Wednesday, May 19, 2010
ආච්චී වැහිලා නටන නාඩගම් . . .!
මේ පහත සඳහන් සිදුවීම් දෙකෙන් එකකට ඔබ කවදා හෝ මුහුන දී තිබෙනවාද . . . ?
1. තමන්ට තමන්වම පාලනය කර ගත නොහැකි කෝපයෙන් කෙනෙකු වෙත කඩා පැන තුන් හිතකින් වත් කිරීමට බලාපොරොත්තු නොවූ චෝදනා වැලකින් ඔහු හෝ ඇගේ මූනට දමා ගැසීම
2. කිසිම සාධාරන හේතුවක් නොමැතිව කෙනෙකු තමාගේ මුහුනට කඩා පැන තමා කිසි දිනෙක කල හෝ කිරීමට සිතාවත් නැති චෝදනා රාශියක් කරමින් බැන වැදීම.
සාමාන්‍ය කට වහරේ මේ ක්‍රියාවට "යකෙක් වැහිලා වගේ" කියා හඳුන්වන නමුත් මගේ වචන මාලාවේ එය පහත ආකාරයෙන් හඳුන්වනවා . . .
1. මට ඒ වෙලාවේ "ආච්චී වැහිලා වගේ" කෑ ගැහුවනේ . . .
2. මොකෝ උඹ "පිස්සු වේX වගේ" කෑ ගැහුවේ . ..
(චමල්, දමිත්, නදීශා, රුචිර බ්ලා බ්ලා බ්ලා . . දන්නෝ දනී . . )
"අනේ සමාවෙන්න . . මම දන්නේ නෑ මට ඒ වෙලාවේ මොනා වුනාද කියලා" වගේ වචන මඟින් ඉස්තාලේ වහන්න හැදුවත් ඒ වෙනකොට අස්සයා ගිහින් ඉවරයි.
ඒ ක්‍රියවලිය අවසානයේ ඉතුරු වෙන්නේ රිදුනු හෝ බිඳුනු හදවතක් හෝ හදවත් කීපයක් හා මහාම මහා එපා කරපු මූසල කාලකන්නි පසුතැවීමක් පමනයි.
හාස්‍යජනක හා සංවේගජනක ම දේ තමයි මේ අපිට ආච්චී වැහිලා බනින්න තෝරා ගන්නා කෙනා අපි ගොඩක් ආදරය කරන කෙනෙක් වීම. (අම්මා, තාත්තා, සැමියා, බිරිඳ, පෙම්වතා, පෙම්වතිය, සහෝදරයා, සහෝදරිය, හොඳම මිතුරා, හොඳම මිතුරිය, දුව, පුතා)
තව දෙයක්, අපි එසේ නිතර කඩා පනින පුද්ගලයා එක අයෙක් හෝ එකම පුද්ගල කන්ඩායමක් වීමත් අරුමයක්.
අපේ බැනිල්ල නිසා තරහින් අපේ මූන කට සමතල නොකරන. අපේ හොම්බට හැටක් නො අනින, අපේ අධිපතිභාවය ඉවසන ආදරණීය කෙනෙන් බැනීමට තෝරා ගැනීම හාස්‍යජනක දේ වුවත් එසේ අපි ආදරය කරන අපිට ආදරය කරන කෙනෙකුගේ හදවත රිදවීම, අප කෙරෙහි ඇති ඔහු හෝ ඇගේ ආදරේ බිඳී යාම සංවේගජනක දේ ලෙස දැක්විය හැකියි.
මෙය මනෝ විද්‍යානූකුලව "හිස්ටීරියා" කියන රෝග ලක්ශනයේ මූලික අවදියක් ලෙස මා උපකල්පනය කරනවා.
මා දන්නා, ලඟින් ඇසුරු කරන "මා ඇතුලුව" බොහෝ දෙනෙකුට මේ රෝගය තිබෙනවා.
බොහෝ මනෝ ව්‍යාධි වලට බුදු දහමේ පිලියම් තිබෙනවා කියා මා සිතනවා. (ඕනෑම ආගමක කෙනෙකුට මේ ලිපියේ කරුනු වැදගත් වේ යැයි මා සිතනවා)
උප්පැන්න්යේ ආගම ලෙසට බෞද්ධ කියා සටහන් වීමත්, 7 ශ්‍රේනිය වෙන තුරු දහම් පාසල් ගියා වුනත්, සා.පෙ. විභාගයෙන් බුද්ධාගම විෂය සම්මානයක් සහිතව සමත් වුවත්, පාලි ගාථා කීපයක් කට පාඩමින් මතක තිබීමත්, කුඩා අවබෝදයත් හැර බෞද්ධ දර්ශනය ගැන වැඩි දැනීමක් මා සතුව නැති බව අවංකව කිව යුතුයි.
බුදු දහමේ මූලික සංකල්පයක් වූ හේතුඵල වාදය අනුව මේ ක්‍රියාවලිය විග්‍රහ කිරීම පහසු වේවී කියා මා සිතුවා.
සරලව කීවොත් ඉපදීම නම් ඵලය දුකක්. ඒ ඵලයට තේතුව තෘෂ්නාව. තෘෂ්නාව නම් හේතුව නැති කිරීමේ ක්‍රමය ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය. (තරිඳු හා මාරයා මා වැරදි නම් නිවරදි කරනසේක්වා . . . !)
ඒ අකාරයෙන් හිතුවොත් මේ "හිටපු ගමන් ආච්චී වැහෙන" මනෝ ව්‍යාධිය නම් ඵලයට හේතුව . . .
කෙනෙකු කෙරෙහි අපේ යටි සිතේ අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව තැන්පත් වී තිබෙන තරහවක්.
ඔහු හෝ ඇය තමා ගැන සැලකිල්ලක් නැතැයි යන සිතුවිල්ලක්.
ඔහු හෝ ඇගේ ආදරය තමාට වඩා වෙන අය කෙරෙහි වෙන දේවල් කෙරෙහි ඇත යන උපකල්පනයක්.
හා නැද්ද?
මම හිතන්නේ සිදුවිය යුත්තේ අපි ඒ ආකාරයට ඇඟට කඩන් පනින පුද්ගලයා ගැන අපේ හිතේ යම් කිසි තරහක් ඇති කියා උපකල්පනය කොට ඒ පුද්ගලයා ගැන තරහක් ඇති වෙන්න බලපෑහැකි කරනු මේ මේ යැයි ගොනු කොට ඒ ඒ කරුනට ඒ පුද්ගලයාට සමාව දිය හැකි ලෙස තරාදියේ "තරහා" තියෙන පැත්තට සමාන බරක් "අනෙක් පැත්තට" දමා ඒ තරහව අපේ හිතින් ඉවත් කර ලීමට සැලැස්වීමයි.
පට්ට පෝස්ට් එක. ඔය කේන්ති යන ලෙඩේ මටත් බොහොම ජයටම තියෙන කෙනෙක්. හැම තිස්සෙම කෑ නොගැහැව්වත්. හොඳටම තරහා ගියොත් ඔය කියලා තියෙන විදියට තමයි හැසිරෙන්නේ. හිතන්න දෙයක් ඉතිරි කරාපු වටින් පෝස්ට් එකක්. අපේ වැරදි දාහක් විතර තියෙනවා අප්පා, හදා ගන්න. සහතික ඇත්ත ඒක.
ReplyDelete:(
අයියෙ ඔයා කළින් කියල තියෙන්නෙ අලිම අලි බොරුවක්නෙ! බොරු කියන එක හොඳ වැඩක් නෙමෙයි.
ReplyDelete"කුඩා අවබෝධය"
හුහ්.....
ඔය ලියල තියෙන්නෙ යස අපූරුවට.
:))))
අපේ හිතේ හැංගිලා තියෙන තරහ නිසා මෙහෙම වෙනව කියන එකටනම් මම එකඟ නෑ. ටික කාලෙකට කලින් මගේ දර්ශනය ගුරුතුමා එක්ක මේ ගන සාකච්ඡාවක් ගියා. ඒයා කිව්වෙ අපි අපිට ලඟ, හිතවත්, ආදරේ කරන අය එක්ක හේතුවක් නැතුව තරහ ගන්නෙ ඒ අය අපේ safe environment එකක් නිසා කියල. කොච්චර තරහ ගියත් අපේ defense mechanism එක අපිව ආරක්ෂා කරන්න කරන දෙයක්...
ReplyDeleteදුකෝ, මානව හැසිරීම තුළ mood blanacing කියා දෙයක් තියෙනවා. ඒ අනුව අප විටෙක ඉවසන ආවේගය තව විටෙක අනිවාර්යයෙන්ම එළියට දැමිය යුතුයි. (උදා: තම රැකියා ස්ථානයේ ප්‍රධානියාගේ බැනුම මුවින් නොදොඩා ඉවසන කීකරු සේවකයා mood balance කර ගන්නේ ගෙදර ඇඹෙනියට හෝ දරුවන්ට ඒ ආවේගය පිට කිරීමෙන්.) රැකියා ස්ථානයත්, ගෙදරත්, යහළු යෙහෙළියනුත් හොඳින් තබා ගත හැකි හොඳම ක්‍රමය තමා තරහ ගියාම ඒ තරහ නිවෙනකල්ම දේශපාලුවන්ට බනින එක. (බ්ලොග් එකකින් වුනත් කමක් නැහැ.) මොකද එයින් හානියක් නැහැනෙ. හිතේ තියෙන කෝපයත් පහ වෙනවා. තමන්ට කිට්ටු කවුරුත් අමනාප වන්නේත් නැහැ.
ReplyDeleteඅය්යෙ,
ReplyDeleteමමත් තරිඳුට එකඟයි.. ඕක වෙන්න එක් හේතුවක් තමයි ඒ කෙනා අපිට නැති වෙන්නෙ නෑ කියන විශ්වාසය නිසා..
තමන්ගෙ පවුලේ අයටත්, තමන්ව දාල නොයන විශ්වාසය හොඳට ම ඇති වුනාට පස්සෙ යාලුවන්ට හෝ අනෙක් අයටත් හිත රිදවන එක වෙන්නෙ නම් ඒකයි.. චුට්ටක් හිතල බලල ඔයාට පුළුවන් නම් මේකට උත්තරේ දෙන්නකො... ඔය ඔහොම හිත රිදවන අය ළඟට ම නේද ඔහොම කඩාපනින අය තමන්ගෙ හිත රිදුන ම යන්නෙත්...
අනික් අතින් ඔයා කියන අනිත් පෘතග්ජන ගතිත් ඕකට ටික ටික බලපානව ඇති.. ඒක වගෙම මම කිව් හේතුවත් වෙනව කියලයි මට කියන්න ඕනෙ..මම හරිද දන්නෙ නෑ හැබැයි..
(කොහොම වුනත් මට නම් තරහ යන්නෙ නෑ..හොඳ වෙලාවට......)
මටත් ඉස්සර හරියට තරහ යනව. මම තරහ ගියහම රිදවන්නේ මට ගොඩක් ආදරේ කැන මා ලගින්ම ඉන්න අයව. එයාල ඉතින් ඒ බව දන්න නිසා මාත් එක්ක අමනාප වෙන්නෙ නැහැ. දැන් වුනත් තැර යාම අඩු වුනත් ගොඩක් වේලාවට නිහඩව ඉන්න මම පුරුද් වෙලා. ඒකත් නරක දෙයක් කියල දැන් මට තේරෙනව. මගේම කියල කුරුබිලියකට ටික දවසක ගුලිවෙලා ඉන්න එක දැන් මගේ පුරුද්දක් වෙලා. ඒ බව අදුර ගන්න බැරි මට ආදරේ කරන අය හිතන්නේ මම තරහින් දුරස් වෙලා කියල෴
ReplyDeleteඈත්තටම තරහ ගිහින් බනිනවට වඩා ආදරණියන්ගේ සිත් රිදවන දෙයක් තමයි නිහඩබව කියල දැන් මට තෙරේනව...
දුකා අයිය .. පොස්ටි එක නම් ලස්සනයි... හැබැයි තව ටිකක් විතර කෙටි වුනානම් කියල හිතෙනව ...(මට හිතෙනව )
මම
෴වත්෴
මම නම් කරන්නේ ගුරුවරයෙක් කියල තිබුන දෙයක්.
ReplyDeleteදහයේ ඉඳල එකට ගනන් කරනවා..
ටැබූ ගේ අදහසත් අනුමත කරණව.. දියුනු රටවල කෙන්තිය තරාතිරම නොබලා පිටකරනවා. පහුවෙනිද මුකුත් උනේ නෑ වගේ ආයෙත් කතාකරනවා.
අනික මට වැහෙන්නේ අපේ ආච්චිනේ. එයා හරිම අහිංසකයි, නැන්දම්ම වැහුනොත් නම් විනාසයි.....
මෙතන දී මෙහෙම දෙයකුත් සිද්ධ වෙනවා. පරිසරය හා හැදියාව අනුව තරහ පිට කරන ආකාරයන් දකින අයත් ලොකු මහත් වෙලා වැඩිහිටියෝ වුනාම තරහ පිට කරගන්නේ තමන් දැක හුරු පුරුදු ආකාරයටමයි. හිස්ටීරියාව කියන මනෝවිද්‍යා රෝගයේ ලක්ෂණයක් නොව සමනය කරගත හැකියාවක් එක්කෝ නොදැන සිටීම නැතහොත් උවමනාවක් නොමැතිකම.තෘෂ්ණාව පෙරදැරි කරගත්තකට ද වඩා හැදියාව හා හුරුව. තරහ යනු ඇතිවෙන්නේ කෙසේදැයි දන්නා කල ඇති වූ වහාම නැති කරගත හැකි තත්වයකි. නැති කරගන්නට පරුෂ වචන, කුණුහරුප හෝ ශාරීරික ශක්තිය වැය කිරීම මොළය වැඩ කරන හැටි නොදන්නා අයගේ වෙහෙසකි. සමහරු හිතනවා පිට නොකර තද කරගෙන තියාගෙන ලෙඩ වෙනවා කියල. නමුත් වදනින්, හැසිරීමෙන් පිට නොකර මනස විචාරයෙන් තරහ බැහැර කරන්න පුළුවන්. මාව දන්න අඳුනන අයගෙන් අහලා බලන්න මට තරහ ගිහින් තියෙනවා කවදා හරි දැකලා තියෙනවා ද කියල!! පුංචි කාලේ මගේ තාත්තා (එයාටත් තරහ ගිය දවසක් මම ජීවිතේට දැකලා නෑ)මට කියලා දුන්නා අනුන් දෙන නරක දේ බාර නොගන්න හැටි. ඉතින් මමත් ඒ ක්‍රමය මගේ දුවටත් කියලා දුන්නා. මේ අවුරුද්දෙ දුවට විස්ස ලබනවා. එයා අඳුනන අයගෙන් ඇහුවොත් හැමෝම කියයි එයා තරහින් සිටි දවසක් දැකලා නෑ කියලා. හැබැයි ඒ සේරටම හරියන්න ඔන්න මගේ අම්ම. අනිත් එක්කෙනා මගේ මහත්තය. වෙව්ලනවා තරහා ගියාම. ඒ තරුණ කාලේ. හැදියාව මහත්තයාගෙ පරිසරයෙන්. වෙනස් කරගන්න වසර විස්සකට වඩා කල්ගියා. බැඳපු අළුත ගිනිකෙළි! දැන් නම් හොඳ ෂෝක්! මොළයේ රසායනික අපද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න ඉඩක් තියන්න අවශ්‍ය නැහැ. තරහා යනු ගත නොයුත්තක්. වයසට යනකොට තරහ යෑම අඩු වෙන්න ඕන ආච්චිට! ඒකත් මනස විසින් කරන ස්වභාවික විපර්යාසයක්. දැන් දැන් අම්මටත් තරහ යෑම අඩුයි. හැබැයි ඒ අවබෝධයෙන් නෙමේ. හැදියාව කුඩා කාලයේ ඉක්මණින් හුරු වුනාට වයස විස්ස පැන්නම වෙනස් කරගන්න ඉතා දුෂ්කරයි. මොළයේ හැදියාවට වෙන් වූ සෛල ඇරිලා සකස්වෙලා ඉවරයි විසිඑක පනිද්දි.
ReplyDeleteඔය ලෙඩෙ හින්දා මට ගොඩාක් පාඩු සිදුවෙලා තියනවා දුකා......අනේ මන්දා මෙක කොහොම හොද කර ගන්නද කියලා...කොච්චර පාලනය කර ගත්තත් වැඩක් න්හැ....කොයි වෙලාවේ හරි කඩා පනිනවා....
ReplyDeleteබෙහෙතක් හම්බ උනොත් මටත් දියන්.....මෙක හොද කරගන්න ඔනේ..............
හොඳ සටහනක්. වත් කිවා සේ කෙටි වුනා නම් තවත් අගෙයි. මටත් තරහ යන ලෙඩේ තිබුණා ජයට ම. මගේ පුහුණු වීමේ කාලයේ දී, මගේ ප්‍රධානියෙක් සිටියා කොහොමටවත් තරහා නොගන්න. ඔහුගේ තරහා ඇවිස්සීමට මා නොකළ දෙයක් නැහැ. එහෙත් ඔහු තරහා නොගෙන සිටියා! එයින් මා තේරුම් ගත්තා තරහා ගැනීමෙන් ප්‍රයෝජනයක් නැති බව. ආවේග ඇවිස්සී තරහව ඇතිවෙන මොහොතේ ම මා එය අවබෝධ කොට තරහ පාලනය කරා. ක්‍රමයෙන් උපේක්ෂාවෙන් දේවල් දිහා බලන්නත්, ඒ වගේ ම, යම් ක්‍රියාවක අසාර්ථක ප්‍රතිපලය නොව, අරමුණ දෙස සිත යොමු කරන්නට පුරුදු වූවා. මෙය තරහා මැඬ පවත්වන්නට හොඳ ක්‍රමයක්. අනෙක් අතට, අප ආදරය කරන අය නිකරුනේ රිදවන් නේ කුමකට ද? අප ඔවුන්ට සැබවින් ම ආදරේ නම් සිත් වේඳානාවන් දී රිදවන්නේත්, නිකරුණේ අපගේ තරහවන් ඔවුන් මතින් යවන්නෙත් මන් ද?
ReplyDeleteඇස් මහිද හිමි මෙහෙම කීවා මතක යි:
උස්තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුම්බන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ
මා හිතන්නේ අපට අප පාලන කරගන්නට බැරිනම් අප නිවටුන්; ඒ මහින්ද හිමිගේ නිර්වචනයට අනුව෴
මගේ ගෙදර උන්දෑ ඕකට හොඳ උදාහරණයක් පාවිච්චි කරනවා... කාන්තාවන්ට තරහ යන එක නිකන් අහස් කූරක් වගෙලු...ටක් ගාල පත්තු වෙලා නිමිල යනවලු...හැබැයි ඉතින් පිරිමි ඉවසල ඉවසල තරහ ගියොත් ගිනි කන්දක් වගේ දවස් ගානක් ඕක පත්තු වෙනවලු...හික්ස්... මමත් පිලිගන්න එකක් තමයි තමුන් වැඩියෙන් ආදරය කරන අයට බනින්නෙ ඒ අය තමුන්ව හොඳ හැටි තේරුම් අරගෙන ඇති කියන විශ්වාසෙටයි...
ReplyDeleteපොඩ්ඩක් තරහ පෙන්වන එකෙත් වාසි නැතුවම නොවේ නේ... ;)
තරහ නොයන එකෙකුටත්, තරහ ගියත් කාටවත් බණින්නෙ නැති එකෙකුටත් මොකක් හරි හේතු ඵල වාදයක් තියෙනවද කියල කියපන්කෝ මල්ලියේ...!!!
ReplyDeleteමොන කරුමයක් ද මන්ද මට තරහ ගියත් කාටවත් බණින්න හිතෙන්නෙ නැහැනෙ..පලු යන්න බණින්නෙ ම තරහක් නැතුවනෙ...!!!
සම්පූර්ණ ඇත්ත කතාව. වැඩි පුරම කඩන් පනින්නේ නන් අපිට ගොඩාක් හිතවත් අයට තමයි. මෙතන ගොඩක් අය කියල තියන දේවල් වලට මමත් එකඟයි. ඊට අමතරව මෙහෙමත් හිතෙනව දුකා අය්යේ.. අපි ප්‍රශ්නයක් නිසා හරිම අසරණ වෙලා,අවුලෙන් ඉන්න වෙලාවට අපි හිත යටින් ඒකට උදව්වක් බලාපොරොත්තු වෙනව ඇති අපිට ආදරේ අයගෙන්. ඇත්තටම එයාලට කරන්ඩ පුලුවන් දෙයක් නැති වුනත් අපේ යටි හිත එහෙම බලාපොරොත්තු වෙනව ඇති(හරියට නිකන් හදිසිකරදරයක් උනහම `අම්මේ...` කියල කෑගහනව වගේ). ඉතින් ඒ වගේ වෙලාවල් වලදි ඔයවගේ දේවල් වෙන්ඩත් පුලුවන්....
ReplyDeleteනියම උදාහරණ ටිකක් දීල තියෙන්නෙ. නියමෙට වදිනවා.
:) ගොඩක් ආදරය කරන කෙනෙක් එක්ක,ගොඩක් හේතු නිසා "ආච්චි වෑහෙන ලෙඩේ" මටත් තියෙනවා.අනිත් පාර්ශවයෙන් බොහොම ආදරෙන්,බොහොම දුකෙන්,අන්තිමට "ආච්චි වෑහිලා වගේ" ආවේගයෙන්,මාව මේ තෑනට පත් කරන්න එපා කියල කරපු එකම එක ඉල්ලීමක් වත් ඉටු උනේ නෑහෑ.:) අන්තිමට මට හිතෙන්නේ අයියා කියන දේ තමයි හරි..අනිත් පාර්ශවය වෙනස් වෙනකම් දුක්වෙවී ඉන්නෙ නෑතිව,"ආච්චිවත් ආවේශ නොකරගෙන",බුදුහාමුදුරුවො කියපු විදිහට හිත සනසාගන්න එක..ජීවිතේ ඉතුරු කාලය සතුටින් අනිත් පාර්ශවය සමග ගත කරන්න මේ ටිකම ඈති නේද? :) ස්තුතියි අයියා..ගොඩක් ම හිත රිදිලා හිටපු මොහොතක මේ ලිපිය මට දුන්නේ අසීමිත සෑනසීමක්..පින් සිදු වේවා!
ReplyDeleteමටත් ඉදල හිටල ආච්චි වැහෙන ලෙඩේ තියෙනව.... නියම පෝස්ට් එකක් සහෝ.. ලියල තියෙන්නෙ
ReplyDeleteආච්චි වැහෙන ලෙඩේ නිසා තමා ප්‍රධාන වංශයෙන්ම මගේ ප්‍රේම සම්බන්ධය බිඳිලා ගියේ, ඒ කාලේ දෙපැත්තකින්ම ආව ප්‍රශ්ණ නිසා කලාතුරකින් ජංජලයෙන් කතා කරන්න ලැබුණාම අපෙන් කෙනෙක්ට පසුව ආච්චි වැහුණා.
ReplyDeleteමට කලින් ක්මෙන්ට්ටු දාලා තියෙන අය මේ ගැන වඩාත් පැහැදිලි කරලා තියෙනවා නෙව. ඒ නිසා වැඩි දුරටත් මට කියන්න අවශ්‍ය දෙයක් නෑ මටත් වඩා පහදලා තියෙන නිසා.
දුකාට බොහොම ස්තුතියි! වේලාවකට මේක Print කරලා ගන්නත් ඕනා! :-)
හරිම සතුටුයි හොඳ සංවාදයක් ගොඩනැගුනු එක ගන මේ ලිපිය හරහා.
ReplyDeleteසියලු දෙනාට බොහොම ස්තූතියි අදහස් දැක්වීම ගැන.
බොහෝ දැන උගත් ජීවිතයෙන්ම පාඩම් ඉගෙන ගත් ප්‍රතිචාර දැක්වූ ඔබලාගේ අදහස් වලින් මා බොහේ දේ ඉගෙන ගත්තා.
අරුණි හා ටැබූට බොහෝම ස්තූතියි මේ රෝගයෙන් මිදෙන්න වෙනස්ම ක්‍රම දෙකක් හඳුන්වා දීම ගැන.
@Ansh Lucky Sri Jay!
ReplyDeleteඔව් ඔව් නගේ රටේම ඉන්න අනිත් අයගේ වැරදි හදලා ගන්න කලින් අපේ තියෙන එක හරි වැරැද්දක් හදා ගන්න හිතුවොත් හොඳයි නේද . . ?
@freedom !
තැන්කූ තැන්කූ . . . අපි හැමදේම කරන්නේ සතුට වෙනුවෙන්. ඒ කුඩා අවබෝධය සතුටෙන් හා ජීවිතය සැහැල්ලුවෙන් තබන්න සෑහේ නම් ඒකම ඇතිනේ නේද . .
@තරිඳු !
සරසවිය සිහිනයක් වූ මට දර්ෂණය උඹලගෙන්ම තමයි ඉගෙන ගන්න වෙන්නේ. ඒක හොඳයි එතකොට වැඩිය හොඳින් තේරෙනවා. ඔව් මම හිතන්නේ ඔය උඹ කියන දේ තමයි අර බල්ලො වත්ත ඇතුලේ ඉඳන් බුරලා වෙන තැනකදී නැට්ට පස්ස පැත්තේ ගහගෙන ඉන්නේ සිදුවීමෙනුත් තේරුම් ගනන් පුලුවන් වෙන්නේ.
@ටැබූ!
ReplyDeleteකලින් කිව්ව වගේ බොහෝම ස්තූතියි වෙනස්ම ක්‍රමයක් හඳුවාදීම ගැන මේ ආච්චී වැහෙන ලෙඩෙන් ගැලවෙන්න ගැලවිලා ආදරය කරන අයගේ හිත් නොරිදා ඉන්න.
@චේජනා !
ඔයා කියන දේ ඇත්ත. ඒ රිදවපු හිත් ලඟට ම තමයි අපි ආපහු යන්නේත්. ඒකයි මම කියන්නේ අපි ආදරය ඉල්ලගෙන යන හදවත් රිදවලා බිඳ දමලා දාන්නේ නැතුව ඉන්න කියලා.
@wath !
ම් ම් ඔයා කියන දේත් ඇත්ත. ආදරය කරන අයගේ හිත් රිදවන තරම් නිහැඬියාව ට වඩා රන්ඩුවෙන එක නම් හොඳයි තමයි. ඒත් එමකෙන් මම කියන්න උත්සාහ කලේ හේතුවක් නැතුව නිතර නිතර අපි ආදරය කරන කෙනෙකුගේ ඇඟට කඩපැනලා ඒ අයගේ හිත රිදවන එකෙන් මිදෙන්නේ කොහොමද කියලා හිතල බලන්න කියන එක. අනේ නගේ දන්නවනේ මට ෂෝට් ඇන්ඩ් ස්වීට් ලියන්න බෑ කියලා. මගේ පෝස්ට් දිග වැඩිවෙන නිසාම තාම්යි මම දැන් සතියකට පෝස්ට් 2කට වඩා නොදාන්න ට්‍රයි කරන්නේ . . .සමාවෙන්න ඕන දිග වැඩිවෙන එක ගැන නම්
@මාතලන් !
ReplyDeleteමට එකම එක කෙනෙක් ගැන තරහා ගිය තරමට නම් එකේ ඉඳන් දහය වෙනකම් ගැනලා මදිවෙනවා . . දාහට වත් වෙනකම් ගනින්න වෙයි තරහා අඩුවෙන්න. දැන් නම් හොඳටම ශේප්. මම ම ට්‍රය් ඉකරපු ක්‍රමේ තාම හොඳින් වැඩ.
හප්පා උඹේ නැන්දම්මා මිසයිලයක්ද ඒ කියන්නේ?? හික්ස්
@arunishapiro !
අරුණි බොහෝම ස්තූතියි. මේ කමෙන්ට් එක කියෙව්වාට පස්සේ මම හිතා ගත්තා මගේ ළමයා ඉස්සරහා අපේ තරහා මොනවිදිහකින් වත් පිටනොකර ඉමු කියලා සම්මුතියක් හදා ගන්න . . . කොහොමත් අපි දෙන්නා නම් වලි යන්නේ ඉඳලා හිටලා. ඒත් පොඩි එකාට හිටපු ගමන් හොඳටම තරහා යනවා. අපේ නංගී පොඩි කාලේ ඒ වගේ. දැන් ඉඳන් පුරුදු කරන්න ඕන නැති නම් ඌ ලොකු උනාම ඔයා කියනවා වගේ ගොඩක් අමාරු වෙයි ඒ පුරුදු නැති කරගන්න. ආයේ පාරක් ස්තූතියි ඔයාට.
@ඉලංදාරියා !
ඇයි මම කිව්වේ බෙහෙත. වැඩිපුරම තරහා වෙන කෙනා අරගෙන, ඒ කෙනා එකක් අපි තරහා ඇයි කියලා හිතලා . . . එක එක තරහා යන කරුණේ තරම් බරක් ඒ කෙනාට ඒ කරුණ වෙනුවෙන් සාධාරන හේතු තියෙනවා කියලා හිතලා බර සමබර කරන්න. එතකොට අනිවාර්යෙන් ඒ කෙනා ගැන අපේ තරහා නැති වෙනවා. අත්දුටුයි ප්‍රත්‍යක්ශයි.
@Ravin Caldera !
ReplyDeleteඇත්ත මහින්ද හිමි කීවා වගේ අපි බොහෝවිට චංඩි වගේ පාර්ට් දාන්නේ අපේ අධිපතිභාවය ඉවසන කෙනකුට. එතකොට නිවටයා අපිමයි. ගොඩක් ස්තූතියි මචං උඹේ වටිනා අදහසුත් අපි සමඟ බෙදා ගත්තාට. ඒ වගේම උඹ කියන ක්‍රමයත් ලේසියි ඒත් හරිම වටිනවා.
@Ishara!
පොඩ්ඩක් තරහා පෙන්නන එක නම් කමක් නෑ ඒට් හ්කිසි හේතුවක් නැතුව නිතර නිතර ඇඟට කඩන් පනින එක නම් ඒ තරම් හොඳ නෑ නේද . . . අර අහස්කූරේ කතාව නම් මට හිතෙන විදිහට බොරුවක්. මගේ අත්දැකීම නම් ඕකේ අනිත් පැත්ත. පිරිමි සෝඩා බෝතලේ කැඩුවා වගේ කෑගැහුවා බැන්නා ඉවරයි. ගැහැනු ගොඩක් වෙලාවට ඒ එක එක පොයින්ට් එක කාලයක් මතක තියාගෙන ටික ටික රිටර්න් දෙන්නේ. හික් හික්
@Indranatha Thenuwara!
හප්පච්චියේ අයියේ තරහක් නැතුව පලු යන්න බනින්නේ කොහොමෙයි අප්පා . . ? අපිටත් කියලා දෙන්නකෝ.
@චමිල !
ReplyDeleteඔව් අපි එහෙම අපි ආදරේ කරන අයගෙන් උදව්වක් බලාපොරොත්තු වෙලා ඒ අය ඒක තරුම් ගත්තේ නැති නිසා තරක් ඇති වුනා වෙන්නත් පුලුවන්. ඒත් අපි එක්ස්පෝස් කරන්නේ නැතුව අනිත් කෙනා අපේ හිත තේරුම් අරගෙන අපිට පිහිට වෙන්න ඕන කියලා හිතන එක අසාධාරනයි නේද මලේ. උදව් ඉල්ලලත් නොදෙනවනම් කඩා පැනලා බැන්නට කමක් නෑ.
@ඇනෝ!
මට හරිම සතුටුයි මේ ලිපියෙන් එහෙම ප්‍රයෝජනයක් කාට හරි ගන්න ලැබුනා කියලා දැන ගන්න ලැබීම.
@හසිත ජයසූරිය !
ස්තූතියි මලේ
දැම්මම ලෙඩේ හොඳ කරගන්න ට්‍රයි එකක් දුන්න නම් මොකෝ හි හි
@බින්කු!
ඔව් බින්කුවෝ. ගිය දේ ගියා. ඉස්සරහට වත් පරන මෝඩකම් ආයේ නොකර ඉන්න ට්‍රයි එකක් දෙන්න හිතුවොත් හොඳයි නේද බන්.
අය්යෙ,
ReplyDeleteමට ආයෙ ලියන්න වෙනව ඔයගෙ උත්තරෙ දැක්කම..
ඔයා කිව්ව වගෙ ඔහොම හිත රිදවන අය මට හුඟක් ආදරේ කරන බව දන්න නිසා, ඒ අය අතින් හිත රිදුනට මම නම් තරහ ගන්නෙවත් තරහ වෙන්නෙ වත් නෑ පොඩ්ඩක්වත්...හැබැයි දුක හිතෙනව. ඒත් ටික වෙලාවයි.. මොකද මම දන්නව නෙ ගොඩක් ආදරේ කරන නිසා බැන්නෙ කියල...අනිත් අතින් කෙනෙක් බැන්න ම හිත රිදෙන්නෙ අපි එයාට ආදරේ කරනව නම් විතරයි, නැත් නම් අනිත් අතට බැනල නිකා ඉඳියි නෙ...
මට හිතෙන්නෙ ඒ නිසා ඔය ඔහොම කඩා පනින එක ඔයා හිතන තරම්ම ලොකූ ප්‍රශ්නයක් නෙවේ කියල...:)
මටත් පුලුවන් තරහ නොගෙන නම් බනින්න...මම එහෙම කරනවත් එක්ක.... මම හුඟක් ආදරේ කරන අයට විතරක්.. ඒ බනින්නෙ හොඳින් කිව්ව ම අහන්නෙ නැති නිසා, බැන්න ම අහල වරද හදාගන්න...ඒක කරන්නෙ මම ගැන හිතල නෙවෙයි .. ඒ කෙනා ගැන හිතල..(මේක කරන අය නම් මම ඕනෙ තරම් දැකලත් තියෙනව..)
බදින්න කලින් තරහා නොගිය අයට බැන්දම වැඩියෙන් තරහා යන්නයි...බදින්න කලින් හොදට තරහා ගත්ත අය බැන්දම උපාසකයෝ වගේ ඉන්න එක ගැන යි දුකා ගේ අදහස කොහොමෙයි..
ReplyDeleteඋත්සහ කරල බලමුකො...
ReplyDeleteඒත් දුකා මටනම් ආච්චි වැහෙනව බොහොම අඩුයි. මට ගොඩක් හොඳ ඉවසීමක් තියෙනව....
තරහ ගියාම බනින්න ඉස්සර ටිකක් හැකිනම් හිත දිහා බලන්න. එතකොට පෙනේවි අනිත් එක්කෙනාට බනින්න ඉස්සර අපේ හිත ඇතුලෙන් අපි එයාට බැනගෙන බැනගෙන යනවා. ඒක තමයි අපි නවත්තගන්න ඕනේ. එතකොට ඔය ලෙඩේ ඉබේම හොඳ වෙනවා.
ReplyDeleteදුකා අයියා කියන විදිය තමා තරහා යන අයට දෙන්න පුලුවන් හොදම බේත. එයලගේ තරහ නිවෙන කල් අපි ඉවසන්න ඕනේ . .
ReplyDeleteමටත් ඔක තියෙනවා හැබැයි පිට මිනිස්සුන්ට නෙවෙ ගෙදර අයටම :D
ReplyDeleteඅපේ තාත්තනම් කියන්නෙ මේ බූරුවට මොකා වැහිලද කියලා :P
විදිනා ආතතිය සිත් නිතරම පෙලන
ReplyDeleteදැනුනා, නමුත් නොදනිමි කියවන තුරුම
අගනා උපදේස තනියම අත් විඳින
වටිනා කම අගෙයි කිසිදා නිමි නොවන
අනේ මන්දා බං.. මට නම් දැන් ඇතිවෙලා.
ReplyDeleteආච්චි විතරක් නෙමෙයි, සීයත් වැහෙනවා, එක වෙලාවකට..
ඕවා කොහේ මතක් වෙනවද? එන තරහා පිට කරේ නැත්නම්, නහරයක් පුපුරලා මම මැරෙයි.. ඊට වැඩිය හොදයි,තරහා පිට කරන එක..
ඕවා නිකං ලාවට ලාවට මතක් වේ ගෙන එනවා, අනිත් පාර්ශවය තරහාවෙලා ඉන්නකොට.. ඒත් ඒ මොහොතට විතරයි..
ඊලඟ දවසේ ඉදන් සුපුරුදු චක්කරේමයි..
This comment has been removed by the author.
ReplyDeleteසුදු අය්යගෙ ලිපිය මම මුල සිට අගටම කියෙව්ව, එක කාටත් වැදගත් වේවි කියලයි හිතෙන්නෙ.
ReplyDeleteබුදු දහමෙ කියනව "සබ්බේ පුතුජ්ජනා උම්මත්තකා" කියල. තවත් විදියකින් කිව්වොත්, සියලුම පෘතග්ජනයින් (නිවන් මග පසක් කොට නොගත්තවුන්) උන්මත්තකයින් හෙවත් අමුවෙන් කියනව නම් පිස්සන් කියල. එක නිසා අපි කාට කාටත් "ආච්චි වැහෙන" ලෙඩේ අඩු වැඩි වශයෙන් තියෙන්න පුලුවන්. මේ යොජනා කරන ක්රඅමය ඒ නිසා අපි කාට කාටත් ප්රඩයොජනවත් වෙවි.
ඔයාගෙ ලිපියෙ සුලු ඌන පූර්නයක්/නිවැරදි කිරීමක් කරනව. (මම දන්නව ඔයා එකට තරහ නෑ කියල )
“සරලව කීවොත් ඉපදීම නම් ඵලය දුකක්. ඒ ඵලයට තේතුව තෘෂ්නාව. තෘෂ්නාව නම් හේතුව නැති කිරීමේ ක්රදමය ආර්‍නය අෂ්ඨාංගික මාර්ගය….”
බුද්ධ දේශනයේ කියනව "අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර නාමරූප, ...................උපාදාන පච්චයා භව, භව පච්චයා ජාතී, ජතී පච්චයා ජරා මරනං.." මේ අනුව "ඉපදීම" නම් ඵලයට "භව" හේතු වෙනව. කොහොම උනත් මෙය චක්රාඋකාරව යන නිසා ඔයාගෙ ප්රීකාශයේ වලංගුභාවයක් තියනව.
@dhumee,
ReplyDeleteඅනේ දෙයියනේ....
දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි
කොම්පීතරේට අබ සරණයි!!!!
ඔය ඔක්කොම ඈත්ත .
ReplyDeleteප.ලී.
ඒත් ඈත්තටම"ආච්චි වෑහෙන ලෙඩේ" ට ආච්චි වෑහෙන්න තියන ඉඩකඩ 100% .(පුලුවන් නම් 1 කෙනෙක් නෑ කියලා ඔප්පුකරන්න බලන්න )
:)
අර අන්තිම හේතු දෙක තමා මට ආච්චි වැහෙන්න හේතු වෙන ප්‍රධානම දෙක. අනේ අන්තිමට මමම අදාල පුද්ගලයින්ට මට ආච්චි වැහෙන්න හේතුව කිව්වම දෙය්යනේ කියලා ඒගොල්ලො මාවයි එගොල්ලන්ගෙන් වෙච්ච අඩුපාඩුවයි දෙකම තේරුම් ගන්නවා
ReplyDeleteමටත් ඔය තරහ යන ප්‍රශ්නේ තිබ්බ සැහෙන්න. නැති වුනේ ගෙදර අවහම කරන්න විනෝද වැඩ ආදිය කීපයක් පටන් ගත්තම. මන් හිතන්නේ අපිට ඒක ඕනේ. ටෙලස්කෝප් එකක් ගත්ත තරු බලන්න. පරණ මුදල් වර්ග එකතු කරන්න ගත්ත. දුම්රිය වල ඈත යන්න. බ්ලොග් ලියන එකට අමතරව. කොම්පියුටරෙත් එක්ක ම නිසා වැඩ ඇරිලා ඇවිත් පය තුනක නිවාඩුවකට පස්සේ තමා ආයේ කොම්පියුටරේට යන්නේ.
ReplyDelete