අලෝක, අලෝක ගේ පපුවේ තියෙන බිමින් තියන්නත් බැරි දරාගෙන ඉන්නත් බැරි ගලක් වගේ මහා බර දිහා තුන්වෙනියෙක් බලන බැල්මක් හෙලුවා.
අක්කල දෙන්නෙක් නැතත් අයියා නිසා එකම අක්කා ආලෝකට ලොක්කි වෙද්දී ලොකු අක්කට ආලෝක පොඩ්ඩා නිසා ලොක්කීගේ ළමයි ඒක මොඩ් කරලා පොඩීස් කිව්වා.
ආලෝකගේ එකම අයියාට හෙවත් ලොක්කිගේ ලොකු මල්ලිට, ලොක්කි ආලෝක උපන්නාට පසු මද්දු කියන නිසා ආලෝකටත් ඔහු මද්දූ වෙද්දී ලොක්කිගේ ළමයින්ට මද්දු මිඩීස් උනා.
අර කිව්ව මහා විශේෂ ගල බවට පත්වුනේ, දන්න කාලේ ඉඳන් කිසිදේකට විරුද්දව කතා නොකරන - හැමදේම ඔලුව නමාගෙන භාර ගත්තු ලොක්කී නිසා එහෙම නැතිනම් හෙට අනිද්දා සිදුවන ඇගේ වැඩිමහල් දෝණිගේ යෝජිත විවාහය නිසා ඇතිවුනු සිදුවීම් නිසා කිව්වොත් වඩා හරි කියලා ආලෝකට හිතුනා.
ඒ මහා විශේෂ බර ගල අයින් කරන ක්‍රමයක් ගැන ආලෝක කල්පනා කරමින් සිටිනවා.
මේ හැමදෙටම වැරදි කාරයා ලොක්කීද නැතිනම් තාත්තාද?
ආලෝක, ආලෝකගේ හිත අතීතයට දුවන එක නතර කරන්න උත්සාහයක් ගන්නේ නැතුව හිටියා.
ලොක්කී යාලුවුනු කොල්ලා ආලෝකලගේ ආගමෙන් වෙනස් ආගමක කියලා ලොක්කීත් ආලෝකත් දැනගත්තු දවස ආලෝකට මතක් උනා.
"පොඩ්ඩෝ.මාර වැඩේ හලෝ. ශිරාන් අපේ ආගමේ කෙනෙක් නෙමෙයි. මෙච්චරකල් මට බොරු කියල තියෙන්නේ මම අතහරියි කියල බයට. එයාගෙ නමත් ශිරාන් නෙමෙයි."
"මොකක් . . . ඉතිං දැන් මොන මගුලටද කිව්වේ. නොකියම ඉන්න තිබ්බනේ"
"තවත් හංගන එක තේරුමක් නෑ කියලා මට අද කිව්වා. පව් කියලත් හිතෙනවා හලෝ. ගෙදර අයගේ ෆොටෝස් තියෙන ඇල්බම් එකත් මට දුන්නා අද"
"දැං ඔයාගේ තීරණේ මොකද්ද?"
ලොක්කී මද්දුට වැඩිය ආලෝකට හිතවත් නිසා හැම රහසක්ම කියන හින්දම වයසට වඩා පැහිච්ච කමකින් අහපු හැටි ආලෝකට මතකයි.
"මට හිතා ගන්න බෑ පොඩ්ඩෝ. එහෙන් තාත්තා කන්න හදනව රස්සාවක් හොයා ගනින් කියලා. මෙහෙන් අම්ම ඇඳුම් මහලා දුක් විඳින හැටි දැක්කාම තවත් අම්මට බරක් වෙන්නේ කොහොමද කියලා හිතෙනවා" ලොක්කී ඇස් දෙකේ හිස්ම හිස් බැල්මක් දරාගෙන ඈත නොපෙනෙන අනන්තයක් දිහා බලාගෙන හෙමීට කියපු හැටි ආලෝකට මතක් වෙනකොට ඇස් තෙත් වෙන එක නතර කරන්න බැරි වෙනවා.
"ලොක්කී ඔය මගුල අතෑරලා දාපන්, පිට ආගම් කාරයෙක් හොයා ගත්තේ අපේ උන් නැතුවටද" කියලා තාත්තා කියපු වෙලාවල් වලදී “එහෙනම් එහෙම එකෙක් හොයල කනකර ටිකක්වත් හදලා දීලා බන්දලා දෙන්නේ නැත්තේ ඇයි” කියලා අහන්න ආලෝකට ඕන වුනත් එහෙම පණ්ඩිත කතා කියන්න ගිහින් තාත්තගෙන් ගුටි කන්න වෙයි කියන බයටම කට වහගෙන හිටිය බව මතකයි.
ඒත් ලොක්කිගේ ආරක්ෂකයා වුනු ආලෝකත් ලොක්කීයි ශිරාන් අයියයි එක්ක කොහේ හරි ඇවිදින්න ගිහින් ගෙදර එද්දී කවුරු හරි කේලම කියලා තාත්තා ලොක්කීට තඩිබානකොට, ආලෝක ගිහින් ලොක්කීව බදා ගන්නේ “අනේ මගෙ ලොක්කීට ගහන්න එපා” කියලා අඬ අඬ බව මතක් උනාම ආලෝකට තාත්ත ගැන කේන්තිය අලුත් වෙනවා විතරයි.
“ආ උඹනේ සපෝටර් උඹත් කාපන් ලොක්කීගේ පංගුවෙන්” කියලා එතකොට තව එකක් දෙකක් ගහලා ලොක්කීට ගහන එක තාත්තා නතර කරන්නේ බඩපිස්සට ගහන්න බැරි හේතුවටද ලොක්කීට ගැහුව ඇති කියලා හිතුනු නිසාද කියලා අලෝක කවදාවත් හොයලා බැලුවේ නෑ.
ආලෝකගේ හිතේ තියෙන මහා විශාල බර ගලේ බරෙන් කොටසක්වත් ලොක්කිට දැන්නෙනේ නැතුව ඇද්ද එහෙම නැත්නම් දන්න කාලේ ඉඳන් කිසිදේකට විරුද්දව කතා නොකර හැමදේම ඔලුව නමාගෙන භර ගත්තු ලොක්කී ඒ බර දැනෙන්නේ නෑ වගේ ඉන්නවද? ආලෝකට හිතා ගන්න බැරි උනා.
ආලෝකට මතක් උනේ පුංචි කාලේ නිතර සිදුවන සිදුවීමක්.
පොඩි දවසවල මාලු, කරවල තියා හාල්මැස්සෙක් වත් නැතුව එලවලුයි කොල මැල්ලුමුයි එක්ක බත් කන්න වුනු දවස්වලට මද්දුයි ආලෝකයි බත් කන්න බෑ කියලා අම්ම එක්ක රන්ඩු කරන වෙලාවට කිසි සද්දයක් නැතුව ඔලුව බිමට නමාගෙන බත් කන ලොක්කී ඔලුව උස්සලා ආලෝක දිහායි මද්දුයි දිහායි බලනවා
"කෑ නොගහ බත් ටික කාපන් කොල්ලනේ. අපි වගේම අම්මත් අසරණයි. අම්මට වද දෙන්න එපා" කියන වචන ටික කන්දෙක දෙදරන තරම් සද්දෙත් නොකිව්වත් ඒ තරම් සද්දෙන් කිව්ව වගේ දනවන්න පුලුවන් බලයක් ලොක්කීගේ කඳුලු පිරුනු ලොකු බෝල ඇස් වල තියෙන බව තේරුම් ගන්න ආලෝකලා එකපාරටම රන්ඩුව නවත්වලා අම්ම අනපු බත් ගුලි වලට කට අරින්නේ ලොක්කී ආයෙම පිඟාන දිහා බලාන හෙමීට කන්න පටන් ගන්න කොටමයි.
ලොක්කිගේ හිතු මනාපෙට ශිරාන් අයියව බඳින්න තාත්තා ඉඩ දුන්නේ "ඒකිගේ කැමැත්තනේ . . ඒකිට සතුටු දෙයක් කර ගත්තාවේ" කියන හැඟීමටත් වඩා "ඇති යාන්තම් ලොකු කරදරේකින් ශේප් උනා" කියන හැඟෙමෙන් වෙන්න ඇති කියන දේ හිතින් අයින් කර ගන්න ආලෝකට ලොක්කිගේ විවාහයෙන් අවුරුදු 22කට කිට්ටු වෙන්න ආවත් තාමත් බැරිහැඩයි.
ලොක්කී තමන්ගේ ඉරණම, එක පාරක් විතරක් සූරන්න ඉඩදෙන ලොතරැයියක් කියලා හිතාගෙන "ආවොත් ආවා ගියොත් ගියා" කියලා කියලා හිතලා ඒ ඉරණමට මූන දුන්නු බව මතක් වෙද්දී ආලෝකට දරාගන්න බැරි වෙන්නේ "අනේ ලොක්කීයේ උඹ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්න එපා - මම උඹ ගැන බලා ගන්නම්" කියලා කියන්න තරම් තත්වයක් එදා උන්නු පුංචි එකාට නොතිබුනු බව මතක් උනාමයි.
තරු පහේ හෝටලයක ලොක්කී ලස්සන මනමාලියෙක් වෙලා හිටියා. ලොක්කීගේ භාරකාරයෝ හැටියට ශිරාන් අයියගේ නෑදෑ පවුලක් පෙනී සිටියා.
අලෝකත් පවුලේ අයත් ඈත කොනේ මෙසෙක ඉඳගෙන බලන් හිටියා.
එන්න කලින් ගහපු අරක්කු කාලක් හෝ භාගයක් නිසා අලෝකලගේ තාත්තට ගානක් නැතුව හිටියත් අනිත් අය හිටියේ මොකක් කරන්නද මොකක් කියන්නද කියලා හිතා ගන්න බැරුව තක්බීර් වෙලා බව ආලෝකට මතකයි.
විවාහයට කලින් දා ලොක්කී ශිරාන් අයියලගේ නෑදෑ ගෙදර යන්න පිටත් වූ දවසේ ආලෝක ඇඳේ කොට්ටෙට කට තදකරගෙන හයියෙන් කෑ ගහලා මහපොලොව කම්පාවෙන තරම් දුකින් ඇඬූ හැටි මතක් වෙනකොටවඩා මගුල් ගෙදර ගිහින් අහසින් වැටුනා වගේ උඩ බිම බලමින් හිටි හැටි මතක් වෙනකොට ආලෝකගේ හිත වාවන්නේ නැතුව යනවා.
ලොක්කිගේ ලොකු දූගේ මගුල් ගෙදර ගිහින් එදා වින්ද වේදනාව විඳින්න ආයෙනම් බැරි බව ආලෝක දන්නවා.
එහෙම හිතෙන්න වුනේ ශිරාන් අයියට සල්ලි අමාරු වෙන හැමවෙලේම ආලෝකයි මද්දුයි ඕන වුනා වුනත් දූගේ මගුල් ගෙදර හැමදේම ශිරාන් අයියගේ පවුලේ අය විතරක් ලංකරගෙන ආලෝකලාව පොල් කුඩු ගානට අයින් කරලා කරපු නිසයි.
ඒත් ඒකට එකට එක කරන්න කියලා මගුල් ගෙදර නොගිහින් ඉන්න හිතුවොත් ඒකෙන් ලොක්කී කම්පාවෙන තරම ගැන ආලෝක දන්න නිසා යම්දෝ නොයම්දෝ කියල අර මහා ලොකු ගලක් ආලෝකගේ හිතේ ගුලි වෙලා.
ඊටත් වඩා උපන් දා ඉඳන් අතේ තියාගෙන ගූ හුජ්ජ අතගාලා ලොකු මහත් කරපු දරුවෙක්ගේ ජීවිතේ වැදගත්ම අවස්ථාවකට කොහොම නොගිහින් ඉන්නද කියලා ආලෝකට හිතා ගන්න වත් බෑ.
ආලෝකට තරම් උපේක්ෂාවක් ලොක්කීට නෑ කියලා ආලෝක හිතුවත් කසාද බැඳලා ගිය දා ඉඳන්ම වහලියක් වගේ ගේ අස්සටම හිර වෙලා ගතකරපු ජීවිතයෙන්ම ලොක්කී උපේක්ෂාව පුරුදු වෙන්න ඇති කියලා හිතනකොට ආලෝකගේ පපුවට දැනෙන්නේ පුංචි සැනසීමක්.
"උඹේ දරුවෝ ඔක්කෝම දීග දීලා නිදහස් වෙලා ඉන්න දවසක . . . මම ජීවත් වෙලා හිටියොත් උඹ මැරෙන්න කලින් දවසක් හරි උඹ හීන මවපු සුන්දර නිදහස් ලෝකෙ උබට උදා කරලා දෙනවා ලොක්කියේ" ආලෝක ආලෝකගේම හිතට පොරොන්දුවක් කර ගත්තා.
"කමක් නෑ මගේ දුක තරහව මම කොහොම හරි විඳින්නම් . . ඒත් උඹේ දූගේ මගුල් ගෙදරට උඹ හැමදාම ආදරේ කරපු පොඩ්ඩා නැති උනාම උඹට දැනෙන වේදනාවේ බර මට දරාගන්න බෑ ලොක්කියේ . .. " කියලා හිතපු ආලෝක අල්මාරියෙන් කෝට් එකක් තේරුවේ ලොන්ඩ්‍රියට ප්‍රෙස් කරන්න දාන්න හිතාගෙන.
Pic from : http://www.jocr8.com/item/view/670

කෙටි(කරපු) කථාව කියෙව්වෙමි..
ReplyDeleteඅම්මප අයියෙ උඹ පබිලිස් කරපංකො කෙටි කතා පොතක් . . . . විහිලුවට නෙමේ කියන්නෙ
ReplyDeleteමමත් ඕනයා අයියගේ කතාවට එක පයින් එකඟයි.
ReplyDeleteකෙටි උනාට කතාව ලස්සනයි...
ReplyDeleteඑළ කතාව නියමයි .......:D
ReplyDeleteදුක හිතුන,ඇත්තටම.
ReplyDeleteහොඳයි
ReplyDeleteමහා දිග කතාවක් ලස්සනට කෙටියෙන් ලියල !
ReplyDeleteකෙටි කතාවක්නේ . ලස්සනයි කියන්නද දුකයි කියන්නද ????? අද දවසේ කියවපු දෙවෙනි කෙටි කතාව . එක නලිනිගේ''භූතයා '' දෙක මේක
ReplyDeleteනියමයි අයියේ...
ReplyDeleteඅපෙ ජීවිතවල කොච්චරනම් බලාපොරොත්තු තියෙනවද. ඒත් ඉටුවෙන්නේ කීයද. ඒත් මිනිසා ජීවත් කරවන්නේ බලාපොරොත්තුයි කියනවනේ.
ReplyDeleteනලිනිගේ ''අබුත '' කියල වෙනස් වෙන්න ඕන ඉහත කමෙන්ටුව
ReplyDeleteඅති විශිෂ්ඨයි. වෙන කියන්න දෙයක් නෑ.
ReplyDeleteඔබේ සියළුම පෝස්ට් මම කියවා ඇත්තෙමි. සමහර ඒවා කියෙව්වේ ඉතාමත් මෑතක වුවත්, ඒ සියල්ලෙන්ම මම ඔබව මනිමි. මගේ මිනුමේ හැටියට ඔබ අද මෙරට සිටින කප් ගසාගත් අයට වඩා (බ්ලොග්කරුවන් නොවේ ) බ්ලොග් ලෝකයේදී සිංහල සාහිත්‍යයට මෙහෙවරක් කර ඇත. මේ කථාවෙන්ද එය මැනවින් හැඟේ.
ReplyDeleteඒ නිසා කරුණාකර සිංහල සාහිත්‍යකරණයට පිවිසෙන්නැයි මමද ඔබට ඇරයුම් කරමි.
මරු කතාව අප්පා. මරේ මරු
ReplyDeletewenas widiyata liyala thiyanawa! mmm :) mmm danena widiyata liyala thiyanawa ayya! man hithuwa aththa kathawak kiyala! :)
ReplyDeleteපට්ටයි අයියේ කියන්න වචන නැ. ඇත්තටම වතුර වලට වඩා ලේ ඝනකමයි කියන්නේ මේක හින්දයි
ReplyDeleteමම උඹව කියවන්න ගත්තේ එපා හිරු පායන්න කතාව හරහා... හැමදාම නැතත් ඉඳ හිට හරි උඹ මාව ආයෙත් ඒ අතීත කතා ගොන්නට අරගෙන යනවා... උඹ අර කඩදාසි ගැන ලිව්ව ලිපියට තමා මං වැඩියම ආසා.. මේක එයිට යටින් එල්ලන්නම්...
ReplyDeleteඋඹේ "කෙටි කතාව" කියවලා ඉවර උනාට පස්සෙ හිතේ පිරිච්ච බර සැහැල්ලු කරගන්න එක සුසුමක් නම් මදි උනා......!
ReplyDeleteඋඹ ලොක්කි හරහා කියන්නෙ අපේ රටේ ගොඩක් අම්මලාගේ කතන්දරයම තමයි.....!
මරේ මරු කතාව දුකා අයියේ. මොකෝ කියන්නෙ කට්ටිය මෙච්චර කියන එකේ පොතක්වත් පබ්ලිශ් කරමුද අඩුම ගානෙ පත්තරේකටවත්.... ?
ReplyDeleteමම දන්න කියන මගේ යාලුවෙක් ඉන්නවා උගේ කතාවත් මේකමයි.., වෙලාවකට හිතෙනවා මේක ඌගේ ආත්ම කතනයම ද කියලත්.., ලෝකේ අපි දෙන්නේ අපි ඉල්ලපුදේවල් ම නෙවෙයි කියන එකට මේක හොඳ උපහැරණයක්.
ReplyDeleteඅපිට යම් දෙයක් උවමනා උනාම මුලු ලෝකේම ඒක අපිට දෙන්න කුමන්ත්‍රණ කරනවා කියන එක වැරදිච්චි එකතැනක් තමා මේක..!
මට දුකයි ආලෝක ගැන..
කෙටි කළ දිග ම දිග කතාවක්...!!!
ReplyDeleteකෙටිකතාවක් කියලා හිතුණෙ නෑ. අර පුංචි පුංචි විස්තරත් එක්ක හරියට ඇත්තම කතාවක් වගෙයි.
ReplyDeleteනියමයි !
ReplyDeleteජීවිතය විසින් මවන්නා වූ කතාවලට වඩා වෙනත් උසස් කතා නොමැති බව මක්සිම් ගෝර්කි ලියා ඇත.
ReplyDeleteඑය සත්‍යයක් බව ආලෝක දනී!
කෙටි කතාවකටත් වඩා මේ අපි හැමෝගෙම කතාව නේද දුකා..මේ චරිත අතරේ අපිත් ජීවත් වෙනවා....
ReplyDeleteහ්ම්ම්ම්......
ReplyDeleteහප්පේ කොහොම එනවද මේ අදහස්......එළ....
ReplyDeleteහොඳින් ලියවිලා තියෙනවා. අපේ කතාවක් වගේමයි. බොහෝම තැන්වල මෙවැනී චරිත හමුවී තිබෙනවා. ස්තූතියි දුකා.
ReplyDeleteනියමයි අයියේ
ReplyDeleteහ්ම්....අයියාගෙම කතාවදෝ කියලා හිතෙනවා.
ReplyDeleteකොහොම වුනත් ලස්සනයි.
සංවේදී කතාවක් මචං. ඉතාම රසවත්ව ලියලා තියෙනවා. අර බත් කවන තැනයි, මං උඹ ගැන බලාගන්නම් කියන්න එදා හයියක් නොතිබුණු එක ගැන කියන තැනයි සැරටම වදිනවා.. කවුරුත් අඩුපාඩුවක් කියලා නැති වුණත් මං පුංචි අඩුපාඩුවක් කියනවා. අමනාප වෙන්න එපා හොඳේ.. අක්ෂර වින්‍යාසය ගැන තව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න තිබුණා කියලා හිතෙනවා. අපරාදේ තරඟෙට ඉදිරිපත් කරන්න තිබුණනේ...
ReplyDelete@පුතා!
ReplyDeleteකියෙව්වාට ස්තූතියි පුතා.
@ඕනයා!
මගුලක් කතා කරනවා. යකෝ මෙහෙම කෙටිකතා කියල මම ම බෝඩ් ගහපුව දාලා පොත් ගැහුවොත් අතිං කයිට් කොරන් තමයි ඉන්න වෙන්නේ . . උඹට ස්පෝන්සර් කරනවනම් mmmmmm සලකා බලමු. .
@ගුලියා!
හා එහෙනම් දෙන්නම එකතු වෙලා අර ස්පෝන්සර් වැඩේ බාර ගනිල්ලා
@ගිම්හානි!
ස්තූතියි ගිම්හානි
@සිංහයා!
එල එල
@ඔබා මාමා අයියා
ශෝකී රසය හා?
@පූසා!
ඒ මදෑ බන්
@වනි!
ඔව් නේද මෙගා නාට්ටි වල අනික් පැත්ත. (ඒවායේ කෙරෙන්නේ කෙටි කතාවක් මහා දිග එකක් කරන එකනේ)
@බින්දි!
ආදරයට ජාති ආගම් බේද නෑ කියලා අපි මැරෙන්න හැදුවට හැබෑ ලෝකෙදි මිශ්‍ර ආගම් විවාහ වල මහා ලොකු කවුරුවත් නොදකින ප්‍රශ්න තියෙන බව කියන්නයි ඇත්තටම මට ඕන වුනේ . . .
@ගෝල්ඩ්ෆිෂ්!
ReplyDeleteතැන්කූ මල්ලී
@මාතලන්!
අපි සැප සම්පත් ලබා ගන්න මවන හීනෙකට වඩා තව කෙනෙක්ට සැප සම්පත් ලබා දෙන්න හීන මවන එකේ සාමාන්‍ය හීනෙක්ට වඩා සුන්දරත්වයක් තියෙනවා බන්.
@රාජ්!
ස්තූතියි රාජ්
@වෙදනා!
කිරි අප්පේ . . . මුරුංගා ඇතු හයිය නෑ මහත්තයෝ . . හික්ස්
මේ බ්ලොග් කෙරුවාවට ඇවිත් දැන් අවුරුදු දෙකහාමාරක් විතර වෙනවා තමයි.
ඇත්තෙන්ම ඒත් තාම මට මම නිර්මාණාත්මක යමක් කලා කියලා හිතෙන්නේ නෑනේ.
එහෙම යමක් කලා කියලා හිතට දැනුනු දවසක ඔබ තුමාගේ ආරාධනාවත් සතුටින් භාර ගන්නම්. ස්තූතියි බොහෝම
@අලුත් කොල්ලා!
තැන්කූ තැන්කූ
@මාධව!
මේ කතාවට ලඟින් යන ඇත්ත කතා ත් තියෙන්න පුලුවන් මල්ලී
@ගයාන්!
ඔව් ඔව් . . සමහර විට ඒ ඝනකම නිසා ම දුක් විඳින මිනිස්සුත් ඉන්නවා මල්ලී.
@මාරයා!
තැන්කූ ඈ ෆස්ට් සෙකන්ඩ් තේරුවට . . .තර්ඩ් එකක් නැද්ද බන් . . . එහෙනම් බලමු ඉස්සරහට
@දුමී!
ReplyDeleteඋඹට නම් සුසුම් දෙක තුනක් හෙලලා බර සැහැල්ලු කොර ගන්න ඇහැකි. . .. !
@නවම්!
හුරේ . . මෙන්න තව ස්පෝන්සර් කෙනෙක් සෙට් වුනෝ . .
ම්ම්ම්ම් පත්තරේකට කියන එක නම් ගුඩ් අයිඩියාර් . . . කොරන විදිහත් කියපන්කෝ එහෙනම්
@ලිෂ්!
කමක් නෑ ආලෝක දැන් මුලු ලෝකෙන්ම ඉල්ලනවානේ ලොක්කීට සතුට ලංකරලා දෙන්න කියලා . . මුලු විශ්වයම කුමන්ත්‍රණය කරලා ලොක්කීත් අනෙක් හැමදේම එක්ක සාපේක්ෂව නොහිතා සතුට සැනසුම ගන හිතන්න ගත්තු දවසට සන්තියාගෝට වගේ ලැබෙන්නේ නැතෑ පතපු නිධානේ . . .
ආලෝක පව් බන් හ්හ්ම්ම්ම්
@සචී!
ඔහොම කිව්වහමයි හිතුනේ . . ඕන නම් ලොක්කිගේ කතාව නවකතාවක් විදිහට ලියන්නත් ඇහැකි නේද කියලා
@නලිනි!
සමහර විට මේ වගේ ඇත්ත කතා තියෙනවනේ . . ඒකයි එහෙම හිතෙන්න ඇත්තේ . . හි හි
@චමිල!
තැන්කූ ඈ
@කකා!
හ්හ්හ්ම්ම්ම්
@ලකී!
ඔව් මචං . . .අර කිව්ව වගේ වතුරට වඩා ඝනකම් ලේ නිසා අපි බොහෝ දෙනෙක් ආලෝකලා වෙලා හිතින් දුක් විඳිනවා
@හසිත මදුශංක!
හ්හ්හ්ම්ම්ම්
@ඔබ නොදුටු ලොවක්!
ReplyDeleteදකින, අත්විඳින සහ ඔබ දුටු ලෝකයෙන්ම තමයි ඉතිං . . වෙන කොයින්ද . . .!
@අනිත්කොන!
මට දෙන්න ඕන කරන පනිවිඩේ ගැනත් පොඩියක් හරි තේරෙන්න ඇති නේද? (මිශ්‍ර ආගම් හෝ ජාති විවාහ වලට කලින් තව හොඳින් හිතලා බලන්න ඕන කියන එක)
@ශානු!
තැන්කූ නගේ
@නිසුපා!
හාල්පාරු මස්සිනාලා ලැබිච්ච සහෝදරියෝ ඉන්න හැමෝගෙම කතාව. හි හි හී
@චතුර!
බොහොම ස්තූතියි මචං . .
ඇත්තෙන්ම අක්ෂර වින්‍යාසය ගැන මම පොඩ්ඩක් වත් සැලකිලිමත් උනේ නෑ . .
සුබස සයිට් එකෙන් ඒක චෙක් කර ගන්න පුලුවන් නේද?
බලමු ලබන සැරේ තරඟෙදි මොකක් හරි ලියන්න . ..
හැකියාව නම් තියනවා කොල්ලට...ලැදියාවද නැත්තේ?
ReplyDelete@සබත්!
ReplyDeleteනෑ බන් හැදියාව හැදියාව
hiks
යවලා බලන්න 'නවලිය' පත්තරේට. ගොඩක් අය එක්ක බෙදා ගන්න හොඳ කතාවක්නෙ.
ReplyDeleteනවලිය
උපාලි පුවත්පත් සමාගම
223 බ්ලුමේන්තාල් පාර
කොළඹ 13
මේ මම දන්න ඇඩ්‍රස් එක. දැන් වෙනස් දැයි දන්නෙ නැහැ
බොහොම ස්තූතියි අරුණි අක්කේ
ReplyDeleteදුකා අයියා ලියන දේවල් බලන්න මම ඉස්සර නම් පමා වුණා ! ඒත් මේ බ්ලොග් එක දැන ඇඳින ගත්තාට පස්සේ පෝස්ට් එකක් කියවන්න පමා වුනේ අද ? පමා වුණා කියලා ඒකේ ගුනේ අඩු වෙන්නෑ .. ඒක නිසා මට ගානක් නෑ
ReplyDeleteස්තූතියි දුකා අයියා .. මේ පොඩි කතාව ලීවට
@සඳරු!
ReplyDeleteපමා වෙලා හරි කියෙව්වා මදෑ මළේ . .
“අක්කල දෙන්නෙක් නැතත් අයියා නිසා එකම අක්කා ආලෝකට ලොක්කි වෙද්දී ලොකු අක්කට ආලෝක පොඩ්ඩා නිසා ලොක්කීගේ ළමයි ඒක මොඩ් කරලා පොඩීස් කිව්වා.
ReplyDeleteආලෝකගේ එකම අයියාට හෙවත් ලොක්කිගේ ලොකු මල්ලිට, ලොක්කි ආලෝක උපන්නාට පසු මද්දු කියන නිසා ආලෝකටත් ඔහු මද්දූ වෙද්දී ලොක්කිගේ ළමයින්ට මද්දු මිඩීස් උනා.“
තරහ අවසර.. වැරැද්දක් නම් නෙමේ දුක්ස්.. ඒත් ඔතන නෑදෑකම හඳුන්වා දීමේදි ටිකක් අවුල් වගේ මට දැනෙනවා.. මගේ දෝසයක්ද මන්දා.. අනිත් එක පොඩීස්, මිඩීස් අඳුන්වල දුන්නට භාවිත් කරලම නෑ නේද? ඔයාට පස්සෙ බලද්දි ඒ ටික අයින් කරන්න තිබ්බා..
ආලෝකලා දැන් ඉන්නවද මන්දා.. මම කීවෙ ඒ විදියට ඉවසීම තියෙන කොල්ලෝ... අක්කට තියෙන ආදරේටත් වඩා තමන්ගේ චණ්ඩිකම් පෙන්න අයනේ වැඩි.. මිශ්‍ර අය එකට ඉන්න ඕනා තමා.. විවාහයේදි දරුවන්ට ආගම් දෙකම මිශ්‍ර වෙලා අලුත් අලුත් ආගම් බිහිවේවි.. කෙනෙක් යටත් නොවුනොත් විවාහය ඉවරනෙ දුකා.. ලොක්කි හරි.. හැබැයි ආලෝකගෙ ආසාව කවදාවත් ඉෂ්ඨ කරගන්න බැ.. මොකද ලොක්කිගෙ දුවට දුවකුත් ලැබේවිනෙ...
සංසාර චක්කරේ...
@තනෝජා!
ReplyDeleteඅඩේ ඇත්ත නේන්න්ම් . . .
ලොක්කිගේ ළමයි පොඩීස් එක්කයි මිඩීස් එක්කයි ගොඩක් සමීපයි කියලා පෙන්වන්න ඕන කියලා මගේ හිතේ තිබ්බා . . .
ඒත් කතාව බලෙන් කෙටි කරන්න ගිය නිසාද මන්දා ඒ කෑලි හැලිලා.
අක්කල දෙන්නෙක් ඉන්නවනම් නේ ලොකු අක්කා ලොක්කීත් පොඩි අක්කා පොඩ්ඩීත් වෙන්නේ . .
ඒත් ආලෝකට ඉන්නේ එකම අක්ක කෙනෙක් වුනත් මැද ඉන්න අයියා නිසා එයාට වඩා වැඩිමල් කෙනාට ලොක්කී කියන බවයි මම කිව්වේ . ..
එත් ඒක "මද්දු උපන්නාට පස්සෙ අම්මලාට ලොකු දූ ලොක්කී වීම නිසා ආලෝකටත් ලොක්කී ලොක්කීම උනා " වගේ ලිව්ව නම් කියලා දැන් හිතෙනවා.
මීට පස්සේ කතාවක් ලියද්දී මේ වගේ දෙවල් ගැන සැලකිලිමත් වෙන්නම් . .
බොහොම ස්තූතියි තනෝජ . .
ආලෝකලා නැත්තේ නෑ අප්පා ඉන්නවා ඕන තරම් . . .
ගොඩක් වෙලාවට වෙන එය එක්ක හැඟීම් බෙදා හදා නොගන්නා කමින් ආලෝකලා අඳුන ගන්න බැරි වෙනවා.
ම් ම් ම්ම්
කොහොමින් හරි ආලෝකගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙන්න කියලා පතමු නේද . .
කතාව හරිම රසවත්. සංවේදියි. එක හුස්මට කියෙවුවා. අන්තිමට හිතුනා නියමයි කියලා (දුක හිතුනා වුනත්).
ReplyDeleteඊට පස්සෙ කමෙන්ට් කියවන්න ගත්තා. දුකා අයියා තනෝජට දාපු උත්තරේ දැක්කා. ඊට පස්සෙ තමා හිතුනෙ අඩේ, එහෙම පොයින්ට් ටිකකුත් තියන බව. හිහ්...
ඒකෙන් තෙරෙන්නෙ දුකා අයියගෙ කෙටි කතාව මම වගේ සාමාන්‍ය ජනතාවට හොඳටම හොඳයි.තව ඔප දැම්මම කෙටි කතා සබ්ජෙක්ට් එක ගැන හොඳින් හදාරලා තියන අනිත් සියළු දෙනාටම හොඳ වෙයි.
මම අහලා තියන විදියට ප්‍රොෆෙෂනල් කතා ලියන අය පොත් ලියලා ගොඩක් කල් පැත්තකට දාලා තියලා, ආයෙත් ඒවා බලලා, වෙනස් කරලා තමා එළියට දාන්නෙ (සිරා ඩයල්).හරියට පුවක් පල් කරනවා වගේ.දුකා අයියා එහෙම කරන්න එපා. මොකද අපිට කතා කියවන්න සිහිය නෑ නොවැ.ඉක්මනට ඕනෙ.
මම මෙතන වැඩිය කමෙන්ට් නොදැම්මට නිතර එන යන හොඳ පාඨකයෙක්.දිගටම ලියන්න.අපි මේවා බොහොම ආසාවෙන් කියෝනවා (කියෝලා ආත පාත ඉන්න එවුන්ටත් කියනවා...හිහ්...)

මෙතන ආලොක කියන්නෙ දුකා අය්යම නේද?මෙ කියන්නෙ අය්යගෙ අක්ක ගැනමයි කියලා මට හිතෙන්නෙ......
ReplyDeleteකෙටියි කීවට දිග කතාන්තරයක් නොවෑ අයියේ..:)
ReplyDeleteදුකා මල්ලි, හරිම ලස්සනයි කථාව. හරිම තාත්වික නිසා කතාවක් කියල හිතුනෙත් නැ. අරුණි නංගි කියනවා වගේ දාන්නකො පත්තරේ. ජය පතනවා!
ReplyDeleteමානුෂීය හැගුම් ඉතා ශුර ලෙස විග්‍රහ කරලා තියනවා දුකා.. නියම කෙටි කතාවක්....
ReplyDelete