tag:blogger.com,1999:blog-8269088675196620417.post8137096754598206429..comments2024-02-11T19:24:56.966+04:00Comments on දුකා..: හදවතේ පැරණි තුවාල සුව කල "පූර්ව ජන්ම අපූර්වය"දුකාhttp://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-8269088675196620417.post-37703117241401872542012-02-15T22:28:20.567+04:002012-02-15T22:28:20.567+04:00සුනේත්‍රාගේ මේ පොතට පදනම් වූ කීර්තිමත් කර්තෘ ආචාර්...සුනේත්‍රාගේ මේ පොතට පදනම් වූ කීර්තිමත් කර්තෘ ආචාර්ය බ්‍රයන් වේස් ගේ පර්යේෂණ පිළිබඳ ඔහු ලියූ Through the Time into Healing කෘතියෙහි සිංහල පරිවර්තනය මම බ්ලොග් එකක් හැටියට ලියනවා http://kalatharanaya.blogspot.com/ අඩවියට ගිහින් බලන්න. ඔබේ අදහසුත් කියන්න.මාධව වෛද්‍යරත්නhttps://www.blogger.com/profile/02686971552046536042noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-39783500845400752782011-06-12T18:41:59.708+04:002011-06-12T18:41:59.708+04:00මචන් ඔය හැම සිද්ධියක්ම වෙන්නෙ අපි හැමකෙනෙක්ගෙම ශරී...මචන් ඔය හැම සිද්ධියක්ම වෙන්නෙ අපි හැමකෙනෙක්ගෙම ශරීර වලින් විහිදෙන රැස් වළලු වල බලපෑමෙන්.ඒ රැස්වළලු අනෙකාට මිත්‍රශීලී නම් සමීප බන්ධනයක් ඇතිකරගන්නවා.ජ්‍යෝතිශ විද්‍යාවෙ ඕක නම් වෙන්නෙ පක්ෂි කේන්දරය හැටියට.පොදු සාධකය තමයි අපි පෙර භවයන් වල කරපු කුසළ අකුසළ කර්ම.මට මේ දේවල් කියා දුන්නෙ 'අශෝක විජේසේකර'අය්යා.තුෂාරhttps://www.blogger.com/profile/04728945955170852692noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-26136990196100822942011-06-12T14:29:25.951+04:002011-06-12T14:29:25.951+04:00මම සුනෙත්රාගෙ පොත් වලින් කියවල තියෙන්නෙ රිදී තිරං...මම සුනෙත්රාගෙ පොත් වලින් කියවල තියෙන්නෙ රිදී තිරංගනාව විතරයි. දැන් කියවන්න කාලය සොයාගැනීමේ අර්බුදයත් එක්ක කියවීම මගඇරුණත් අපේ උන්දැනම් ඔය පොත් සෙට් එකම ගන්න එක හොඳටම ෂුවර්! ඒ නිසා මටත් කවදහරි කියවන්න පුළුවන්!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-48380326507832596052010-06-22T09:28:42.099+04:002010-06-22T09:28:42.099+04:00පහු ගිය දාක සුනේත්‍රා අක්කා අහමබෙන් ජී මේල් එකේ දැ...පහු ගිය දාක සුනේත්‍රා අක්කා අහමබෙන් ජී මේල් එකේ දැකලා ඩිංගක් කතා කළා. 'මල්ලි අපි ඉක්මණට දවසක හම්බ වෙයි, ඔයාලත් එක්ක භාවනා කරන්න' ඇගේ අන්තිම පිළිතුර. අපි බලමු..!හෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-54491790911788420082010-04-01T15:43:57.571+04:002010-04-01T15:43:57.571+04:00මටත් මේ පොත කියවන්න ආසාවක් ඇති වුණා... අම්මට, තාත්...මටත් මේ පොත කියවන්න ආසාවක් ඇති වුණා... අම්මට, තාත්තට, හොඳම යාළුවට කරන්න බැරි දේ කරන පොත් එමටයි.. ඔබට පිං...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-67930387623262433762010-03-29T08:37:31.071+04:002010-03-29T08:37:31.071+04:00ඔබේ ලිපිය කියවු පසුව මේ පොත ගැනත් ලොකු ඇල්මක් ඇතිව...ඔබේ ලිපිය කියවු පසුව මේ පොත ගැනත් ලොකු ඇල්මක් ඇතිවුණා... මගෙ එකම වස්තුව වන සිය ගණනක් වන පොත් අතරෙ වැඩි ඉඩක් ඩැහැගෙන තියෙන්නෙ විද්‍යා ප්‍රබන්ධ පොත්පත් වුණත් ජීවිතය ගැන අළුතින් හිතන්න පොළඹවන මේ වගෙ පත පොතටත් එහි තවම ඉඩකඩ තියෙනවා...
පිච්ච මල් නවකතාවේ රාහුල හාමුදුරුවන්වත් නැවත සිහිපත් කරගත්තා, ඔබේ පිහිටෙන්...sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-4786638377496074692010-03-29T07:04:59.278+04:002010-03-29T07:04:59.278+04:00සිරා සිරා මාත් පොත ගන්න ඕනි.. දුකා අයියේ මේක පොත්ග...සිරා සිරා මාත් පොත ගන්න ඕනි.. දුකා අයියේ මේක පොත්ගුලටත් දාපන්....ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-81396547694244302502010-03-27T14:47:56.037+04:002010-03-27T14:47:56.037+04:00මගේ කවියකට comment කරද්දි, දුකා කිව්වේ මේ පොත ගැන ...මගේ කවියකට comment කරද්දි, දුකා කිව්වේ මේ පොත ගැන නේද.
මාත් අනිවාර්යෙන්ම මේක ගන්නයි ඉන්නේ.

තොරතුරු බෙදා හදා ගත්තට ..පිං..මචං.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-32518729987024362832010-03-25T15:55:18.338+04:002010-03-25T15:55:18.338+04:00සොයුරේ සිතින් බොහෝ ඈත පියාසර කලා ආපස්සට. මනෝ විද්...සොයුරේ සිතින් බොහෝ ඈත පියාසර කලා ආපස්සට. මනෝ විද්‍යා පොත්පත් වලින් පිරුණ කාලයක් තිබුණා - ඉන් ලබන්නට වඩා ලබාදෙන්න ගොඩාක් දේවල් ගතහැකිවුනා. මෙ මෑතක නම් එවැන්නක් කියවන්න අවස්ථාවක් ලද්දේ නැති වුනත් ඔබේ හරබර ලියමන මෙකී පොත ගැන ඇතිකල කුතුහලය අපමණයි.

මෙවන් ලිපියක් පලකල ඔබට යහපතක්ම වේවා!ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-64042767858156059462010-03-25T13:21:55.243+04:002010-03-25T13:21:55.243+04:00මට පොත ගන්න පුලුවන් දවසක කියවලා බලන්නම් අයියේ...ඔය...මට පොත ගන්න පුලුවන් දවසක කියවලා බලන්නම් අයියේ...ඔයා කියලා තියෙන දේ වලිනා හිතෙනවා පොත ලස්සන ඇති කියලා...ගොඩාත් ස්තුතියි අපිටත් කිවුවට ඒ ගැන...

DinithiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-20928569432719633242010-03-25T10:53:47.208+04:002010-03-25T10:53:47.208+04:00"ඕන මගුලක් කොර ගත්තාවේ . . . කාගෙන කාගෙන ගිහි..."ඕන මගුලක් කොර ගත්තාවේ . . . කාගෙන කාගෙන ගිහින් නැටි දෙක වත් ඉතුරු වෙන්නේ නැතැයි"

සමහර අයගේ රණ්ඩු දැක්කම දැන් මටත් එහෙම හිතන්න පුළුවන්.

පොත කියෙව්වට පස්සේ අයියා දැන් හිතන විදියට හිතන්න පුළුවන්.

ඒක නිසා පොත ඉක්මනට ගන්න ඕනේ.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-61568671859124489442010-03-25T08:57:38.702+04:002010-03-25T08:57:38.702+04:00මට හුගාක් වටින පොතක් කියලා හිතුනා. අරන් බලන්නම ඕනා...මට හුගාක් වටින පොතක් කියලා හිතුනා. අරන් බලන්නම ඕනා. තොරතුරු දැන්නුවට දුකාට පිං....දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-26672815661585372782010-03-25T08:49:00.896+04:002010-03-25T08:49:00.896+04:00කියවන්න ආස හිතෙනවා. ඒත් ඉතින් මෙහෙ කොහොමද ඔය පොත් ...කියවන්න ආස හිතෙනවා. ඒත් ඉතින් මෙහෙ කොහොමද ඔය පොත් හොයන්නෙ! ගිය දවසකට ගන්න ඕනෙ !රොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-57412980755765757522010-03-25T08:20:42.383+04:002010-03-25T08:20:42.383+04:00පූජ්‍ය කන්නිමහර සුමංගල හිමියන් පරිවර්තනය කළ "...පූජ්‍ය කන්නිමහර සුමංගල හිමියන් පරිවර්තනය කළ "සංසාර මන්දිර" පොතත් කියවන්න.
සුළඟAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-1526339367560726522010-03-25T07:45:26.600+04:002010-03-25T07:45:26.600+04:00කියවන්න වටිනවා ඒත් දැන් පොත පත ඇසුර ටිකක් දුරස් වෙ...කියවන්න වටිනවා ඒත් දැන් පොත පත ඇසුර ටිකක් දුරස් වෙලා ඒක හැබැයි ඉතින් අපරාදයක් තමයි. ස්තුතියි දුකාජීවිතය සොබාදහම මනුස්සකම ආදරයhttps://www.blogger.com/profile/02868295517269772659noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-42792885165211280322010-03-25T07:38:08.731+04:002010-03-25T07:38:08.731+04:00පොත ගන්න ඔනා මත් .......පොත ගන්න ඔනා මත් .......වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-60807959118682100732010-03-25T06:38:41.524+04:002010-03-25T06:38:41.524+04:00අනිවාර්යෙන්ම මේ ඉරිදා පොත ගන්නවා කොහෙන් හරි...අනිව...අනිවාර්යෙන්ම මේ ඉරිදා පොත ගන්නවා කොහෙන් හරි...අනිවාර්යෙන්ම....අතාරින්න ගොඩාක් දේවල් තියනවා හිතෙන්....චමිදේවාhttps://www.blogger.com/profile/12888954672825516473noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-11623559509961619962010-03-25T06:03:31.631+04:002010-03-25T06:03:31.631+04:00පොත් කියවන්න තිබ්බ පෙරේතකම අඩු වෙලා ගිහින්...........පොත් කියවන්න තිබ්බ පෙරේතකම අඩු වෙලා ගිහින්.......... ආයෙමත් ඒ ඇබ්බැහිය ඇති කරගන්න ටික කාලයක් යයි......... ස්තුතියි දුකා අයියෙ දැනුවත් කිරීමට..... මේ පොත හොයාගන්න ඕනෙ....විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-64708271683395926662010-03-24T20:43:33.736+04:002010-03-24T20:43:33.736+04:00කළු සුදු චරිත කියල මිනිසුන් ඛෙදා වෙන් කරන්න බැහැ. ...කළු සුදු චරිත කියල මිනිසුන් ඛෙදා වෙන් කරන්න බැහැ. පූර්ව ජන්මය කොහොම වුනත් හැම මිනිහෙක් ලගම සොදුරු ගති තියනව. වෙලා තියෙන්නෙ එක්කො ඔවුන් නොදැනුවත්වම එය වසා ගෙන සිටිනව. නැත්තම් අපිට එය තේරුම් ගැනීමට බැරි වෙනව. සමහර වෙලාවට අපිට තේරුම් යනකොට සෑහෙන කල් ගිහින්..... සතුටින් ඉන්න පුලූවන් කම තියෙද්දි මාත් බොරුවට දුක් වුනා. "අනේ මට ඉතින් දුක තමයි" කියල හිතාගෙන හිටියෙ... දැන් මමත් බොහොම උපේක්ෂාවෙන් ලොව දකින්න පුරුදු වෙලා.... අපිට ලැඛෙන දේට වඩා අපි දෙන දේ ගැන හිතල සතුටු වෙන්න දැන් මටත් පුලූවන් ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-85381122463452525222010-03-24T20:12:46.515+04:002010-03-24T20:12:46.515+04:00මම මීට දින කීපයකට පෙර රවා ගේ ලිපියකට ප්‍රතිචාර දැක...මම මීට දින කීපයකට පෙර රවා ගේ ලිපියකට ප්‍රතිචාර දැක්වීමෙදී මෙ පිළිබද පුංචිම පුංචි සටහනක් තිබ්බා මතකයි.
ඇත්තටම සසර බැදීම කියන්නේ හිතවත් පමණක් නොව වෛරයද සහිත දෙයක්.මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-32999441376379641452010-03-24T19:34:46.110+04:002010-03-24T19:34:46.110+04:00සුනේත්‍රා රාජකරුණානායක නැන්දා ලංකාවේ ඉන්න දක්ෂතම ...සුනේත්‍රා රාජකරුණානායක නැන්දා ලංකාවේ ඉන්න දක්ෂතම ලේඛිකාවක්,ඒ වගේම ජීවිතය ගැන වෙනස්ම විදිහකට සිතන්නියක්.

ඇගේ 'මතක පොත' මට ජීවිතය ගැන වෙනස්ව හිතන්නට ඉගැන්නුවා.ඒ පොත කියවපුදාට පහුවදාම මම ලිපියක් ලියුවා ඇයට.ඒකට ලැබුන පිලිතුරු ලිපිය තවමත් මම පරිස්සමින් තියාන ඉන්නවා.මේ පොත නම් කියවලා නෑ.කියවන්න ඕනි.ස්තූතියි දුකා අයියට...poppyhttps://www.blogger.com/profile/07163953099257323972noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-34095598823303399932010-03-24T19:25:44.294+04:002010-03-24T19:25:44.294+04:00මට හරිම සතුටුයි...! ඔය පොත කියවපු දා ඉඳන් මිනිස් ස...මට හරිම සතුටුයි...! ඔය පොත කියවපු දා ඉඳන් මිනිස් සම්බන්ධතා ගැන අමුතුවෙන් හිතන්න මම පෙළඹුනා. මගේ නැන්දම්මා (හෂිත ගේ අම්මා) ත් තදින් ම පොත් කියවීමට ඇබ්බැහි වුණ කෙනෙක්...එයත් මා එක්ක කිව්වා, සමහර අය ගැන තිබුණු අමනාප සහගත හැඟීම් 'පූර්වජන්ම අපූර්වය' කියෙව්වට පස්සෙ නැති වුණා කියලා...අපි ඔක්කොම එකතු වෙලා සුනේත්‍රා අක්කට පිං දෙමු ඒ පොත අපට දුන්නට...!සචීhttps://www.blogger.com/profile/03322482831118815949noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-43095389014004216252010-03-24T19:12:22.414+04:002010-03-24T19:12:22.414+04:00සුනේත්‍රාගේ පොත් වලට ආදරය කරන්නට ගෙන මම දැනට ටිකක්...සුනේත්‍රාගේ පොත් වලට ආදරය කරන්නට ගෙන මම දැනට ටිකක් කල් වෙනවා. ඒත් මේ පොත මගේ අතට ආවේ නැ. හොයාගෙන කියවන්න ඕනේ අයියා..! ස්තූතියි දැනුවත් කලා ට...!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-8597140251635062642010-03-24T18:25:06.061+04:002010-03-24T18:25:06.061+04:00පොත් කියවීමට තිබූ ඇබ්බැහිකම නම් දැන් මගෙන් ටිකක් ද...පොත් කියවීමට තිබූ ඇබ්බැහිකම නම් දැන් මගෙන් ටිකක් දුරස් වෙලා. කොහොම උනත් මේ ලිපිය කියෙවුවම මේ පොත ගැන සෑහෙන උනන්දුවක් ඇති උනා. හොයාගෙන කියවන්න ඕනෙ.

බලමු මරණින් මතු ජීවිතය ගැන මගේ තියෙන අවිස්වාසය මේ පොත විසින් දුරු කරයිද කියල.

ස්තූතියි අයියා මේ වටිනා ලිපියට.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-8269088675196620417.post-40645897013410157072010-03-24T18:18:21.762+04:002010-03-24T18:18:21.762+04:00උස්සා...
කරකවා...
පොළොව ගසනු ලැබූවෙමි...
සිතන්නට ...උස්සා...
කරකවා...
පොළොව ගසනු ලැබූවෙමි...

සිතන්නට දෙයක් ලදිමි...
සිතමි...
සිතුනොත් මතුදාක ලියමි...පිලේ පැදුරhttps://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com