හොඳින් දිදුලන තාරුකාවක්
අද නැතත් හෙට පායනවා වෙන්නැති
අඳුරු අහසට ඇස් යොමාගෙන
පුරුද්දට මෙන් බැලෙනවත් ඇති
තරු නැතත් අද විසල් නුබ ගැබ
පුදුම ලස්සන ලෙස පෙනෙන හැටි
හීන් පින්නේ ඇස් වසාගෙන
හෙටක් නැති ලෙස අද විඳිමු අපි
හෙටදි පායන තරු දකින්නට
ඉඳීදැයි අපි තව නොදන්නෙමු
අහම්බයකින් ඉන්න වුනොතින්
ඊයේ දවසට හිනා වෙමු අපි !
Pic By:
Timo Stern
කදිමයි - නුඹ නෙමෙයි නුබ නේද අදහස් කළේ..?
ReplyDeleteඔව් ඔව් ටයිපින් මිස්ටේක් එකක්
Deleteඒක එඩිට් කලා
තෑන්කූ ඈ
කොයි තරම් දිදුලුවත් හැඩට
ReplyDeleteපරාදයි හඳ පායපුවාම අහසට
හඳේ එළියට නොපෙනුනාට
තරුත් ඉන්නවා ඔබේ තනියට
අන්තිම වර්ස් එක මරු.
ReplyDelete++++++++++
ReplyDeleteහෙට වෙන දේ හෙට වෙන්න ඇරල අද කාල බීල ආතල් ගන්න එපැයි.
ReplyDeleteකොයි තරම් නම් තරු ගනීවිද
ReplyDeleteරැය පහන් වන තුරා ලඟ හිඳ
රැය පහන් වී හිරු නැගෙන සඳ
දවල් තරු පෙනිලා තියේවිද
සිහිනපුරේ පැත්තෙත් අැවිදින් යන්න ඒන්න.
අලංකාර නිර්මාණයක්
ReplyDeleteවිචාරක දියණිය
මතකය නම් වූ මළ පොත පෙරලා
ReplyDeleteමළගිය ඊයේ සිහිපත් කළ මැන
පැතූ පැතුම් අත් මිට මොලවා ගත්
දෑතෙහි දසැඟිලි දිගහැරලුව මැන
එහි මොනවද ඇත්තේ කිසිත් නැත
හිස් බව කිව ඇත්තේ
++++++++
ReplyDeletelassana nirmaanayak dukaa. Dukaage lipi kiipayakma Mata magaerilaa.
ReplyDeletejayaweawaa