අපේ අම්මා කෙල්ල කාලේ හරි හැඩකාර ගැටිස්සියෙක් . .
බොරු නෙමේ බලන්න ඔය පහල පින්තූරේ. ඕක අරගෙන තියෙන්නේ අම්මට අවුරුදු 21 දී.
අම්මගේ තාත්තා හෙවත් අපේ අත්තා තරුණ කාලේ ඉඳන් ජ්‍යෝතිෂය හා කැඩුම් බිඳුම් වෙදකම ඉගෙන ගෙන බොහොම සාධාරනව ඒක සේවයක් විදිහට කරමින් හිටි කෙනෙක් නිසා පලාතේ ටිකක් ජනප්‍රිය කෙනෙක්.
අත්තගෙන් ඉගෙන ගන්න කියලා ආපු දන්න කියන පවුලක කොල්ලෙක් අම්මලගේ පවුලේ ලස්සනම කෙල්ල හෙවත් වැඩිමහල් කෙල්ල වුනු අපේ ලොකු අම්මගේ හිත ඩැහැගෙන හොරෙන් පන්නගෙන ගියායින්. . . අපේ අත්තා අම්මලගේ නිදහසට උපරිමයෙන් සීමා පැනෙව්වලු .
අම්මට ටිකක් ඉගෙන ගන්න පුලුවන් කම තිබුනා කියලා අම්ම කියනවා ඒත් අත්තා කැමති වුනේ නෑලු එස්.එස්.ඊ (S.S.E = O/L) වලින් එහා උගන්වන්න.
අනිත් ලොකු අම්මවත් (අම්මගේ පොඩි අක්ක)එයාගේ අකමැත්තෙන් ම බන්දලා දීලා පස්සේ අම්මට මගුල් හොයන්න පටන් අරන් . එකෙන් බේරෙන්න අම්මා කරලා තියෙන්නේ ජ්‍යෝතිෂය ඉගෙන ගන්න ඕන කියලා රන්ඩු කරපු එකලු. හැබැයි අපේ පුංචි නම් කියන්නේ ගෙදර දොරේ වැඩ කරන්න කම්මැලි නිසාත් තමයි අපේ අම්මා ඒ Option එක තෝරා ගත්තේ කියලා.
ගෙනාපු මංගල යෝජනා ඔක්කෝම අම්මා මග හැරියලු "කළුයි, කැතයි, තට්ටේ, බඩ වැඩී, වයස පරතරේ වැඩී, දුර වැඩී " වගේ හේතු කියලා බැරිම උනාම කිව්වේ මට මේක (ජ්‍යෝතිෂය) හරියට ඉගෙන ගන්න දෙන්න කියලලු . . . (කපටි නෑ)
පස්සේ අත්ත අම්මට මගුල් හොයන එක පැත්තක තියලා අපේ පුංචිට මගුල් හොයලා එයාව අවුරුදු 19න් ම බන්දලා දෙන්න තීන්දු කලාලු
කෙනෙකුට.
. . . . . .. . . . . . . . . . . . . . . . . .
අපේ තාත්තත් තරුණ කාලේ හරිම කඩවසම් ඉලන්දාරියා.
ඒකත් බොරු නෙමේ, බලන්න ඔය එයාලගේ මගුල් පින්තූරේ දිහා . . .
ගෙවල් කොළඹින් ටිකක් දුර, ඒත් කොලඹ රැකියාවට දවස ගානේ යන එනවාලු.
දවසක් පවුලේ දුරින් නෑදෑ වෙන පවුලක තරුණයෙක් කසාද බඳිනවා කියලා තාත්තලගේ මුලු පවුලටම ආරාධනා ලැබුනත් ගමන් බිමන් අපහසුව මග හරවා ගන්න තාත්තා මුලු පවුලම නියෝජනය කරමින් ඒ මගුලට සහභාගී වුනාලු. . .
ඒ දුරින් නෑදෑ වෙන තරුණයා තමයි තරුණයා අපේ පුංචිව කසාද බැඳපු බාප්පා. මනමාලි අපේ පුංචි (එහෙමනේ ඉතිං . .)
ඉතිං ඔන්න ඔය මගුල් ගෙදරදී තමයි ඔය අනංගයාද මොකාද එකා හෙවත් මලසරා උගේ මල් දුන්නෙන් අපේ අම්මටයි තාත්තටයි විදලා තියෙන්නේ . . . !
අත්තට කොච්චර බය උනත් අම්ම කතා කර කර ඉන්න ගමන් ගෙදර එඩ්‍රස් එකත් දෙන්න ඇති.
පුංචිගේ මගුලෙන් පස්සේ තාත්තා බොරු බොරු හේතු හොයාගෙන අම්මලගේ ගෙදර නිතර එනවාලු. බලන්න ආපු අනිත් මනමාලයින්ගේ ඇද හෙව්ව උනත් අම්මත් ඇඟිරි බැඟිරි දාන්න ඇති . .
අත්තත් ඉතිං ඔය වයස පහුකරලනේ එන්න ඇත්තේ . . . එයා කිව්වලු "ඔය ලමයා මෙහේ නිතර නිතර එන්නේ මොකක් හරි මගුල් පරස්තා කටයුත්තක් ගැන හිතේ තියාගෙන නම් ඊලඟ පාර එනකොට හඳහන අරන් එන්න" කියලා . . .
ඔන්න ඔහොමයි ඒ දෙන්න සැට් වෙලා තියෙන්නේ. . . . !
හැබැයි අපේ තාත්තා නම් ඒ ගැන කියන්නේ කියන්නේ වෙනස් කතාවක් . . .
. . . . . . . . . . . . . . . . . . . . . . . . .
ඔයාලා ආසන දෙකේ බණ අහලා තියෙනවාද? මම නම් පුංචි කාලේ එක පාරක් අහලා තියෙනවා.
අපේ ගමේ පංසලේ එක පාරක් ලොකු පෝයකට ඔය ආසන දෙකේ බණක් සංවිධානය කරලා තිබුනා . . . ඒක මෙන්න මෙහෙමයි . .
බණ මඩුවේ හරි මැද්දේ වේදිකාව උඩ පිරුවට අතුරපු ආසන දෙකක් තියෙනවා. . . හාමුදුරුවරු දෙන්නෙක් ඒ ආසනවල ඉඳගෙන ඉනන්වා. එක හාමුදුරු කෙනෙක් බණ කියලා ටිකකින් නතර කරනවා . . . ඔන්න අනිත් හාමුදුරුවෝ එතන ඉඳන් ඒ බණ කතාව කියගෙන යනවා .. (මේ මට මතක තිබුනු හැටි .. කෝ මේ තරිඳු යි මාරයයි )
. . .. . .. .
මගේ පලමු රැකියාවේ ඉඳන් අද වෙනකම් මොකද්දෝ හේතුවකට සමහර මට වැඩිය බොහෝ සුදුසුකම් තියෙන අයට වඩා වැඩි ඉපයීමක් කරන්න මට පුලුවන් වෙලා තියෙනවා. ටෙක් යන කාලේ මගේ මිතුරු මිතුරියෝ (ඒ වෙනකොට තව තව කෝසස් කරලා වැඩිපුර සුදුසුකම් තියෙන අය ) රු. 1,000 ක හරි 1,500ක හරි වැටුපක් ගන්න කොට ඊට කලින් එක කෝස් එකක් විතරක් කරලා තිබුනු මම රු. 6,000ක් විතර වැටුපක් ලැබුවා. ඒ අතරට ප්‍රයිවෙට් කරලා තව රු. 25,000ක් විතර ඉපයුවා.
හැබැයි ඉතිං උපයපු හැම සතේම වියදම් කලේ ඇඳුම්,සපත්තු ගන්නයි; යාලුවෝ එක්ක ට්‍රිප් යන්නයි, පාර්ටි දාන්නයි තමයි. සමහර මාස වල මාසේ අන්තිමට අම්මගෙනුත් සල්ලි ඉල්ල ගන්නවා වියදමට.
. . . .. . . .. . . ..
දැං කස්ටිය බලනවා ඇති අපේ අම්මටයි තාත්තටයි මල්සරා විදපු එකෙයි . . ආසන දෙකේ බණ වලයි . . මගේ ඉපයීම් වලයි තියෙන සම්බන්දේ මොකද්ද කියලා . . .
මෙන්න මෙහෙමයි . .
මම ඔය හම්බු කරන්න ගත්තු කාලවලදී කවදාවත් ගෙදරට සතයක් වත් දෙන්නේ නෑ. ඒ තියා අම්මගෙනුත් සල්ලි ඉල්ලගන්නවා කියලා කිව්වනේ. කීයක් වත් ඉතුරු කරන්නේ නෑ. අඩු තරමින් Savings Account එකක් වත් නෑ. (ඒවා අඩු වැඩි වශයෙන් තාත්තගේත් වැරදි ම් ම් ම් )
සමහර වෙලාවට මම සාලේ සෙටියේ ඉඳගෙන පොතක් එහෙම බලන කොට ඉස්සරහා පුටු දෙකේ අම්මයි තාත්තයි ඉඳ ගන්නවා.
ඉඳගෙන පටන් ගන්නවා ආසන දෙකේ බණ . . .
අම්මා: ඈ බං . . උඹ මාසෙකට කීයක් හම්බු කරනවද?
තාත්තා: ඒකෙන් කීයක් උඹ ගෙදරට දෙනවාද? කීයක් ඉතුරු කරනවාද?
අම්මා: ගෙදරට නම් නොදුන්නට කමක් නෑ. මොනාද උඹ ඔය සල්ලි වලින් කරන්නේ?
තාත්තා: අර අපේ පක්සේ අරමුදලට වත් උඹ ගානක් දුන්නද මේ වෙනකම්?
අම්මා: ඒකට නම් දෙනවට වැඩිය හොඳයි බල්ලනට ආප්ප අරන් දෙන එක. මාසෙකට කීය කීය හරි ගෙවන්න ඉඩම් කෑල්ලක් ගනින් . ඒත් නෑ. හැබෑට උඹ ඒ සල්ලි වලට මොනාද කරන්නේ . .
. . . . . . . . .. .
මම ඉතිං ඔය ආසන දෙකේ බණ අහගෙන ඉඳලා බැරිම තැන කරන්නේ වචනයක් වත් කතා නොකර ගිහින් කාමරේ දොර ඇරලා එලියට පේන්න අල්මාරියේ දොර පියන් දෙකම ඇරලා ගත්තු ඇඳුම්, සපත්තු, පොත් (නවකතා) එහෙම පෙන්නලා කියනවා මෙන්න සල්ලි වලින් කරපු දේවල් කියලා . . . !
මුල් කාලේ ආසන දෙකේ බණ වලට ඔය විදිහට ප්‍රතිචාර දැක්වුවත් මම පලමුවෙන්ම පිට රට රැකියාවකට ගිහින් අවුරුද්දකට පස්සේ මාසෙක පඩියයි . . . නිවාඩු පඩියයි විතරක් අරගෙන ගෙදර ආපු වෙලාවේ (යාලුවන්ගේ මගුල් වලට, ඔපරේෂන් වලට, උන්ට ජොබ්ස් හොයලා දෙන්න වීසා ගන්න, නෑදෑයන්ගේ උවමනා වලට සල්ලි එවලා . . ඔය වගේ දේවල් නිසා මාස 11ක්ම හම්බු කොරපුවා සීරෝ වෙලා තිබුනේ) නම් පාවිචි කලේ වෙනස්ම ක්‍රමයක්.
ඔන්න දෙන්නම සුපුරුදු පරිදි ආසන දෙකේ බණ පටන් ගන්නවා.
පටන් ගත්තේ තාත්තා නම්
"අයියෝ අම්මේ . . මොන මගුලටද කකුල් ගෙවෙනකම් ගෑටුවා කියලා අනුකම්පාවට මෙයාව කසාද බැඳ ගත්තේ . . . හරි කරච්චලයක්නේ බලන්න . . ." කියලා අම්මගෙන අහනවා
"ඔව් බන් පෙරේතයෝ පිං ඉල්ලනවා වගේ හමදාම අපේ ගෙදර එන කොට ඔය අපේ තාත්තනේ කිව්වේ . . . හඳහන අරන එන්න කියලා" අම්මා කියනවා
"හප්පෝ . . පෙරේතයෝ පිං ඉල්ලනවා වගේ බඩ ගාලම ගිහින් ඉල්ලගනන් වටින බඩුව . . . මම ගිය එකක් නෑ බං, මෙයානේ මේ ලොකු අයියා අතේ මගේ ඔෆිස් එකට පනිවිඩ එවලා මාව ගෙන්න ගත්තේ" කියලා තාත්තා කියනවා . . .
"අම්මේ ඔව් පනිවිඩ යවලා ගෙන්න ගෙන බැඳ ගන්න තරම් රාජ කුමාරයා . .. " අම්මත් අරින්නෙ නෑ . .
ආසන දෙකේ බණ අම්මා පටන් ගත්තොත් මම තාත්තගෙන් අහනවා . .
"හෆොයි තාත්තේ . . වෙන ගෑනු හිටියේ නැද්ද රටේ . . මෙයාලගේ ගෙදරට බඩගාල බඩගාල මේ කටු අත්තෙම පැටලුනේ . . ." කියලා .. .
"මම බඩ ගාපු එකක් නෑ බං, මෙයා මේ ලොකු අයියා අතේ මගේ ඔෆිස් එකට . .. . .. " බ්ලා බ්ලා බ්ලා කියලා දෙන්නා සුපුරුදු වාදේ කරගන යනවා .
දෙන්නටම මතක නෑ පටන් ගත්තේ මට බනින්න කියලා . ..
මම ඉතිං ෆුල් ජොලියේ පැත්තකට වෙලා බලන් ඉන්නවා.
එල කිරි කතාව කොලුවො... උඹේ කටේ මසුරන් දැම්මත් මදි...
ReplyDeleteදුකා අයියා ඉතාමත් වටින කතාවක් තමා කියලා තියෙන්නේ................
ReplyDeleteඉතින් ඔයා දැන් ඉස්සර වගේ නැතුව යමක් කමක් ඉතුරු එහෙම කරනවද ?
මරු කතාව අප්පා. මට මේ කියෙව්වම මැවෙන්නේ අපේ අම්මයි තාත්තයි. සමහර විට අපේ අම්මයි තාත්තයි දුකා අයියාගේ අම්ම ගියපු ඉස්කෝලෙටම ගිය නිසා වෙන්නැති ඇති එහෙම වෙන්න ඇති.
ReplyDeleteමටත් මරු අත්දැකීම තියෙනවා ඔය ආසන දෙකේ බණ අහලා.
පහතින් ම තියෙන උපදේස ගැන කියනවානම් අයියේ.., මේ වෙනකොට මමයි අපේ සහෝදරයයි වෙනම වියාපාර කටයුතු වලට අත ගහලා තියෙන නිසා [හා ඉඩකඩම් වලට ආයෝජනය කරලා තියෙන නිසා] (අනික අයියා ඒ බව දන්නවා නෙව.)
මම නම් අර දෙබණට මැදිවෙන ප්‍රමාණය දැන් අඩුයි.., ඉස්කෝලේ යන කාලේ නම් කියලා වැඩක් නැහැ. ඒක වෙනම කතාවක් නේ. ;)
ඉතින් මට කියන්න තියෙන්නේ ඉහත කියලතියෙන දේ 1000% අමුම අමු සත්‍ය බව තමා. :D
මගේ ගාවත් ඉතුරු කරපු රුපියල් හතක් තියෙනවා.කරන්න දෙයක් නැතුව හිටියේ!
ReplyDeleteකතාව පට්ට!
BTW සිරාම පෝස්ට් එකක අයියේ..! එළම කිරි..! තව ලියන්න මේ වගේ එව්වා..!
ReplyDeleteකතාව නම් හරිම අපූරුයි. සාර්ථක උපහැරණ එහෙම එක්තු කරල කාටත් වටිනා අදහස් ටිකක් කියල තියෙනව.
ReplyDeleteකාලෙකට පස්සේ මේ පැත්තේ ගොඩවුනේ. නියමයි. පාඩමත් වැදගත්.
ReplyDeleteකතාවත් නියමයි, ගන්න තියෙන ආදර්ශෙත් නියමයි. :)
ReplyDelete@සියදෝරිස්!
ReplyDeleteඅනේ බන් සියදෝරිසෝ කටේ නොදමා මගේ එකවුන්ට් එකට දාන්න බැරිද ඒ මසුරන් ටික . . හැබැයි රුපියල් වලට කන්වර්ට් කරම දාපන් . . .හික් හික්
@Hasitha !
දැන්නම් ඉස්සර තරම් නාස්ති කරන්නේ නෑ. ඒත් ඉස්සර හම්බු කොරපු කාලේ ඉඩමකට වගේ දේකට ආයෝජනය කරලා තිබබනම් කොයි තරම් හොඳයිද කියලා හිතෙන්නේ දැන් තමයි . . ඒත් දැන් සොරි ඩොට් කොම් . . . ගිය නුවන ඇතුන් ලවා වත් අද්දවා ගත නොහැක නේ . . .
මාරයි දුකා.. මාරයි කිව්වට මාර ම නැහැ ඊටත් වඩා මාර ය..!!!!
ReplyDeleteසිරා කතාව අයියේ! :)
ReplyDeleteආසන දෙකේ බණ නම් අහන්න අවස්ථා ලැබිල නැහැ. මට නම් බණ අහන්න හම්බුවෙන්නෙ හුඟක් වෙලාවට ගරිල්ලා ක්‍රමයට..හෙහෙ..
ReplyDeleteලස්සනයි දෙමවුපියන්ගෙ මගුල් පින්තූරෙ.නලු නිළි යුවලක් වගේ පෙනුම.
එල පෝස්ට් එක අයියෙ.
ජයවේවා.
@Lish!
ReplyDeleteඇත්ත උඹල දෙන්න ගැන නම් හෙනට ම සන්තෝෂයි . . . ඉඩම් සම්බන්ධ දේවල් නැතත් වෙන වෙන දේවල සමබන්ධයෙන් නම් උඹව ආසන දෙකේ බණ වලට අහුවෙන්න පුලුවන් නේද . . දන්නවනේ . . අර මම ඇවිත් අවුලුවලා තියලා ගිය එක . . . හික් හික් . . .
@මුචා!
අහ් මලේ පටන් ගනින් ඕකෙන් වත් ඉතුරු කොරන්න . . හැබැයි උඹ කෑම බීමට දස්සයා නිසා ඕකෙන් ටොපි කනවා එහෙම නෙමෙයි හරිය . . .?
(ඔය ගානට ලංකාවේ දැන් ගන්න පුලුවන් එකම දේ ටොපි විතරයි නේ නේද?)
නියමයි දුකා අය්යෙ.. මමත් ආසන දෙකේ බන නම් අහල තියෙනව.. ඒත් මම හොඳ වෙලාවට ඔය වරද නම් එච්චර තදින් කරන්නෙ නෑ...
ReplyDelete(හැබැයි අපෙ තාත්ත නම් කරනව.. මම මේ සැරේ ලංකාවට ආවම ත් 10000 ක් සහ mobile phone එකක් දුන්න ඕනෙ එකක් කරගන්න කියල..හොඳ වෙලාවට මම හොඳ ලමයෙක් නිසා හොඳයි..:-)
@isimbuwa !
ReplyDeleteනගේ මැටි පූසට කිව්ව නම් මොකෝ තව කුරුඳු අක්කරයක් දෙකක් ගන්ටැයි කියලා ඇහැක් නම් . . හි හි
@Ravimal!
කාලෙකින් හරි ආව මැදැයි . . . දැන් ඔය උඹලත් හෙට අනිද්දා විස්ස විජ්ජාලෙන් පිට වෙලා රස්සා කොරද්දී මතක තියා ගනින් කොලුවෝ මගේ උපදෙස් හොඳෙයි . .
@msenarath !
ReplyDeleteආදුරුසේ ගත්ත නම් ඒ මැදැයි. . තැන්කූ ආ . . !
@ඉන්ද්‍රනාථ අයියා!
හඃ හඃ හා අයියා . . ඔයාගේ අර අප්පච්චී ගැන ලියපු පෝස්ට් එකත් වෙලාවක මූනු පොතේ දාන්න ඕන . .ඒක මීට වඩා මාරයි මට නම් . . .
@ඉන්දරේ !
ReplyDeleteඋඹ ලඟදී අලුත් රස්සාවට ගිය එකා වෙච්චි, මම කොරපු ගොං කං එහෙම කොරනවා නෙමෙයි හොඳේ . . . පොඩි ඉඩන් කෑල්ලක් ගන්න හරි තියෙන ඉඩමේ ගෙයක් හදන්න හරි දැම්මම පටන් ගනින් මලේ . .
@Raven!
අම්මෝ ගරිල්ලා බණ භයානකයි වගේ ඇහෙනකොටත් . . හෙ හෙ හේ ඔව් ඔව් ඒ දෙන්න නම් ඒ වගේ තමයි අපි නම් (ළමයි ) ඒකේ අනිත් පැත්ත . .
@චේජනා!
අන්න ශෝයි දුවෙක් . . . අනේ වාසනාවන්
දුකා අයියේ නියම කතාවක් තමා ලියල තියෙන්නෙ...
ReplyDeleteකතාවට වඩා ආදර්ශෙ උතුම් කියනවනෙ...
“ආහ්.. දැන් ඔය කතාව එළ එළ, මාරයි, සිරා කියපු අය පෝළිමේ ආවනං...
මොකද කියන්නේ Savings Account එකක් අරිනවද ? FD එකක් දානවද ?"
@ චේජනා,
ReplyDeleteආහ් මේ අර මං මාරු කරල දීපු සල්ලි වලින් නේද ?
ඒක තමා.. තාත්තිගේ ෂෝයි දූ...
:D :D
@සනා!
ReplyDeleteහා හා මම රත් කරපු තාච්චියේ උඹ රොටී පුච්චන්න හදන්වා වගේ නේද මලේ . . .
ඔන්න ඔහේ කමක් නෑ කාට කාටත් ඒකෙන් වෙන්නේ හොඳක් නිසා . ..
මල්ලි, ඔයා මාරු කරල දීපු සල්ලිවලින් දෙන්න මම තාත්තට දුන්න නෙවෙයි.. තාත්ත මට දුන්න..(ඔයාට මතක නැද්ද මම ඔයා ගෙන් ඉල්ලගෙන ගියේ පොඩි ගානක් විතරයි...හහ් හහ් හා..)
ReplyDeleteමේක සිරා ලියවිල්ලක්. වටිනවා!
ReplyDeleteහැමදාම වගේ ආසන බණ නම් අහනවා.. හැබැයි මාතෘකාව වෙනස්..
ReplyDeleteඅපේ ගෙදර මාතෘකාව තමයි -පාඩම් කිරීම සහ අනාගතය-
අයියෝ වැරදියට ගන්න එපා අයියේ...
ReplyDeleteබලන්න මං කොච්චර ලොකු සේවයක්ද කරන්න හදන්නෙ කියල...
මේ දරුවන්ට අයිය ඉතුරු කරන එක ගැන කියල දීල අයිය, අයියගෙ යුතුකම කළා නෙව...
මාත් ඉතින් මගේ යුතුකම කොරන්ඩ එපායැ...
@Supun Sudaraka !
ReplyDeleteසිරා සිරා කිව්වට වැඩක් නෑ කරනවා එහෙම නෙමෙයි ඒ වැඩේ එහෙම හරිය . .. ?? . .. හික් හික්
@ළමයා !
අහ් මමත් කාලයක් ඔය ආසන දෙකේ බණත් ඇහුවා. ඒ කාලේ ඉතිං එක කනකින් අහලා අනිත් කනෙන් පිට කලා . . . දැං තමයි ඒ ගොං කං වල රඟේ තේරෙන්නේ . . .
@@සනා!
ReplyDeleteනෑ නෑ මලේ . . මම විහිලුවක් කලේ . . උඹ ඒක සිරා ගත්තද . . .?
ඒක නෙමේ කෝ මම උඹේ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එක??
පිස්සුද අයියා... මන් දන්නැද්ද ඕවා...
ReplyDeleteහරි හරි ආං ඒකට මන් උත්තරත් බැන්දා...
(ෂිහ්ඃ මේ කොහෙවත් යන නරි හින්දා බ්ලොග් එකක්වත් තියා ගන්න බෑ නෙව..
මුන් යන යන තැන කැත කොරනවා.. මට මතකයි දවසක් මෙතැනත් කැත කොරල තිබ්බ.. තව දවසක මාරයියගේ දිහා... ඊයෙද කොහේද හිතුවක්කාරිගේ දිහා...)
ඒක නෙවී... දුකා අයියා මිනි මැරතන් එක දුවනවද ?
ReplyDeleteඅයියලට නම් ඉතින් experience එහෙම නැතැයි...
පොඩ්ඩක් අපිටත් කියන්නකො විස්තර එහෙම...
@සනා!
ReplyDeleteඅනේ නෑ මලේ . . මම මිනි මැරත්න් දුවන්නේ නෑ . . මට කොයින්ද වෙලාවක් ඒකට . . . මෙහෙම වත් එකක් ලියා ගන්නේ බොහෝම අමරුවෙන් . .
අපේ ඉන්දරේ මලයගෙන් ඇහුවනම් විස්තර.
ඔය බ්ලොග් කෙරුවාව ගැන මම එහෙමට ම විස්තර දන්නේ නෑ මලේ ඔහේ ලියාගෙන ලියාගෙන යනවා මිසක්කා . . .
අහ් කුනුහරුප නම් මොනවද . . . මගේ හැඟීම නම් අර මොකද්ද එකාට මොකද්ද එක නොකියා වෙන නමක් කිව්වොත් ඒක නම් කුනු හරුපයක් . .
මේ දවස්වල ඔය ගැන නියම ලිපියක් තියෙනවා http://kolu.wordpress.com/2010/04/10
ඒකනම් ඇත්ත තමා අයියේ..
ReplyDeleteමාත් මේ Blog Post එකක් ලියාගන්නෙ ගොඩක් අමාරුවෙන්...
යාලුවන්ගෙ අඩවිවලට ගිහින් නැහැ සුමානෙකින් විතර...
හැමදේටම කාලය තමා හරස්වෙල තියෙන්නෙ...
ඉඩ ලැබෙන ලැබෙන විදිහට තමා බ්ලොග් කියවන්න වෙන්නෙත්...
බලාගෙන ගියහම අපි ඔක්කොම එකම බෝට්ටුවෙනෙ... හිහ් හිහ් හි...
හි හි හී ආසන දෙකේ බණ! මරු මරු මටත් ඔක ගෙදරින් තියෙනවා :-D මම නම් කරන්නේ ශේප් එකේ මාරු වෙන එක ;-)
ReplyDeleteමරු කතාව දුකා අයියේ !!
මෙකට nonstop බණ කියලත් කියන්න ඇහැකි නේ :-D
ආසන දෙකේ බණ ! හැමෝටම අද්දැකීම් තියනව වගේ. මටත් තියනවා පාඩම්කිරීම සහ අනාගතය ගැන බණ නං.
ReplyDelete/කුම්භකර්ණයා
දුකා අයියා ඉතාමත් වටින කතාවක්..
ReplyDelete:)
මරු කතාව..!
අනේ මං ඔය බණ අහලම නෑ නේ අයියේ...... :( :( :(
ReplyDeleteමරැ පෝස්ට් එක....
ReplyDeleteඅපේ පුංචි නම් කියන්නේ ගෙදර දොරේ වැඩ කරන්න කම්මැලි නිසාත් තමයි අපේ අම්මා ඒ Option එක තෝරා ගත්තේ කියලා.
ReplyDeleteමාත් මේ වගේ option ගොඩක් තෝර ගත්තයින් නංගිල දෙන්නම ගොඩ ගියා...
ඈත්තම කියන්න දැන් මටත් හිතෙනව ගෙදර දොරේ වැඩ කරන්න කම්මැලි නිසාත් තමයි මමත් එහෙම කරන්නෙ කියල.ඒත් ආදරේට ලෝබයි...
හුඟ දවසකින් මේ පැත්තේ ආවෙ. අනේ ඇත්තමයි අය්යේ උබට රුපියල් 2ක් දෙන්න වටින කතාව. ලොල්.
ReplyDeleteමම නම් මේ දවස් වල ගෙදරට කොල් කරන්නෙත් නැහ වැඩිය.
මොකද දැන් කරන්නේ ?
තව ඉගෙන ගන්නේ නැද්ද ?
අලුත් රස්සවක් ඔයිට හොද හොයා ගන්න...
ඇත්ත තමයි ඔක්කොම.
අපේ කරුමෙට තමයි ඉතින් තේරුම් නොගන්නේ.
ඉඩම් ගැනා කිව්වම මතක් උනේ. නිකමට බැලුව නෙට් එකේ ලංකාවේ ඉඩම්. රත්තරන් ඉල්ලම් මතු වෙලාද මන්ද ඒවයෙ ගනන්.
හා....එහෙනං මං ගෙවන්න ඉඩං කෑල්ලක් ගඤ්ඤං. බොහොම ඉස්තුතියි උපදේසෙට! ඔය උපදෙස් දෙන කව්රු කව්රුත් මේ පොසීඩියර් එක අනුගමනය කලා නං සෑහෙන ප්‍රයෝජනයක් ගන්න තිබුනා.
ReplyDeleteකතාව මල් 7යි අයියෙ. දීපු ආදර්ශෙත් නියමයි. තවම නම් ආසන දෙකේ බණ අහල නෑ සල්ලි සම්බන්ධයෙන්. තවම මම ඉගෙන ගන්න නිසා වෙන්න ඇති.යන්තම් එදා දවසට හරියන්න ඔය කීයක් හරි තාත්තට බටර් පාරක් ගාල ඉල්ලගන්නවා.
ReplyDeleteමම නම් ටිකක හොද ළමයෙක්.
ReplyDeleteඒක නිසා ආසන දෙකේ බණ නම් කවදාවත් ඇහගෙන නැහැ. හැබැයි තාම තනිකඩයා නිසා වෙන බණක් ලගදිම අහගන්න වෙන බව නම් දන්නව.
මං 5 පන්තියේ ඉන්න කාලෙ ඉදලම කීය කීය හරි ඉතුරු කරා. ඒත් ඉතින් ඔය බැංකු පොත් වල දාල තිබ්බම වෙන්නෙ සල්ලි බලං ඉදිද්දි හිදෙන එක නිසා මං සල්ලි පොතේ දාන එක පැත්තකින් තියල ලැප්ටොප් එකකට, තවත් පොඩි පොඩි දේවල් වලට සල්ලි වියදම් කරා.
තාම රස්සාවක් නොකරන නිසා ඉඩම් කට්ටියකට ගෙවන්න තරම් මුදලක් ඉතිරිවෙන්නෙත් නෑ නෙව. කවුරුහරි දන්නවද මාසෙකට 1000ක් වගේ ගානක් වාසිදායක විදියට ඉතුරු කොරන්න ක්‍රමයක්? (ඔන්න සක්විති සෑර් ගාවට යන්ටැයි කියන්ට නම් එපා...)
ආසන දෙකේ බණ නම් මටත් අහන්න ලැබිල නෑ....... :) උපදේසෙ නම් වටිනව අයියෙ...... අයිය දෙන උපදෙස් කොහොමත් මතකෙ රැඳෙනව ඒව කියන රසවත් විදිය නිසාම........ :)
ReplyDeleteඅම්මයි තාත්තායි හරි හැඩැයිනෙ...... :)
මාත් රුපියල් සියක් ඉතුරු කරං ඉන්නව, අම්මගෙන් නමසීයක් ඉල්ලඝෙන දාහක් කරල බැංකුවෙ දාන්න ඕනි.
ReplyDeleteකතන්දරකාරයා
අපේ අම්මවයි තාත්තවයි ගොනාට අන්දන්න ගිහින් "බත් කාඩ් එක" නැතිනරගන්න බැරියෝ....
ReplyDeleteආසන දෙකේ බණ අහන්න වෙලාවක් නෑ නොවැ. ගෙදර ටීවී එකක් තියෙනවලු. ඒත් ගෙදර අනිත්අය ඒක බැලුවට මම ඉතින් කොම්පියුටරේ ඉස්සරහ නෙව...
වටින පෝස්ට් එකක්... මමත් අනන්තවත් ආසන දෙකේ බණ අහල තියෙනවා... බණක් කිව්වට ඒක ගොඩක් වෙලාවට වගේ යන්නේ ධර්ම සාකච්චාවක් වගේ... ඉඳලා හිටලා මැදින් පනින අපේ නඟා නිසා තමයි බණ කෙළවර වෙන්නේ, ඒ මොකද එතකොට එයාට ආසන තුනේ බණක් අහන්න වෙන නිසා... :D
ReplyDeleteසල්ලි ගැන නම් කියන්න දෙයක් නෑ. සතියට රුපියල් 200ක්වත් අනිවාර්යයයෙන්ම ඉතුරු කරනවා.. ඒත් ඒ මොකද කියලා අරමුණක් නම් නෑ... එකතුවෙච්ච සල්ලි ලාච්චුවේ තියෙද්දි වියදම් කරන්නත් අම්මාගෙන්ම සල්ලි ඉල්ලා ගන්නවා.. මම හොඳයි නේද?
ReplyDeleteමෙක කියවපු වාහම හිතෙ පුංචි දුකක් එක්ක ලොකු සතුටක් ආවා.
ReplyDeleteසතුටක් ආවෙ. ආසන දෙකෙ බණ ආහන්න තරම් වැඩක් කවදාවත් මගෙ අතින් වෙලා නැහැ නෙද කියන දෙ මතක් වෙලා.. අම්මලා මට බනින්නෙ නැහැ..දැන් මෙ ටිකෙ කුරු කුරු ගානවා.. කවදද ආපහු කැම්පස් යන්නෙ කියලා... මමත් පුංචි ආයොජන වගයක් කලා මුදල්මය අතිනුත්, ආධ්‍යාත්මික අතිනුත්.. එවා තව ටික දවසකින් නියමෙට එයි... කොහොම උනත් ලිපියෙන් ලස්සන තැන් දෙක තුනක මොහොතක් ජිවත් වුනා
දුක ආවෙ.. අපිට කොටවන්න.. අම්මයි තාත්තායි නැහැ කියලා.. එත් ෆුල් ට්‍රයි අම්මගෙ අම්මාවයි,,, මගෙ අම්මාවයි කොටවන්න..
හහ් හහ් හා... අන්තිමට වෙච්චි දේ පේනවැයි...!
ReplyDelete"කරුණාවෙන් සවන් දෙන්න.... ආසන දෙකේ බණ කියූ දෙමාපියන් වෙනුවට.... ආසන දෙකේම හරහට දපාලූ දුකා ගේ බණ...."
අපේ ගෙදරත් මේක වෙනවා හැබැයි එක එක වෙලාවට එක එක්කෙනා සෙට් වෙන්නෙ...
ReplyDeleteඅයියගෙ අම්මයි තාත්තයි හැබෑවටම හරිම ලස්සනයි
දුකාගේ මනමාල හිනාව ආවේ කොහෙන්ද කියලා දැන් නම් තේරුම් ගත්ත හැකි හික්z
ReplyDeleteඔන්න අහනවනං බණ.. නියම කතාව දුකා.
ReplyDeleteමටත් හිතුනා කීයක් හරි ඉතුරුකලානං හරි කියලා..
-ජය
@Bunny !
ReplyDeleteශේප් එකේ මාරු වෙන එක . . බණ කියන අයව ගොනාට ඇන්දුවා කියලා මම අද දුක් වෙනවා. උඹත් ඒකම කලොත් පස්සේ කාලෙක උඹටත් දුක් වෙන්න වෙනවා මතක තියා ගනින් මලේ . ..
@/කුම්භකර්ණයා !
බලාගෙන ගියාම ඔක්කෝම එකම බෝට්ටුවේ වගේ හික්ස්
@Ansh Lucky Sri Jay!
ඔව් නගේ ඔයාටත් මේ අදහස් ප්‍රයෝජන වත් වේවී.
@හා පැටික්කි (MS) !
ReplyDeleteඔයා හොඳ ළමයෙක් වෙන්ටැ මහිතේ
@මිස්සක !
එළ එළ . . . !
@wath !
ම් ම් ම් මට ගොඩක් දේවල් කියන්න හිතෙනවා . . ඒත් කෙටියෙන් කියන්නම් . . දැන් ඔය කම්මැලි කම අතහරින්න කාලේ හරි කියලා හිතන්න . .
@Cool Cartoon !
ReplyDeleteඅහා දුරකතනයෙන් ආසන දෙකේ බණ ඇසීමේ පහසුකම් . . .හික් හික්
@බුද්ධි!
ඔව් ඔව් උඹ හෙට අනිද්දා එකලාසයක් වෙන්ට ඉන්න එකේ පටන් ගත්තට කමක් නෑ . . . !
@විහඟිගෙ සිතුවිලි!
අහ් මම නම් ඉගෙන ගන්න කාලෙත් ආසන දෙකේ බණ අහුවා. . . ඔහොම පුලුවන්ද විභාග පාස් වෙන්න ??
නවකතා පොත් වල තියෙන දේවල් අහන විභාගේ මොකද්ද??
විභාගේ පේල් වෙලා උඹ ව කරත්තෙක බඳින්නද?
හෙ හෙ හේ
@upulpp !
ReplyDeleteඅනේ දන්න කියන කෙනෙක් මේ දරුව උපදෙසක් දෙන්න . . plsssss
@විශ්මි !
අහා එහෙනම් ශෝයි . . . එහෙනම් මගේ මේ ස්ටයිල් එක ඉෆෙක්ටිව් එල එල . . ආ ඔව් ඔව් ඒ දෙනන් හරි හැඩයි
@කතන්දර කාරයා!
අන්න එහෙමයි වැඩේ කරන්න ඕන . . හික් හික්
@RoshanHerath!
ReplyDeleteටී වී රාජයා නිසා ඔයා නම් ගොඩ ගිහින් වගේ . . එල එල
අහ් ඔව් ඒ ක්‍රමේත් නරක නෑ . . .
@sameerausa!
අනේ පව් අසරණී . . . !
@රවා!
හප්පා කොහොම වුනත් එකම වැඩේ නේද මලේ . ..
@තිසා!
ReplyDeleteඅනේ බං . . . බණ කියන අයව කඩේ යවලා අද දුක් වෙන නිසානේ බං මේ අලුත් කෙල්ලො කොල්ලන්ට මම කරපු ගොං වැඩේ කරන්න එපා කිව්වේ . . . . බණ නම් ඉතිං කාගෙන් ඇහුවත් මොකෝ . . .නැද්ද?
@මධු වීරකෝන් !
එහෙනම් ඉත්ං ආසන දෙකේ බණ වෙන්න බෑ නේ . . .තනි ආසනේ බණ හික්ස් . . අහ් තැන්කූ ආ
@roylyfernando!
හරි කියපන් බලන්න කොහෙන්ද ?
@යෝගී !
දැන් වුනත් පරක්කු නෑ නේද බං කොල්ලෝ . .
ෂා නියම උපදෙස බොහෝම ස්තූතියි...!!!දුකා ඒත් මම නම් කවදාවත්ම අහලා නැහැ නෙ මේ බණ
ReplyDelete@සන්සරසිඳු ඔන්න නියම වෙලාව මෙතන්ම දාන්නකෝ මම දැන් ගොඩක් දවසක් ඉදලා අහන නම :-)
@යෝගී හෆොයි කරනවා කියන වැඩ කන්දරාව අපරාදේ :-( :-(
@ nimanthi,
ReplyDeleteමොකක්ද අක්කේ නමක් ගැන කිව්වෙ..?
මට එච්චර තේරුණේ නෑනෙ...
ආහ් ඔයා අහන්නෙ බැංකුවෙ නම ද?
ReplyDeleteEastern Bank 1920
මමත් දැං අවුරුදු 10ක විතර ඉදං රස්සාවල් කරනවා හැබැයි ඉතිරි කරපු දෙයක්නං නැහැ. ආසන දෙකේ කොහොම වෙතත් අපේ මචුබිසවගෙන් නං බණ ඇහුවා ඒ දවස්වල. පස්සෙ පස්සෙ ඒකත් නැතුව ගියා. බුදුහාමුදුරුවො ඇවිත් බණ කිව්වත් හැදෙන්නෙ නැති එකාට මොන බණද කියලා හිතිලා අතඇරලම දාන්න ඇති... :)
ReplyDeleteහපෝ මට පරක්කු උනානෙ.....
ReplyDeleteමමයි සුජාත හාමුදුරුවොයි යුගලාසන බණක් කිව්ව එකම එක පාරක්. ලේසි නෑ. එලට synchronizing තියෙන්න ඕනෙ.
අපේ දෙන්නත් ඔය වගේ තමා.
"මොකට මේක කරගැහුවද මන්ද ? මට වශීයක්වත් දෙන්න ඇති"
"ආ කව්ද දන්නෙ නෑ මාව බලන්න ඕන හින්දම අපේ අයිය ලඟ වැඩට ආවෙ"
මමත් අයියේ රස්සාව කරපු කාලෙ මගේ පඩියෙන් 90% ඉතුරු කලා. කාලයක් තිස්සෙ පොලී වෙලා සිව්රු අරින කොට ඒක ලොකු ගානක් වෙලා තිබ්බ. මට ගත්තු ඉඩමට යන ගානෙන් භාගයක් ගෙව්ව ඒකෙන්. ඉතුරු භාගෙ අම්මගෙන්.
ලස්සන ඉදිරිපත් කිරීමක්.
ReplyDeleteමින් ඔබ ගෙනෙන පණිවුඩය අගේය සොයුර.
ඉතිරිය කරන්න පුලුවන් නම් අගේ ඇති...
දුකා, මම නම් ආසන 3 බනත් අහලා තියේ.
ReplyDeleteමම කරන්නේ 3 වෙනි ආසනේ බයිට් එකට ගන්න එක ;-)
මම දන්න විදියට අපේ බනී අහන්නේ ආසන 7,8ක බන ;-)
ReplyDelete@ඩනිෂ්ක
ReplyDeleteබොරු දුකා !! මෙකට පිස්සු :D
අර 3 දෙනාම එකතු වෙලා මෙයාව බයිට් එකට ගන්නවා :D
@ඩනිෂ්ක
ReplyDeleteඅප්පා දැන් නෙවැ මීටර්උනේ.. අම්මෝ 7-8 කින්නම් ශේප් උනොත් මදියෑ :-D ඊට වැඩී මයෙ හිතේ :-D
අර බණට නම් කියන්නේ යුගාසන ධර්ම දේශනා කියලා තමයි.
ReplyDeleteඑක් ස්වාමීන් වහන්සේ නමක් පාළියෙන් දේශනා කරන ධර්මය අනිත් ස්වාමීන් වහන්සේ පදරුත් ඇතිව දේශනා කරනවා. බොහෝම අපූරු දේශනාවක්.
මම නම් කරලා නැහැ..
මාත් ඉතින් කාලයක් ඉතිරිකලා..ඇදුම් පැළදුම් උනත් ගත්තා,කෑවා,හොදට කරටි කැඩෙන්න බිවුවා, එහෙම කරලත් මට අවුරුදු 21ක විතර වෙන කොට පුංචි වෑන් කට්ටක් සහ තුන් රෝද රියවල් දෙකක අයිති කාරයෙක් වෙන්න එහෙමත් පුළුවන් උනා..
ඒත් දවසක් ඒ හැම දේම මල්ලීට දීලා ගෙදරින් පිට උනේ රුපියල් දෙදහකටත් වඩා අඩු මුදලකුත් සාක්කුවෙ දාගෙන.
එදා ඉදලා අද වෙන කොට අවුරුදු දහයක් ගත වෙලා ගිහින්.
පහු ගිය අවුරුදුදේ හොයපු මුදල් මම ඉතිරි කලේ මා හැර ගිය ඇය ළගයි. මෙ වන විට ඇය දැඩි ආර්ථික අපහසුතාවයකට ලක් වෙලා නිසා එම මුදල් පිළිබදව බලා පොරොත්තු තියා ගන්න පුළුවන් කමක් නැහැ.
මෙ වන විට රුපියල් දා පාලොස් දාහක් නම් අතේ තියෙනවා. ඒකත් ඉවර වෙන්නේ ලැපක් ගන්න මට්ටමට සල්ලි ටික වැඩි උන දවසටයි.
ඔන්න මගේ ඉතිරි කිරීමෙ රග...
@nimanthi !
ReplyDeleteහොඳ ලමයින්ට ඔය බණ කියන්නේ නෑ . . . අපි වගේ නරක ලමයෙක් උන නම් ඔයාටහ් ශෝක් එකේ ඔව්ව අහ ගන්න තිබ්බා
@Buratheno !
හෆොයි එහෙමම කරන්න එපා කියන්න . . . මට නම් සමහර දවස් වලට ඒ බණ අහුවේ නැත්නම් කෑවේ නෑ වෑඅ හික්ස්
@තරිඳු !
අපේ දෙන්නත් ඔය වගේම තමයි කිව්වේ ගිනි අවුලන එකා උඹද?
සතුටුයි මලේ බලනන් ඒක කොයි තරම් පහසුවක්ද අන්තිම මොහොතේ පස්ස කැඩිච්ච කඩියෝ වගේ හම තැනම දුවන්න ඕන නෑ සල්ලි හොයන්න කලින් කීයක් හරි ඉතුරු කරලා තිබ්බොත්
@ගල්මල්-Coral !
ඒකනේ ඩීන් . . . මට වැරදුනු තැන් මේ ලමයින්ට කියලා දෙන්න හිතුවේ එයාලවත් ඒ ගොංකං නොකර ඉඳීයිනේ කියල
@ඩනිෂ්ක!
ReplyDelete3 වෙනි එක නංගීද අක්කාද . . ?
අනේ පවු අසරණ හා පැටියා
@Bunny ! !
දැං කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ? කවුද බං ඒ 7-8 යාලුවෝද?
@මාරයාගේ හෝරාව!
ReplyDeleteඅවුරුදු 21 කියන පොඩි වයසේදී ඔච්චර දෙයක් කරන්න තරම් ශක්තියක් ධෛය්‍යක් තිබ්බ නම් අද ඒ වගේ දෙගුනයක් තියෙන්න එපයි මචං. මට හිතෙන්නේ උඹ උඹවම Under estimate කරගෙන වගේ.
බීමත් තියෙන්න ඕන දෙයක් තමයි ඒත් හැම දේම සමබර උනොත් නේද රිලැක්ස් එකේ යන්නේ???
@දුකා,
ReplyDeleteඔයාට තරම් සහෝදරියෝ ලබන්න වාසනාවක් තිබිලා නැ මට
හිටි ගමන් අපිත් දුරස්තව හෝ භෞතිකව බනිගේ බහු-ආසන බනට සෙට් වෙනවා ;-)
දවසක් තාත්ත, අම්මා එක්ක මමයි බනිගේ ගුරුතුමයි 4දෙනාම ගණ කීව. බණ අහද්දි හාව සුදු උනාම මූණ රතු වෙනවා..
niyamaaiii... :D
ReplyDeleteමම නම් බොහෝම අඩු පඩියකින් තමයි රැකියාව පටන් ගත්තේ.
ReplyDeleteඒත් පුලුවන් විදිහට..කියක් හරි ඉතුරු කලා.
අද ඉන්න තත්වයට එන්න අඩිතාලම වැටුනේ ඒ ඉකිරි කරපු ඒවයින් තමයි.
හුඟක් වටින ලිපියක් , දුකා ලියලා කියෙන්නේ.
ආයෝජනයක වටිනාකම බොක්කටම වදින්න ලියලා තියෙනවා.
ෂා...අම්මයි, තාත්තයි...හරිම ලස්සනයි...දුකා.
@ඩනිෂ්ක !
ReplyDeleteඅනේ උඹට සහෝදරියෝ නැති එක ගන නම් දුකයි . . ආ මට දැනුයි තේරුනේ . . හික් හික් පව් අහිංසකයා
@Grey !
එළ එළ
@නිල් අහස!
කොච්චර ලොකු දෙයක්ද එහෙම ඉතිරි කරපු එක. මේ සයිබර් අවකාශේ නංගිලා මල්ලියා මේවා හිතට ගත්තොත් හොඳා. අනේ ඔව් ඒ දෙන්න හරි හැඩයි . . ඒ වුනාට ළමයි නම් එච්චරම හැඩ නෑ හි හි හි
ආසන දෙකේ බණ අපේ ගෙදරත් තියෙනවා අයියේ . . . ඉතුරු කරන එකේ වටිනාකම නම් තේරුම් කරලා දීපු එක හොදයි. මොකද ඒකනේ අපි ගාව නැතිම දේ.
ReplyDelete@හුටපටයා!
ReplyDeleteඅමාරුවෙන් හරි කර ගත්තොත් කාටද . . ? හි හි
දුකා...උබ දෙවියෙක් නෙවෙයි...දේවාලයක්....
ReplyDeleteනියම කතාව....
ෂා ෂා... මරුම මරු... මමත් ඉතින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "නෝ සේවින්ග්ස්" තමයි...
ReplyDeleteජය