Thursday, October 15, 2009
එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (තුන්වන කොටස)
පළමුවෙනි කොටස
දෙවෙනි කොටස
අප ඉගෙනීම සඳහා ගිය උපකාරක පංතියේ හිමිකරුවා වූ ගණිත ගුරුවරයා ඔහුගේ අධ්‍යාපන ආයතනයේ දහය වසර සිසුන් කන්ඩායම් තුනක් සඳහා සතියකට වෙන වෙනම පංති තුනක් පවත්වනු ලබනවා . . .
එකතරා කාලසීමාවකට පසු පුනරීක්ෂන පංතියක් පැවැත්වීමේදී නැතහොත් විශේෂිත ලෙස සකස් කල නිබන්ධනයක් එලි දැක්වීමේදී, පංති තුනේම සිසු සිසුවියන් එක් රැස් කර වඩා විශාල හා ඉඩ පහසුකම් සහිත නුගේගොඩ YMBA ආයතනයේ ශාලාවක් වෙන් කරවා ගෙන පංති තුනේම අය එක තැනකට රැස් කරවා ශබ්දවාහිනී යන්ත්‍ර පවා යොදාගෙන සම්මන්ත්‍රනයක් ලෙස සමහර සෙනසුරාදා හෝ ඉරිදා දවසක පවත්වන විශේෂ පංතිය අප සැමටම නවමු අත්දැකීමක් වූවා . . බොහේ විට එවන් දිනයක් උදාවන තුරු අපි ඇඟිලි ගනිමින් සිටියා කීවොත් වඩා නිවරදියි . .
"මචං රුසිත් . . . උඹත් එනවා නේද මේ වීකෙන්ඩ් එකේ YMBA එකේ තියෙන සෙමිනා එකට . . . "
"නැතුව නැතුව . . .මම මේ ඒක එනකම් පුල පුලා බලා සිටියේ . . "
"ඒ මොකෝ . . "
"අපෝ මට මේ අපේ පංතියේ බටකොල ආච්චිලා ටික දැකල දැකල එපා වෙලා . . . අනිත් පංතියේ වත් නාග ලොවින් බැස නාලිය ගමනින් එන එරන්දතියක් ඉඳීවිද කියලා බලා ගන්න ඉන්නේ . . . "
"බලන් ඉඳපන් . . එරන්දතී නාලිය ගමනින් ඇවිත් ස්වයංවර මල්මාලේ උඹේ කරේ දානකම් . . . නැද්ද නිනේශ්? .. "
"මචන් . . ඔය එරන්දතී එන්නේ එතකොට බඩ ගාගෙනද . . .?"
"ඇයි උඹ එහෙම අහන්නේ . . . "
"ඇයි බං . . නා ලිය කියන්නේ හැපින්නට නේද . . . ? කොයි හැපින්නටද මචං කකුල් තියෙන්නේ . . "
"හූ . . . ඌ . . . . ."
"එහෙනම් ඉතිං නිනේශුයි මායි ඔය සෙමිනා එකට නෑවිත් ඉන්නම් . . " තිලංශ පවසන්නේ බොහෝම බැරෑරුම් විදිහට . .
"අඩෝ . . එහෙම කරන්න එපා . ." සාලින්ද බයවෙලා . .
"උඹල නැතුව . . විශේෂයෙන් නිනේශ් නැතුව අපිට ඉතිං හිත ගිය මාලිගාවක දොරට තට්ටු කරන්න බැරිවෙනවා . . ."
"ඔව් මූ නම් බය නැතුව ඕනම කෙල්ලෙක්ට ටෝක් කරනවනේ . . . "
"ඇයි උඹල දෙන්න නෑවිත් ඉන්න හදන්නේ . . . ?" රුසිත් අහන්නේ සැකයෙන් වගේ . . .
"ඇයි බං නිනේශුයි මායි වගේ හැන්ඩි කොල්ලෝ ඉන්නැද්දී ඇස් පෙන කෙල්ලෙක් ඇවිත් ස්වයංවර මල් මාලේ දායිද රුසිත්ගේ කරට . . " තිලංශගේ කතාවෙන් හැමෝටම හිනා . . .
"හරි හරි මල්ලී . . දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා . . . අපටත් දවසක හඳ පායනවා . . . නැද්ද කියලා බලමුකෝ . . . " රුසිත් කවකටු පෙට්ටියට තට්ටු කර කර පොඩි සින්දු කෑල්ලක් එකතු කරනවා කතාව මැදට . . .
"සාරංග මේ . . . උඹේ ඔය හඩු ඩෙනිම නැතුව වෙන ඕන එකක් ඇඳන් වරෙන් එදාට හොඳේ . . අපි මේ ගඳ සුවඳ නොදැනෙන උන් වගේ හිටියාට අනිත් ක්ලාස් එකේ කෑලි කැමති වෙන එකක් නෑ ඔය හඩු ගඳට . . . නැත්තම් අපේ ලකුනුත් කැපෙනවා . . "
"අඩෝ හාල්පොත වගේ මට තියෙන්නෙත් මෙච්චරයි . . මේක ඇඳන් එන්න එපා නම් මම නිකං එනවා . . . "
"අපෝ මූ එහෙම ආවොත් අපි ඔක්කෝටම හුලං තමයි . . ." තිලංශගේ කතාවෙන් හූ හඬ සිනා හඬ උතුරා යනවා . .
සොයුරියන් දෙදෙනෙකුට මැදිව, ඔවුන්ගේ මිතුරියනුත් . . . ගමේ සම වයසේ ළමෝ ගැහැනු පිරිමි බේදයක් නැතුව ඇසුරු කරමින් එක ගොඩේ හැදී වැඩීමෙනුත් . . . දහම් පාසලේදි ගැහැනු ළමයින් ඇසුරු කිරීමෙනුත් ලත් ආභාශයෙන් . . සම වයසේ අන් පිරිමි ළමයින් ගැහැනු ළමයින් ඉදිරිපිට සබකෝලයෙන් දනිස් වෙව්ලද්දී . . කිසි බියක් සැකක් නැතුව ඕනෑම ගැහැනු ළමයෙකු සමඟ සුහදව මූනට මූන කතා කිරීමේ හැකියාවක් මාහට තිබිණි . . .
ඒ හැකියාවෙන් උපකාරක පංතියේ ගැහැනු ළමයි සහ පිරිමි ළමයින් එක එක ආකාරයට ප්‍රයෝජන ලබා ගැනීමටත් පුරුදුවී සිටියා . . .
"නිනේශ්. . . අර දිල්ශිගෙන් අහපන් මචං මම එයා ගන බලාපොරොත්තු තියා ගත්තට කමක් නැද්ද කියලා . . "
"නිනේශ් . . සාරංග ට මේ මගේ ෆේවරිට් බූක් එක දෙන්නකෝ මම දුන්න කියලා . . . හෙට ක්ලාස් එකට එනකොට ඕකේ ලියලා ගෙනත් දෙන්න කියන්න . . "
"මචං . . හිරණ්න්‍යාට මේ ලියුම දීපන්කෝ . . "
"නිනේශ් අර ශිහාන්ට කියන්න මගේ පස්සෙන් එන්න එපා මම එයාට කැමති නෑ කියල . . "
ඔය ආකාරයට දෙගොල්ලෝ අතර සන්නිවේදන හුවමාරු කරුවෙක් ලෙසට මා පත් වීම මගේ ඒ හැකියාව නිසාම සිදුවූවක් . . . සමහර විටෙක එය මට කරදරයක්ද වූ වා . . .
"ඕක මම කියන්න ඕනෑයැ . . ඔයාම කියන්නකෝ . . ."
"අනේ මේ මට නම් බෑ මචං තෝල්ක වැඩ කරන්න . . "
කියා සමහ අවස්ථාවලදී ම මග හරින්න උත්සාහ කලා වුවත් අකමැත්තෙන් හෝ ඔවුන්ගේ පනිවිඩ හුවමාරු කිරීම බොහෝ විට මා විසින් සිදු කරනු ලැබුවා . . . ! !
. . . . .
ගණිත සම්මන්ත්‍රනය . . .
අපේ පංතියේ සුපුරුදු මූනු වලට අමතරව අනිත් පංති දෙකේ අප නොදුටු මූනු රාශියක් . . . කළු මූනු . . සුදු මූනු . . ලස්සන මූනු . . අවලසන මූනු . . රතු, කහ, නිල්, කොල, තැඹිලි, කලු, සුදු . . . සවුම්, සායවල්, කලිසම්, ෂර්ට් . . . නූල් එල්ලෙන, රෙදි පටි එල්ලෙන බැගී කලිසම්, සාක්කු රාශියක් ඇති කාගෝ පෑන්ට් . . . බුරිය ලඟට, බුරියෙන් උඩට, පශ්චත්භාගයේ මැදට, හිප් එකට ඇඳි කලිසම් . . සායවල් . . . විලාසිතා ලෝකයක් . . . සතුටු සිනා, විහිළුවට බැන අඬගසා ගැනීම්, එකිනෙකාට එරෙහි උපහාස, අපහාස මේ සියල්ලෙන් සපිරි ගණිත සම්මන්ත්‍රනය . . .
එකම කාල ගෝට්ටියක් වූ ශාලාව, ගුරුතුමා ඔහුගේ ගැඹුරු කට හඩින් "ළමයි . . . . " කියූ විගස සියල්ල නිශ්චල වන්නේ මහා ධාරානිපාත වර්ෂාවක් . . කිසියම් වූ අද්භූත බලවේගයකින් එක්වරම නතර කල ලෙස . . . ඒ නිශ්චලතාවය ශාලාවේ පසුපස කෙලෙවරේ සිසුවියකගේ කවකටු පෙට්ටියේ ඇති . . කොන්ඩ කටුවක් බිම වැටුනත් . . . ඉදිරි පෙළ වල සිටින සිසුන්ගේ කනට පවා ඒ ශබ්දය දැනෙන තරම් . . . !
කුලක . . දර්ශක . . . ත්‍රිකෝණමිතිය . . . සාධක සෙවීම . . . කුඩා පොදු ගුණාකාරය . . . මහා පොදු සාධකය . . . ශබ්දවාහිනියෙන් පිටවන වචන ශාලාවේ බිත්තිවල වැදී දෝංකාර දෙනු ලබනවා . . . ලොකු පොල්ගෙඩි ප්‍රමානයේ අකුරු රතු, නිල් මාකර් පෑන් වලින් විශාල සුදු කොල දැමූ බෝඩ් එකේ ඇඳෙනවා . . .ඉල්ලක්කම් කැපෙනවා . . කොල පෙරලෙනවා . . .
ඒ අතර අපේ හිත් (මගේ හිත ???) මේ කිසිම පාඩමක, අකුරක, ඉලක්කමක නොරැඳී ශාලාවේ සවිකර ඇති විශාල බිත්ති ඔරලෝසුවේ දෑස් නතරවී තත්පර කටුවත් . . විනාඩි කටුවත් සමඟ දබරයක පැටලිලා . . .
"මේ තමුසෙලාට ඔයිට වැඩිය හයියෙන් දුවන්න බැරිද ඕයි . . "
"අපෝ තමුසෙලා කැඳ බීලද ඉන්නේ . . ?"
"මේ මගුල් ඔරලෝසුව හදපු එකාට බැරි උනානේ මුන් දෙන්නට මීට වැඩිය හයියෙන් දුවන්න පුලුවන් විදිහට හදන්න . . "
"අයියෝ . . විවේක කාලෙට තව පැය භාගයක්ම තියෙනවා . . ."
එහාටත් නැතුව . . මෙහාටත් නැතුව හිත ඔහේ පාවෙනවා . . . ඒ අතර හිතට තරවටුවක් දාගෙන “මේ පිස්සු නැතුව පාඩම අහගනින් . . ගනන් හදපන් . .” අමාරුවෙන් ගනනක් දෙකක් හැදෙනවා ඔන්න . . .
"ළමයි . . . ඔයාලා දැං වතුර එකක් . . තේ එකක් බීලා විනාඩි විස්සකින් ආපහු එන්න ඕනා . . " ගුරුතුමාගේ වචන කනට මී පැනි වක්කරනවා වගේ . . . ඔහුගේ වාක්‍ය නිමාවෙන්නත් ප්‍රථම ළමයි එලියේ . . .
මිදුලේ වතුර කරාමය ලඟ පොදි ගැසුනු කොල්ලෝ, කෙල්ලෝ එකා පිට එකා පොර කනවා . . . වතුර බින්දු එහාට මෙහාට විසි වෙනවා . . . දෙකට නැමී වතුර බොන ගැහැනු ළමයින්ගේ කකුල් අසල නතර වුනු සමහර කෑදර දෑස් කාටූන් වල මෙන් බාලිකාවන්ගේ කකුල් ලඟටම ගොස් නැවත ආපසු පැමින ඇස් කුහර තුලටම රිංගනවා . . .
"ආ සුදු නංගී . . වතුර බොන්න ආවද . . ?"
"ආ සිරිපාල අයියා . . . අනේ නෑ . . මම මේ වතුර බොන්න ආවා . . . "
"හූ . . . ඌ . .. "
"අඩෝ . . .ව් . . . පීචං නොවී මෙහේ වරේ . . න්. . "
"ඒයි සෙවලයා . . . නෑවා ඇත්ද . . . ඉඳා සබන් . . "
"මචං . . ඔය කෙල්ලෝ ගලෝපු කලිසම ඇඳ අනින් . . හූ . . . "
පිස්සු විකාරයි . . . කට පියාන ඉන්න බැරි කොල්ලන්ගේ වචන පියාඹනවා . . . සමහ විසේකාර කෙල්ලෝ ඒවාට පිළිතුරු බඳිනවා . . . අසන්නෝ, ප්‍රේක්ෂකයෝ අත්පොලසන් දෙනවා . . . හූ කියනවා . . . ඇනුම් පද . . උපහාස කතා පුපුරා යනවා . . . සිනා උතුරා යනවා . . .
ඔය අතරේ අපි . . . සුපුරුදු පරිදි අන්තිමට කරාමය ලඟට යන අපි . . බලා ඉන්නවා අපේ එක් ප්‍රියතම බාලිකාවන්වූ . . . XXX බාලිකාවන් කරාමය ලඟින් ඉවත් වෙන තුරු . . .
අපේ මිතුරු කැලට සුහද සිනාවකින් සංග්‍රහ කරමින් ආපසු ටික දුරක් ගිය බාලිකා රැලේ එකියක් . . යලිත් වරක් කලබලයෙන් කරාමය ලඟට ආපසු දුවගෙන එනවා
ඒ වන විට දෙකට නැමී කරාමයට පහත්වී දෑතට එකතුවන වතුර බිබී උන් මා සිටි ඉරියව්වෙන්ම හරී බැලුවේ ඒ අඩි වෙනස් අඩි ශබ්දය නිසාවෙන්මයි . . .
එසේ මා මුලින්ම දුටුවේ . . . කළුපාට පටි සහිත විශාල වටිනාකමක් ඇතියි සිතුනු කාන්තා සපත්තු දෙකකින් සැරසි, මහත ද නොවූ . . කෙට්ටු ද නොවූ මනාව පිහිටි දෙකකුලක් . . . සිටි ඉරියව්වෙන්ම මගේ දෙනෙතේ බැල්ම සපත්තු දෙකේ සිට අඟලෙන් අගල . . . ඉහලට එසවුයේ හිසත් බෙල්ලත් ඒ සමගම ඉහලට එසවෙන අතරේ . . .
බත්කෙන්ඩ, දනහිස, දනහිසේ සිට අඟල් අටක් පමන ඉහලින් කළුපාට සාය වාටියක් . . . ඉන් ඔබ ඉනේ සිට දනහිසෙන් අඟල් අටක් ඉහලදී නතර වුනු තට්ටු දමා මැසූ කෙටි සාය සම්පූර්නයෙන්ම . . . ඉන් උඩට තද කහ පාට රෙද්දකින් සාක්කු දෙකක් ද සහිතව, කළුපට බොත්තම් අල්ලන පටියක් මැසූ කාන්තා කමිසයක් . . . බෙල්ලේ රිදී පාට හදවතක හැඩය ඇති පෙන්ඩන්ට් එකක් සහිත හීනි රිදීපාට චේන් එකක් . . . තලෙළු වුවත් ශර්මිලා තාගෝර්ගේ මුහුන බඳු කම්මුල් ටිකක් ඇතුලට ගිලී ඇති නමුදු ඇහැ යටදී කම්මු ටිකක් ඉස්සුනු ලස්සන මූනක් . . බෙල්ල ලඟට කෙටි වන්නට කොන්ඩය බොබ් කට් කැපූ . . . තද කලු බෝලැති දිගු දෙණෙත්තියක් මා වතුර බී නිමා වෙන තෙක් බලා සිටිනවා දුටු මා, දෙකට නැමුනු ඉරියව්වෙන් කෙසේ වෙනස් වී කෙලින් වූවා දැයි සිතා ගත නොහැකි වූවා . . .
ඇගේ සම්පූර්න රූපය ටිකෙන් ටික මා නැරඹුවා වුවත් එය සුලු නිමේශයක් පමනක්ම වෙන්න ඇති . . . එසේ ඈ දුටු මා ඉබේ සිට ගත්තාද නැතිනම් ඇගේ දෙනෙතේ කාන්තියේ බලයෙන් මා සිට ගැන්වූවාද කියා මට සිතා ගැනීම පවා අපහසු වූවා . ..
"පිස්සු හැදෙනවා . . ." (ඉබේ ම පිටවූ වචන . . )
"පුහ් . . මාරයිනේ . . . මෙයාගේ සායේ දිග . . . "
සුපුරුදු පරිදු මගේ වාචාල කට, දිව මා සිතන්නත් කලින් වචන එලියට විසි කරලා . .
ඒ වචන ඇසුනු සැනින් ඒ කන්තිය විහිදුනු දෑසින් ඊලඟට පිට වෙන්න ගත්තේ ගිනි දලු වැනි බැල්මක් . . .
"ඇයි මොකෝ . . . තමුසෙට අමාරුද . . . තමුසේ අරන්දීලද . . . තමුසෙගේ අප්පච්චි අරන් දීලාද . . "
වෙනදට කෙල්ලෙක් එකක් කීවොත් එකට හතරේ අනුපාතයෙන් පිලිතුරු දෙන මට මේ මොකද වුනේ . . .??
"කියපං මොනා හරි කියපං මොනා හරි . . " උඩු හිත කෑ ගසනවා
"මොනා කියන්නද . . . ?" මුලින්ම දුටු ඒ දෙනෙතේ කාන්තියෙන් වශීවූ යටි සිත පිලිතුරු දෙනු ලබනවා . . .
ඉක්මනින් වතුර බිව් ඈ මට රවාගෙන කරාමය ලඟින් පිට වුනා . . .
හූ හඩවල්, උපහාස කතා කිසිවක් නෑ . . .
මා උන් තැනම ගල්වී ඇතියි මට සිතුනා . . .
වට පිට බැලූ මා දුටුවේ මා පමනක් නොව මගේ මිතුරෝත්, xxx බාලිකාවෝත් ගල් ගැසී ඇති බවයි . . .
"ඉමාෂා . . උඹට පිස්සුද . . ?"
"පොඩි විහිළුවකට උඹ ඔච්චර තරහ ගන්න ඕනද. . ?"
"කොයි කොල්ලට බැන්නත් නිනේශ්ට බනිනවද. . "
ඌ විතරයි අපිත් එක්ක හොඳින් කතාකරන්නේ . . "
"ඌට කියලා දැං අපි මැසේජ් එකක් වත් පාස් කර ගන්නේ කොහොමද . . ?"
xxx බාලිකාවන්ගේ ශබ්දය ටිකෙන් ටික අඩු වෙමින් ගියා . . .
නමුත් මගේ කකුල් ? ?
කවුද මගේ කකුල් මැදි කරලා වටේට කොන්ක්‍රීට් දැම්මේ . . ? ?
"ඇයි මේ මගේ ඔලුව හිරි වැටිලා . . "
"මේ ලඟ තියෙන බෙලි ගහේ ගෙඩියක් වත් මග ඔලුවට වැටුනාද . . ?
මට හිතා ගන්න බැරි උනා . . . ! ! !
හි හි පැනිය අද තමා පාඩමක් ඉගෙන ගෙන තියෙන්නේ හුහු හි හී
ReplyDelete"මට හිතන් බෑ අදහගන්න බෑ හිතන්න වත්.... " ඒ වෙලාවෙ ඔයාගෙ මුන බලන්න තිබ්බනං 1948 අපායෙ කැලන්ඩරේකට ගහන්න තිබ්බ(කොහෙද ඒකාලෙ කොල්ලන්ට කැමර් ෆෝන් හික්ස්)
ඔබේ ලිවීමේ දක්ශතාව නම් මරු.
ReplyDeleteගොඩක් දවසකින් පස්සේ අදයි මම සිංහල බ්ලොග් පැත්තේ ආවේ.. ඒ අතරේ දුකා අයියාගේ කතාවේ කොටස් 3ක්ම පල වෙලා.. වැඩිය මොකුත් නොකියා ඉන්නම් දැනට.. දිගටම ලියාගෙන යන්න සුභ පැතුම්
ReplyDelete@ malee_msg !
ReplyDeleteමලී . . බොහොම කාලෙකට පස්සෙ . . හරිම සතුටුයි . . . . වෙල්කම්බැක් කිව්ව . .
දැන් තමයි කතාව හරියටම පටන් ගත්තේ...දිගටම ලියන්න...
ReplyDeleteඊට පස්සෙ මොකද වෙන්නේ දුකා අය්යේ..... ? ? ? ? :D :D
////"ඇයි මේ මගේ ඔලුව හිරි වැටිලා . . "
ReplyDelete"මේ ලඟ තියෙන බෙලි ගහේ ගෙඩියක් වත් මග ඔලුවට වැටුනාද . . ?//// :කැපිටල් ඩී.
එල එල දිගටම ලියහන් මචං. ඉරිදා පත්තරේ ගන්නවා වගේ තමයි. බදාදා හවසම ඇවිල්ලා නිකමට බලනවා වැරදිලාවත් පෝස්ට් වෙලාද කියලා සතියේ කොටස. :D
ඇත්තටම.. ක්ලාස් යන කාලේ ඔරලෝසුවේ කටු කැරකුනේ බොහොම හෙමින් තමා...
ReplyDeleteඅහගත්තනෙ කන පුරෝලා...කවුද හතුවෙ ඔහොම වෙයි කියල..
ReplyDelete"කවුද මගේ කකුල් මැදි කරලා වටේට කොන්ක්‍රීට් දැම්මේ . . ? ?"
ReplyDeleteExcellent!!!
...දුකා...
ReplyDeleteඅනර්ඝයි....."කරුණාසේන ජයලත්" ගේ පුණරාගමනයද මේ.....
සුභ පැතුම්..
සුලා....
ලොකු දෙයක් දුකා මේ දවස්වල නුගේගොඩ පැත්තෙ කැරකෙන්නෙ නැති එක අර ප්‍රියතම බාලිකාව ගාව . දැන් ඉතින් ගෙදර පොලීසියට බය ඇතිනේ :)))ඒ නිසා යහපත් කල් ක්‍රියාවෙන් නොහිටියත් එහෙම ඉන්නවා කියලා මවා පාල හරි ශේප් වෙන්න ඔනෙ නෙ :) හික්ස් හික්ස්
ReplyDeleteඋබගෙ ලිවිල්ල ඈගේම තියෙනවා මචන්.සුභ පෑතුම් දිගටම ලියන්න.
ReplyDeleteහොදට ලියන්න පුළුවන් පොරක්, හොද පැණියෙක් වුනාම එළම තමා...........
ReplyDeleteදුකාගේ ගේ මේ නිර්මාණාත්මක රචනාවලිය තව දුරටත් විවිධ අපූර්වතා සමගින් මුහුව පොතක් ලෙස එක විට කියවන්නට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.
ReplyDelete@ මනෝ( TMG) !
ReplyDeleteහඃ හඃ හා මනෝ . . . අපෝ නෑ මගේ ගෙදර උන්දැ පොලීසියක් නෙමෙයි . . . ඔයාව නම් කවදහරි බඳින කෙනාට හිතෙයි පොලීසිය නෙමෙයි ත්‍රිව්ධ හමුදාවම බැඳ ගත්තා වගේ . . . හික් හික් . . . අනෙක අපි හොඳ අවබෝදෙන් ඉන්නවා ඒකනිසා මවා පෑම් කරන්න ඕන නෑ . . . . හික්ස්
@ NUWAN"s lane !
ReplyDeleteස්තූතියි නුවන් . . .
@ CJ !
ReplyDeleteශේප් එකේ මට පැනියා කිව්ව නේද .. . හික්ස්
@ ඩෝසන් !
ReplyDeleteස්තූතියි ඩෝසා . . . බලමු බලමු . . උඹ නිතරම කියනවානේ . . . උඹත් උදව් කරන්නම් දිගටම ලියන්න කියලා . . . මට ඒ උඹලගේ වචන මාර ශක්තියක්. . .
@ Anonymous සුලා !
ReplyDeleteඅනේ නෑ . . එතුමාගේ තරමින් අංශුවකටවත් සමාන කරන්න පුලුවන් කියලා මම හිතන්නේ නෑ මාව . . මම තාම මේ චූල ලියන්නෙක් . . . බලමු කවදා හරි ඔයාල සැමගේ උදව්වෙන් හොඳ ලියන්නෙක් වෙන්න පුලුවන් වෙයිද කියලා . . .
ලස්සනයි!
ReplyDeleteමට මම ක්ලාස් ගිය දවස් මතක් උනා/ඇත්තටම එ කාලේ කොච්චර ලස්සනද නෙද
ReplyDelete