Sunday, July 5, 2009
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ. . . .
"පුතාට නිතර ටීචර් පහර දෙන නිසා පාසලින් අස් කරගත්තාට පසුව වෙනත් පාසලකට භාරනොගත් නිසා සිත් තැවුලට පත් පියා වස පානය කර මිය යයි - පුවතක් . . . !"
කොන්ඩෙ දිගට දාලා හැම උදේම එනවා . . .
පාට පාට මල් වැටිච්ච සාරි අදිනවා . . .
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ . . .
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ. . . .
මේ අපි නිතර අහපු, ඇහෙන ළමා ගීයක් . . . මේ ගීය ඇහෙන හැම වෙලාවකදිම මම පළමු වසරෙ දෙවෙනි වසරෙ පංතිවල චූටි ඩෙස්ක් පුටු වල වාඩි වෙලා
"චීච චීච මට තූ බලයි, බදගිනී . . . !" වගේ දේවල් කියල
"ඒ මොකද්ද, මේ මොකද්ද, ඇයි එහෙම වෙන්නේ . . " වගේ ප්‍රශ්න අහ අහ ටීචර්ට නිතරම කරදර කරන දරුවෙක් විදිහට කාලේ ගතකරපු හැටිත්, බොහෝම ඉවසීමෙන් ආදරෙන් ගුරුවරියන් අපිට සෙනෙහස දක්වපු හැටිත් චිත්‍රපටයක් දිහා බලාගෙන ඉන්නකොට වගේ හිතේ මැවෙනවා . . . . .
ජීවිතේ පළමු වතාවට ප්‍රේම කරපු කාන්තාව කව්ද කියල කෙනෙක් අසුවොත් (අම්ම හැර ) මම නම් පිළිතුරු දෙන්නේ මගේ දෙක වසරෙ කුසුම් ටීචර් කියලායි . . .
(දෙවෙනි තුන්වෙනි වගේ කට්ටිය ගැනත් අසුවොත් ඉතිං පෙම් කරපු ගෑනු ළමයි ටික . . . වසන්ති චතුරානි . . සිරිමා බණ්ඩාරනායක . . ඉන්දිරා ගාන්ධි . . සෝමා ජයකොඩි . . ජුලියා රොබට්ස්. . සුනේත්‍රා රාජකරුනායක . . . ඔහොම ඔහොම ලියාලා මේක පිරෙනකම් ලියන්න වෙනවා . . . ඒ කොටස අතුරු කතාවක්)
මම පාසැලේ ගතකරපු වසර 13ක කාලය තුලදී මා දුටු ගුරුවරින් අතුරින් නැටුම් විෂය උගන්වපු ගුරුවරිය පමනයි ගුරුකමට නොගැලපෙන ගුරුවරියක් ලෙස මා දුටුවේ . . . ඒ අතරින් එක් ගුරු මාතාවක් මගේ ලෝකයේ වීරවරික් . . . ජේ.වී.පී. කලබල කාලයේ පාසැලේ උද්ඝෝශන සංවිධානය කල සිසුන්ව අත් අඩංගුවට ගැනීමට පොලිසියෙන් පැමින ගේට්ටුව විවෘත කරන ලෙස බල කර සිටි අවස්ථාවේ විදුහල්පතිතුමා කර කියා ගත හැකි දෙයක් නොමැති කමින් එය විවෘත කිරීමට සැරසෙද්දී ඔහුව පැත්තකට ඇද දමා . . සාරි පොට ඉනේ ගසාගෙන . . පොලිසියට ඇගිල්ල දිගුකර . .
"එකෙක් එන්නෙ නෑ ස්කෝලෙ ඇතුලට . . මේක ස්කෝලයක් . . මේකේ ඇතුලේ දරුවො ඕන නම් පෙළපාලි ගියාවේ . . ඕනනම් වර්ජනය කරපුවාවේ. . ඒවා අපි විසදගන්නම් . . අපි දඩුවම් කරන්නම් . . එකෙක්වත් එන්න ඕන නෑ මේ ගේට්ටුවෙන් අතුලට" යි ගිනි පිටවෙන දෑසින් පොලිසියට බැන වැදෙද්දී ඇගේ මාතෘත්වය ඉදිරියේ ලොකු කුඩා අපත් අනෙක් ගුරුවර ගුරුවරියනුත් පොලිසියත් ගල් ගැසී බලා සිටියා . . . !
අප හැමදෙනාගේම මව ඈ යන හැගීමෙන් මවකට තම දරුවන් ආරක්ෂා කිරීමට ඕනම බලවතෙකු සමග සටන් කිරීමට හැකිබව ඈ විදහා පෑවා. . . එදින මා පුංචි එකෙක් වුවත් අදටත් ඈ මගේ ලෝකයේ වීරවරියක් . .
ඒ ලෙස මා මගේ පාසලේ ගුරුවරියන් හැමදාම සිහිකරන්නේ මගේ අම්මා සිහිකරනවා වැනි වූ ආදරයකින් . . ගෞරවයකින් . . . එලෙස ගුරු මෑණියෝ, ගුරු මාතාව වැනි ගෞරවනීය යෙදුම් වලින් හැදින්වෙන ටීචර් "යක්ෂනියක්" ලෙස කුඩා දරුවෙකුට තලා පෙලා ඇති වග පුවත් පත් වලින් දුටු මගේ හිත දුකෙන්, වේදනාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් වෙව්ලා ගියා . . .
කාන්තාවක් නිසා ඈත් මවක් විය හැකියි කියා මා උපකල්පනය කලා . . මවකට හැකිද මෙතරම් කුරුරු වෙන්න. . . මගේ හිත මගෙන්ම ඇසුවා . . .
මිතුරන් සමග කතාබහ කිරීමේදී නගරබද පාසැල් වල මෙන් නොව ග්‍රාමීය පාසැල් වල ගුරුවරියන් (ගුරුවරුන් නොව ගුරුවරියන්) ඉතා උද්දච්ච ගතිපැවතුම් ඇති බොහෝවිට ක්‍රූර ලෙස සිසුන්ට සලකන මානයෙන් හිස උදුම්මාගත් පිරිසක් ලෙසයි ඔවුන් සදහන් කලේ . . !
ග්‍රාමීය පාසැලකට ගුරුවරියකට මාරුවක් ලැබුන හොත් ඈ එහි උගැන්වීමට යන්නේ සමහර විට තමාගේ කුඩා මව්කිරිබොන සිගිත්තාව තමාගේ මවගේ භාරයේ තබා විය හැකියි . . එවැනි විටෙක ඈ එම පාසැලේ සේවය කරන්නේ තමා ගැනත් තමාට මාරුව ලබා දුන් අයත් අධ්‍යාපන කාර්‍යාලයේ සියලුම දෙනාත් සමග ඇති කරගත් වෛරයකින් විය හැකියි . . . එලෙස තමා පෙලන වේදනාව තමාගෙන් ඉගෙනීමට එන දරු දැරියන් මතින් පිටකර හැරීමට පෙලඹීමේ ප්‍රවනතාවයක් මනෝ විද්‍යානුකූලව ඇති විය හැකි බව මගේ හැගීමයි . . .
"තවත් දෙයක්, අනෙක් රටවල අයත් එක්ක සන්සංධනය කරල බැලුවොත් මචං, ශ්‍රී ලාංකික අපේ සබකෝලය වැඩ්යි . . ඉදිරිපත්වීම අඩුයි . . අපි කෙලින් කතාකරන්න බයයි . . . තර්ක කරන්න බයයි . . අලුත් නිර්මානයක් කරන්න බයයි විවේචනය කරයි . . හිනාවෙයි කියලා. . මේ ඔක්කොම අපේ ගුරුවරු අපිට කල දේවල් . . මේක විශේෂයෙන් බලපාන්නේ පිටරටක රැකියාවක් කරන්න ගියාම . . . ලංකාවේ තියෙන්නේ ගුරුවරයා කේන්ද්‍රකරගත් ඉගැන්වීමේ රටාවක් . . ගුරුවරයා කියන දේ සිසුවා කටපාඩම් කල යුතුයි . . ගුරුවරයාට බය පක්ෂපාත විය යුතුයි . . අන්තිමේදි පුංචිම කාලේ ඉදන අපේ හිත්වලට වදදුන්නු මේ බය පක්ෂපාතීත්වය අපි මැරෙනකම් දීන, නිවට, නිර්මානශීලී හැකියාවක් නැති අය බවට පත්කරලා අපි දන්නෙම නැතුව" මිතුරෙක් ටිකක් ආවේගශීලීව පැවසුවා. . .
"මචං දන්නවා නේද අංගුලිමාල කතාව . . ? අහිංසක කියන සිසුවාව මිනීමරුවෙක් කලෙත් ඔහුගේ ගුරුවරයා කියන දෙය අමතක කරන්න එපා . . " මට අමතකවූ දෙයක් තවත් මිතුරෙක් මතක් කර දුන්නා. . .
පැරනි සිදුවීම් කෙසේ සිදුවූවත් . . . අපේ දරුවන් වෙනුවෙන් අපි යහපත් හෙටක් නිර්මාණය කිරීමට නම් පහත අකාරයට යම් කිසිවක් සිදුවිය යුතුයැයි මට සිතෙනවා . . .
1. දෙමව්පියන් දරුවන්ට මූලික ගුණධර්ම උගන්විය යුතුයි.
2. ඉතාම පුංචි කාලයේ පටන් (සමහර විට මළමු වසරේ සිට ) දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතු වෙනවා
3. ගුරුවර ගුරුවරියන්ට පිරිසිදු පැහදිලි මානසිකත්වයකින් රැකියාව කලහකි පරිදි ඔවුන්ට නියමිත මාරුවීම් ලබාදී ඔවුන් තෘප්තිමත් කොටසක් බවට පත්කල යුතු වෙනවා . . (හෙට ලෝකය භාර ගන්නේ අද උපදින දරුවන් නම් . . එම දරුවන්ට හෙට ලෝකයට පා තබන්න මග පෙන්වන්නේ ගුරුවරු නම් . . අවිවාදයෙන් ගුරුවරු තෘප්තිමත් කොටසක් විය යුතුමයි . . .)
4. දරුවන් සමග නිතරම පාසැලේ වැඩ කටයුතු ගැන, ඔහු ඇසුරු කරන මිතුරු මිතුරියන් ගැන, ඔවුන්ගෙ ගැන, ඔවුන්ට ගුරුවර ගුරුවරින්ගෙන් කරදර හිරිහැර පැමිනෙනවාද යන්න ගැන සාකච්ඡා කල යුතුයි . .
5. යුතුකම් ඉටුකලායැයි හිත හදාගැනීමට වසරකට වරක් ගුරුදෙගුරු රැස්වීමට සහභාගී වීම වෙනුවට අඩුම තරමින් මසකට වරක් වත් දරුවාගේ පාසැලේ ක්‍රියාකාරකම්, අධ්‍යාපන, සමාජීය තත්වය ගැන ඔවුන්ගේ ගුරුවරුන් සමග සාකච්ඡා කිරීම කල යුතු වෙනවා . .
මේ ටිකක් පමනයි . . ඔබේත් මේ ගැන අදහස් රාශියක් ඇති බවට සැකයක් නැහැ . . සටහන් කරන්න ඒ ගැන යමක් පහලින් කමෙන්ට් එකක් ලෙස . . .
කෙසේ නමුත් මගේ මේ ලිපියේ අරමුන වූයේ එක් ගුරුවරියක් කල වැරැද්දක් වෙනුවෙන් සමස්ථ ගුරු සංහතියම දෙස අප වපරැසින් නොබැලිය යුතු බව පැවසීමයි . . .
තවද, අද දිනයේ අහිංසක සිසු දරුවාට ඔහුගේ පියාට උරුම වූ ආකාරයේ ඉරණමක් තවත් කෙනෙකුට උරුම වීමට නොදීමට අපට කල හැකි කිසිවක් ඇත්දැයි සිතාබැලීමටයි . . .
"තවත් දෙයක්, අනෙක් රටවල අයත් එක්ක...." සම්පූර්ණයෙන් එකග වෙනවා. ඈත්තටම හිතේ පුන්චි තරහකුත් නෑතුවා නෙමෙයි.... නමුත් අමතක කරන්න හොද නෑ අපි ලග තියන හෑදියාව ඔය රට රටවල එව්වො ලග නෑ. ඉස්කෝලෙකට ගිය ගමන් මුන්ට උගන්නන්නෙ අම්මා හරි තාත්තා හරි ගෑහුවොත් පොලීසියට කතා කරන්න.
ReplyDeleteඔයාගේ කතාව ඇත්ත. ඒත් පොලිසියට එන්න ඉඩ නොදුන් නිසා සමහර විට අහිංසක මිනිස්සු කී දෙනෙක් මැරනද දන්නේ නැ. මොකද ජේ වී පී එකේ උන් කල ඒවා අපිට අමතක නෑ නේ. පොඩි ළමයින්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම ගැන හිතන්න ඕන දෙයක්.
ReplyDelete@änthräX
ReplyDeleteඇත්ත තමා ඒකත්, කෑ ගැසුවොත් නම් නෙමේ. ගහන්න ආවෝත් එහෙම තමා. ඒ රට වල කොහොමත් ආසියාවේ සතියෙන හැදියාව නෑ තමා, ඊට වඩා මනෝ හා ශාරිර විද්‍යාවනේ පිහිටලා තියන්නේ. කෙසේ වෙනත් පොලීසියට කීම පමණක් නෙමේ වෙනත් ක්‍රමවේදත් අපේ ඥාතියෙක්ට උගන්වලා තියෙනවා.
කතාවට මම එකඟයි!
මම දකින විදියට පිට රටවල තත්වය නම් බොහෝම ශෝචනීයයි.අපි කුඩා කාලේ අපේ දෙමව්පියන් ඈරුනාම ඊලගට අපේ ආරක්ශකයා උනේ අපේ ගුරු පියාණන්.මෑණිවරු.ඒ වගෙම අ පිට ගෞරවයක් බයක් තිබුනා ගුරුවරුන් කෙරේ.අපි කල වරදකට වේ වෑලෙන් තෑලුවා කියලා අපිට තරහක් එවෙලෙට ඈති උනත් ඒ විදියට කලේ අපේ හොදටයි කියලා අවභෝද වෙනවා.ඒ නිසාම ගුරුවරයෙක්ගෙන් ගුටි කන විදියට වෑඩක් කරන්න ඒ කාලේ බයයි.අනිත් දේතමයි ගුටි කාලා හරි ,දනගස්සලා තිව්ව හරි කන මිරිකුවා කියලා හරි අපේ දෙමව්පියො ගුරුවරුන්ට ගහන්නවත් ,රණ්ඩු වෙන්නවත් පොලිසි, මානව හිමිකම් ගෑනගෑන කතා ක්ලේ නෑ.මොකද තම්න්ගෙ දරුවා යහමගට ගෑනීමෙ චේතනාවෙන් කල බව දන්න නිසා.මම දකින විදියට අපේ සමාජය බටහිර ගානටම පිරිහිලා නෑ.තවම මගෙ ..ගුරුවරිය නමින් කාමුක චිත්‍රපටි හදන තත්වෙට පත් වෙලා නෑ.ගුරුවරයට නම කියලා කතා කරන තත්වෙට පත් වෙලා නෑ.
ReplyDeleteඔතන එක කරුණක් ගැන සඳහන් කරල නෑ. එක තමයි ඔය කියන ළමයා සිංහල දෙමල මිශ්‍ර පවුලක කෙනෙක් කියන එක. අනික ඔය 2 ශ්‍රේණියෙ ලමයට විතරක් නෙමෙයි ඔහුගේ සහොදර සහොදරියන්ටත් ඔය පාසලේ සලකන්නෙ ඔහොම තමා කියන එක.
ReplyDeleteඇනොනිමස් කියලා තියෙන්නේ නම් ගොන් කතාවක්...
ReplyDeleteමගේ පාසල් කාලයෙත් එක එක ජාතියෙ ගුරුවරු ගුරුවරියො හිටියා. හැබැයි මම තාමත් වැඩියෙන්ම ගෞරවයෙන් ආදරයෙන් මතක් කරන්නේ එක වසරේ ශ්‍යාමලී ගුරු මාතාව. මගේ අම්මා තරම්ම මට ආදරෙන් හිටිය, මට විතරක් නොවී පන්තියෙ හැමෝටම ආදරේ කරපු ඒ ගුරු මෑණියන්ගෙන්ම පාසල් ජීවිතේ පටන් ගන්න ලැබීම වාසනාවක්.
ඒ අතරෙම රකුසු නැකැත් වලින් ඉපදුන අයත් හිටියා. එක්කෙනෙක් මම කලින් හිටපු පාසැලේ දැන් විදුහල්පතිනිය.
ලිංගික අධ්‍යාපනය කියන්නේ අපි වරද්ද ගෙන තියෙන ප්‍රධාන පොයින්ට් එකක්. අනිවාර්යෙන් ලිංගික අධ්‍යාපනය ළමයින්ට දෙන්න ඕනේ. හැබැයි එක වසර නම් ටිකක් පොඩි වැඩියි. වැඩිවියට එන සාමාන්‍ය වයස් ප්‍රමාණයෙදී ආරම්භ වෙන විදියට තිබ්බානම් හොඳයි. හැබැයි ඒ ලිංගික අධ්‍යාපනය comprehensive එකක් වෙන්න ඕනේ.
මෙතනට එකතු කරන්න ඔන තව එක දෙයක් තියෙනවා, ඉස්සර ගුරු වෘත්තිය සැලකුවෙ උතුම් රැකියාවක් විදියට. ඒ නිසාම ගුරුවරුන්ට සමාජයේ හොඳ පිලිගැනීමක් තිබුණා. දැන් තත්වය තරමක් වෙනස් වෙලා. ගුරු වෘත්තිය තොරා ගන්නේ වෙනත් රැකියාවක් කරන්න සුදුසුකම් සපුරා ගන්න බැරිවන අයයි. ඉතින් ඒ අයට මේක ආදායම් මාර්ගයක් පමණක් ම වෙලා. එහෙම අයගෙන් සමාජ මෙහෙවරක් වෙයි කියල බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඒත් තවමත් උතුම් ගුරු දෙමව්පියො අතලොස්සක් ඉන්නව කියන එකත් අමතක කරන්න එපා
ReplyDelete@ änthräX
ReplyDelete"තවත් දෙයක්, අනෙක් රටවල . . . . " මේක ඇත්තෙන්ම මගේ මිතුරෙකුගේ අදහසක් . . . මගේ පාසැල් දිවියේ නම් නරක ගුරුවරයින් 1 කුයි, ගුරුවරියන් 1 කුයි විතරයි මුන ගැහිලා තියෙන්නේ . . මගේ පාසැල් දිවිය ඉතාම සුන්දරයි . . . අද දවසේ මට යම් කිසි නිර්මානශීලී හැකියාවක් ඇත්නම් . . . මට හොද ගීත රසවිදින්නයි වේදිකා නාට්‍ය රසවිදින්නයි උගන්වපු මගේ ආදර අම්මාටත්, නවකතා රසවිදින්න උගන්වපු අක්කාටත්, මගේ ආදරණීය ගුරු මෑණිවරුන්ටත් ගුරු පියවරුන්ටත් ඒකේ සම්පූර්න ගෞරවය ලැබිය යුතුයි . . .
ඔබේ දෙවෙනි අදසහට මමත් එකගයි . . . !
@Anonymous, @chamila_dealwis
ReplyDeleteපොඩි ළමයින්ට පලමු වසරේ සිට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න ඕන කියන එකෙන් මම අදහස් කලේ අවයව ගැන වැටහීමක් ලබා දෙන එක, ඒවා පිරිසිදුව තියා ගන්න ඕනා කියන එක කාටවත් ඒවා අල්ලන්න දෙන්න එපා කියන එක වගේ දේවල් . . .
ඒවායින් පටන් අරගෙන ලොකු වෙන්න ලොකු වෙන්න අදාල විදිහට දැනුම දිය යුතුයි කියන එකයි . . .
(මේ ගැන මම දීර්ඝ ලිපියක් ලියන්න ඉන්නවා පසුවට )
මගේ මිතුරෙක් ලගදි කිව්ව ඔහු මුලින්ම නිල් පින්තූර සහිත යමක් බැලුවේ 3 වසරෙදි කියලා . . .
පුංචිකාලෙ හරියට උගන්වල නොතිබුනොත් 9 වසරෙදි ප්‍රජනනය පාඩම ඉගෙන ගන්න ඉන්නේ වරදි දේවල් වලින් ඔලුව පුරෝගත්තු දරුවෙක් . . . . !
ඒකයි මම කියන්නේ පුංචිකාලේ ඉදන්ම ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතුයි කියලා. . .
@ NUWAN"s lane
ReplyDeleteඔයා කියන දෙයට මම සම්පූර්නයෙන් එකගයි . . . අපේ දෙමවුපියන් අපිට ගුරුවරුන්ට ගෞරව කන්න පුරුදු කලා . . ගුරුවරුනුත් අපෙන් ගෞරව ලබන විදිහට ගෞරවනීය ආකාරයට උගත්, නැණවත් ලෙස අපට සැලකුවා. . . .
මම මගේ ලෝකයේ වීරවරියක් කියපු ගුරුවරිය මම උසස්පෙළ කරන කාලයේ මගේ දේශපාලන විද්‍යාව උගන්වපු ගුරුවරියයි . . ඈ අපට ගුරුවරියක් පමනක් නොව මවක් මිතුරියක් පවා වූවා . . . අපේ පෙම් පළහිලවු වලටත් අප උපදෙස් පැතුවේ ඇගෙන් . . . ඈ ගැන සිහිකරන හැම වාරයකදීම තාමත් දෑසට කදුලක් නැගෙනවා ඈ කෙරෙහි ඇති භක්තියට . . .
@ Chrishi
ReplyDeleteඔයා සදහන් කරන්නේ සිංහල දෙමළ බේදය වෙන්න ඕන . . .?? ඔයා කියන කරුන මම මගේ ලිපියේ අඩංගු නොකලේ විශේෂ හේතුවක් නිසා . . .
මේක තනිකරම මගේ පුද්ගලික හැගීමක් . . .
මගේ විශ්වාසය ලංකාවේ තියෙන්නේ ජාති බේදයක් නෙමෙයි පංති බේදයක් කියන එකයි . . . ඒ කියන්නේ ඇති නැති බේදය පමනයි අපේ රටේ තියෙන්නේ කියන එකයි . .
ඔයා ඔයගෙම හදවතින් අහන්න මේ ප්‍රශ්නයට පිලිතුරු . . .
හිතන්න . . විශාල වෙළද ව්‍යාපාරයක හිමිකරුවෙක් වූ ධනවත් දෙමළ තරුණයෙක් හෝ තරුණියක් ඔයාට මිත්‍රත්වයේ දෑත දිගු කරනවා . . ඒ අතරම නගර සභාවේ කුලී කම්කරුවෙකුවූ වැසිකිලි පිරිසිදු කරන දුගී දුප්පත් දෙමළ පවුලක තරුණයෙක් හෝ තරුණියකුත් ඔබේ මිතුරෙකු හෝ මිතුරියක් වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා . . . ඔයා කාගේ ඇරයුමද පිලිගන්නේ . . .
පිළිතුර ඔබෙම හදවතටම අවංකව කියන්න . . . .
පසුව අපි තවත් ලිපියකින් මේ ගැන වැඩි විස්තර කතා කරමු ඔබ හිතනවානම් ඒ ගැන සංවාදයක් අවශ්‍යයි කියා . . . තවත් ඔබේ අදහස් ප්‍රකාශ කරන්න . . . මට ලිපියකට කරුනු එකතු කරගත හැකි තරම් . . . !
@ Janath
ReplyDeleteඔබේ කතාවේ ඇත්තක් තියෙනවා . . මගේ මිතුරෙක් ඉන්නවා ඔහු විශ්ව විධ්‍යාලයේ ඉන්න කාලෙත් ඊට කලිනුත් සිහින මැව්වේ ගුරුවරයෙන් වී ඔහුගේ දැනුම බෙදා දෙන්නත් . . . ඉන් සමාජයට යහපතක් කරන්නත් . . . තාමත් එවැනි අය ඉන්නවා . . ගුරු වෘත්තියට තියෙන පිලිගැනීම ගැන තේරුම් අරගෙන . . යහපත් චේතනාවෙන් ගුරුවෘත්තියට එක්වෙන අයත් ඔබ කිව්ව වගේ ඕන තරම් ඉන්නවා . .