේ තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ ගීතයක් ගැන.

සුලගින් බිත්ති තැනූ සුවදින් පිරියම් වූ . . .
මාළිගයකි මගෙ හද දොරගුලු නැති . .
පිරී තිබේ . . . තදබද වී . . .
ආදරේ . . .

අහසකි මගෙ හිස සියොතුන් හැසිරෙන . .
සැමරුම් මේකුලු අතර නිරන්තර . . .
නිදහස ඇත කාටත් පිවිසෙන්නට . . .
ඉන්න එපා එලිපත්තේ . . .
ආදරේ . . .

මුවවිට තෙක් එය ඔබෙන් පිරී ඇත . .
එනමුදු හැම විට පුංචි ඉඩක් ඇත . .
තව එක් අයෙකුට පිවිසිය හැකි ලෙස . .
දොරක් වැසී දොරක් ඇරේ . .
ආදරේ . . .

මේ ලින්ක් එකෙන් ගිහින් සම්පූර්ණ ලිපියම කියවලා බලන්නකෝ . .

මේ හැමදේම සලකා බැලුවාම මට හිතෙන දේ තමයි රැකියාව නැතිවුනු එක මට සිදුවුනු ලොකුම හොඳක් කියන එක. අලසව ගලාගෙන යන ජීවිතේ ලොකු වෙනස් කමක් කර ගන්න උත්සාහ කරන . . .අතපසුවුනු වැරදීම් හදාගන්න උත්සාහ කරන කොටින්ම ජීවිතේ අලුතින්ම පටන් ගන්න උත්සාහ කරන සිදුවීමක් වෙලා මේ ජොබ් එක කෙලවීම කියන සිදුවීම.

ඉතිං මේ ඔක්කෝම වැල් වටාරම් වලින් මට කියන්න ඕන වුනේ පොසිටිව් තින්කින්ග් හෙවත් ධනාත්මකව නිතරම හිතන්න කියන එකයි.

මොකද ඇත්තටම ජීවිතයේ එක කවුලුවක් වැහෙන කොට තවත් දොරක් ඇරෙන බව ඇත්තටම ඇත්තක් නිසා . ..

ජීවිතේ හැම කළු වලාවකම රිදී ඉරක් තියෙන බව ඇත්තටම ඇත්ත නිසා. . .

38 comments:

  1. අප්පට සිරි ... මම මේක දන්නෙ නැතුවයි අරක කිව්වෙ
    අයිය ජොබ් එක නැතිවෙලත් ජොලියෙ ඉද්දි අපි මොකටද දුක්වෙවී ඉන්නෙ ....
    හොදටම හොද අලුත් ජොබක්ලැබේවා
    ජයවේවා දුකා අයියේ

    ReplyDelete
  2. අපෙ අප්පෝ තියෙනෙ ඉල්ලුමේ හැටියට ආයෙ සතපහකට බයවෙන්න දෙයක් නෑ. කොච්චර උනත් ජොබ් එක ගහල ගියා කිව්වම ඔහොම අවුලක් නැතුව ඉන්න පුළුවන්කමක් තියෙනැක ගැනනම් හරිම සතු‍ටුයි දුකා අයියෙ.

    මගේ රස්සා කීපාරක් නැති උනද. මම දන්නවනෙ කොච්චර ප්‍රෙශර් එකක එනවද කියල. ඒ ඉතිං මම කසාද බඳින්න කලින් අම්මලගෙන් කකා හම්බකරන දෙයින් බිබී ඉන්න කාලෙ. ආයෙ අද වගේ එහෙම මඟුලක් උනොත් ආයෙ මොනව කරන්නද කියල හිතාගන්න බෑ. [බුදු අම්මෝ !]

    විගහටම ආයෙ කලින් එකටත් වැඩිය හොඳ ජොබ් එකක් ලැබේවා !

    ReplyDelete
  3. බියොන්ඩ් ෆ්‍රේම්, ටැබූ වගේ ද්‍රෝහීන්ට කඩේ ගිය එකේ දිට්ට ධම්ම වේදනීය කර්මය පල දීලා.

    ReplyDelete
  4. ජොබ් එක නැති වුනු එක මට නම් සිද්ද වුනු ලොකුම හොඳක් . . එහෙව් ඊක දිට්ථ දම්ම වේදනීය කර්මය පල දීමක් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කිරීමක් කරන්න ඇහැක් වෙයිද . . හික්ස්

    ReplyDelete
  5. @ඇනෝ-1.........
    අනේ යකෝ උඹ දන්න දිට්ට ධම්මය........ඕක ඔහොම පල දෙනවනම් MRට xක උඩ දාගෙන කඩේ යන එවුන්ට කොහොම පල දෙන්න ඕනෙද? නොදන්න මගුල් වලට xක නොදී හිටපන් බං......

    ReplyDelete
  6. නියමයි... සේරමත් හරි සින්දුවත් හරි. අනුලා බුලත්සිංහල නෝනගෙ ලස්සනම සින්දුව ඕක කියලයි මට හිතෙන්නෙ.

    ජොබ සම්බන්ධයෙන් නං ඉතිං ඔය මුහුණ දීල තියෙන විධියට වඩා ක්‍රමයක් නෑනේ. වෙන දේට මුහුණ දෙනව මිස කලබල වෙලා නාගන්නෙ නැතිව හිටියනං හරි නේ... :D

    ReplyDelete
  7. හප්පා.. මං දැන්නෙ අයියා සීන් එක දාන්නෙ.. අයියා දන්නවනේ ලංකාවෙ හිටියට මටත් ඔය සීන් එකම වෙලා තියනවා කියලා.. මටත් අර මොකක්ද කර්මය පලදීලා වෙන්නැති.. මොනව කරන්නද අයියා.. නැති උන දේට වඩා තියන දේ ආතල්නේ... හික්ස්....:-D

    ReplyDelete
  8. ඒක ඇත්ත අයියේ.. කොයි දේ වෙන්නෙත් හොඳටයි නේ. හෙට අදට වඩා හොඳ වේවි. ඒත් උත්සාහය අත්හරින්න එපා. ලංකාවට ඇවිත් ගොඩයන්න උත්සාහ කරනවාට වඩා වෙනත් රටක ජීවත් වෙන එක 100% හොඳයි..

    ReplyDelete
  9. හික්. හික්. හික්. මෙන්න ආගම් පිස්සො ටික මෙහෙත් ඇවිල්ල. මුං හැම තැනම කක්කා කර කර යනව මේ දවස් වල.

    ReplyDelete
  10. වැල යන අතට මැස්ස ගහන එක තමා හොදම දේ,,නැව ගිලුනත් බෑන් චූන් කියලා ඉද්දී වැඩිය දුකක නෑ

    ReplyDelete
  11. අනේ මමත් දැන්නොවැ දන්නේ අයියා අරෙහෙම ලියන්න හේතුව. කමක් නෑ අයියට ඉස්සෙල්ලා කරපු ජොබ් එකට වඩා වැඩි පඩියක් තියන ජොබ් එකක් සෙට් වෙයි. :)

    ReplyDelete
  12. "Adversity causes some men to break; others to break records." ~William Arthur Ward (1921-1994)-American Writer

    ධනාත්මකව හිතන දුකා මල්ලී අනාගතයේ දී විශිෂ්ට ජය ලබනවා අනිවාර්යයි, ජයවේවා!!

    ReplyDelete
  13. දුක ශෝකය නැ දන්නෙ..
    එක පැදුරෙ බත් කන්නෙ
    එක හැලියී නිදියන්නෙ

    කියන සිංදුව දැම්මා නම් මේ පොස්ට් එක සම්පුර්ණයි දුකා අයියේ හික් හික් හික් :D :D
    මට නම් ජොබ් එකකට යන්නබැ කවදාවත්.. මොකද බොස්කෙනෙක් යටතේ ඉන්න මොකක්ද මොකක්ද වගේ :D

    ReplyDelete
  14. ඕන හිස්තැනක් දෙකයි පනහයි කියනවනේ අයියා..... සුළු සීන් ඕවා....

    රජයේ රැකියාවක් දාලා එද්දි මට මිනිස්සු මොන තරම් දේවල් කිව්වද? හිත විතරයි ඕනෙ අයියේ.....

    ReplyDelete
  15. එන එන හැටියට ගහු උලුවස්සා... ඔයාට ඉක්මණටම හොඳ ජොබ් එකක් සෙට් වෙනවා ශුවර් එකටම. එතකන් ඉතින් ඔය වගේ ෆන් එකේ ඉන්න තියෙන්නේ.... :)

    ReplyDelete
  16. ඔය ජොබ් නැති වීම ගැන මිනිස්සු බලන්නෙ එක එක විදිහටයි.
    වැඩ හොඳට පුලුවන් / පළපුරුද්ද තියෙන අය බය නැතුව හිනා වෙලා ඉන්නව.
    ඔය මුකුත්ම නැති අපි වගෙ එව්වොන්ගෙ ජොබ නැති වුණොත් ඉතින් කම්මුතුයි ..
    එතකොට අර ධනාත්මක චින්තනය හරි යන්නෙ නෑ.

    ReplyDelete
  17. අර බල්ල ගැන කියපු ෆිල්ම් එක තවම හම්බවුනෙ නෑ ..
    හොයාගත්ත ගමන් එවන්නම්....

    ReplyDelete
  18. දුකා අයියේ බය වෙන්න එපා..අපි වැරැද්දක් නැතිව ජීවත් වෙනව නම් කවදාවත් වරදින්නේ නැහැ..ජයෙන් ජය අළුතෙන් පටන් ගන්න රැකියාවටත් ..
    අර සිංදුව නම් මරු...මම අයියගෙ බ්ලොග් එකෙන් කොපියක් දැම්මා ඕක මගේ එකටත් දුකා බ්ලොග් එකෙ මුල් කාලේම...

    ReplyDelete
  19. අයියා . . . . ඕව එච්චර හිතට ගන්න එපා. අයියට ආයෙත් හොඳ ජොබක් සෙට් වෙයි. හැබැයි මම නං හිතන්නෙ අයිය ආපහු ලංකාවට ඇවිත් ඔය කරන්න හිතාගෙන හිටපු සීන් එකට අත ගැහුව නං හොඳයි කියලයි . . . . .

    ReplyDelete
  20. හරි හරි දොරක් ඇරෙන කොට දොරක් වැහෙනවා. එන්න. අපිට වචනවලින් විතරයි උදව්වක් දෙන්න පුලුවන්. එක හරි කරනවා.

    ReplyDelete
  21. මමත් බයේ ඉන්නේ මගේ ජොබත් කොයි වෙලාවේ ගහලා යාවිද කියලා . ඔයාටනම් ජොබ් හොයලා දෙන්න යාළුවෝ ඉන්නව දුකා අයියේ . ඒ අතින් ඔයා ලකී . මට එහෙම ඔහොම උනානම් මට ඉන්න යාළුවෝ එකාදෙන්නත් පෑල දොරින් පලා යනවා !

    ReplyDelete
  22. අයියේ මම මෙහෙම කියන්නම්.
    ඔයාට ඕන තැනක ගිහින් ඕන කට්ටක් කාල ගොඩ යන්න පුළුවන්. අනික හිත හොඳ මිනිස්සුන්ට වරදින්නේ නෑ. ඔය ඕකට වඩා ලොකු පිම්මක ආරම්භය. ජය..!!!

    ReplyDelete
  23. වැඩ කාරයාට බොරු බෑ කියන්නේ ඕකනේ... කොහෙ ගියත් ෆිට්ද බුවා..

    ReplyDelete
  24. මටත් ඔය වගේ නස්පැත්තියක් වෙන්න ළගයි.. ;) එත් ඊට කලින් කරගන්න වැඩ ටිකක් තියෙනව.. මචන් දැන් හැම තැනටම CV දාල තැන් කිහිපයකින් ගන්න කැමති වුනොත් අපි එකයිනේ සෙලෙක්ට් කරන්නේ.. එතකොට අනිත් ඒවගෙන් බ්ලැක් ලිස්ට් වෙනවද?

    ReplyDelete
  25. මේ පෝස්ට් එක 'දොරක් වැසී දොරවල් ගොඩක් ඇරේ ' කියල දැම්ම නම් හරි....මොකද මේ කතාවෙ ඊලඟ එපිසෝඩ් එක වෙන්නෙ අපේ හිතවත්තු කීපදෙනෙක්ම අපි වෙනුවෙන් තමන්ගෙ කම්පනි වලට කතා කරල ඔෆර්ස් දීල, ඒ ආපු ඔෆර්ස් කීපයෙන් අපි හොඳම එක ‍තෝර ගත්තට පස්සෙ ඉතුරු අය හිත ටිකක් අමනාප කර ගන්න කොටස.....

    මමත් දැන් උඹේ තත්වෙටම මුහුන දීල ඉන්නෙ....හැබැයි අපෙ කම්පනිය නම් තාම වැහුවෙ නැහැ (බොහොම ලඟදිම වැහෙනව), අන්තිම වෙනකං මට යන්න දෙන්නෙත් නැහැ, ඒ උනාට කම්පනිය තව වැඩි දවසක් දුවන්නෙ නැති බව යාලුවන්ට කිව්වම උන් දැනටම ජොබ් හොයල....

    ReplyDelete
  26. දුකා අයියා ඔයා වගේ හිත හොද කෙනෙක්ට වර දින්න විදිහක් නෑ අයියේ.. මේවගේ වෙලාවහ හිත ෆිට් එකේ තියාගෙන කාඩා නොවෑටී ඉන්න් අපුලුවන් එකනම් ලොකුම ලොකු දේයක් අයියේ.

    ඔයගේ මේ හෑම ප්‍රශ්නයක්ම ඉක්මනඉන්ම ඉවර වෙන්න කියලා මම ප්‍රර්තනා කරනවා අයියේ ..

    බුදුසරණයි!

    ReplyDelete
  27. අර බිස්නස් එකට මමත් සම්බන්ධ වෙන්නද ?

    ReplyDelete
  28. ලඟදිම කලින් එක‍ට වඩා හොඳ ජොබක් සෙට් වෙයි...!

    ReplyDelete
  29. ඇත්තටම කොයි දේ වෙන්නෙත් හොදට... තව දෙයක්... නොහිතපු වෙලාවක වෙන දේවල් හිතුවටත් වඩා හොදට වෙනවා... අත්දැකීමෙන් කිව්වේ...

    ReplyDelete
  30. subawadiwa jeewithaya dakina duka aiyata kawadawath waradinne nah...
    ikmanata thibbatath wada honda job ekak hamba wenna kiyala prarthana karanawa aiye...
    -hama daamath asawen oyage blogs balaporoththu wena nangi kenek...-

    ReplyDelete
  31. ඔහොම තමා ඉන්න ඕනා.
    ජය වේවා!!!

    ReplyDelete
  32. maaarayi...marrama maarayi..................

    ReplyDelete
  33. මං නම් ඇත්තටම මේ වෙනකම් මේ ගැන දැනගෙන උන්නේ නෑ. ඉක්මනටම ජොබ් එකක් සෙට් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවා හරි යන එක ශුවර්. බය වෙන්න එපා.
    [ඒත් මේකට මුහුණ දීපු විදිහ නම් අනේ මන්දා, ඇත්තටම මාරයි.]
    :D

    ReplyDelete
  34. මේ මම දාන first comment එක.(එසේ මෙසේ ගෞරවයක්ද අය්යට)මගේ යාලුවෙක්ගෙ බ්ලොග් එකක් හරහා හදිසියෙ ඇවිත් සෑහෙන පොස්ට් ගොඩක් කියෙව්වා.මගෙම කියල එකක් තියෙන්න ඔන නිසා account එකකුත් open කලා.(තාම එකෙ මුකුත් නෑ) CV එකක් එවන්න කියල මුලින් කියන්න හිටියෙ.ඒත් දැන් කියන්නෙ නදීශා අක්කට hats off කියලා.කලින් පොස්ට් කියවන කොටත් එහෙම හිතුනා.අනිත් ඒවා නැතත් බ්ලොග් ලියන්න දෙන එකම මැදැ..කරු කුරු නොගා..

    ReplyDelete
  35. ලිපිය රහක් නෑයි කියල ඔබතුමා කිව්වට මට නම් එහෙම හිතුනේ නෑ..

    ReplyDelete
  36. මටත් කියන්න තියෙන්නේ
    "ආ ඒකත් එහෙමද – කොයි දේ ෙන්නෙත් හොඳටයි අනේ . . අපි එන විදිහකට මූන දෙමු"
    කියලා තමයි.

    ReplyDelete
  37. මේ වගේම සීන් එකකට මටත් මුන දෙන්න උනා ඔය කාලෙම.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..