ජෝර්ජ් අයියා කියන්නේ දුමීගේ මාර්ගයෙන් මම අඳුන ගත්තු ඩුබායි ජීවිතයේ මුනගැසුනු අපූර්වතම චරිතයක්.
දුමීගෙත් දුමීගේ ලොකු දූ ජනදිගෙත් උපන් දින තියෙන්නේ එකම දවසේ.
පහුගිය දෙසැම්බර් විසි දෙවෙනිදා උපන්දිනේට දුමී ලියපු "එක් සත්‍ය කතාවක් - ජීවිතයට ලද හැකි වටිනාම තෑග්ග" බ්ලොග් සටහන කියවලා ඇස් දෙකේ කඳුලු පුරෝගෙන ඉන්න මොහොතේ ඊමේල් එකක් ආවා.
ඒ තමයි ජෝර්ජ් අයියගේ පනස් වෙනි උපන්දිනේ වෙනුවෙන් (ඒ වෙනකොට පහුවෙලා ටික දවසක් උනු ) ඔහු ලියා මිතුරන් අතරේ යැවූ සටහනක්.
ඇත්තෙන්ම දුමීගේ ලිපිය කියවා දැනුනු කම්පනය දෙගුණ තෙගුණ උනා ඒ ලිපියත් කියෙවූ විට.
ඒ ලිපියේ ජීවිතයට උපකාරී වන බොහෝ දේ තිබුනා.
පසුව ජෝර්ජ් අයියගෙන් මා අවසර ලබා ගත්තා ඒ ලිපිය බ්ලොග් සටහනක් ලෙස මගේ අඩවියේ සටහන් කර තබන්න.
කියවා බලන්න . .
ඔබේ ජීවිතයටත් ප්‍රයෝජනවත් බොහෝ දෑ එහි තිබෙන බව මට සහතිකයි . ..
. . . . . . . .. . .. . .. . . .. . .

2010 - 01 - 23
දයාබර සොයුරු සොයුරියනි, දූ පුතුනි!
මේ වසර මගේ දිවියේ වැදගත් වසරක් නිසා මම හිතුවා මගේ හිතේ සනිටුහන් වෙලා තියෙන කරුනු කාරනා ටිකක් ඔබ සැමට ලියා දන්වන්න ඕන කියලා.
ලියා දැන්වීමට වඩා කියා දැන්වීම හොඳ වුනත් අපේ පවුලේ සියළු දෙනා නැවත් කවදාවත් එකට එකතුවෙයි කියල හිතන්න අමාරුයි.
මට ලබන මාර්තු මාසේ 12වෙනිදට අවුරුදු 50ක් ලබන බව ඔබ සැම දන්නවා ඇතැයි සිතමි.
මගේ පාසැල් කාලයේ මම නම් කවමදාවත්ම හිතුවේ නෑ මම අඩ සිය වසක් ජීවත් වෙයි කියලා. වසර 50ක් කියන්නේ අනන්තය හා සමානයි කියලයි මම හිතන් හිටියේ.
වසර 50ක් වයසට ගියයි කියන්නේ කොන්ඩය සුදුවෙලා හිත තවත් තරුණ වෙනවටයි කියලා මම කවදාවත්ම දැනගෙන හිටියේ නෑ.
එදින සාමාන්‍ය උපන් දින සාදයකට වඩා වෙනස් සාදයක් ඔබලාට දැකගන්න ලැබේවී. අළුත් දෙයක් අළුත් විදිහකට කරන්න මම හැමවිටම කැමතියි.
ඉතිං එදිනත් එසේම වේවායි කියලා මම පතනවා.
එදින විශේෂ අමුත්තා ලෙස සහභාගී වෙන්නේ පසුගිය නිවාඩුවට අපි ලංකාවට ගිය විටෙක නුවර අර්ල්ස් රීජන්සි හෝටලයේදී අහම්බෙන් හමුවූ දක්ෂතා වලින් පිරුනු නමුත් දෙනෙත් අන්ධ, බටනලා වාදයෙක්ව.
ඔහු ගීත ගායනයෙත් දක්ෂයෙක්. කොලඹ විෂ්ව විද්‍යාලයේ උපාධිදාරියෙක්.
එදිනෙද වියදමට ඇති මුදල් අඟහිඟකම් නිසා නිවාඩු දිනවල ඔහු හෝටලයේ බටනලා වාදනය කර අමතර ආදායමක් උපයා ගන්නවා.
ඔහු අදීන මිනිසෙක්. තමාගේ සහජ හැකියාවන් පෙන්වා අමතර ආදායමක් උපයනු මිස නිකම් මිනිසුන්ගේ අනුකම්පාව හෝ උපකාරයක් ඔහු බලාපොරොත්තු වෙන්නේ නෑ.
ඉතින් මම ඔහුව සහ ඔහුගේ සහයට දෑස් පෙනෙන තවත් කෙනෙක්ව ගෙන්වා ගන්නවා මගේ වසර 50හේ උපන් දිනය සමරන්න. එදිනට සහභාගීවන කවරෙකු හෝ වේවා යම් උපකාරයක් කරන්නේද එය මම ඔහුට ලබා දීමට අදහස් කරනවා.
කුඩා කාලයේදී මගේ උපන්දිනය සැමරූ බවක්නම් මට මතක නෑ. ඒත් කුඩා කල එක දවසක් බටර් කේක් එකක් කැපුව බවක් නම් හීනෙන් වගේ මතකයි. 1992 ඩුබායිහි අළුත් මිතුරන් පිරිසක් හමුවෙනතුරු උපන්දිනය කියන එක උප්පැන්න සහතිකයේ එක් කොටුවකට පමනක් සීමාවී තිබුනු දෙයක් උනා.
මගේ කුඩා කාලය මට නිතරම සිහිවෙනවා. ඒ කාලයේ අපිට එදිනෙදා ජීවිත් වීමේදී මුහුන දෙන්න සිදුවූ කරදර නම් එමටයි. පවුලේ බාලයා උනු මම, අපේ ආදරණීය අම්මා අපිව ලොකු මහත් කරන්න කරදර විඳපු හැටි, දුක් විඳපු හැටි පැත්තකට වෙලා බලන් හිටියා.
සමහර දවස් වලට එදිනෙදා වේල හොයා ගත්තේ බොහෝම අමාරුවෙන්. කන්න දෙයක් ගෙදර නැති දවස් පවා ඔය අතර තිබුනා. දවල්ට අපිට කන්න දෙන්න අම්මා කොස් ගෙඩියක් තම්බපු වාර අනන්තයි. එකත් කඩාගත්තේ අල්ලපු වත්තෙන්.
අම්මා දවල්ට උයන්න බිම්මල් හොයන්න, කුස්සියේ බිමට ගාන්න ගොම හොයන්න එහෙමත් නති නම් අහස පෙන කුස්සියේ වහල හෙවිල්ලන්න පොල් අතු හොයන්න ඇවිදින කොට මමත් ගියා ඇගේ පස්සෙන්.
මතු සම්බන්ධයි. . .!

. . . . .. . . .. . .. . . .. . . .. . . .. . . .. . .
පලි:
සමාවෙන්න හොඳටෝම .. .
මේ ලිපිය පිටු පහක් පුරා ලියවුනු සංවේදී ආත්ම කතනයක්.
සම්පූර්න ලිපියම එක බ්ලොග් සටහනක් ලෙස සටහන් කලා නම් පාඨක අවධානය නොලැබී යයි කියලා මම උපකලපනය කරපු නිසාත්
"අනේ අයියේ අයියගේ බ්ලොග් පෝස්ට් මම කියවන්නේ නැත්තේ ඒවා මාර දිග නිසයි . . .කොටස් වශයෙන් හරි කමක් නෑ කෙටි කරලා ලියන්න"
කියලා රුචක මල්ලීත් තව දන්නා නොදන්නා බොහෝ අයගෙනුත් ඒ චෝදනාව තිබෙන නිසා මේ ලිපිය කොටස් කීපෙකුන් ඉදිරිපත් කරන්න සිතුවා.
ඒ නිසා ඉතිරි කොටස් හැකි ඉක්මනට ලබ දෙන්න පොරොන්දු වෙමි.
මේ ලිපියේ දෙවෙනි කොටසට කියවන්න මෙතනින්

මට හිතෙනවා රසවත් ලිපි පෙලක් වේවි කියලා..
ReplyDeleteසංවේදී සටහනක් බව පෙනෙනවා....අපට ගත හැකි යමක් අනිවාර්යයෙන්ම මේ තුල තිබෙන බව පැහැදිලියි.
ReplyDeleteඉතුරු ටිකත් ඉක්මණින් බලාපොරොත්තු වෙනවා...හැබැයි එක දිගට කියවන්න තිබුන නම් තවත් අපේ හිතට දැනේවි..
මේක කොටස් කරපු එක හරි අපරාදයක් දිගටම කියවන්න තිබ්බ නම් ගොඩල් හොඳයි.
ReplyDeleteකතාවෙ ගොඩක් දේ ගන්න පුලුවන් බව දැනෙනව
කෙළින් ඇත්ත කියන පොළවෙ පය ගහල ඉන්න මනුස්සයෙක් කියලා දැනෙනවා. අනිවා කියවනවා දිගටම.
ReplyDeleteකතා බහ කරලා නැති උනත් මම ජෝජ් අයියව නිතර දකිනවා උඹෙයි දුමියගෙයි පොටෝවලදී.. ඒ වගේම මීට කලිනුත් කතා කිහිපයක්ම අහලා තියෙනවා..විශේෂයෙන්ම දිළුම් වෙනුවෙන් කල පැදුරු පාටි සංවිධානය සම්බන්ධව...
ReplyDeleteලියහං දුකා මාත් බලං ඉන්නවා...
තාම ළෝකේ නරක් වෙලා නෑ බන්...
ReplyDeleteඉතිරි ට්කත් දාන්න දුකා අයියේ ඉක්මනටම... සන්ංවේදී... වෙනස් විදියකට හිතන මනුස්සයෙක්.. පොළවෙ පය ගහල ඉන්න මනුස්සයෙක් කියල තේරෙනවා... එක දිගට දැම්මත් කියවන්න පුළුවන් තරම් සංවේදී බවක් තියෙනවා....
ReplyDeleteමේ ටික මෙහෙමනම් ඉතුරු ටික ගැන හිතන්නත් බෑ අයියේ... නියමයි...
ReplyDeleteඅයියගේ පොස්ට් දිග උනාට අපි කියවනවානේ......දිග වැඩි, කඩල දැන්මට අවුලක් නැති ඒවා විතරක් කඩල දාන්න...එත් මේ වගේ පොස්ට් එකක් එක දිගට දානවනම් හොඳයි......
ReplyDeleteඅපරාදේ අයියා ඉතුරු ටිකත් දැම්මනම් තමා වටින්නේ. මෙහෙම ලිපියක් කියවන්න ලැබෙන්නේ නෑ. ඒතරමටම දුර්ලභයි.
ReplyDeleteඉක්මනින් ඉතුරැ ටික දාන්න අයියේ. මගේ ජීවිතේටත් ඒකෙන් ලොකු දෙයක් ගන්න තියෙන බවක් මට දැනෙනවා.
ReplyDeleteදුකා, මම ඩුබායි වලට පය තැබුවාට පස්සෙ මම මිතුරන් විදිහට කාලයක් හිතාගෙන හිටි අයගේ සැබෑ මූණයි, ඒ වගේම සැබෑම දයාබර මිතුරන් මොන වගේද කියන කියන අත්දැකීම ලබා ගන්න පුලුවන් උනා.
ReplyDeleteමම මෙහෙට ආවට පස්සෙ තමයි සැබෑ මිනිසුන් බොහොමයක් අඳුන ගන්න වාසනාව ලබා ගත්තේ.ජෝජ් අයියා කියන්නේ ඒ සැම දෙනා අතරින්ම පරමාදර්ශීම චරිතය. ඔහුගේ චරිතය ඇසුරෙන් අපට ඉගෙන ගත හැකි දේ අප්‍රමාණයි.
අද සමාජයේ, ජෝජ් අයියා වගේ මිනිසත් කමින් පිරිපුන් මිනිසුන් ජීවත් වෙනවාද කියා සිතීමත් පුදුමයට කරුණක්. ඒ අතින් අපි සැබෑම වාසනාවන්තයෝ, එවන් මිනිසෙකුගේ ඇසුර ලබන්න.
යමක් සංවිධාණය කිරීමේදී එය ක්‍රමානුකූලව, පිලිවෙලකට කෙසේ කලයුතුද කියලා ඉගෙන ගන්න අවශ්‍යය නම් ජෝජ් අයියා යමක් සංවිධානය කරන හැටි බලා සිටිය යුතුයි. ඔහුගෙන් අප උගන ගත් දේ අපමණයි.
ජීවිතය කල නොයෙකුත් සරදම් නිසා මානසිකව අන්තිම පතුලටම වැටී සිට, ඒ සියළුම අභියෝග ජයගත්, මිනිසත් කමින් අග තැන්පත් දයාබර මිනිසෙක් තමයි ජෝජ් අයියා.
ඔහු ගැන මට කීමට ඇති දේවල් කියන්න නම් තවත් පෝස්ට් එකක් දැමිය යුතුයි.
දුකා, මම හිතන්නේ මේ කතාව උඹ කඩන්නෙ නැතිව එක පාර තනි පෝස්ට් එකක් විදිහට පළ කලානම් හොඳයි. එතකොට තමයි ඒකෙ අගය වැඩි වෙන්නෙ.
ඉතුරු ටික එක පෝස්ට් එකකින් දාන්න අයියෙ.දිග වැඩි වුනා කියලා මේකට හානියක් වෙන එකක් නෑ.ඒකෙ අගය තවත් වැඩි වුනොත් මිසක.
ReplyDeleteපොළොවෙ පය ගහලා ඉන්න..නැගපු ඉනි මගට පයින් නොගහන..දුෂ්කර අතිතය වුනත් රත්තන් වගේ දකින වටින මිනිසෙකුගේ අව්‍යාජ ජිවිතාවර්ජනය එක හුස්මට කියවන්න තිබ්බනම් අගේ වැඩි අයියන්ඩි..
ReplyDeleteමිනිස්සු වයසට යනකොට මනසින් තරුණ වෙනවා කියන කතාව මාත් අහලා තියෙනවා.
ReplyDeleteමාත් හිතන්නේ අයියා....මේක 1 පෝස්ට් එකකින් දැම්මා නම් , එක හුස්මට කියවන්න තිබ්බා කියලයි.
දිලුම්ට සල්ලි එකතු කරන කාලේ ඉඳන් මාත් ජෝජ් අය්යව දන්නව වගේ දැනෙනව, දුකා ගේ පොස්ට් වල කියල තිබුන දේවලින්
ReplyDeleteපිටු පහ කොටස් දෙකකට වැඩිය දික් කරන්න එපා මචං.
ReplyDeleteඉතුරු ටික ඉක්මනට දාන්ඩෝ!!
ReplyDeleteදුකා අයියා මුළු ලිපියම එක පාරම දැම්මනම් හොඳයි කියල හිතුනා...
ReplyDeleteජෝර්ජ් අයියව මට මුන ගැහෙන්නේ දෙවතාවයි.. (මුලින්ම හමුවුන දවසනම් මතකයේ කවදාවත් අමතක නොවන පැල්ලමක් වගේ රැඳිලා තියෙනවා..)
කොහොම වුනත් ජෝර්ජ් අයියා කියන්නේ මගේ ජීවිත කාලෙට හමුවුන දස දහස් ගනන් මිනිස්සු අතරෙ අතිශයින් සුන්දර මිනිහෙක් කියලා විතරක් සටහන් කරන්නම්..
අපිට නම් ජෝර්ජ් අයියව හමු වෙලා නෑ . ඉතින් දුකාගේ මේ ලිපි පෙලෙන් මමත් ජෝර්ජ් අයියාව දැන ඇඳිනගන්න ආසාවෙන් ඉන්නවා .
ReplyDeleteඉතිරියත් ලියන්නකෝ එහෙනම් .
මගේ අඩ සියවසක මතක සිතුවම් මෙසේ වෙබ් අවකාශේ සනිටුහන් කල දුකා මල්ලීටද, මා පිලිබදව වචන කීපයක් කුරුටු ගෑ දුමී මල්ලිටද, එසේම මා මෙතෙක් කල් නොදුටුවත්, මුන නොගැසුනත් මාගේ ජීවිත අන්දරයෙන් අඩක් කියවා ඔබලාගේ අදහස් දැක්වු නංගිලා, මල්ලිලා සහ දුවලා පුතාලට මගේ ස්තුතිය. ඇත්තෙන්ම එදින අත්දුටු අත්දැකීම් තවත් කෙතරම් සුන්දරද? තම දෑස් නොපෙනුනත් අන් මිනිසුන්ව හොදින් දුටු ප්‍රසන්නවත් " ප්‍රසන්න", ඈත දුර බැහැර සිට කාටවත් නොදන්වා පැමිනි මගේ සොහොයුරින්, එදින තම හැකියාවන් සැමට පෙන්වා දිනය වර්ණවත් කල කුඩා දු පුතුන්, එතකොට දිගු හිස කෙස් ඇතිව කෝට් බෑයන් සරම් කොට ඇඳ, " සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ " ගීය ගයමින් සභාවට පැමිනි දුමී මල්ලී ඇතුළු " අපේ කට්ටිය " සොහොයුරන්වද කෙසේ නම් අමතක කරන්නද?
ReplyDeleteදුකා අයියා! අවුරුදු 50ක් කියන්නේ අත්දැකීම් සම්භාරයක්! දිගටම දාන්න! මේක ගොඩක් වැදගත් ලිපියක් වේවි! ඒ වගේම ජෝර්ජ් අයියිටත් සුභ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
ReplyDeleteනියමයි... අනිත් ටිකත් ඉක්මනට දාමු
ReplyDeleteහොඳ මිනිසෙක් ගැන කියවීමට මමත් පසුබට වෙන්නේ නැහැ . ඉතිරිය එනතෙක් බලාසිටිමි .
ReplyDeleteමටත් හිතෙන්නේ මේ ලිපිය එකවර දැම්මනම් හොඳයි කියලා. කමක් නෑ දුක් අයියේ. කොටස් 5 කොටස් 3කින්වත් දාන්න පුලුවන්නම්...........
ReplyDeleteඅපූරු මිනිසුන් හඳුන ගන්න ලැබෙන්නෙත් එහෙමත් කෙනෙක්ට.....!
ජොර්ජ් අයියා ගැන බොහෝ විස්තර කියවා ඇත්තෙමි, දෑසින් දැක නැතත් ඔහු ගැන හිතේ ඇඳී ඇත්තේ ලොකු ප්‍රතිරූපයක්. අනිවාර්යයෙන් මේ ලිපි පෙල බොහෝ හරවත් වේවි.
ReplyDeleteපන්හිඳෙන් මතුකරපන් යාළු තව තවත් මුතු කැට, ජය.
මේ වගේ දේවල් එක දිගට කියවගෙන යන්න එක ලිපියකින් දානවනම් හොඳයි. නැත්නම් ඉතිරිය එනකොට, මුල ටික අමතක වෙලා.
ReplyDeleteඑහෙනම්, අපි බලන් ඉන්නවා ඉතිරිය එනකම්.
ජොර්ජ් අයියා නොදැක්කත් ඔහු සොඳුරු මිනිසෙකු බව නම හදුනා ගත්තා . ඉතිරි කොටස් කියවන්නට ආසාවෙන් ඉන්නවා. මල්ලි මේ වගේ සොඳුරු මිනිසුන් ආශ්‍රය කරන්නට ලැබීමත් පිනක්. කොයි තරම් අපූරු අදහසක් ද ඔහුගේ උපන් දිනය සමරන්නට ඔහුට ඇතිවී ඇත්තේ. ජෝර්ජ් අයියාට තව බොහෝ කල් වාසනාව සතුට සම්පත පුරවාගෙන ජීවිතය යහතින් , නිදුක් නිරෝගීව ගෙවන්නට ලැබේවා කියා පතනවා! වාසනාවන්ත උපන්දිනයක් වේවා!
ReplyDeleteලිපිය දිග වැඩි උනාට කමක් නැහැ.. එක පෝස්ට් එකකම පුලුවන්නම් දාන්න. මේ සොඳුරු මිනිසා ගැන දැන ගන්න ආසයි.. මේ ලිපිය අපිත් එක්ක බෙදා ගන්න එකට ගොඩක් ස්තූතියි.
ReplyDeleteඇත්තටම ආදර්ශවත් කතාවක් අහන්න ලැබෙන්නේ කලාතුරකින් ඉතිං පුලුවන් ඉක්මනටම ඉතුරැ ටිකත් දන්න අපි බලාගෙන ඉන්නවා
ReplyDeleteමේ පෝස්ට් එක එක ලිපියක් විදියට දැම්මා නම් ගොඩක් වටිනවා.
ReplyDeleteමේ බටනලා වාදන ශිල්පියගෙ නම කරුණාරත්නද?
ReplyDeleteමොනව වුණත් සේරම ටික දැම්මට පස්සෙ එක හුස්මට කියවන එක හොඳයි වගේ...
ජෝර්ජ් අයියගෙ උපන්දින පාටියෙ වීඩියෝ කීපයක්ම රසවින්දා. ඊට වඩා මොකුත් කියන්නෙ නෑ දැනට . . . .
ReplyDeleteදුකා අයියෙ දාපං බං ඉතුරු ටික එකපාරම . . . . පිස්සු කෙලින්නෙ නැතුව . . .
නියමයි.
ReplyDeleteඉතුරු ටික දානකං බලං ඉන්නවා මචං.....
මුල් කොටස කියෙව්වා,
ReplyDeleteකියවලම බලමුකෝ .......
ReplyDelete