ගඟට කැපූ ඉනි ගංදියෙ පාවෙනවා බලා උනිමි
පළගැටියෙකු විලසින් නුඹ පහන් දැල්ල වෙතම ඇදුනි
මහාමෙරක් උසට තිබුනු සෙනෙහස හෙමි හෙමින් ලිහුනි
හදේ කොනක සුව නොවෙනා තුවාලයක කබොල දැනුනි
මතක පොතේ පිටු පෙරළන හැම මොහොතෙම පපුව දැවුනි
සෙනෙහස සිහිවෙන මොහොතෙම අමාරුවෙන් දැස වසමි
කිසිම කෙනෙක් නොමැති තැනක කඳුලු දෝරේ ගලා යවමි
එක ගුලියට එකට උන්නු ඒ කාලය ආයේ පතමි
වෙන වටිනා දෙයක් නැතත් ආදර මිණි පළිගු තුබුණි
සොර සතුරෙක් පැමිණ සියලු මිණි මුතු හැංගුවා වැනී
අභිමානෙද ආදරයද එක කාසියේ දෙපැත්තෙනී
කවුද වැරදි කවුරුද හරි සිතා ගන්න කොහෙත් බැරී . . . !
Pic from: https://unsplash.com/photos/GIK1tsETnXI
මුල් කවි දෙක ලස්සනට ගලාගෙන එනවා අන්තිම කවියේදී ඒ තාලය පොඩ්ඩක් පිට පනිනවා වගේ දැනෙනවා.
ReplyDeleteස්තූතියි මනෝජ්. ආයේ උත්සාහ කරලා බලන්න ඕන එහෙනම්
Deleteඒ කාලය නැවත ලැබේවා කියා පතමි.
ReplyDeleteස්තූතියි මියුරු ආයේ කවදාවත් එයිද කියලා සුවර් නෑ නමුත් ඒවි කියලා බලාපොරොත්තුවක් හිතේ තියෙනවා
Delete+++++++++
ReplyDeleteAlso agree with MAnoj
ස්තූතියි ඉයන්. හරි එහෙනම් ආයේ ට්‍රයි කරන්නම් වෙනස් කරන්න
Deleteඅතීතයක සැමරුම් නිති එහෙට මෙහෙට වැදී වැදී
ReplyDeleteඑතී දැවටිලා හදවත දුක් සුසුමන් සේල බඳී
සිතීමෙන්ම නෙත් අදියස උනු කඳුළක් කඩා වදී
ගතී උඹේ මේ කවි පද හදවත ඇතුළටම වදී...
ජයවේවා!!!